Saturday, July 27, 2024

පරිවර්තන - සන්තෘෂ්ටියේ ඉසිඹුව - A moment of happiness - By Mewlana Jalaluddin Rumi


සන්තෘෂ්ටියේ මොහොතක්ය,

ඔබ හා මම, ආලින්දයෙහි වාඩි ලා සිටින

දැකුමෙන් දෙදෙනෙක්ව හඟින, එක් ආත්මයක් හිමි

ඔබ සහ මම,


අපට ජීවනයේ ගඟ ගලා යනු දැනෙනු ඇත

ඔබ හා මම උද්‍යන සිරිය මධ්‍යයෙහි 

කුරුලු කූජන විඳිනාතර


තාරකාවෝ අප  දෙස බලා හිඳිනු ඇත

කෙසඟ චන්ද්‍රවංකයක් වීම කුමනාකාරදැයි

අප ඔවුනට පෙන්වා සිටිය යුතු වෙමු


ඔබ හා මම එකෙකු ලෙස, එක්වම

අනුමානයන්ට උදාසීනව, ඔබ හා මම


ස්වර්ගීය ගිරවුන්ද මහත් වූ ප්‍රීතියෙන් පසුවනු ඇත‍

අප එක්ව සිනා නඟන සඳ, ඔබ හා මම


එක් වෙසකින් මෙ ධරණි තලය මතුයෙහිද

තවත් වෙසකින් කාලවියුක්ත මිහිරි දේශයකද

                                                    

A Moment Of Happiness

A moment of happiness,
you and I sitting on the verandah,
apparently two, but one in soul, you and I.

We feel the flowing water of life here,
you and I, with the garden's beauty
and the birds singing.

The stars will be watching us,
and we will show them
what it is to be a thin crescent moon.

You and I unselfed, will be together,
indifferent to idle speculation, you and I.

The parrots of heaven will be cracking sugar
as we laugh together, you and I.

In one form upon this earth,
and in another form in a timeless sweet land.

හතුන් වන සියවසෙහි ජීවත් වූ ශ්‍රේෂ්ට කවියෙකු  ලෙස සැලකෙන මවුලානා ජලාල් අල්-දින් මුහම්මද් රුමි හෙවත් රුමි පර්සියානු ජාතිකයෙකි. ඔහුගේ කාර්යයන් පාර්සි බසින් ලියැවී ඇතිවා වුවද ඇතැම් පද්‍යන් සඳහා තුර්කි අරාබි සහ ග්‍රීක් යන භාෂාවන්ද යොදාගෙන ඇත. රුමි ගේ පද්‍යයන් පර්සියාව මතුයෙහි පමණක් නොව ලොව සිවු දෙසම පැතිර ඇති අතර ලොව බොහෝ කවීන්ට උත්තේජනයක්, අනුබලයක් වී ඇත. 

A Moment Of Happiness  ලෙසින් හඳුන්වන, මා විසින් පරිවර්තනය කර ඇති මෙම පද්‍යය ඛණ්ඩය මාගේ ප්‍රථම පරිවර්තන ව්‍යයාමය වන අතර අඩුලුහුඬුකම් ඇති වග පිළිඟනිමි. නිවැරදි කළ හැකිනම් එය අගය කොට සලකමි.
ස්තූතියි ☺️




15 comments:

  1. පරිවර්ථනයත් , පිංතූරයත් දෙකම නියමයි, ජාඩියට-මූඩිය වගේ. ඔය පර්සියානුවන් ගේ අතීත තාක්ෂණය සහ දියුණු සාහිත්‍යය පුදුම සහගතයි. මට හිතෙන්නෙ ඉස්ලාමය තමයි ඔවුන්ව අද ඉන්න තැනට ඇදලා දැම්මෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. නමුත් මගෙ.හිතට තවම හරි නෑ. කෝමත් පළමු ප්‍රයාමය නෙව. හරියාවි මේ විචිකිච්චාව තව ඉස්සරහට.
      ඉස්ලාමය නරක නෑ. ඒත් ඒක අල්ලං තියෙන තැන වැරදී කියල තමා මගේ මතය. අනික නිර්මාණය ට වඩා විනාශයමයි සිදුවෙන්නෙ

      Delete
  2. අඩුපාඩු තිබුනට මොකෝ, අපිට ඕව තේරෙනව කියලැයි. හැක්..

