Wednesday, March 9, 2016

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන...

                                                                            පි දෙන්න වාඩි වෙලා හිටියෙ මූණෙන් මූණ බලාගෙන. බොහොම පටු ඉඩක් තියෙන අවන්හල් මේසෙ උඩින් අත තියාගෙන. ඈ මගෙ මුදුගිල්ලයි සුළැගිල්ලයි පටල පටල මොකක් හරි කරනව. ඇත්තටම මොනවත් නැති වුණත් මොනා හරි කරනව කියල හිතන්න මම කැමති වුණා. ඈ උන්නෙ මොන මොනවද කියව කියව. ඒ කියවන ගමන් මගෙ ඇඟිලි දෙක අල්ලගෙන නටවන්නෙ අනිච්ඡානුගත හැගීමකින් වග ඒ මූණෙ පැහැදිලිවම ලියවිල තිබුණ. ඈ කියවන්නෙ මොනවද කියල මට පැහැදිලි හැගීමක් තිබුනෙම නැති තරං. ඇත්තටම ඈ කතා කරන්න පටං ඇරං විනාඩියක් යන්නත් කලිනුයි ඒ කියන දේවල් නෑහෙන්න ගත්තෙ. ඇත්තටම ඒ මං ඈට ආදරේ නැති හංද නෙමෙයි මම උන්නෙ ඇයට වශී වෙලා. හැමදාම නැතත් පුලු පුලුවං දවසක කොහෙ හරි ගිහිං රෑ කෑම ගන්න අපි දෙන්න පුරුදු වෙලා හිටිය. අද ආවෙත් එහෙම ගමනක්. අපි ඉස්සරෝම එහෙම ඇවිත් ඉස්සරෝම වාඩි වෙලා හිටිය තැන, ඒ අවන්හල් මේසෙ, ඒ විදියටම අදත් වාඩි වෙලා. ඒත් එදාට වඩා ඈ ගැන මගෙ හිතේ තිබ්බ හැගීම වෙනස් වෙලා. මං ඈට ආදරේ කරන්න පටං ඇරං. ඒක මහ පිස්සු කතාවක් වගේ දැනෙන්න පුලුවං බව මං පිළිගන්නව. ඒත් විස්වාස කරන්න ඈ ව විවාහ කරගනිද්දි මේ ලෝකෙ වඩාත්ම මගෙ වෛරයට පාත්‍ර වුණ කාන්තාව වුණේ ඇය. මං දන්නව ඒක ටිකක් දරුණුයි වගේ කියල ඒත් ඒක ඇත්ත. එහෙම කෙනෙක්ට අද වෙද්දි තමන්ටත් වඩා ආදරේ කරනව කියන්නෙ, ඒක ටිකක් ඕනවට වැඩී වගේ නේ. විස්වාස කරන්න මාව. ඇයට පුලුවන් වුණා සම්පූර්ණයෙන්ම ඈ තුල මාව අතරමං කරවන්න. කොටිංම කියනව නං එදා එක්ක අද බලද්දි අද වෙද්දි මාත් ඇයත් දෙනේනෙක් නෙවෙයි එක්කෙනෙක් කියල මට හිතෙන්න පටං ඇරං.          
                                                                 

                                                                ඉර මුහුදෙ ගිලෙන්න පටං ඇරං ටික වෙලාවක් වෙන්න ඇති. සන්ධ්‍යාලෝකයේ අන්තිම රැස් කැරැල්ල වැටිල ඇගෙ කියුඹු වැල් තඹ පාටට හුරු පාටකින් දිස්නෙ දෙමින් තිබුණ. අපි දෙන්න ඉදං හිටිය තැන තිබුනෙ ලා අදුරක්.           ඈ උන්නෙ ඉර එළියට නිරාවරණය වෙලා. ඉඳ හිටල කියොඹු වැල් අතරින් ලෙස්සල වැටෙන හිරු එළිය පොදක් ඇගෙ මූණ සිපගත්තෙ මට ඔච්චම් කරන්න වගේ. ඉද හිටල ඈ කතාව නවත්තල ඔව් නේද කියල අහද්දි මම හ්ම් කියන්නෙ අර වශී වුණ මූණෙන්මයි. ඈ ඊට පස්සෙ අර ඔළුව දෙපැත්තට පද්ද පද්ද කරන කතාව පටං ගන්නව. කොයි තරං බලා ඉන්නද. අර අමුතු ඔළුව පැද්දිල්ල ඒත් එක්කම එහෙ මෙහෙ දගලන දඟකාර කියොඹු වැල්. කතාව කියාගෙන යද්දි වෙනස් වෙන විදියට හැගීම් මාරු වෙන මූණ.. හැඟීම් දාහක් කියාපාන චිත්‍රයක් වගෙයි.. ඉතිං කොහොම අහක බලන්නද..

ඔයා නං හරි නරකයි...

 


හදිසියෙම ඈ නෝක්කාඩුවකින් දමල ගහනව. ඒ මූණ තාත්ත එක්ක තරහ වුණ පොඩිත්තියක ගෙ මූණක් වගේ නෝක්කාඩු ගතියකින් පාට වෙලා. ආදරේ හිතෙන පාටකින් පිරිල ගිහින්. මුදු පුළුං පෙදක් හිත අතගානව වගේ ඒ වචන මගෙ සවන් පත් හරහ ඇදිල යනව.
 
ඇයි...
 
මම අහන්නෙ ඈ දිහ බලං හිටිය අර වශී වුණ ඉරියව්වෙන්මයි.
 
ඔයා ආව වෙලේ ඉදං  හූම් හූම් ගානව මිසක් එක වචනයක් වත් කතා කලේ නෑ.
 
රේඩි එකේ ලස්සන සිංදු වැලක් එක දිගට යනව.. කවුද කතා කරන්නෙ ඒ වගේ වෙලාවට..
 
ආ... ඒකද ආව වෙලාවෙ ඉදං මං දිහාවෙ කන්න වගේ බලං හිටියෙ..
 
මේ මං...
 
නැත්තං මමද...
 
ඔය .. ඔය... තාමත් එහෙමයි. බලාගෙන මං දියවෙයි...
 
එහෙනං මං හරි කැමතී...
 
ඔව්.. ඔව්... මට පේනව... මැට්ට...
 
හදිසියෙම ඈට හිනාවක් පයිනව.. කෝ අර නෝක්කාඩු මූණ... හිත ඇතුලෙ ඉදං කවුද කෑ ගහනව.. ඈ මං දිහාවෙ බලාගෙන තවත් හිනාවෙනව.
 
කවුරු හරි දැක්කොත් හිතයි අනිමිස ලෝචන පූජාව කරන්න පුරුදු වෙනව කියල. කොහෙද යන  පිස්සෙක්...
මං හිනාවුණා විතරයි.
 
එක පාරටම කවුරු හරි මං දිහා බලං ඉන්නව වගේ දැනෙන්න ගත්ත. මම ඔලුව හරෝල බලපුවාම දැක්ක දෙයින් මම ගල් ගැහිල ගියා. කවදාවත් මේ වගේ වෙලාවක දකින්න බලාපොරොත්තු නොවුණ කෙනෙක්. හිත ගැස්සුණා. ඈටත් පෙනෙන්න ඇති වෙනස. මගෙං ඇයි කියල අහන ගමන් ඈත් ඒ පැත්ත බැලුව. ආය මගෙ මූණ දිහ බලල ආයෙම අර පැත්ත බැලුව. අපි දෙන්න දිහාම බලං ඉන්න ඇයගෙ මූණ ඈට පෙන්න ඇති
ඒ එයා... එහෙමනෙ... නතාශ..  ඔයාගෙ ..
 
මට කියන්න දෙයක් තිබ්බෙ නෑ... මම ඔළුව වැනුව විතරයි. නතාශ.. අවුරුදු කීයකට පස්සෙද.. පරණ අවතාර කවදහරි හොල්මං කරයි කියල හිතුණට මේ වගේ තැනක මේ වගේ වෙලාවක එහෙම වෙයි කියල මට හීනෙකිං වත් හිතුණෙ නෑ. ඇත්තටම මම තරින්දිව බැන්ද කාලෙ ඈව ගණන් ගත්තෙම නැති තරං. මට ඕන වුණේ පුලුවං තරං ඈව රිද්දන්න. මම හිටියෙ සම්පූර්ණයෙන්ම නතාශ ඇතුලෙ අතරමං වෙලා වගේ. ඈටත් ඒ දවස් මතක් වෙන්න ඇති. ඒත් ඒ වගක් නොපෙන්න ඉන්න ඈ පරිස්සං වුණා..
 
ඔයාට ඕනද එයාට කතා කරන්න...
 
මම පුදුම වුණා.. මගෙ ඇස් නිකං එළියට පනින්න වගේ තියෙන්න ඇති. ඈ ඇගේ අර හිත හොල්ලන හිනාවෙන් හැගීම් වහගෙන  ආයෙමත් මගේ අර ප්‍රශ්නයම ඇහුව.
 
ඔයාට ඕනද එයාට කතා කරන්න...
 
ඇත්තටම මට නතාශට කතා කරන්න ඕන වුණා. ඒත් ඈ මගෙන් එහෙම අහපු එක ගැන හිතේ තිබ්බෙ කුකුසක්. මං ආයෙත් ඈ දිහා බැලුව. ඈ හිස වැනුව. ඒ යන්න ගිහිං කතා කරන්න කියනව වගේ බැල්මක්. මොනවත්ම  නොකියපු මම ඔළුව විතරක් වනල නැගිට්ට. නැගිටල නතාශ ඉන්න දිහාට ඇදුණ.
 
හායි...
 
                                                                            මම නතාශ ට අත දික්කලේ අමුත්තෙක් ගාණට. මට එයාට කතා කරන්න උවමනා වෙලා තිබ්බ වග ඇත්ත. ඒත් තරින්දිගෙ හිත රිද්දෙන කිසි දෙයක් මගෙන් වෙනව දකින්න මම කැමති වුණේ නෑ. මම අත දික් කලා කියල වගක් වත් නැතිව ඈ මාව වැළඳ ගත්ත. මම ගල් ගැහිල ගියා වගේ දැණුන. ඈව අහකට තල්ලු කරල දාන්න, බිම වැටෙන තරං වේ ගෙන් අහකට තල්ලු කරන්න වුවමනා වුණත් මට ඒක කරන්න බැරිවුනා. කල්පයක් වගේ ගෙවුණ ඒ තත්පර කීපයට පස්සෙ ඈ මගෙන් ඈත් වුණා.. මිස් යූ... ඇගෙ මූණ පිරිල තිබ්බෙ ආදරෙන්ද නැත්තං නුරාවෙන්ද කියල තෝරන්න තරං මනසක් මට තිබුණෙ නෑ.. මගෙ ඔළුව පුරාම වැඩ කළේ තරින්දි.
 
කොහොමද..  ඈටත් නොදැනෙන්න ඈව මගෙන් ඈත් කරන ගමන් මම ඇහුව.
 
බැන්ඳ... කිසිම ගාණක් නැතිව ඈ කිව්ව. බඳින්න සිද්ධ වුණා... ඒ ටික කීවෙ මට විතරක් ඇහෙන්න බව මට තේරුණ හිංද මම සද්ද නැතිව හිටිය.
එක පාරටම ඈ හිටපු ටේබල් එක පැත්තට හැරුණ ඇය
 
සුරේෂ්... මේ හිමංස.. මං ඔයාට කියල තිබ්බෙ.. එයා...
 
ඕහ්.. යුව.. ??? යප්.. හිම්.. හෙලෝ මචං... නයිස් ටු මීට් යූ... මී ටූ .. මම සීතලෙන් පිරුණ ඒ අත මිරිකන ගමන් සුරේෂ් ගෙ ඇස් වලට එබිල බැලුවෙ ඒ ඇස් වලිං කියන කතාව තේරුං ගන්න... ඒත් මට කිසි දෙයක් හිතා ගන්න බැරිවුනා..
 
ආල් ලෙට් යූ ටු ටෝක්.. මගෙ පිටට තට්ටුවක් දාන ගමන් එතනින් ඈත් වුණ ඔහු තරින්දි ඉන්න පැත්තට ගිහිං ඇයට තමන්ව අදුන්වල දෙනව මම ඇස් කොණින් ලාවට දැක්ක..
 
ඒ ඉරිසියාව... නතාශගෙ හඩිං මම ආපහු පියවි ලෝකෙට ආව. ඒ ඉරිසියාව තාමත් පේනව...
 
මොන ඉරිසියාවද.. මං ඇහුවෙ නොරිස්සුමින්.. මාව කියවන එක ඈට මහ දෙයක් නොවෙන වග මම දැනන් හිටිය. ඒත් අපි වෙන්වෙලා අවුරුදු ගානකට පස්සෙත් ඈ මං ඇතුලෙ දියවෙන්න හදන එකට මම කැමති වුණේ නෑ.
 
සුරේෂ්, ටිකිරිබණ්ඩාර ළඟට ගිය එකට...
 
තරින්දි.. තරින්දි එයාගෙ නම... මගෙ නොරිස්සුම වචන එක්ක එළියට පැන්න... තරින්දි එක්ක විවාහ වෙන්න කලිං මං ඈට කීවෙ එහෙම. කසාද බැදලත් සෑහෙන කාලයක් යන කං මං ඇගෙ පෙළපත් නාමය විහිළුවකට ගත්ත.
නතාශගෙ ඇහි බැම උඩ ගියා දෙතොල් උල් වෙලා සමච්චල් ස්වරූපයක් මූණට ආව...
 
මං යනව... මට ඕන වුණේ යන්න. ඒත් නතාශ මගෙ අතිං ඇදල අරං මාව එයා දිහාට හරෝ ගත්ත.
 
ආයෙ අපි හම්බෙන්නෙ කවද්ද. ඇගෙ කටහඩේ තිබ්බෙ සරාගී ස්වරයක්. හිත ඇතුලෙන් මොන මොනවද හැඟීම් වගයක් හිත පහුරු ගානව වගේ දැනුණ.
 
අපි ආයෙ හම්බෙන්නෙ නෑ..
 
ඇයි ටිකිරි ඒ වැඩේට මට වඩා හොදද. ඕ....හ්... සොරි සොරි... ඔයා කෝමද ඒ ගැන දන්නෙ. ඔයා මාත් එක්ක කොහෙවත් යන්න ආවෙ නෑනෙ. ඔයාගෙ තිබ්බෙ රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍ය ප්‍රේමයක් නෙ... සො..ර්....රී....

නතාශගෙ සොරිය ඕනවටත් වඩා ඇදිල සමච්චල් ගතියක් ගත්ත එකට හිත නොරිස්සුම් වුණා...

මේ අහන්න නතාශ.. අපි දෙන්න ආදරේ කළා ඒක ඇත්ත. ඒ කාළෙ මං ඔයත් එක්ක රූම් ගාණෙ ගියෙත් නෑ ඒකත් ඇත්ත. සමහරවිට ආදරේ මට දැණුන විදිය වෙනස් වෙන්න ඇති. ආදරේ කියන්නෙ කවද කොහොම කාට කොයි විදියට ඇති වෙනවද කියල කියන්න කව්රුවත් දන්නෑ. කාලයක් ඔයාට පණ ඇරල හිටිය මාව අද වෙද්දි තරින්දි ඇතුලෙම දියවෙන්න තරං ආදරයක් තියෙන්නෙ ඒ හින්ද වෙන්න ඇති. වෙනස් වෙන්න නතාශා. අපි ආදරේ කරන අයට හොරෙං වත් වංචා කරනව කියන්නෙ.....

හෝව් හෝව්... මේ මේ ඔයාගෙ ඔය බණ ටිකිරි බණ්ඩාරෙට හරියනව ඇති. ඒත් මට නං තිත්තයි. ඔයා නං චුට්ටක් වත් වෙනස් වෙලා නෑ. එදා හිටිය මෙලෝ රහක් නැති හාදයාම තමයි. ඔයා අඩු ගාණෙ ටිකිරි එක්ක වත්.... කරන්නෙ නැද්ද.... ඒකටත් වෙන කවුරු හරි ඉන්නවද දන්නෑ නෙ...
 
නතා...ශා...  මට කොයි තරං තරහ ගියත් තරින්දි නිසා ඉවසන්න සිද්ධ වෙනව අන්න ඒ හින්ද තමුසෙ බේරෙනව කියල මතක තියාගන්නව... ආයෙ මගෙ මූණට පේන්න එන්න එපා.... යූ ආ අ ජර්ක්..
 
ඇතිවුණ පිළිකුලත් එක්කම මං නතාශ ගාවින් මිදිල තරින්දි ළගට යද්දි සුරේෂ් පැත්තකට ගිහින් තිබ්බ. තරින්දිගෙ මූණ වැහි වළාකුලකින් වැහුණ හඳ වගේ. මං වගේ හරකෙක්.. මේ අහිංසකීවත් ඇඩෙව්ව නෙ. ඉදකිං මම නං..
 
තරි අපි යං... ඈ කිසි දෙයක් නොකිය ඉස්සර වුණා... ගත්ත ෆෲට් ජූස් දෙකට සල්ලි ගෙවල මම එළියට එද්දි ඈ ඈත අහස දිහා බලාගෙන
 
තරී...
 
ම්...
 
සොරි... ප්ලීස්...
 
ඈ මං දිහ බැලුව.. ඔයා මෝඩයෙක් කියල දන්නව. ඒත් ඔච්චර මෝඩයි කියල දන්නෑ..
 
ඇත්ත.. මාත් දන්නෙ දැං තමයි... සොරි ෆො දැට්..
 
ඩෝන්ට් ඩූ ලයික් දිස් අගේන්.. එවර්.... ඈ මගෙ පපුවට තුරුළු වෙන ගමන් කිව්ව.

ඒ ඇස් වල කදුළු.. කිරිල්ලියක් වගේ සන්තෝසෙන් හිටිය ඈව ඇඩෙව්ව එකට මං මටම සාප කරගත්ත.
 
නෑ කවදාවත්ම නෑ.. ඒ ගෑණීට නෙවෙයි වෙන කිසිම ගෑණියෙක්ට බෑ ආයෙ මගෙ ඔළුව ඇතුලට එන්න. රත්තරං ළග තියෙන්නම ඕන තබක්ක අදුන ගන්න. ඒක තේරෙන්න මට සෑහෙන කල් ගියා...
 
ඇගෙ හිස මත හාදුවක් තියන ගමන් මම කිව්වෙ පුපුරන්න එන කදුළු නවත්ත ගන්න හදන ගමන්.
 
මටවත් බැයිද... ඒ කටහඩේ තිබ්බෙ ආදරේ හිතෙන නෝක්කාඩුවක් එක්ක දුක මුහු වුණ මුක්කන් ගතියක්.
 
ම්ම්ම්.. බලමු නේ.. ලස්සන සුදු මැණිකෙ කෙනෙක් ඉන්නව හිතේ රටා තියන.. එයාගෙං අහල බලන්න වෙනව.. කමක් නෑ නේහ්...
 
එතකොට ආදරේ කරන්න දන්න පිරිමිත් ඉන්නව නේ... එහෙම කියාගෙන මගෙ පපුවට පාරක් ගහන ගමන් ඈ මාව තවත් තදින් තුරුළු කර ගත්ත


                                                      -ඉවරයි-


74 comments:

  1. Replies
    1. මක්කෙයි ඩොට්...
      :-o :-o :-P

      Delete
    2. තිත තිබ්බේ තැන වෙන්කරගන්න.

      හිත සනසන්න කියන කතාවක්නම් නෙමෙයි.සිරාවටම ලස්සනයි.ආදරේ රහ තියෙන්නේ බොළඳකම හා අවබෝදය ඇතුලේ.ඒක පණ්ඩිතවෙන්න ගියහම මෙලෝ රහක් නැති කොමන් ටියාරා කේක් ගෙඩියක් වගේ වෙනවා.චරිත මවපු හැටි අගෙයි.හැබැයි ඔච්චර සුපිරිසිදු චරිතම මවන්න එපා බං.ඒවගේ චරිත දැන් නෑ.

      Delete
    3. හිහි
      ස්තූතියි කටුස්සෝ...
      කතාව ලියල ඉවර වෙලා ආයෙ කියවද්දි මොකක් හරි අවුලක් මටත් තේරුණා. ඒත් කාලය ඇරං හද හද ඉන්න වෙලාවක් තිබ්බෙ නැ...

      ඒක පණ්ඩිතවෙන්න ගියහම මෙලෝ රහක් නැති කොමන් ටියාරා කේක් ගෙඩියක් වගේ වෙනවා.//

      ඒක ඇත්ත බං හැක්...
      මේකෙ ඉන්නෙ එකම එක සුදු චරිතයයි.. අනික් උං දෙන්නම ඒ තරං හොද උං නෙවී හිහි
      සුරේෂ්ව අතෑරල මම එහෙම කීවෙ..

      තැංකූ මචෝ දැනෙන දේ බොක්කෙන්ම කීවට...
      ජයවේවා

      Delete
  2. යුධ්ච්ඝ්ච්ග්ෆැස්ච්ජුගැම්චුෆ්ව්....යුධ්ච්ඝ්ච්ග්ෆැස්ච්ජුගැම්චුෆ්ව්/????? ...ස්ච්ජුගැම්චුෆ්ව්!!! තේරුනාද?? තේරුනා නම් මරු...ඒත් තෙරෙන්න විදිහක් නැත​..මොකද කීවොත් මේකට දාන comment එක මටවත් හිතා ගන්න බැරි නිසා....මට කොටින්ම comment කරන්න තේරෙන්නෙ නෑ මේකට​...මෙච්චරයි...මේ අවන්හලේ කෑම හරි රසයි...

    ReplyDelete
    Replies
    1. හිහි. ඉස්කෝතුයි ඉස්කෝතුයි
      ඇත්තටම ලස්සනට දැනුන නං එච්චරයි.
      දැනෙන කොමෙන්ටුවක් කොටකො.. හිහි
      ජයවේවා

      Delete
  3. ගොඩාරියක් ලස්සනයි ........

    කාලෙකට පස්සෙ ලියලා කවියක් වගේ සුන්දර කතාවක් .......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මෙතූ...
      ස්තූතියි අගය කළාට

      Delete
  4. එළකිරි ඇත්තම කතාවක්ද මේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාලිත
      නෑ මචෝ. පරිකල්පනයන්
      ජයවේවා

      Delete
  5. ලස්සනයි කියන්න වචන මදි සහෝ මානසික ඝට්ටන ලස්සනට ලියවලා තියෙනවා,පට්ට කතාවක් සහෝ,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තෙ....ස්තූතියි මේව අගය කරනවට
      ජයෙන් ජයම වේවා..

