ඇය මදකට නැවතී ආපසු හැරී බැලුවාය.. |
වාහනයේ වායු සමීකරණ සිහිලස පරදා සකල සිරුරම දවා හරිනා තරමේ ගිණියමක් හැඳ සිටින කමිසය යටින් මතුව එන්නාක් මෙන් ඔහුට දැනෙමින් තිබුණි. ඔහු පසු කරමින් සිටින්නේ වියළි කලාපයේ අවසන් මායිම ය. එසේ වූවාට වායු සමීකරණය පරදා මේ දැනෙන්නේ උෂ්ණත්ව වෙනසක් නොවන බව ඔහු දනියි. යමක් අහිමි වී ගොස් යළි මතකයට නැඟෙන විට දැනෙන තෘෂ්ණාබර දැවිල්ලකි.
කුරුණෑගල..
වසර ගණනාවක් මඟ හැරි නගරය…
බඩගමුව මායිම ආරම්භ වන සීමාවේ දී කෙමෙන් මන්දගාමී වන්නට වූ රථය පාරෙන් ඉවතට විත් නැවතිණ. තව ස්වල්ප මොහොතකින් නෙත් අබියස දිග හැරෙන මතකයන් සමග කෙසේ ගණුදෙනු කරන්නදැයි ඔහුට නිනව්වක් නොවීය. මද වේලාවක් වින්ඩ්ස්ක්‍රීනය ඔස්සේ අරමුණකින් තොරවම ඉදිරිය බලා උන් ඔහු සෙමෙන් රථයට ඉදිරියට යන්නට ඉඩ සලස්වා දුන්නේය. මොහොතින් මොහොත කුස දෙසින් මතුව එන්නාක් මෙන් දැනෙන දැවිල්ල දැඩි වන බව ඔහුට දැනෙයි. අතීත මතකයන් කයම වේදනාත්මක ගිණියමකින් පුරවමින් ඔහුට රිදවන්නට විය.
අවී.. දවසක ඔයයි මායි මේ පාරෙම කාර් එක්ක යයි නේද.. ? එතකොට මේ පොඩි කඩයක් ඉස්සරහ නවත්තල උණු රොටියක් සැරම සැර ලුණු මිරිසක් එක්ක කාල තේකක් ඒම බීල යයි නේද..
අප්පේ… ඒකට තව කල් තියෙනව…
මෝඩයා..
ඇය වමතින් ඔහුව තවත් බදා ගන්නා අතරම උරහිස හරහා සියුම් පහරක් එල්ල කළාය…
බූරුවා…
ඔහුගේ සිනා හඬ ඔවුන් පසු කරමින් ඇදී යන සුළං ශබ්දය මුසුවී ගියේය..
මේ බයික් එකත් අයියගෙ .. කාර් එකක් කවද ගනීද කවුරු දන්නව ද..
ඔයා ගන්නව.. මම ඒක දන්නව..
සිය දෑතම යොදා ඔහුව තවත් තදින් බදා ගමින් ඔහුගේ පිටට සිය මූණ තද කරගනිමින් ඇය කීවාය..
වසර ගණනාවකට පසු ඇතුගල ඔහුගේ නෙත් අබිමුව නැගී සිටියි. ඇතුගලට වඩා බර මතක කන්දක් ගතම තලමින් නැඟී සිටින්නට විය.
අනිච්ඡානුගතවම පරණ දඹුලු පාරට හැරවුණ රථය මදක් දුර ගමන් කොට දකුණට හරවා වැව රවුමට ඇතුල් විය. වැව් දිය පෙනෙන මානයේ වාහනය නැවතූ ඔහු වායුසමීකරණය වසා දමා වීදුරු හැර වැව් තලය පිස එන සුලඟට ගත සිපගන්නට ඉඩ හළේය. මදක් වේලා එතන තාවර වූ ඔහු කාරයට සෙමෙන් සෙමෙන් ඉදිරිමට ධාවනය වන්නට ඉඩ හැරියේ වැව් තලය පිස හමා එන සුළං සමඟ එන මතකයන්ට ද ඉඩ හරිමිනි.
අනේ… මෙහෙම යංකෝ..
