...එහෙනම් අදට
නියමිත දේශනය අවසානයි. ඊළඟ දවසේ අපි කව් සිළුමිණ...
මේ උඹ අර
වැඩේට යනවනෙ.. දර්ශන සර් ගෙ ලෙක්චර් එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියල තලයා මගෙ කණට
කුට කුටු ගාණව. ඇතුගල හොට් ප්ලේට් එකක් වෙලා ඒ රස්නෙ මෙහට්ටත් එනවද කොහෙද. ඔලුකට්ට
උඩට බිත්තරයක් දැම්මොත් ඔම්ලට් එකක් හැදුවැකි. මම මගෙ හම්පඩ ලේන්සුවෙන් දාඩිය
පිහිදන ගමන් හිතුව. එතකොටත් පන්තියෙ හිටපු අනික් උදවිය තමන්නෙ ආම්පන්න අනං මනං ටික
බෑග් වලට පැක් කරගන්න පටං ඇරං තිබ්බෙ. මෙච්චරක් වෙලා ඉදිකට්ටක් වැටුණත් ඇහෙන සයිස්
එකට තිබ්බ පංතිය මේ වෙද්දි විසාල
ගාලගෝට්ටියක් වෙන්න පටං ඇරං.. දර්ශන සරුත්
තාම කියෝනව. මුං යන්න තදියමේ දගලනව. අම්මප මුන්ට තියෙන තදියමක්. එහෙම හිතන ගමං මං
තලය දිහාට කණ දැම්ම.
මේ උඹ අර
වැඩේට යනවනෙ... මොකේටද හරකො.. ඉහිං කණිං
වැගිරෙන දාඩිය පිහ පිහ හිටපු මම ඒකත් නවත්තගෙන අන්ද මංද වෙලා මූ දිහ බැලුව. අර
කෙල්ල පස්සෙං.. අම්මට සිරි දැංනෙ මතක් වුණේ. උඹත් එනවනෙ.. පිස්සු කෙලින්න එපා. මං
අද කලිං යන්න ඕන.. මොකද්ද යකෝ හැමදාම යනේක අදවත් ටිකක් හිටුකො.. බෑ බෑ හෙට වැඩට
යන්න ඕන. අද පොඩ්ඩක් හඳේ යන්න ඕන. නෙද්දකිං වසලය පල පල .. මං කෝමත් අද නාගෙන තමා
යන්නෙ.. ආ.... බේන් වැඩක්... තලයගෙ ආ... එකෙත් මාර ගතියක් තියෙන්නෙ.. හරි හරි පල
පල.. කෝ දැං ඒකි... ම්ම්ම්ම්ම්ම්.. ආ. ආං ආං.. වර වර.. මේකා මාවත් පෙරලගෙනම දුවපි.
යකෝ මට වඩා මුටනෙ තදියම. මාත් හිතිං බැණ බැණ ඌ පස්සෙං වැටුන..
අන්න බලකො
වැඩක්.. මොකද්ද.. අරුං පොලිසිය පැත්තට හැරුණ .. මැරෙන්නයැ ඉතිං යමං... බෑ බෑ
ඉතිං.. උඹ පලයං. මොකෝ උඹ ට නෙ කෙල්ල මටයැ. උඹ හනිමූන් යද්දි මාව එක්ක යන්නෑනෙ..
මේක තාම සෙට් වෙලත් නෑ ... මූකියන ගඳ කතාව
බලපල්ලකො... මම මුටත් බැණ බැණ කෙල්ල පස්සෙං වැටුණ.. තලය ස්ටෑන්ඩ් එක පැත්තට
ගියා...
මුංගෙ පස්සට
මෝටර් හයි කරලද මංද.. යන යෑම විතරක්.. මමත් ටිකක් වේගෙ වැඩිකරගෙන කෙල්ලො ටිකට
කිට්ටු වුනා.. මගෙ අඩි සද්දෙ ඇහිල වෙන්න ඇති එකෙක් ආපහු හැරිල බලල අනික් උං දෙන්නට
මොනවද කීව.. තුන් දෙනාම මොනවදෝ කිචි බිචි ගාණ ගමං හිනාවෙලා ආයෙත් මං දිහ බලල
ඉස්සරහ හැරිල උං එක්කම හිණා වුණා.. අම්මපා වනේ වන හතුරෙකුට වත් මෙහෙම අකල්
නිංගිරාවක් වෙන්න එපා.. තනියෙං කෑලි ටෝක් කරන්න ආවට හොඳ පාඩං.. මං මටම බැණ බැණ උං
පස්සෙං ගියා.. කොහෙද කතා කරන්නවත් විදියක් නෑනෙ. මෙච්චර හයියෙන් යන්නෙ මුං දවල්ට
මොනව කාලද මංද..
මිහිඳු
මාවතෙන් පොලිසිය පැත්තට හැරුණ කෙල්ලො තුන්දෙනා සරසවි එක ඇතුලට ගියා... කාල වරෙංකො.
මුං මේ වෙලාවෙ යන්න තෝරගත්තු එක.. යනවද.. නැද්ද.. පොඩ්ඩක් එකල මෙකල වෙවි ඉදල...ඔන්නොහෙ
යනව.. කියල එක හිතිං හිතාගෙන සරසවි එකේ දොරෙන් ඇතුලට වුණා.. හම්මේ... ඒ සී පාරක්
වදිද්දි තියන සනීපෙ... එතකොටම වගේ කෙල්ලො තුන්දෙනත්
බෑග් ටික එතන හිටපු සිකියුරිටි තැනට දීල එන ගමන් මගෙ මූණටම මුලිච්චි වුණා.. මහ පල්
හිනාවක් එක්ක මුං ටික උංගෙ අර ගස්තර හිනාවත් දාගෙනම උඩ තට්ටුව දිහාට ගියා.. අර ඒ
සී පාර කොහෙං ගියාද නෑ... අහෝ මගෙ පුරුස ධෛර්යය. ඉස් මුදුණෙ හිටං කොදු නාරටිය දිගේ
ගලල ඩෙනිමට ම උරා ගත්තද කොහෙද.. ඕවට සැලෙයි අපි... මාත් සිකියුරුටි උන්නැහේට බෑග්
එක දීල උඩ තට්ටුව දිහාට සේන්දු වුණා.
කෝ අර ආච්චිල
ටික.. අහ් අර ඉන්නෙ.. හම්මේ සමාජ විජ්ජාත්මක පොත් වංසෙකට මැදිවෙලා... මට නිදිමතත්
වගේ ඒක දැකල.. උං කියන දේකට කං දීගෙන මාත් පොත් දිහ නොබල ඉන්න පුලුවං තරං පරිස්සං
වෙන ගමං ඒ පැත්තට ඇදුනෙ බැරි වෙලා හරි පොතක් දිහ බැලුණ නං ඉතිං කෙල්ලා නෙවී මාටත්
අමතක වෙනව කියල ඉත්තේරුවෙංම දන්න හිංද.. හෙමිට හෙමීට කෙල්ලෙ ටික ඉන්න තැනට ළං
වුණාම යි දැක්කෙ කටටිය දැහැනකට සම වැදිල වගේ පොත් පෙරලනව කියල. දැං මොකෝ කරන්නෙ
මුංට බාල්දිය දාල තියෙණ ලකුණු ටිකත් කපාගන්ටයැ.. මාත් එතැනිං ඇස් අහකට ඇරං පොත්
රාක්කයක් දිහට්ට ඇස් යැව්ව..
ෂහ් .. වජිර
පබ්බත.. යකෝ සෑහෙන කාලයක් තිස්සෙ හොය හොය හිටපු පොතක්.. මං මටම කියන ගමං පොත අතට අරං
පෙරලල බලන්න ගත්ත. ආයෙ ගන්න එකේ මොනව බලන්නද වෙන එකක්ම බලනව .. වජිර පබ්බතත් අතේ
තියාගෙනම මං පොත් රාක්ක දිගේ ඇස් යැව්ව.. මොනවද දන්නෑ කවි පොත් තියෙන්නෙ... අහ්...
අළුතෙන් සෙට් එකක්ම තියෙයි වගේ.. මේ මොකද්ද.. රෝස මලෙ හදවත... පරාක්‍රම
කොඩිතුවක්කු.. ම්ම්.. කෙටි කතා පොතක්.. මේක මක් කොරනවද කවි අස්සෙ.. කතා නං ලස්සනයි
වගේ... බලමු... අහ් තිඹිරිගෙ රිදී දිය රැළි බිඳී.. තනූජගෙ තෙත සුළං අහුරක්...
බන්දුල ගෙ යට කඩේ උඩගෙදර... ගාළු පාර දිගට හැළුණ සිනා සළු.. ඩොමිනික් චන්ද්‍රසාලි..
පොත් එකින් එක එකින් එක එක අතක එක්කහු වෙන ගමං ඇස් දෙක තවත් පොත් හොයනව.. අනික් අත
පොත් දිගේ යන ගමං එක එක පොත ඇද ඇද ගන්නව..හිතට හරි නෑ කියල ආයෙ දානව.. අහ් මේ
මොකද්ද.. මල් අහුරක්.. රත්න ශ්‍රී ගෙ.. කවි පොතක්ද.. හෑ...ග්.. සිංදු ලියවිච්ච
විදියද නැත්තං විචාරයක්ද.. දෙකම නේ.. අඩ්ඩඩ්ඩා.. සිංදුව එහෙම මේක දැක්ක නං
සිංදුවකුත් කියවෙයි.. මම මටම හිනා වෙන ගමං ඒ පොතත් අර පොත් ගොන්නටම එකතු කරගත්ත...
සඳගිර පාමුල.. අඩේ තවත් එකක්.. යකෝ මාත් අර
ෂොපිං කම්ප්ලෙක්ස් එක්කට පැනපු මිනියන් කෙනෙක් වගේද මංද.. එකක් යද්දි තවේකක්. ආයෙ
එකක් .. ආයෙ එකක්.. හෆොයි... මේ මොකද්ද.. If tomorrow comes නේද අඩේ... (මේ
වෙද්දි නම අමතකයි ) පැක් කරලත් එක්ක.. කියද අඩේ... 950 ක් කිව.. ඉහ්ක්.. හම්මේ
දාඩියත් දැම්ම... හිහි කිචි බිචි කිචි බිචි හිහි.. කෙල්ලො වගයක් නේද යකෝ උං මං දිහ
බල බල හිනා වෙනව.. අනිවා මගෙ ඉහ්ක් එක ඇහෙන්න ඇති.. නව නිංගිරාවයි. මමත් අත් දෙකේ
තියෙන පොත් ටික පේන්නත් එක්කම හිටගෙන උරිස්සත් උස්සල මැටි හිනාවක් දැම්ම. උං ටිකත් පද්දලා නලවලා... ...කෙල්ලො...
හුටා... කෝ අර සෙට් එක.. මට එතකොටයි පත්තු වුණේ මං ආවෙ මොකටද කියල.. මම පොත් ටිකත් කුදලං උං හිටිය කියල මට මතක දිහාට
දිව්ව.. කෝ යකෝ මුං.. නෑනෙ ගියාවත්ද.. මං පොත් රක්ක අස්සෙ දෙතුං විඩක් වතර දීව..
බැරිම තැන පඩිපෙළ දිගේ පල්ලහටත් ඔළුව දාල බැලුවෙ බිල් ගෙවන තැන වත්ද කියල. එතකොට
තමා තේරුණේ කෙල්ලො තුන් දෙනා යන්න ඇති කියල.. හයියෝ.. දැං ඉතිං මොකේද දං වළදන්නෙ..
අත් දෙකත් ටිකක් බරයි .. මොන.. මොන මඟුලක්ද මේ.. මෙච්චර පොත් ගොඩක් කොයි වෙලාවෙද
ගත්තෙ.. පොත් අටක්.. වෙලාව කියද අඩේ... දෙකට පහයි.. හත්තිලව්වයි.. විනාඩිම හතලිස්
පහක්.. ඉඳකිං මම නං.. මදෑ කෙල්ලෙක් පස්සෙං ආව..
මේ තියෙන්නෙ එදා ගත්ත පොත් ටික
ප.ලි.- බෝම අමාරුවෙන් බැලන්ස් කරල බස්සෙකේ යන්න විතරක් ගාන ඉතුරු කරං ලැජජාවත් බේරගෙන සරසවි එකෙන් එලියට ආවත් එදා විච්ච සිද්ධිමන්ට් එකෙන් පස්සෙ අර දැරිවි ආයෙ මං දිහ ඇහැක් නෙවී කණක් ඇරලවත් බැලුවෙ නෑ. උං බලං ඉඳල තියෙන්නෙ මං ගිහිං කතා කරන කං.. මං පොත් අස්සෙ හිරවෙලා හිටපු හැටි දැකල උංට කොල්ලො සනුහරේම එපා වෙලාද කොහෙද... ප්‍රීති... ප්‍රීති...
