Tuesday, August 13, 2024

වෙහෙස නිවන දේශීය ඖෂධ, කටගැස්මට මාලු සහ අතිහිතේෂීවන්තයෝ

   

මරඳ මඩු සිද්ධස්ථානය

මේ
දවස් ටිකේම අපි ඉන්නෙ මඩු සිද්ධස්ථානයෙ තාවකාලික නවාතැනක. හරි විදිහට කියනව නං තාවකාලික කාර්යාලයක. අවුරුද්දෙ අනිත් දවස් වල මන්නාරම ඉදන් අපේ රාජකාරි කරන අපි මන්නාරම කාර්යාලය එක් නිලධාරියෙක් ට පමණක් සීමා කරල මඩු සිද්ධස්ථාන භූමිය වෙත විතැන් වෙලා ඉන්නෙ. හරි විදිහට බැලුවොත් මන්නාරම කාර්යාලයෙ එදිනෙදා රාජකාරි නිසි පරිදි සිද්ධ විය යුතු වුණත් නිලධාරීන් ගේ හිඟය නිසා වඩාත් වැදගත් සහ අත්‍යාවශ්‍ය ලෙස සලකලා මඩු සිද්ධස්ථාන භූමිය වෙත පැමිණිලා අපේ රාජකාරි සිද්ධ කරනව. (මඩු භූමියේ කටයුතු ගැන වෙනම ලිවිය යුත්තක් සහ මේ වගේ දුවන ගිරි සටහනකින් එය කළ නොහැකි නිසා ඒ ගැන පසුවට)

      අද උදේ මඩු දේවස්ථාන භූමියෙන් පෙරියපණ්ඩිවිරිච්චාන් පැත්තට ආවෙ හදිසි කටයුත්තක් යෙදුණ නිසා. අදාල ස්ථානයට ඇවිත්, ආව කාර්යයත් බොහොම සාර්ථකව නිමා කරගත්තට පස්සෙ අපි ඉන්නවය කියල නොදන්න මාළු අල්ලන්නෙක් වෙහෙස මහන්සිය නිවා ගන්න කියල අපි ආව තැනටම ආව. අපිව දැක්කට පස්සෙ මනුස්සයගෙ බලාපොරොත්තු කඩ වුණත් බොහොම ආයාසවත් සිනහවක් මුහුණට ඇරන් ඒ අවස්ථාවට සාර්ථක ලෙස මුහුණ දුන්න. (ඇත්ත කතාව වුණේ, මාළු අල්ලන්නා ආවෙ මොකටද කියල අපි දන්නව වුණත් අවශ්‍යතාවක් ඇතිව හෝ නැතිව ඒ වගේ මනුස්සයෙක් බය කරන්න හෝ පෙළා දමන්න අපේ කැමැත්තක් නැතිකම.) ඉතින් එයා ගෙ ගරුතර රඟපෑමෙ ප්‍රේක්ෂකයො විදිහට අපිත් ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්න. 

          මාළු අල්ලන්න කිව්ව කතාවට අනුව එයා ආවෙ අපි ඒ අවස්ථාවෙ හිටිය ගෙදර අයගෙ ඇණවුමකට අනුව අල්ලපු අලුත්ම මාලු ටික දීල යන්න. (ඇත්ත කතාව වෙන්නෙ මාලු වෙනුවට මහන්සිය නිවෙන ඖෂධයක් හුවමාරුව)

         ඉතිං අපිට තේරෙන විදිහට අතින් පයිනුයි දන්න සීමිත දමිළ වාක් කෝෂයයි භාවිතා කරල පොඩි අදහස් කීපයක් හුවමාරු කරගත්ත. අපි එන්න පිටත් වෙනකොට  මාලු අල්ලපු වැව කොහෙද කියල ඇහුවම එතැන සිට කිලෝමීටරයකට අඩු දුරකින් වැව පිහිටා ඇති බවක් දැන ගත්ත. අපි යා යුතු මීළඟ ගමනාන්තයට ඒ ඔස්සේ යාම කළ හැකි නිසා අපි ඒ මාර්ගය තෝරා ගත්තෙ යම් තරමක දුෂ්කර වුණත්, කෙටි මාර්ගයක් වීමත් අතිරේක වරප්‍රසාදයක් ලෙස අවට සිරි නරඹන්නට ඇති ලෝලත්වයත් නිසා. 



