Showing posts with label එක එක කතා. Show all posts
Showing posts with label එක එක කතා. Show all posts

Monday, February 9, 2026

අපි අපේ වෙලා එක මොහොතක් උයනක් වෙරළක

             


ලබලකාරී ඒ නගරයෙන් මදක් දුරින් නිස්කාංසුවේ පිහිටා තිබූ ඒ රෙස්ටොරන්ටුවේ වීදුරු කවුළු වලට එපිටින් මහ වැස්සක් ඇද හැලෙමින් තිබිණ. බොහෝ දිනක් දැඩි අව් රශ්මියෙන් පීඩාවට පත් වී වියළී මළානික වී උන් තුරුලතාවෝ ඒ වරුසාවෙන් සිත්සේ නිවෙමිනි. සැනහෙමිනි. රෙස්ටොරන්ටුව ඇතුලේ සිට වරුසාව දෙස බලාගෙන නිහඬව සිටි යුවළකි. ඔවුන් දෙදෙනගේම මුහුණු උතුරා ගලා යන්නට තරම් පිරී තිබූ හැඟීම් ගොන්නකි. නමුත් ඒ වීදුරු කවුළු වලට ඔබ්බෙන් වැටෙන වරුසාවෙන් නෙත් මුදවා ඔවුනොවුන් දෙස බලන මොහොත තෙක් පමණි. දෙදෙනගේ නෙත් යුග එකිනෙක ගැටුණ පළමු තත්පරයේ දී ම දෙදෙනගේ මුහුණු අමුතු ජීවයකින් පිරී ඉතිරී ගියේය. ඔවුනොවුන් මොහොතක් එකිනෙකා දෙස තවත් තත්පර කිහිපයක් බලා සිටියෝය. ඔවුන් මුණ ගැසුණේ හදිසියේම ය. ඒ දින ගණනාවක කෙටි පණිවිඩ එහා මෙහා යාමක ප්‍රතිඵලයක් ලෙසිනි. එය අහම්බයකින් ඇරඹුණක් විය. ඔවුන්ගේ මේ හමුවීම ඒ අහම්බයේ ප්‍රතිඵලයකි. එසේම කෙටි මුත් දිගු කතාවකි. 

Monday, November 10, 2025

දිනන දවසක් - Whispers Of Desire


මම හිතනවා ඔයාලා තීරු ලිපි කියවලා ඇති කියලා. ඇත්තටම මගේ ප්‍රියතම සාහිත්‍යය ශානරයක් තමයි තීරු ලිපි කියන්නෙ.  රසික ජයකොඩි ගේ ඉඳන් නීල් විජේරත්න වෙනකන් නැත්නම් මහාචාර්ය ධම්මික ගංගානාත් මහත්මයා වෙනකන් මගේ තීරුලිපි කියවීමේ පරාසය සීමාවක් නැතුවම විහිදිලා යනවා. ඒ වගේම තමයි කවදාහරි දවසක මමත් තීරු ලිපියක් ලියන්න ඕන කියලා ලොකු ආසාවක් හිතේ තිබුණා. ඒත් මම වගේ  ලිවීම ගැන ලොකු හැකියාවක් නැති කෙනෙක්ට ඒක ටිකක් දුෂ්කර කාර්යයක්. පුවත්පතකට ලියන්න බැරි උනත් මුහුණු පොතේ මගෙ පේජ් එක වෙනුවෙන්  තීරු ලිපියක් වගේ ලිපියක්, අඩුම වශයෙන් ඒ ආසන්නයට එන ලිපියක් ලියන්න මට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනව. ඉතින් මගෙ මේ වෑයම ඒ වෙනුවෙන්.

Saturday, August 17, 2024

පා ගමන් වන්දනාව, දන්සැල්, ඇබ්බැහිකම් සහ නොහොබිනාකම්.

        

ඉටිපහන් දැල්වීම පිණිස

ඒ.
. මගේසා.. මගේසා.. අංගේ.. අංගේ .. අර.. අර නඩන්ද වාර ආකල්.. (පයින් එන අය) අපේ රියදුරා පෙන්නුවෙ අපහසුවෙන් වගේ ඇවිදන් එන කිහිප දෙනෙක්. පාවහන් නැතිව රිටක වාරුවක් විතරක් අතේ තියාගෙන, සියලු බඩු බර බැක් පැකයකට භාර දීල ඒ බරිනුත් හෙම්බත් වෙලා කොරගහමින් වගේ බොහොම වෙහෙසට පත් වුණ මුහුණින්, ඒත් සිනහවෙමින් හරියට රටක් රාජ්ජයක් දිනුව වගේ, සතුටින් සුරුවම දිහාට ඇදෙන අය දිහාවෙ බලපු මට ඒ මිනිස්සු ගැන ඇතිවුණේ ගෞරවයක්.

Tuesday, August 13, 2024

වෙහෙස නිවන දේශීය ඖෂධ, කටගැස්මට මාලු සහ අතිහිතේෂීවන්තයෝ

   

මරඳ මඩු සිද්ධස්ථානය

මේ
දවස් ටිකේම අපි ඉන්නෙ මඩු සිද්ධස්ථානයෙ තාවකාලික නවාතැනක. හරි විදිහට කියනව නං තාවකාලික කාර්යාලයක. අවුරුද්දෙ අනිත් දවස් වල මන්නාරම ඉදන් අපේ රාජකාරි කරන අපි මන්නාරම කාර්යාලය එක් නිලධාරියෙක් ට පමණක් සීමා කරල මඩු සිද්ධස්ථාන භූමිය වෙත විතැන් වෙලා ඉන්නෙ. හරි විදිහට බැලුවොත් මන්නාරම කාර්යාලයෙ එදිනෙදා රාජකාරි නිසි පරිදි සිද්ධ විය යුතු වුණත් නිලධාරීන් ගේ හිඟය නිසා වඩාත් වැදගත් සහ අත්‍යාවශ්‍ය ලෙස සලකලා මඩු සිද්ධස්ථාන භූමිය වෙත පැමිණිලා අපේ රාජකාරි සිද්ධ කරනව. (මඩු භූමියේ කටයුතු ගැන වෙනම ලිවිය යුත්තක් සහ මේ වගේ දුවන ගිරි සටහනකින් එය කළ නොහැකි නිසා ඒ ගැන පසුවට)

Friday, July 12, 2024

පොත් කියවීම්, පොත් පෙරලීම්, සහ ඇබ්බැහිකම් - A Bookaholic's Memory.

         


පොත් කියවීම සහ පොත් එකතු කිරීම ගැන පහුගිය දවස් වල ලොකු සංවාද ගියා. සමහරක් එව්ව ෆේස්බුක් අවකාශයේත් කිහිපයක් බ්ලොග් අවකාශයේ ලියැවුණා. එකක් හෙල්මලී අක්කත් අනික චේජනා ත් තව කොෆී ටේබල් පුස්තකයක කතාවක් සහ අනු කතා කිහිපයක් ගැන පෝස්ටු කිහිපයක් නිමල් අයියත්, තවත් පොත් කතාවක් අජිත් අයියත් ලියල තිබුණ.(මඟ හැරුණ ඒවා තිබේ නම් අමතක වීම නිසාම පමණත් බවත් කිසියම් හෝ ආකාරයකින් තේරීමක් නොකළ බවත් පවසමි.) ඒ පෝස්ට් අතර රසබර කමෙන්ට්ස් බර තොගයක්  තිබුණ.  ඒ දවස් වලම මමත් රැල්ලට වගේ එකක් ලියන්නං කියල හිතාගෙන හිටියත් ඇත්තටම පහුගිය දවස් වල තිබුණ කාර්යය බහුලතාවය නිසා පෝස්ටුවක් ලියන්න තියා පෝස්ටුවක් කියවන්න වත් වෙලාවක් ලැබුණෙ නෑ. ඉතිං රැල්ලෙන් වෙරළ හේදිලා ගිහිල්ල සිප්පි කටුත් මතු වෙලා තියෙන වෙලාවක වුණත් හිතේ තිබුණ දේවල් ටික නොලිව්වොත් අපරාදයක් කියල මට හිතුණ. ලිවීම අතින් මම කම්මැලියෙක් නිසා ලිවීමක් ගැන මම කතා කරන්න යන්නෙ නැතත්, දැං මන්දගාමී වෙලා තිබෙන නමුත් පූර්වයෙන් හොඳ පොත් ගුල්ලෙක් වුණ නිසා  ඒ ගැන යමක් ලියන්න හිතුව.

