Thursday, September 30, 2021

ස්ටවුට්, නට්ස් ඇන්ඩ් මෙමරීස්

         

      කට කපා පිරවූ ස්ටවුට් මග් එකක් සහ මික්ස් නට්ස් ඩිෂ් එකක් යනු මොනවාම හෝ කුරුටු ගාන වෙලාවට හොඳම උත්ප්‍රේරකයක් බව මගේ අත්දැකීමයි. ගෙදර රැදෙන වෙලාවට කෙසේවෙතත් කාර්යාලයේ රැයක් පහන් කරන්නේ නම් ස්ටවුට් එකක් සමඟ කට ගැස්මට රටකජු ඇටයක් හෝ සපනාතර මොනවාම හෝ කුරුටු ගෑම පුරුද්දකි. එහෙත් මා ලියනා සෑම දෙයම මා වියුණුවේ  හෝ මුහුණු පොත් අවකාශයේ හෝ පළ නොවන නිසා ඒවායේ එකම රසිකයා ද ව්වේචකයාද කර්තෘ වන මම ම වෙයි. අඩුම ගාණේ මා ලියනා සෑම සියලු දේම කියවීමට ප්‍රිය මාගේ ප්‍රියාදර  බිරින්දෑ හෝ මගේ නිර්මාණ බහුතරයක් කියවා ඇති එකම මිතුරිය හෝ කවදාම හෝ දකිතැයි නොසිතන ඒවා සුරැකෙන්නේ බොහෝවිට මම හෝ නැවත විවර කර නොබලන ගූගල් ඩ්‍රයිවයේ ඇති ෆෝල්ඩරයක ය.  ස්ටවුට් වල ඇති කර කෝපි රසයට දිව හුරුවී ඇති සේම ලියනා සෑම දෙයම සඟවන්නටත් හිතේ ඇත්තේ අරුම කැමැත්තකි. ඒ ස්ටවුට් රසයට ප්‍රිය අයෙක් සිටින්නේ කලාතුරකින් සේම ලියන දේ සඟවා තබා ගන්නට කැමැත්තවුන් සිටින්නේද කලාතුරකින් වන නිසා බව සිතමි.

        අයිස් කූල් ස්ටවුට් උගුරු කිහිපයක් ආමාශගත වන්නට යන කාලය අතර තුර කැහ් කැහ් කැහ් ගාමින් පණගැන්වෙන්නට යත්න දරණ කබල් එන්ජිමක් සේ පරණ මතක එකින් එක එළියට එන්නට වලිකන්නේය. බොහෝවිට ඒවා නවතින්නේ අකුරු වෙනවාට වඩා සුපුරුදු මතක ගුහාවේය. එහෙත් ඉඳ හිටක සැඟව යන්නට බලාගෙන අකුරු වන මතකයො නැත්තේද නොවේ. ඉදින් වැඩි හදිසියක් නැති වැහි වළාවක් හෙමි හෙමින් අහස වසා ගන්නා විට සීතල සුළං දහරාවක් විත් වැස්ස ළඟම එනවා ලෑස්ති වෙයන් කියන්නා සේ මදින් මද මත් බවක් මනස වසාගන්නා විට අතෝරක් නැති වරුසාවක් ඇදහැලෙනවා සේ කඩා හැලෙනා මතක දහරක තෙමී දියැව යමි.

          කොයි තරම් සමීපතමයෙකුට වුන නොම කියන හුදකලාවේ විඳින රහස් සැවොටම ඇත. මිනිසා නම් ප්‍රාණියා ගේ සුන්දරත්වය ඇත්තේද සැඟවුණ මතක අස්සේ බව මා සිතමි. කා හට වුව සියයට සියයක් තවකෙකුට නිරාවරණය විය නොහැකි වන්නේමය. එසේ වූ කළ මිනිසා තුළ සිටින රසවත් සත්වයා මිය යන්නේමය. ඒ මාගේ සිතුවිල්ලයි.

      බොහෝ කාලයකට පෙර මම නම් වූ සත්වයා එක්තරා ස්ත්‍රී ප්‍රාණියෙකු හට ප්‍රේම කළ යුගයක් තිබිණ. ඒක පාර්ශ්වීය ප්‍රේමයකැයි එකළ හැදින් වූ ඒවාට වර්තමානයේ ක්‍රශ් යැයි කියන්නේ කුමන හේතුවකටදැයි  නොතේරේ. මා සහ මා මිත්‍ර සනුහරයට  එක්තරා විෂයකට පංති කළ ඇයට අපි පොදුවේ අක්කා යැයි කීවෙමු. ඇගේ නම කුමක් වුව මා විසින් මගේ මනස්මෘතිය තුල ඇයට පට බැඳි නමක් තිබුණි. දීප්තිමත් මෙන්ම මන බඳිනා දෑසක් හිමි ඇය මගේ ප්‍රේමය තුළ නයනා නම් විය. ඇටෙන් පොත්තෙන් මෝරන්නටත් ප්‍රථම මෝදු වූ ප්‍රේමය කුමක්දැයි එදවස මා දැන සිටියා දැයි නොසිතමි. එහෙත් කිසිදු කිසිවිට පංති කට් නොකරනා තරමට ආකර්ෂණයක් ඈ කෙරේ මා තුළ විය. සියල්ලටම පෙර පංතියට යන මා අක්කේ කියාගෙන වැට කඩුල්ල පනින්නෙමි. අනතුරුව ඇය හා එක්ව පංතිය අතු පතු ගාන්නට හෝ ඩෙස් බංකු කිහිපය පිළිවෙලට තබන්නට බැරි ගාණේ වුව යුහුසුළු වන්නෙමි. අනික් උං එන විට මා ඈගෙන් මොනා හෝ අසා විමසා දැනගන්නෙමි. බොහෝ විට ගෙදර සාදන යම් කෑමක් හෝ බීමක් මට ලැබෙන්නේමය.

