Monday, June 6, 2016

මකුළු මහත්මියකගේ පැමිණිල්ල..

කොසු පහර හරි සැරයි නෝනා
එක් සැනින් මුළු කැදැල්ලම
අතුගාල බිම ඇදල දමනා
අනවසරයෙන් තමයි
මම බැන්ඳෙ මගෙ ගේ
ඒ වුණත් මම කියා
වෙන කොහේ යන්නද...

අව් වැසි මහ සුළං පීඩා
ඉවස ඉවසා බැරිම තැනමයි
ඔබෙ වහල යට
ඉඩ ගන්න සිතුවේ...
සිසිලසයි හරි සනීපයි
පැටවුන්ට වුණත් හරි හොඳයි
ඔබේ ගේ මගෙ කැදැල්ලට
කදිමය කියාමයි හිතුණෙ මට..

ඉඩ ගන්න පෙර විමසා බලන්නට
ඔබෙන් අනුමැතිය ගන්නට
බැරිවුණා ඒ ඉතින් ඇත්තයි
ඉතින් දැන්වත් සමා වෙනවද
මගේ පැටවුන් බෝමයක් ඇති
තවම උං ඇස් ඇරලවත් නැති
සුදුම සුදු ඔය දැල් පසුම්බිය
විතරවත් මට තියල යනවද....

පැමිණිලි බසක් හෙම කියනවා නොවෙයි මම
කොසු පහර ඔබෙ හරි සැරයි නොවැ
මකුළු අඩුවකුත් මගෙන් නාහම
ගෙන ගියේ ඔබ මොකට ගන්නද
ඒ වුණත් මට තවම දිරි ඇත
තියා යයි නම් මගෙ පැටව් ටික
බඩ බැදන් මම අදම දැන්මම
නික්ම යන්නම් ආයෙත් නොඑන්නම....


 ප.ලි- විභාගය නම් අභාගය හේතුවෙන් සිදුවන ප්‍රමාද දෝෂයන් මත බ්ලොග් කියවීම අවම වී ඇති බවත් ඉතිං සමාව භාජනයක දමා තබා ගන්නා ලෙසත් ඉල්ලා සිටිමි.
ඉස්කෝතුයි..

56 comments:

  1. වෙනස්ම සිතිවිල්ලක් මහේෂ් අය්යේ .හරි අගෙයි. මේක කියවද්දී නුවන් තොටවත්ත ලීව හිණිපෙත පාමුල පොතේ තිබ්බ ඩෙංගු කියල කවි ටිකක් මතක් උනා. කවි පද 8 ක්ම තියනවා එහෙම උනොත් කමෙන්ටුව දිගවෙයි නැතිනම් මම මෙතන ඒ ටික ලියනවා :) වෙනස් විදිහේ කවි සිතුවිලිවලට මගේ මනාපය ^_^ දන්නවද ඔය කවි කතා වැඩියෙන්ම ලියන්න හිතෙන්නේ විභාග කාල වලදීම තමා :P

    ReplyDelete
    Replies
    1. අපිත් ටික ටික වෙනස් වෙන්න එපැයි හංසයෝ...
      කවිය නං ලැබුණා.. ස්තූතියි ඒකට... විභාග කාල වල ලියවෙන කවි ගැන මට වඩා හංසයට අත්දැකීම් තියෙනව වගෙයි...
      ස්තූතියි හංසි...

      Delete
  2. මකුළු පැමිණිල්ල හරිම සංවේදියි.. කාගේ උනත් දරුවෝ ගැන කියනකොට උණු වෙනවා..

    ReplyDelete
    Replies
    1. විශේෂයෙන් තාත්ත කෙනෙක් විදියට කළණෙට බරටම දැනෙනව ඇති..
      ස්තූතියි කළණෙ අදහසට

      Delete
  3. වියමනක සීරුවට එකින් එක
    හීන පෙඳ කැටි මිටින් ගෙන
    නොපෙනෙනා අඳුරු මුල්ලක
    තැනු මන්දිර කඩා බිඳුමට
    නුඹට අද සිත් දුන්නේ කොහොමද

    හිරු කිරණද හැරී නොබලන
    පාලු පුස් ගඳ දසත රජයන
    බමන මත් බව සමඟ අත් බැඳ
    සිටිය නුඹ හට නුඹේ තනියට
    උන්නේ මා නොවේද වියන් බැඳ

    පැරදි ප්‍රේමක සුසුම් ලන හඬ
    විටෙක ඉකියකට සිහින් විලාපය
    පවනේ සැලෙනා හුයක සැලෙමින
    අසා ඉන්නට ඉඩක් නොමැතිද
    අලුත් ප්‍රේමය වින කලේ මා හට

    තැනු වියන් මත හීන එකිනෙක
    තබා පෙඳකට පැටව් එහි බැඳ
    නුඹත් සමගම අලුත් ප්‍රේමක
    පැටලුනා මම නුඹට නොකියම
    කියන එය වරදක්ද මා හට

    නුඹේ කුටියට එලිය ආ දින
    නුඹේ ප්‍රියාවිගේ කොසු පහර
    මගේ මන්දිර බිඳ දමන කල
    ගොලුවතින් ඉන්නේ කීමද නුඹ
    යන්න කීවද මුවග ගොලුකර

    කොසු පහර වැදි රිදුම් දෙන ගතන්
    බිඳී වැටෙන කල තැනු මන්දිර
    බලා ඉන්නේ කෙලස කඳුලැලි නෙතින්
    අහෝ මා පැටව් එහි ඇත
    රන් හුයකින් බැඳී දෑත් යුගලය
    මකුළු හුයකට වෙර බැන්දේ කීම අද

    ReplyDelete
    Replies
    1. කව් පද ටික අගෙයි සොමියො... මේක තමයි මේ කවියට හම්බුණ ලොකුම අගය කිරීම...
      කවියට රිප්ලයි කවියක් ලියන්න වෙලාවක් නැහැ. මං හිතනව අමනාප වෙන් නැති වෙයි කියල... මේ කමෙන්ටු වලට රිප්ලයි දාන්න ත් වෙලාවක් ගත්තෙ අමාරුවෙන්...
      ජයෙන් ජය මචෝ

      Delete
    2. මේ පද ටිකත් හරිම රසයි...

      Delete
    3. මගේ ගාණෙ සොමිය වෙනුවට තෑන්ක්ස් පාරක් ඕන්න

      Delete
  4. වෙස් විදිහක අපූරු සංකල්පනාවක්...
    අගෙයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිර්මාණි

      Delete
  5. විභාගය ලඟ උවත් අකුරු කළ එක අගෙයි..

    සොමියගේ පද ටිකත් අගෙයි...

    ReplyDelete
    Replies
    1. විභාගයම නොවෙයි ගැටළුව නිර්මාණි මේ වගේ ඔබලාගෙ කමෙන්ටු වලට රිප්ලයි කරන්න ඇති අපහසුවයි ගැටලුව...
      සොමිය සතුටු වෙයි ඔබේ අගය කිරීම ට..
      ජයවේවා

      Delete
  6. කියවද්දිම මටත් හිතුණෙ වෙනස් අදහසක් කියල. අගෙයි මහේෂ්.

    විභාගෙ කිව්වෙ...? අයිය අයිය කිව්වට මහේෂ් අයියා නෙවේ වෙන සීන් එකක්ද තියෙන්නෙ? අප්පට සිරි, මල්ලි නෙමෙයිනේ..?

    ReplyDelete
    Replies
    1. අගය කළාට ස්තූතියි ශ්‍රී
      මං හිතන්නෙ අයිය තමයි... මේ කාලෙට තියෙන්නෙ උ.පෙ විතරක් නොවෙයි නොවැ... හිතන්ට එපා...

      රසික මලේ.. :-P

      Delete
    2. ඒනං ඔන්න කට පුරාම මහේෂ් අයියෙ කිව්ව.

      මොකෝ මේ රසිකයා...???????????

      Delete
    3. උට මංඤං ගණං ගන්න එපා

      Delete
  7. වෙනස් අදහසක්.. හරිම ලස්සන කවියක්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ... :-) :-)

      Delete
  8. අගෙයි මහේශ්. මකුලු දැලේ ලස්සන දැක්කත් මෙහෙම දෙයක් කල්පනා වුනේ නෑනේ.

    ( විභාගය, අභාගයක් හැටියට ගන්නවාට මගේ අකමැත්ත. හැක්...හැක්...)

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. විභාගය, අභාගයක් හැටියට ගන්නවාට මගේ කැමැත්ත. හැක්...හැක්...

      Delete
    2. ලස්සන කියන්නෙ වෙනමම දෙයක් නෙව දුමී...
      විභාගය අභාගයක් නොවෙනව නං මාත් කැමතී. මක් කරන්නද ඒත්.. හිහි
      ස්තූතියි අගය කළාට...

      රසික මලේ... අභාගෙ අපිට නෙව නැද්ද බං

      Delete
  9. මකුළු කවිය දයාන්විතයි... සංවේදි හිතකටම තමයි මෙහෙම දැනෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරු අක්කා අගය කළාට...
      හැබැයි අපි සංවේදී ද නැත්ද කියල නං දන්නෙ නැතුවා...
      ජයවේවා

      Delete
  10. මමත් බැලුව මට උඩින් තියෙන මකුලු දැල දීහා

    ReplyDelete
    Replies
    1. කඩන්න හිතුණෙ නැතෙයි ලෙවී. ;-)

      Delete
  11. මකුලු හැඟීම් අපූරුවට කවි බවට පෙරලිලා.

    ReplyDelete
    Replies
    1. ඒක නෙව.. ස්තූතියි කසුන්

      Delete
  12. තේමාව බොහොම නැවුම් එකක්...ඒක නිසා පොඩි ලල් එකක් තිබ්බා මලයො.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අයියා..
      හැමදාමඑකම විදියට හිතලත් බෑ නෙව නේද

      Delete
  13. මම හෙන ලයික් මචන් උඹ ඔය ලියන ස්ටයිල් එකටයි දකින විදිහටයි...උඹටම ආවේනික හරි පට්ට ස්ටයිල්...මෙකත් ඉතින්....ම්ම්ම්ම්ම්..මරු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික මලේ... හයියක් උඹල ගෙ වචන ටික..
      ජයවේවා

      Delete
  14. මකුළු කවිය අපූරුයි.

    පාඩම් කරද්දි සිවිලිම දිහා බලන් භාවනා කරනකොට වෙන්නැති අදහස පහළ වෙන්න ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ...
      ඇත්තටම අර පොඩ්ඩි ආර්යාව කියල තියෙන දේ තමයි වුණේ...
      වැඩේ කියන්නෙ සිවිලිමක් නං නෑ... හිහි...
      ජයවේවා

      Delete
  15. උඹේන් වෙන්ස් විදිහක කවියක්. මකුළු පැමිනිල්ලට මොනවා උත්තර දෙන්නද කියලා මේ හිතුවේ.

    ReplyDelete
    Replies
    1. මකුළු වෙක් ඇත්තටම පැමිණිළි කළොත් දෙන්න උත්තර නැතිවෙයි තමයි දිනේෂ්..
      ස්තූතියි මචෝ
      ජයෙන් ජය‍වේවා..

      Delete
  16. හැම ගෙදරක ම මකුළුවෝ මේවා කියනවා ඇති නේද?????? මහේෂ්ටත් හිතෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මකුලුවො අපිට යුද්ධ ප්‍රකාශ කලොත් මොකෝ වෙයිද කුරුටු... හිහි..
      ස්තූතියි කුරුටු.
      ජයවේවා

      Delete
  17. කවි පද පෙල අපූරුයි.
    විභාගයට ජය පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි භාග්‍යා අගය කලාට...
      ස්තූතියි

