පිහාටුවක මුදු සැහැල්ලුව
හිතුමතේ උදුරාන
රිදෙනවැයි සිතු සිතූ තැන්
පිරිමදින විට නුඹ
නොමදැනුණ වග මුදු බවක්
නුඹට නොකීවේ මන්දැයි සිතමි..
නුඹෙන් දුර නික්ම යන්නට
අවැසි වූවද බොහොමයක් විට
නොමගියේ මන්දැයි
ආයෙ ආයෙත් සිතමි
සිත සිතා තැවෙමි
තවමත් නුඹටම ඇලී ඉන්නෙමි..
නුඹෙ හීන එකින් එක
ගොඩගහන විට දෙපා මුල
ඒ හීන වල බරට
මගෙ හීන එකින් එක
තව තවත් යට ගියපු බව
නුඹ දන්නවද..
මුදු පෙදක සැහැල්ලුව
තෙත බරිත නුඹේ සීතල සිනහවට
නික්ම ගිය වග නොකියාම
නුඹ කොහොම දැනගන්නද..
ඉස්සර වගෙ නෙවෙයි දැන් ඔයා
හිනාවෙනවත් හරි අඩුයි
කතා කරනකොටත් කවියක් වගෙයි
කිව්වෙත් හරි බර කතා
අමතක වෙලාවත් ද ඒ බවක්
කෝ අර ඉස්සර කවි ලියපු කවි හිත
නැත්තං ඔයා වෙනුවට වෙන කවුරු හරි ලීවද
සැකයි ඒ ගැනත් දැං මට
ගල් බමුණන්ට පුළුවන්ද කවි ලියන්න
ඉඳ හිටක විසිකරයි කිණිසි තුඩු ඇනුම් පද
හදවතම දැදුරු කරවන...
ඒ වුණත් තවම මම
වදනකුදු නොදොඩාම
නික්ම යන්නට අවැසිව
තවමත් නුඹටම ඇලීගෙන...
හිතුමතේ උදුරාන
රිදෙනවැයි සිතු සිතූ තැන්
පිරිමදින විට නුඹ
නොමදැනුණ වග මුදු බවක්
නුඹට නොකීවේ මන්දැයි සිතමි..
නුඹෙන් දුර නික්ම යන්නට
අවැසි වූවද බොහොමයක් විට
නොමගියේ මන්දැයි
ආයෙ ආයෙත් සිතමි
සිත සිතා තැවෙමි
තවමත් නුඹටම ඇලී ඉන්නෙමි..
නුඹෙ හීන එකින් එක
ගොඩගහන විට දෙපා මුල
ඒ හීන වල බරට
මගෙ හීන එකින් එක
තව තවත් යට ගියපු බව
නුඹ දන්නවද..
මුදු පෙදක සැහැල්ලුව
තෙත බරිත නුඹේ සීතල සිනහවට
නික්ම ගිය වග නොකියාම
නුඹ කොහොම දැනගන්නද..
ඉස්සර වගෙ නෙවෙයි දැන් ඔයා
හිනාවෙනවත් හරි අඩුයි
කතා කරනකොටත් කවියක් වගෙයි
කිව්වෙත් හරි බර කතා
අමතක වෙලාවත් ද ඒ බවක්
කෝ අර ඉස්සර කවි ලියපු කවි හිත
නැත්තං ඔයා වෙනුවට වෙන කවුරු හරි ලීවද
සැකයි ඒ ගැනත් දැං මට
ගල් බමුණන්ට පුළුවන්ද කවි ලියන්න
ඉඳ හිටක විසිකරයි කිණිසි තුඩු ඇනුම් පද
හදවතම දැදුරු කරවන...
ඒ වුණත් තවම මම
වදනකුදු නොදොඩාම
නික්ම යන්නට අවැසිව
තවමත් නුඹටම ඇලීගෙන...
