Thursday, October 19, 2023

ලේ වවුල්, නරවෘක පරම්පරා තෝම්බුව

         මේ     දවස් වල ලියන්න කියල ඉඳගත්තට ලියන්න කියල කිසි දෙයක් ඔළුවට එන්නෑ. අර සුප්‍රසිද්ධ රයිටර්ස් බ්ලොක් ලෙඩේ වැළඳිලද මංද. සෑහෙන්න වතාවක් ට්‍රයි කරලත් බැරි වුණ නිසා මං බලපු මූවි එකක් ගැන කියන්න හිතුණ. මහ ගොඩක් නෙවෙයි. මේ දඩෙං බේරෙන්න වගේ. නැත්තං අර ලේ උරා බොන වවුලයි, ඉපදෙද්දි වත් කෙස් ගහක් ආසාවට තිබ්බෙ නැති තට්ටයයි මගෙ ඉතුරු කෙස් ටිකත් ගලවනව. 

        ඇත්තට ඔය තට්ටයයි ලේ වවුලයි කියද්දි මතක් වුණේ. ඔය තට්ට මෑන් ගෙ කෙස් ඉපදෙනකොටත් තිබ්බෙ නෑ කියල කියනව නෙ. ඔයාල බලල තියේ නං සාෂා බැරන් ඉන්න ද ඩික්ටේටර් කියන ආතල් බට් පට්ට සීරියස් මූවි එක, ඒකෙ ඉන්න ඇලඩිං බුවා ඉපදෙනකොටත් කෙස් රැවුල එක්ක නේ ඉපදෙන්නෙ. අන්න ඒ වගේ තමයි ඔය තට්ටයත්. ඉපදෙනකොට එක කෙස් ගස දෙකක් තිබ්බෙ නෑලු. අද කියල වෙනසක් යෑ. අදත් නෑනෙ.  


        එතකොට ඔය හීත පැත්තකට වෙලා ඉන්න ලේ වවුල ඉන්නව නේද මෑන් ගෙ මී මුත්තගෙ පුංචියම්මගෙ තාත්තගෙ දුවක්නේ ඔය ලේ වවුලගෙ ගේ මී මුත්තගෙ අම්ම. ඒ ඇත්තිය කියනව නේ මහ  වවුලගෙ පළවෙනි බයිට් එක. ඉතිං ඒ ඇත්තිට හෙන අසාදාරණේකුත් වෙලා තියෙනව. මොකද ඔය මහ වවුල පට්ට වලා ලු. දකින දකින කෙල්ලව බයිට් කරල. ඒ කොරා නං තව කමක් නෑ. අග මෙහෙසුං කමට ගන්නවය කියල බොරු ඡන්ද පොරොන්දු දීල ඒ ඇත්තිව මුලාවෙ දාල අන්තිමට අර මීනා හාකර් ව නේ කිහිල්ලෙ ගහං තියෙන්නෙ. හැබැයි රන්දෝලි බැයි නං රිදී දෝලි තනතුරක් වත් දෙන්න තිව්ණ. නැද්ද මං අහන්නෙ. ඉතිං  ඒ අසාධාරනේ ගැන කිය කිය දෙස් දෙවොල්  තිය තිය හුනියං කඩවර දේවතාවුන්නාන්සෙ හරි හම්බෙයි නෙ කිය කිය මහ බැද්දෙ හක්කලං කොරං යද්දි තමා ඔය වර්වුල්ප් කියන ඒ ඇත්තිගෙ පිය පාර්සවේ මහ වෘකය හම්බෙන්නෙ. මොනා වුණත් තමන්ගේ ලේ නේ කියල හදවක උණුවෙල වැක්කෙරිච්ච පාර ඔය මහ වෘකය අර ඇත්තිට වරයක් දෙනව. ඉතිං මහ වෘකයන්ගෙන් ඒ හම්බෙච්ච වරය නිසා දවල් ටත් ඒ ඇත්තන්නෙ පරම්පරාවෙ උදවියට අවුලක් නැතිව ඇවිදින්න පුළුවන්ලු. නැත්තං ඉතිං ඉර එළිය දැක්ක ගමං හිරු දුටු පිණි පොදක් සේ චුති සුද්ධියට පත් වෙන්ඩ නේ වෙන්නෙ.  අන්න එහෙමයි ඔය සීතල පැත්තකට වෙලා කන්නියාවියො කියල හිත හිත රතු අල හප හපා ඉන්න මනුස්සයට දවාලෙට ඇවිදින්න පුළුවන් වුණේ. ඔය රතු අල හැපුවට මනුස්සය සිල් ඇරං නෑය කියනව නේ. අදටත් කන්නියාවියක් දැක්කම කොයිං කොයිං ගානවලු. කොයි තරං කොයිං කොයිං ගෑවත් ඉතිං.. මොනාත් කොරගන්ට තාම බැරි වුණාය කියල තමා කියන්නෙ. මෙහෙමත් අවනම්බුවක් හැබෑට. වැදගත් විදිහට ඉන්න ඔ්න වැම්පයරයො නේද දෙයියනේ මේ රතු අල වලටත් නිග්ගරහ කරගන්නෙ. 

        එතකොට ඔය වර්වුල්ප් මහ මුත්ත ඉන්නවනෙ. පොරට ගණං කරන(කවුන්ට්)ඩ්‍රැකියුලා තමන්ගෙ පරම්පරාවෙ එකියට්ට කරපු නින්දාව හින්ද මළ පැන්න පාර නාත දෙයියො ඉස්සරහ දිවුරුවලු දැක්ක තැන බොටුව කනවයි කියල. ඒකනේ ඔය ලේ බොන එකාලයි වෘක තඩියොයි ජම්මාන්තර වෛර. ඔය වෛරෙ ආවය කියනව නේ ලංකන් ජනාධිපති ලොක්ක වෙන කාලෙත් පහු වෙනකං. පොරත් ඉති ඔය කෙටේරියක් ඇන්න වැම්පයර්ල තඩි ගැහැව්වනෙ. ඒ කොහොමද කියනව නං, 

“...එකල්හි මහා මුරුගසං වැහි වැටෙන සමයක් විය. වැම්පයරයෝ කන්නියාවියන් මතු නොව බූඩියන් ටද ඉස්පාසුවක් නොදුන්නෝ වෙත්. මෙවන් අකටයුතුකම් ඉවසනු නොහී වර්වුල්ප් පරම්පරාවේ මහා වංසවත් ලිංකන් වංසාධිපති තැන තමාම පණ පොවාගත් කෙටේරියත් ගෙන පෙරමුණ ගත්තේය. ඈත ලෙයින් වැකි ගිය වැම්පයරයෝ යැ. මෑත කෙටේරියක් ලෙලව ලෙලවා සිටිනා ලිංකනයෝයැ. ඈත තාගේ ලේ බොමියි පුප්පමින් පුප පොලේ ගසා ගන්නා වැම්පයරයෝයැ. මෑත වරෙව් මා තොප කෙටේරි ගානවා යැයි වහසි දොඩනා ලිංකනයෝයැ...” 

        ඔය හෑල්ල තියෙනවැයි කියන්නෙ වර්වුල්ප් පරංපරාවෙන් පැවතෙන උන්දැ කෙනෙක් වෙච්ච තට්ට වහන්දෑගෙ මහගෙදර පෙට්ටගමක අඩියෙ තැංපත් කොරල තියෙන තෝම්බු හෑල්ලක කියනව නෙව. ඔන්න ඔහොමයි වර්වුල්ප් පරම්පරාව වැම්පයර්ලට විරුද්දව යුද්ද කළේ. 


ඔව් ඉතිං ඉඳ හිටල පරම්පරාවට අවනම්බු කරන ජේකබ් වගේ වෘකයොත් ඉන්නව. ඒ තෝම්බුව නෙව ඔය ස්ටෙෆනි නෝන පොත් පහක් පුරා දිගෑරියෙ. අන්තිමට ජේකොබ් කියන වුර්ක තඩිය වවුල් කෙල්ලට්ට දැපනෙ වැටිල වෙච්ච සංහාරෙ මතකැතිනෙ. නේහ්. අපොයි එහෙම නස්පැත්තියක්. 

