පහුගිය සතියෙන් මේ වගේ ඉඩ තිබ්බ දවසක් මතකවත් නෑ.
පොඩි දවස් වල බස් එකට නැග්ගේ පෝළිමේ ඉඳලාය. එහෙත් ක්‍රම ක්‍රමයෙන් කරඳඩු උස්මහත් වන විට, නැතහොත් ඉකමණින් ලොකු වන්නට වුවමනා වූ කාලයේ පෝළිමේ හිඳ බසයට නැඟීම යම් ලැජ්ජාවකට කාරණයක් වූවා මෙනි. ඊටත් ඉඳගෙන යාමට වඩා බස් එකේ හිටගෙන යාමටද, පාපුවරුවේ යාමට ද, පා පුවරුවේ යාමට බැරිනම් එතැන සිටුවා ඇති ආධාරක කණුවට හෝ හේත්තු වී යාමටද ප්‍රිය කරන කාලයකි ඒ. එහෙත් අපට ඒ අවස්ථාවන් ලැබෙනුයේ කලාතුරකිනි. අපට වඩා ලොකු අයියලා බස් එකේ ඉන්නේය. එක වරම ඒ වයසට පහළ වූවා සේ සිටින ඔවුන් අපට කුඩා හෝ අවස්ථාවක් දෙන්නට කැමති නැත. මේ හුජ්ජ කොල්ලො එනව මෙතන ෆුට් බෝඩ් යන්න. යැයි අපව පන්නා ගනී. එහෙත් කාලයක් යන විට අපිත් සුදු දිග කලිසම් අදින නාහෙට නාහන අයියලා බවට පත් විය .පෙර සිටි අයියලා අපට කල දේවල්, අපේ පසු පෙළටත් අඩු හෝ වැඩි වශයෙන් සිදු වන්නට ඇත. අද නං මතක් වන විටත් සිනහා උපදවන ඒ දවස් වල නැටූ නාඩගම් හා ඒ අනතුරුදායක හැසිරීම් වල ආසාවකට හෝ යෙදෙන්නට හිතක් නැත. ඒ එවන් අනතුරුදායක හැසිරීම් නිසා පසු ගිය කාලයේ සිදුවූ අනතුරු ගැන මාධ්‍ය හරහා දැනුවත් වීමද නැතහොත් ක්‍රමයෙන් මුහුකුරා යාම නිසාදැයි කිව නොහැකි වුවත් නිකමට හිඳගෙන මිසක් හිටගෙන වත් යාමට එතරම් කැමැත්තක් නැත.
අප පෝළිමේ හිඳ බසයට නගිද්දී පෝළිමෙන් පිට සිටියේ සුදු කලිසම් හැඳි අයියලා පමණක් නොවේ. වැඩිය තැලෙන්නට පොඩිවන්නට අකමැති කාගේ හෝ මල්සර බැල්මකට සංවරව හුන් අක්කලාද සිටියෝය. අයියලා අපට දෙන වද වලට සාපේක්ෂව අක්කලා අපට ආදරෙන් සැලකුවා හෝ "අපව පාවිච්චි කලා යැයි " මා සිතමි. එහෙත් අදද හිතේ යම් කොණකින් ඔවුන් අපව පාවිච්චි කළා යැයි පිළිගන්නට කැමැත්තක් නැත. අක්කලාට සීට් ඇල්ලීමද ඒ ඇල්ලූ සීට් වලට බැණුම් ඇසීමද ඒ දවස් වල පුරුද්දක් විදිහට අප කළ දේවල්ය.
ඉස්කෝලේ ඇරී කලිංම දුව විත් පෝළිමේ සිටින්නේ නිකංම නොවේ. ඉද හිටක බයිට් වෙන්නටත් සිදුවේ. ඉස්සරහ ඉන්නා විටක පසුපස ඉන්නා අයගේ ටොකු ප්‍රහාර වලටද එහෙං මෙහෙං වැටෙන කඩදාසි ගුලි ආදියද ඔළුව ස්පර්ෂ කරන්නේමය.. මේවා අද දවසේ බුලි නමට කැටගරයිස් වන මට්ටමට ම තිබුණා මතකය. ඒ බුලියන්ගෙන් අපව ආරක්ෂා කරන්නට අක්කලා කීප දෙනෙක් හෝ ඒ අක්කලාට ලයින් දාන අයියෙක් දෙන්නෙක් හිටියා මතකය. බස් එක එන්නේ ඒකට හිතුණ වෙලාවටය. ඒත් නිසි වේලාවට පිටත් වේ. බසය නැවතුමේ ගාල් කරන්නේ දොර හරියටම පෝළිම ඉලක්ක කරගෙනය . ඉඳහිට දවසක සීසන්.. සීසන් කියන්නේ නම් මිස පෝළිමට සිටි අයත් බසයට නගින්නේ පොරකාගෙන වගේය. ඒ නැග්ග ගමන් බස් කවුළු වලින් කොන්දොස්තර ඇස් වලට වැලි ගසා පනිනා බෑග්ස් හිස් ආසන වලට හෝ ළඟම ආසනයට ස්ථානගත කරගත යුතුය. ඒ බෑග්ස් අයිති අක්කලාටය. මේ අක්කලාට හිටි සමහර ආරක්ෂක අයියලා නිසා ඒවාට අත තියන්නට කෙනෙක් එන්නේ කලාතුරකින් වුවත් කොන්දොස්තර තැන දුටු විටක වන්නේ විනාසයකි. එවිට අපට නොවේ වාගේ බසයෙන් එළිය බලා සිටිය යුතුය. බය වන්නට ගණං ගන්නට ගියොත් බෑග් ටික අකුලා ගන්නට සිදුවේ. මේ අක්කලා නගින විට බසයෙන් හතරෙන් එකක්ම පිරී අවසානය. සමහරු හිටගෙනය. සමහරු අර බෑග් දෙස බලමින් ඔරවමනි. ඒ බෑග් අයිතිකාරයන් වාඩිවූ විට අර සිටගෙන සිටින ඇත්තන් කරන්නේ උරහිස රැදි බෑගය බලෙන් මෙන් ඉදගත් අය වෙත අතහැරීමය. ඒ බස් වල බෑග් දැමීමට රැක් එකක් නොවූයෙන් ඒ වද වේදනා අකමැත්තෙන් හෝ ඉවසන්නටද ඔවුන්ට සිදු විය. සමහරක් දවස් වලට අප තබන බෑග් කවුරුන් හෝ උස්සා පැත්තකට දමා වාඩි වෙන්නේය. ඒ දවස් වලට ඒ ඉඳගත් අයටත් සීට් එපා වෙන තරමටම වැඩ සිද්ධ වෙනවා පමණක් නොව අපටත් මඟක් දුර යන විට අක්කා කෙනෙකුට සීට් එක දී සිටගන්නට සිදුවන්නේ, පැටියෝ හිටං ඉඳල අමාරුයි සීට් එක ටිකක් දෙන්නකෝ… කියා ඇසෙන ටිං ටිං වොයිස් හින්දාය. ඒ වගේ වොයිස් එක්කට මොනව කරන්නට බැරිදැයි දැං වුව හිතෙන්නේය. ඒ දවස් ගැන කුමන කතාද.. ?
මීට වඩා ලස්සනට අපි පෝලිමේ හිටිය.
අපද පරක්කු වී පෝළිමට එන දවස් වලට අක්කලාටත් හුළං ය. ඒ වගේ දවසටත් අක්කලා අපිව පාවිච්චි කරන්නට ඇති බව සිතේ. ඒ වාගේ දවස්වලට අක්කලා ඉන්නේ අපේ කරේය. පසු කාලීනව මේ අය හමුවූ අවස්ථා කීපයක් මතකය. මම සාමාන්‍යයෙන් උස අයෙක් නොවේ ඒ අක්කලා මට වඩා මිටිය ඒත් ඒ දවස් වල ඔවුන් මට වඩා උස බව මතකය. අඩුම ඔවුන්ගේ උරහිස මට්ටමට වත් හිටියාදැයි විස්වාස නැත. ඉතිං හිටගෙන බස් එකේ සීට් එකක් හෝ දෙපස සීට් දෙකේ පොලු දෙකක් හෝ අල්වා ගත්විට මේ අක්කලා අපේ උරහිසේ අත සතපවා ගෙන යන්නේ පැටියෝ බ්ලා බ්ලා අනේ පණේ කියමිනි. ඔවුන්ගේ තාවකාලික සංදේශකරුවන්ද, සීට් අල්ලන්නන්ද, ආධාරක කණුද යන සියලු භූමිකා රගපාන්නට අපට සිදුවිය. ඒත් ඒ කිසි අවස්ථාවක අප සිතේ අමනාපයක් පැන නැඟුණා මතක නැත. ඔවුන් අපේ කරේ හෝ කොහේ හෝ අත තිබ්බා පමණක් නොවේ. එවන් විටක අපව හොඳින් තුරුළු කර ගමන් ගත් වග මතකය. මට එය හොඳින්ම මතක ඇත්තේ ලස්සන සුදු අක්කා කෙනෙකු නිසාය. ඇයට පෙම් කළ, ඒ නිසාම මා හා හිතවත් වූ අයියා කෙනෙකු විය. ඇගේත් මගේත් මිත්‍රත්වය හෝ වෙනත් යම් බැඳීමක් නිසා හෝ අප බෙහෙවින්ම සමීපව සිටි නිසා ඒ අයියා මා සමඟ ද මිත්‍ර විය. අයියා හා අක්කා අතර ලිපි ගණනාවක් එහෙ මෙහෙ ගෙන ගිය සැළයා මම වීමි. නමුත් ලැබුණ ලබ්බක් නං නැත. අඩු ගාණෙ චොකලට් එකක් දීපියකො.. සෙද්ද. මේ කියන්නේ ඒ ගැන නොවේ. ඈ හට සිට ගන්නට වීනම් ඈ නිතරම සිටගන්නේ මට දකුණු අත පැත්තෙනි. ඉන් පසු මා ඇයට හොඳින් තුරුළු වන සේ ලං කොට ගනී. එසේ ලං කොට ගෙන මා ඈ වෙතට හේත්තු වෙන මෙන් රඳවා ගෙන මා උරහිස හරහා අත දමා ගනී. ඉඳ හිටක ඈ මා තදින් බදා තුරුළු කොට සිටියා මතකය. ඒ සුව පහසු මුදු පුළුන් කොට්ටයක් වන් ස්පර්ශයට ඒ හැසිරීමට මා බෙහෙවින් කැමති වී සිටියේය. ඉදින් මට අකමැති වන්නටද හේතුවක් නොවීය. නමුත් හැමදා ඒ සෙල්ලම සිදු නොවීය. මගේ මිත්‍රයාට එවන් අත්දැකීමක් ලැබුණා දැයි අසන්නට කවදාවත් මට නොහැකි විය. අද අප ඒ ගැන කතා නොකරන තරම්ය. අහන්නට හෝ අවශ්‍යතාවක් නොවන්නේ එදා ඒ විඳි හැඟිම් දහරාව යම් පමණකට හෝ කිළුටු වේ යැයි සිත ඇති අනියත බියක් හෝ මට ලැබුණ අත්දැකීම උටත් ලැබිලා නම් යන ඉරිසියාව නිසා විය හැක.