ඇගේ දකුණත ඔහුගේ වමත පටලා උරහිසට බර වී වැවට සමාන්තරව වැටී ඇති පාර දිගේ පියනඟමින් ඇය කියයි.
ළමයෝ.. මිනිස්සු බල බල යනව..
අපෙ මොකෝ.. අපි උංගෙ ගෙයි මිදුලෙ යනවයැ.. විකාර..
පිස්සි..
අපිට පිස්සු තමයි ඉතිං..
ඔහු ඔවුන් හට සෙවණ දෙන ගස් අතු පතර දෙස බලමින් සිනාසෙයි..
මොකෝ ගස් වලට හිනා වෙන්නෙ…
නිකං…
පිස්සෙක්…
"..රන්තාලිය වැව ළඟ
උන්කාලය මතකද
අතීත මතක අරන්
නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරං.."
රේඩියෝවෙන් වැයෙන ගීතය ඔහුගේ සිත වර්තමානයට ගෙනාවේය.
මතක අස්සේ සරමින් නැවතීමට අවැසිම තැන ඔහු සෙව්වේය. වැව මැද ඇති ගස මතකයේ තිබුණි. එතැනට ඉදිරියෙන්ම වාගේ කාරය නවතාගන්නට ඉඩ ඉතිරිව තිබුණි. කාරය නැවතුවද ගල් ගැසී මෙන් වැව් දිය දෙස බලා උන්නා මිස ඔහු හට කාරයෙන් බහින්නට තරම් හිතක් නොවීය. නෙත් තිබුණේ අරමුණකින් තොරව වැව් දිය මත හැපෙමිනි. මතක තිබුණේ උතුරා යන්නට තරම් පොදි කමිනි.
අවසානය කියන්නෙ අවසානයක්ම නෙවී අවී..
ඔය දාර්ශනික කතා නවත්තගන්න නාදි..
..
මට යන්නම වෙනව.
ඉතිං ඇයි බැරි මෙහෙ මාත් එක්ක ඉන්න.
පිළිතුරක් වෙනුවට ඇගේ මුවින් නැඟුණ මන්දස්මිතය ඔහුව කේන්තියෙහි උපරිමයට ගෙනාවේය .
හැම දේටම විරිත්තල මග අරින්න විතරයි පුලුවන්.
මගෙ අරමුණු තියෙන්නෙ මෙහෙ නෙවෙයි.. ඒත් ඒව තියෙන්නෙ ඔයා එක්ක.. ඔයා නැතිව කිසි දේකින් මට වැඩක් නෑ අවී.. මම කොහෙ ගියත් මේ ආදරේ අඩු වෙන්නෑ ...
බයිල තමයි…
මාව විස්වාස කරනව නං මං වෙනුවෙන් ඉන්න.
ඉන්න.. කොහෙද.. කොතනට වෙලාද…
දැං ඉන්නවට වඩා හොඳ තැනක. මම එද්දි මාව පිළිගන්න පුලුවන් හොඳම තැනකට වෙලා..
එහෙනං ඒකයි මේ… කිව්වෙ නං කොහොමද.. ඔයා එක්කම ඉන්නං.. ඔයා නැත්නම් වෙන කවුරුවත් එපා.. සල්ලි කියන්නෙ හැමදේම නෙවී…
ඔව්… ඒව එහෙමම තමා.
බම්බුව..
මාව තේරුං ගන්න බලන්න. මාව විස්වාස කරන්න බලන්න.
..
මම යනව අවී…
ආයෙත් එනව..
ඔහු ඉවත බලාගෙනම හිඳියි. ඔහුගෙන් යම් වචනයක් හෝ ලැබෙතියි මොහොතක් බලා හුන් ඇය කිසිත් නොලැබම වදනකුදු නොකියා නික්මිණ. නෙතින් ගලා යන කඳුළු වැල් මොහොතකට පිස හැරි ඇය මදකට නැවතී ආපසු හැරී බැලුවාය.. තවමත් ඉවත බලා හිදිනා ඔහු දෙස බලමින් මදක් තාවර වූ ඇය පෙරටත් වඩා වේගයෙන් අඩි තබමින් නික්ම ගියාය.