      Delete
  18. පාඩම් කරනවා කියලා උඩ බලාගෙන ඉන්නකොට පේන දේවල් කවි සිතිවිලි වෙනවා වෙන්ටෑ...:P

    මෙහෙම යනකොට තව මොනවා නම් හිතෙයිද?:D

    ReplyDelete
    Replies
    1. උඩ බලං ඉද්දි හරි අපි ලියනෝ නෙ.. සමහරු එහෙම ලියන්නෙත් නෑලු...
      හිතෙන හිතෙන හැම දේම අපි ලියන්නෙ නෑලු

      Delete
  19. තිරිසන් අපාය කියන්නෙ නිකන් නෙමෙයිනෙ බං..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තේරුණේ නෑ... මකුළු යෝනියේ ඉපදීම අපායක ඉපදීමක් ද
      මට ඒ පැහැදිලි නෑ

      Delete
  20. ඔන්න මමත් ආව මේ පැත්තෙ........ :)

    ReplyDelete
  21. පට්ටයි මයියෝ ...
    ඒ වාගේ තවත් අමුතුම එකක් ..

    ගවයෙකු වී මා උපන්න කරුමය
    ගෙවා ගන්න හැකි වේ නම්
    ගවමස් කන ඔබ වෙනුවෙන් දිවි දෙමි
    මම සතුටින් මිනිසුනේ

    මන් පොඩි කාලේ කුසගින්නේ ඉඳ
    මගේ අම්මගේ කිරි දීලා
    බැරි බර ඇදලා දස වධ විඳලා
    ඇති මුත් නැහැ තව කරුමය ගෙවිලා

    මේ සංසාරේ දුක් වින්දේ මම
    පෙර කල පව් පල දීලා
    ඒ පව් සෝදා ගමි මේ බවයේ
    ඔබ හට මගේ පණ මගේ මස පුදලා ..

    ගී පද - ජෝර්ජ් රොබින්සන් ද සිල්වා
    සංගීතය - ලක්ෂ්මන් හිල්මි
    ගායනය - සුනිල් පෙරේරා උස්වත්ත

    ReplyDelete
  22. ස්තූතියි සිංදු... මේ අර කියපු එක නෙවී නේද... ඒක හම්බුනේ නැතෙයි...
    මේක මගෙ ඊළඟ කවියට නං ගැලපෙනව...හිහි
    ස්තූතියි.. ජයෙන් ජය මචෝ

    ReplyDelete
  23. මකුළු දැල් මුහුණ බදාගත්තත් හිතුන් නැහැ මෙහෙම එකක්. රස වින්දා මල්ලියෙ.

    ReplyDelete
    Replies
    1. මට නං මැකිළික් හාදුවකුත් දුන්නලු ඔන්න... හිහි.
      ස්තුතියි දිනිති අක්කා

      Delete
  24. වෙනස්ම මානයකින් කල නිර්මාණයක් නිසා රසයෙන් වැඩියි...විභාගය සාර්ථකව නිම කරගන්නට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා මහේෂ්...

    ReplyDelete
    Replies
    1. අගය කලාටත් සුබ පැතුමටත් ස්තුතියි පොකුරු

      Delete
  25. මකුළුවා ගැන හිතිච්ච කවියක් කියෙව්වමද කොහෙද? අගෙයි අදහස..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත් අයියාා...

      Delete
  26. හන්සි තමයි link එක් දුන්නෙ මෙ පැත්තට.
    මුලින්ම මේක කියවන්න හිතුන නමෙන්ම වෙනස් හින්ද.
    මේක ඇත්ත. මමත් මකුලු දැල් කඩන්න කැමති නැ වැඩිය. කඩන්න උනොත් මකුලුවවත් බේරල යවනව පුලුවන් හැම වෙලේම.
    ලස්සනට ලියල තියේ (y)

    ReplyDelete
  27. හරිම ලස්සන නිර්මාණයක්, මාතෘකාව හරිම වෙනස් හින්දා විහරක් නෙවෙයි වචනවලින් උඩුදුවන සංවේදී කමත් ඒ ලස්සනට හේතුවක්

    ReplyDelete