Showing posts with label ස්ටවුතියාව. Show all posts
Showing posts with label ස්ටවුතියාව. Show all posts

Wednesday, December 22, 2021

ස්ටවුතියාව - 05 ශාරධා ii


 සිව්වන දිගහැරුමට

"ඕහ්.. මම ශාරදා... අනික එයා බැන්දෙ ඔයාව නෙවීනෙ. අර මූකලං බස්ස නේ.. මොනවට හිතනවද. ඊටත් සත්‍ය ප්‍රේමවන්තයෙක් වගේ හැසිරෙන්න ඕන නං එයාගෙ හිත හැදෙයි කියල වත් හිතල ඔයා මේක කරන්න ඕන..."

උවනත  බරපතල ස්වරූපයක් ආරූඪ ව ය. හාස්‍යමය සේයාවකුදු නොමැත්තීය.  මා දෙස නෙත් අලවා බලා උන්නී මොහොතකින් ගිනිකඳුමය සිනාවක් අවකාශය පුරා පා කරමිනි. මා ආකූල ව්‍යාකූල කරමිනි. 

Sunday, December 5, 2021

ස්ටවුතියාව - 04 ශාරධා - i

    තෙවැනි දිගහැරුමට    

         ත්සව ශාලාව පුරා බටහිර සංගීත නාදයෝ ඝෝෂා පවත්වමිනි. කාගේම හෝ සවන් යුඟක් නිස්කාංසුවේ තබන්නට අකමැත්තේ මෙනි.  නීල පීත ලෝහිත ඕදාත  ආදී නෙක වර්ණයන්ගෙන් ප්‍රභාස්වර වෙමින් ශාලාව තුළ එළිය වපුරමින් නෙත් වියවුලට පත් කරමින් සැණකෙළි වර්ණ මවමිනි. තැන තැන ඕපාදුප කටගැසුම් පිඟන් අට්ටි ගණනට සිස් කරන නෙක  පැහැ ඇඳුම් ආයිත්තමින්ද  පමණට වඩා තරුණ පෙනුමක් ගන්නට උවන සිසාරා වත්සුණු තවරාගත් ලලනාවන්ය. ඔසරිය සමඟ ඇටමාලය රත්‍රං වලලු ය. සාරියට ඉමිටේසන් සෝබනය. ඉඳ හිටක පාවෙන තට්ටු වළාකුළු ගවොම්ය. අතරින් පතර ඇස් වලින් මල් හි විදින අනංගයන්ය. ශාලාවේ පසෙකම සැණෙළි විදින නිශ්චල  ඡායා හරඹයන්ට මැදිවන යුවලය. මම තනිවමය.

Sunday, November 7, 2021

ස්ටවුතියාව - 03 වැසි බිඳු චුම්බන

දෙවන දිගහැරුමට

                ත්පර කිහිපයක කාලයක් මා ඈ දෙස විස්මපත්ව බලා සිටින්නට ඇත. එක වරම ඈ වත පුරා අරක් ගත් අඳුරු ස්වභාවය මැකී හාස්‍ය පිරුණු මුහුණක් ඈත ආකාසය දෙස බලා මහ හඬින් සිනා ඉහිරවන්නට විය. තත්පර කිහිපයක් සඳළුතල ගරාදි බදාගනිමින් සිනා මල් විසිර වූ ඈ ආයාසයෙන් සිනහව නවතා ගත්තී මා අසලටම පැමිණියාය. මා නෙතු අතර මදක් තත්පරව ගිය ඈ මා සවන් අසලටම ලං වූයේ,