තෙරෝද රියක් නවතනවාත් ඉන් පසු සැර දමා පිටවනවාත් ඔහුට ඇසුණි. හිත පුරා ඉසිරෙන කේන්තියට ඉඩදී දත්කූරු සපමින් වැව දෙසම බලා උන්නා මිස ඔහු ඒ දෙස වත් හැරී නොබැලුවේය. මෙතුවක් තරම් වේලා ඔහු අත තිබූ, යළි හමුවන දිනය තෙක් ළඟ තියාගන්නැයි දුන් සමරුව දෙස මොහොතක් බලා උන් ඔහු එය වේගයෙන් වැවට වීසි කලේය. වැව් තලයට ඉහළින් ඇදී ගිය එය වැව මැද හරියට වෙන්නට දියට පතිතව ගිලී ගියේය. වැවට පතිත වන්නට මොහොතකට පෙර ගුවනේදී විසිරී ගිය කඩදාසි ඇමුණුමක් දිය මතට වැටී පාව යනවා ඔහුට නොපෙනුණ තරම් ය.
කාරයෙහි දොර විවර කළඔහු දකුණු පය බිම තමා බහින්නදැයි නැද්තැයි මදක් තාවර වූයේ නැවත වරක් වැවට උඩින් පෙනෙන ඇතුගල පැත්ත බලා හිඳ හිතට දිරි ගන්නාක් මෙන් බරැති හුස්මක් පිට කර නැගී සිටියේය. දොර වසා දමා වැව දෙසට පිය මැන දෑත් කලිසමේ සාක්කු වල රුවා වැව දෙස බලා හිදින්නට විය.
වසර ගණනාවකට පසු ඔහුගේ ප්‍රියතම දර්ශනය සුළු සුළු වෙනස්කම් කිහිපයකින් යුතුව වුවද පෙර මෙන් මනරම් ව ඔහු ඉදිරියේ දිගහැරී තිබේ . පෙර දුටු සුන්දරත්වය ඔහුට නොදැනෙන තරම්ය. බොහෝ දේ වෙනස් වී තිබේ . ඔහුද ඇතුළුව..
ඇවිලෙන මතක ගින්නේ වේදනාව හෑල්ලු වන්නට මෙන් බරැති හුස්මක් හෙලා ළය සැහැල්ලු කොටගත් ඔහු ආපසු හැරුණි.
නුදුරු සිමෙන්ති බංකුවක වාඩි වී සිටි රුව දුටු ඔහු උන්තැනම ගල් ගැසී නැවතිණි.
මොහොතකට දෑස් යුගල් එකිනෙක වෙලී තත්පර විණි.
අවී…
…
එය නිශ්ශබ්දතාවයේ මොහොතක් විය. ඇස් අබිමුවම අකුණු සරයක් පුපුරා ගියාක් මෙන් ඔහු ගේ දෑස් නිලංකාරව ගොස් තිබුණි. නැත ඔහු කෙදිනකවත් ඇයව යළි හමු වන්නට ප්‍රාර්ථනා නොකළේය. මෙතැන දී නම් කෙලෙසවත් නොවේ. එවන් වේදනාවක් දරාගන්නට ඔහුට හැකි යැයි ඔහු නොසිතුවේ ය. ඇය හඬ අවදි කළාය.
මොකද නිකං පුදුම වෙලා වගේ..
මෙච්චර කාලෙකට පස්සෙ මාව දැක්කම සතුටු නැද්ද..
ඒ වදන් ඔහුගේ හදවත හාරා දැමුවේය. කියන්නට බැරි තරම් වේදනාවකින් ළයම පුරවා දැමුවේ ය. ඇගේ නෙත් කැල්ම පෙර මෙන්ම යැයි ඔහුට සිතුණි. ලොවම නැවතී ඇතැයි ඔහුට දැනෙන..සියවසක් යැයි හැගුණ මොහොතකට පසුව ඔහු දෙතොල් වචන මිමිණීය..
න්න්..නාදි..
ඔ..ඔයා..
ඇය ඔහු දෙසම බලා උන්නීය..
සිය පළමු සේම එකම පෙම්වතා ඇය ඉදිරිපිට සිටගෙන සිටින්නේය. බොලිවුඩ් හෝ හොලිවුඩ් සිනමාවක නැවත හමුවීමක් තරම් වත් ප්‍රේමණීය ආහ්ලාදයක්,විස්මයක් නැතිවම.
