Tuesday, July 9, 2019

මතක වත්ථු...

හඳ එළිය යට ඉඳං
බොහොම කාලෙකට පස්සෙ
ඔබව සිහි කරමි මම.,

තරු වලට ආස මම
ඔබ කියූ හැටි එදවස
උරඉසට ඉස තියාගෙන
අහස දෙස බලාගෙන
මැවෙයි වලාකුළු අතර...

මුතු බිංදු තරු අගින් ඉස ඉස
අහස උන්නා අපිත්තෙක්කම
හීනෙකින් වත් හිතුණද එදවස
දෙපැත්තක ඉන්න මේ විදිහට
ඔබ මම අතර තව දෙන්නෙකුත්තෙක්ක...

අතීතයත් හරියට පරණ චිත්‍රපටයක් වගෙයි
කලු සුදු වර්ණයි පොඩිත්තක් අපැහැදිලියි
ඒ වුණත් දැන් සිනෙරූත් ත්‍රිමාණයි  සංයුක්තයි
දළසේයා පටල මතකයක් විතරයි කෞතුකයි...


7 comments:

  1. මුල් පේලි තුන අයින් කරලා ගත්තනම් සින්දුවක් බවට පත් කරන්න පුළුවන් මම හිතන්නේ . නියමයි !!

    ReplyDelete
  2. වන් ෂොට් ඩබලක් ද ?

    ReplyDelete
  3. ලස්සනයි මචෝ..

    ගොඩක් ෆීල් වෙනවා..

    ReplyDelete
  4. මම රේඩියෝ කවි වැඩසටහනක් කරනවා. ඔබ අවසර දෙනවා නම් මම ඔබේ කවි ඒකට ගන්න කැමතියි . ඔබේ විද්‍යුත් තැපෑල මට එවන්න. එවිට වැඩසටහන ගැනත්, කවි ප්‍රචාරය වූ පසු ඒවාත්, ඔබේ කවි වල ගායනා පිටපතුත් ඔබට එවන්න පුළුවන් . මගේ විද්‍යුත් තැපෑල anuruddhawe@yahoo.com

    ReplyDelete