Wednesday, June 12, 2024

වෙන්ව යන්නම ඕනද අප


හුඟ දවසකිනුයි  මම මේ       ලියන්නෙ

ඒකත් ඔබ  නිසාමයි ලිය          වෙන්නෙ

මේ තරම් කල් නිස්කලංකෙයි    උන්නෙ

ඔයා ඇවිදිනුයි මේ හැමදේම   වෙන්නෙ


බැල්කනියට ඉහළින් පහතින්  පෙනෙන්නෙ

තනිකරම නිස්සද්ද හුදකලාවයි දැනෙන්නෙ

ඔයා කොහොමද මේ හදවතට   එබෙන්නෙ

අන්න එතනයි හැමදේම පටන්        ගන්නෙ


මතකයක් කියන්නෙම හුදකලාවට කියන  තව නමක්

ඒ මතකයට ඔයා ඇවිදින් දුන්නෙ වෙනස්ම       අර්ථයක්

ඒ වුණත් ඉතින් පිළිගන්න වෙනව නම් යම්   දෙයක්

ඔබ  ඔතන මම මෙතන අප දෙදෙනතර නෑ   හෙට දිනක්..


No comments: