Monday, January 25, 2016

අවර්ණ...

මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...

Tuesday, January 5, 2016

දහවල දිගු නොවිය යුතුමය..

ඉදින් ප්‍රිය මිතුර
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..

Friday, January 1, 2016

එන්න මල් පිපී දැයි බලන්න..

                                      හිස් පිටුවක කවියක් කතාවක් ලියනවට වඩා අමාරුයි ජීවිතේ ලියන එක.. මේ මේ විදියට වෙන්න ඕන කියල සැලසුමක් නැතිඅනාගතය අපට ඕන ව්දියට අතීතයෙ දවසකදි කපල කොටල අපි විසින්ම හදාගෙන පස්සෙ අමතක කරල දාල අනාගතයෙ දවසක ඒකෙ ප්‍රතිඵල ලැබෙන කොට අපි ඒකට දෛවය කියල බොරු නමක් කියනව.