    ReplyDelete
    Replies
    1. එහෙම බෑ. මොනා හරි කියල යන්නෝන. නැත්තං මගෙ හිතට නිකං මොකද්ද වගේ 🤭🤭😂😂

      Delete
  3. මම ⁣මේක ලිව්වෙ බ්‍රේව් බ්‍රවුසර් එකෙන්. සිංහල ටයිපිං වලට ලොකු සපෝට් එකක් නෑ. පුලුවන් එව්ව මොබයිල් එකෙන් නැවත හැදුව. බලන්නං ඉතිරි ටිකත්. ටිකක් බිසි මේ දවස් වල.

    sugar cracking කියන යෙදුම ගැන අදහස මොකද්ද//
    මේ ගැන සෑහෙන්න බැලුව. නිශ්චිත නෑ. නමුත් තේරෙන විදිහට සුවය සැපත.සතුට වගේ අදහසක් එන්නෙ. රවි අයියත් ඒ සමාන අදහසක් මයි දුන්නෙ. හැදුව ඒක නැවත. රසවත් දෙයකට වඩා සුව පහසු ජීවිතයක් භුක්ති විඳිනව වගේ අදහසක්.

    ස්තූතියි ඔබේ වටිනා අදහසට 🥰🥰❤

    ReplyDelete
  4. Replies
    1. ස්තූතියි වැසි දැැරිය🥰

      Delete
  5. අවුලක් නැහැ ඇත්තටම. මට වයිෆියි මැයි මතක් වුනා. හවසට අපි දෙන්න ගාඩ්න් එකට වෙලා තේ කෝප්ප දෙකක් බොන හැටි

    ReplyDelete
    Replies
    1. ඒක මැවිල පේනව.
      වටේට තරමක් උස පොඩි අන්දර
      වැටකින් වටවෙලා තියෙන කොලපාට තණනිල්ලක සුදුපාට බෙන්ච් එකක් උඩට වෙලා ඉර බහින දිහාවෙ බලාගෙන වයසක ඉලන්දාරියෙකුයි තරුණ හාමිනේ කෙනෙකුයි සාද සාමිචියෙ යෙදෙන ගමං කෝපි එකක් තොල ගානව.🤭🤭🤭

      Delete
  6. කියැවීමි
    ප්‍රීතියෙන්
    ට්‍රයි එකක්
    නෙව ඉතිං

    යළි යළිත්
    කරනවිට
    තවත් හොඳ
    වෙයි ඉතිං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමල් අයියා.
      බලමු ඉස්සරහට, තව ටිකක් උත්සාහයක යෙදෙන්න.
      🥰🥰

      Delete
  7. කවිය, පරිවර්ථනය සහ චිත්‍රය විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි, සම්භාව්යයි. (සොරි, මේ මොකක්ද කියල මෙලෝහසරක් තේරුනානම් තව කමෙන්ට් කරන්න තිබුනා)

    ReplyDelete
    Replies
    1. දැං නං ආයෙ ලියන්න ඕනත් නෑ වගේ 🤭🤭🤭
      මං දන්නව තේරෙනව කියල. 😁😁😁

      Delete
  8. පරිවර්තනයට ආධුනික බවක් පේන්නේ නැහැ මහේෂ්, නියමයි මේක.
    රුමි ගේ කවි ලස්සන වගේම යෙදුම් වෙන භාෂාවකින් කියන්න ලේසි නැහැ. කවියට සාධාරණයක් කරලා කියලා කියන්න පුළුවන්.
    තව පරිවර්තනය කරමු!

    ReplyDelete