සැබැවින්ම මෙතැන අප යැයි කියන්නට කවුරුත් නැති තරම්ය. ඔවුන් හා මිත්‍රව සිටියේ මා ද මා මෙන්ම සාමාන්‍ය අහිංසක පන්නයේ එකෙකි. ඉඳින් අක්කලා පවුලේ නැති නිසාදෝ ඔවුන් හා සමාගමය අප ප්‍රිය කළ අතර කුමක් හෝ හේතුවකට ඔවුන්ගේ පිරිමි යාළුවන් තරමටම අප හා ද මිත්‍රව සිටි බව මතකය. මට හදිසියේම මේ කතා මතක් වූයේ පොදු ප්‍රවාහන සේවා වල යද්දී සේම බොහෝ අවස්ථාවන් හී දී හිරිහැර වන්නේ කාන්තාවන්ට පමණක් නොවේ, පිරිමින්ටද හිරිහැර විඳින්නට සිදුවන බවට වූ සටහනක් දැකීමෙනි. එහි සඳහන් වූ ආකාරයට ගැහැණු ළමුන්ට සාපේක්ෂව බාල වයස්කාර පිරිමි දරුවන්ටද අපයෝජනයට සෘජුව හෝ වක්‍රව ලක් වීමට සිදු වන බව කියා තිබුණි.
පේනවනෙ ඇඟිල්ලක් ගහන්න ඉඩක් නෑ.. ඉතිං ජැක් පප්පලට මල්..
ඒ දවස් වල ජැකාලා ඉන්නටත් ඇත. නොයින්නටත් ඇත. පෙර ලිපියේ කීවා සේ එවන් ග්‍රාමීය මාර්ගයක සේවාවෙි යෙදුන කුඩා බසයක තිබූ ඉඩ ප්‍රමාණයේ හැටියට කාට හෝ චෝදනා කරන්නට හැකියාවක් නොවූ නිසා එවන් සිදුවීම් ගැන කාට හෝ චෝදනා කරන්නට බැරි වන්නට ඇත. නමුත් අප සාමාන්‍ය පෙළ කරන කාලයට එන විට දොර දෙකේ බසයක් සේවයට යොමු කිරීමද ගමන් ගන්නා මඟීන්ගේ අඩුවද නිසා ඉඳ හිටක එවන් සිදුවීමක් දෙකක් වාර්තා වුණා මතකය. එහෙත් ගුටි කෙලියක් තරං දුර දිග යන්නට සිදුවීමක් නොවුණි.
අර අක්කලා දැං බැඳලාය. ඉඳහිටක මඟ තොට හමු වූ විටක සිනාවක් පා යනවා මිස කතා බතා අඩුය. මට වුව ඒ ගැන අහිතක් නැත. කාලය වෙනස් වී ඇත. එහෙත් අක්කලා ගැන තිබූ ඇල්මෙහි අඩුවක් නැත. පසු කාලීනව අක්කා හුටප්පර කීපයකට මැදිවන්නටත් ඒ නිසාම අක්කා ප්‍රේමියෙකු ලෙස කාඩ් එකක් හදාගන්නටද කුඩා දවස් වල විඳි ඒ අපූර්ව වූ සිදුවීම් හේතු වන්නට ඇත. ඒ ගැනත් ඉඩ ඇති හැටියකට කියන්නට අදහසක් ඇතද ඒ කවදා දැයි කියන්නට හැටියක් නැත.
තව ටිකක් ඇරං ඉක්මණටම එනව ඕං 😂😂😂😁😁😁
පොඩි ෂන්දියේම පුළුන් කොට්ටවල ඔලුව තිව්ව මහේෂුත් ලේෂි පහෂු පුත්තරයෙක් නෙවේ...
ReplyDeleteනෑ නෑ. මම කරපු.. මට වෙච්ච සමහර ඒව ලිව්වොත්...
Deleteදෙයියනේ... දෙයියනේ... ටයිප් තමා 😂😂😂
මටත් ඒම තමා බෝෂ්..... කෝම කියන්ද නේ ඒවා😂
Deleteසමහර ඒව නං ලියන්න හිතං ඉන්නෙ. සමහර ඒව නං බෑ 😃😃🙈🙈😂
Deleteඅඩේ මෙන්න මේවා තමයි පෝස්ට් කියන්නෙ. ඔහොම යං!
ReplyDeleteඅපට මොකද අපි දසසිල් උපාසක.
ඉබ්බන්නේ පුච්චන්නේ අනිත් පිට!