හායි.. No Hug..? No Kiss..? Even a Single happy lovely Surprised smile..?
හා...යි..
එය දුර්වල ප්‍රතිචරයක් විය.
ඔයා ඉස්සර වගෙමයි.. පොඩියක් වත් වෙනස් වෙලා නෑ..
ඇය මන්දහාස නගමින් ඔහු දෙස බලා සිටියාය..
මම.. මම..
මං දන්නව.. බැන්ඳ නේ…
ඔ..ඔව්..
ඔයා..
මම දන්නව. හැමදේම.
මට ඔයාව එක පාරක් බලන්න ඕන වුණා..
ඔයා කොහොමද දන්නෙ මම අද මෙතනට එයි කියල…
අලුත් ප්‍රමෝෂන් එක බාරගන්න කලම්බු යනව නං ඔයා යන්න ඕන මෙතනිං.. මම ගෙස් කලා පොඩි හරි මතකයක් තිබුණ නං මෙතනට එයි කියල..
ඔයා... කොහොමද ...
මම කලිනුත් කිව්ව වගේ.. මම දන්නව..
ඈ ඇතුගල දෙස බලා ශෝකාකූල මදහසක් නැඟුවා ය. තත්පර කිහිපයකට පසුව තමාටම කතා කරගන්නාක් වන් මන්ද්‍ර මුත් ළගන්නා ස්වරයකින් කතා කරන්නට වන්නීය.
ගෙවුණ අවුරුදු දහයටම එක දවසක් තිබ්බෙ නෑ. ඔයාව මතක් නොවුණ. මම හැමදාම බලං හිටිය ඔයා මට ලියයි කියල. ඔයා එක්ක කතා කරන්න, ඔයාගෙ එක වචනයක් අහන්න මම කොයි තරං ආසාවෙන් ද හිටියෙ. අන්තිමට මට ආරංචි වුණා මං ගිහිං ටික කාලෙකින්ම බැන්ද කියල. ඊට පස්සෙ මම තීරණය කලා එහෙ නවතින්න. මම ආවෙ මමාගෙ මළ ගෙදරට විතරයි. ඒත් මට මෙහෙ ඉන්න එකේ වේදනාව දරාගන්න බැරිවුණා. ඉතිං මම ආයෙම ගියා. ඒකෙන් මගෙ ඩඩා සෑහෙන්න විඳෙවිව. ස්ටඩි ඉවරවෙලත් කාලයක් ගියා මට ලංකාවට එන්න හිත හදාගන්න. ආපහු ආව කියල මට ඉතුරු වෙච්ච කිසි දෙයක් නෑ. මම දන්නව ඔයා මං ගැන හෙව්වෙ නෑ කියල. අඩු ගාණෙ චතූව මූණටම හම්බෙලත් ඔයා එයාව මගෑරල ගියෙ ඒ තරමටම ඔයාගෙ හිත ඔයාට බර වුණ හින්දද නැත්තං මම නිසාද..??
ඇගේ සෘජු මෙන්ම ස්ථිරසාර බැල්ම ඔහුගේ මුහුණ හරහා වැටී තිබුණි. ඔහු ගොළුව උන්නේය.. සිදුවූ අහම්බයෙන් ඔහු අනාථව ගියාක් මෙනි.
නාදි…
ඔයා ගියාට පස්සෙ ගොඩක් දේවල් සිද්ධ වුණා… ඒවගෙන් මම සෑහෙන්න අසරණ වුණා.. මට කරන්න දෙයක් තිබුනෙ නෑ. ඉතිං මට සිද්ධ වුණා චන්දු ව කසාඳ බඳින්න. මගෙ ප්‍රශ්න වලට තාවකාලිකව හරි උත්තර හොයන්න.
ඔහුගේ කඩහඬ ව්‍යාකූල වී තිබුණි. සිත මෙන් මුවද වේවලන්නාක් වැනි ස්වරයකින් ඔහු කතා කරගෙන යන්නට විය.