Saturday, May 18, 2024

සඳ දෙව්ඳුව ‌නොගියේ ම යි කිසි දාක..

 

"කවියක් වී තොල් පෙති මත මුමුණන්න

හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න.."

මන්ද්‍ර ස්වරයකින්.., අලුත් කටහඬකින් ඇහෙන පරණ පුරුදු සිංදුව මාව විස්මපත් කළා. ඒක හරියටම එයා කැමති විදිහමයි. ඒ තාලෙමයි. මම හිටියෙ කාර් එකේ කෑගල්ලෙ ඉඳන් නුවර හරහා අත්‍යාවශ්‍ය ගමනක යෙදෙන ගමන්. හරියටම බෝගම්බර වැව රවුමෙ. හීන් පොද වැස්සක් වැටෙන වෙලාවක. මට ඉබේටම වම් අත පැත්තෙන් පේන බෝගම්බර වැව් දිය දිහාවෙ බැලුණ. වැහි බිංඳු හරි අපූරුවට වෑදිය මතට හාදු දෙමින්, දිය වෙමින් උන්න.


මේ සිංදුව කියවෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි...

Saturday, October 28, 2023

කොල්ලා - Finally, The Worm Turns

          


             වැස්ස වහින්නට ඔන්න මෙන්න තිබියදී කඩයට ගොඩවුණා විතරය. ඔළුවට උඩිං ටක ටක ගා කැරකෙන ලොට ‌ෆෑන් කටුව කැරකුණේ හුළං ඕන නං සල්ලි දීපං කියන්නා සේ ය. හරියට කඩේ මුදලාලි වගේය. මුදලාලිත් ඉන්නේය. ඇති වැඩකුත් නැත්තේය. නැති වැඩකුත් නැත්තේය. මුදලාලි ඇතුවත් බැරිය. නැතත් අවුලක් නැත. ෆෑන් එකත් ඒ වගේය. මේ අංග දෙක හෝටලයට නොතිබුණා කියා වෙනසක් වන්නේත් නැති බව නම් විශ්වාසය. වැස්ස හින්දා ද කොහෙදෝ කඩේ ඇතුලේ තිබුණේ අමුතු උෂ්ණයකි. එළියේ සිසිලසක් රැදුණාට හෝටලය ඇතුලට එන්නට බැරිවා වාගේය. නැතිනම් කැමති නැතිවා වාගේය.

Thursday, September 30, 2021

ස්ටවුට්, නට්ස් ඇන්ඩ් මෙමරීස්

         