      Delete
  6. ලස්සන කතන්දරයක් කියලා අන්තිමට වැල පොටෝ එකක් දාලා.. හික්..
    අගෙයි මචෝ..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. හැක්.. අපි එහෙමයි.. ඉද හිටල ඒ වගේ වැඩකුත් කොරන්ඩ එපැයි හැක් හැක්...
      ස්තූතියි විදානේ

      Delete
  7. පට්ට!
    ප්‍රේමය බොළඳයි තමයි බොළඳකම රසයි..:) ඔහොම තේරුම් ගන්න මිනිස්සු බොහොම අඩුයි..මැණික් වගේ..

    ReplyDelete
    Replies
    1. පෛ්මෙ හම්බුණදාක මං කියන්නංකො මතක් කොරලම.. හිහි

      ස්තූතියි ස්තූතියි තනියෝ...
      මැණික් කියන්නෙ අපි වගෙ උංට නේ
      හැක් හැක්

      Delete
  8. නියමයි සහෝදරයා! ඇත්තෙන්ම උඩින් පල්ලෙන් කියවන්න කියල පටන් ගත්තෙ. අන්තිමට වචනයක් නෑර හිතට ඇල්ලුව. දැනෙන්න ලියල තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිමන්... එහෙම කියපු එකම ඇති...
      හිතට දැනුන නං සතුටුයි
      ජයවේවා

      Delete
  9. ටැපළුනා. ආයෙත් ඇවිත් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතිං මේ කපේට වෙ වැඩක් නෙවීලු...
      හැක්

      Delete
  10. රශබරයි.. ආදරේ වැගිරෙනවා....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      වැගිරිච්ච ටික ඇරං පාං කෑල්ලක දාං කෑවොත් මක්කෙයි
      හිහි...
      ස්තූතියි ස්තූතියි ලබ්බේ...
      ජයවේවා

      Delete
  11. මහේෂ් අය්යගෙ ලියවිල්ලේ තියන වෙනස මොකක්ද කියල මට තාම හිතාගන්න බෑ.හරි සියුම් විදිහට හදවතට තට්ටු කරන රටාවක්.කවිවලත් එහෙමයි. කතාව හිතට අල්ලල ගියා වැඩියෙන්ම හිත ගියේ මේ චේදෙට //ඉර මුහුදෙ ගිලෙන්න පටං ඇරං .....ඉතිං කොහොම අහක බලන්නද.
    කතාවෙ අර නතාෂා ළඟට එනකන්ම කොටස් ටික තදින්ම වැදුන.චැක් අපරාදේ අර ලස්සන ආදර කතාවක් බලන්න තිබ්බ කොටස නතාෂා කෑවනේ...නතාෂාව එලවපු එකමයි හොඳ ...

    අය්යෙ මම මේ කල්පනා කලේ අනෙක් පාර කවි ලියන්න කියල බල කරන්නේ නැතිව කතාවක් දෙකක් ලියවගන්න :D ;)

    කතාව කියවල මට සිංදුවක් මතක් උනා

    ප්‍රේමය නම් රාගයෙන් තොර
    සඳ එලිය සේ අචින්ත්‍යයි
    පාරිශුද්ධයි සුරම්‍යයි

    ~ ගායනය -නන්දා මාලනී ~

    ReplyDelete
    Replies
    1. හංසි...ඔය සින්දුව ලියපු අළුත ගීතය ගැන සංවාදයක් ගියාළු ජපුර ගුරු විවේකාගාරය ඇතුලේ.එතන හිටපු මහාචාර්යය වරයෙක් ඕක අහපුගමන් "උදේට උදේට වැල්පෙනෙල කැඳ බිවුවනම් ඔය ගතිය අඩුවෙයි " කියලා කිවුවලු.

      Delete
    2. මට ඕන වුණේ හංසියෙ මේ කතාව ටිකක් අදුරු පැත්තකට ගන්න.. ඒත් හිතපු තරං සාර්ථක වෙන්න බැරිවුණා...
      මට ඕන වුනේ හිමංස කළු චරිතයක් කරල ඒ කළු චරිතය ඇතුලෙ තියෙන අර සුදු පාට පෙන්නන්න.. කොටිංම හිමංස කියන්නෙ ද විලන් කෙනෙක් කරන්න.
      ඒත් නතාශගෙ එන්ට්‍රන්ස් එක කතාව කෑව.. ඒ හිංද තැං කීපයක් සෑහෙන්න වෙනස් කරන්න වුණා.. අපෙ කටුස්ස උඩ කියල තියෙන චෝදනාවටත් ඒක අදාලයි... මක් කරන්නද දැං ලියල ඉවරනෙ..
      නතාශලත් ඉන්න ඕන හංසියෙ.. නැත්තං මේ ලෝකෙ ගතියක් නෑ නෙව.. නැද්ද හා...
      ආයෙ කතාවක් ඉතිං කවද එයිද දන්නෑ හිහි

      කටුස්සො බොලත් ඒ මහාචාරියගෙ පරම්පරාවෙ නේද
      අපි දන්නව හොරේ...
      හිහි

      Delete
  12. සොරි මචං ....
    අයි හේට් ලවු ස්ටෝරීස් .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචං...
      අයි හේට් ලව් ස්ටෝරිස් කිය්නෙ ෆිල්ම් එකක් නේද..
      හැක් හැක්

      මං දන්නව බොට ලව් ඇලජික් කියල හිහිහිහිහිහිහිහි

      Delete
  13. මේක නම් හරිම ලස්සනයි. හරිම ලස්සන කන්සෙප්ට් එකක්.. :) මේ වගේ ලියන අය කම්මැලිකමට නොලියා ඉන්න එක හෙනම අපරාදයක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ...
      ස්තූතියි අගය කළාට...
      මේ වගේ ලියන අය කම්මැලිකමට නොලියා ඉන්න එක හෙනම අපරාදයක්.. ///
      මේකට මොනව කියන්නද මංද..
      අනික් අයත් එහෙමලු හැබැයි...
      හිහි...
      ජයවේවා