කැපකිරීම සහ පසුතැවීම.................. මේක හැමෝට ම අඩු වැඩි වශයෙන් දැනෙන හැගීමක් තමා මහේෂ් මචං...... ඒත් තමන්ට විදින්නට වුණාම අපිට දැනෙන්නේ මේ ලෝකෙම මේ තරම් දුක් විදින්නේ මං විතරයි කියලයි. ඒකයි සමහරු දිවිනසා ගැනීම් වලට පවා යන්නේ...... ඒකට කාලය දීලා තේරුම් ගැනීමයි වැදගත්....... මේවා අත්දැකීම් ද දන්නෑ......
ReplyDeleteකුරුටු හරි කුරුටු... අපි මොන දේ වුණත් උපේක්ෂා සහගත වෙන්න බලන්න ඕන පුලුවන් තරං.. අඩුම ජිවත් වෙන් ඕන කාලෙ ගැනවත් හිතල. මොකද අද අපි තීරණය කර දේ අපේ හෙට දවස තීරනය කරන හිංද..
Deleteමේවා අත්දැකීම් ද දන්නෑ...... //
ඔව්... ඒත් මගෙ නෙවී.. මම මට ඕන විදියට හැදුව විතරයි...
බ්ලොග් කියවනවා වැඩියි කිව්වේ නැතෙයි.. මරිසියා.. හැක්..
ReplyDeleteජය
බ්ලොග් කියවනවා වැඩියි කිව්වේ නැතෙයි///
Deleteකවුරුකියල කියන්නද දේශ්...
හිහි
ඇයි අඩේ මරිසිය කිවේ... මං පව් නැතෙයි හැක්
ජයවේවා
සමහර මතකයන් අමතක කරන්න කොච්චර ට්‍රයි කලත් හරිම අමාරුයි.
ReplyDeleteකැපකිරීම් ගැන කියනවානම් මටත් අන්තිමට ඉතුරුඋනේ කදුලයි දුකයි විතරයි.
අන්න අපිටත් පරචිත්ත විඤ්ඤාණයවත් තිබ්බානම් මිනිස්සුන්ගේ සිත් තේරුම්ගන්න.....
අපිටත් පරචිත්ත විඤ්ඤාණයවත් තිබ්බානම් මිනිස්සුන්ගේ සිත් තේරුම්ගන්න///
Deleteඑහෙනං මේ ලෝකෙ විනාස වෙන්නෙ මීටගොඩ කාලෙකට කලිං මචං...
හෙහ්... හැම කෙනාටම එහෙම හැකියාවක් නොලැබෙන්නත් හේතුවක් තියෙන්න ඕන නේ... හැම දේටම දෙපැත්තක් තියෙයි
ස්තූතියි පූස්
ජයවේවා
යාවි නුඹ
ReplyDeleteතවත් දුර
සිතින්
ඈවත් කැටුව
ඈ මඟහැරුනි බොහෝ පෙර දවසක
Deleteඑය සත්‍යයකි ඈ කරමත තබාගෙන පසු තැවුන වග
නමුදු මිතුරිය පහුණු නැවතුමක පෙර දිනක
තබා ආවෙමි යළි නොඑන ලෙස...
දෙපාරක්ම කියෙව්වත් ආයෙත් කියවන්න හිතෙනවා.
ReplyDeleteරහට ලියලා තියෙනවා.
හදවතින්ම කරන ආදරය කොහොම දාලා යන්නද ?
ජයවේවා !!!
දුමින්ද සාදරයේ පිලිගන්නව අවන්හල ට..
Deleteහදවතින්ම ආදරය කරන අය වුණත් දවසක දාල යන්ට වෙනව නෙව... හිහි..
බොහොම ස්තූතියි අගය කලාට... ඔබට හදවතටම දැණුන එක සතුටුයි
ජයවේවා
//පිහාටුවක මුදු සැහැල්ලුව
ReplyDeleteහිතුමතේ උදුරාන
රිදෙනවැයි සිතු සිතූ තැන්
පිරිමදින විට නුඹ
නොමදැනුණ වග මුදු බවක්
නුඹට නොකීවේ මන්දැයි සිතමි..//
අන්තිමේ පෙම් කලෙත් මං විතරද...?
ඒ කතාවත් එහෙමලු වුණේ... අන්තිමට කිසි දෙයක් ඉතුරු නොවුණ කතාවක් මේ. කෙටි කතාවකට වඩා කවියකට හොඳයි කියල හිතිලයි මෙහෙම ලීවෙ..