හොඳම පෝස්ට් එකක් අහුවුනාම, මම ඒක තියා ගන්නවා බත්කාල කියවන්න. කියවල එකයි, ආයෙ කමෙන්ට් කියවල එකයි, කමෙන්ට් දෙඤ්ඤං උක්කුං පුතේ දොඹෙන්.😊
හා, හා ඊළඟ....🤣
ReplyDeleteනෙද්දකින් අපිට හිටියෙ නෑ නෙව, ඔහොම අක්කලා. එකම එක වතාවක්, නෝටි අක්කා කෙනෙක්ව නෑඳෑ ගෙදරකදී හමුවුනත්, අක්කා කිව් තේරවිල්ලේ, තේරුම තේරුනේ ඊට අවුරුදු ගාණකට පස්සේය.🤔😒
බස්තුමාට හිතෙන්නෙ නැද්ද මෙහෙම ඔබතුමාගෙ අහිංසකබව ඕවර් පෙන්නුවාම ඒකෙ විරුද්ධ පැත්ත තමයි ඇත්ත කියල පාඨකයට හිතෙයි කියල?
DeleteThis kind of Munchausen journey in innocence might take a 180 degree turn?
නෑ නිකං ඔබතුමා ගැන මිනිස්සු වැරදි අදහසක් එයි කියල මගෙ අහිංසක හිතට ආපු නිසා ඔබතුමාට තියන බයපස්සපාතීකමට කිව්වෙ
හනේ ඇයි රාළාමී එහෙම කියන්නෙ? මම ඉතිං ලිව්ව නෙව කුකුළෙක් එකසිය පනහයි සහ කියුරියස් බස්සා ගැන. ඇයි ඒකත් මදි වගේද, මෝටිවේෂනල් අප්පච්චි?
Deletehttps://open.spotify.com/track/5JDcQAztvZTIkrWoZihgvC
Delete@ බසූ.. අදටත් දසසිල් උපාසක තමා හරිය.. හුම්ම් 😌😌😌 මටත් ඔය මොකක් හරි කරුමයක් තිබිල හම්බුුණඒව. ඒත් හොඳම කාලෙ හට්ටිය එක අතක තියං හැන්ද අනෙක් අතිං ඇරං බෙදන්නද පෙදන්නද කියල ඇඟටම ආපු ඒවත් බෙදාගන්න පුණ්‍ය මහිමයක් නැති වුණ එකෙක් මේ පුරසාරං දෙඩුවට 🙈🙈🙈🙈
Delete@ ප්‍රා... අනේ මංදන්න්ෑ ඕව නං 😂😂😂
මං මුකුත්ම දන්නෑ.
ඔය ලිංකුව ඕපන් වෙන්න ස්පොටිෆයි ඇපි එක ඕනලු ප්‍රා. 😒😒😒
බසූ. ඔය අල්මාරියෙ අස්සෙ කතාවට සමාන කතාවක් මටත් තියේ. හැබැයි වෙනස්. කරුමෙ කියන්නෙ ලියන්න බෑ. රෙදි ඉල්ලෙ.. 🙈🙈🙈
Deletehttps://www.azlyrics.com/lyrics/ronpope/adropintheocean.html
Deleteහහ්, "A Drop In The Ocean" කිව්වට අපි නං අහුවෙයි? 😂🤣
Deleteආසාවෙන් කියෙව්වා. පරණ බස් සහ දුම්රිය මතක සිහියට ආවා. ඒ දවස්වල පොදු ප්‍රවාහන සේවා වල අපි ගියා නොවේ යැවුනා කිව්වොත් හරි. හොද මතක සටහන් ගොන්නක්. මහේෂ් දිගටම ලියන්න.
ReplyDeleteස්තූතියි ඒ වගේ රසවත්.සිදුවීම් ඇත්තං බෙදාහදාගම්මු ඉතිම් 😊😊😊😊
Deleteහොඳාාාාාාාාායි!