වසර කිහිපයක් මා ඒ පංතියට සහභාගී වූ වග මතකය. ගමේ පාසලේ පැවති ඉරු දින දහම් පාසල් ඈ පැමිණියද අපට උගන්වන්නට පැමිණියේ නැත. එහෙත් යම් යම් උපකාර ඈ වෙතින් මට වූ බව මතකය.කුමක් හෝ හේතුවක් නිසා වැඩි කතා බහක් නැත ද අවැසි බොහෝ විට ඈ සෙවණැල්ලක්ව සිටි බව මතකයේ ඇත. බොහෝ විට එය මා සිත තුළ වූ හැඟීම් නිසා හැඟි දෙයක් විය හැකි බව ඔබ කියන්නට ඉඩ ඇති වුවත් ඒ එසේ යැයි පිළිගන්නට මා සුදානම් යැයි මම නොසිතමි.

දිනක් පංතියේ ඩෙස් බංකු සකස් කරනාතර ඇගේ උණුහුම් අත මා අත හා ස්පර්ෂව මඳ වේලාවක් පැවතියේය.  තත්පර කිහිපයක් වූ ඒ මොහොත මට හෝරාවක් තරමට දැනෙන්නට ඇති බව නම් විස්වාසය. එදා පංති පැවති පෑ දෙක පමණක් නොව යළි නිවසට එන කාලය අතරද ඒ උණුහුම මා හැර නොගිය බව මට අද මෙන් මතකය. අද ද මේ දැන්ද  මේ සටහන ස්ටවුට් මත අතරින් ලියැවෙනා කල්හිද ඇගේ අත මා අත ස්පර්ෂ වූ ඒ නිමේෂයේ ඇගේ නෙත් හි පැවති කාන්තිය මැවී පෙනේ. ඒ උණුහුම අද ද දැනේ. එදා මා ගෙදර ගියේ කෙසේද යන්න අදත් මතකයේ නැතද මා මිත්‍රයන් හා වෙනදා මෙන් කෙළිදෙලෙන් පසු නොවූ බවද මා ඔවුන් නොතකා ඔහේ යන්නට ගිය බවද ඔවුන් කියූ අයුරු අදද මතකයේ ඇත.

එහෙත් සියලු සංස්කාරයෝ අනිත්‍ය බව කියමින් ඇ යුග දිවියට එළැඹුණාය. එවිට මා පසළොස් වියේ පසු වුණෙමි. ඉනික්බිති ඇගේ විෂය කෙරේ මා තුළ වූ උනන්දුව හීන වී ගියද ඈ කෙරේ යම් ආසක්ත භාවයක් පැවතියේ යම් සේ ද ඈ ඉගැන්වූ දේ ද ඉනික්බිත්තෙන්ද මා මනසේ හොල්මන් කළ බැවින් සා.පෙ වුව මා ගොඩ ගිය බව කිව යුතුමය.

ඉනුත් බොහෝ කාලයකට පසුව ඇය මට සම්මුඛ වන්නේ ගමේ පංසලේදී ය. එදා මා හට ඈ හා කතා කරන්නට සවියක් නොවූයෙන් මා ඈ මඟ හැර ගියෙමි. සිය ගෝලයෙකු කෙරේ පවතින ගුරු ප්‍රේමය විනා එයින් ඔබ්බට යමක් ඈ නොමසිතන්නට ඇත ද, ගෝලයෙකු වුව සිය ගුරුවරිය කෙරේ වූ අප්‍රකාශිත ප්‍රේමය මා පසු බස්සවන්නට ඇති බව සිතමි.

අද ද කුමන හෝ හේතුවක් මත ඒ ඉසව්වෙන් පියමං කරන්නට මා අකමැත්තෙමි. ඒ කා හට වුව කියන්නට නොහැකි බොහෝ මතකයන් ගොදුරක් ඩැහැගන්නට මාන බලන මකුළුවෙකු සේ මා දෙස නොපියවෙන නෙත් අයා බලා සිටින බැවිනි.

ඉඳ හිටක ගමට විත් යන ඇයව අද ද මා දකිමි. ඇය ඉන්නේ කොහේදැයි කරන්නේ කුමක් දැ යි මා නොදනිමි. අසාගන්නට හැකි මිත්‍රයන් හිතවතුන් අනන්ත ඇතද හිත බිය ගන්නේ මන්දැයි නොතේරේ.. එහෙත් එක් දෙයක් ඉත්තේරුවෙන්ම කිව හැක.

හුදකලාවේ බොහෝ ස්ටවුට් බඳුන් ඇගේ මතකතර  සිස් වනු ඇති.




 




92 comments:

  1. සමහර විට හංගන්න හදන ඒ මතකයන්ම එකම කාසියේ දෙපැත්ත වගේ නොදන්නා කෙනෙක් ඉදිරියේ ඒ මතක දිග අරින්නටද ආසයි.. මගේ අතීත මතකත් මේක කියවන යද්දී ඇවිස්සුනා.

    ReplyDelete
    Replies
    1. ඇවිසසෙන ඒව හලන්න තමා තියෙන්නෙ දාගෙන. කියවන්න අය ඕන තරං. 😃😃😃

      Delete
    2. මහේෂ් රහයි. ඔහොම ලියාගෙන යං.

      Delete
    3. ලියමු ලියමු 😚

      Delete
  2. අඩෙහ්... අපේ යාළුවෙක් දවසක් කියනව,

    "මං ඊයෙ රෑ ස්කවුට් එකක් බීව්වා, ලෙවල් එකක් කාලා."

    තව දවසක් කියනව,
    "අඩෝ මෙහෙම හිටියට මාත් හෙණ ස්පෝට් මීට් කොල්ලක් ඈ..."

    තව දවසක් කිව්ව,
    "කෙල්ලෙක් පස්සෙන් ගිහිං කෑව කෑමක්...




    ...කට්ට"

    ReplyDelete
    Replies
    1. ස්කවුට් බීල ලෙවල් එකක් කන්න තරං 😂😂😂 ලෙසටම ගසන්ට ඇති නේහ්...
      ස්පෝට් මීට් කොල්ලෙක් නේ ඩ්‍රැකියත් 😃😃

      කෙල්ලො පස්සෙං ගිහිං කටු කන්න ඕනයැ. 😂😂😂😂

      Delete
    2. ඌ හොඳ පැවිලියන් එකක කොල්ලෙක් බං... හැක්!

      Delete
    3. කොල්ලෙකුට උවමනා උනාලු බස් එකේ හිටපු කෙල්ලෙකුට ටෝක් කරන්න. පටන්ගන්න මාතෘකාවක් හිතහිතා ඉන්නකොට දැක්කලු කෙල්ලගෙ කරේ පොඩි කූරුසියක් එල්ලන් ඉන්නවා.

      කොල්ලා: මේ නංගි, ඔයා ක්‍රිස්මස් ද?
      කෙල්ල: අනේ නෑ අයියෙ, මම බුඩිස්ට්. ඇයි අයියා එහෙම ඇහුවෙ?
      කොල්ලා: නෑ, ඔයා බෙල්ලෙ චර්ච් එකක් එල්ලන් ඉන්න හන්දා ඇහුවෙ.

      Delete
    4. @ඩ්‍රැක් ම‍ංඥං අයියෝ... 🤣🤣 හෙන වෙලා යනව තේරුංගන්ඩ😜 හෙක්

      @බුරා එතෝට කෙල්ල කිව්වලු
      ටෙම්පල් එකක් එල්ලං ඉන්නවට වඩා ලේසියි අය්යාහ්.. ඒකයි චර්ච් එකක් එල්ලං ඉන්නෙ කියල 😊😊

      Delete
  3. තා,අ නෑවෙ නෑ බොලව්. නාගෙන එන්නං. ඇයි දෙයියනේ, කියවන්න පෝස්ට් නැතුව වේලි, වේලි හිටි අපට මෙහෙම වුනේ? දැන් දෙනව පෝස්ට් කස්ටියම රම්පෙට පොරි හැලෙන්න.😂

    දැන් කල්පනා කරන්න තියෙන්නෙ එකම එකයි. කොහොමද මේ උනන්දුව පවත්වා ගන්නෙ කියලා. ඒත් මට නං හරිම සතුටුයි. කියවන්න, කමෙන්ට් බලන්න ආයෙ එන්නම්.

    ReplyDelete
    Replies
    1. හරි කියෙව්වා. හරිම රහයි. හ්ම්..

      කතාවට වේදිකාව පිලියෙල කිරීම අතිවිශිෂ්ටයි. පිංතූර නම් කතාවෙ කොලිටියත් එක්ක යනව මදි කියල හිතුනා.

      Delete
    2. මට එපාවෙනකං මම ලියයි. අනෙක් අය නං කෝමද දන්නෑ ඕං මුලින්ම වුණෙත් ඒකනේ. ලියන්න පුලුවන් තරං ලිව්ව. කමෙන්ට්කරන්නපුලුවන් තරං කළා
      අන්තිමේදි බෑ කියල හිතුණ.
      අවුරුද්දකට එකක් වත් ලිව්වෙ නෑ අන්තිමට 😃😃😃

      ලියන්න පුලුවන්. කරන්නම බැරිිඔය පිංතූර හොයන එකයි ලියනේවට නං දාන එකයි

      Delete
    3. \\ලියන්න පුලුවන්. කරන්නම බැරිිඔය පිංතූර හොයන එකයි ලියනේවට නං දාන එකයි\\

      හුකෑස්!😂 මට හිතා ගත්තෑකි. Crush කියල ගහල නං මේ කපේදි ගැලපෙන පිංතූරයක් හොයන්න ලැබෙන්නෙ නෑ පුතෝ. සර්ච් කරනව කියන එකත් කලාවක්/තාක්ෂණයක්. මටත් හරියට තාම ඉගෙන ගන්න බැරි වුනා. ගූගල් සර්ච් ඇල්ගොරිතම් වැඩකරන විදිහ වගේ ටිකක් ටැක්නිකල් පැත්ත කියවන්න වෙනවා, සහජයෙන්ම කම්මැලි බකුසු මොටෙක් වෙච්ච මට ඒකට කාලයක් යාවි. පොඩි හින්ට් එකක් දෙන්නම්, ඔය අහිංසක වුනත් ඔය ක්‍රෂ් එකෙත් ලාවට ලිංගිකත්වය තියනවා. Sexsual attraction වඩා හොඳ කී-වර්ඩ් එකක් වේවි.

      මොනව වුනත් වැදගත්ම දේ ලියන එකයි. පිංතූර ඕනෙ නං, අපට සප් එකක් දෙන්න බැරියෑ? මේන් එකක් මගේ ගානෙ. මේක හොයා ගත්තෙ unspoken love දිගේ ගිහිල්ලයි.😂

      https://c4.wallpaperflare.com/wallpaper/693/31/667/artistic-women-alone-lonely-wallpaper-preview.jpg

      Delete
    4. ඔහේ හිනාවෙනව 😃😃😃
      මම ලියල පබ්ලිෂ් නොකරපු ඒව තියේ දාගන්ඩ නමක් නැතිව. පිංතූරයක් දෙකක් නං හොයාගත්ත පොඩි කට්ටක් කාල. ඒත් පෝස්ට් එකක් වුණාම ටොපික් එකක් එපැයි. තාම වේලෙනව 😒😒😒

      ඒ පිංතූරෙත් අවුලක් නෑ. 😃😃😃 උඩ එක අවින් කරල දාන්ඩෝන ඒක.

      තෑන්ක්ස් මෙයා

      Delete
    5. ඕකත් මහ කජ්ජක්‍ද? ඔය ඉන්නෙ ලංකාව..සොරි බ්ලොග් වල නම් තබන්නෝ, තැන්පත් ඩ්‍රැකියා. එයාට දෙන්න ප්ලොට් එක, හැරෙන තෑලෙන් නමක් එවයි. තව අර හිටවන මාටින්-ප්‍රාජේගෙත් නම් දැමීමේ හැකියාව අතිවිශිෂ්ටයි. ඔහෙට කියන්න, මටම දාලා තියනව නම් සීයක් විතර.��

      Delete
    6. 😂😂😂😂
      දැං මේව ඇවිත් බලයි නෙ.. එතෝට ඔය කියල යන්නැතෑ. 😃😃😃 ඔය තැන්පත් ඩ්‍රැකිය ඉන්නව නේ..කිසි තැන්පත් කමක් නෑ ඕං.. ඔය වවුල් තටු වලිං පොරෝගන හිටියට ළඟට ගිය ගමං.. හෑස් තමයි 😂😂😂

      Delete
    7. උන්දැට රතගාය. නෑ, නෑ තට්ටයා මහත්තයගෙ ගාය නෙමෙයි, මේක ලේ හිඟ කම.��

      Delete
    8. ඔව්.. ඔව්.. ඔය නුවරෙළි පැත්තෙ කන්නියාවො ටික ඉවරැති දැං 😂😂😂

      Delete
    9. බසු ඔන්න ඔයැයි පිංතූරෙ ගත්ත.. තෑන්ක්ස් හො‍ෙඳේ 👌👌

      Delete
    10. ඔය හොයාගෙන තියෙන්නෙ නියම ගැලපෙන එළ පිංතූරයක්, නියමෙට කතාවට ගැලපෙනව. ඔහොම යං��

      Delete
    11. නමක් නේ? හිටිමු බලන්ඩ...

      0. එන්ඩ නංගි බන්ට් එක දිගේ...
      -1. වාත වී කෑ කට්ටක්...
      -2. හිමිදිරියේ පිනි බබා...
      -3. පුප්ඵුෂීය ධමනිය

      (ඉඳපං පෝස්ට් එක කියෝල එන්ඩ, තව තව අදහස් එයි නමක් දාන්න.)

      Delete
    12. මට නං ගූගල් එකෙන් ගැළපෙන පොටෝ හම්බෙනව හැමදාම. සමහර විට මම සිංහලෙනුත් ටයිප් කරල සර්ච් කරනව.

      Delete
    13. හා ඔන්න දැනුයි කියවල ආවෙ. තව නම් ටිකක් යෝජනා කරන්ඩද, නැත්තං ලිස්සල යන්ඩද?

      Delete
    14. හා, ඔය කියවල තියෙන්නෙ, සෙද්ද.��:) මේකට නෙමෙයි, ඔය උඩ තියෙන කමෙන්ට් කියෝපං.:)

      මට ඉමෝජි දාන්න බෑ, දැම්මා ?? එනවා, ඈ.

      Delete
    15. ගූගල් සර්ච් ඇල්ගොරිතමය ( කොහොමද ගූගල් සර්ච් කරන්නෙ) කියන එක සංකීර්ණයි. එකම වචනෙ සර්ච් කලත් අපි දෙන්නට එන්නෙ දෙකක්. ඕනම නං මෙන්න විනාඩි 5ක විස්තරයක්:

      https://www.youtube.com/watch?v=0eKVizvYSUQ

      Delete
    16. @ඩ්‍රැක් පිංතූර හොයන්ඩයි ගැලපෙන මාතෘකා හොයන්ඩයි යනව පෝස්ට් එකක් කොටන්න යනවට වඩා වෙලාවක්. බූ...
      0-ෆේල්
      1-ෆේල් දෙකත් ෆේල් තුනත් ෆෝල්

      කාගෙද ඩ්‍රැක් ගෙද 🤣😜😜

      @බසු මං හිතන්නෙ ගූගල් දෙයිය බ්ලොගර් වලට දීපු අප්ඩේට් එක අවුල් වගේ. සෑහෙන අවුල් තියේ.

      ස්තූතියි ලිංක් එකට බලන්නං... වෙලාවෙ හැටියට මොනව හරි කෙමක් කරනෙක වටිනව

      Delete
    17. 1. ස්ටව්තිවිලි
      2. ස්ටවුටාව
      3. ස්ටවුටේනියා
      4. බස් ස්ටොව්
      5. ස්ටව්ලිය
      6. ස්ටව්ටින් පීනට්ස්
      7. නට්ස්ටවුට්

      Delete
    18. හපෝයි දෙයියනේ��. කමෙන්ට් කරන්න පෝස්ට් එක කියවන්න ඕනෙ නෑ කිව්වම , මුං දැන් කමෙන්ට් කරන්න ඕනෙ කමෙන්ට් එකවත් කියවන්නෙ නැති හැටි?��

      ඇයි බොලව්, ඔය නම් හොයන්නෙ, මහේෂ් ලියල තියාගෙන ඉන්න නම් නැති ලිපි වලටනෙ?��

      Delete
    19. @ ප්‍🙈රා🙈🙈🙈🙈 හපුයි...

      @ බසු ඇත්තට පෝස්ට් නොකියවා කමෙන්ට් කරන්නෙ කොහොමද.. මෙච්චර කාලෙකට කරන්න පුළුවන් වෙලා නෑනේ අම්මපා 😂😂😂
      අනික ලියන්නෙ අනික් අය කියවයි කියල හිතල නං මොකටද බොරුවට හිත රවට්ට ගන්නෙ..
      කමෙන්ට් සෙක්ෂන් එක ඕෆ් කළොත් මොකද 🤣🤣🤣🤣🤣

      Delete
    20. හුහ්. නොකියෙව්වට පෝස්ට් එකටනෙ කමෙන්ට්කරන්නෙ. එතකොට ඔය බස්තුමා ඇත්තෙයි කියල කියන්නෙ ඇත්තද? ඇත්තෙයි කියල කිව්වම ඇති. සර්ව සම්පූර්ණ වෙන්න ඕනැයි කමෙන්ට්කරන්න , එහෙම නැත්නම් බස්සෙක් වෙන්න. හුහ්.

      Delete
    21. අනිත් එක හිතේ තියං ඉන්න පෝස්ට්වලට නම් දාන්න අපි අඹතලේ හිටියද?