Deleteසාර්ථක භාවය නං කෝමද මංද
කිසිම බැඳිමක් හිතේ ස්ථාවර කරගන්න හදිස්සි වෙන්න එපා..මං කියන්නෙ "කිසිම බැඳිමක්" . එකින් දැනෙන පසුතැවිම් අවම කරගන්න කරපු කැපවිම් දිහා තෘප්තිමත්ව බලන්නත් පුදුම හැකියාවක් ලැබෙනවා..මං ඒක කිව්වේ මගේම් අත්දැකිම් වලින්...පද පෙළි ටික හරිම අපූරුයි මහෙෂ්...
ReplyDeleteස්තූතියි නිම්න.. අදහසටත් අගය කලාටත්... ඔබේ වචන තුළ හිතන්න යමක් ඉතුරු වුනා මට
Deleteයන්නත් ඕන... යන්නත් බැහැ.... හ්ම්ම්ම්
ReplyDelete//ගල් බමුණන්ට පුළුවන්ද කවි ලියන්න// :V :V
බැඳිම් කියන්නෙ මහ පුදුම දෙයක් ප්‍රියා..
Deleteඇයි බොලං හිනා වෙන්නෙ හැක්
//ගල් බමුණන්ට පුළුවන්ද කවි ලියන්න// හැක හැක හැක
Deleteසෙක්සි පොරක් නැවතත් කරලියේ ...
හැක් හැක්.. පට්ට සැක්සි පොරක්.. :-P :-P :-D
Delete:-P :-P :-P කවුද බන් ඒ?
Deleteකවුද දන්නෙ නේහ්... හැක්
Deleteඅවසරයි රැඳෙන්න
ReplyDeleteයන්නත් එකලෙසින්
පෑරෙන බව සැබෑ මුත්
රැවටිල්ලට වඩා..
ජයවේවා..!!
යලි හැරෙන්නට බැරි තරම් දුර
Deleteඇවිද ආ කල කෙලෙස යන්නද
ඉතින් රැඳුණේ වෙමි
හිතම විටින් විට පෑරෙනා වග සැබෑ මුත්
ජයවේවා
මරු
ReplyDeleteදකී....
Deleteහිහි
ස්තූතියි ඉවාන් අයියා...
ජයවේවා
පාරමී දම් පුරා සපැමිණ
ReplyDeleteඑකට හමු වී වෙන්ව යන සඳ...
කියා ගන්නට බැරිව ලතැවෙන
හැඟුම් මිහිදන් නොවේ කිසිදින
ලේ නහර ඇට මිදුළු විනිවිද
රිදුම් දෙන හැඟුමක් ද ප්‍රේමය
දුරට වී ඇසිපිය නොලා
බලා ඉන්නට අවසරයි
සංසාරයේ පතා ආවෙත් එලෙසමයි
ස්වයංජාතව හිතේ මතුවන
පහන් සිතුවිල්ලක්ද ප්‍රේමය
දෙහදකට සීමා නොවී
ළයෙන් ළය සැනසිය යුතුයි
ප්‍රේමයෙන් විශ්වයම සුවපත් කළ හැකියි
නිතින් සසර දුක ජය ගන්නට පේවී
දහම් සරණ මිස සරණක් නැත දේවී
ගී පද - බණ්ඩාර ඇහැළියගොඩ
ගී තනු - නවරත්න ගමගේ
ගායනය - සුනිල් එදිරිසිංහ සමග විශාරද නන්දා මාලිනී
හොයාගෙන අහනව මයි.. ඕ යෙස්.. මොකද දන්නවද කවියට ලෙසටම ගැලපෙනව
Deleteයැස්..
