Saturday, June 3, 2017

එයා මැරුණෙ නෑ.

                                              මං යනව... කොහෙ හරි අන්තර්ධාන වෙලා වගේ ඉදල එක පාරටම හුඟ දවසකට පස්සෙ මාව හම්බ වුණ පළවෙනි දවසෙම ඔහු කිව්ව වචනය. ඒත් ඒ ගැන හිතන්නෙ නැතිවම  කොහෙද..? මං ඇහුවෙ එච්චරයි. දන්නෙ නෑ තාම. ඒත්  මාව එක්ක යන තැනට... කවුද.. ? ඔහු හිනාවුණා. ඒක හරි ගුප්ත හිනාවක්.. ඔයාට තේරෙන්නෙ නෑ... ඒත් මං යන්න ඕන.. ඔයාට ඕන මාව අතාරින්නද.. එහෙම ඕන නං කියන්න.. ඔයා වෙනුවෙන් මගෙ හිතේ අනන්ත ආදරේ තියෙනව ඔව්.. ආදරේ වෙනුවෙන් ආදරේ අත්අරින්ඩ තරම් ආදරේ තියෙනව.. ඔයා කවදාවත් තේරුම් නොගත්ත තරං. එහෙනම්... ඔහු මං දිහාවෙ බැලු‍වෙ පුදුම බැල්මක්.. ඒ විදියට මං දිහ කවදාවත් බලල නෑ ඒක මට කියන්න පුලුවන් ඕන තැනක.. අත්අරින්න... ඔහු කිව්වෙ එච්චරයි.

Thursday, February 9, 2017

කදෝකිමි හදවතකි...

නිවි නිවී දිලෙන
තාරුකා අඳුරක ගිලී
කදෝකිමි දහසක් එළි මැද
මතකයන් පා කර හරින්නෙමි

Friday, January 27, 2017

ඉඩෝරයට වට පොද වැස්සක් - අඩා මහත්තයා.

                                   
                             මම ඔබට කියන්න යන්නෙ අපූරු කතාවක් ගැන. කෙනෙක්ට මොන තරම් ස්වරූප වලට හැරෙන්න පුලුවන්ද මොන විදියෙ කෙනෙක් බවට පත් වෙන්න පුලුවන්ද කියල පෙන්නන අපූරු කතාවක් ගැන. ගුරුවරයෙක් විදියට ඉස්සරෝම පත්වීමක් ලැබෙන්නෙ දුෂ්කර සේවයට කියල කාටවත් කියන්න ඕන ඇති කියල මම හිතන්නෙ නෑ. ඒත් තමන්ට ලැබුණ දුෂ්කර පත්වීමත් දේශපාලන පළිගැනීම් නිසා අන්ත දුෂ්කර තත්වයේ පවතින පාසලකට යන්න වුණොත් ඒකත් තමන්ගෙ බිරිඳ ගෙ කුළුදුල් දරු ප්‍රසූතිය සිද්ද වෙන්න ඔන්න මෙන්න කියල වුණොත් කෙනෙක්ට මොනව හිතෙයි ද ? ඒත් කිසිම දේකින් නොසැලී හැම දේම මැදිහත්ව දරාගත්ත මනුස්සයෙක් ඒ හැම දේම විඳදරාගෙන පාසලක විතරක් නෙමෙයි ගමකම ජීවිතේ වෙනස් කරනව. තේරෙන විදියට කියනව නං හැම දේම උඩු යටිකුරු කරනව.
Related Posts Plugin for WordPress, Blogger...