අලුත් වැස්සකට
හිත පුරා
ගත තෙමාගත්
බොල් පොළව
දිය කඩිති මඩ කඩිති
ගත පුරා තියාගෙන
ආකාසෙට
හිනාවෙන වෙලාවක
හිතේ හැටියට
අයිස් වැහි වතුරෙන්
සල්ලි නොගෙවම
නාගත්ත
කුසුමා ඔති ගෙ කැහැටු කොල්ල අපේ ගේ ඉස්සරහ
වෙව්ල වෙව්ල
හිනාවීගෙන
“ ආ.. මූ නේද අර
සයිමගෙ කොටුවෙ
මයියොක්ක හාරල
අහුවුණේ
ඇහැ ගහං ඉන්න
වෙයි ”
හිත එහෙම
කියද්දි ඇස් විමසිල්ලෙ ඉදිද්දි
තාවර වෙවී
තෙපර බබා යාප්පුවෙන්
ඉල්ල ගත්ත පරණ
වෙච්ච ඉටි රෙද්දකුත්
තුරුළුකොර ගෙන
ආපු අහටම පියෑඹුව
රටක් රාජ්ජයක්
හම්බවුණා වගෙ
“ උං හිටපු ගේ
කඩං වැටිලලු වැස්සට
පොඩි එකාව
මුවා කරන්න වෙන්නඇති “
අත්තම්ම එහෙම
කියාගෙන ගෙට ගියා
අම්මට කතා කරල රෑට මෙහෙ
ඉන්න හරිගස්සල දෙන්න ඕන
පව් පොඩි උං....
පව් පොඩි උං....
පව් පොඩි එකා.... පවිත්තරා ඇන්ටිට බනින්න එපා පව් නේ... :D
ReplyDeleteපොඩි උං ඔක්කමපව් බං...
Deleteඅපූ නෑ කව්ද එයාට බැන්නෙ ඒම කියන්නවත් එපා... මං හරි තන්තෝසෙන් එයාව මතක් කලා විතරනෙ
හිහි
හි හී කට්ටිය පවිත්තරා ඇන්ටිට හරි ආදරෙයි නේහ්.
ReplyDeleteනිර්මාණය ලස්සනයි මහේශ්
ස්තූතියි තනූජා...
Deleteලංකාවෙ මිනිස්සු වැඩිපුරම ආදරේ එයාට ලු නෙව
අනර්ඝයි!!!
ReplyDeleteඅපි හුරු වෙලා තියෙන්නෙ එක වරදක් වුනොත් හැමදාම ඒ වරද කල පුද්ගලයා ජීවිතයේ ඉතිරි මුලු කාලයම වරදකරුවෙක් විදහට දකින්න.
ඇත්ත අපි අපිව වෙනස් කරගන්න කැමති නෑ... ඒක හදාගන්න ඕන දුර්වලතාවයක්..
Deleteස්තූතියි වී
හ්ම්ම් ... වැස්ස මිනිස්සුන්ගේ අමාරුකම් දන්නේ නෑනේ
ReplyDeleteඒකනෙ...
Deleteඒත් මිනිස්සුන්ට තේරෙනවනෙ...සංවේදී වෙන්නැනෙ..
්කනෙ අවුල
නියමයි
ReplyDeleteස්තූතියි මකසි
Deleteපව් අනේ...
ReplyDeleteහ්ම්
Deleteහිතන්න ගොඩක් දේවල් ඉතුරු කරල තමයි නවත්තල තියෙන්නෙ..
ReplyDeleteඑ්ත් හුගක් අය එතනිං හිතනෙක නවත්තනවනෙ උමේෂ්... ඒකනෙ අවුල...
Deleteහුග කාලෙකිං දැක්කෙ...
දැං ලියන්නෙ නැතෙයි
මැවිල පේනව මචෝ සිද්ධිය, නිර්මාණය කදිමයි. ඒ වගේම අවන් හලේ අලුත් බෝඩ් එකත් නියමයි.
ReplyDeleteෙදකටම ස්තූතියි ඈ....
Deleteගොඩක්ම ස්තූතියි....
නිර්මානය අගෙයි මහේෂ්....
ReplyDeleteජ ය වේ වා !!!
Deleteස්තූතියි විදානෙ..
ජයෙව්වා
ඇත්තටම වරද කාගෙද?? :(
ReplyDeleteමම හොල්මන් වෙලා පවිත්‍රා ඇන්ටිව හොයනවා. :)
නැවතිල්ලෙ හිතල බැලුවොත් වරද කාගෙද කියල හිතෙයි... :)
Deleteහා හා... එයාව හොයන්න යන්න එපා...
හිහි
නිර්මානේ නම් ලස්සනයි මචෝ..
ReplyDeleteසත්‍ය කතාවක් ඇසුරෙන්ද කියලත් වෙලාවකට හිතෙනවා..
ස්තූතියි විභීෂන...