මට ඔයාට කතා කරන්න ඕන වුණා. ඒත් මම දැනං හිටියෙ නෑ චතූ ඉන්න දිහාවක්.. මං ළඟ ඔයාව කන්ටැක්ට් කරගන්න කිසිම දෙයක් තිබ්බෙ නෑ. ඔයා මට දීල ගියෙත් නෑ…
මො.. මොකද්ද..
ඇගේ වත ක්ෂණිකව රතුව ගියේ, මෙතෙක් වේලා ගලක් සේ සිර කොට සිටි හැඟීම් පුපුරා ගියේය.
මම යන්න කලිං මේ මෙතනදිම දුන්න මම මතක් වෙන්න කියල දෙයක්.. ඒකෙ තිබ්බ ලියුමක්.. මම හැමදේම ලිව්ව දවස් ගාණක් අකුරෙන් අකුර ගලප ගලප.. මට ඕන වුණේ ඔයාගෙ හිත හැදෙන විදියෙ දෙයක් ලියන්න.. ඒ වගෙම මට ඕන වුණේ ඔයා ඒක හොයාගන්නව දකින්න. ඒකයි මම මොනවත්ම නොකිය ඒක ඔයාගෙ අතට දුන්නෙ.. අද වෙනකං ඒ කඩදහි කොලේ දැක්කෙ නෑ කියලද ඔයා මට කියන්න හදන්නෙ..
බුල් ෂීට්…
ඇගේ කෝපාන්විත ස්වරය ඔහුගේ දෙවසන් පාරා දැමීය..
දෙවියනේ…
ඔහු දෑතින් හිස අල්වා කොණ්ඩ ගස් දෑගිලි තුඩින් ඇද ගත්තේය..
ඒක… ඒක…
ඔව්.. ඉතිං ..
ඇය ඔහු දෙසට නෙත් යොමා සිටින්නීය.. ඈ වත කෝපයෙන් රතුවී ගොසිනි. ඔහු සිය නෙත් වැව් තලය දෙසට යොමු කළේය ..
ඔයා කියන්නෙ ඒක විසිකරල දැම්ම කියලද..
එදාම.. ඔයා මෙතනිං ගිය ගමන්ම… මම හිටියෙ දුකෙන්.. කේන්තියෙන්.. මාවම මරාගන්න තරං වේදනාවකින්. මම දන්නෑ මට මොනව වුණාද කියල.
ඇය කෝපයෙන් මුත් විස්මයෙන්, ශෝකයෙන් මුත් වේදනාවකින් ඔහු දෙස බලා උන්නාය..
හ්ග්…
නාදි… නාදි.. මට සමාවෙන්න .. මට.. මට සමාවෙන්න…
දෙයියනේ…
සිය දකුණතින් ඇගේ මුව වැසී ගියේ නොසිතාමය…
සිය සවන් අදහාගත නොහැකිව මෙන් මොහොතක් ගොළුව උන් තැනම ගල්ව ගිය ඈ සිය කය සෘජු කර ගත්තීය. සිත දැඩි කරගත්තීය. මුහුණේ මාංශ පේශීන් පවා දැඩිව ගියාක් මෙනි. ඈ ඔහු අබිමුවට ගොස් සිට ගත්තාය.
තමුන් දන්නවද.. මං එදා දුන්න ඒ ගිෆ්ට් එකේ තව මොනවද තිබ්බෙ කියල.
කවදා හරි මම තමුසෙගෙ අතට දාන්න හිතාගෙන හිටිය මුද්ද… ඩඩාගෙන් මමාගෙන් කියල සතයක් ගන්නැතිව මමම හොයල එකතු කරල ගත්ත මුද්ද… කවද හරි මම එනකං ඔය ඇගිල්ලක තියෙයි කියල හීන දැක්ක මගෙ ආදරේ…
අකුණු පිට අකුණු පුපුරන්නාක් මෙන් වූ ඇගේ වදන් වලින් ඔහු ව මහ දවාලේ දැවී යන්නට ඉඩ හරිමින් ඇය නික්ම ගියේ සිය හෑන්ඩ් බෑගයෙන් ගත් ලියුමක් ඔහු දෙසට ගමා ගසමිනි.
ඔහු අතේ සිරව ගිය ලියුම් කවරය දුටු ඔහු එදින සියවන වතාවටත් ඇතුලාන්තයෙන් දැවී ගියේය.
ප්‍රමෝෂන් ලෙටර් එක..….
ම්ම්ම්
ReplyDeleteThis comment has been removed by the author.
Delete"ම්ම්ම්" නරි ඩික්ෂනරියේ නැත. පැහැදිලි කරදෙන සේක්වා!🙏
DeleteA slightly more pensive hmm
Delete😂😂😂😂
Deleteඅඩේ, දෙබස් වෙනස් පාටවලින් දාන්න කිවුවහම ලුමිනස් රෝසපාටින්, ලුමිනස් නිල්පාටින් දාන්නෙපා. ඇස් කඩන් යනවා.
ReplyDeleteසැර් බූරා.. සොරි.. ඒක හදන්නං.. වැඩ වැඩියි මේ ටිකේ. ඊළඟ පාර වත් මේ ටිකේ නැතත්. 😃
Deleteසොරි ලේට් රිප්ලයි එකට 😃
ම්ම්ම්...
ReplyDeleteහුම්ම්ම්..
Deleteසොරි ලේට් රිප්ලයි එකට 😃
අප්පා මාර පට්ට කථාවක්නේ!? ස්කෑන් කරලා කමෙන්ට් ලියන්න බැරි තරම් හැම වචනයක්ම කියවිය යුතු කථාවක්! එළ!
ReplyDeleteස්තූතියි මිස්ටර් තට්ස් 😃😃😃
Deleteසොරි ලේට් රිප්ලයි එකට 😃
අඩෝ...!
ReplyDeleteමං දැම්ම කතා කරනව පළවෙනි ලව් එකට. ඉඳපං...!
කතා කළා. මාර විදිහට, හිතේ තිබුණු අවුල් පිරිසිදු වුණා...
Deleteඋඹේ කතාව ප්‍රායෝගිකව බලපෑව මයියා...
ඩ්‍රැකීගෙ ලව් හැම එකක්ම ලේ නැතුව මැරිලා කියල මම හිතන් හිටියෙ
Deleteඋන්දැ ලේ ඉල්ලන්නෙ අහිම්සක අපි වගේ ගොබිලොන්ගෙන්.😂
Deleteකියවන කොට හිත රිදෙන, ඇත්ත කතාවක්:
ප්‍රේමයයි වෛරයයි අතරේ...
https://hotchocolatedays.blogspot.com/2018/07/blog-post_11.html
නොදකිම්.. ඒකටත් එක්ක අපිට ලැබිච්ච...😞😒
ලිස්සන්නැතුව ඒකට මුහුණ දුන්නනං විරහවෙ අභිමානය විඳින්න තිබුණා...
Delete(ඈ...? ඒ මොකද්ද බොලේ?)
hm....
Delete@ඩ්‍රැක් ඕව හාරාවුස්සන්ට යනේක නං ඇගට ගුණ මදි 😃😃😃 මොනා වුණත් පිරිසිදු සිතින් නෙව. 😃😃
Delete@නමී හැම එකම නෙවී. එකක් බේරිලා ඉන්නව 😃😃😃
@බසූ 😃😃😃 ඉස්තූතියි ලිංකුවට
@ඩ්‍රැක් Hats off 🍻
@නමී.. හුම් හූම්ම්ම් 😂😂
සොරි ලේට් රිප්ලයි එකට 😃
"කුරුණෑගල අහසත් දැන් හඬාවි දුකට රත්තරං"... නියමයි මහේෂ්
ReplyDeleteනමියා කැමතියි වගේ මේවට?🤔
Deletehttps://akurublog.blogspot.com/2019/06/124.html
විරහවෙත් පොඩි ඇතුලාන්තයෙන් දැනෙන රහක් තියෙනවා වගේ නේ බකුස්.
Deleteකො මේ මහේෂ් හාදය? ලියල ලිස්සල ගිහින්වත්ද...
@නමී. කුරුණෑගල එක්ක කලවං වුණ කතා නං කෝටියයි මිත්‍රයා..
Delete@බසූ.. ඉස්තූතිය ඔබටත් එක්කම
@නමී වැඩ වැඩී. බ්ලොගක් කියවන්නත් වෙලාවක් නැති තරං. ස්තූතියි හොයල බලනවට ❤️
සොරි ලේට් රිප්ලයි එකට 😃
හ්ම්........