මෙයාල තමයි වැඩිපුරම ඉන්නෙ

      ඉතින් අපි සිටිය ස්ථානයේ ඉඳන් පෙරියපණ්ඩිවිරිච්චාන් - මඩු මාර්ගයේ මද දුරක් ගමන් කරල දකුණට පටු වැලි පාරක හැරුණෙ පෙරියපණ්ඩිවිරිච්චාන් වැව් බැම්ම මතින් සින්නපණ්ඩිවිරිච්චාන් පැත්තට යන්න, සහ වැවත් දැක බලා ගන්න. පටු වැලි පාරෙ මද දුරක් ආවම මාළු අල්ලන්නා කිව්ව "පෙරිය කුලම්" කෙසේ වෙතත් දිය සිදී යමින් පවතින තවත් කෘෂ වෙමින් ඇට ගැහෙන නාමික පෙරියපණ්ඩිවිරිච්චාන් වැව හම්බුණා. වැව පුරාම ධීවර ප්‍රජාව මාළු දැල් ඇද ඇති බවට සලකුණුවැව පුරාම රැඳී තිබු⁣ණ. සුදු පාට කුඩාවට පෙනෙන සෘජුෆෝම් බෝල රටාවකට වැව පුරා විහිදිලා තිබුණෙ අවම මගවශයෙන් මාලු දැල් විස්සක තිහක වත් ප්‍රමාණයක් වැව දිය තුළ වැතිර ඇති බව කියමින්. 

            අවශ්‍යතාව අනුව වැව් බැම්මෙ මදක් නතර වෙලා සිරි නැරඹුවත් ඡායාරූප ගන්න බැරි වුණේ සුපුරුදු අමතකය හරහට හිට්ට නිසා. අපරාදෙ ෆොටෝස් ටිකක් ගන්න තිබ්බ කියල හිතුණෙ වෑ බැම්ම පහු කරල මීටර් පණහක් විතර ගියාම. ආයෙ ඔව්ව කියල බැණුං අහන්න පැරි නිසාත් යා යුතු ගමනේ අවශ්‍යතාව නිසාත් ඡායාරූප ගැනීම අමතක කරල මම ඇස් පියා ගත්තෙ දැකපු දර්ශනය අමතක නොවෙන්න. 

     වෑ බැම්ම හරහා සින්නපණ්ඩිවිරිච්චාන් පැත්තට යන පාර වැටිල තියෙන්නෙ කැලෑවක් මැදින්. කැලෑ කොටස ඉවර නොවී වෙවී තියෙන කොටම කටු අකුලක සඟවා නොසගවා වගේ තිබුණ සයිකලයක් නිසා යන ගමන මදකට නැවතුවේ මේ වගේ තැනක සයිකලයක් තිබීම කුකුසක් ජනිත කරවන්නක් නිසා.

මේ මොනවත මේ පැළහෙන්නෙ

      සයිකලය තිබුණ තැනින් මදක් ඔබ්බට වෙන්න තිබුණ ලී හරස් කළ කඩුල්ලක් නෙත ගැටුන නිසා ඒ කඩුල්ල අසලට විත් බැලුව විට දුටුවෙ මනරම් කුඹුරු යායක් මැදි කරගත් කුඩා අඩි පාරක මැද කුඹුක් ගසක් යට ගිණි මැලයක් ගසා ඉන්නා කොලු ගැටවුන් කිහිප දෙනෙක්. 

      කුතුහලය උපරිම වීම නිසාත් රාජකාරී ඉව ඉක්මන් වීම නිසාත් හනික කඩුලු ඉවත් කරගෙන ඒ දෙසට ගියේ යම් කටයුත්තක් අපේක්ෂාවෙන්. 


වනක්කම් අය්යා.. 

     එතැන හිටිය එක් අයෙකුගේ ඉක්මන් සහ අතිහිතේෂී සුබ පැතීම සැකය නිරවද්‍ය බව තහවුරු කළත්, සිනාමුසු මුහුණින් වනක්කම් වනක්කම් යැයි පවසමින් අපි එතැනට ළඟා වුණේ වැඩි කුකුසකට, සැකයකට ඉඩක් නොතබමින්. 

කාගෙ බිත්තරයක් ද මේ 

        ගිණිමැලය මත පැළහෙමින් තිබූ වැව් මාළු කූරීන් දෙතුන් දෙනෙක් ද, අනුභව කොට අවසන් කොට ඉවත දමා තිබූ අවශේෂ ද දෙස බලා, පැළහෙන්නට වෙනත් මාලු කූරීන් නොමැති බව දැනගත්  විට ඔවුන් ගේ කාර්යය අවසන්ව ඇති බවට ඉඟි පළවුණා. 

       එම ස්ථානයට වී කරන්නේ කුමක්දැයි ඇසූයේ පිළිතුර නොදැන නොවුණ ද, මෙවන් අවස්ථාවන්හි අත්විඳින්නට ලැබෙන  නාටකීය අවස්ථාවන්ට අපේ ඇති කැමැත්ත  එවන් ප්‍රශ්න ඇසීමකට අපව යොමු කරන්නේ නිරායාසයෙන්. 

       මේ තියෙන්නෙ මගෙ කුඹුර. මෙයා වැඩ කරන්නෙ _____ එකේ. මෙයා JCB එකක් ඔපරේට් කරනව. අද තුන් දෙනාටම නිවාඩු හින්ද බියර් එකක් ගෙනාව බොන්න. අසලක තිබුණ හිස් බියර් කෑන් පෙන් වූ අතිහිතේෂී වන්තයා  රතු වන්නට කසට ගැන්වුණ දත් පෙන්වමින් සිනහව බෙදන්නට වුණා. ඔහුගෙ කතාව අසන නියාවක් පෙන්වමින් අවට දෙස විමසිලිමත් ව ද බැලූ විට බියර් කතාව මුසාවක් බව ⁣කියන්නට තවත් අටුවා ටීකා ටිප්පණි අනවශ්‍ය බව  හිස් බියර් කෑන් විසින්ම කියා පෑවේ පෙරදා වට වැස්සට බියර් කෑන් පෘෂට මත යන්තමට ඇලී තිබූ සියුම් වැලි කුඩු බිඳිති පෙන්වමින්. අසල ගොයම අතර සැඟවී සිටි   හිස් පෙප්සි කෝලා බෝතලයක් ද අවට වාතයේ හමමින් තිබූ සුදු පැහැ දේශීය මධ්‍යසාර ගන්ධයක් ද, අතිහිතේෂී වන්තයා ගේ කතාව බොරුවක් කරමින් රැදී සිටියද, ඔවුන් ගේ කතාව බොරු වග දන්නා බවට වන ඇඟවීමක් හා අවවාදාත්මක වදන් කිහිපයක් හැරුණ විට අන් යමක් අපේ පාර්ශ්වයෙන් සිදු කරන්නට අවැසිතාවක් අපට නොපෙනුණි. 

        තවත් සාද කතා ලතා මැද ස්වල්ප මොහොතක් ගත කළ අපට, මාළු ටිකක් පුච්චමු ද යනුවෙන් ලද  සුහද ආරාධනාව සංයමයෙන් ප්‍රතික්ෂේප  කරමින් එන්නට පිටත් වූයෙමු.  වාහනය අසලට කිට්ටු වන විට, හෙට උදේ අලුත් ලොකු මාළු ටිකක් දෙන්න දැයි අතිහිතේෂී වන්තයා කෑ ගසා ඇසූයේ ඇත්තටම එසේ දෙන්නට අවශ්‍ය නිසාම නොවන බවත්, එසේ දුන්නද අප නොගන්නා බව දන්නා නිසා බවද දන්නා අප, සිනා සී පස්සෙ හම්බෙමුකෝ කියා කී විට 

අතිහිතේෂීවන්තයෝ

           ෂරි ෂරි අයියා යනුවෙන් පවසා සිය රක්ත වර්ණ කසට දසන් දක්වා හිනා බෙදූයේ කැබ් රියේ එන අතර මඟ දී අප විසින් ඔවුන්ගේ නාට්‍යය මතක් කරමින් තවත් රස විඳින බව නොදැනම ය. 


ප.ලි - වැඩ කරන අතරදි සම්පූර්ණයෙන්ම ෆෝන් එකෙන් ලියල අප්ලෝඩ් කලේ. වැරදි ඇති. වෙලා මදි. අඩුපාඩු හදං කියෙව්වනං.  

ප.ප.ලි - ෆොටෝ මදි කියන කාරණයට වැරදිකරු ස්වාමීනි

26 comments:

  1. රනිල් ගේ සාමසාකච්චා කාලේ , මඩුරෝඩ් හන්දියෙන් " එයාලගෙන් " වීසා අරගෙන , මඩුපල්ලි ගිහින් තච්චනමඩු වැවෙන් ( නම හරි මම හිතන්නේ ) නාන්න ගිහින් , නැටුම් තෙල් හොයන්න කොටි මුර කපොල්ලක් පහු කරගෙන පාලම්පින්ඩි හන්දියට ගිය එක මතක් උනා...කොටින්ගේ මරු " තල් අරක්කු බාර් එකක් තිබ්බා. මගේ සොයා ගැනීම නාන්න ආපු අයට දැන්වුවා විතරයි ,අපරාදේ කියන්න බෑ බස් පිටින් පාලම්පින්ඩි ගියා නැටුම් තෙල් ගේන්න.