Deleteපිංතූරෙ ඇසුරෙන් කරපු සංකල්පනාවක් පමණයි...
සමහර විට කොහෙ හරි මේකට සමාන සිදුවීමක් වෙලා ඇති...
කව්ද දන්නෙ
මේ දවස්සල පවිත්‍රාව හොයාගන්න නං ඌව පළාතේ යන්න වෙයි.
ReplyDeleteඑහෙත් නෑලු අනේ...
Deleteහිහි
:/
ReplyDeleteඇයි මචෝ
Deleteපින්තූරෙත් එක්ක කවි ටික නියමෙටම හිතට වදිනවා..
ReplyDeleteස්තුතියි අෑ
Deleteලස්සනෝ..
ReplyDeleteකවුද බං බොට මේ පාට පාට කිස් ටික දුන්නෙ.... :D
ස්තූතියි සංචාරක....
Deleteමගෙ ගැල්ලමය බං... ඉට පස්සෙ කීව මට නෙවීලු බ්ලොග් එකටලු.. ඔන්නමෙතන දැම්ම
හිහි
හරිම සන්වේදී නිර්මාණයක්.
ReplyDeleteස්තූතියි ගිම්හානි
Deleteවැස්සෙන් වගේම සමජෙනුත් බැට කන්නේ නැති එකාමයි
ReplyDeleteනැති කමට වඩා දුර්වලතාව හින්දයි හැම අතින්ම පොඩි ට්ටං වෙන්නෙ සොමී... නැති බැරි වුණත් හිතේ හය්ය තියේ නං වට්ටන්න කාටවත් බැ...
Deleteනියමයි. දුකයි නමුත් ඇත්ත මේක තමයි.
ReplyDeleteස්තූතියි අගය කළාට...
Deleteඇත්ත නිතරම තිත්තයි නැද්ද රාජ්
නියමයි මහියා.අයිස් බකට් නාන්න කලින් හිතන්න යමක්
ReplyDeleteස්තූතියි මචෝ....
Deleteඇත්තටම වරද කාගෙද ?
ReplyDeleteසොබාදහමෙද?අසරණකමේද?
අදහස පට්ට මචෝ
ළග ළග හිතුෙවාත් වැරැද්ද ඒ කියපු දෙකේ කියල කියන්නත් පුලුවං...
Deleteඒත් ටිකක් නැවතිල්ලෙදුරට හිතල බැලුවොත් වෙනසක් කරන්න හැකි වෙයි...
ස්තූතියි මාව අගය කලාට.... ජයවේවා
එලකිරි ...බොගිය වෙනස් වෙලා නොවෑ ..
ReplyDeleteස්තූතියි දොඹේ...
Deleteටිකක් විතර වෙනස් කරන්න හිතුණ...
ජයවේවා
හොයාගෙන ආවා අවන්හලට...ෂා..ෂා එල ද බ්‍රා නිර්මානයක්..සිරා කිව්වා වගේම ගොඩක් දේ තියනවා අවන්හලේ එහනම්
ReplyDeleteබ්‍රැන්ඩ් එක ගල්
-ස්තුතියි-
මොකද මෙන්ඩො වෙලා තියෙන්නෙ....
Deleteකවදාවත් ආවෙ නෑ වගේ හිහි..
ස්තූතියි අගය කලාට....
බයිට් එකට (රට)කජු
එලද බ්‍රා මේ ඉන්නෙ කොල්ලා ඇවිල්ලා....හැලි බොරේන්ජ් ඩිංගිත්තක් බොමුද බැදපු හුරුල්ලෙක් එක්ක....
Deleteබැදපු හුරුල්ලො එක්ක හැලිබොරේන්ජ්...
Deleteඊට හොද නැද්ද හරක් මස් එක්ක මාස් මෙලෝස්..
හිහි
පොඩි එකා අයිස් බකට් නෑවා කියලා බොලා සැවටුනා නේද...හක හක....අපේ නෙත් සමහර වෙලාවට අපිට පෙන්වන්නෙ මතුපිටින් පේන දේම නෙමෙයි...ටිකක් ලං වෙලා විමසිල්ලෙන් බැලුවාම ඇත්ත පේනවා....
ReplyDeleteඑ්ක අැත්ත සිරා අය්යෙ බොහෝ වෙලාවට අපි දකින දේත් ප්‍රතික්ෂේප කරනව...
Deleteමොකක්හරි හේතුවක් හදන් ඒ හැටි වෙන්නැ
දෙතුන් සැරයක් කියෙවුව අද නම් මට තේරෙන්නැ මේ කියන දේ.. මගෙ හිතේ අවුලක්ද මන්දා.. :-(
ReplyDeleteහිතන්න තරං ෙලාකු දෙයක් නෑ ෙනව දිනිති අක්ක බෝම සරල කතාවක් නෙව මං කියල තියෙන්නෙ...
Delete