Monday, November 1, 2021

ස්ටවුතියාව - 02 සයුරු තෙර නිවහන

                 
මුදු සුළං දහරාවක පහස විඳින වා කවුළු ආවරණයෝ කෝලයෙන් නර්තන ලීලා පාමිනි. විවර කවුළුව හරහා ඇදෙන මුහුදු සුළ‍ෙඟෙහි සිහිලෙන් පිරිමැදෙන වත සනීපවත් සුවදායී පහසකට නතුවය. සයන ඉරියව්වෙන්ම මුහුණ හරවා මා වම් පස සුවෙන් සැතපෙන්නිය දෙස බලමි. ජනෙල් කවුළු හරහා පෙරී එන උදා ළහිරු ඈ අනාවරිත නැබ සිපින්නේය. ශ්වේත වර්ණී ඈ නැබ මත කෝණාකාරී හැඩ මවන්නේය. ඒ සෞන්දර්යයේ ගිලෙමින් ඒ මායම්කාර නාරිලතාව දෙසම නෙත් අලවමින් උඩුකය උස්සා සයනය මත හිඳි ඉරියව්වට පත් කරමි.  උඩුකුරුව සයනය කරමින් දකුණු ඇලයට මුහුණ අඩකුඹු කරවා නිදන්නී  ඈ හිස වටා විසිර පවතින මුහුලස අඩක් පිපි සූරියකාන්ත කුසුමක් සේ දුලවන්නීය. බඳ හරහා වැටී ඇති පොරෝනාව ඉවත් කර සයනයෙන් බසිමි. හඬ නොනැගෙනා පරිද්දෙන් බැල්කනි ද්වාරය හරහා ගොස් ආවරණ වැටට දෙවැලමිටි තෙරපා බර‍ දෙමි. රළ බිඳින  සයුර විමසමි. වෙරළත මුදු ළවැලි තලාව මත සියුම්ව සලකුණු තබන යුවලකි. ඔවුන් දෙදෙන පමණකි. නිදහස් චුම්බනීය මිහිරක  ප්‍රේමවන්තයා ගිල්ලන්නී ඈ සිනා නගන්නීය. ඔහු තනි කර ඉදිරියට දිවයන්නී මඳක් දුර ගොස් ආපසු හැරී සිය ප්‍රේමවන්තයාට තමන් වෙන එන්නැයි ඉඟිපාන්නීය. මොහොතකින් සයුරු පොරෝනාවේ එතෙමින්  වෙරළත උඩුකුරුව යන ඈ දෝතින් දරා ගන්නා ඔහුද ඈ වෙතම පහත් වෙමිනි. තත්පර කිහිපයක කාලයක් ගතවන්නේ දෙදෙනා ඒක රූපයක් බවට හරවමිනි. මන්ද වේගී චලන රූප රාමුවක් නෙත් අබියස මවමිනි.

Sunday, October 10, 2021

ස්ටවුතියාව - පළමු බිඳ


සිදු තෙරහිම සකසා තිබූ  මේසයක හිඳ ඈත දියඹ දෙස බලා හිඳිමින් අතැගිලි වලට හසුවන සීත ස්ටවුට් බඳුන පිරිමදිමි.  ඇසට පෙනෙන මානයේ, දුරක සිටිනා ප්‍රේමවන්තිය කෙරේ ළඟා වීමට නොහැකිව දුරින් හිඳ හාදු එවන ප්‍රේමවන්තයෙකු සේ අහස් ගැබ  සිට සයුර වෙත හෙලනා පෙම්වත් හාදු වරුසාවකින් තෙමන ප්‍රේමයෙන් ආශක්තව ගිය අහසය.  ඒ  අනවරත චුම්බන වරුසාවෙන් අහේතුකව වෙන්ව ආ වැහි බිඳු කෝඩයක් සුළඟත් සමඟ මුසුව මුහුණත සිපින්නට වෙයි.ඇතුලත ආවරණයක් කරා යමුයැයි ආරාධනා කළ වේටරයා හට ප්‍රතික්ෂේප ඉංගිතයක් පා නැවත සයුර දෙස නෙත් යොමු කරමි. අතැති සිහිල් ස්ටවුට් බඳුන මතක අවුස්සාලමින් කැළඹෙන, රළ නඟින, පෙරළෙන, පෙණ පිපෙන සයුරත සේ මා වෙලන්නට පටන් ගෙනය. ඉන් තවත් උගුරක් තොල ගා මේසය මත තබන්නට පෙරාතුව උගුර හරහා ගලා යන බීර සිහිලස විඳිනාතරම ඒ හරහා සයුර දෙස බලන්නට වෙර දරමි. බීර වීදුරුව පසුබිම්ව පෙනෙනා සයුර විනා බීර වීදුරුව විනිවිදන සයුරක් නොදකින්නෙමි. ස්ටවුට් බඳුනක් තරම්ම මිහිරි  ආවර්ජනා මත්බවක ගිලෙන්නෙමි.

Wednesday, October 6, 2021

ස්ටවුතියානු මතක - 000

 

ලියා අවසන් කළ නොහැකි තැන

දියව හරිනට හැකියි සිතුවෙමි

ප්‍රේමයක නටඹුන් මකන්නට

මදු විතක් තුල දියැව යන්නෙමි..,