Wednesday, February 17, 2016

සමාවෙනු මැනවි සොඳුරිය.. මුදුව හිමිවූවේ ඇයට...



සෑම හිතකම සියුම් රිදුමක් ඇත
කිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...

 සිනා මුහුණට යටින්
රන් මුදුවකට හොරෙන්
පුතුගෙ ඇස් ගැඹුරෙන්
දුවගෙ ඉසියුම් සිනාවෙන්
තත්පරයකට ලොවම නවතන්
දැනෙයි රිදුමක් සැමට රහසින්...

කෝපි සුවක දැවටෙමින්
නාස් පුඩු කිති කවන් හද සොයයි හැගුමන්
යතුරු පැදි පෙම්වතුන්
නවත්වයි සිව්සක රියක් වුව කෙමෙන්
දැනෙයි හද පාරන්
පෙර දිනෙක මතකෙක් තවම හරි උණුහුමින්
ඒ තරම් හිත බරෙන්
දැනුනදැයි සොයමි නෙත් විමසිල්ලෙන්
නෑ වගක් උන් උනුන්
රිදුම් පිරිමදිමි සිනා රෙදි කඩකින්...




පිංතූරය ගත්තෙ මෙතනින්

88 comments:

  1. //සෑම හිතකම සියුම් රිදුමක් ඇත
    කිසිම දවසක නිමාවක් නොදකින
    මහම මහ සතුටකට පසුවත්
    එකම එක මොහොතක නැගී ආ හැකි...//

    පට්ට...ජය වේවා!!!මන් එක පාරක් කියවල ආයෙත් දෙතුන් පාරක්ම කියෙව්වා..මරු...

    ReplyDelete
    Replies
    1. හිතට දැනුන නං සතුටුයි..
      ස්තූතියි ගිම්මි

      Delete
  2. නැගනියෙනි හිතවත්.
    ගෙනෙනු මට අබැටක්
    කිසිදා කිසිම කිසිවෙකු
    නොමල ගේ දොරකින්....
    නොරිදුනු සිතක් සෙවීමත් මෙවැනිම අසීරු කාර්යයකි.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල...
      අපි නං සුවපත් වෙච්ච දවසක්ම නෑලු... හෙහ්
      ජයවේවා

      Delete
  3. මේ කවි කියවලා මගෙත් හිත හොඳටම රිදිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇයි අයියෙ ඒ..
      හැක් හැක්

      Delete
  4. රෝස මලක් වටකරමින්
    පැණිකුරුල්ලො කෑ ගැසුවට
    සමනලයෙක් නොමෙති අඩුව
    දන්නෙ රෝස මල විතරලු

    රෑ අහසක් වසාගෙනම
    දිලිසි දිලිසි තරු තිබුනට
    අපි හොයන්නේ අමාවකට
    අහසෙ නොමැති හඳ විතරලු

    මහවැස්සක් ඇද හැලුනට
    කෙත්වතු බිම් තෙත් කෙරුවට
    තාම මතක් වෙන්නේ හිතට
    පායපු රන් දේදුන්නලු

    තුටින් නටල ගී ගයන්න
    අනන්තවත් ගී තිබුනට
    හිතට මතක්වෙන්නෙ එකම
    දුක් ගීයක පද වැලක් ලු ...........

    ReplyDelete
    Replies
    1. වාව්... ලොවෙත් පට්ටලු..
      හිටාං කෝම හරි මේකට රිප්ලයි කයියක් කොටනවා මයි

      Delete
    2. හංසිගේ පද ටික නියමයි. ජය වේවා මහේෂ් !!! ලියමු බලන්න උත්තරයක්.

      Delete
    3. හේමමාලිටයි මහේෂ් අය්යටයි දෙන්නටම ඉස්කෝතුයි :) මහේෂ් අය්ය ලොවෙත් නැතිවෙන්නම ලස්සන පිළිතුරු කවියක් ගොතන්න්කො :D

      Delete
    4. මල වුණත් සිඹිනකොට මුදුව
      දැනෙනවා ඇත්දැයි ඇයට
      හොදටෝම විස්වාසද ඔබට
      සමනල් ප්‍රේමයක හැඩ හුරුව..

