සෑම හිතකම
සියුම් රිදුමක් ඇත
කිසිම දවසක
නිමාවක් නොදකින
මහම මහ සතුටකට
පසුවත්
එකම එක මොහොතක
නැගී ආ හැකි...
සිනා මුහුණට
යටින්
රන් මුදුවකට
හොරෙන්
පුතුගෙ ඇස්
ගැඹුරෙන්
දුවගෙ ඉසියුම්
සිනාවෙන්
තත්පරයකට ලොවම
නවතන්
දැනෙයි රිදුමක්
සැමට රහසින්...
කෝපි සුවඳක දැවටෙමින්
නාස් පුඩු
කිති කවන් හද සොයයි හැගුමන්
යතුරු පැදි
පෙම්වතුන්
නවත්වයි
සිව්සක රියක් වුව කෙමෙන්
දැනෙයි හද
පාරන්
පෙර දිනෙක
මතකෙක් තවම හරි උණුහුමින්
ඒ තරම් හිත
බරෙන්
දැනුනදැයි සොයමි
නෙත් විමසිල්ලෙන්
නෑ වගක් උන්
උනුන්
රිදුම්
පිරිමදිමි සිනා රෙදි කඩකින්...
පිංතූරය ගත්තෙ මෙතනින්
//සෑම හිතකම සියුම් රිදුමක් ඇත
ReplyDeleteකිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...//
පට්ට...ජය වේවා!!!මන් එක පාරක් කියවල ආයෙත් දෙතුන් පාරක්ම කියෙව්වා..මරු...
හිතට දැනුන නං සතුටුයි..
Deleteස්තූතියි ගිම්මි
නැගනියෙනි හිතවත්.
ReplyDeleteගෙනෙනු මට අබැටක්
කිසිදා කිසිම කිසිවෙකු
නොමල ගේ දොරකින්....
නොරිදුනු සිතක් සෙවීමත් මෙවැනිම අසීරු කාර්යයකි.
ආයෙත් අහල...
Deleteඅපි නං සුවපත් වෙච්ච දවසක්ම නෑලු... හෙහ්
ජයවේවා
මේ කවි කියවලා මගෙත් හිත හොඳටම රිදිල තියෙන්නෙ.
ReplyDeleteඇයි අයියෙ ඒ..
Deleteහැක් හැක්
රෝස මලක් වටකරමින්
ReplyDeleteපැණිකුරුල්ලො කෑ ගැසුවට
සමනලයෙක් නොමෙති අඩුව
දන්නෙ රෝස මල විතරලු
රෑ අහසක් වසාගෙනම
දිලිසි දිලිසි තරු තිබුනට
අපි හොයන්නේ අමාවකට
අහසෙ නොමැති හඳ විතරලු
මහවැස්සක් ඇද හැලුනට
කෙත්වතු බිම් තෙත් කෙරුවට
තාම මතක් වෙන්නේ හිතට
පායපු රන් දේදුන්නලු
තුටින් නටල ගී ගයන්න
අනන්තවත් ගී තිබුනට
හිතට මතක්වෙන්නෙ එකම
දුක් ගීයක පද වැලක් ලු ...........
වාව්... ලොවෙත් පට්ටලු..
Deleteහිටාං කෝම හරි මේකට රිප්ලයි කයියක් කොටනවා මයි
හංසිගේ පද ටික නියමයි. ජය වේවා මහේෂ් !!! ලියමු බලන්න උත්තරයක්.
Deleteහේමමාලිටයි මහේෂ් අය්යටයි දෙන්නටම ඉස්කෝතුයි :) මහේෂ් අය්ය ලොවෙත් නැතිවෙන්නම ලස්සන පිළිතුරු කවියක් ගොතන්න්කො :D
Deleteමල වුණත් සිඹිනකොට මුදුව
Deleteදැනෙනවා ඇත්දැයි ඇයට
හොදටෝම විස්වාසද ඔබට
සමනල් ප්‍රේමයක හැඩ හුරුව..