    ReplyDelete
    Replies
    1. ඒ තට්‍ර්චනාමරඳමඩු. මතකය සෑහෙන්න නිවැරදියි. මෙයාලගෙ ගම් වල නම් පට්ට දිගයි. මතක තියාගන්න හරි අමාරුයි.
      ඔයා කියන පාරෙ ගිහිං අපි සුදුව නං අල්ල ගත්ත 😁😁
      ඒ දවස් වල අත්දැකීම් එකතු කරල ලිපි කීපයක් ලිව්ව නං පංකාදුයි කියල හිතෙන්නැතිද.
      පාලම්පිඩ්ඩිඩකි යන්නෙ මඩු දේවස්ථාන භූමියේ අවසන් සීමාව.

      යන්න කචල් එකක්දැම්මෙ නැතිද. දැං නං පල්ලියසීමාවෙ සිගරට් එකක් වත් බොන්න තහනං. ෆාදර් ඒවට තදින්ම විරුද්ධයි

      Delete
    2. මඩු රෝඩ් වල කොටි මුර පොලෙන් දුන්න වීසා කොල කෑල්ල බලලා , යන්න දුන්නා , ඒක නිකම්ම නිකන් පොලු කෑල්ලක් හරහට දාපු chek point එකක්...දැන් තමයි කරපු ගොo කම තේරෙන්නේ....ටොක් ගාලා ඔලුවට තියලා වාහනේ උස්සන් ගියානම් එහෙම.....

      Delete
    3. එහෙම නං සොරි. 😁😁😁
      දැං මතක් කරන් ආතල් එකේ හිනා වුණාට මොනා හරි වුණා නං මං හිතන්නෙ කලිසමේම යන්න තිබුණ 🙈🙈

      Delete
  2. මොකද මිනිස්සු බොන ඒවා හොයන්නේ . ඔයා කසිප්පු පොල්සියෙන්ද ? (කතාව නම් මරු

    ReplyDelete
    Replies
    1. මිනිස්සු බොන ඒව හොයන්නෑ. පේනව නෙව 🙈🙈

      ඊය මොකද්ද කසිප්පු පොලෝසිය කියන්නෙ. 🤭🤭🤭

      (කමෙන්ටුව ස්පෑම් වී තිබී හමු වූ බව දන්වමි. )

      Delete
  3. හිටියා වගෙයි නොහිටියමුත් ඔබ සමඟ
    අපූරුය සබඳ, පුදකොට ඇති සුමුග!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිදි. පුලුවන් වුනොත් අදත් මොනව හරි ලියන්නං.
      වැඩ වැඩියි. පොටෝ අල්ලන්නත් අමතක වෙනව වෙලාවකට. ලියන්නෙ වාහනේ යමිං එමිං ගමන්.🥰🥰🥰

      Delete
  4. ලිපිය හොඳයි. තව තිබ්බ නං හොඳයි, ඒත් පිංතූර අඩුයි කියල දැණුනේ නෑ. තල් අරක්කු, කසිප්පු වලට වඩා හොඳයිද? ඒවා නීත්‍යානුකූලද?

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් ලියවෙන්නෙ බසූ.
      හරි අමාරුයි කොටන්න 😁😁
      ස්තූතියි අගය කළාට..

      තල් අරක්කු නිෂ්පාදනාගාර දෙකක් තියේ ලංකාවෙ. එකක් වරණි නිෂ්පාදනාගාරය අනෙක වලිකාමම්.

      කසිප්පු වගේ නෙවෙයි. තල් අරක්කු නීත්‍යානුකූලයි. නමුත් කොළඹ දිහාවට එනව අඩුයි.

      VA කම්පැණි එක නං කරනව. නමුත් තවම මම දැකල තියෙන්නේ කාල් විතරයි. කොලිටිය ගැන අදහසක්නෑ.

      Delete
    2. //ෆෝන් එකෙන් ලියවෙන්නෙ ....හරි අමාරුයි කොටන්න//

      ඇයි බාං, මොබයිල් වල වොයිස් ටයිපිං තියනව නේද? සමහර විට වයි-ෆයි නං ඕනෙ ඇති. කොළඹ ගමරාළත් දැන් කොටන්නෙ එහෙමයි, ලඟදීම නිදිත් වොයිස් ටයිපිං වලට මාරු වෙනවයි කිව්වා.

      Delete
    3. වාහනේ යන එන ගමන් මොන වොයිස් ටයිපින් ද. මුං මේ ෆෝන් එක ඔබනවටත් කතන්දර කියනව. එහෙව් එකේ වොයිස් ටයිපිං කලොත් අනිවා පිස්සෙක් කියල හංවඩු ගහනව.

