Showing posts with label අඬහැරය. Show all posts
Showing posts with label අඬහැරය. Show all posts

Monday, March 14, 2016

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකා
ඉතිරි වී තිබු එකම හීනෙත්
තුට්ටුවක් ගෙන විකිණුවා
ඒ වුණත් අදටයි හෙටටයි මිසක්
ඇතිද අඩු ගාණෙ සතියකටවත්
ඇහෙන නෑහෙන තරමින්
යසෝදරාවිය මොනවද  කියන්නී....

Friday, January 1, 2016

එන්න මල් පිපී දැයි බලන්න..

                                      හිස් පිටුවක කවියක් කතාවක් ලියනවට වඩා අමාරුයි ජීවිතේ ලියන එක.. මේ මේ විදියට වෙන්න ඕන කියල සැලසුමක් නැතිඅනාගතය අපට ඕන ව්දියට අතීතයෙ දවසකදි කපල කොටල අපි විසින්ම හදාගෙන පස්සෙ අමතක කරල දාල අනාගතයෙ දවසක ඒකෙ ප්‍රතිඵල ලැබෙන කොට අපි ඒකට දෛවය කියල බොරු නමක් කියනව.

Tuesday, October 6, 2015

තවත් එක දවසක් ම විතර ද..??

තුංග වෘක්ෂයන් වෙති අපමණ
ඵල වැල සිසිලස සුවද බෙදා දෙන
බෝසත් පාරමී දහම් නොපුරන
බෝසතුන් තරමටම කුළුණුබර..

ඇස් ඉස් මස් රුහිරු බිදු දියකර
පෙවී උන් අප හටම සිප් කිර
නොපැතීය ආපසු කිසිත් කෙලෙසක
ගෙවන්නද කෙලෙස මේ උතුම් ණයබර..

පවර වෑ දිය මෙනි දයාබර
කෙත් සාරවත් කර සිනාසෙන
කිසිත් කිසිදා කියා නොමයන
හදේ ගැඹුරෙම තබා හිනැහෙන ..

Tuesday, June 30, 2015

නොනැවතෙන හුස්මකි පණ ගැහෙන සිරුරකි ...

අහසටත් අමතක ව
බිම වැටුණු තරුවකට
පණ දෙන්න බැරිවාද
මුඩුක්කුවෙ හුස්මකට...

Wednesday, March 25, 2015

එන්න කවුළුවෙන් පිටතට පියඹන්න

                           
 පුෂ්ප මකරන්ද යෝ අඳුරු ගුහා වන් හි ම සැඟව මිය යා යුතු නොවේ... නිතරම රොන් උරනා බඹරුන්ට පාවාඩ පිණිස එළිය යුතු ද නොවේ... ඒ තුළින් අළුත් ජීවිතයක් දැකිය යුතු ය යන්න මගේ අදහසයි... අනේක වූ අකුරු මැද සරණ සිය ගණනක් වූ වියුණු සටහන් කරුවන් අතර අති විශිෂ්ටයන් අතිමහත් ය... ලියන්නන්ට වඩා කියවන්නන් ද එසේම ය. නමුත් ඔවුන් බ්ලොග් අවකාශයෙන් එහාට සිය අත්තටු විහිදා පියඹා යන්නේ කලාතුරකිනි... ඉදින් අලසකම පසෙ කලා ඔබේ නිර්මාණ වැඩි පිරිසක් අතර බෙදා හරින්න සුදානම් වන්න යැයි යැයි මම ඔබෙන් ඉල්ලමි...

Wednesday, December 31, 2014

2015 සුභ නව වසරක් වේවා..!!!

ලියා තබා ගන්න 
ඔබේ හදවතේ
අලෝකවත්ම කුටීරය තුළ
ඔබේ ප්‍රියතම වර්ණයන් ගෙන
එළඹෙනා සෑම දිනයක්ම
ඔබේ ජීවිතයේ
හොදම දිනයක්
බවට....



2014 කියන්නෙ මට නං පාර අයිනෙ ඉන්න ට්‍රැෆික් සාජන්ට් කෙනෙක් දැකල හැටට හැටේ පාගපු හෙල්මට් නැති බයික් කාරයෙක් වගේ.. හිතන්නත් කලිං ගිහින් ඉවරයි.. මට මතකයි සමහර වෙලාවල් වලට මම පොඩි පොඩි සිගිති ආතල් ගත්ත... හැම කෙනාම එහෙම කරන්න ඇති. නෑ කියන්න කාටවත් පුලුවන් කියල මම හිතන්නෑ... ඒ ඇරෙන්න  මම ඇත්තටම කියපු (මඩ වත් අපහාසවත් නෙවී පෝස්ට් ගැන මට ඇත්තටම හිතුණ දේ) සමහර දේවල් හන්ද සමහර අයගෙ හිත රිදුණ.. ඇත්තටම මම කාටවත් එහෙම අදහස් කරගෙන දෙයක් කියන්නෑ... මට හිතට දැනෙණ දේ අවංකවම කියනව.. එච්චරයි... තමන් දෙයක් භාර ගන්න විදිය අනුවයි හැම දේම වෙනස් වෙන්න... 

ඉතිං ඒ පහුගිය කතා  වලට යන්න කියල සුපුරුදු පරිදි මගේ හය්යෙන් ඔයාලගෙ පෙට්‍රල් වලින් මේ ගමන යන්නයි මගෙ බලාපොරොත්තුව...  නම් වශයෙන් කියන්න බැරි වුණත් මගෙ වියුණු සටහන ආරම්භයේ ඉදලම මා එක්ක හිටපු හැමෝටම බොහොමත්ම ස්තූතියි... මාත් එක්ක මේ කෙටි කාලය පුරාවටම හිටිය වගේ ඉස්සරහටත් ඉන්න කියල මම ආරාධනා කරනව... 

