Friday, August 27, 2021

නොනවතියි - නොනැවතෙයි..!!


විතක් 

පිරී ඇත

හදක් 

බිඳී ඇත,


මධු දියරයක

දියවෙමින්

ප්‍රේමයක්

නිවී යයි,


දුම්වැටියකින්

යළිත් ඇවිලෙයි..,


ආයෙමත් කඳුළු...

2 comments:

  1. කවිය අපූරුයි.

    මූණුපොතේ හොඳ සිංහල ලිපි හොයන එක නිකිණි හොයනවා වගේ වැඩක්. මිතුරු හවුල් වලට සහ සකරබුර්ගයාගේ කේලම් හෙවිල්ලට අකමැති, අඥාත ලිස්සන බස්සෙකුට මූණුපොත එච්චර ගැලපෙන තැනක් නෙමෙයි කියලයි මට තේරුනේ.

    අපේ සිංහල බ්ලොග් ලෝකෙ මිය යමින් පවතිනවා. මම ගියා මූණුපොත බලන්න, ඒකෙ සෑහෙන හොඳ ලිපි තියනවා නෙව? අපූරු පොත් විචාර, සහ දේශපාලන තොරතුරු එහෙමත්? මේකෙත් ගෙනත් ඇලෙව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඉස්සරෝම ඉස්තූතියි බස්ස වගේ කෙනෙක් මේ අහට ගොඩ වැදුණට. ඒ වගේම අගය කිරීමට.
      සරලම උත්තරේ කම්මැලි කම කියල කියන්න පුලුවන්. නැතිනම් බ්ලොග් එකක ගණුදෙණු කරන්න ඉස්සර තරං වෙලාවක් නැතිකම කියන්න පුලුවන්. එහෙම නැත්තං කමෙන්ටුවක් වත් හරියට නොවැටෙන එක ගැන තියෙන නොමේරූ හිතක දෝමනස්සය වෙන්නත් පුලුවන්. කවුද දන්නෙ. අද එකක් දැම්ම. බලන්න පුලුවන් නං සතුටුයි.

      Delete