තැංකූ ඈ.. උම්ම්ම්ම්ම්ම කැටේ... හිහි
හීන පෙන්වන නුඹේ දෙනුවන
ReplyDeleteමගේ රූපය බොඳව තිබුනා
දියවූ හීනයෙ ශේෂ කඳුලක්
කොපුල් තල දිගට ගැලුවා
නොකියාම ආ ප්‍රේම හැඟුමක්
සමගන්න වග කියා තිබුනා
සුමු දීගන්න නොහැකිව
අහිමි බව දැන එහිම ඇලුනා
රොන් ගත් කල නොරැදේ නම් වන බඹරුන්
Deleteඉතින් කුමට තවත් රැදෙනු හද ගී ගයමින්
ප්‍රේමය නම් අසෙනිය කුසුමක් මැයි සිතමින්
ළංව රැඳී පෙම් කවි කියුවන් කොපමණද ඉතින්
දාලා යන්න බැරි තරමටම බැඳෙන්නත් අමාරුයි.ඒ බැඳීමෙන් පස්සේ නික්ම යෑමත් අමාරුයි. ඒත් අතහැරලා දාලා යන්න බැරි කිසිවක් මේ ලෝකේ නැහැ කියලා තේරෙන්නේ සෙමින් සෙමින් ජීවිතය මුහුකුරා යනකොට. තේරෙන්නේ නෙමෙයි....තේරුම් ගන්න ඕන දෙයක් ඒක. උඹලා වගේ යෞවනයෝ ඕවා එච්චර සීරියස් හිතන්න ඕන නැහැ. මම යෞවනයට කියන්නේ party time කියලා.
ReplyDeleteඅරූ අයිය මොනව කියන්නද කියල හිතාගන්න බෑ. ඒත් මං උඩ කීව වගෙ මේක ඇත්ත අත්දැකීමක්. මගෙ නොවුණත්. ඉතිං ඉඳ හිටල හරි මේ වගේ සිදුවීමක් ළඟ සීරියස් වෙන්ට වෙනව නේද..
Deleteමම දන්නැහැ. මට තේරුම් ඇති තරම් තමයි කිව්වෙ..
වැරදි නම් නිවැරදි කරන්න..අරු අයියට තරම් අත්දැකීමක් නෑ කියල කියන්න වුවමනා නැහැ නොවැ...
උඹ විසින්ම අනන්‍ය වුනු format එකක් හෙන ලස්සනට පාවිච්චි කරන හැටි බලන් ඉන්න ආසයි..
ReplyDeleteලස්සනදැයි කියන්න දන්නෙ නැතත් සහෝ නිසඳැසේ ප්‍රේමීන් විදියට අපි ඕන උලව්වක් වෙච්චාවෙ කියල හිතුණ විදියට ලියන්න නම් කැමතී..
ReplyDeleteඋඹට බොහොම ස්තූතියි අගය කළාට...
දිගම දිග කවියක් ඈ... හැබැයි ලස්සනට ලියලා තියෙනවා....
ReplyDeleteමෙලෝ රහක් නෑ නේ ඔය කීවට.. අපි දන්නෝ.. හෙහ්...
Deleteනියමයි මචෝ.. රහයි...
ReplyDeleteස්තූතියි බොක්ක
Deleteඇලීමට තැවීමට හේතුවයි ළමයි.
ReplyDeleteකවිය රහ බැලුව. දැනුනා.
නොඇලී නොගැටී ජිවත් වෙන්නයි මේ ට්‍රයි එක අක්කා...
Deleteස්තූතියි
අපූරුයි... කියවන් යන කොට දුකක් වගේ දෙයක් දැනුන...
ReplyDeleteස්තූතියි...
Deleteදුකක් දැනෙන් යමක් තිබුන නම් නිර්මාණිටත් සමිප වෙන්ට ඕන
හිහි
"ඉස්සර වගේ නෙවේ දැන් ඔයා හිනා වෙනවත් අඩුයි" අඩේ මේක මරැ මචෝ :)
ReplyDeleteඉස්කෝතුයි ඉස්කෝතුයි...
Deleteහිහි ජයවේවා
නික්ම යන්න ඕන නම් ඇලීගෙන මොනවා කරනවද බං.
ReplyDeleteඒක තමයි බං
Deleteගලවගන්න බැරිව නෙව ඉන්නෙ
කවි කාරයෝ ගල් බමුනෝය....
ReplyDeleteප්‍රේමය ප්‍රතික්‍රියාවකි...ඒ හෙයින් ආරම්භයට වඩා අවසාන වෙනස් වේ...ඉතින් ඒ ප්‍රතික්‍රියාවල හැටිය....කවිසිත ගල් බමුණු සිතක් වී ඇතත්....ගල් බමුණු සිත තවුස් සිතක් වනු නොවනුමානයි......
ගල් බමුණු සිත තවුස් සිතක් වනු නොවනුමානයි......///
Deleteවෙන්ඩ දෙයක් නෑ වෙලා තියෙන්නෙ හැක්
අැලෙව්වොත් ඇලුව්වමයි - ලව්බොන්ඩ්
ReplyDeleteනියමයි.
ඇයි ජේමිස් බොන්ඩ්
Deleteහැක්
ඉස්කෝතුයි
ආලය ජලය වාගේ. නියමිත හැඩක් පාටක් නැති. තම තමන්ගේ බඳුන් වල පුරවන
ReplyDeleteජලයට ඉතා ලා නිල් පැහැයක් තියනවාලු:-)
Deleteරසායන විද්‍යාවට එහෙම උගෙන නැත ...මමත් දැක්ක ඔහොම එකක්. අලුතින් සොයා ගත්තක්ද නොදනිමි ....සොයා බලන්නට වටියි ..:D
DeleteBindi
Deleteතම තමන්නේ
බඳුන් වලට
රිසි රිසි පරිද්දෙන්
පුරවන
රසික Bindi කෙමිස්ටිරි නං දන්නෙ නෑ බොලං හැක්
පොදු ජනතාවගෙ ප්‍රශ්ණ මෙව්ව!
ReplyDeleteමේව ඇවිත්.නියන්ගෙ ප්‍රශ්න හෙහ්
Deleteසත්‍ය කොයි තරම් අවබෝධ උනත් සමහර බැඳීම් අත හැරීම ඉතා අසීරුයි. ඔබේ පද ගැලපීම අගෙයි මහේෂ්.
ReplyDeleteඒක ඇත්ත පොකුරු
Deleteස්තූතියි ඔබට
නික්ම යන්න ඕනේ නමුත් නික්මෙන්න බැරි එව්වා කොච්චරක් නම් අපේ ජිවිත වලත් තියෙනවාද බං.
ReplyDeleteකවිය අවසන් කියලා හිතුවාට අවසන් වෙන්නේ නැහැ එහෙම ලේසියෙන්.
අවසන් වෙනව නං කැමතී ඒත් එහෙම නේද...
Deleteජයවේවා
‘‘ඒ වුණත් තවම මම
ReplyDeleteවදනකුදු නොදොඩාම
නික්ම යන්නට අවැසිව
තවමත් නුඹටම ඇලීගෙන... ‘‘ හ්ම්.. හ්ම්... ඒ වුණත් ? ඒ වුණත්?
ඒ වුණත් තවම එතැනය හෙහ්
Deletemaru ayya
ReplyDeleteතැංකූ මලේ
Delete
ReplyDeleteනුඹෙ හීන එකින් එක
ගොඩගහන විට දෙපා මුල
ඒ හීන වල බරට
මගෙ හීන එකින් එක
තව තවත් යට ගියපු බව
නුඹ දන්නවද..
හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා .... සුපිරි නිර්මාණයක් ! අත්දැකීමක්දෝ හිතුණා .....
අත්දැකීමක්.. මගේ නොවෙයි නමුත් සංස්කරණය කළා...
Deleteස්තූතියි මෙතූ
කවි ටික ලස්සනයි.
ReplyDeleteස්තූතියි අජිත් අයියා
Deleteසමහර මතක ඒ වගේම පරිසරයකදි ආයෙමත් හිත අද්දරට එබිකම් කරනවා...හිත අතීතයේ දවසක නතර වෙනවා...දුක පිටට නොපෙන්වා අපි හිනා වෙනවා...
ReplyDeleteඅපි දුක වහගෙන එහෙම කිසි දෙයක් නොවුණ ගාණට හිනා වෙන්නත් හරි දස්සයො නේද සිරාඅයියෙ...
Deleteජයවේවා