Monday, October 4, 2021

එවරෙඩි, එක්සයිඩ්, ලක්ෂපාන, කොස්මෝ, ලූකස්, කෑලි හයේ ටෝච් එක්ක පාට දෙකේ ටීවී


 "..
ඒ ගේ වටේට තිබ්බෙ නං පොල් ගස් ඕං

ඔය එකේක නූල් සූත්තර කොරන්ඩ ගිහිං බැට්ටි බස්සපංකො. රෑට කතාව බලන්ඩ බැරි වුණොත් තමයි වැඩේ..
 "

        ගෙදරට කරන්ට් එක ගන්න කලිං මං අහපු බැණුං ටික මතක් කරල බලන්න පුලුවන් නං ඒ බැණුං වලින් වැඩි හරියකට  හේතුව විදිහට ඔය බැට්ටිය කියන බලවත් පෙට්ටිය තිබුණා. ඒත් ඉතිං කොල්ලො වෙච්චි කොට ඕව අහයිද.. කොල්ලා කොල්ලගෙ වැඩ. මුට දෙයක් කියන කට හොඳයි ගලක උලාගන්නව කියල හිතුව තාත්ත අලුත් එක්සයිඩ් බැට්ටියකුත් ‍ ගෙනාව. එතකොට ගෙදර තිබ්බෙ ලූකස් එකක්. කොහොම කොහොම හරි මාරුවෙන් මාරුවට බැට්ටි දෙකෙන්ම ටීවී බැලුව. එකකින් ටීවී බලද්දි අනික නිකං තිබ්බොත් ඒක සවුත්තු වෙයි කියල එකකට ටීවි එකත් අනිකට රේඩි‍වේකත් වෙන වෙනම ජැක් කරල තමයි තිබ්බෙ. ටීවි බලද්දි ඒකට හයි කරල තියෙන බැට්ටිය ඉක්මණට බහිනව. ඉතිං ඒක බෝරුග්ගමුවෙ හාඩ්ඩෙයාර් එකට ගෙනිහිං චාජ් එකට දාල අනිකෙන් තමයි ඒ දවස් වලට ටීවි බැලුවෙ. 

ඒ තිබ්බ බැටරිය මේ වගේ
        එක බැට්ටියක් තියෙන දවස් වල පුලුවන් තරං අරපරිස්සමින් තමා ටීවි බැලුවෙ. ඒ දවස් වල චැනල් හැට හුට හමාරක් තිබ්බෙ නැතත් තිබ්බ ඒවගෙ බලන්න තරං වටින වැඩසටහන් තිබුණා. කාටුන් එකක් එහෙම බැලුවොත් ඒ තාත්තට හොරෙන් තමයි. ජාතිකේ පිස්සු පූසා, දොස්තර හොඳ හිත එහෙම ඒ වගේ හොරෙන් බලපු කාටූන්. තව සුවාධීනෙ නයිට් රයිඩර් යද්දි චැනල් අයි එකේ ටීම් නයිට් රයිඩර් පෙන්නුව. ආයෙ වයිපර් තිබුණා. නෑදෑයෝ දූ දරුවෝ වගේම ටීඑන්එල් එකේ රාමායණයත් හඬ කවල පෙන්නුව. සත්තර රංගන වගෙම අන්දර වැටත් ඒ කාලෙ බලපුව. ඉන්ගම්මාරුව බැලුවෙත් කලු සුදු ටීවි එකෙන් වුණත් ඒ කොයි කාලෙද කියල නිච්චි නෑ. ඒ දවස් වල රාමායණය එක්ක පයිට් එක්ක පුලුවන් එක්කට තිබ්බෙ කෝපිකඩේ විතරයි. ඒක තිබ්බෙ බදාදට වගේම රාමායණය තිබ්බෙ සෙනසුරාදට නිසා ඒකෙ ගැටලුවක් වුණෙත් නෑ.  මේ ඔක්කොම බැලුවෙ කලු සුදු ටීවි එක්කින් කියල අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ. ඒත් ඇන්ටනාවක් තිබිල වත් සිරස අහුවුණේම නෑ. ටීඑන්එල් එක බලන්න ඇන්ටනාවක් ඕන නැති වුණත් ඒකෙ බලන්න තරං දෙයක් තිබ්බෙ නෑ. අපේ ආසාව වුණේ සිරස බලනෙක. ඉතිං කොහට්ට හරි ටීවි එකක් තියන නෑදෑ ගෙදරක ගියපු දවසක සිරස පේනව නං ටීවියෙක ළඟින් හෙල්ලෙන්නෑ. පස්සෙං පහු කාලෙක පල්ලහ ලැයිමෙ ‍කුරේලැයි දිහට්ට ටිවියෙකක් ගත්තම එහෙට සිරස පෙනුණ. හින්දි ඇම්ම පටං ගත්තෙ ඒ කාලෙ. හැමදාම ඉස්කෝල ඇරිල ඇවිත් හිට් ටීවි එකේ යන හින්දි පිචර් එක්ක බාගයක් බලනව. ‍පුලුවං ඉක්මණින් බස්සෙකෙන් බැහැල දුවල වගේ ගෙදර ගිහිං කටට දෙකට බත්තෙක කාල ආයෙ පල්ලහ ලැයිමට දුවනව ටීවි බලන්න. සමහර දවස් වලට හිට් ටීවි එකේ යනේව ඊට කලිං දවසෙ සුවාධීන එකේ සෙනසුරාද දවල් එකට පෙන්නපුව. සුවාධීනේ මුලින්ම හින්දි පෙන්නුවෙ සෙනසුරාද විතරයි. ඊට පස්සෙ ඉරිදත් පෙන්නන්ට පටං ගත්ත. එතකොට අපි දහයෙ නැත්තං එකොළහෙ. ඒත් කලු සුදු ටීවි තමයි තිබ්බෙ. අරෙහෙම බාගයක් බලපුවගෙ මුල දන්නැති නිසා සමහර දවස් වල මුල ඉදං බලන පිච්චරේක මැදක් යද්දි තමා මේක බැලුවනෙ කියල පත්තු වෙන්නෙ. එතකොට පිචර් එක පැත්තකට දාල බෝල ගහන්න යනව. පයිට් එහෙම හොඳයි නං සනී ඩියෝල්, සුනිල් ෂෙට්ටි ඉන්න එකක් වගේ නං බලපු එකක් වුණත් ආපහු බලනව. ඒ දවස් වල ශාරුක් ලගෙ සල්මන් ලගෙ මූණ දැක්කත් තරහයි. මට මතකයි කුරයගෙ අක්ක දවසක් කියනව ‍මුං වගේ උංටත් රඟපාන්න දෙනවද කියල. ඒ දවස් වල අපේ තිබ්බ මතයක් තමයි පිචර් එකක් පටං ගද්දි දේව රූපයක් පෙන්නුවොත් ඒ පිචර් එක හොඳයි කියන එක. ඒ කියන්නෙ මධුර සටන් ජවනිකා උපරිමයි කියනෙක තමයි.

        ඉතිං ඔහොම එක පාරක් චාජ් කරල ටික දවසක් බලනකොට බැට්ටිය බහිනව. බැට්ටිය බහිනව කියල අපි හොයාගන්නෙ අඟල් 14 කලු සුදු ටිවි එකේ හතර කොණින් කළු පාට තීරුවක් ඇවිත් පිංතූර පේන කොටුව කුඩා වෙන්න ගන්නව. මෙහෙම තිරේ කුඩා වෙන්න පටං ගන්නෙ දවස් තුනකට කලිං විතර ඉදං. එතකොට අපි දන්නව බැට්ටිය බහින්න තමා යන්නෙ කියල එතකොට අකමැත්තෙන් වුණත් රේඩි එක අහනෙක වගේම තාත්තට හොරෙන් බලන කාටුනුත් නවත්තල දානව. නැත්තං ඒ බැණුං නවතින්නෙ ආයෙ බැට්ටිය චාජ් කරල ගෙනාව දවසට. මතක විදිහට බැට්ටියක් චාජ් කරන්න රුපියල් තිහක් නැත්තං හතලිහක් ගත්ත.  ඉතිං හවසට තාත්තල ටීවි බල‍නකොට අපිත් ඉඳගෙන මොනවත් දන්නෑ වගේ බලං ඉන්නව. ඒ බලද්දි ඔන්න බැට්ටිය බහින්න යන්නෙ කියල පේන්න ගන්නව. බැට්ටිය බහින්න යනව කියල ටීවි එකේ තිරේ පෙන්නද්දි අපි ටීවි වහල පාඩුවෙ හිටියොත් ඊළඟ පාර ටීවී එක දාද්දි ටික වෙලාවක් යනකං ටීවියෙකේ මුළු තිරේම පෙන්නල එක පාරටම කොටුව පොඩි වෙනව. එතකොට තාත්තලට අපිට බයින්න බැරි වුණත් ඕං හරි කියල බැණ බැණ නැගිටල යනව. හුඟක් වෙලාවට තාත්ත ඉඳ ගන්නෙ බත් එකත් අතේ තියාගෙන හිංද ඒ වෙලාවට අපිට ගුටි කන්න වෙයි කියල බයකුත් නෑ.

