Sunday, October 10, 2021

ස්ටවුතියාව - පළමු බිඳ


සිදු තෙරහිම සකසා තිබූ  මේසයක හිඳ ඈත දියඹ දෙස බලා හිඳිමින් අතැගිලි වලට හසුවන සීත ස්ටවුට් බඳුන පිරිමදිමි.  ඇසට පෙනෙන මානයේ, දුරක සිටිනා ප්‍රේමවන්තිය කෙරේ ළඟා වීමට නොහැකිව දුරින් හිඳ හාදු එවන ප්‍රේමවන්තයෙකු සේ අහස් ගැබ  සිට සයුර වෙත හෙලනා පෙම්වත් හාදු වරුසාවකින් තෙමන ප්‍රේමයෙන් ආශක්තව ගිය අහසය.  ඒ  අනවරත චුම්බන වරුසාවෙන් අහේතුකව වෙන්ව ආ වැහි බිඳු කෝඩයක් සුළඟත් සමඟ මුසුව මුහුණත සිපින්නට වෙයි.ඇතුලත ආවරණයක් කරා යමුයැයි ආරාධනා කළ වේටරයා හට ප්‍රතික්ෂේප ඉංගිතයක් පා නැවත සයුර දෙස නෙත් යොමු කරමි. අතැති සිහිල් ස්ටවුට් බඳුන මතක අවුස්සාලමින් කැළඹෙන, රළ නඟින, පෙරළෙන, පෙණ පිපෙන සයුරත සේ මා වෙලන්නට පටන් ගෙනය. ඉන් තවත් උගුරක් තොල ගා මේසය මත තබන්නට පෙරාතුව උගුර හරහා ගලා යන බීර සිහිලස විඳිනාතරම ඒ හරහා සයුර දෙස බලන්නට වෙර දරමි. බීර වීදුරුව පසුබිම්ව පෙනෙනා සයුර විනා බීර වීදුරුව විනිවිදන සයුරක් නොදකින්නෙමි. ස්ටවුට් බඳුනක් තරම්ම මිහිරි  ආවර්ජනා මත්බවක ගිලෙන්නෙමි.


මොනවද ඔයා වයින් ග්ලාස්  එක උස්ස උස්ස බලන්නෙ.?

පාට.. අහසෙ පාට..,

ඉතිං.. පේනවද..?

හ්ම්ම්..!!

ඉතිං..?

රෙඩ් වයින්  පාටයි...


ඈ හිනැහෙන්නීය.. නළවන්නීය. මත්බවක මා ගිල්ලන්නීය. වමතෙහි දබරැගිල්ලත් මැදගිල්ලත් අතර සිරව ඇති  මධු කුසලානය  පසෙකින් ඔසවා මුහුණ ඇල කොට අඩවන් නෙතින් මා දෙස බලන්නීය. මන්දහාස නගන්නීය. මා වෙත නුරා ඉඟි පාන්නීය. ඈ සිනාසෙන තාලය හා එක්ව මුහුලස ද සුළඟ හා එක්ව දඟ කරන්නීය. මා කැඳවන්නීය. හැඟුමන් අවුලන්නීය. සිතුවිලි උණුහුම් නුරාවකින් ගිණී තබන්නීය. 


හැබැයි ඔය ඇස් වලින් දකිනව වගේ ප්‍රේමවන්ත පාටක් නෑ.. 


ඈ යළිත් සිනා වපුරන්නීය. පෙම්වත් වන්නීය. දෑස් කතාවන් පා කරන්නීය. මා ඈ ග්‍රහණයේ වෙලාගන්නීය.   ඒ සිනහවට සිහින් වන ඇස් ද, වළ ගැසෙන කම්මුල් ද, පෙරදා නොවිඳිනා තරම් ප්‍රේමයකින් මත්ව ගිණිගැනෙන්නේය.


ඇයි මගෙ ඇස් දෙක කණ්නාඩි දෙකක් කියල හිතුවද.? මම මුමුණමි.

ඇයි මගෙ මූණ හැමදාම වෙනස් වෙනව කියල හිතුවද.? ඒ දෙතොල් දොඬමළු වෙයි.


ඇය පිළිතුරක් වෙනුවට ප්‍රශ්නයක් විසි කරන්නී ය. මා පෙම්වත් ග්‍රහණයක රඳන්නීය. ඉන් මිදෙන්නට නොදෙන්නීය. ඇයම පමණක් වන ලොවක මා වෙලන්නීය.


ආදරේ පාට හැම වෙලේම වෙනස් වෙනව!  මා ඉස්සර වෙමි.

ඔය ඇස් වල ආදර පාට වැක්කෙරෙන මොනව හරි තියෙනව...! ඈ කියයි.


එකඟතා සිහනවන් දෙකක් ප්‍රේමවත් චුම්බනයකින් වෙලී බැල්කනිමය පිම්මක් ගෙන සයුර වෙතට පාව යයි. 


මාගෙන්ම පූර්වයෙහි ඉල්ලා ගත් සුදු පැහැ ලෝන්ග් ස්ලීව්මය ෂර්ටයේ බොත්තම් දෙක තුනක් අපිළිවෙලට මෙන් පියවා හැඳ සිටින්නී ප්‍රේමාන්විතව අහස දෙස බලන්නීය.  ඒ ඇස් හා සමපාත වන්නට උත්සාහයක් නොගන්නේ ම නෙත්  නොපියවුණ කමීස බොත්තම් අතරින් විළී ලන ඈ වත කෝමල රේඛාවන් විමසයි.