      සඳ නැතිවට දුක කියන්නෙ
      ඔබ විතරයි ඔබ හිතුවට
      සඳට ආදරේ තරුකැට
      කොතෙක් ඉන්නවද ගගනත

      දෑස පියන් සිනා වෙමින්
      හිතකට එන හැගුම් වලට
      ඉඩ දෙයිනම් කවි කියන්න
      ඊට වඩා වෙන මොනවද
      බිදුණු හිතක් පිරිමදින්න..

      බාගෙ
      කවි ඒ තරං කොලිටි නං නෑ ඔන්න
      මේ දවස් වල මට මොකක් හරි වෙලා ඉස්සර වගේ කවියක් දැක්කම රිප්ලයි කවි එන්නෙම නෑ

      හංසෙ
      හිතුව තරං වටින කමක් දෙන්න බැරිවුණාට කණගාටුයි

      Delete
    5. ඔව් ඔව් මහේෂ් අය්යට මක්ක හරි වෙලා (සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් .. මම කීවෙ ඔරේන්ජ් බාර්ලි ... :P ) මට මේ කවි දෙකම වටිනව.ඔය එහාට මෙහාට පැත්ත ගහන මූඩ් වෙනස් කරන හිත පොඩ්ඩක් හරි වෙනස් වෙලා කවියක් ලිව්වනෙ .. ඒ ඇති :)

      Delete
    6. මං හිතන්නෙ මූඩ් ෆික්ස් කරන්න මරු ඉගුරු
      හැක් හැක්...
      බොලා කුණු කුණු ගෑවෙ නැත්තං මේක ලියන්නෙත් නෑ තමයි...
      හිහි..
      කොහෙද ඔලුව අතගාලම ටොකු අනිද්දි ඉවසං ඉන්ට පුලුවනෑ...
      හිහි...
      ස්තූතියි
      ජයෙන් ජයම වේවා....

      Delete
  5. මුදුව හිමිවූයේ ඇයට අනික්ව හිමිවූයේ ඔබට ද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් වැදගත් ප්‍රශ්නයක් ප්‍රසන්න...

      Delete
    2. අම්මාපා...
      මුන්දැව එල්ලල ගැහුවත් මදිනෙ
      ගහල එල්ලල නං වැඩක්ම නෑ...

      ඒව මං දන්නෙ නෑ අයිතිකාරයන්නෙන් අහගන්න එකයි ඇත්තෙ හැක්...

      කවිදු..
      ++++++

      Delete
  6. දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුමේ එක්කල තවත්
    සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇති කර ගැටුම්......
    වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
    ගණදුරට පෙම් බදින තරු යායට
    මල් යාය විකසිත වෙලා කුමකට.....
    මං ආයෙ හිනහෙන්න උර මඩලට
    ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර

    ගායනය - රොෂාන් ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. දුකම විඳලා ඔයා හින්දා
      තවම නැහැ මං සතුට ලබලා..
      සිතම රිදවා ගියා කියලා
      ඔබට නැහැ මං වෛර කරලා...

      කලබල වෙලා පුංචි දේටත්
      රන්ඩු සරුවල් නොකර පෙරදා..
      අපි හිටියනම් තේරුම් අරන්
      අදටත් මගේ විතරයි ඔයා...

      මතක අතරින් පෙනෙනවා
      ඔබ ගියපු දුර දමා..
      එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්
      ඉන්න බැරි තැන ඉවසා..
      කලබල වෙලා පුංචි දේටත්
      රන්ඩු සරුවල් නොකර පෙරදා..
      අපි හිටියනම් තේරුම් අරන්
      අදටත් මගේ විතරයි ඔයා...

      තවම එලෙසින් තියෙනවා
      ඔබට ගැති සිත සදා..
      දිනෙක නැවතත් එන්න හැකිනම්
      මගේ සෙවනට පියඹා..
      කලබල වෙලා පුංචි දේටත්
      රන්ඩු සරුවල් නොකර පෙරදා..
      අපි හිටියනම් තේරුම් අරන්
      අදටත් මගේ විතරයි ඔයා...''

      ගායනය - රුවන් හෙට්ටිආරච්චි

      Delete
    2. මයියට දෙන එක දීලා තියනවා සපත්තුවක් ආයේ වමාරන්න බැරි විදිහට ..හැක් හැක්

      Delete
    3. සිංදුවා අලුත් සිංදුත් දන්නවා එහෙනම්.

      Delete
    4. සිංහ මචෝ ,එෆ් එම් වලට පින්සිද්ද වෙන්න මේවා අපිට කට පාඩම් කරවනවා නොවැ ..ඉතින් නොදැන ඉන්නේ කොහොමෙයි ...හැක්

      මගේම නෙතු යුග අසරණ මා ඇයි 
      මේ ලෙස රවටන්නේ .....
      මගේ සවන් යුග තනිවූ මා සිත 
      ඇයිදෝ .....රිදවන්නේ .....

      යන එන මාවත ගැවසෙන රූ මැද 
      ඇයගේ රුවම මවා ....
      මා රවටා හිනැහෙන්නට තරමට 
      නෙත් යුග කුරිරු වෙලා 

      නිසසල හැම විට සිහිනෙක විලසට 
      ඇයගේ හඬම නගා....
      මා රවටා සැනසෙන්නට තරමට 
      දෙසවන් නපුරු වෙලා 

      ගී පද -කුලරත්න ආරියවංශ 
      ගී තනු - රෝහණ වීරසිංහ 
      ගායනය - සුනිල් එදිරිසිංහ

      Delete
    5. අහෝ... ඇයිද මා අසරණ කරවන්නේ...
      කොහෙන්ද බං මං මේවට රිප්ලයි සිංදු හොයන්නෙ... හෙහ්..
      ස්තූතියි ස්තූතියි සිංදුවො...
      උඹේ සිංදුවක් අපේ පෝස්ට් එක්කට ගේන එළිය වචන වලිං කියන්ට බැ බං...

      මේක බූට් කාපු කතාවක් නං නෙවී... කියවලා බලහං ආයෙම. හැක් හැක්..

      සිංහ මචං..
      අපේ සිංදුව පරණ ඕ එස් එකක් වුණත් ඩේලි අප්ඩේට්ස් ගන්නව බං..
      හෙහ්.. අපි තමා තාම පරණ තැටියම වාදනය කරන්නෙ හිහි

      Delete
    6. @සිංදු.. උබටනම් පට්ට මෙමරියක් තියෙන්නේ..
      මහේෂ්.. අපිට ඕන සිංදු අපිට උවමනා වෙලාවකට හොයා ගන්න පුලුවන්ද?
      මටනම් දහ පාරක් ඇහෙව්වත් සිංදුනම් මතක හිටින්නේ නෑ..

      Delete
    7. සිංදුව ගැන කියපු කතාවටකෙන්ම එකගයි
      දනෙවී විසි පාරක් ඇහුවත් ඔච්චරයි
      ඕන නං වෙනි පද ටික මතක හිටී

      Delete
    8. @මහේෂ් "පෙර දිනයක "වාගේ එකක් නේ ....

      මධුර ප්‍රේම කල්පනා 
      ගෙනේ විරහ වේදනා...

      අමතක වූ අතීතයක පත්ඉරු යලි පෙරළිලා...
      සිහින රටක මල් උයනක නෙතු රැහැනේ පැටළිලා...

      සුවඳ මලක මායමකට මගෙ බඹරිඳු මත් වෙලා…
      එකම තැනක එකම සිතක පැටලී මුසපත් වෙලා…

      ගායනය - නන්දා මාලනී
      පද රචනය - තිලකරත්න කුරුවිටබණ්ඩාර.
      සංගීතය - එච්. එම්. ජයවර්ධන.

      Delete
    9. අන්න පොයින්ට් එක
      ලෙසටම අහුවෙලා ලෙසටම ගැලපෙන සිංදුවකුත් දාල
      අනිවා මේ සිංදුව හොයාගෙන අහන්නම ඕන...
      මොකද අහලම නෑ...
      උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම මචෝ
      ජයවේවා

      Delete
    10. මේක අහලා නැ කියලා හිතන්න අමාරුයි උඹ ...

      https://www.youtube.com/watch?v=Z145N2qaRJ0

      Delete
    11. ඇත්තටම අහල නෑ සිංදුවො.. ලිංකුවට ස්තූතියි.
      වීඩියෝ බලන්න බෑ ෆෝන් කටුවෙන්.
      මං MP3 එක නං බාගත්ත
      ආයෙ ගෙදර ගියාම තමා. එතකොට වීඩියෝ එකත් බලන්නංකො..
      ඉස්කෝතුයි හොදේ..

      Delete
  7. මේ මාසේ වැරද්දක්ද කොහෙද???
    නිර්මානෙ නම් හරි අගෙයි මහේෂ්..

    ReplyDelete
    Replies
    1. මාසෙ වැරැද්දක්ය කීව...
      ඇයි ඒ සිංහ බ්‍රෝ...
      ස්තූතියි සහෝ අගය කළාට...
      ජයවේවා

      Delete
    2. ඔය පහලින් තියෙන්නේ උත්තරේ හැක්.
      මම නෙමේ කියන්නේ එහෙම නෑ..

      Delete
    3. ඒක තමයි මාත් වෙ.
      කාට කියන්නද ඉතිං
      කාල ඉන්නවෙනව නං

      Delete
  8. තුන්පාරක් කියෙව්වා...මහේෂ්ගේ බූට් කතාවක්මයි.:P

    ReplyDelete
    Replies
    1. අහෝ
      මාගේ
      නොවේ




      කාට
      කියන්න ද

      මේ
      දුක


      Unicode pissu natana bevin pasuwa comment ekak damanu lebe.

      Chodana kaariya ethakota vibaga karamu

      Delete
    2. "කාට කියන්නද මේ දුක, ඔබ හැර"
      මයියගේ උත්තරේ ඉතිරි ටික මේ වගේලු හැහ් හිහ් හි්හ් හිහ්

      Delete
    3. @බාගෙ
      ඔව් ඉතිං එහෙමවත් කියමු අනේ...
      සැක් අප්පා මඩ ගහනවයි කියල මේමත් ගහනවය

      Delete
  9. හැම හිතකම.................... ???????? :)

    ReplyDelete
    Replies
    1. ඇයි ෂුවර් නැද්ද...
      කුරුට්ට බූට් එකක් කාලම නෑ වගේ හිහි

      Delete
  10. මගේ හිතටත් වැදුනා, පද පෙල ලස්සනයි...

    ReplyDelete
  11. රිදුම් නැති හිතක් ආදරයෙදි හොයන්න හරිම අමාරුයි මිත්‍රයා...ඒ වෙනුවෙන් මම එකතු කරන්නෙ මේ ගීතය.

    ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
    හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
    විමසා නැතිද කිසිදා ඔබත්
    කඳුළින් තුරන් වූ ප්‍රේමයක්

    සතුටේ උපත කඳුළයි සදා
    හද වේදනා දෝතින් ගෙනා
    පවනේ සිසිල සුසුමයි සිතේ
    පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා

    පිපි මල් මතින් පියමං කලෝ
    දිනුවේද කවදා ප්‍රේමයෙන්
    විඳි වේදනා සතුටින් දරා
    පැරදී ගියේ කවුදෝ එයින්

    පදරචනය -කුමාරදාස සපුතන්ත්‍රි
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ

    ReplyDelete
    Replies
    1. අනිවා සිරා අයියෙ. ලව් කරපු එකෙක් බූට් එකක් කාල නැත්තං ඒකෙත් ගතියක් නෑ ඉතිං හිහි
      ස්තූතියි සිංදුවට... මටම ගැලපෙනව අපේ සිංදුව වගේම තමා හිහි

      Delete
  12. සතුටක වුණත් ඇත සියුම් රිදුමක්
    රිදුමක වුණත් ඇත සියුම් සතුටක්
    රිදුමක සතුට දැනුණු සිත් අහසක්
    සතුටක වුවත් සොයයි යම් රිදුමක්

    ReplyDelete
    Replies
    1. සතුටක් පසු පසින් එන සෙවණැල්ලක්
      නිතරම හිත රිද්දමින් යන කතාවක්
      අමතක කරන්නට හිත පොර බැදූවත්
      යළි යළිත් හිත මතම විලිස්සන මතකයක්

      Delete
  13. මොනවා කරන්නද රංජනී.....?

    ReplyDelete
  14. // සෑම හිතකම සියුම් රිදුමක් ඇත
    කිසිම දවසක නිමාවක් නොදකින //

    අපි මොනවා කියන්නද උඹම කියන්න ඕන දේ කියලා තියෙද්දී.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අයියා....

      Delete
  15. වැලන්ටයින් කාලේට පහලවෙන සිතුවිලි ;)

    ReplyDelete
    Replies
    1. අනේ.. අනේ තුශානි..
      ඉඳල හිටල මඩ පාරක් එවනව ම යි නේ.. ;-) ;-)

      Delete
  16. රිදුම් එක්ක ජිවත් වෙන්න අමාරුයි.සිනා රෙදි කඩකින් කදුළු පිසදා ගැනීම තමයි හොඳම දේ.

    ReplyDelete
  17. කරන්නත් බැරිම දේ ඒක තමයි මනෝජ්
    මං කීවෙ මට නං නෙවෙයි ;-) ;-)
    සමහර අයට
    හිහි

    ReplyDelete
  18. ‘‘සෑම හිතකම සියුම් රිදුමක් ඇත
    කිසිම දවසක නිමාවක් නොදකින
    මහම මහ සතුටකට පසුවත්
    එකම එක මොහොතක නැගී ආ හැකි...‘‘ ඇත්තමයි...

    ReplyDelete
    Replies
    1. අහ්.....!!
      අනන ඒව නං අත්දැකීම් ලු... ;-)
      කෝ අර පොඩ්ඩි අක්කයි තුශානියයි...
      සැක්.. තරු අක්කගෙ කොමෙන්ටුව පෙන්නන්නම ඕන...

      :-) :-) :-)

      Delete
  19. ඇයි මේ හැම කෙනාම දැං කෝපි සුවදක් ගේන්නේ.. හරියට වෙරලු මල් සුවද වගේ එකක්ද ඒක?

    ReplyDelete
    Replies
    1. @දේශක තුමා
      වෙරළු මල ඔබ තුමාගෙ බ්‍රෑන්ඩ් එක නෙව. ;-) ;-)
      ඉතිං අපි කෝපි සුවඳට කැමතී.. :-P
      අනික වෙරළු වගේයැ කෝපි
      හැක හැක

      @සිංදු. දැං ඔන්න ඉතිං ඔය කතාව මොකද්ද කියල මගෙං එහෙම අහන්නෙ නෑ.. :-D :-D

      Delete
    2. වෙරළු මල් ගැනත් කවුද ගොබිලෙක් ලිව්වා නේද හිටං...

      Delete
    3. වෙරළු මල් පිපිලා........
      වෙරළු මල් පිපිලා
      රේණු වසිනවා වරුසාවයි
      මැද මිදුල උඩින් අඩිය තියා
      යන්නට ලෝබයි
      මල් සිඹින්න ආසයි
      මල් සිඹින්න ආසයි
      මල් සිඹින්න ආසයි....

      මහ නිලමෙ ගියේ
      තිරික්කළෙන් රාජකාරි නම්
      හීන් නිලමෙටවත් මේ හීතල
      නැතිවද තේරුම්
      සඳ වතුර මලින් සිරි සිරි ගා
      පොද වැටෙන තරම්
      පොද වැටෙන තරම්
      පොද වැටෙන තරම්.....

      එක සීනු නාද සිරි යහනේ
      කොයින්ද මායිම්
      ගම්මැද්දේ මට රැජින වගේ
      යන්නට පුළුවන්
      මං එහෙම තමයි මගෙ නිලමෙලාට
      ආඩම්බර නම්
      ආඩම්බර නම්
      ආඩම්බර නම්......

      ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - අසේල බණ්ඩාර
      ගායනය - කුමාරි මුණසිංහ

      Delete
    4. @සිරා...
      එහෙමලු එහෙමලු... හැක්.. ඔය යටිං තියෙන්නෙත් එහෙම එකක්ලු...

      සිංදුව මේ සිංදුව කියවල හිටං මට සංසාරණ්‍ය අසබඩ මතක් වුණා... සේම් සිටුඒසං එකක් තියෙයි...
      හැබැයි වෙරලු මලටත් සිංදු කිව කියල දේශ දැක්කොත් උඩ පැනල විසිල් ගහල බල්ටි හැට හුට හමාරකුත් ගහයි.. හෙහ්

      Delete
  20. හිතාගන්න අමාරුයි...... අත්දැකීම් නෑනෙ අපට

    ReplyDelete
    Replies
    1. විස්වාස කරන්නත් බෑ හිටං
      අලියා ලියකො යකෝ..
      කම්මැලි කමට දපල ඉන්නෙ

      Delete
  21. මතකයන් කිසිදා නොමියේ..
    මම නම් ඕවා දන්නේ නෑ හොදේ :3
    නියමයි මචං!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒක නං තේරෙනව..
      කිසිදා නොමියෙන බව..
      හෙහ් හෙහ්

      Delete
  22. සදා සුව නොවෙන රිදෙන තැන් අතීතෙට ගිහින් සුවකරගෙන එන්න පුලුවනිනම්..

    ReplyDelete
    Replies
    1. එහෙම වුණොත් හොදයි හිතුණට එහෙම වුනොත් කිසි ගතියක් නැතිවෙයි හිතෙනව බං
      බලහං මතක් කරන්නවත් බූට් සික් එකක් තිබ්බෙ නැත්තං කිසි ගතියක් නෑනෙ හිටං
      හෙහ් හෙහ්

      Delete
  23. පට්ට සහෝ,ඇත්තටම ලස්සනට පද ගලපලා තියෙනවා හිතට වදින විදිහට,
    ජයෙන් ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රස්තෙ...
      ජයවේවා

      Delete
  24. ඔය නිමාවෙන්නැති රිදිල්ල නිසා තමා කවුරු කවුරුත් ලියන්නො වෙලා තියෙන්නෙ.
    කවිය දැනුණ මල්ලියෙ.

    ReplyDelete
    Replies
    1. ඔය නිමාවෙන්නැති රිදිල්ල නිසා තමා කවුරු කවුරුත් ලියන්නො වෙලා තියෙන්නෙ///
      ඔව් ඔව් ඒක නං ඇත්ත කියල හිතෙනව හිහි
      ස්තූතියි දිනිති අක්කේ

      Delete
  25. පට්ට පට පටය​....ආයෙ no words ය​....බොක්ක පසාරු කරමින් ආමාශය තුලටම කිඳා බැස්සාට සැක නැත​...ජය වේ මහේෂ් සහෝ !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දබොස් අගය කළාට...
      සාදරයෙන් පිලිගන්නව අවන්හලට

      ජයවේවා

      Delete
  26. //සෑම හිතකම සියුම් රිදුමක් ඇත
    කිසිම දවසක නිමාවක් නොදකින
    මහම මහ සතුටකට පසුවත්
    එකම එක මොහොතක නැගී ආ හැකි...//

    සමහරවිටෙක ඒ සියුම් රිදුමකින් නැවතීම හොඳක් වන්නට බැරිද? විශාල රිදුමකින් හදවත ඔත්පල වෙනවාට වඩා...

    ReplyDelete
    Replies
    1. නැවතීම හොදක් නෙවෙන්නම් මචෝ
      නොනවතින එකනෙ අවුල. හිහි

      Delete
  27. මේක නිකං පෙරදිනයක මා පෙම් කල යුවතිය වගේ එකක්ද ?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් තමා.. ඒත් ඒ ළගින් විතරයි යන්නෙ හොදේ
      හිහි

      Delete
  28. ඉස්සෙල්ලම ඇවිත් කියෙව්වෙ ඇඩෙන සීන් එකක් ....

    ReplyDelete
    Replies
    1. ඇඩුනෙයි ඉතිම්
      හැක්
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට ඔන්න

      Delete
  29. බ්ලොග් එක වටේ රවුමක් ගියා මරුඇ........

    ප්‍රේමණීය හිත් මත්තට
    පෙම දීලා පැල කරලා
    හඩන දොඩන කදුලු බිංදු
    කවි කරලා පල කරලා

    ReplyDelete
    Replies
    1. රසික සාදරයෙන් පිලිගන්නව අවන්හල ට..
      ස්තූතියි සහෝ...

      කවියත් ලස්සනයි ඒක නං නොකියාම ඉන්නට නොහැකියි
      ජයවේවා

      Delete
  30. Replies
    1. සාලිත සාදරයෙන් පිළිගන්නව අවන්හල ට
      ස්තූතියි සාලිත.

      Delete