අපේ තිබ්බෙ කොස්මො එකක්

        ඔහොම බැට්ටිය බැස්සම චාජ් එකට ගිහිං දැම්මම චාජ් වෙන්න දවස් තුනක් විතර යන නිසා ඒ දවස් වලට එයාලට හිතට අල්ලපු හොඳ කතා තිබුණොත් කන් දෙක වහගෙන තමා ඉන්න තියෙන්නෙ. ඒ දවසකට රාමායණය එහෙම තිබ්බොත් ගමෙන් බාගෙකට වඩා අයගෙ කතන්දර අහන්න වෙනව. මොකද ඔය රාමායණය යන දවස් වල ටීවියෙකක් තිබ්බෙ අපේ ගෙදර විතරයි. එහෙම රාමායණය යනකොට අපේ බැට්ටිය චාජ් එකට දාල තිබ්බොත් සමහර විට කාගෙ හරි ගෙදරක තියෙන බැට්ටියක් උස්සං එනව. ඒ බැට්ටි වලිං රේඩිවෙක අහනව මිසක් වෙන වැඩක් නොකෙරෙන නිසා හුඟක් වෙලාවට ඒවගෙ චාජ් එක තියෙනව. නැත්තං කිරියම්මලෑ ගෙදර තියන බැට්ටිය උස්සං ඇවිත් බලනව ඒ දවසට. එදාට අත්ත තමයි පරල වෙන්නෙ. එහෙම දවසට කවුරු හරි බැට්ටිය ආපහු ගෙනිහිං දෙන්න බාර ගන්නව.

        රේඩිවෙක විතරක් මුලිංම තිබ්බ ගෙවල් වලට ටීවියෙකට කලිං ආවෙ බැට්ටිය. බැට්ටියක් ගේන්න කලිං ඇහුවෙ ලොකු බැට්ටි කෑලි හය හතක් රේඩිවෙකේ පිටිපස්සට ඔබල. ඉස්සරෝම තිබ්බෙ රතුපාට එවරෙඩි බැට්ටි කෑලි. ඊට පස්සෙ තමා කෑලි හයේ ටෝච් එකේ පුරෝපු නිල් පාට ලස්සපාන බැට්ටි කෑලි ආවෙ. ඒ දවස් වල හැම ගෙදරකම පොඩිඋංගෙ සෙල්ලං බඩු ගොඩේ අනිවාර්යෙන් තිබ්බ දෙයක් තමයි ඔය ලොකු බැට්ටි කෑලි. කෑලිහයේ ටෝච් එකත් එක්ක ආව නිල් පාට බැට්ටි කෑල්ලෙන් වෙච්ච තවත් වෙනසක් තමා රතුපාට එවරෙඩි බැට්ටිකෑලි ටිකෙන් ටික අතුරුදහන් වෙන්න පටං ගත්තෙක.  පෙන්ටෝච් බැට්ටි කෑල්ලක් එහෙම තිබ්බෙ ගෙදර ඔරලෝසුවට විතරයි. ඊට කුඩා එක නං දැක්කෙ ඉස්සරෝම ඉස්කෝලෙ රිමොඩ්ඩෙක්ක මතක විදිහට.