      කට කපා පිරවූ ස්ටවුට් මග් එකක් සහ මික්ස් නට්ස් ඩිෂ් එකක් යනු මොනවාම හෝ කුරුටු ගාන වෙලාවට හොඳම උත්ප්‍රේරකයක් බව මගේ අත්දැකීමයි. ගෙදර රැදෙන වෙලාවට කෙසේවෙතත් කාර්යාලයේ රැයක් පහන් කරන්නේ නම් ස්ටවුට් එකක් සමඟ කට ගැස්මට රටකජු ඇටයක් හෝ සපනාතර මොනවාම හෝ කුරුටු ගෑම පුරුද්දකි. එහෙත් මා ලියනා සෑම දෙයම මා වියුණුවේ  හෝ මුහුණු පොත් අවකාශයේ හෝ පළ නොවන නිසා ඒවායේ එකම රසිකයා ද ව්වේචකයාද කර්තෘ වන මම ම වෙයි. අඩුම ගාණේ මා ලියනා සෑම සියලු දේම කියවීමට ප්‍රිය මාගේ ප්‍රියාදර  බිරින්දෑ හෝ මගේ නිර්මාණ බහුතරයක් කියවා ඇති එකම මිතුරිය හෝ කවදාම හෝ දකිතැයි නොසිතන ඒවා සුරැකෙන්නේ බොහෝවිට මම හෝ නැවත විවර කර නොබලන ගූගල් ඩ්‍රයිවයේ ඇති ෆෝල්ඩරයක ය.  ස්ටවුට් වල ඇති කර කෝපි රසයට දිව හුරුවී ඇති සේම ලියනා සෑම දෙයම සඟවන්නටත් හිතේ ඇත්තේ අරුම කැමැත්තකි. ඒ ස්ටවුට් රසයට ප්‍රිය අයෙක් සිටින්නේ කලාතුරකින් සේම ලියන දේ සඟවා තබා ගන්නට කැමැත්තවුන් සිටින්නේද කලාතුරකින් වන නිසා බව සිතමි.

Tuesday, September 21, 2021

මයිබින්නාලංකාර - 01 මයින් - නාග කතා වස්තුව

         

මොකාද බොල මේ තට්ට මයිනා

නුස්සය ඒ වෙලාවෙ හිටියෙ කැත්තකුත් ඇරං වැට මායිම දිගට වැවිල තිබ්බ කැලේ දෙරි ගහන ගමං. කිව්වට මොකද ඇත් පංතියක් වුණත් ලේසියෙන් හංගන්ඩ පුලුවන් ගාණට කැලේ වැවිල. හවස හා හා පුරා කියල කොටා බාපු බිත්තර ආප්ප හය හතත් යසට වැඩ කරන්න ඇරං තිබ්බ. කිව්වට ඇස්වාක් කටවාක් නෑ වාත පිට වෙන්න පටං ගත්තෙ බෙංගාල බොක්කත් කැළඹිලා යන තාලෙට. කාලෙකිං කැලේට වෙලා ඉන්නෙකේ නිදහසේ තුන් දොරම ඇරගෙන වාත පිටකරන්න තරං වාසනාවක්  මනුස්සයට තිබ්බ.

Saturday, June 29, 2019

හෙමිංවේ, හිරු උදාවෙයි සහ අපේ මාලු බෑම

මට මතක විදියට හය වසරෙ විතර වෙන්න ඇති.. අර්නස්ට් මිලර් හෙමින්වේ ගෙ ද සන් ඕල්සෝ රයිසස් කියන කතාවෙ පරිවර්තනය “හිරු උදාවෙයි” හම්බෙලා කියෙව්ව. මගේ වයසෙ හැටියට ඒ පොත දිරවා ගන්නට ශක්තියක් නැති වෙන්න ඇති කියල දැන් මට හිතෙනව. මොකද වැඩි දුරක් නොකියවාම මම එය පැත්තකට දාපු බව හොදටම මතක හින්ද. ඒකාකාරී නීරස පරිවර්තනයක් විදියටයි මට ඒක දැනුණෙ. නමුත් මේ යන්නෙ ඒ ගැන කතා කරන්න නෙවෙයි. ඒ කතාවෙ තිබ්බ හිත තදින්ම ඇදුණ සිදුවීමක් වෙච්ච ට්‍රවුට් මත්ස්‍යය යන් බිලී බෑමේ කොටස නිසා ගුටි කාපු සිදුවීමක් ගැන.