      Delete
  14. සමාවෙයන් ..එන්න හොඳටම පරක්කු වුනා මයියා ...
    ම්ම්ම්ම්ම් ..මොනාද කියන්නේ ..
    //අපි දෙන්න ආදරේ කළා ඒක ඇත්ත. ඒ කාළෙ මං ඔයත් එක්ක රූම් ගාණෙ ගියෙත් නෑ ඒකත් ඇත්ත. සමහරවිට ආදරේ මට දැණුන විදිය වෙනස් වෙන්න ඇති. ආදරේ කියන්නෙ කවද කොහොම කාට කොයි විදියට ඇති වෙනවද කියල කියන්න කව්රුවත් දන්නෑ. //
    මෙන්න මේ ටිකට මම ලැයික් මචෝ ....පට්ට


    ගිමන් හරින දියඹ දිගේ
    සුසුම් හෙලන වෙරළ ඉමේ
    බැස යන හිරු අඩසි සඳට
    රහස් කියනවා...
    සඳ ආදරයෙන් අහස පුර
    ර‍ටා මවනවා...

    හිත් දැහැනේ වේලි තිබුණු
    නෙත් දැහැනේ ගලා හැලුණු
    මියැදෙන්නට බලා ඉඳපු
    ආදරයද මේ...
    හිරු රහසේ කියා දුන්නු
    ආදරයද මේ...


    නිල් කටරොළු නිල නැහැවුනු
    මල් බර මුදු සුව ‍රැඳවුන
    තොල් පෙති කන් පලදාලන
    ආදරයද මේ...
    නුඹ රහසේ කියාදුන්නු
    ආදරයද මේ...

    ගායනය : පණ්ඩිත් අමරදේව
    පද වැල් : ජානක සිරිවර්ධන
    සංගීතය : අරුණ ගුණවර්ධන

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආව නෙ සිංදුවෝ... ඒම ඇති මට නං...
      ඒ වාක්‍යය ඕනවට වඩා වැඩී කියලත් හිතිල අයිං කරන්නත් හදල ඔන්න ඔහෙ ඕන එකක් වෙද්දෙං කියල තමා ඉතුරු කළේ...
      ටිකක් ටෝක් එක අවුල් නේ කතාවකට...
      ස්තූතියි ස්තූතියි...

      මේ සිංදුවෙ මියුසික් එකට මං පට්ට ලැයික් මචෝ
      මාර සිංදුවක් බොක්කටම වදිනවා...

      ජයවේවා

      Delete
    2. මයියෝ ..මේක බලපන් ..

      මුවරද බර පිපි මල් ගොමු
      අතරේ නැත ආදරේ
      දේදුන්නේ පැහැ රේඛා
      අතරේ නැත ආදරේ
      හඳපානේ ගඟ දිය රැලි
      අතරේ නැත ආදරේ
      ඝණ අඳුරේ හුදකලාව
      නැඟි කඳුළකි ආදරේ

      තුරු වදුලේ ඇල් හෙවණැලි
      අතරේ නැත ආදරේ
      රත ලවනේ පෙම් හසරැලි
      අතරේ නැත ආදරේ
      යුග නයනේ නිල් මිණි කැට
      අතරේ නැත ආදරේ
      ඝණ අඳුරේ හුදකලාව
      නැඟි කඳුලකි ආදරේ

      ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
      පද රචනය - මහාචාර්ය විමල් දිසානායක
      තනුව - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

      Delete
    3. ඒකත් ලස්සනයි
      සිංදුව කියන ස්වරය අර මන්ද්‍ර ගතිය ඒක තමා කතා කරන්නෙ..
      හිතට දැනෙන්නෙ හඩේ තියෙන ළයාන්විත බව.. කලිං සිංදුවෙ තනුව වගේ නෙවෙයි..
      හරි අපූරුයි..
      මංද කියන්න දෙයක් තේරෙන්නෙ නෑ බං..
      මාර ලස්සනයි කියනව ඇරෙන්න...

      Delete
  15. ඒවගේ ප්‍රේම වන්තයෙක් මේ ලෝකෙ දකින්ඩනන් ගොඩාක් අමාරුවෙයි මචන්....මමත් කතාව ලියන උඹත් ...හැමෝමත් දන්නවනෙ ඒකෙ ඇත්ත...හැබැයි නෑම කියන්නෑ...ඉදී අතලොස්සක්...නතාෂ ගෙ චරිතෙ ඇතුලෙනන්...පට්ට ස්වාබාවික බව තියනව...රාගය..රාගයේ නොනිමෙනසුලු දැවීම...පට්ටයි මචෝ....උබ සිරාවට පෙම් කතාවලට පට්ට...හිතේ පතුලටම තට්ටු කරනව...සිර...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ.. මම පොඩියක් කතාව ඇතුලෙ අසාර්ථක වුණා තමයි. ඒත් උඹලයි කමෙන්ටුවක් දකිද්දි ඒ හැගීම මග ඇරෙනව..
      ස්තූතියි මචෝ අගය කළාට...
      නතාශ... එයාල මිසක් තරින්දිල හරි අඩුයිබං

      Delete
    2. ඕකනෙ කියන්නෙ උබ වලිගෙ පාගගෙන දගලනවනෙ බං..මම කීවෙ ප්‍රායෝගිකත්වය තුල...කතාව ප්‍රායෝගික උනොත් ඒකෙ කොහෙද බං රහක්....මටනන් කතාවෙ අසාර්තකත්වයක් පේන්නෙ නෑ...ඇයි උඹට එහෙම පේනවද??

      Delete
    3. නෑ නැ එහෙම නෙවී... මං හංසිට දාපු කොමෙන්ටුව කියවහන්කො සුද්ද.
      මං හිමංසගෙන් ගන්න හදපු දේ මට ගන්න බැරි වුනා.. ඒකයි මම කීවෙ..
      ඇත්ත යථාවාදය අතහැරිල මැජිකල් රියලිස්ම් නැත්තං මායා යථාවට මිනිස්සු කැමති වේනෙ ඒ හිංද වෙන්න ඇති.
      මට ඕන වුණේ මේකෙ ඉන්න හැම චරිතයක්ම ආකස්මික චරිතයක් කරන්න. ඒ අතිං ටිකක් අවුල් ගියා. එච්චරයි...

      මොනව වුණත් ස්තූතියි මචං.. උඹෙ කොමෙන්ටුව ගැන මගෙ අවුලක් තිබ්බෙ හෙම නෑ හොදේ.. එහෙම හිතන්නත් එපා... ඒ අදහස් තමා මාව පෝෂණය කරන්නෙ...
      ජයවේවා

      Delete
  16. බොළඳ බව ටිකක් මුහු වුණාම තමා කතාවක් රහ..

    ReplyDelete
    Replies
    1. ආදරේ ම බොලදයි නෙ නැද්ද..
      ස්තූතියි

      Delete
  17. වෙනස් විදියක කතාවක්. මහේෂ්ගේ කතා කොහොමත් හරිම වෙනස්.

    කියවගෙන යනකොට හිතෙන්නේ මහේෂ්ගේ අත්දැකීම් කියලයි. ආදරේ ගැන ඔය විදියට හිතන එක නම් හරිම ලොකු සතුටක්... //රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්ය ප්රේමයක්//

    //අනිච්ඡානුගත හැගීමකින්//meaning ?

    ඔන්න මේ ටික නම් විහිලුවට හොඳේ...:D

    //ඈ මගෙ මුදුගිල්ලයි සුළැගිල්ලයි පටල පටල මොකක් හරි කරනව. ඇත්තටම මොනවත් නැති වුණත් මොනා හරි කරනව කියල හිතන්න මම කැමති වුණා.// ඔන්න ' security officer ' කෙනෙක් එනවා... :P

    //ඒ අවන්හල් මේසෙ,// මහේෂ්ගේ 'අවන්හලේද?' :P

    //එදා හිටිය මෙලෝ රහක් නැති හාදයාම තමයි.//:D :D

    //ලස්සන සුදු මැණිකෙ කෙනෙක් ඉන්නව හිතේ රටා තියන…// :O :D

    //එතකොට ආදරේ කරන්න දන්න පිරිමිත් ඉන්නව නේ...//:P

    ReplyDelete
    Replies
    1. ඉස්කෝතුයි පොඩ්ඩි අක්කේ.. අපි හරි වෙනස් ජාතියක්.. නැදද. අප් ඒ වෙනසට ගරු කරන්ට ඕනලු.. හිහි

      හම්මේ මගෙ අත්දැකීමක් නං නෙවී දෙයියනේ කියල. තාම බැඳල වත් නැතිව හිහි
      ඒවගේ අය ඉන්නෙ මේ වගේ කතාවල. එහෙම අය හිටියත් ගෑල්ලමයින්නෙන් බේරෙන්න බෑලු.. :-D :-D :-D :-P :-P :-P

      අනිච්ඡානුගත කියන්නෙ ඉබේම සිද්ධ වෙන ක්‍රියාවලියන්ට...

      සිකුරුටි ගැන හර්ෂද සිල්වට කියනෝ.. එතකොට හරිලූ.. :-D :-D

      මං අනාගතේ දාන්න හිතං ඉන්න එකේ :-P

      ඒක නං ඇත්ත තමා තනිකර ජිල්බෝල හොද්දක්

      ඇයි අවුල්ද.. සුදු මැණිකෙල ලස්සනයි තමා කෝමත්. ;-)

      ඒක ඉතිං පොඩ්ඩි අක්ක නෙ කියන්නෙ මම නං නෙවි...
      :-D :-D :-D :-D

      Delete
  18. ආදරේ දොරේ ගලනවා. ලස්සනයි ඉතින්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කවිදු...

      Delete
  19. අපරාදෙ පෘට් ජූස් දෙක. හැක්..
    කතාව ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඒක කම්පනාවට ආවෙම නෑනෙ
      ඒක පොවන්න බැරි වෙලා... හයියූ සංසාරෙ...
      ස්තූතියි ප්‍රසන්න අයියා

      Delete
  20. මහේෂ් කවියෙක් නිසා මහේෂ් ගේ කතාවලත් කාව්‍යමය ගතිය තියෙනවා.

    ඇත්තටම අර ෆ්රුට් ජූස් දෙකට මොකද කලේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අයිය... ඒත් ඔය කියන තරං හොඳයිද කියල මට බයකුත් හිතෙනව.. හිහි..
      ඒ දෙකට සල්ලි ගෙව්වනෙ. ඔය මක්ක හරි වෙන්නෙ නැතෑ... අපරාදෙ ඒ වාක්‍යම තේරුමක් නෑ කියල දැං හිතෙන්නෙ.
      මක් කරන්නද නෙහ්

      Delete
  21. සුන්දරයි ජීවිතේ ආදරේ සුවඳ ගලා...

    තබක්ක ළඟ තියෙන්නම ඕන රත්තරන් අඳුනගන්න... ඇත්ත.. ඒ වගේම රත්තරන් කියල හිතන් ඉන්නෙ තබක්කවලට කියල අඳුනගන්න බැරි තරමටම අද සමාජය අරුමෝසම් වැහි වැහැල මල්ලි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු අක්කා...
      අක්ක කියල තියෙන කතාවට මං 100% එකඟයි. හුගක් බාග දේවල් වටිනා ඒව වගේ ඉස්සරහට එනව.
      අරකතාවක් තියෙන්නෙ මැණික් යට යද්දි ගොමරිටි උඩ එනව කියල

      අහේතු කාලේන කජ්ජේන පුහුලං කීවලු....
      :-D :-D :-D :-D

      Delete
  22. Replies
    1. ඉස්කෝතුයි හංචි කුචුම්.. ;-) :-)

      Delete
  23. ලස්සන ආදර කතාවක්...
    තරින්දිගේ කියවිල්ල ගැන කියවනකොට නං මට හිනා ගියා,හේතු අහන්නෙපා හොදෙයි හිකිස්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගිම්මි...

      මට හිනාගිය හේතුව හිතාගන්ට පුලුවන්. මොකද මාත් ගෑණු ළමේක් ළඟින් ආස්සරේ කරපු කාලයක් තිබ්බනෙ. මට හිතාගත්තැකි.
      ඒත් දන්නවැයි ගිම්මියො. ඒ වගේ ගිරවි වගේ කියවන කෙල්ලෙක් හම්බෙන්නත් කොල්ලෙක් හරි කැමතී.. මොකද සමහර ගෑල්ලමයි කියවනව තමා ඒත් පොඩි හරි කියුට් ගතියක් නෑ. කියවිල්ල වුණත් කල්පයක් වුණත් අහං ඉන්න පුලුවං විදියට කියවන්නෙ ....

      එක්කොත් ඕන නෑ.. තව තව ඒව කියන්න වෙනව

      Delete
    2. ගිම්මිගේ කතාවට දාපු කොමෙන්ට් එකම දාන නිසා ඒක මෙතනම දාන්නම්..

      යකඩෝ.. මේවා කියවනකොට අපි වයසට ගියා ඉක්මන් වැඩිද කියලා හිතෙනවා.. :(

      Delete
    3. හැට පහයි කියල ගිම්මි කීව නේද...
      ඔව් එහෙනං වැඩිය නාකි වෙලා නෑනෙ
      තව කල් තියෙයි හැක් හැක්

      Delete
    4. හිකි හිකි හිකි මයියට තේරුණා නේද මට හිනා ගිය හේතුව...
      අපෝ ඔව් මාව දන්න කියන ගොඩක් අය කියන්නේ ගොලුවෙක් උනත් මාත් එක්ක කතා කරන්න පටන් ගන්නවා කියල...හිකිස්
      හි හි හි අනිත් එක්කෙනා කිව්වේ නං....එක්කෝ ඕනේ නෑ...

      Delete
    5. හම්මේ ඉතිම් නේ...
      කෝච්චියට අහුවුණා වගේ තියෙන්ට ඇති හිහි
      නෑ නෑ එයැයි කියපුවා ඕන නෑ...
      හහ් හහ් හා....

      Delete
  24. මහේෂ්...................

    මෙහෙම කියන්නම්....... එක හුස්මට කියවාගෙන යන්න තරම් ගැලපෙන විදිහට කතාව දිගට පෙළගස්වලා.... හරිම අගෙයි... ඒ වගේ ම විශේෂයෙන් ඔබේ අවස්ථාව වචනයෙන් විස්තර කිරීම ලස්සනයි.. හැසිරීම් සහ වචනයන් පවා හරි ලස්සනට වචනයෙන් කියලා තියෙනවා... මං දකින විශේෂත්වය ඒකයි.... ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු...
      ගොඩක් ස්තූතියි. ඇත්තටම කතාවක් ලියන්න ටිකක් මහන්සි වෙනන එපැයි නේද. ඒ වගෙ මහන්සියක් අපතෙ ගියෙ නෑ කියල හිතෙන්නෙ ඔයාලගෙ මේ කොමෙන්ටු දැක්කම...
      බොහොමත්ම ස්තූතියි ...
      ජයවේවා

      Delete
  25. ලස්සනයි. තව එකක් ලියන්ඩෝ.

    ReplyDelete
  26. දුක හිතුනා රත්තරනේ......

    ReplyDelete
    Replies
    1. මට රිදුනා සත්තලනේ

      Delete
  27. Kathawa lassanayi.. kami liyapu comment ekata mamath like.. api wayasata gihin dan. Hadana waradi thibbath samahara waradi hadanna baha.

    ReplyDelete
    Replies
    1. ආදරේට වයස ප්‍රශ්නයක් නෑ.... ;-) ;-) ;-) හිහි
      වැරැද්දක් හදාගන්න බැරි අවස්ථාත් ඇත්තටම එනව ඇති. ඒ ගැන මහ ගොඩක් අත්දැකීම් නැති හිංද අපි කියල මොනව කියන්නද.
      ඇත්තටම මේ කොමෙන්ට් එකට කියන්න දෙයක් නැති තරං..

      ස්තූතියි අම්බලංගොඩයා...
      පෙර ගැන නොහිත ඉන්න එක තමා තියෙන තත්වෙ හැටියට කරගන්න පුලුවං එකම උදව්ව

      Delete
  28. ගොඩක් අයට ආදරය,රාගය පැටලෙනවා.මම හිතන්නේ නටෂාත් එහෙම ඒ දෙක පටලා ගත්තු කෙනෙක් වෙන්න ඇති.

    ලස්සන කතාවක් බං.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝ ඒක නං
      නටාෂා ගැන කියනව නං ඒක එහෙම වෙන්නත් නොවෙන්නත් පුලුවං කියල හිතෙනව
      ස්තූතියි මනෝ
      ජයවේවා

      Delete
  29. දිගටම කියවගෙන යන්නට පුලුවන්නේ
    ලස්සන කතවට මම සුභ පතන්නේ

    ReplyDelete
  30. මම ආසම සිංදුවකින් පටන් අරන් තිබ්බ නිසා කියවන්න ආවේ, ආදරේ වින්දනීය බව වින්ද හිත් වලට පුළුවන් වින්දනීය විදිහට ලියන්න :)

    ReplyDelete
  31. //එතකොට ආදරේ කරන්න දන්න පිරිමිත් ඉන්නව නේ...//
    නෑ අනේ. මං කියන්නෙ 'ආදරේ පෙන්නන්න දන්නැති ගල් ගෙඩිය' කියල.
    කතාව ලස්සනයි මහේෂ් අයියෙ. අදයි කියෙව්වෙ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...