        රේඩියෙක අහං ඉන්නකොට බැට්ටිය බහිනව කියල බලාගන්නත් අපිට අපූරු විදිහක් තිබුණ. ටීවි එකේ තිරය හතර වටිං කළු වෙලා පොඩි වෙනකොට බැට්ටිය බැස්ස කියල තේරුණත් රේඩිවෙකේ එහෙම පෙන්නන්ට එකක් නෑනේ. ‍රේඩිවෙක අහං ඉන්නැද්දි ඒ වෙලාවට යන සිංදුව කියන කෙනා හරි කතා කරන නි‍වේදකය හරි එක පාරටම වචන ගිලින්න පටං ගන්නව.

ආයු..වන්.. න්ධ්‍ය වුත්ති.. කාශය රම්‍යා ‍..සේකර. ශීර්..පාඨ..

        ඒ වගේ. රේඩිවෙකත් අහන්න බැරි තරමට බැස්ස බැට්ටියකින් ටීවි එකක එළියක් වත් පත්තු වෙන්නෑ. ටික කාලයක් යද්දි හැම ගෙදරකම නැතත් එක ළඟ තියන ගෙවල් වලින් එක්කට වත් ටීවි එකයි බැට්ටියයි ආව. ඒ අතරිං සමහරක් ගෙවල් වල බැට්ටියෙන් පත්තු වෙන පොඩි පහේ ටියුබ් ලයිට් එකක් නැත්තං දෙකකුත් තිබුන. ගෙදරට කවුරුහරි අමුත්තෙක් ආවොත් විතරක් පත්තු වෙන ඒ ලයිට් එකෙන් පෙන්නුවෙ අපිටත් ලයිට් තිබ්බ නං කියන අහිංසක ආසාව මිසක් වෙන මහන්තත්ත කමක්  නෙවෙයි කියල අද මට හිතෙනව.

         මහ බරසාරෙට තිබ්බ පොල් වත්තක් මැද්දෑවක හිටපු අපිට කරන්ටෙක දෙන්න ආණ්ඩුවට වත් ඒ වත්තෙ අයිතිකාර මහත්තැන්ල වත් කැමැත්තක් තියෙන්න නැතිව ඇති. පස්සෙ කාලෙක අපි හිටිය තැනින් පල්ලහට ඇවිත් ගේකුත් හදාගෙන පාර අයිනෙංම වගේ පදිංචි වුණත් ඒ හරියටත් කරන්ටෙක දෙන්න සෑහෙන්න කල් ගියා. ඒ කරන්ටෙක ඇවිල්ලත් ගෙදරට කලඩ් ටීවියෙක්කුයි හොද සද්දෙ තියන ඕඩියෝ සිස්ටම් එක්කුයි ගන්න මට ඒ ලෙවල් ඉවරවෙනකං ඉන්න වුණා.

 

මෙහි ඇති සියළුම ඡායාරූප අන්තර්ජාලය මඟින් සොයාගත් ඒවාය. එම ඡායාරූප වල හිමිකම ඒ ඡායාරූප වල අයිතිකරුවන්ටය. 


56 comments:

  1. එළ කිරි සුපිරි අතීතයක්! මහ රෑට; කොල්ලුපිටියේ ලක්ෂ්මන්ස් එක ලඟ පාර අයිනේ තිබ්බ කඩෙක දාලා තිබ්බ ටි වී බලපු අපිත් එක්ක ගත්තාම උඹලා හොඳයිනෙ මල්ලී!

    ReplyDelete
    Replies
    1. අපි ඒම මැච් එක බැලුව පොල්ගහවෙල පල්ලහ ටවුමෙ සිංගර් එක ඉස්සරහ.
      එච්චරම සුපිරියි කියල හිතන්න බැරි වුණත් නිදහස් කාලයක්. හැබැයි දුක් සංසාරයක්. ඒ වගෙම සැහැල්ලුවත් තිබ්බ. මං කියන්නෙ අපි ගැන නෙවී. තාත්තල වුණත් ලොකු දේවල් හිතුව මිනිස්සු නෙවී.
      අනේ මංද 😒😒😒

      Delete
    2. දුක් සංසාරයක් එක්ක සැහැල්ලුවක්...
      ඉස්සර

      එතකොට දැන් කෝමද

      Delete
    3. දැං දුක් සංසාරයක් එක්ක මහ බරක්.. ජීවිතේ වෙනස් වෙන්නෙ හරි පොඩියට

      Delete
    4. මහ බරක් කීවම සෑහෙන වෙනස් වෙලානෙ.

