Showing posts with label කවි මී මදු. Show all posts
Showing posts with label කවි මී මදු. Show all posts

Saturday, July 27, 2024

පරිවර්තන - සන්තෘෂ්ටියේ ඉසිඹුව - A moment of happiness - By Mewlana Jalaluddin Rumi


සන්තෘෂ්ටියේ මොහොතක්ය,

ඔබ හා මම, ආලින්දයෙහි වාඩි ලා සිටින

දැකුමෙන් දෙදෙනෙක්ව හඟින, එක් ආත්මයක් හිමි

ඔබ සහ මම,

Wednesday, June 12, 2024

වෙන්ව යන්නම ඕනද අප


හුඟ දවසකිනුයි  මම මේ       ලියන්නෙ

ඒකත් ඔබ  නිසාමයි ලිය          වෙන්නෙ

මේ තරම් කල් නිස්කලංකෙයි    උන්නෙ

ඔයා ඇවිදිනුයි මේ හැමදේම   වෙන්නෙ

Saturday, October 21, 2023

කඩා හැලෙනා තරු


අදුනන මුහුණු 
නාදුනන ලෙස මුණගැහෙයි
සිහින් මන්දස්මිතයක් පාව එයි.,

Saturday, December 18, 2021

ඇ මරණය පිළි නොගත් වෑ දිය කියූ කව

 



 

සියක් සියපත් නිදන විල් තෙර

තනිව හිඳ දුර අහස විමසන

කිරිලියකි පියපත් සිඳී ගිය

ප්‍රේමයක මහදුක් දරාගෙන..

Wednesday, September 15, 2021

ගිණි පුපුරු විසි වෙන්නෙ ඇවිලන්නමයි..!

 

කිනකොට ලස්සනයි

බලං ඉන්නත් ආසයි

ඇහෙනවා නිතරෝම

සිනාසෙමි ඉවසාන.,

Sunday, June 13, 2021

තනිව මොහොතක

වුළුවක
⁣මොබින් මම
ලෝකයක්
නිහඬ ගමනක..


© සේයාව අන්තර්ජාලයෙනි.

Friday, September 18, 2020

හුදකලා නිවසක...

 ඳු මුදුන් ඉහත්තාවෙන්

සුදු රෙදි එළයි මීදුම.,

....

Tuesday, July 9, 2019

මතක වත්ථු...

හඳ එළිය යට ඉඳං
බොහොම කාලෙකට පස්සෙ
ඔබව සිහි කරමි මම.,

Wednesday, May 23, 2018

අප අතර හිස්තැනකි..

හුදෙකලාවට ලෝභයෙනි සිත
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි

නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය

බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි ⁣(නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන

දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය

නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන

Thursday, February 9, 2017

කදෝකිමි හදවතකි...

නිවි නිවී දිලෙන
තාරුකා අඳුරක ගිලී
කදෝකිමි දහසක් එළි මැද
මතකයන් පා කර හරින්නෙමි

Tuesday, July 26, 2016

පොතක් කියවන එක වැරැද්දක් තමයි..!!

ඔයාට ඉක්මණට තරහ යනවනෙ
මේ අහන්නකො ඉතිං
ඔහොම නං බැරිවෙයි ඉන්න
අමනාපයෙන් අහක බලං
මූණත් මුක්කන් කරං...

Monday, June 6, 2016

මකුළු මහත්මියකගේ පැමිණිල්ල..

කොසු පහර හරි සැරයි නෝනා
එක් සැනින් මුළු කැදැල්ලම
අතුගාල බිම ඇදල දමනා
අනවසරයෙන් තමයි
මම බැන්ඳෙ මගෙ ගේ
ඒ වුණත් මම කියා
වෙන කොහේ යන්නද...

අව් වැසි මහ සුළං පීඩා
ඉවස ඉවසා බැරිම තැනමයි

Monday, March 14, 2016

ඉදින් සසර තව දුර ඇවිදිමු දේවී....

ඇඟිලි තුඩු අගිස්සෙන් නළල මිරිකා
ඉතිරි වී තිබු එකම හීනෙත්
තුට්ටුවක් ගෙන විකිණුවා
ඒ වුණත් අදටයි හෙටටයි මිසක්
ඇතිද අඩු ගාණෙ සතියකටවත්
ඇහෙන නෑහෙන තරමින්
යසෝදරාවිය මොනවද  කියන්නී....

Wednesday, February 17, 2016

සමාවෙනු මැනවි සොඳුරිය.. මුදුව හිමිවූවේ ඇයට...



සෑම හිතකම සියුම් රිදුමක් ඇත
කිසිම දවසක නිමාවක් නොදකින
මහම මහ සතුටකට පසුවත්
එකම එක මොහොතක නැගී ආ හැකි...

Monday, January 25, 2016

අවර්ණ...

මරණය
නුඹ ඉක්මණින් පැමිණෙන්නේ නම්
මා කැමැත්තෙමි
මරණයේ මිහිරි ගීතය
සවන් අද්දර කොඳුරනවා
නම් කැමැත්තෙමි
නුඹ පැමිණි කල
දෙවරක් නොසිතාම
පිළිගන්නෙමි
නුඹ තුළට කිඳා බැස
දියව යන්නෙමි...

Tuesday, January 5, 2016

දහවල දිගු නොවිය යුතුමය..

ඉදින් ප්‍රිය මිතුර
ම තුරු තරින් නික්මෙන්න
රැයක් තිස්සේ නුඹ එළා ලූ
සේද මිහිදුම් සළුව ගෙනයන්න..