      පුලුවන් විදිහට ඇඟිලි දැවටිලි තමා.

      ඔෆිස් එකේ තනියම ඉද්දි නං වොයිස් ටයිපිං කරනව. පරණ ලකඩං වලිං මේම හරි කරනව මදෑ.

      මගෙ ටැබ් එකට කෙලවුණාට පස්සෙ ලිවීම නං එපාම වෙලා ඉන්නෙ

      Delete
  5. මඩු භූමියේ කටයුතු ගැන වෙනම ලිපියක් ලියමුද? තාවකාලික කාර්යාලයේ කන්න, බොන්න, නාන්න හොඳින් පහසුකම් තියෙනවාද? නැත්නම් ඒකත් නිදියලෑ වාර්ෂික ජංගල් සෆාරිය වගේද?

    වැඩ කරන අතරදි සම්පූර්ණයෙන්ම ෆෝන් එකෙන් ලියල අප්ලෝඩ් කරපු ලිපියක් විදිහට නං අති සාර්ථකයි.👌💐

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ජූනි සීසන් එකෙත් ලියන්න හිටිය. වැඩ වැඩි නිසා කරගන්න අමාරු වුණේ. මේ වතාවෙ වත් ලියනව කියල හිතං ඉන්නෙ.
      ක්වාටස් දෙනව. නාන්න කරන්න අවුලක් නෑ. ඒ අතිං අවුලක් නෑ. කෑම ප්‍රශ්නත් නෑ. ෂේප්.

      අනික් වැඩ නං ජංගල් තමා 🙈🙈🙈

      පොටෝ ගන්න පුලුවන් වෙන විදිහට ලියන්නං.

      ස්තූතියි බසූ

      Delete
  6. MRතුමා කියෙව්වාම මට වුනත් තේරෙන , මගෙ මීට සමාන මතකයින් අවදිකරන එකක් ලියල. ස්තුතියි.
    සම්බව්වා කවි ඉවරද?

    ReplyDelete
    Replies
    1. 😁😁😁😁
      අදත් එකක් පුලු පුලුවන් විදිහට ලියන ගමන් ඉන්නෙ. ෆොටෝ තමා නැත්තෙ. ෆොටෝ ගන්න අමාරුයි වැඩ අතර.
      මතකයන් අමතක වෙන්නට පෙර මොනව හරි ලියමුද. 😁😁

      සම්බව්වා කවි ලියන්න වෙලා මදි. වැඩ වැඩි. 😁😁

      Delete
  7. Replies
    1. පැමිණියාට, කියවූවාට සහ වැටට 🙈🙈 ස්තූතියි ❤❤🥰🥰

      Delete
  8. ඔය මිනිස්සු කෂිය ටිකක් ගහන්නැතුව විෂ්කි බොන්නයෑ.
    අපරාදෙ පුච්චපු මාළු කෑල්ලක් බයිට් එකට අරං සුදුව ෂොට් එකක් ගහල එන්න තිබ්බ චෑන්ස් එක. හැක්..

    ReplyDelete
    Replies
    1. ඒක හරි. ආසන්නම බාර් එක මුරුන්කන්. 😁😁😁 මේ අහලකට රෙස්ටොරන්ට් එකක් නෑ.
      හොරෙන් අරක්කු විකුණන අයගෙ ගිණි ගණං කෝමත්.
      කසිය තමා ඉතිං විකල්පය. 😏😏😏

      Delete
  9. Replies
    1. හා. එනකොට බයිට් එකට කඩල මුලක් අරං එන්න.

      Delete
    2. බැඳපු මාළුවෙක් අරං වර සුදුව බෝතලයක් එක්ක.

      Delete
    3. @ නමී..
      තවම එනව වෙන්ඩැ 🤣
      @බසූ
      කඩල ඒපා. මාලු කෑල්ලක් ෙහාඳයි
      @ප්‍රසා
      අන්ෙන්කයි

      Delete
  10. මගේ කොමෙන්ට් එක කෝ යකෝ , සමාවෙන්න සුරා බදු රාලාමි , කතාව මරු ඈ , පස්සේ තමා තේරුනේ සීන් එක

    ReplyDelete
    Replies
    1. අජිත්තයිය කමෙන්ට් කලාද. තිබුණෙ නං නෑ ස්පෑම් වෙන්නෙත් නෑනෙ. පබ්ලිෂ් නොවී මැකුණද දන්නෑ.

      අලුත් කොටස අප්ඩේට්වුනේ නැතිද ඔයාට

      Delete