      ඒකියනෙ නිකම් කැලේ මාරු කරාට කොටියගෙ පුල්ලි වෙනස් වෙන්නෙ නෑ වගේ දුක නම් ලොවෙත් තියෙනවා කියන එක නෙහ්😑

      Delete
    5. ම්ම්ම්ම්.... 😒😒😥😥😥

      Delete
  2. හුට්ටප්පර ජබර රබර, ඔය යන්නෙ එක්ස්ප්‍රස් කොච්චිය වගේ.😂🤣🙏🦉

    පලමුව වැට.
    ++++++++++++++++
    හා, දැන් කියවමු. ප්‍රාජේ ගෙන් තමා ඉගෙන ගත්තෙ.😊

    ReplyDelete
    Replies
    1. බස්තුමාගෙන් මං ලිස්සීම ඉගන ගත්ත නිසා මාත් ඉතිං වැට කියල දුන්නා

      Delete
    2. වැට ගහල ඉතිං ඕක උඩට වෙලා ඉන්න එපෑ. ඒ වගේද ලිස්සිල්ල, ලයිෆ් සේවින් ක්‍රමවේදයක් නොවැ?😁

      Delete
    3. @බසූ.. ප්‍රාා ගෙ වැට ගලවන්ඩ ඕන. මේක හරියන්නෑ. 🙈🙈🙈

      ප්‍රා & බසු කියන්නෙ තකට තකද 😃😃

      @ටොමී ඉඳලාම දංවැල කඩාගන්නව නෙහ් 😂😂

      Delete
    4. දම්වැල් නං දාන්න ට්‍රයි කලා. හුහ්, එව්වා කොහෙද, මම දුන්නා හුරේ රන් එක. ඔය ප්‍රාජේ සෑර් හිතහොඳ මනුස්පයා කියල බොක්සරයා තමා කිව්වෙ. ලඟට වෙලා කූං,කූං ගෑවම ටොනික් මූඩියෙන් හීනියට සොට් එකකුත් දෙනව කියන්නෙ.

      Delete
    5. හෙහ්.. තාම ඒ අහ යන්න බැරි වුණා නෙව. කීප වාරයක් ආරාධනා නම් ලැබුණ. කොහෙද කම්මැලි කම ලොකුයිනෙ ඔක්කටම වඩා 😃😃😃

      Delete
  3. කියන්න වචන නෑ, එච්චරම රහයි. ඇස් යාන්තමට තෙමී ගෙනත් ආව, අතීතය මතක් වෙලා. මේක නං ගොයියො, මම තව කීප සැරයක්ම, කියවන්න විතරක් එනවා, කමෙන්ට් වලිබ් වලට අමතරව.

    හා, දැන් බැහැපං කරෙන්.🤣
    තාමත් කියන්න තියෙන්නෙ, දාල තියෙන දුප්පත් පිංතූර මේ අපූරු කතාවට කරන අපහාසයක් කියලයි.😊 අකමැත්තක් නැත්නම්, මම හොයන්නද පිංතූර ටිකක්? පොස්ට් එක පබිලිස් කලාට පස්සෙ, එඩිට් කරලා පාඨකයා අනාත කරන්න එපා කියල, බුරා පස් පඩංගුවෙ බැන්නා. හහ්, අපි නං බයවෙයි ඔව්වට?😊

    ReplyDelete
    Replies
    1. මම වැරදි වෙන්නත් ඇහැකි? පිංතූර අදාලයි තමා, ඒත් මට මොකක්දෝ අඩුවක් දැනෙනවා.

      Delete
    2. මෙතනින් ගන්න යමක් තියේද බලන්න?
      https://www.google.ca/search?q=village%20sri%20lanka&tbm=isch&tbs=rimg:Cb2htcPdGZ49YcIrL_1dWURHQ&hl=en&sa=X&ved=0CB0QuIIBahcKEwjIx-mR5a_zAhUAAAAAHQAAAAAQCQ&biw=1519&bih=726

      Delete
    3. හා හා ඕං.. කරෙං බැස්ස ඒනං.. 😃😃😃
      ඒත් තාම උඩ ඉතිං...
      මං කියල නෙව තියෙන්නෙ මට පිංතූර හොයන්නයි මාතෘකා දාන්නයි එපාම කරපු වැඩක් කියල 😂😂

      ඔන්න ඔයැයි කිව්ව තැනිං එකක් ඇරං එබුව හිටං 😃😃

      Delete
  4. ඔහේල බැට්ටියෙං බැලුවට අපිට කරන්ටෙක තිබිලත් අවුරුදු ගානක් යනකල් ටීවීයෙකක් තිබ්බෙ නෑ. ඔය කියල තියෙන මගුල් වගේම නන්දන වින්දනත් බැලුවෙ මේ ළඟ පාත තිබ්බ හෝටලේක තිබ්බ අඟල් 12 ටීවීයෙකකින්. ඒ කාලෙ තිබ්බෙ ජාතිකෙයි, අයීටීන් එකයි විතරයි. අපේ ගෙදරට 17 කළුසුදු එකක් ගෙනල්ලත් ගොඩක් කාලෙකටපස්සෙ තමයි MTV පටං ගත්තෙ.
    කාලයක් ඔය අලුතෙන් එන චැනල් අල්ලන්න එකේක ජාතියෙ ඇන්ටනා හැදිල්ලත් මම කළා.
    ඊට පස්සෙ නානාප්‍රකාර ටීවී ගත්තත් අද වෙනකොට අපේ ගෙදර ටීවීයෙකක් නෑ කියහංකො ඉතිං.

    ReplyDelete
    Replies
    1. අඟල් 14ක් නෙවීද.. 17 ඒව තිබ්බද මීටර් නෑ ඕං. අර කොස්මෝ තඩියක් තමා තිබ්බෙ පැත්තෙ තියන කෑල්ල කට කටස් ගාල කඩන එක තමා ආතල්ම 😂😂😂

      MTV නං බලාගන්නම බැරිවුණා 😃
      ඇන්ටනා ගැන නං කතා සංසාරයක් ලිව්වැකි ප්‍රසා...

      කරන්ට් එක තිවිලත් ටීවියෙකක් නෑ කිව්ව. දැං නං අපේ අහත් ඒ වගේ. 😃😃

      ආපහු දකින්න ලැබීම සතුටක්.

      Delete
    2. 14 නෙමේ 17. සිංගර් එකක්.
      දැන් ඩෑලොග් ඩෙකෝඩරේට මොනිටරයක් හයිකරල තමයි බලන්නෙ.

      Delete
    3. හුම්ම්.. ඔහෙයි ටෙක් ගැජට් පප්පා නෙහ් පොඩි පහේ උපදෙසක් කාරිය ඕන කරල තියේ එන්නං බුකිය හරහා

      Delete
  5. අර ඇම්පියර් 120 බැට්ටියක්නං ටීවී බලන්න ගනී කියල හිතන්න බෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔය පාට ඔය හැඩ තිබ්බට ඔච්චර දිග නෑ. ඕකෙ කොට එක. ඕක නං ස්කැමල් වලට කපල් කරන එකක් නේ 😃😃😃

      Delete
  6. සුරංගම්ල්ර් ගෙ යාං හෑල්ල මතක්වුනා

    ReplyDelete
    Replies
    1. https://yanhella.blogspot.com/2018/12/drawings-tapes-1.html

      Delete
    2. මගේ ෆේවරිට් "කචල් පැන්ටා"
      \https://yanhella.blogspot.com/2015/12/blog-post.html

      Delete
    3. ප්‍රා.. සුරංගයියගෙ කොලිටියට ගන්න නං තව සෑහෙන කාලයක් යාවි ඉතිං. ස්තූතියි 🙏 🙏

      බසූ... සුරංගයගෙ නරකයි කියන්න පුලුවන් එකක් තියේායැ නැද්ද හා.. 😃😃

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මට නං හිතුනෙම මහේෂ්ට බැරිවෙන එකක් නෑ කියලයි. අනිත් අයට මන්දා, මම නං කතාවට "ප්ලග්" වෙලා, ඒ කාලෙටම ගියා.:). ඒක මට විරල අත්දැකීමක්.😁

      ඒ මටත් ඔය වගේම දුප්පත්, ගැමි අතීතයක් තිබුන නිසාද මන්දා?
      ජාතිකෙයි,සිරසෙයි බකුසු අඩි සලකුණු තියන නිසා. බස්සො යන්නෙ පය බුරුලෙන් තියලයි.😂

      සුරුස්.....