සඳ නැතිවට දුක කියන්නෙ
ඔබ විතරයි ඔබ හිතුවට
සඳට ආදරේ තරුකැට
කොතෙක් ඉන්නවද ගගනත
දෑස පියන් සිනා වෙමින්
හිතකට එන හැගුම් වලට
ඉඩ දෙයිනම් කවි කියන්න
ඊට වඩා වෙන මොනවද
බිදුණු හිතක් පිරිමදින්න..
බාගෙ
කවි ඒ තරං කොලිටි නං නෑ ඔන්න
මේ දවස් වල මට මොකක් හරි වෙලා ඉස්සර වගේ කවියක් දැක්කම රිප්ලයි කවි එන්නෙම නෑ
හංසෙ
හිතුව තරං වටින කමක් දෙන්න බැරිවුණාට කණගාටුයි
ඔව් ඔව් මහේෂ් අය්යට මක්ක හරි වෙලා (සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් .. මම කීවෙ ඔරේන්ජ් බාර්ලි ... :P ) මට මේ කවි දෙකම වටිනව.ඔය එහාට මෙහාට පැත්ත ගහන මූඩ් වෙනස් කරන හිත පොඩ්ඩක් හරි වෙනස් වෙලා කවියක් ලිව්වනෙ .. ඒ ඇති :)
Deleteමං හිතන්නෙ මූඩ් ෆික්ස් කරන්න මරු ඉගුරු
Deleteහැක් හැක්...
බොලා කුණු කුණු ගෑවෙ නැත්තං මේක ලියන්නෙත් නෑ තමයි...
හිහි..
කොහෙද ඔලුව අතගාලම ටොකු අනිද්දි ඉවසං ඉන්ට පුලුවනෑ...
හිහි...
ස්තූතියි
ජයෙන් ජයම වේවා....
^_^ ^_^
Delete^_^ ^_^
Deleteහිහි
මුදුව හිමිවූයේ ඇයට අනික්ව හිමිවූයේ ඔබට ද දන්නෑ.
ReplyDeleteඒක නම් වැදගත් ප්‍රශ්නයක් ප්‍රසන්න...
Deleteඅම්මාපා...
Deleteමුන්දැව එල්ලල ගැහුවත් මදිනෙ
ගහල එල්ලල නං වැඩක්ම නෑ...
ඒව මං දන්නෙ නෑ අයිතිකාරයන්නෙන් අහගන්න එකයි ඇත්තෙ හැක්...
කවිදු..
++++++
දුක දන්නේ වෙන කවුද ඇස් දෙක තරම්
ReplyDeleteමම උන්නේ ඔබේ වෙන්න අත් දෙක අරන්
එනමුත් අපේ කරුමේ එක්කල තවත්
සැනසෙන්න බෑ ඒ තුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇති කර ගැටුම්......
වැළපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදි කාරියෙ ඉතින්
ගණදුරට පෙම් බදින තරු යායට
මල් යාය විකසිත වෙලා කුමකට.....
මං ආයෙ හිනහෙන්න උර මඩලට
ලන් වෙන්නෙ නැ කදුළු පුජා කර
ගායනය - රොෂාන් ප්‍රනාන්දු
දුකම විඳලා ඔයා හින්දා
Deleteතවම නැහැ මං සතුට ලබලා..
සිතම රිදවා ගියා කියලා
ඔබට නැහැ මං වෛර කරලා...
කලබල වෙලා පුංචි දේටත්
රන්ඩු සරුවල් නොකර පෙරදා..
අපි හිටියනම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා...
මතක අතරින් පෙනෙනවා
ඔබ ගියපු දුර දමා..
එවිට කඳුලක් වැටුනෙ දෙනෙතින්
ඉන්න බැරි තැන ඉවසා..
කලබල වෙලා පුංචි දේටත්
රන්ඩු සරුවල් නොකර පෙරදා..
අපි හිටියනම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා...
තවම එලෙසින් තියෙනවා
ඔබට ගැති සිත සදා..
දිනෙක නැවතත් එන්න හැකිනම්
මගේ සෙවනට පියඹා..
කලබල වෙලා පුංචි දේටත්
රන්ඩු සරුවල් නොකර පෙරදා..
අපි හිටියනම් තේරුම් අරන්
අදටත් මගේ විතරයි ඔයා...''