ඒ වෘක පවුලෙ ළඟම ඥාතියෙකුත් වෙනව කියනව නේ ඔය තට්ට රාළ. ලේ වවුලයි තටිට රාළයි දෙන්න පොඩි කාලෙ සෙල්ලං කරන්නෙත් එකටලු. තට්ට රාළ ගෙ එකම කෙස් ගහ වවුල ගෙන් බේර ගන්න බැරි තත්වයක් තමා තිබිල තියෙන්නෙ. හැමදාම ඔය තනි ගහ ගලෝනවලු. ඒ සීන් එකක දවසක් දැක්කලු මකාගෙ යලක් මාමා. පොර තමා උපදෙස් දුන්නයි කියන්නෙ ඔය කෙස් ගහත් බූ ගාගනිං නැත්තං උඹට විසුමක් නෑ කියල. ඔය සිද්දිමන්ට් ටික එක්කාසු කරලනේ දඟය කියල කාටුන් එකක් කලේ. ඒකෙත් තට්ටයගෙ කතෘ බාගෙ දුන්නෙ නෑ කියල තමා කියන්නෙ. ඔය වැම්පයර් පරම්පරාව වුර්ක පරම්පරාවට මහ මුර්ග විදිහටමයි සලකල තියෙන්නෙ. නැද්ද මං අහන්නෙ.  

        ඔය එකේක කොමිටල් කාරයො අස්සෙ සිරාම පොරවලුත් ඉඳල තියෙනව. ඔය බ්ලේඩ් කියල පොරක් උන්නෙ මෑන්සුත් ඒම බුලට්ටුවක් නේ. හැබැයි ඉතිං මනුස්සයට ඇරියස් තිබ්බෙත් තමන්ගෙම වරිගෙ උං එක්කලා තමා. රැඩිකල් පොරක්ය කියනව නේ. මං හිතන්නෙ වෑන් හෙල්සිංට ක්‍රොස් වෙච්ච පොරක්. කාටද ඉතිං ඔය තෝම්බු ඔක්කම දිගෑර දිගෑර ඉන්ඩ වෙලා තියෙන්නෙ. 




ඔය ඔක්කම අස්සෙ තාම හැංඟිල ඉන්න අර සැක්සි සෙලීන් කෙලී තමා දවසක ලෝකෙ වෙනස් කරන්නෙ. අන්ධකාර සුවාමියගෙ පරම්පරාවයි උංනෙ බොටුවම කන්න බලං ඉන්න හිවල්.. ආ නෑ වුර්ක පරම්පරාවයි තාම ඒ කෙලී හොයනවලු.  මේ මේ මම නං දැක්කෙ නෑ ඔන්න. නැත්තං ඔය තෝම්බු වල වත් නැති හෑලි කොහොම දන්නවද කියල අර යකඩ පුටුවෙ ගැට ගහල ඇහැව්වොත්.

 



කතාවෙං කතාවෙං කියන්ඩ උන්නු පිචෑර් එක ගැනත් කියන්න බැරි වුණා. කොහෙදෑ ඉතිං මේ වගේ අනුන්නෙ ඔ්පයක් තියේ නං උඹලත් බඩ බැඳං කියවයි. වැදගත් දෙයක් හෙම කියවන්ඩෙපා.

 

සෙස්ස පස්සට...

 

24 comments:

  1. Replies
    1. මොකද්ද බං මූ මේ ලියල තියෙන්නෙ?

      Delete
    2. බොට සිංහල කියවන්ඩ බැයි ද?

      Delete
    3. බෑ වගේ...
      බාසාා වෙනස් ඇති නේත..

      🙃🙃🙃🙃🙃

      මං ලිව්වෙ මොනවත කියල කාගෙං ඇහැව්වත් මගෙං අහන්ඩෙපා. මම දන්නෙත් නෑ

      Delete
  2. https://bloodrayne-mia-the-vampire-slayer.fandom.com/wiki/Werewolf-Vampire_Hybrids

    ReplyDelete
    Replies
    1. මේක ලුසිෆර් සීරිස් එකට සම්බන්ධ විකියක්ද. මම ලුසිෆර් බැලුවෙ නෑ. මේකෙ අගක් මුලක් හිතාගන්න බෑ. පොඩි උදව්වක් ප්ලීස්. ගූගල් කරත් ලොකු සප් එකක් නෑ වගේ

      Delete
    2. මේක ලුසිෆර් සීරිස් එකට සම්බන්ධ විකියක්ද. මම ලුසිෆර් බැලුවෙ නෑ. මේකෙ අගක් මුලක් හිතාගන්න බෑ. පොඩි උදව්වක් ප්ලීස්. ගූගල් කරත් ලොකු සප් එකක් නෑ වගේ

      Delete

    3. //This wiki is about the Dhampir Rayne and a vampire slayer named Mia working together and fighting supernatural forces.//



      https://www.imdb.com/title/tt0383222/

      BloodRayne is a media franchise that originated with an action-adventure video game series originally developed by Terminal Reality and published by Majesco Entertainment which began with the game of the same name in 2002.