ReplyDeleteමහේෂ් මහත්තයෝ, මට හිතෙනවා ඔයාගෙන් ලියවෙන ඡේද ටිකක් දිග වැඩිදෝ කියලා. ප්‍රින්ටින්වලදී ඉගෙනගත් දෙයක් මේ කියන්නේ. අකුරු තියෙන කොටස් වගේම නැති කොටස ගැනත් බැලිය යුතුයි. අපට දින කිහිපයක් ඉගැන්වූ ජයකොඩි සර් කිව්වේ 'කළු සුදු බැලන්ස් කිරීම ප්ටු සකසනකොට කරන්නම ඕනි' කියලයි.
මට නං ඒ කතාව සහතික ඇත්ත. එතකොට පෝස්ටුව ඇහැට ප්‍රියයි; වෙහෙස ගෙන දෙන්නෙ නෑ.
බෝම අමාරුවෙන් මේක ලියන්නෙ. එඩිට් කරන්නත් දවසක් දෙකක් යනව. මේ බිසියෙ හැටියට ඒත් නිදි තුමාගේ උපදෙස් ඊළඟ වතාවට පළිපඳින්න සිතට ගන්නම්.
Deleteස්තූතියි දක්වන සහයට ❤️❤️❤️
මහේෂ්. word වල ලියල හිට ඊට පහු චොප්ය් paste කොරන ඒකනෙ ඇත්තෙ... ඒම කොරාම edit කොරන්ට ලේෂි නොවැ
Deleteඅපේ අප්පේ... මල්ලිලා සෑහෙන්න භයානක සත්ව කොට්ටාශයක් නෙව... මම නම් ඉස්කෝලේ යන කාලේ දකින දකින කොල්ලත් එක්ක වලි ! හි හි
ReplyDeleteඅනේ නෑ.. මල්ලිලා තමා අහිංසකම. ඕ හිටගෙන.. 😃😃😃
Deleteමමත් එක්කත් වලි දාගත්ත අක්ක කෙනෙක් ඉන්නව මේ ළඟදි ඕබී එකේදිත් මූණට මූණ හමබෙලා කතා නොකර ගියානේ 😒😒😒
හරි දුකයි..
ස්තූතියි ලිඛිතා මේ අහ ගොඩ වෙනවට ❤️
ඒකාලෙ 120, 138 වගේ බස් ගැන ලිව්වොත් මෙහෙම අහිංසක පෝස්ට් නොලියවෙයි කියල ...නෝ ෆර්දර් කමෙන්ට්
ReplyDeleteප්‍රචණ්ඩයිද.. කුරිරුයිද.. දුෂ්ටයිද..
Deleteඅහෝ.. එවන් අත්දැකීමක් නැති තරං නේ..
ප්‍රා තුමාට බැයිද ආරාධිත ලේඛකයෙක් විදිහට ඒ ගැන ලියන්න 😃😃😃😊😊
ඒවා බස්තුමාතරං අහිංසකයි. හිතා ගත්තෑකිනෙ. ඇතිනෙ
Deleteහහ්, බැයිද ලියන්න? මගුලක් කියනවා? අපේ රිටිගල මැතිඳු ගල්ආඳා. එකාතකට වැරැද්දක් කියන්නත් බෑ නෙව? ආං අර අවංක නෙරුදාව, ඔබනව මඩේ.🤔😂
Deleteඅද තමා මේ පැත්ත ට ගොඩ උනේ. නමියගේ වීදියෙන් තමා පාර කිව්වේ.
ReplyDeleteමම නම් ඉතිං කෝච්චියේ ගිය නිසා බස් අත්දැකීම් වැඩිය නෑ.
අක්කලා වත් රන් කරලා තියෙනව එහෙනං
ReplyDeleteපොඩි අයියේ :/
ReplyDeleteහී... හී.... ඒ කාලේ අපේ ඉස්කෝලේ හිටපු සමහර අක්කලාට පියුන් වැඩේ කලා හොඳටම මතකය. ලැජ්ජාවේ බෑ අප්පා.
ReplyDeleteela ela da BRA
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete