Friday, September 18, 2020

හුදකලා නිවසක...

 ඳු මුදුන් ඉහත්තාවෙන්

සුදු රෙදි එළයි මීදුම.,

....

ලීස්තර මෝස්තර හැඩකළ

කවුළුවක් ළඟ තනිව මම

කිරි කෝපි කෝප්පය

මණ්ඩි විතරක් ශේෂ වුණ

ඇල්මැරුණ දියර මත

කුහුඹුවෙකි විරහවෙන්

මියඇදුණ..


ඡායාරූපය - අන්තර්ජාලය ඇසුරිනි.

අකුරු කැටයම - සඳරේණු රුවකුරෙනි

1 comment:

  1. එ'කුහුඹු සඳ
    විරහවෙන් මත්ව
    ඇල්මැරුණු දියට පැනැ
    ශේෂ වූ මණ්ඩි මත
    අවසන් සුසුම් හෙළනට
    මොහොතකින් අංශු මාත්‍රයකට පෙර
    පියැවෙනා නෙතු මත
    ඇඳුනි හසකැල්මක්
    කිරි කෝපි කෝප්පයට ඇද හැලුණු
    අනෝරා කඳුළු වැස්සක
    උණුහුමින්
    නැගි සැනැහුමෙන්...

    ෆේස්බුක් අවකාශයේ පොත් පිළිබඳව තැබෙනා වටිනා සටහන් සමග දැක හුරු පුරුදු නමක් පසුපස ඇවිදින් මේ අවන්හලට ගොඩවුණේ. මං හිතන්නේ මේ මා මෙහි පැමිණි පළමු වතාව. කවි මී මදු අසළ පළමුව සිත නැවතුනා. :)

    ReplyDelete