      Delete
    6. ඒකට කියන්නෙ සහෘදත්වය ලු 😃😃😃
      අපි හුඟ දෙනෙක් බිංදුවට ටිකක් උඩිං පටං ගත්තු උදවිය නෙව. නැද්ද 🙂🙂

      ඒ අඩි සලකුණු මොනවද කියල හොයාගන්ට ඕන බලන්ට 😃😃😃

      Delete
    7. දැන් බ්ලොග් පෝස්ට් වැඩි වෙලා, කස්ටිය නන්නත්තාර වෙලාද කොහෙද? පිස්සො වගේ එහෙට, මෙහෙට දුවනවා :)

      අර ගුලි කාපු බලු නයිදෙ කොහොමද කියල මට දැන් හිතා ගත්තෑකි.:)

      Delete
    8. හෙහේ.. කට්ටිය ලියනව හෝ ගාල පරණ අය අලුතෙන් ලියනව අලුත් අය මරුවට ලියනව. ජයි හෝ
      මේ පැත්තෙත් ගියා නං


      https://maanawa.blogspot.com

      Delete
  7. හොඳයි... හොඳයි... මහේෂ්, තව කොහේ හරිත් මේක දැම්මද? මට එහෙම හිතෙන්නේ ඇත්තටම අතීතේ එක්ක ඒ තරමටම ටැපලිලා නිසාවත්ද?

    ReplyDelete
    Replies
    1. නෑ නේ.. මේ මේක ලිව්වමයි සහ දැම්මමයි.
      අතීතෙන් ගොඩ එන්න බැරි තරං පැටලෙන වෙලාවල් නං අනන්තයි. නැද්ද

      Delete
    2. මේක ඔබෙත්, මගෙත් ලමා කාළය විය හැකියි, නිදි. කලින් දැක්කා වගේ හැඟෙන්නේ ඒ නිසා වෙන්නත් පුළුවනි.

      Delete
  8. ආව වෙලාවේම දැකල ආවේ පොත මාක්කොරන්ට. කියවල එන්ටම් mahesh..

    ReplyDelete
  9. ඔව්වයින් අර බළල පයින බැස්ටි ජාතිය නං හොඳයි.

    ෂර්, ඔයිටත් කලින් තව තඩි බැස්ටි ජාතියක් තිබුන රේඩියෝ වලට දාන, මට මතක විදියට වෑල් රේඩියෝ වලට.ඩ්‍රයි සෙල් බැටරි කියලයි කිව්වේ. පෙනුමෙන් https://swling.com/blog/wp-content/uploads/2015/02/Volton-Battery.jpg වගේ. බස්ටිය බැස්සම දවාලේ හොඳට අව්වේ තිබ්බම ටිකක් චාජ් වෙනවා. පස්සෙං පහු ට්‍රාන්සිස්ටර් රේඩියෝ ආවම නං පොඩි බැස්ටි තමයි දැම්මේ.

    මතකද මන්ද ඒ කාලේ දෙමල මීටරේ යනවා, රෙන්ඩු බෑන්ඩ් සිරුල් කදිර් සුසුකි රේඩියෝ!, සුසූ..කී ට්‍රාන්සිස්ටර් රේඩියෝ, සිරුල් කදිර් කොම්පැනි, කොලම්බු. ටිං ටිං!


    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. හෙහ්,හෙහ් බළල පනින බැස්ටි ජාතිය. පට්ට...👌🤣

      //සිරුල් කදිර් කොම්පැනි, කොලම්බු. ටිං ටිං!// අම්මපා මුං මේවා ඔබේ-බටේ වත් සංරක්ෂණය කොලේ නෑ නෙව?🙏👌😢

      Delete
    2. ඔය එවරෙඩි පූස වගේ කියන කියමනකුත් ආව නේද? එතකොට කෑලි හයේ බැස්ටිය කියල කිව්වෙ පත ටෝච් එකකට. අර ඩ්‍රැකිය නයාට පත බාන්නෙ ඒකෙන්.

      "දෙන්නම් බැස්ටිය" කියන එක ආවෙත් ඒකෙන් වෙන්න බැරිත් නෑ.🤔 අපි ඔය බැහැපු බැස්ටි ගලවල, විශ්ලේෂනය කරල තියනවා. මැද තියෙනවා කාබන් කූරක් - මෙටල් තොප්පියක් දාගත්ත. ගමේ නවනිපැයුම්කරුවො, ඔය කූර දෙහි ඇඹුලෙන් උරච්චි කරලා පාවිච්චි කල කතාවකුත් අහල තියනවා.

      Delete
    3. අනේ උගේ ටෝච්චෙක. ඕකා නු.ප.පා.ස.කො. උනාට බැට්ටි කෑල්ලක් ගන්න සල්ලි නෑ.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  10. ආං අටමත් පෝස්ට් කොටයක් ලියලා , ඒත් රහයි. වරදක් කියන්නත් බෑ නොවැ, මුට්ටිට දාලා බලාන්ට එපෑ?

    මේ, මහේෂ්. මේ පෝස්ට් එකත එක්ක අර අයිස්මෝලෙ බූට් සපත්තු දෙක නියමෙට ගැලපෙනවා.😁

    ReplyDelete
    Replies
    1. දුටිමි. කියව්වෙමි. කමෙන්ට් කළ නොහී මළ විද පැමිණියෙමි 🤐🤐🤐🤐

      හී... ඒ පෝස්ටුව මරු... මෑන්ස් කතා සරිත් සාගරයක් 🙈🙈

      Delete
  11. අප්පේ ඒ කාලේ.. කපුවා තිරේ ඈත් කරද්දී දෙයියෝ දිහා බලන් ඉන්නවවගේ ආපු කාලේ අපි ටීවී දිහා බලන් හිටියෙ. කිව්වත් වගේ ගොඩක් අය හින්දි චිත්‍රපටි බලන්න පෙළඹුනේ සිරස නිසා. දැන් හිතෙනවා කට අරං බලපුව මොනාද කියල

    ReplyDelete
    Replies
    1. නමියත් අපි වගේමයි බලං ගියාම 😃😃😃
      ඒත් නමී පරණ ෆිල්ම් අද බලද්දි චොර කියල හිතුණට ඒ කාලෙට සාපේක්ෂව පට්ටයි කියල හිතෙනව.
      අනික බොලිවුඩ් වල රොමෑන්ස් ගතිය දැං පචර් වල නෑ.

      Delete
  12. රූප පෙට්ටිය, දැන් ගෙවල් වල වහලේ නැති උනත් ඔය පෙට්ටි පඩන්ගුව තියේ. මහා අපි දැන් උන්දලට වඩා වාසනාවන්තද මන්ද

    ReplyDelete
    Replies
    1. සිරාවටම. මම කරන රස්සාවත් එක්ක මම යන සමහර ගෙවල් දැක්කම පිස්සු වගේ. මොනව නැතත් ඔය හූනියම් පෙට්ටිය තියේ 😒😒😒😃

      Delete
  13. നല്ല ഓയിൽ പെയിന്റിംഗ്. ഞാൻ ഇത് ജീവിക്കുന്നു.
    byBy Tanjore Painting Artist

    ReplyDelete
  14. You can check out tribal art work too. This website https://tribalartindia.com have a great collection

    ReplyDelete
  15. Vanbros India, Founded in 1952. Designs, builds, and furnishes premium private residences and commercial places for its discerning clients. We respond to your specific aspirations and requirements and balance originality and imagination with professional skills and sound financial management. We are committed to meeting and exceeding the expectations of our clients through our unremitting dedication to every aspect of service

    At Vanbros, we embrace designing ideas and approaches that bring out a sense of luxury and opulence in the space. We bring together superlative creative energy, top-notch composition, high-grade resources, and industry-grade experience to deliver end results that are truly distinctive, with each design conveying a different story.

    ReplyDelete