2015 නව වසර ඔයාලට වගේම ඔයාලගෙ පවුල් වල අයටත් අත මිට හිග නැති කුසගිනි නොම ඇති එළවළු හාල් පොල් පෙට්‍රල් ගෑස් මදි නොකියන්න ලැබෙන 
කෙල්ලො නැති කොල්ලන්ට කෙල්ලො හම්බෙන 
කොල්ලො නැති කෙල්ලන්ට කොල්ලො හම්බෙන
ගල් ඕන උන්ට ගලුත් පොල් ඕන උන්ට පොලුත් අඩු නැතිව හම්බෙන 
ශ්‍රී සුභ නව වසරක් වේවා.............!!!!!! 

Wednesday, December 17, 2014

පාට (ඇති/නැති) වැහි


උස්ව නැගි 
තුගු රුකෙක 
ඉහළම අතු රිකිලි යට
නර්තනයක්ය 
කණමැදිරි..,
පුංචි තරු ඇස් ටිකක්
වළාකුලක් යට 
වැස්සට තෙමෙන 
වෙලාවක...

Wednesday, September 10, 2014

වරද...

අලුත් වැස්සකට හිත පුරා
ගත තෙමාගත් බොල් පොළව
දිය කඩිති මඩ කඩිති ගත පුරා තියාගෙන
ආකාසෙට හිනාවෙන වෙලාවක
හිතේ හැටියට අයිස් වැහි  වතුරෙන්
සල්ලි නොගෙවම නාගත්ත
කුසුමා ඔති ගෙ කැහැටු කොල්ල අපේ ගේ ඉස්සරහ
වෙව්ල වෙව්ල හිනාවීගෙන

Friday, September 5, 2014

06 09 13 - 06 09 14

හුස්ම වැටෙනා වසක් ගෙවුණා
සතුටු කවි කතා අතරේ
මොහොතකට ජීවිතය රැදුණා...

එදා වගෙමයි
ළිහිණි කැල අදත් සරණා
අදත් නොවෙනස්
පහන් කන්දත් එහෙම තිබුණා...

Friday, August 8, 2014

කන්‍යාවිය මමයි රීකන්ඩිෂන් කළ

බැලුවා පත්තරේ අම්මා තාත්තා
  තෝරා බැලුවේ නම් ලොකු තාත්තා 
කරකාරයට මා සරණට දෙන්න සිතා 
ජයට මගුල් මම හිටියේ නොකර කතා ..

Thursday, July 24, 2014

කට කහන කවි - දැන් සනීපද..?

අපි ජාති වාදී නැත  අපි හෙණ පොරවල්ය
කියනා උන් ළඟත් ජාතිවාදය තිබේ
මාලිංගට ප්‍රේම කර කෝලිට වෛර කරන්නේ ඒ හින්දාය..

අමරදේවයන් ශාස්ත්‍රීය යැයි සංකීර්ණ යයි කියයි
ජෝතිපාලයන් සරල යැයි අපූර්ව යැයි කියයි
මනුෂ්‍ය සන්තානයේ ඇති සංකීර්ණත්වය හන්දාම
ඔවුන් දෙදෙනාම පුරාවෘත්ත ගතව ඇත...

Thursday, July 3, 2014

කවි ටොක්ක- කෙලෙස්

1.  සුභ නැකත් බැඳ
     පහන් පැළ වැඳ
     බුදු වදන් කොදුළ
     රැඩිකල් උපාසක
     බුදුන් අමතකව
     මදු ඔඩම් ගෙන මත්ව
     පුළුටු හපමින්
     චිරත් කල් වැජඹෙවැයි
     අසිරි ඇසුවේය....

Thursday, June 19, 2014

After






බුදු පුදට පැමිණි දන
සුදු වතින් සැරහි ගෙන
මලුත් පඬුරුත් අතින් ගෙන
පිං පාට පුරවගෙන

Monday, May 5, 2014

MINI කවි


ශ්‍රද්ධාව
බෝ ගහක්..
පිළිමයක්
පංසලක්
දුටු සැණෙක
බාගෙට ඉස්සෙන
පස්ස....

Friday, March 14, 2014

ගොදුර

ගොදුරක් සොයා
ඉගිල ගිය
ලිහිණි තෙම
විල් දියෙහි දගලන
මාළුවෙකු දැක
ගොදුරු ලොබින්
ඊසර වේගයෙන්
පහළට පැන්නේ
..
..

Friday, March 7, 2014

දෙබිඩ්ඩෙක්.....

කේඬෑරි ඉපල් බැ
මළකඩ යදමකින්
විහින් විලංගු ලා ගෙන
චපල සිතක් තුළ
සිරකරුවෙක්ය නුඹ
නිදහසක් අසන......

Monday, February 17, 2014

අරුමයකි වටහා ගත නොහැකි...

පිළිස්සී
මියෙන වග
දැන දැනම
ගිනිදැල්ල
වෙතම ඇදෙනා
මෙරුවෙක්ය සිත.....
නුඹවම සොයා

Thursday, January 16, 2014

Wednesday, January 8, 2014

අමිහිරිම කව



කළු අළු දුම් කැරළි
වෙඩි බේත් සැර හුළග
මල් වෙඩි පැරදෙන හැඩයි
ඇස් නිලංකාරයි
බක්මහ අකුණු විරසකයි....
දුඹුරු පාටයි පිදුරු පාටයි
නිලක් නෑ පෙනෙන නෙත් අස
මිරිගුවට ඇස් ගිනි දවයි
ඒ මැදින් රුපු ඇස් රවයි
විරසකයි මහී අම්මත්......
ඉමක් නොපෙනෙන රෑ දිවා