Sunday, October 15, 2017

රෝස පාට - 01

යා බලන් හිටිය. ඈත අහස දිහ.. ගොඩක් වෙලා.. කොච්චරක් වෙලාවක් බලන් හිටියද කියල මට මතක නැතත්. එයා ගොඩක් වෙලා අහස දිහ බලන් හිටිය. මාත් මුලින් මුලින් එයා බලං ඉන්න ඉසව්ව දිහ බලන් හිටිය. වැඩිම වුණොත් විනාඩියක් නැත්තං දෙකක්. ඊ‍ට පස්සෙ එයා අහස දිහ බලන් හිටිය මුළු වෙලාවම මං බලන් හිටියෙ එයාගෙ මූණ දිහ. ඒක අහස දිහ බලන් ඉන්නවට වඩා ලේසියි. ඊටත් ලස්සනයි. අහසෙ තියෙන වලාකුළු වල හැඩ වෙනස් වෙනව වගේ එයාගෙ මූණෙ ඉරියව් එකින එක වෙනස් වෙද්දි, මූදු හුළගට ඇගෙ කෙහෙරැළි විසිරෙද්දි ඒ මූණ දිහ බලං ඉන්න ආස හිතෙනව.   
හදිසියෙම ඈ හඬ අවදි කරා.. 
ලස්සනයි.. ඒක කාටවත් දෙන්න බැරි මහ අමුතු ලස්සනක්. හැම දෙයක්ම සර්ව සම්පූර්ණ  හරි අමුතු ලස්සනක්… 
මම ඈ දිහ බලං හ්ම් කීව… 
හදිස්යෙම ඈ මං දිහ හැරිල බැලුව…  මට ඒ මූණෙන් ඇස් අහකට ගන්න බැරි වුණා… තත්පර දහයක් විතර එක දිගට ඈ මං දිහ බලන් හිටිය.  
මං කීවෙ මොකද්ද කියල තේරුණාද… 
මම උරිස් ගැස්සුව.. නෑ .. ඒ තමයි ඒකෙ සරල තේරුම.. කොහොමත් මට ඈ කියන දේවල් තේරුණේ නැ.. ඒක හැමදාම එහෙමයි… එහෙමයි කියල මං ඒ ගැන හිතන්න ගියෙ නෑ… මොකද ඒ වගේ දේවල් හිතන්න එක්කෙනෙක් හිටියම ඇති. ඒව අහන්නත් කෙනෙක් ඉන්න එපැයිනැත්තං දෙන්නම කතා කරන්න ගත්තම දෙන්නම එක විදියට හිතන්න ගත්තම  එපා වෙයි. මට එහෙමයි හිතිල තිබ්බෙඊටත් හිතෙන දේවල් බෙදාගන්නත් කෙනෙක් ඕනි නෙදෙන්නම හිතන්න ගත්තොත් කෝ කතා කරන්න කෙනෙක්.  අනික මං කැමති වුණේ ඈ මටත් වැඩිය විසාලෙට දකින්න. එක මහ පුදුම ආසාවක්. ඒ ගැන ඈ එක්ක කිව්ව දවසක ඈ කිව්වෙ,  

පිස්සුද.. පිරිමියෙක් කියන්නෙ උප්පත්තියෙන් ම ගහක්.. ගැහැණිය ඒ වටේ එතෙනව. පිරිමියට ලස්සනක් දෙනව. සවියක් වෙනව. හරියට එක පාරින් හිතට වදින  කවියක් වගේ ජීවිත කාලෙම බඳාගෙන ඉන්නව. ඒ ගෑණුකම. පිරිමින්ට බෑ ඒ වගෙ වෙන්න. හිතක් මුදුව පිරිමදින්න. ඇස් වලින් කතා කියන්න. ඕනම වෙලාවක හිත රිද්ද ගන්න.  පිරිමියෙක් කොහොමද එහෙම වෙන්නෙ.. ගහක් වගෙ ගෑණු නං ඉන්නව… ඒත් උංගෙ කිසිම ලතාවක් නෑ.. නිකං පොල් ගස් වගේ.. පොල් ගහත් හැම දේකටම ගන්න පුලුවං වගේ හැම දේටම ඔට්ටුයි තමයි ඒත එතන ගෑණු කමක් නෑ. ලස්සනක් නෑ.  

