Wednesday, May 23, 2018

අප අතර හිස්තැනකි..

හුදෙකලාවට ලෝභයෙනි සිත
හමා යන සුළං රැලකට තෘෂ්ණාවයෙනි

නේක ඇමතුම්ය විටින් විට
දුරබණුව විනිවිදින පණිවුඩය
සවන් පත් හෙමි හෙමින් සූරණ
ආදරය දැවටූ සංශයේ කටු අතුය

බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
කිලෝ ගණනින් මෙගා ගණනට
හැරෙන කෙටි ⁣(නො)වන පණිවුඩ
ගිගා ගණනක නොරිස්සුම පිරවුන

දෙපා අවසඟ කරන රෝස පෙති මාංචු ය
වානේ වලටත් වඩා ඝනකම්ය රිදවුම් ය
හිත බරින් පුරවනා සීතලම හාදු ය
එකින් එක පතුල් අස බිඳ වැටෙන සිහින ය

නොපෙනෙනා පවුරක්ය ඉදිවෙන
කොන්ක්‍රීට් බිත්තියක් වුවත් පරදන
ප්‍රේමය ය කිය කියා හිනැහෙන
සියොත් හදවත සෙමෙන් වළලන

17 comments:

  1. හ්ම්...අප අතර හිස්තැනක්

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් හ්ම්ම්ම් :-) :-)

      Delete
  2. කමෙන්ට් නොකර යන්න බැරිවුනා. ඒ තරමට වැදුනා. ඉස්සල්ලාම කියවපු වෙලාවේ රිප්ලයි පද දෙකක් ලියවුනා .කමෙන්ට්කරන වෙලාවේ කොහේද ලිවුවේ කියලා හොයාගන්න බැරුවුනා.

    ජයවේවා..

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට තැංකූ මචං.. පුලුවන් වෙලාවක ලියො

      Delete
  3. ලොකුම හිස්තැනක්. අපූරු කවිපෙළ මහේෂ්.

    ReplyDelete
    Replies
    1. :-) ස්තූකියි හැලප අය්යා.. :-)

      Delete
  4. හිස්තැනක් මතුයේ පුරවාලිය හැකි ඉඩක් නොමැතේ.

    ReplyDelete
    Replies
    1. සමහර එව්ව කවදාවත් පුරවන්න බෑ

      Delete
  5. මොනවහරි දාල හිස්තැන පුරවමු. හතරැස් ජාති උනත් අවුලක් නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. හතරැහ එව්ව හොයන්ඩ නං බාර් එක්කටම යන්ඩෙනව
      හැක් හැක්

      Delete
  6. බිට් ගණනකින් මැනෙන ප්‍රේමය
    කිලෝ ගණනින් මෙගා ගණනට
    හැරෙන කෙටි ⁣(නො)වන පණිවුඩ
    ගිගා ගණනක නොරිස්සුම පිරවුන

    මන් ආසම තැන.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්මියෝ සතුටුයි මේ පැත්තේ දකින්න පුළුවන් වීම ගැන හිහි

      Delete
  7. කාලෙකට පස්සේ
    රස මිහිර වැස්සේ

    ReplyDelete
  8. ම්ම්ම්ම්.... සුපිරියි

    ReplyDelete
  9. කාලෙකට පස්සේ අයියේ.රහ පද

    ReplyDelete
  10. ජීවිතයම මහා පාලු ගෙයක්....
    කව්දෝ ඇවිදින් කතා කරනවා...
    දොරගුළු ඇරලා එබී බැලුවෙමි...
    රෝස මලක් මිදුලේ පිපිලා .....
    ජීවිතයම මහා පාලු ගෙයක්
    කව්දෝ ඇවිදින් කතා කරනවා
    කවුළු පියන් හැර එබී බැලුවෙමි
    රෝස මලේ බඹරෙක් වහලා .......
    ජීවිතයම මහා පාලු ගෙයක්
    කව්දෝ ඇවිදින් කතා කරනවා
    දොර ගුළු හැරලා එබී බැලු කල
    රෝස මලේ පෙති බිම හැලිලා......
    ජීවිතයම මහා පාලු ගෙයක්
    කව්දෝ ඇවිදින් කතා කරනවා
    කුමක් බලන්නද වෙන මල් ඉත්තක
    රෝසමලක් ඇති තව පිපිලා....
    රෝසමලක් ඇති තව පිපිලා....

    ගායනය හ සංගීතය - මර්වින් පෙරේරා
    පද මාලා - ප්‍රේමකීර්ති ද අල්විස්

    ReplyDelete
  11. මං මුකුත් කියන්නෑ...

    ReplyDelete