      Delete
    22. // එතකොට ඔය බස්තුමා ඇත්තෙයි කියල කියන්නෙ ඇත්තද?//

      ආයි අහල? පෙරාපු අමූලික ඇත්ත. හහ්, අඹතලේ හිටිය නං හිටගෙන සෝවාන් වෙන්න තිබුන පොකුණක් ලඳදි. එතකොට ඔය පරචිත්තාඥාණය ඉබේ පහල වෙනවා.��

      Delete
    23. හත්ඉලව්වේ! දැම්මා නේද කොකා මාක් එක? හිටින්කො මං වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන මේ නම දාගෙන එන්න. අර ආරේ ගුණ නෑරේ වගෙ, ඉමෝජි නොකොටා ඉන්න අමතක වෙනවා.

      Delete
    24. @ ප්‍රා ඔන්නොහෙ ඕන එකක් අනේ... කවුරු හරි මොනව හරි කියවනව නේ 😃😃😃

      ඒකක් හරි.. හිතේ තියන ඒවට කෝම නම් දාන්ටද 😃😃😃

      @බසු කට්ටියම එකතු වෙලා බ්ලොගර් වර්ජනය කරමු 😃😃😃

      Delete
  4. අවන්හලක,කෝපි කොප්පයක් එක්ක පැරණි මිහිරි මතක

    ReplyDelete
  5. හුටා! මෙන්න මගෙත් කමෙන්ට් දැමිල්ල ලාවට වාත වෙනවා. ඔය උඩ අන්තිම කමෙන්ට් එකේ ඉමෝජි මිසින්. :(

    ආයි දාලා බලමු.��

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. @ බසූ මට නං දැං මේ සමයම එපා වෙලා. හිතුනොත් දමල ගහල අකුරුඑබිල්ලට ජොයින් වෙනව.. ඇයි යකෝ.. මගෙම බ්ලොග් එකේ මටම කමෙන්ට් දාන්ට දෙන්නෑනෙ බසූ.. බලාංකො සෙද්ද 🙄🙄🤔🤔

      @ටොමී...
      හාවෙක් පස්සෙං පන්නනව කියල නේ ගෙදරිං පැන්නෙ.. මේ කොහෙද මේ ලැග්ගැහෙන්නෙ..
      අද කෑම නෑ දවල්ට 😁😁😁

      Delete
    5. ආ ඒ අපේ ගෙදර බලු නකුටා. ඕකා ඔය මට හොරෙන් ඉන්ටනෙට් යනවා.��

      Delete
    6. මහේෂ් මම හිතන්නෙ කොමෙන්ට් ලෙඩේ, මම හොයාගත්තා. ලෙඩේ තියෙන්නෙ ප්‍රොෆයිල් එකවුන් එකේ.

      Delete
    7. ඒක දන්නවැයි ඉතිං කමෙන්ට් කොටල කාරිය ඒම දිව්ව බලන්න මොකාද මේ නකුට කියල. බැලින්නං මේ නසු බකුට්ටෙක් නේ...
      ලෙඩේ තියෙන්නෙ ප්‍රොෆයිල් එකේ කිව්ව 🤔🤔

      Delete
    8. පේන විදිහට එහෙමයි. බලුනකුට වෙලා ආවම, කිසිම ලෙඩක් ආවෙ නෑ.

      Delete
    9. හ්ම්ම්... 😔😔😔😔

      Delete
  6. මහේෂ්, මේ සයිට් එකේ මොබයිල් වර්ෂන් එක ලෝඩ් වෙන්නෙ නෑ බං. මොකක් හරි අවුලක් තියෙනෝ. හොඳ එකා වගේ මේකෙ තියෙන ටෙම්ප්ලේට් එක අයින් කරලා, බ්ලොගර්වලින් අලුතෙන් දීලා තියෙන ටෙම්ප්ලේට් එකක් දාගනින් කොලුවො. පරණ ටෙම්ප්ලේට් අප්ඩේට් නොවුනම ඔහොම දේවල් වෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ මොන හතිලව්වක්ද ලොක්කා? මට හෙනවත් නෑනෙ, ඔය යස අගේට තියෙන්නෙ. මේං ඉමෝජි 🎉❤😘😍😁😎👍😒😡🦉👿🙏😂🤣

      Delete
    3. හ්ම්...🤔🤔🤔🤔. එකවුන්ට් රිලේටඩ් ප්‍රශ්ණයක්.

      Delete
    4. @ බුරා ප්‍රශ්න ගොඩක් තියේ.. ටෙම්ප්ලේට් එකේ ඉඳං හදන්න වෙන ලයින් එකක් තමා තියෙන්නෙ. පුලුවන් ඉක්මණට මොකක් හරි කරන්න බලන්නං..
      වෙන බ්ලොග් වල විතරයි මුලින් කමෙන්ට් කරන්න දුන්නෙ නැත්තෙ දැං ‍මගෙම එකෙත් කමෙන්ට් ගිලින්න පටං ඇරං

      @ටොමී එමොජි විතරක් නෙවී. කමෙන්ට් වලත් ප්‍රශ්න තියේ..
      දැං නං තිත්තයි

      Delete
    5. මහේෂ් ඔය මම කලා වගෙ වෙන එකවුන්ට් එකකින් ලොග් වෙලා කෙමෙන්ට් කරල බලල මට කියනවද? මම එහෙම කලාම ලෙඩේ ආවෙ නෑ.

      එහෙම නං මට විසඳුමක් දුන්නෑකි. (ටිකාක් long shot එකක්)

      Delete
    6. වෙන එකවුන්ට් නෑනේ... වන් ඇන්ඩ් ඔන්ලි මේ භූත බංගලාව විතරයි. අලුත්තෙකක් හදන්නත් කම්මැලී අප්පාහ් 😫😫😫

      Delete
    7. යකඩෝ, මං හිතුවෙ මම තමයි ලෝකෙ ලොකුම කම්මැලියා කියලයි.��

      ඇයි, ඕන්නං වැඩිම වුනොත් විනාඩි 5 යාවි අලුත් ජීමේල් එකක් හදන්න. වර්ඩ්ප්‍රෙස් යනවට වඩා ඒක ලේසි නැත්ද?��

      බ්ලොග් එකට තව ඕතර් කෙනෙක් විදිහට ඒ අලුත් ජීමේල් එක ඇඩ් කලෑකි. මේ ඩිස්ප්ලේ නේම් එකම දාගත්තෑකි. හොඳම විසඳුම නූනත්, සසර කලකිරෙන එක නවතිනවානෙ?

      ඒත් දැනට තියෙන ප්‍රොෆයිල් එක තමා සයිට් ඇඩ්මින්. ඒකත් තියාගන්න ඕනෙ, සයිඩ් එකෙන්. අලුත් එක තමා පාවිච්චි වෙන්නෙ.

      Delete
    8. මේකෙන් ලොගවුට් වෙන්නයි අලුත් එකක් හදන්නයි ආාය මේකට ලොග් වෙන්නයි ආයෙ අරකට ලොග් වෙන්නයි.. ෆූහ්... එපා වෙනව නේ 😃😃😃
      මට තියේ වර්ඩ්ප්‍රෙස් එකක් හදපු එකක්. 😁😁😁
      පාවිච්චි නොකළට

      Delete
    9. දැන් නං මොබයිල් වර්ෂන් එක ලෝඩ් වෙනෝ අවුලක් නැතුං.

      Delete
    10. අර තිබ්බ බහුබූත හුඟක් අයින් කලා බුරා.. ඒ නසා වෙන්න ඇති. මේකෙ ටෙම්ප්ලේට් එක වෙනස් කරන්න හිතුවට සිම්ප්ල් හොඳ ඒව නෑනේ 😒😒

      Delete
  7. ඔය ඇවිත් තියෙන්නේ ඩබොල් වෙලාම..❤
    අනික් ඒව පැත්තෙත් යමු හිටං 😁💕😁😁😁

    ReplyDelete
  8. කොමේන්ට් කියවද්දී තමයි ෆොටෝ මාරුවිල්ලට හේතුව හොයාගත්තෙ. වෙන ඒවාට වඩා bolgවල අප්ඩෙට් වෙන්නෙ නැත්තෙ අයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. ගූගලය බ්ලොගර් පැත්තට වැඩි බරක් දෙන්නෑ මං හිතන්නෙ. මේ අවුරුදු ගාණටම බ්ලොගර් වල වෙනස් කං වෙලා තියෙන්නෙ බෝම සුළු වශයෙන්

      Delete
  9. ලොකු ෂර්, ඔය තාලෙ පරණ ඉස්ටෝරි කොච්චර මතක අමතක කළත් රබර් බෝලෙ වගේ උඩ එනවා. එන්නේ very difficult to explain ටයිප් මහා අමුතුම feeling එකක් එක්ක. නැද්ද මං කියන්නෙ.

    ෂර් අර දුඹුරු පාට රට බීම මුල්ම උගුරු දෙක තුන, අම්මාහ් වෑ..ඩක් නෑ. නොවේ එවන් වින්දනයක් ලොවේ.
    ඔය ජාතියට බයිට් එකට කිරිබතුත් මරු ඈ..
    හැබැයි ෂර්, ඉස්ටවුට් බොනකොට ගානට මිම්මට බෝන්ඩෝනැ. මොකෝ බීල වනඋනොත් අනෙ අප්පා සංසාරේ බවේ දුකා. නොපතන්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. මගෙත් කාලයක් ජනප්‍රියම බීමක්. තැන නුගේගොඩ/හයි ලෙවල් හන්දියේ අස්සක තිබ්බ බාර් එක.

      බයිට් එක:
      ඔම්ලට් එක ( ලාබම කටගැස්ම)
      හන්දියේන් ගත්ත කඩල මුල

      මාතෘකාව:
      දේශපාලනය
      කලාව
      ඔෆීස් පොලිටික්ස්
      සහ වෙනත් කතා

      හප්පේ එහෙමත් කාලයක්. ඒකාලෙ අපි ගියේ බස්-තියං පයින්.

      Delete
    2. බස්සා ඔය කියන්නේ ඩොමීනියන් එක! ඒක ඉස්සරහ තිබ්බා සුපිරි වඩේ කරත්තයකුත්! ඊට පල්ලෙහා ලිට්ල් හට් එක! ජීවිතේ අමරණීය මතකයන්!

      Delete
    3. ආන්න ජංසන් තට්ට සෑර්. ඒකට එනවා නුගේගොඩ පේව්මන්ට් බිස්නස් කරන බජාර් එක, හැන්දෑවට හීනියට රත් වෙන්න. පෙඩස්ටල් ෆෑන් තිබ්බා, ජෙට් එන්ජින් වගේ. ඒ කාලෙ කොහොමත් මම මැස්සො බීපු ගොයම් ගහ වගේ, ඒ හුලඟට අහුවුනා නං යන්නෙ උඩින්.

      Delete
    4. @හැට්ටර් තුමා
      ඕක තමා ෆේවරිට් මගෙ. හීනියට පොඩි මනෝ පාරක් දාගෙන කිමිදෙන්න නියම පානය. අර ස්ට්‍රෝන්ග් අනං මනං කසිප්පු හරියන්නෑනේ. ඉඳ හිිටල ඔය කාර්ල්ස්බර්ග් එකක් ගැසුවොත් මිස අනික්වට මනාප නෑ.

      වැඩි වෙන එක වෙලා තියෙන්නෙ දෙපාරයි එක පාරක් අපේ උං ගල් කලවං කරල 😒😒
      අනික්පාර කානිවල් එක්කදි ලිමිට් සම්පූර්ණයෙන් පැන්න. නන්න පෝල් 😒😒😒

      @බසු කීප වතාවක් කුරුණෑගල මචං එකේ සෙට් වුණා. ඔය වගේ. එතැන ඉදං පයිං ගාටනව වැවරවුම වටේ අරෙහෙ මෙහෙ නන්න තමා ඉතිං

      @තට්ට තුමාලට ලියන්න පුලුවන් කතා සරිත් සාගරයක් තියේ නෙව. ඉඳ හිටල වත් ඒම එකක් ලියමුකො ඉතිං.. 😁😁

      @බසු 🍻 cheers 🍻

      Delete
  10. දැං අපි බ්ලොග් එක ලියන්න එපා කියලද මේ කියන්නේ!? ඊයේ ලියන්න ගත්තා! එකෙක් දෙන්නෙක් ලියලා! උන්ට කොමෙන්ට් කොටලා ඉවර වෙලා බලන කොට ඇඳ බලා ඉන්නවා මං එනකල්!
    ඊට ඉස්සරින්දාත් එහෙමයි! දැන් අද හිතාන ආවා අදනම් හිතේ දවල් දවසේ ගොඩ ගහපු මගුල ලියලා ඉවර කරණවා කියලා! මෙන්න පෙරේදා කොමෙන්ටුව දැම්ම එකා අදත් එකක් දාලා! අම්මට සිරි එළම තමයි!
    මම පොඩි යුදා හරණයක් දෙන්නම්.
    දරුවෙකුව ලොකු මහත් කරණ්න ඌට පුලුවං තරම් කවනවා පොවනවා උගෙ දෙමව් පියෝ!
    නමුත් අවම වශයෙන් තව අවුරුදු දෙක තුනක්, හතරක් පහක් වත් ඌව කර ගහගෙන වඩාගෙන උස්සාගෙන යන්න ඕන බව දැනගෙනම ඌව තව තව ලොකු කරණවා!
    කොහේ හරි ගමනක් යන්න උනාම ඌව වඩා ගන්නකොට "අම්මේ මේකගේ බර!" කියලා හිතින් හිතුනත් ඒක නොකියාම අමාරුවෙන් ඌව උස්සගෙන යනවා!
    දැන් උගේ බර වැඩියි කියලා කන්න දෙන එක අඩු කරණවද!?
    පිස්සුද බං?
    තව කවනවා!
    මේකත් එහෙමම තමයි.
    මගේ බ්ලොග් එක උඩින් කිරි මදුවැල් ගියත් උඹලාට කමෙන්ට් අඩු කරණ්නේ නෑ! ලියාපල්ලා!
    හරිම ආදරයෙන් මේ අකුරු කොටන්නේ!
    පුළු පුළුවන් හැම වෙලාවෙම එන්නම් ගොඩ වදින්න!
    හරිම සතුටුයි කියවලා, කමෙන්ට් දාලා පිරිමහන්න බැරි තරම් උඹලා කවුරු කවුරු හරි ලියනවා දැක්කාම!

    ආම්මට හුඩු තව පොඩ්ඩෙන් කියන්න බැරි වෙනවා! කියෙව්වා! රහයි මචං!

    ReplyDelete
    Replies
    1. බ්ලොාග මුලින් පටං ගත්ත කාලෙ තිබ්බ ගැම්ම ආායත් තියෙයි
      ඒත් කොච්චර කාලෙකටද කවුද දන්නෙ 😁😁
      හැති වැටෙනකං ලියනව. ආාය විසි වෙනව
      😁😁😁
      තට්ස් තුමත් ලියනවනේ. අපිත් කියවනව ඒව. ඉතිං මං හිතන්නෑ මකුළු දැල්
      ් බැඳෙයි කියල. 😃😃


      ස්තූතියි ❤️❤️❤️

      Delete
    2. දැං එකක් දැම්මා!

      Delete
    3. කියෙව්ව ඕං ❤️❤️

      Delete
  11. මනෝ මම එහේ ගියා! කවුරුවත් පේන්න හිටියේ නම් නෑ! බිත්තියේ අඟුරු කෑල්ලකින් ගිඅ කාරණේ ලිව්වා! ගිහිං බලන්න! - තට්ටයා

    ReplyDelete
  12. පොර ලියන එක අතෑරල වගේ.. ට්‍රයි එකක් දුන්න ජම්ප් ස්ටාට් එකක් දෙන්ට. බලමු වැඩ කරයිද කියල. 😃😃😃

    ReplyDelete
  13. //බ්ලොාග මුලින් පටං ගත්ත කාලෙ තිබ්බ ගැම්ම ආායත් තියෙයි
    ඒත් කොච්චර කාලෙකටද කවුද දන්නෙ ����
    හැති වැටෙනකං ලියනව. ආාය විසි වෙනව//

    හ්ම්..සංසාර චක්කරේ, මේ සංසාරෙ බොහොම දිගයි උපාසක.

    ReplyDelete
    Replies
    1. ඉස්සර ඈයො කොහොම අවුරුදු සීයක් හමාරක් ජීවත් වුණාද මංද. මට මේ ටිකට එපා වෙලා උපාසක.
      ඊයෙ ටයිම් ලූප් කතාවක් බැලුව. ඒ වෙලාාව ඉදං මංඥං. එකම දවසෙ එකම සිදුවීම් ටිකක් අස්සෙ ජීවත් වෙන්න වුනොත් කෝමද , මේ එක අවුරුදු ගාාණගෙවල ඉවර කරන්න බැරි එකේ එක දවසක එකම දේවල් ටිකම කර කර ඉන්න වුණොත් කෝමද කියල හිතුවෙ.

      Delete
    2. //ඊයෙ ටයිම් ලූප් කතාවක් බැලුව//

      හෑ, ඒ මොකක්ද? සමහරවිට බලල තියෙන එකක් වෙන්නත් ඇහැකි, ඒත් කමක් නෑ කිව්ව නං බලන්න? මගේ කැමතිම:

      https://en.wikipedia.org/wiki/The_Thirteenth_Floor
      සහ
      https://www.rottentomatoes.com/m/source_code

      Delete
    3. කතාව මොාකද්ද කියල කිව්වනෙව කලිංම ඕං..

      මේ දෙක හොයං බලන්න ඕන 😃

      Delete
  14. ගුරු ප්‍රේමය.. ගුරු ගීතය තරම්ම අපූරුයි. එත් සදාචාරාත්මකද දන්නේ නෑ හැබැයි ශුන්ගාරාත්මකයි.. මගේ හැටියට, යාත්රිකගෙත් හිත හොල්ලපු ගුරු තරුණියක් හිටිය උගුරු අටේ පනින කාලේ. රසවත් ඒ කාලේ ආපහු මතක් කටගැස්මක් වගේ

    ReplyDelete
    Replies
    1. ඒක ලේඛකයා ලියන රටාව මත වෙනස් වෙනවා. සදාචාරය සාපේක්ෂයි. ඒ ගැන අදහසක් ගන්න මෙතෙන්ට යන්න.

      https://facultyofsex.com

      ශුන්ගාරාත්මකයි නං ඕන පුම්කක් ප්‍රීති වෙසක් කියල ලියලම දාමුද? මෙන්න මේක බලන්න.

      https://atampahura.blogspot.com/2014/05/blog-post_28.html


      Delete
    2. ලියන්නම් ඔබගේ ආරාධනයෙන්.
      එත් ගුරු අගෞරව්‍යයි, ඔය ආදරයයි නිසා ඒ ගුරාගෙන් උගෙන ගන්න දේ උසස්බවට පත්වෙන්නෙ නෑ ගෝලයාට

      Delete
    3. @අහස් යාත්‍රිකයා.. සතුටුයි ආවාට ❤️
      ස්තූතියි අදහස් දැක්වීම ගැන.
      බස්ස කියල තියෙනව වගේ හිතන්නෙ නැතිව ලියන්න. මේක පොදු ෆ්ලැට්ෆෝම් එකක් නෙව. අනාමික සිටුවරුන් නෙව. කවුරු මොනව හිතනටද

      @බසු චින්තන ධර්මදාසගෙ සයිට් එකනෙව ඔය පොර බුකියෙත් සැලකිව යුතු චරිතයක්

      Delete
    4. නියමයි:).

      මෙහෙමයි. යොවුන් ප්‍රේමය කොහොමත් සුන්දරයි. බූට් එකෙත් වෙනමම ආතල් එකක් නෙ? ඒ හැඟීම් තමයි, කියවන්නාට දෙන්න ඕනෙ. හරියටම වෙච්ච දේම වෙන්න ඕනෙත් නෑ. සත්‍ය සිද්ධිය මත පදනම්ව, පොඩ්ඩක් ක්‍රියේටිව් වෙලා ලියන්නත් ඇහැකි.ඕක බොහෝවිට අප්‍රකාශිත ආදරයක් නෙව? එතකොට, එච්චරම සදාචාරාත්මක නැති දේ තියෙන්න විදිහක් නැතුව ඇති. සිතිවිල්ල විතරයි.

      ඕකත් අපේ සඟිස්කුරුතිය අනුව වැටෙන්නෙ ටැබූ කැටගරියට. එහෙම බැලුවොත්, අපේ වැඩිදෙනෙක් ටැ-බුවාල තමා.:)

      Delete
    5. අනිවා බසූ.. මම කොයි තරං ලියල තියේද.. හුම්ම් 😏😏😏

      Delete
  15. මහා, බස්සා දෙතුමාණෙනි. ලියන්න හිතාගෙන ඉන්නකොටම කැඳවීමක් ලැබුන රාජකාරිය සඳහා. හිත එකඟ නැති මොහොතක කතා කරපු එකෙන් අදහස් වතුරෙ. කොහොමත් ඕක ලියන්නම්.. මිහිරීම එකක්. අමිහිරි කරලා බෑ. හිත දොස්පවරනවා.

    ReplyDelete
    Replies
    1. ලියන්න. අපි එන්නම් කියවන්න.😊🦉👌

      Delete
    2. හැකි විටක ලියන්ටකො ඉතිම්.. ජය

      Delete
  16. ආ කියන්න දෙයක් අමතකයි ඉස්සර ප්‍රේමය රෝමාන්තික වැඩි හිතේ හක්වලන් කරනවා සුළඟට ලෙලෙනා මල සේ. ඔය කාලේ ප්‍රේමවන්තයා කෙල්ලගෙ අත නොඇල්ලු තරම්. එතකොට ඇය සමීපයේදී ඔහු දිහා කෙලින් බැලුවේ නැති තරම්..

    ReplyDelete
    Replies
    1. ඒව ඔක්කම එකට කරල ලියං යමු.. අපි එනව බලන්ට.. 😃😃

      Delete
  17. ඔහොම ලියන්න.ස්ටුවට් කියන්නෙ මොනවද අප්පා.

    ReplyDelete
    Replies
    1. ඔයාල කියවනව නං අපි ලියනව ඉතිං 😃😃
      ස්ටවුට් කියන්නෙ සසම සස කෑමක් හුම්ම්

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඉස්ටවුට් කියන්නෙ ගුලි ජාතියක් ,සෑර්. ලොකු සෑර් මටත් දුන්නා. ඊට පස්සෙ ගෙදර හිටිය, පූසා ලොවෙත් නෑ , ලොවිගහෙත් නෑ. ඕං හිටපු ගමන් හිතෙනව මමත් ගායකයෙක්නෙ කියල? ඉතිං දෙනව සිංදුව . සිංදු කියන්න ඕනෙ, කුස්සිය කිට්ටුව. එතකොට තමා, අතේ තියෙන පොල් බෑවෙන්/උම්බලකඩේන් පාර වදින්නෙ. ආන්න එතකොට ගත්තා උම්බලකඩේ, දුන්නා හුරේ රන් එක. බයිට් එක කුස්සියෙන්. මේව මේ හැම බල්ලම කියා දෙන්නෙ නෑ.

      මේ, මං කියනවට එකක් කාලා බලන්නකො.

      Delete
    4. ඔය සෑර් කෙනෙක් නෙවී ටොමී. මැඩැම් කෙනෙක්.. 🙈🙈🙈🙈

      Delete
    5. හුටා! අනේ සමාවෙන්න ඕනෙ නෝනෙ නොදැන බිරුවාට.😒

      Delete
    6. බුහ්, කලබොල වෙච්ච පාර බකුසුමොටාට වයර් මාරු වෙලා, ආං දැන් බුරනව. කොහොම හරි මටත් කියන්න ඕනෙ වුනේ ඒකම තමා. 😒

      Delete