හුදෙකලාවට ලෝභයෙනි සිත
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි
නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය
බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි (නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන
දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය
නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි
නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය
බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි (නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන
දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය
නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන
හ්ම්...අප අතර හිස්තැනක්
ReplyDeleteහ්ම්ම්ම් හ්ම්ම්ම් :-) :-)
Deleteකමෙන්ට් නොකර යන්න බැරිවුනා. ඒ තරමට වැදුනා. ඉස්සල්ලාම කියවපු වෙලාවේ රිප්ලයි පද දෙකක් ලියවුනා .කමෙන්ට්කරන වෙලාවේ කොහේද ලිවුවේ කියලා හොයාගන්න බැරුවුනා.
ReplyDeleteජයවේවා..
අගය කිරීමට තැංකූ මචං.. පුලුවන් වෙලාවක ලියො
Deleteලොකුම හිස්තැනක්. අපූරු කවිපෙළ මහේෂ්.
ReplyDelete:-) ස්තූකියි හැලප අය්යා.. :-)
Deleteහිස්තැනක් මතුයේ පුරවාලිය හැකි ඉඩක් නොමැතේ.
ReplyDeleteසමහර එව්ව කවදාවත් පුරවන්න බෑ
Deleteමොනවහරි දාල හිස්තැන පුරවමු. හතරැස් ජාති උනත් අවුලක් නෑ. හැක්..
ReplyDeleteහතරැහ එව්ව හොයන්ඩ නං බාර් එක්කටම යන්ඩෙනව
Deleteහැක් හැක්
බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
ReplyDeleteකිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි (නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන
මන් ආසම තැන.......
ස්තුතියි ගිම්මියෝ සතුටුයි මේ පැත්තේ දකින්න පුළුවන් වීම ගැන හිහි
Deleteකාලෙකට පස්සේ
ReplyDeleteරස මිහිර වැස්සේ
ම්ම්ම්ම්.... සුපිරියි
ReplyDeleteකාලෙකට පස්සේ අයියේ.රහ පද
ReplyDeleteජීවිතයම මහා පාලු ගෙයක්....
ReplyDeleteකව්දෝ ඇවිදින් කතා කරනවා...
දොරගුළු ඇරලා එබී බැලුවෙමි...
රෝස මලක් මිදුලේ පිපිලා .....
ජීවිතයම මහා පාලු ගෙයක්
කව්දෝ ඇවිදින් කතා කරනවා
කවුළු පියන් හැර එබී බැලුවෙමි
රෝස මලේ බඹරෙක් වහලා .......
ජීවිතයම මහා පාලු ගෙයක්
කව්දෝ ඇවිදින් කතා කරනවා
දොර ගුළු හැරලා එබී බැලු කල
රෝස මලේ පෙති බිම හැලිලා......
ජීවිතයම මහා පාලු ගෙයක්
කව්දෝ ඇවිදින් කතා කරනවා
කුමක් බලන්නද වෙන මල් ඉත්තක
රෝසමලක් ඇති තව පිපිලා....
රෝසමලක් ඇති තව පිපිලා....
ගායනය හ සංගීතය - මර්වින් පෙරේරා
පද මාලා - ප්‍රේමකීර්ති ද අල්විස්
මං මුකුත් කියන්නෑ...
ReplyDelete