      //The franchise focuses on Rayne, a dhampir working for the Brimstone Society, a secret fraternity of individuals who works to protect humanity from supernatural threats. Additional media has been developed for the franchise in the form of film adaptations and comics.//
      https://en.wikipedia.org/wiki/BloodRayne

      Delete
    4. කොමෙන්ටු ඩබල් බබල් වෙලා. මේ එකක් අයිං කරන්න ඕන.

      ස්තූතියි ප්‍රා. මම මේක ගැන බලනනං 😊❤

      Delete
  3. රයිටර්ස් බ්ලොක් කාලෙට මෙහෙම ලිව්වාම මදෑ!
    අනික බොලාට "රයිටර්ස් බ්ලොක්" නෙවේ ඊටත් වැඩි දෝස හැදෙයි අහිංසක මගේ ඊටත් වඩා අහිංසක තට්ටෙට කැලෑ පත්තර ගැහුවාම!

    ඩ්‍රැකී නං කවදත් ලේ බොන සතානේ!
    ඒත් අහිංසක මං!

    මේ මොන කුනු හබ්බෙ ලිව්වත් කමක් නෑ හෙන හුරාදා දහයට "දියෙස් කඩේ ලැවරියා එකක් වන්" රසාලිප්ත පෝස්ට් එකක් දාන්න ලෑස්ති වෙයං!

    ReplyDelete
    Replies
    1. ආයෙ කවදා ලියවෙයිද කවුත දන්නෙ. මට රයිටර්ස් බ්ලොක්😏😏

      Delete
  4. ඔය එක එක වවුල්ලු කකුලෙන් ඇද්දට උඹ සැලෙන්න එපා. හැබැයි මටත් එච්චරම තේරුනේ නෑ.😉

    ReplyDelete
    Replies
    1. මෙතන තියෙන්නෙ පොඩි මඩක් එක්ක මූවී සීරීස් ටිකක් හොයාගන්න බෑත. ඒනං කියන්න ලිස්ට් කරන්නං 😊😊❤

      Delete
  5. මේකේ කර්ස්ටන් නං බෙල්ල කඩාගෙන යන තරමට ලස්සනයි . https://www.imdb.com/title/tt1099212/

    ReplyDelete
    Replies
    1. ජේකොබ්බුවා ගත්තෙ ට්විලයිට් එකෙන් නොවැ අයියණ්ඩි 😊😊❤

      Delete
  6. මේ දවස්වල වවුල වැඩිය එළි බහින්නෑ වගේ. අර කොත්මලේ පැත්තෙ පොළව යට ඉඳගෙන හොල්මං කරනවය කියන්නෙ ඒ ඉඩං කෑලි ටික අල්ලගන්න.

    ReplyDelete
    Replies
    1. පොර මං හිතන්නෙ ඉඩෝර කාලෙට කන්න රතු අල ගබඩා කරනව 😊😊🙃🙃🙃

      Delete
  7. මක්ක හරි ලියල තියෙ... හ්ම්.

    ඩික්ටේට මරැ. උ බුදියගත්තු හැම එකාගෙම පොටෝ අල්ලල බිත්තියේ ගහන් ඉන්න සීන් එක හෙම.. හහ් හා 😂

    ReplyDelete
    Replies
    1. උඹ දැක්කෙ එච්චරමයි..
      වල් හිත 🤭🤭🤭😂😂

      Delete
  8. අනේ මංදා කියවලා ඉවර උනාම මොලේ කොලොප්පං උනා.ජේකබ් කිව්වෙ අර twilight එකේ කොලුවටනේ..අනේ එයා මගේ ක්‍රශ් එකක්..🤗

    ReplyDelete
    Replies
    1. ඕ.. එයැයි තමා ... පොර හෙන හැන්ඩියා නේ

      මං නං සෙලීන් ට තමා කැමති හිටං 🙈🙈🙈 😁😁

      Delete
  9. රතු අල කියන්නෙ අල ජාතියක්ද එහෙම නැත්නම් වෙන මොනව හරි දෙයක්ද කියල කල්පනා කරන මම.

    ReplyDelete
    Replies
    1. අල ඉයන් අයියා.. අල. තනිකරම රතු අල අර බීට් රූට් හෙහේ...

      Delete