ගායනය - රුවන් හෙට්ටිආරච්චි
මයියට දෙන එක දීලා තියනවා සපත්තුවක් ආයේ වමාරන්න බැරි විදිහට ..හැක් හැක්
Deleteසිංදුවා අලුත් සිංදුත් දන්නවා එහෙනම්.
Deleteසිංහ මචෝ ,එෆ් එම් වලට පින්සිද්ද වෙන්න මේවා අපිට කට පාඩම් කරවනවා නොවැ ..ඉතින් නොදැන ඉන්නේ කොහොමෙයි ...හැක්
Deleteමගේම නෙතු යුග අසරණ මා ඇයි
මේ ලෙස රවටන්නේ .....
මගේ සවන් යුග තනිවූ මා සිත
ඇයිදෝ .....රිදවන්නේ .....
යන එන මාවත ගැවසෙන රූ මැද
ඇයගේ රුවම මවා ....
මා රවටා හිනැහෙන්නට තරමට
නෙත් යුග කුරිරු වෙලා
නිසසල හැම විට සිහිනෙක විලසට
ඇයගේ හඬම නගා....
මා රවටා සැනසෙන්නට තරමට
දෙසවන් නපුරු වෙලා
ගී පද -කුලරත්න ආරියවංශ
ගී තනු - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
අහෝ... ඇයිද මා අසරණ කරවන්නේ...
Deleteකොහෙන්ද බං මං මේවට රිප්ලයි සිංදු හොයන්නෙ... හෙහ්..
ස්තූතියි ස්තූතියි සිංදුවො...
උඹේ සිංදුවක් අපේ පෝස්ට් එක්කට ගේන එළිය වචන වලිං කියන්ට බැ බං...
මේක බූට් කාපු කතාවක් නං නෙවී... කියවලා බලහං ආයෙම. හැක් හැක්..
සිංහ මචං..
අපේ සිංදුව පරණ ඕ එස් එකක් වුණත් ඩේලි අප්ඩේට්ස් ගන්නව බං..
හෙහ්.. අපි තමා තාම පරණ තැටියම වාදනය කරන්නෙ හිහි
@සිංදු.. උබටනම් පට්ට මෙමරියක් තියෙන්නේ..
Deleteමහේෂ්.. අපිට ඕන සිංදු අපිට උවමනා වෙලාවකට හොයා ගන්න පුලුවන්ද?
මටනම් දහ පාරක් ඇහෙව්වත් සිංදුනම් මතක හිටින්නේ නෑ..
සිංදුව ගැන කියපු කතාවටකෙන්ම එකගයි
Deleteදනෙවී විසි පාරක් ඇහුවත් ඔච්චරයි
ඕන නං වෙනි පද ටික මතක හිටී
@මහේෂ් "පෙර දිනයක "වාගේ එකක් නේ ....
Deleteමධුර ප්‍රේම කල්පනා
ගෙනේ විරහ වේදනා...
අමතක වූ අතීතයක පත්ඉරු යලි පෙරළිලා...
සිහින රටක මල් උයනක නෙතු රැහැනේ පැටළිලා...
සුවඳ මලක මායමකට මගෙ බඹරිඳු මත් වෙලා…
එකම තැනක එකම සිතක පැටලී මුසපත් වෙලා…
ගායනය - නන්දා මාලනී
පද රචනය - තිලකරත්න කුරුවිටබණ්ඩාර.
සංගීතය - එච්. එම්. ජයවර්ධන.
අන්න පොයින්ට් එක
Deleteලෙසටම අහුවෙලා ලෙසටම ගැලපෙන සිංදුවකුත් දාල
අනිවා මේ සිංදුව හොයාගෙන අහන්නම ඕන...
මොකද අහලම නෑ...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම මචෝ
ජයවේවා
මේක අහලා නැ කියලා හිතන්න අමාරුයි උඹ ...
Deletehttps://www.youtube.com/watch?v=Z145N2qaRJ0
ඇත්තටම අහල නෑ සිංදුවො.. ලිංකුවට ස්තූතියි.