 

මොනවද බලන්නෙ?


මොනවද…?  මම විළියෙන් විළිබරව යමි. ආකාසයේ නෙත් ඉබාගාතේ පා කරමි. අහම්බයකින් මෙන් ඈ වෙත හැරෙමි. මා දෙසම නෙත් යොමන ඈ අබිමුව කෝල වෙමි.


මධු කුසලානය  අතැතිවම මා වෙත පිය නගන්නී, මා වෙත පැමිණ මා උකුල මතට වී මා දෙස බලා වාඩි ගන්නීය. රක්ත පෑ මධු කුසලානය නෙතඟින් මා හට නුරා පාමිනි.  අක්බමරුමය මුහුලස මා මුහුණත වෙළෙමින් මා මුහුණද අප දෙදෙනාද වසා කඩා හැලෙමිනි.  ඈ පපුතුරෙහි උණුසුම මා අභ්‍යාන්තරය කරා යමින් මා සියොළඟම උණුසුම් කරමින් පැතිර යමිනි.


මා නෙත් අඩවන්ව යන වග දැනෙන්නට වන මොහොතක  සියුමැලි දෙතොලක පහසක් සර්වාංගයම අවුලුවමින් මා දෙතොල් හා වෙලෙන්නට වෙයි. කෝලවන් හැඟුම් ඉසියුම්ම මිහිරක ගිල්ලවන්නට වෙයි. දෙතොල් පමණක් දන්නා භාෂාවක නිහඬ සංවාදමය මොහොතක් තත්පරව යයි. නිශ්ශබ්දමය මොහොතක කාන්තිය හෘදය ආක්‍රමණය කරන්නට වෙයි. ඈ වතින් ගලා හැලෙනා ලැවැන්ඩරීමය සුවඳක් හද පුරා විඳින්නෙමි. දෙතොල් සංවාද එක වරම බිඳ වැටෙයි. වේගවත් සුස්මනයන් හිහඬ සවන් සිිඹින්නට වෙයි. උණුසුම්ව යන සිරුර ද්වයක නොයිවසිලි සංස්පර්ශයන් වේගවත්ව ඒ මේ අත ඇදෙන්නට වෙයි. පිටුපා ඇති යහනත උන්මාද වන්නේ, වැළඳ ගන්නැයි ඉඟි කරන්නේය. නොයිවසිලිමත් ඉරියව් පාන්නේය. ප්‍රේමවත් මොහොතකට කැඳවන්නේය.   ආකාසය  මද රත් පැහැයකින් දිදුලමින් ශෘංගාර්ය අභින පාන්නේය. නුරා සුළං දහරාවක් එවා අප එකට වෙලන්නේය. නොයිවසිලිමත් කරන්නේය. ඈ දෙකලවා හරහා මුදුව ඇදෙන නොයිවලිසිමත් දෑත් ඈ ඔසවන්නීය. අඩවන් නෙත් පෙම් යහන් සොයන්නේය. ඈ සුරත දැරූ ග්ලාසුවෙහි වන වයින් මත් බව විසුරුවමින් ඇගේ අප්‍රාණික හස්තයෙන් මිදී මේසය මත පතිතව යයි.


මොනවද දිය කරන්න හදන්නෙ.. මතක කුණාටුවෙන් මා ඉවතට ගෙන පොළවේ ගසන්නිය දෙස මා වික්ෂිප්තව බලමි. සුලඟින් ගෙන එන පිණි බින්දු කිහිපයක් ඈ මුහුලස දැවටී ම හට ඉඟි පාමිනි. නුරා පිරි නෙත් දෙකක් මා කය පිරිමදිමිනි. ඒ ඇස් මත මොහොතක් තත්පරව යමි. දොඬමළු වන්න තතනමි.


ම්..මොනවද…


සයුරත නැගෙන කුණාටුවක් හා සමව හදිසියේම මා අනෙක් පස මතුව ඇත්තිය දෙස බලමි. කාල වර්ණ සරාගී ෂෝල්ඩර් පෑඩ් ෂර්ට් ඩ්‍රෙස් ගවොම නෙත් විපිළිසර කරවයි. සිත දැහැන් බිඳවයි. කය නුරාවෙන් පුරවයි.  ඒ ඇස් කියන්නේ කුමක්දැයි පිළිවිසමි. මා දැහැන් බිඳින්නිය කෙරේ අමනාප ගනු අසමත්මි. අනායාසීවම දොඬමළුව යන්නෙමි.


ඔයා…හ්..


මා වදන් නවතා ලමින් ඈ සිය දබරැගිල්ල මා දොතොලත තබන්නී මා නවතා ලන්නීය.. 


ප්‍රශ්න හොඳ නෑ. දෙන්නෙක් දුරස් වෙන්නත් පුළුවන්.. නැති වෙන්නත් පුළුවන්.. බියර් වලට නිවන්න බැරි දේවල් නිවන්න පුලුවන්, බියර් වලට අමතක කරන්න බැරි දේවල් අමතක කරන්න පුලුවන්. ඒත්.,


ඈ තත්පර වන්නීය. මා නෙත් සොයන්නීය. මා හා මුහුව යන්නට තනන්නීය. ඈ ස්වරය සිහින්ය. මන්මත් කරවන සුළුය. ප්‍රේමණීය ය. මත්බර ය. මඟ හැර යා නොදෙන සුළුය. ආශක්ත වන්නට යැයි සිත බල කරන්නේය.


නාදුනන ශරීර දෙකකට වුණත් එකට වෙලෙන්න වචන ඇඳුනුම් ඕනමද.? නම් කියන්නෙ මොනවද.? තොල් තියෙන්නෙ වචන විසි කරන්න විතරද.?


හිටිවනම ඈත සයුරු තෙර ඉහළ අහසේ අකුණක හඬක් දෙසවන් පුරා නින්නාද වන්නේය. හිතුවක්කාර මුහුදු සුළඟින් ඈ හැඳ සිටි ගවොම මදක් විසුරුවා හැරියේ, ඇගේ මන බන්ඳන පපු තුර විදුලියන් මෙන් නෙත් අබිමුව ඇඳී මැකී ගියේය. මෙතෙක් වේල‍ා හීන් ස්වරයකින් මත්බරව හුන් ඈ දෙතොල නිහඬය. ඒ ඇස් දොඬම‍ළු වන්නට පටන් ගෙනය. ඇද බැඳ තබා ගන්නා සුළුය. නික්ම යා නොදෙන සුළුය. ඉදින් අවනතව යමි.


සිය වැලමිට මේසයට තවත් බර කරමින් මා දෙසට තවත් බර වූ ඇය මා අත වූ බීර වීදුරුව ඈ කෙරේ නම්මා ගත්තී අනාරාධිතවම ඉන් උගුරක් තොල ගෑවාය. මධු බඳුනක මත් බව නෙත් වලට උරා ගනිමින් මා වෙළා ගනිමින් උන්නාය. ඒ දෙනෙත් අතර මා දිය කර ගනිමින් උන්නාය.


ඈ හාව එන්නැයි  නොවිමසා විමසන්නී ය. ඈට අවනත මා කය නොතකා හරියි. මා දෙපා මා හටම අවසඟව යයි. ඈ දෑතේ පැටලී ඈ නෙත් හි කාන්තියේ වෙලී මා ඈ අනුගමනය කරන්නෙමි. ඈ වතින් ගලා එන මුදු ෂැනෙල් කොකෝමය සුවඳ අවට අමතක කරන්නේය.  ඉසිඹුවකින් මා පසෙකින් මා හට වාරුවී මඋරහිස වෙලී මා සමඟ යන්නියක ගේ උණුහුමින් සියල්ල බොඳව යයි.


මතකයට සියල්ල දුර තත්පර ගණනාවකට පසු මා සිටින්නේ නුපුරුදු කාමරයක ය. වාතයෙහි පැටලී එන ලැවැන්ඩරීමය සුවඳක එතී යමිනි.  අර්ධ තෙතබරිතව මුත් උණුහුම්ව යමිනි.  ගත වෙලෙන සියුමැලි අතැගිලි ඇත්තියක අබිමුවය. මා නෙත වෙලෙන විදුලි නෙත් යුවළක් අබිමුවය. දෙතොල් අවසඟව මත්බර රෝස නා දළු දෙතොලක පැටලෙමිනි. කය ගිණි වද්දමිනි.


කවුළුවෙන් එපිට ඈත සයුරු තෙරට ඉහළින් කසාවන් පැහැයෙන් විදුලි එළි දිලී නිවී යයි. හිටිවනම වේගවත් වන සුළඟකින් කවුළු තිර නොසන්සුන්ව යයි. නොසන්සුන් අතක පහසට හසුව යන ගවොමක් වාරු රහිතව බිම පතිත වෙයි. කිරිකෝපිමය පැහැ සිරුරක කෝමල රේඛා ගවේෂණිත ‍නොසන්සුන් දෑතකි, දෙතොලකි. එ දෑතට හසුව නා පතක් මෙන් සැලෙන කිරිකෝපිමය කයකි. ඒ දෙතොලෙහි චුම්බනයෙන් ගැහෙන උණුසුම් සුස්මනයන් පා කරන හදකි.  


පිළිවෙල යහන් තිර කෙමෙන් කෙමෙන් වියරුව යන්නේ සයන පුරා විසිරෙමින් නර්ථන ලීලා පාමිනි. වේගවත් සුස්මනයන් වා තලය ගිණී තබමිනි. නිසල සයුර  අහම්බමය කුණාටුවකට හසුව කැළඹෙමිනි.

 
--මතු සම්බන්ධයි--

 




ප.ලි - සකල ඇගයුම් ද චෝදනා ද ප්‍රේමයෙන් ඉවසමි.









79 comments:

  1. "තොල් තියෙන්නෙ වචන විසි කරන්න විතරද.? " - ඒවා දන්නෙ නෑ රජෝ.
    දැනෙන දේ කියන්න ඔනම්ත් නෑනෙ. තේරුම් ගන්ට බැරිය ඔහෙටම. සමහෘද මහේෂ්

    ReplyDelete
    Replies
    1. ඇස් හදවතේ ප්‍රතිබිම්බයක් කියනව නේ.. 😃😃. මට වෙච්ච හුඟක් දේවල් තේරුං ගන්න පුලුවන් වුණා නං මම ඉන්න තැනත් කරන දේවලුත්සෑහෙන්න වෙනස් වෙන්න තිබ්බ
      😃😃😃

      Delete
  2. +++++++++++++
    ඉස්සෙල්ලාම වැට. නාලා, කාලා තමයි පාඩුවෙ කියවන්න යන්නෙ.🙏😊

    ReplyDelete
    Replies
    1. ඔව්. බෝ නාල එන එක නං ලොකු දෙයක්. සමාජ සේවයක්...

      Delete
    2. එයි ෂෙකද?
      https://www.youtube.com/watch?v=LA2Iyw6V9gk

      Delete
    3. ඒ් නාන්නෙ (නාවන්නෙ) කකුල්වලට මාංචු දාල නෙ...

      Delete
    4. පොර පුල්ලාතල් එකේ නානව නේ 😂😂😂

      එතකොට ඩ්‍රැක් මේ බකුස්ස නාන්නැති පොරක්ය 😃😃😃

      Delete
    5. නාන ලිං ගාවනම් හිටියලු

      Delete
    6. අඹතලේ වෙන්ඩැ 😃😃😃🤭

      Delete
    7. විහිළුවට කිව්වට නමී බස්සො සහ මයින්නු කියන්නෙ වැඩිපුරම නාන්න ප්‍රිය පක්ෂීන්. ඔය හුඟක් සත්තුන්ට වඩා උං දෙගොල්ල පිරිසිදුව ඉන්න කැමති ඇති. 🙂

      Delete
    8. ඔන් එකත් දැනුම පොතට දාගත්තා

      Delete
  3. මම මුලින් දැක්කෙ මාතෘකාව "පළමු බිරිඳ" වගේ.

    ReplyDelete
    Replies
    1. මී ඇස් දෙක පල්ලා, එහෙම තමා තිබුනෙ. දැන් වෙනස් කරලා.
      මැන්ඩෙලා එෆෙක්ට් වත්ද?🤔

      Delete
    2. මැන්ඩෙලා මොකද, මහේෂ් මොකද නේ...?

      අර කතාවක් තියෙන්නෙ, "ගෝල්ඩ්බර්ග් මොකද, අයිස්බර්ග් මොකද" කියලා...

      Delete
    3. පළමු බිරිඳ 🤭🤭🤭 හෑයිය.. 😃😃😃
      සැර් බූරා මොනවද හිතෙන්නෙ. ආරම්භය සතුටු දායකද. භාෂාව පැටලුම් සහගතද. කියවන්ට අපහසු වෙයිද.
      ඔය කෝට්ටක් දෙකක් වනල උපදෙසක් කාරිය දුන්න නම් සන්තෝසයි ඉතිම්.. 😃😃

      බසූ... ජනතාව නොමඟ නොයවන් 😃😃

      මැන්ඩෙලා එෆෙකට් එක වගේ මැන්ටෙලා එෆෙක්ට් එක්කුත් තියේද ඩ්‍රැක් 😃😃🤭

      Delete
    4. ඩේන්ජරස්
      https://www.nytimes.com/1997/12/04/world/winnie-mandela-s-ex-bodyguard-tells-of-killings-she-ordered.html

      Delete
    5. ඒක බලන්න දෙන්නෑ. සල්ලි ඉල්ලනව 😒😒
      මොකද්ද තියෙන්නෙ ඒකෙ 🙂

      Delete
    6. ''She would say we would have to be attending funerals or torturing and disciplining people,'' he explained.

      Mr. Richardson told of using garden shears to kill Stompie Seipei in 1989 after beating him for days. He said Mrs. Mandela participated in the beatings, using her hands, fists and a whip. But she never did any of the killing, he said.

      Delete
    7. https://en.wikipedia.org/wiki/Winnie_Madikizela-Mandela

      Delete
    8. ඉස්කෝතුයි ❤️❤️❤️ ඒක කියවන්නම්. 🙂 ඒ වගේ එකක් කියවන්ට සෑහෙන වෙලාවක් යනව කියල දන්නවනේ 🤭🤭

      Delete
    9. දෙබස් වලට පාට දෙකක් පාවිච්චි කලොත් මොකද? කියවන්නාට පහසුවක් වෙනවා නේ? ඒත් එක්කම දෙබසක් ගානෙ කිවුවෙ කවුද එක ලියන එකෙන් මහේෂ් නිදහස් වෙනවා.

      // ඈ සුරත දැරූ ග්ලාසුවෙහි වන වයින් //

      ග්ලාසුව කියන වචනෙ ගැලපෙන් නෑ නෑ වගේ නේ?

      Delete
    10. ලෝන්ග් ස්ලීව්මය

      Delete
    11. මම කල්පනා කලා මුලින්ම දෙබස් පාට වෙනස් කරන්න. නමුත් කියවන අයට අපහසු වෙයි කියල හිතලයි ඕම කලේ. 🙂
      වෙනස් කරමු
      ප්‍රා සහ බූරතුමා ඔය වගේ අවුල් වචන කීපයක් තියේ ⁣තමා නේ.
      මම ඒ ගැනත් සලකා බලන්නම්.
      බොහොම ස්තූතියි ඉල්ලීමට කන්දීම ගැන. 🙂❤️

      Delete
  4. කියවන්ඩ හෙට එන්නං. ඇරත් කමෙන්ට් කරන්න, කියවන්න ම උවමනා නෑනෙ...

    ReplyDelete
    Replies
    1. හා, නාලම වරෙන්, ඈ?😂

      මේ මාත් අර ෆලෝ බටන් එක එබුවා. දැන් ඊළඟට මොකක්ද කරන්නෙ?🤔

      Delete
    2. කොහෙද ඒක තිබුණෙ?

      Delete
    3. මට පුරුදු බ්ලොග් රෝලයි, සිංඩියි. ඒව වලින් තමා අලුත් පෝස්ට් හොයා ගන්නෙ.

      Delete
    4. ඩ්‍රැකී ට නං වෙනද වගේ ලෙස්සල යන්ට දෙන්ට බෑ. අද . මේක කියවල මට අදහසක් ඕන. භාෂාව කෝමද ආරම්භය මොකද ගලායාම පැටලිලි සහගතද. කන්ෆියුස්ඩ් ද වගේ කියල. හුම්ම්


      බසූ අර සිංහල වියුණු එකතුවට කෝමද මේක දාගන්නෙ. මේල් එක්කුත් යැව්ව.. ම්හු..
      කැමති නැතිවද දන්නෑ නේ 😃😃😃

      Delete
    5. සිංහල වියුණු එකතුවට, ඒ ගොල්ලම හොයල තමයි දාගත්තෙ. මේල එකකුත් යැව්ව නං, පස්සෙ හරි දාගනීවි. ඔව්වා වල තියෙන එක අවුලක් තමා, නිශ්චිත නඩත්තුවක් නැති කම.

      Delete
    6. ඔව් නේ.. තව පාරක් යවල බලමු. 😃😃😃🙈

      Delete
    7. ඉඳපං අද දවස ඇතුළත කියවලා දෙන්නං ඇට්ටි හැලෙන්ඩ "නිර්දය විචාරයක්"

      Delete
    8. දෙම්මු දෙම්මු... 😍😍😍

      Delete
  5. දැං තමා කියෙව්වෙ. තාම කතාවෙ චරිත හඳුන්වා දුන්නෙ නැති නිසා, මුකුත් දැම්ම කියන්න අමාරුයි, ඔහොම යං.😊🙏

    ReplyDelete
    Replies
    1. චරිත නං මොනව වෙයිද දන්නෑ 🤭🤭🤭
      භාෂාව ආරම්භය ආදිය කොාහාමද
      පැටලිලි සහගතද වෙනස් කරන්න වෙයිද තේරෙන්නැතිවෙයිද මොකද හිතෙන්නෙ 🙂

      Delete
    2. නෑ එහෙම පැටලිලි ගතියක් නෑ. උඩම එල පිංතූරෙකුත් දාලා තියෙන්නෙ?🤣😂

      සුරුංගාරාත්මක බවට, මුල් පරිචේදයෙන්ම ඉඟියක් දෙනවා. ෆුට් නෝට් එකෙන්, පෞද්ගලික අත්දැකීමක් බවට ඉඟියක් දෙනවා. දැනට තේරෙන්නෙ එව්වරයි.

      මම ඩ්‍රැකියගෙ කතන්දරේ, මුල් කොටස බැලුව. ඒකෙත් කරල තියෙන්නෙ ඔහොම තමයි. එකම වෙනස, ඒක මයිල්-ඉස්මයිල් වෙන කතාවක් වීම විතරයි. ඔහොම යං😊👌🙏

      Delete
    3. පුට් නෝට්ටෙකෙන් ඒම දෙයකි හිතුණය. මං ඒක අයිං කලා ඕං. නිදහසේ කියවන්ට පුලාන් එතෝට 😃😃😃
      ඉස්තූතියි බසූ.. ඩ්‍රැක් පරලවෙයි ඕං. පරිස්සමින් 😃😃😃

      Delete
    4. මයෙ හිතේ පුළුවං තරං පටළෝන එකත් එක්තරා ආතල් එකකි...

      Delete
    5. ඊට පස්සෙ පැටලුම් ලෙහන්න ගියාම දුං විසි වෙනව නේ ඒකනේ එපා වෙන්නෙ 😀😀

      Delete
  6. https://balunakuta.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ගියෙමි කොමෙන්ටුවකුත් විසි කොට පැන ආමි 😃😃

      Delete
    2. තට්ට මහත්තයා කිව්වලු, හරි හමන් පෝස්ට් එකක් නොලිව්වොත් ඌගෙ "ඩිෆරන්ෂල්" එක පොල් කොට දෙකක් උඩට උඩට බානව කියලා. ආං උන්ද බයටම පෝස්ට් එකක් ලියාගෙන යනවා.🤔

      Delete
    3. හෑ, ඒ මාත්තියා ඒම කිව්වෙ නෑ. පෝස්ට් එකක් ලියාගෙන යනබව ඇත්ත. දැන් මෙතන උඹද බල්ලා, මමද බල්ලා?😂

      Delete
    4. සෑර් පොඩි පෝස්ට් කෑල්ලක් නං ලිව්වා. කස්ටිය බලාවිද? අපිව සිංඩි වලට දාගන්නෙ නෑනෙ? ඔහෙට කිව්වාම මොකද. අපි ඔහෙල නං, එකට මචං( බිව්වාම" කියාගෙන ඉන්න මිත්තරයො නොවැ? බලල හොඳද කියනවද?
      https://balunakuta.blogspot.com/2021/10/blog-post_11.html

      Delete
    5. එළම. එඥ්ඥං ඒ අහ. හැබැයි මස්කට්ටක් වත් ඕන සුප්ප සුප්ප ඉන්ට 😃😃
      ආව දවසක සෙට්ටෙමු හීනියට. 🙈🙈🙈

      Delete
  7. හොදයි...බලන් ඉමු ඉදිරියට

    ReplyDelete
    Replies
    1. සොඳුරු සදවත සාදරයෙන් පිළිගන්නව අවන්හලට. දිගටම කියවන්ට එන්න. පුලුවන් විදිහට ලියනව ❤️

      Delete
  8. මා මීට පෙරද මෙවන්ම කමෙන්ටුවක් ලියා ඇත අකුරු හැඟීමක් කරණ එක පහසු කටයුත්තක් වුවත් හැඟීම් අකුරු කරන එක තරමක අභියෝගයක්. ඔබ ඒ අභියෝගය ජය ගෙන ඇත! සුන්දර ලියවිල්ලක්!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි තට්ටතුමා.. ඔබේ ඇගැයුම සිතට සවියක්. ජය ❤️

      Delete
  9. කියෙව්වාය.
    සුජීවා ය

    ReplyDelete
    Replies
    1. තුති පුදමි නැව⁣ත එන්නයැයි කියමි. 😍❤️

      Delete
  10. මනහරයි...
    ශෘංගාරය ඔප්නංවන සංයමයටයි මං කැමති
    චිත්තරූප මැවෙනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිල්ශාන්.. සෑහෙන දවසකින් දැක්කෙ. ආපහු ලියනවාද.. එසේනම් සතුටුයි ❤️

      Delete
    2. හුටා... 🙈🙈🙈🙈 ට්‍රැක්.. 😂😂😂

      Delete
    3. ඌ දැන් ලියන්නේ නෑ. කොල්ලෝ පස්සේ යනවා

      Delete
    4. 😂😂😂😂😂😂 🙈🙈🙈🙈🙈

      Delete
  11. මහා රහයි. සමහර වචන, පේලි යතුගාන්ට ගිහින් හිරවෙන ගතියක් දැනෙනවා. ලියවෙන රටාවෙන් හැලුනද මන්ද.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. හදිසය වැඩිකමට වෙන්න ඕන. මටත් අවුල් මේක දැම්මට. ඊළඟ පාර මීට වඩා පොලිස් වෙන්නෝන.
      ස්තූතියි බොක්කෙන්ම දෙන සප්පෙකට ❤️❤️❤️

      Delete
    2. ඊට වඩා සතුටුයි තේරම් ගත්තට. හිතට අල්ලන්නෙ නෑ හොද එකෙක් අකුලකට යන්න ගත්තොත්. අර හඳගම උන්දැට උනා වගේ. ගලාගෙන යන්න මහා ඔයාගේ ක්‍රමේටම.!

      Delete
  12. මචං, පට්ට ලයාන්විත වචන මාළාවක් උඹට තියෙනව. එක දොළපාරක් වගේ ලස්සනට ගළාගෙන යනව. මේක වෙන තැනක සේව් කරගෙන හෙමිහිට ඒඩිට් කරපං.

    වයින් රෙඩ් කිව්වම මට මතක් වුණේ, හෝමර් ඔඩිසි එකේ නිතරම කියනව wine dark ocean කියල සඳහනක්...

    අනික තමයි වර්තමාන කාලය භාවිත කරන එක. ඒක මාර ප්‍රාණවත්.

    මං මේ ගැන නං වැඩිය දන්නෑ. නමුත් ඡේදයක වචන රටා මික්ස් එකක් තියෙනවනං ලස්සනයි කියල "රන් රෝස" පොතේ තිබුණා. නමුත් උඹ ඒකම රටාව ඡේදයක හෝ දෙකක එක දිගට යොදාගන්නව ඉතාම ලස්සනට. (ඒක වෙනස් කරන්න එපා)

    කිරි කෝපිමය පැහැය, පට්ට ඈ...

    මේක මරු බං. උඹට තේරෙන විදිහට ම, මම කියවගෙන පහළට එන ගමං හිතට ආපු ආපු දේවල් මෙතන කමෙන්ට් කළා. මට පේන්ඩ විවේචනයක් නෑ. දිගටම ලියන එක තමා දැන් කරන්ඩ තියෙන්නෙ. ඒ වගේම පොතක් ගහන්ඩ බලාගෙන ලියහං.

    වඩා හොඳයි මේක fm abhaya ෆොන්ට් එකෙන් වර්ඩ්වල ලියහං. පස්සෙ ඔන්ලයින් ෆොන්ට් කන්වර්ටරේකින් ඉස්කෝලෙ පොතට කන්වර්ට් කරල ‌බ්ලොග් ඒකේ පේස්ට් කරහං.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩ්‍රැක් ඒ අදහස් ටිකට. ආදරෙයි ඉතිම්... 😍😍
      වචන හරඹයත් ලේසි පාසු නෑ විසේසයෙන්ම මං වගේ දුහුනන්ට. උපරිම උත්සාහ කරනව හිර නොවී ලියන්න.
      අතීත සිදුවීමක් ලිව්වත් ඒක ඒ විදිහට ගලපන්න මම යම් උත්සාහයක් ගන්නව. ඉතිං මෙහෙම ඇගයුමක් දකිනකොට ඒක මාර සතුටක්.
      රන් රෝස ආරියවංශ රණවීර මහත්මයගෙ පොතක් නේද. ඕක ගන්න හිටිය ආව දවස් වල පස්සෙ අමතක වෙලා තිබුණ. නමුත් ළඟකදි හොයල බැලුවාම ගන්න තැනක් සෙට්වුණේ නැහැ. මම හොයන පොත් කීපයක් අතරින් එකක් තමයි රන් රෝස

      පුලුවන් තරම් උපරිමයෙන් ලියන්න උත්සාහ කරනව. පොත් ගැසීම කෙසේවෙතත් කියවන කිහිප දෙනා වෙනුවෙන් වත්.

      අභයා එකෙන් ලියන එක මන්දගාමීයි නේද. ඕල්ටර් කෝඩ් ගගහ ලියන්න එපැයි. මම අතින් ලියල පස්සෙ ඩොක්ස් වලට ගන්නෙත් නෑ කෙලින්ම ඩොක්ස් වල ලියන්නෙ. එතන නම් ප්‍රශ්නයක් එනව.
      අභයා එකෙන් ලියන්න කිව්වෙ මතු ප්‍රෙයා්ජනය සඳහා වෙන්න ඇති කියල හිතනවා. 😍😍😍😍🥰🥰😘😘

      ස්තූතියි අදහස් දැක්වීමට. ලියපුවාම එන්ඩෝන කියවන්ට ඕං 😁😁😁😁

      Delete
    2. මේක කියවනව දිගටම...

      බස්ස කීමෑන් ඩෙස්ක්ටොප් ගැන කොහෙ දි හරි කියල තිබුණ. මයෙ හිතේ බස්සගෙ බ්ලොග් එකේ වින්ඩෝස් ටූල්ස් ගැන ලියපු තැනක, මේ මෑතක.

      කීමෑන් දාගත්තොත් ඔ්ල්ට කෝඩ් ගහන්ඩ ඔ්න්නෑ. අභය ෆොන්ට් එකෙන් ලිව්වැහැකි.

      Delete
    3. මාත් කෙලිම්ම ටයිප් කරනව මිස, අතිං ලියන්නෑ. ඒක මුලදි මුලදි ටිකක් අමාරුයි උනාට දැන් දැන් ලේසියි. මං ලියද්දි ලියන එකට අදාළ මියුසික් එකක් දාගන්නව. කෝපි තඩියක් හදා ගන්නව සිප් කරන්න. එතකොට අදහස් ගළාගෙන ගළාගෙන එනව.

      Delete
    4. කීමෑන් ගැන අහල තියේ යූස් කරල නෑ. බස්ස මේක දැක්කම ලිංක් එකක් දාන්නැතෙයි හෙහේ..

      මමත් සිංදුවක් දාගෙන පොඩියක් සමවැදිල ලියන්න බලල තියේ. ලොකු සාර්ථකත්වයක් අත්කරගන්න බැරිවුණා ඕං.. මගෙ චොයිස් එකේ අවුලක්ද මංද.
      කෝපි එක ලියන්න වගෙම කියවන්නත් පට්ට.
      හැබැයි මේක ලිව්වෙ නං වෙන පානයක් එක්ක. 😉😉😏😏😏

      Delete
    5. ඉඳා. මේක දාගත්තාම, Win key+ space bar වලින් සිංහල/ඉංග්‍රීසි මාරු කලෑකි. හැම තැනම වැඩ කරනවා - system wide.

      කෝ අනිත් කොටස. ඇයි "post-nut clarity" ද?🤣😂🤭

      Delete
    6. හුටා! මෙන්න ලින්ක් එක. මඤ්ඤං බස්සා කියන්නෙ නිකංයෑ?😂🤣

      https://frozenlazyowl.blogspot.com/2021/06/10.html

      Delete
    7. මංඥං ම තමා. ඉස්කෝතුයි බසූ.. ❤️❤️
      තින්කිව් ලෙව් යූ උම්මා 😃😃

      Delete
    8. රන් රෝස ගොඩගේ එකෙනුයි කලින් ගැහුවේ. එහෙ බලන්න. මහේෂ්, ඔයා
      එහාට යනවා නං සඳගෝමී කෝපරහේවා මහත්තයාගේ 'සිංහල අක්ෂර වින්‍යාස අකාරාදිය' පොතත් හොයලා පෙරලලා බලන්න. පොඩි පොතක්- පිටු 128යි.

      මුද්‍රණය කරන්නත් හිතනවා නම් මහේෂ්, අක්ෂර වින්‍යාසය ගැනත් හිතන්නම වෙනවා. සිදු - සිඳු තේරුම් දෙකක් දෙන්නේ. ෙ කොම්බුවක් වුණත් අඩු වුණාම ලොකු වෙනසක් දැනෙනවා මට නං.
      සිදු තෙරහිම - සිඳු තෙරෙහිම .... පොස්ටුවේ පළමු වචන දෙකෙන්ම මගේ නං හිත රිදුණා. (අගතිගාමීයි, නේද?)
      අතැගිලි කියලාත් නොසැලකිලිමත් වෙන මහේෂ් කොහොමද සමඟ- නඟින වගේ තැන්වලදී පරෙස්සම් වෙලා තියෙන්නේ? පුතෝ, එතකොට තමයි ඔයාට ලොකු හදිසියක්ද, නොසැලකිල්ලක්ද තිබිලා තියෙන්නේ කියලා මට තෝරාගන්න බැරි.

      සෝදුපත් බලලා හුරුපුරුදු මාත් පොස්ට් එකක් ලියලා අඩුම ගණනේ 3-4 වතාවක්වත් ඉයවලා ආකෘ- ව්‍යාකරණ වැරදි හදනවා. එහෙම කරන්නේ හැකිතාක් අඩුවෙන් වැරදි සිදු වෙන්න දෙන්නයි!

      මේ මදැයි. දැනට.

      Delete
    9. තද වැස්සක් එන නිසා කමෙන්ට් එක publish කළා. ඉක්මනට. පේනවනෙ කියවලා අකුරු -වචන දෙක විකෘති වෙලා තියෙන හැටි. දැන්මම දැක්කේ වැස්ස හුළඟට ගහගෙන ගිය නිසා.

      Delete
  13. චැහ්... මොනාද මේ... වැල කතාවක් ලියන්න ඕන තේරෙන සිංහළෙන්. මේක මේ ඉස්කෝලේ 10 වසරෙදි කියෝපු ඉංග්‍රීසි වැල කතාව වගේ. කරන්න ගිය වැඩේ කරන්න වුනේ නෑ. ඩික්ශනරිය අරගන වහන වල තේරුම හෙවුවා. මේකත් ඒවගේමයි. පොළවට සමාන්තරව තිබ්බ ඒවා ලම්භක වෙනවා කියවද්දු😏😏😏

    උඹට මම වතාවකුත් කිවුවා, කරුමෙට හරි මම පොතක් ලිවුවොත් උඹට කියවන්න දෙන්නේ නෑ කියලා. මොකද, කවමදාවත් මේ තරම් ලස්සනට ලියන්න බැරි මට උඹෙන් කතන්දර අහන්න ඕන නැති නිසා. මේ කතාව ගැන එක දෙයක්. උඹ තරහවෙන එකක් නෑ මෙහෙම කිවුවට. සීනි වුනත් කාගන යද්දි එක සීමාවකින් පස්සේ පැනිරස තියා මෙලෝ රහක් නැතිවෙනවා උඹට ඕන භාශාව පාවිච්චිකරන එක උඹේ අයිතිය. ඒත් මීටවඩා දෙපැත්ත බැලන්ස්කරපන්. ඔලුව සැහැල්ලුකරගන්න, වින්දනය කරන්න එන තැනකදි ඕනෑවට වඩා ඔලුව බරවෙනවට මම පෞද්ගලිකව කැමති නෑ.😊😊😊😊

    ජයවේවා....!!!

    ReplyDelete
    Replies
    1. //සීනි වුනත් කාගන යද්දි...පැනිරස තියා මෙලෝ රහක් නැතිවෙනවා ....දෙපැත්ත බැලන්ස්කරපන්....වින්දනය කරන්න එන තැනකදි ඕනෑවට වඩා ඔලුව බරවෙනවට...//

      කටුස්සගෙ කෲර විවේචනය අවංකයි, ඒත් මාත් එකඟයි. හැලපයගෙ ත්‍රිකෝනෙ කතාවෙ සුරුංගාරෙ උතුරන්නෙ පෙනත් දාලා. ඒත් වචන බොහොම ටිකයි.🤔

      Delete
    2. මම කැමති ඒ කෘර විවේචනයට. මොකද ඒක නිසා අපිට තවත් ශාප් වෙන්න හිතෙනව. ඉතිං කටුසු පන්නයේ කමෙන්ට් මට හරයට වටිනව. ඒකෙන් මම කියන්නෑ මට අනිත් අදහස් දැක්වීම් මදි හරි හිතට හරයනනෑ කියල. ඒත් මේ වගේ අදහසුත් නැත්තං අපි මුරුංග අත්තෙ උඩටම ගිහිං කඩං වැටෙනකං දනනෑ.
      අනික මම මැද මාවතේ විවේචකයෙක්. පොතක් ගැන රිවීව් කරද්දි කිසිම ආකාරයේ පුද්ගලික හැඳුනුම් කමක් උඩ හොඳ කියන්නෑ. අනික් පැත්තත් එමමයි. ඒකෙන් හුගක් අය මා එක්ක මූණට නැතත් පිටිපස්සෙං අමනාපයි . මම ඒ ගැන හිතන්නැ.වගෙම මටත් ඒම කමෙන්ට් එනවට මම සතුටුයි.

      කටුස් මම මේක බර කරල ලියන්න හිතුව නෙවී. පොඩි අත්හදාබැලීමකටත් එක්ක සහ මගෙ වදන් කෝෂය කොයි තරම් පළල් ද කියල බලන්න ත් එක්කයි මෙහෙම ලියන්නෙ. බලමුකෝ ❤️❤️❤️
      ස්තූතියි අදහස් වලට..

      Delete
  14. යකෝ මං මේක කියවලා කමෙන්ට් කළේ හීනෙන්ද ? මොබයිල් ඒකෙන් දාපු එක කමෙන්ට් එකක්වත් වැටිලා නැද්ද ? ඇද හැලපෙගේ එකට කමෙන්ට් පහක් විතර දාලා බැරි තැන තමයි ලැප් එක ඔන් කළේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ගූගලය බ්ලොගර්ස්ලට කුඩම්මගෙ සැලකිලි. 😒😒😒

      Delete
  15. හෙමි හෙමින් කියවනවා. නියමයි !

    ReplyDelete