Deleteහුම් හුම්ම්ම්
Deleteමහා "අතීතයට පිය මනිනු බැරී ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැතී" - එකනම් අපේ ජීවිතවලට හරියටම හරි
ReplyDeleteබොහොමයක් දුරට හරි නේ.. ස්තූතියි අහස්. ඒ වගේම සොරි ප්‍රමාදයට.
Deleteමදෑ මහ රෑ ලයිට් ඕෆ් කරගෙන මේක කියවන්න ආවා ෆෝන් එකෙන්...මේ පාට වල වරදක්ද එහෙම නැත්තං මට ඇස් පේන්නෙ නැද්ද දෙයියනේ...ආයේ එලිය තියෙන වෙලාවක එන්නං බලන්න
ReplyDeleteමගෙ අවුලක් සඳවතී. පුලුවන් වෙලාවක හදන්නම්. වැඩ වැඩී මේ දවස් වල.
Deleteසමාවෙන්ට ඕන
ඒ වගේම සමාවෙන්ට ප්‍රමාද උත්තරයට 🙂
communication gap.. :))) මම නම් පුරුද්දක් විදියට බස් ටිකට් එකක්වත් දෙපාරක් බලන්නේ නැතුව විසි කරන්නේ නෑ.. උඹට කියන්න මට මේ දැන්ම හිතෙනවා කුරුණෑගල වැවේ ඩයිව් කරල හරි අර ටික ආයේ හොයලා කියවන්න.. :)))
ReplyDeleteඔය වගේ තුණ්ඩු කෑලි පර්ස් එකේ පිරිල තියෙනව වෙලාවකට. ඉද හිටල සුද්ද කරද්දිත් එකයි දෙකයි විසිවෙන්නෙ.
Deleteනැද්ද ඒම පුරුද්දක් 😃😃🙈🙈🙈
ස්තූතියි කමී අගය කලාට..
ඒ වගේම සමාවෙන්න ඕන ප්‍රමාද ප්‍රති උත්තර වලට 🙂
සිහි වුණි හින්දි ෆිලුමක එන ආදරය
ReplyDeleteසොඳුරුය- දුක්බරය චුට්ටක් නපුරුත්ය
එක එක වෙසින් එනකොට හරි රසවත්ය
නියමෙට දීල මේ ආදර අන්දරය!
බොහොමයක් තුති මේ අහ ආවාට
Deleteඊටත් වඩා තුති දුක් විඳගන කියවූවාට
ආයෙත් එන්න මේ අහ ගොඩ වදින්නට
නිදිටත් ඇති නේද කතා ගොඩ කියන්නට
සමාවෙන්න ප්‍රමාද ප්‍රති උත්තර වලට
උත්තර නොදී ඉන්නවාට වැඩියෙන් පරක්කු වෙලා හරි ඉඩක් ලද ගමන් මෙහෙම පිළිතුරු දීමත් ලොකු දෙයක් මහේෂ්..... ස්තුතියි!
Delete❤️❤️❤️❤️❤️
Deleteකතාව ගැන කියනව නම්......
ReplyDeleteකියලා වැඩක් නෑ!💚
අන්තිම වාක්‍ය කියවද්දී මගේ හිත කිවුවා,
අනේ!.. කියල.🙁
අන්තිම හරියට එද්දි මගෙම ගොංකමක් මතක් උනා. වැඩක් නෑ ඉතින්. එදා ඒ කෝල් එකට හදිස්සියේ නැතුව නිවිහැනහිල්ලෙ ආන්ස්වර් කරා නම්, නැත්නම් ආපහු පාරක කෝල් එකක් ගත්ත නම් කියල හිතුන. දැන් මොනව කරන්නද?
ReplyDeleteඅර කෙල්ලගෙ හෑන්ඩ් බෑග් එකෙන් ප්‍රමෝෂන් ලෙටර් එක ආපු එක තාම තේරුණේ නෑ නෙව...
ReplyDeleteනිකමට අවන්හලට ආවෙ. ලස්සනයි කතාව. දිගටම යන එකක්ද? නතිනම් අනිත් දවසෙ වෙන එකක් ද?
ReplyDelete