Deleteවීඩියෝ බලන්න බෑ ෆෝන් කටුවෙන්.
මං MP3 එක නං බාගත්ත
ආයෙ ගෙදර ගියාම තමා. එතකොට වීඩියෝ එකත් බලන්නංකො..
ඉස්කෝතුයි හොදේ..
මේ මාසේ වැරද්දක්ද කොහෙද???
ReplyDeleteනිර්මානෙ නම් හරි අගෙයි මහේෂ්..
මාසෙ වැරැද්දක්ය කීව...
Deleteඇයි ඒ සිංහ බ්‍රෝ...
ස්තූතියි සහෝ අගය කළාට...
ජයවේවා
ඔය පහලින් තියෙන්නේ උත්තරේ හැක්.
Deleteමම නෙමේ කියන්නේ එහෙම නෑ..
ඒක තමයි මාත් වෙ.
Deleteකාට කියන්නද ඉතිං
කාල ඉන්නවෙනව නං
තුන්පාරක් කියෙව්වා...මහේෂ්ගේ බූට් කතාවක්මයි.:P
ReplyDeleteඅහෝ
Deleteමාගේ
නොවේ
කාට
කියන්න ද
මේ
දුක
Unicode pissu natana bevin pasuwa comment ekak damanu lebe.
Chodana kaariya ethakota vibaga karamu
"කාට කියන්නද මේ දුක, ඔබ හැර"
Deleteමයියගේ උත්තරේ ඉතිරි ටික මේ වගේලු හැහ් හිහ් හි්හ් හිහ්
@බාගෙ
Deleteඔව් ඉතිං එහෙමවත් කියමු අනේ...
සැක් අප්පා මඩ ගහනවයි කියල මේමත් ගහනවය
හැම හිතකම.................... ???????? :)
ReplyDeleteඇයි ෂුවර් නැද්ද...
Deleteකුරුට්ට බූට් එකක් කාලම නෑ වගේ හිහි
මගේ හිතටත් වැදුනා, පද පෙල ලස්සනයි...
ReplyDeleteස්තූතියි භාගෙ
Deleteහිහි
රොම්බ නල්ල
ReplyDeleteරොම්බ නන්රි
Deleteරිදුම් නැති හිතක් ආදරයෙදි හොයන්න හරිම අමාරුයි මිත්‍රයා...ඒ වෙනුවෙන් මම එකතු කරන්නෙ මේ ගීතය.
ReplyDeleteඇසුවේද කවුරුන් හෝ ඔබෙන්
හැඬුවේ ඇයිද ප්‍රේමේ නමින්
විමසා නැතිද කිසිදා ඔබත්
කඳුළින් තුරන් වූ ප්‍රේමයක්
සතුටේ උපත කඳුළයි සදා
හද වේදනා දෝතින් ගෙනා
පවනේ සිසිල සුසුමයි සිතේ
පෙම් ප්‍රාර්ථනා විඳදා ගෙනා
පිපි මල් මතින් පියමං කලෝ
දිනුවේද කවදා ප්‍රේමයෙන්
විඳි වේදනා සතුටින් දරා
පැරදී ගියේ කවුදෝ එයින්
පදරචනය -කුමාරදාස සපුතන්ත්‍රි
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - සුනිල් එදිරිසිංහ
අනිවා සිරා අයියෙ. ලව් කරපු එකෙක් බූට් එකක් කාල නැත්තං ඒකෙත් ගතියක් නෑ ඉතිං හිහි
Deleteස්තූතියි සිංදුවට... මටම ගැලපෙනව අපේ සිංදුව වගේම තමා හිහි
සතුටක වුණත් ඇත සියුම් රිදුමක්
ReplyDeleteරිදුමක වුණත් ඇත සියුම් සතුටක්
රිදුමක සතුට දැනුණු සිත් අහසක්
සතුටක වුවත් සොයයි යම් රිදුමක්
සතුටක් පසු පසින් එන සෙවණැල්ලක්
Deleteනිතරම හිත රිද්දමින් යන කතාවක්
අමතක කරන්නට හිත පොර බැදූවත්
යළි යළිත් හිත මතම විලිස්සන මතකයක්
මොනවා කරන්නද රංජනී.....?
ReplyDeleteදුක තමා
Deleteහැක්
// සෑම හිතකම සියුම් රිදුමක් ඇත
ReplyDeleteකිසිම දවසක නිමාවක් නොදකින //
අපි මොනවා කියන්නද උඹම කියන්න ඕන දේ කියලා තියෙද්දී.
ස්තූතියි දිනේෂ් අයියා....
Deleteවැලන්ටයින් කාලේට පහලවෙන සිතුවිලි ;)
ReplyDeleteඅනේ.. අනේ තුශානි..
Deleteඉඳල හිටල මඩ පාරක් එවනව ම යි නේ.. ;-) ;-)
රිදුම් එක්ක ජිවත් වෙන්න අමාරුයි.සිනා රෙදි කඩකින් කදුළු පිසදා ගැනීම තමයි හොඳම දේ.
ReplyDeleteකරන්නත් බැරිම දේ ඒක තමයි මනෝජ්
ReplyDeleteමං කීවෙ මට නං නෙවෙයි ;-) ;-)
සමහර අයට
හිහි
‘‘සෑම හිතකම සියුම් රිදුමක් ඇත
ReplyDeleteකිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...‘‘ ඇත්තමයි...
අහ්.....!!
Deleteඅනන ඒව නං අත්දැකීම් ලු... ;-)
කෝ අර පොඩ්ඩි අක්කයි තුශානියයි...
සැක්.. තරු අක්කගෙ කොමෙන්ටුව පෙන්නන්නම ඕන...
:-) :-) :-)
ඇයි මේ හැම කෙනාම දැං කෝපි සුවදක් ගේන්නේ.. හරියට වෙරලු මල් සුවද වගේ එකක්ද ඒක?
ReplyDeleteයෙලා යෙලා ........... :-)
Delete@දේශක තුමා
Deleteවෙරළු මල ඔබ තුමාගෙ බ්‍රෑන්ඩ් එක නෙව. ;-) ;-)
ඉතිං අපි කෝපි සුවඳට කැමතී.. :-P
අනික වෙරළු වගේයැ කෝපි
හැක හැක
@සිංදු. දැං ඔන්න ඉතිං ඔය කතාව මොකද්ද කියල මගෙං එහෙම අහන්නෙ නෑ.. :-D :-D
වෙරළු මල් ගැනත් කවුද ගොබිලෙක් ලිව්වා නේද හිටං...
Deleteවෙරළු මල් පිපිලා........
Deleteවෙරළු මල් පිපිලා
රේණු වසිනවා වරුසාවයි
මැද මිදුල උඩින් අඩිය තියා
යන්නට ලෝබයි
මල් සිඹින්න ආසයි
මල් සිඹින්න ආසයි
මල් සිඹින්න ආසයි....
මහ නිලමෙ ගියේ
තිරික්කළෙන් රාජකාරි නම්
හීන් නිලමෙටවත් මේ හීතල
නැතිවද තේරුම්
සඳ වතුර මලින් සිරි සිරි ගා
පොද වැටෙන තරම්
පොද වැටෙන තරම්
පොද වැටෙන තරම්.....
එක සීනු නාද සිරි යහනේ
කොයින්ද මායිම්
ගම්මැද්දේ මට රැජින වගේ
යන්නට පුළුවන්
මං එහෙම තමයි මගෙ නිලමෙලාට
ආඩම්බර නම්
ආඩම්බර නම්
ආඩම්බර නම්......
ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - අසේල බණ්ඩාර
ගායනය - කුමාරි මුණසිංහ
@සිරා...
Deleteඑහෙමලු එහෙමලු... හැක්.. ඔය යටිං තියෙන්නෙත් එහෙම එකක්ලු...
සිංදුව මේ සිංදුව කියවල හිටං මට සංසාරණ්‍ය අසබඩ මතක් වුණා... සේම් සිටුඒසං එකක් තියෙයි...
හැබැයි වෙරලු මලටත් සිංදු කිව කියල දේශ දැක්කොත් උඩ පැනල විසිල් ගහල බල්ටි හැට හුට හමාරකුත් ගහයි.. හෙහ්
හිතාගන්න අමාරුයි...... අත්දැකීම් නෑනෙ අපට
ReplyDeleteවිස්වාස කරන්නත් බෑ හිටං
Deleteඅලියා ලියකො යකෝ..
කම්මැලි කමට දපල ඉන්නෙ
මතකයන් කිසිදා නොමියේ..
ReplyDeleteමම නම් ඕවා දන්නේ නෑ හොදේ :3
නියමයි මචං!
ඔව් ඔව් ඒක නං තේරෙනව..
Deleteකිසිදා නොමියෙන බව..
හෙහ් හෙහ්
සදා සුව නොවෙන රිදෙන තැන් අතීතෙට ගිහින් සුවකරගෙන එන්න පුලුවනිනම්..
ReplyDeleteඑහෙම වුණොත් හොදයි හිතුණට එහෙම වුනොත් කිසි ගතියක් නැතිවෙයි හිතෙනව බං
Deleteබලහං මතක් කරන්නවත් බූට් සික් එකක් තිබ්බෙ නැත්තං කිසි ගතියක් නෑනෙ හිටං
හෙහ් හෙහ්
මරු...
ReplyDeleteස්තූතියි
Deleteපට්ට සහෝ,ඇත්තටම ලස්සනට පද ගලපලා තියෙනවා හිතට වදින විදිහට,
ReplyDeleteජයෙන් ජය
ස්තූතියි රස්තෙ...
Deleteජයවේවා
ඔය නිමාවෙන්නැති රිදිල්ල නිසා තමා කවුරු කවුරුත් ලියන්නො වෙලා තියෙන්නෙ.
ReplyDeleteකවිය දැනුණ මල්ලියෙ.
ඔය නිමාවෙන්නැති රිදිල්ල නිසා තමා කවුරු කවුරුත් ලියන්නො වෙලා තියෙන්නෙ///
Deleteඔව් ඔව් ඒක නං ඇත්ත කියල හිතෙනව හිහි
ස්තූතියි දිනිති අක්කේ
පට්ට පට පටය....ආයෙ no words ය....බොක්ක පසාරු කරමින් ආමාශය තුලටම කිඳා බැස්සාට සැක නැත...ජය වේ මහේෂ් සහෝ !
ReplyDeleteස්තූතියි දබොස් අගය කළාට...
Deleteසාදරයෙන් පිලිගන්නව අවන්හලට
ජයවේවා
//සෑම හිතකම සියුම් රිදුමක් ඇත
ReplyDeleteකිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...//
සමහරවිටෙක ඒ සියුම් රිදුමකින් නැවතීම හොඳක් වන්නට බැරිද? විශාල රිදුමකින් හදවත ඔත්පල වෙනවාට වඩා...
නැවතීම හොදක් නෙවෙන්නම් මචෝ
Deleteනොනවතින එකනෙ අවුල. හිහි
මේක නිකං පෙරදිනයක මා පෙම් කල යුවතිය වගේ එකක්ද ?
ReplyDeleteඑහෙම එකක් තමා.. ඒත් ඒ ළගින් විතරයි යන්නෙ හොදේ
Deleteහිහි
ඉස්සෙල්ලම ඇවිත් කියෙව්වෙ ඇඩෙන සීන් එකක් ....
ReplyDeleteඇඩුනෙයි ඉතිම්
Deleteහැක්
සාදරයෙන් පිළිගන්නව අවන්හලට ඔන්න
බ්ලොග් එක වටේ රවුමක් ගියා මරුඇ........
ReplyDeleteප්‍රේමණීය හිත් මත්තට
පෙම දීලා පැල කරලා
හඩන දොඩන කදුලු බිංදු
කවි කරලා පල කරලා
රසික සාදරයෙන් පිලිගන්නව අවන්හල ට..
Deleteස්තූතියි සහෝ...
කවියත් ලස්සනයි ඒක නං නොකියාම ඉන්නට නොහැකියි
ජයවේවා
නියමයි
ReplyDeleteසාලිත සාදරයෙන් පිළිගන්නව අවන්හල ට
Deleteස්තූතියි සාලිත.