Saturday, October 21, 2023

කඩා හැලෙනා තරු


අදුනන මුහුණු 
නාදුනන ලෙස මුණගැහෙයි
සිහින් මන්දස්මිතයක් පාව එයි.,

අසයි සහන් ස්වරයෙන්
කොහොමද ඉතිං
වෙනස් වෙලා දැං
මොකද කරන්නෙ
දුවෙක් ඉන්නවය ආරංචියි.,

පිළිතුරක් නොවිමසන
පිළිතුරක් නොම කියන
ඒ පැන වලට උත්තරත්
සිනහවක් විතරමයි...

ඉතින් නුඹ හොඳින් නේදැයි අසන්නට
නුඹ දොඩන  වදනතර සිරවෙන්නට
⁣උමතුවෙන්  වියරුවෙන් තැත්දරන හදවතට
කියා දෙමි සන්සුන්ව අත තබා පපුතුරට
මඟ හැරුණු තරු වලට හිනා වෙනවා මිසක
කඩාවැ⁣ටෙනා තරුවලට පපුව පෙන්නීම සුදුසු නැත...

25 comments:

  1. හ්ම්ම්ම් ඇත්ත තමා. .💜️

    ReplyDelete
  2. හ්ම්....දිග කතාවක් කියන කෙටි පද පෙලක්.🤔

    ReplyDelete
    Replies
    1. හැමවෙලේම දගට දිගට යන්න බෑ හිිටං🙈🙈🙈

      Delete
    2. ඒනං හාන්සි වෙලාවත් හිටු 😁

      Delete
    3. හාන්සි වෙච්ච කතා නං එමට 🙈🙈🙈

      Delete
  3. අපිත් ආවා කවි අහන්න

    ReplyDelete
  4. යන එන මගතොටේ හමුවන අය අතර
    දැන උන් දෙනෙත් දෙනෙතට ළංවෙයි නිතර
    මන රැඳි මතක සිහිවනවිට දෙස සතර
    පන ගැහෙනවා සුසුමන් මත වී නතර

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මතකයන් තිබුණත් පිරිලා පපුවේ
      මඟතොට නිතර දුටුවත් හමුවන අය අතරේ
      කතාබහක් කරනට දැන් අවසර නැත්තේ
      ස්වර්ණ වර්ණ මුදුවක් දිදුලනවා සුරතේ


      ස්තූතියි දුමී මේ අහ ආවට

      Delete
  5. ලොකු සර්,
    බුබුළු නගින බෙලිකටු!

    ස්ටේෂන් එකකට ඇන්ටෙනාව ටියුන්කරපුවාම කොච්චර කල් ගියත් කැරකුවොත් සිග්නල් අහුවෙනවා. ඕ යේස්.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
    Replies
    1. ඕ යේස්... යේස් යේස්.. දැස් කරෙට් 😁😁😁

      තැංකෝ හැට්ටරේ

      Delete
  6. ඉතිං
    දැං
    මොකද කරන්නෙ
    කවි ලියනවය කියල ආරංචියි.,

    ReplyDelete
    Replies
    1. ලියනව එව්ව නයිත් කියවනවය ආරංචියි 🤭🤭🙃🙃

      Delete
  7. maru "කඩාවැ⁣ටෙනා තරුවලට පපුව පෙන්නීම සුදුසු නැත..." +++++

    ReplyDelete
  8. නුඹ හරි
    සුදුසු ම නැත!

    ReplyDelete
  9. දැක්ක නොදැක්ක ගානට නොගිහිං කතත් කරල හිට දැන් කියනව... පපුව පෙන්නුවෙ නැතිලු

    ReplyDelete
  10. සක් වළ ගලේ වෙන් නොවෙනා පෙමක් නැතී
    නික් මන් දිනය දා සමුගෙන ඉතින් යතී
    දුක් බැඳි හදේ තෙත හුරු ඔබෙ දෙතොල් පෙතී
    දැක් කම සිනා වේ නම් මට එයත් ඇති

    -සමහර කමටහන්- ලක්ශාන්ත අතුකෝරළ

    ලක්ශාන්ත ගේ මම කැමතිම කවියක්. අපි හැමෝටම මෙහෙම අත්දැකීම් පොදුයි බලාගෙන ගියාම නේද?

    ReplyDelete
    Replies
    1. ලක්ෂාන්ත මමත් ආසම කවියෙක්. නමුත් මම ළඟ තියෙන්නෙ ඉතා සුළු කෘති කීපයක් විතරයි.

      ඔහුගෙ.කවි ආරියවංශ රණවීරට පස්සෙ මම ප්‍රිය කරනම කවි

      😍😍😍

      Delete
  11. වෙනස් වෙලා දැං
    මොකද කරන්නෙ
    දුවෙක් ඉන්නවය ආරංචියි.,
    ඔක්කොම අහලා තියෙන්නේ උත්තර දෙන්න බැරි ප්‍රශ්න මනේ..

    ReplyDelete