මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...
අඳුරු සෙවණැලි අතර සැඟවී
සිනා සෙන්නට වුවමනා කිම
අවැසි විට නුඹ ළග නොමැති කල
මරණයෙන් වුව පලක් වෙද...
මරණයක් මිහිරි වන්නට
වයසක් වුවමනා වෙද
නුඹෙන් මම ඇසුවොත්
පිළිතුරක් ලැබේවිද
වෙතත් ඒ කොහොම
අද රෑම නින්ද අතරතුරම
නුඹට එන්නට හැකිද
මිහිරි සිහින අතරම
හුස්ම පොද සඟවන්න
හැකිය මට එතකොට...
පිංතූරය ගත්තෙ මෙතනින්
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...
අඳුරු සෙවණැලි අතර සැඟවී
සිනා සෙන්නට වුවමනා කිම
අවැසි විට නුඹ ළග නොමැති කල
මරණයෙන් වුව පලක් වෙද...
මරණයක් මිහිරි වන්නට
වයසක් වුවමනා වෙද
නුඹෙන් මම ඇසුවොත්
පිළිතුරක් ලැබේවිද
වෙතත් ඒ කොහොම
අද රෑම නින්ද අතරතුරම
නුඹට එන්නට හැකිද
මිහිරි සිහින අතරම
හුස්ම පොද සඟවන්න
හැකිය මට එතකොට...
පිංතූරය ගත්තෙ මෙතනින්
සුන්දරයි මහේෂ්.................
ReplyDeleteමරණය වේදනාවට වඩා ලේසි වේවි නේද????????
ස්තූතියි කුරුටු..
Deleteමරණය සියල්ලටම වඩා ලේසියි මං හිතන්නෙ කුරුට්ටො
මරණය අමිහිරි වෙන්නේ 'හිතවතුන්ට'..
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්......
Deleteගොඩක්ම වේදනාව දැනෙන්නේ හදිසියේම මිය ගියොත්.
Delete@කමී. @භාග්‍යා @මහේෂ්
Deleteබෞද්ධයන් වුණත් අපි අල්වා ගන්නවා වැඩියි ඉතින් වේදනාත්මකයි
නැද්ද.. බැදීම් තොර වෙන තරමට ජීවිතේ සුන්දරයි
සේකර ස්ටයිල් එක වාගේමයි ..පට්ට ..
ReplyDeleteමැරෙනතුරා ඔබ
බලා සිටිමු අප
අවසාන ගෞරවය කරන්නට.
එතෙක් මතක තබා ගන්න.
මැරෙන ලෝකයේ නොමැරෙන නාමය.
අයි.ඕ.යව්දිව් සිල්වා
මන්ගල - අවමන්ගල අද්යක්ෂක.
ටුන්….
(නොමියෙමි- මහගම සේකර )
ස්තූතියි සිංදුවො
Deleteඒ අගය කිරිම හයියක් මට
මං ඒ තරං පට්ට නොවුණත්
ජයවේවා
තනියම එන අපි තනියම යන්නෙමු
ReplyDeleteනැත මෙහි නවතින්නේ...
කොපමණ තිබුණත් කල හොද නරකයි
යන කල ගෙනියන්නේ...
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ...
සටනට වැදුනේ ලෙන් සෙලවූයේ
අපමණ දිවි නැසුණේ.....
මිතුරන් නැති විය සතුරන් ඇති විය
මොනවද ඔබ ලැබුවේ...
මොනවද ඔබ ලැබුවේ...
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ...
පුතු සැනසෙව්වද බිරිදට සැනසුම
දුන්නද සැමියෙකු සේ....
ජීවිතයම ඔබෙ ඔබට බරක් විය
තනිවුනි මෙලොව කුසේ....
තනිවුනි මෙලොව කුසේ....
තනියම එන අපි තනියම යන්නෙමු
නැත මෙහි නවතින්නේ...
ඔකම හදක් ඔබ සතුටු කලෙයි නම්
ඉන් ඇත හිතට සුවේ....//
ඔහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත්
නිදහස නොමැත ලොවේ....
ගායනය - මොහිදීන් බෙග්
අන්න මං කැමති ජාතියේ එකක්...
Deleteඋම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මාාාාාා
මොකෝ බොලං මේ...!
ReplyDelete(ඒ උනාට පට්ටයි.)
ඇත්තටම දැණුන දෙයක්
Deleteඇයි මංද
ස්තූතියි නිමෝ
ඇයි නොලියන්නෙ දැං
ආවොත් ඔහොමම කියයිද?
ReplyDeleteඒ බලාපොරොත්තුවෙන් තමා ලිවෙ
Deleteඉතිං උත්තරේ ඔව්
තමන්ටත් අනුන්ට මයිත්‍රී කොරනකන් මරණෙට බයක් දැනෙන්නෙත් නෑ කියනවානෙ
ReplyDeleteජයවේවා..!!
අන්න දවසේ කතාව ලබ්බෙ
Deleteජයවේවා
ලස්සනයි මචන්.
ReplyDeleteස්තූතියි මචං
Deleteඅවොත් යන්නම ඕනේ.එත් ඉතින් මරණය ගැනම බලන් ඉන්නේ නැතුව කරන්න තියෙන වැඩ ටික කරන් ඉවර කරගන්න පුළුවන් නම් මරණය අවුලක් නැතුව වැලඳ ගන්න පුළුවන් වේවි.
ReplyDeleteඅනිවා...
Deleteකළකිරීම වෙනයි බං
ස්තූතියි මනෝ
කෙල්ල නැතිවුනා කියලා මැරෙන්න එපා බං.එතකොට ඒකිට ජීවිතකාලයම විඳවන්න වෙයි.
ReplyDeleteජයවේවා.....
අපෝ නෑ.. මේක ගෑල්ලමයිට අදාලම නෑ...
Deleteඅනික කෙල්ලක් නැතිවුණාට අපි මක්කට මැරෙන්නයි කටුස්සො.. නැද්ද හා...
ජයවේවා
මරණයට
ReplyDeleteජිවිතය බාර
දෙන්නට පෙර
නොමියෙන්න
දෙයක් කළ යුතුය
මහ පොළවට
කරනවාමයි දවසක
Deleteමැරෙන්නට
තත්පරයකට හෝ පෙර
ස්තූතියි දිනිති අක්කා
උප්පත්තියා සහෙවේදං මරණං ආගතං සදා....
ReplyDeleteකවුරු අපිව දාලා ගියත් අපිව මරණයා සදා කල්හි අපි පසුපස පැමිනෙමින් අපිව අත්නොහැර හැමදාම අපෙත් එක්කම ඉන්නවා කියලා බුදුන් වහන්සේ කියලත් තියෙන්නේ ඒකනේ.
ලස්සන පබැදුමක් මචෝ...
ආයෙත් අහල
Deleteස්තූතියි මනෝ...
ස්තූතියි මේ වගේ හරබර කොමෙන්ටු කොටන එකට
මචෝ මගෙත් අන්තිම පොස්ට් එක මරණය ගැන.. ඉන් පස්සේ බ්ලොග් එකම මියැදිලා ගිහිල්ලා වගේ..
ReplyDeleteකයි පද ටික මනරම් ඈ.. උඹගැන ඉර්සියා හිතෙනවා හිටං
ජ ය වේ වා !!!
මටත් එහෙම බයක් නං තියේ මොකද එන්න එන්නම කාලය මියැදෙනව
Deleteඉස්කෝතුයි විදානේ
ඉරිසියා කොරන්න එපා සත්තලනේ හැක්...
මං දන්නව බොලං එහෙම නැති බොක්කෙ ෆිට් එකක් කියල
ජයවේවා
මොකද බං මේ මරණයක් අල්ලන්.
ReplyDeleteකොහොම උනත් කවි සැට් එක නම් ලස්සනයි.
නිකං දිනේෂ් අය්යා
Deleteස්තූතියි හොදේ
නියමයි...
ReplyDeleteස්තූතියි
Deleteමහගම සේකරයන්ට පසුව ..........! බොහොම වටිනා නිමැවුම්ක්
ReplyDeleteඒ තරං හොද නැතත් (මට දැනෙන විදියට) ඒ වගේ ඇගයුමක් ලැබෙනව කියන්නෙම සතුටක් ස්තූතියි ගුණසිංහ මහත්මයා
Deleteජයවේවා
අස්ථිර ලෝකයේ ස්ථීර එකම දෙය මරණය පට්ට මචන් නිර්මාණය
ReplyDelete