මට ඒ කිව්ව දේ වලින් බාගයක් වත් තේරුණාද මංද. මං මෝඩයි. මහම මහ මෝඩයි. ඒත් මට බෑ ඇගෙ හිත රිද්දන්න. ඉතිං මම කට වහගෙන ඈ කියන ඒවට එකඟ වෙනව වගෙ හ්ම් කියනව හා කියනව.. ඈ මන්දස්මිතයකින් මට දමල ගහනව. ඒත් මට ඕන ඇගෙ හෙවණෙ ඉන්න. ඒ සුවඳ විඳින්න.  
ඇයි පිරිමියෙක් ට බැයිද ගෑණු හිතක හෙවණැල්ල යටට වෙලා ඉන්න. ඒ උණුහුමට පූසෙක් වගෙ ගුලි වෙලා ඉන්න.  
මම එහෙම හිතුව විතරයි 
කියන්න ගියෙ නෑ.. මට ඕන වුණේ නෑ එහෙම විකාර කියවල එයාගෙ අර ලොකු වෙන ඇස් දිහ බලන්න. මට ඕන වුණේ අර නිදහසේ හීනි ඇස් වලින් හිනාවෙන ඇයව බලන්න. එයාගෙ ඇස් ලොකු වෙනවට මම හරිම අකමැතී. එතකොට එයා ජපන්  බෝනික්කෙක් වගේ.. මං ජපන් බෝනික්කන්ට කැමති නෑ. උං හරි කැතයි කියලමයි හිතුනෙ. පොඩිකාලෙ මට හිටියෙ බෝනික්ක විතරයි. ඒත් මට විස්වාසයි එතන එක ජපන් බෝනික්කෙක් වත් හිටියෙ  නෑ. හරිම ඈලි මෑලි සුදුමැලි ඒත් ලස්සන බෝනික්කො හිටියහුගත් වෙලාවට අනික් අයට හරි කැත. ඒ්ත් මට උංව හරි ලස්සන වුණා. ඒ මම. 
මම කොල්ලෙක්.. 
ඇයි මට බැයිද බෝනික්කො නළවන්න  
කෙල්ලන්ට විතරද බෝනික්කො නළවන්න පුලුවන්.. ඇයි එහෙනං කෙල්ලො පිස්තෝල ඇරං සෙල්ලං කරන්නෙ.. කෙල්ලන්ට පිස්තෝල ඇරං සෙල්ලං කරන්න හොදයි.. අපි බෝනික්කෙක් ඇල්ලුවොත් විකාරයක්.. ලැජ්ජාවක්.. පුදුම ලෝකයක් නේ මේක.. 
මං මොනවද මේ හිතන්නෙ .. එයා  මම ළඟ ඉද්දි කොහෙවත් යන බෝනික්කෙක් ගැන හිතන්න මට පිස්සුද... 

ඒක නෙමෙයි.. ඇයි ඔයා රෝස පාටට ඔච්චර ආස.. ඒක මහ ගෑණු පාටක් නේ... 
එයා හදිසියෙන්ම මගෙ දිහට්ට විස පොවපු   ‍තෝමරයකින් දමල ගැහැව්ව... ඒ පාරෙ සැරට වෙන්න ඇති මගෙ ඇස් දෙක නිලංකාර වෙලා  ගියා... 



ඉතිරි පාට පස්සෙ ගාමු...