///තාමත් තනියෙං නේද මෙයා
පෙරලා පෙරලා පොත් බලලා ///
//අනිවා මගෙ ඉහ්ක් එක ඇහෙන්න ඇති.. //
ReplyDeleteහික්හික්..
ආයිතනං යන්න එපා පුතේ මෝහිනිල පස්සේ.. හැක්
මේ මෝහිණීල සෙට් එක වෙනයි ලු.. උංට හිනා යන්න ඇත්තෙ මට අර පොතේ ගාණ දැක්කට පස්සෙ ඉහ්ක් ගෑවුණ එකට වෙන්නැ.. එච්චර ගාණක් දුන්නම මම කෝම ගෙදර යන්නද හිහි
Deleteකෙල්ලෙක් සෙට් කරගන්ඩ නම් බුක්ශොප් එකකට එන්ඩම ඕන.
ReplyDelete-සරසවි බුක්ශොප් ජාලයේ පණිවිඩයක්-
අර පස්සට මෝටරයක් හයි කරපු කතාව මතක් වෙද්දිත් හිනායනවා අනේ. මට සාමාන්‍යයෙන් එහෙම ඒව මතක් කර කර හිනාවීමේ ලෙඩකුත් තියේ.
හා හා ඉතින් දැන් ඔය ගත්තු ටික කියෝලා එහෙම විචාරත් අරන් ආපහු එන්නකෝ.. :-D
සෙට් කරගන්න කෙසේවත් ඉන්න එකත් නැති වෙනව අපි ගියාම. හිහි
Deleteඇයි අප්පෙ හිනා ගියෙ.. :-D
විචාර වලට කට්ටිය මනාප නෑ නෙව හන්චි යෙ... හිහි. කෝමත් එක්සෑම් ඉවර වුණාම තමා ඒ වගේ දෙයක් කරන්න වෙන්නෙ.
හුඟ දවසකින් නේ... දැං ලියන්නෙ නැද්ද
මයියෝ මටත් ඔය කඩවලට ගියාම ඔහොම අමතක වෙන ලෙඩක් තියනෝ ....හැක්
ReplyDeleteදවසක් දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා
සිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා
රේණු රේණු මල් මිටේ රේණු ඈට පෙම් කරන්න මට බෑ ලූ
රන් සමනල තටු මට ලැඛෙන්නෙ නෑ ලූ
රොන් පීරරී සැලෙන්න මල් රේණූ
සද වත දෝ මා දුටුවේ ඔඛෙ ගත දෝ මා දුටුවේ
සිතුවම් දෝ මා දුටුවේ හැබහින් දෝ ඔබ දුටුවේ
ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා
මා දිහා බලා සුසුමන් සලා ආදරෙයි කියා නොකියා ගියා
කියා පොතේ ලියවී තිබුනා..
රේණු රේණු මල් මිටේ රේණු
ඈට පෙම් කරන්න මට බෑ ලූ
රන් සමනල තටු මට ලැඛෙන්නෙ නෑ ලූ
රොන් පීරී සැලෙන්න මල් රේණූ
රොන් පීරී සැලෙන්න මල් රේණූ
ඈට පෙම් කරන්න මට බෑ ලූ...
ගායනය් - රූකාන්ත ගුණතිලක
මේක එසේ මෙසේ අමතක වීමක් නෙවී බොලංසෙැට්වෙන්න හිටිය කෙල්ලවම අමතක වීමක් හිහි.
Deleteඅර රත්න ශ්‍රී ගෙ මල් අහුර හම්බුනොත් බලපං උඹට වටිනව ඒක..
ඈට පෙම් කරන්න මට බෑ නේන්නං බං.. පොත් පෙරලල ගම නාගත්ත නෙ
ඒ කෙල්ලන්ට පොත් අස්සෙ කොල්ල හිර වෙලා ඉන්නවා දැකල එපා වෙලාද??
ReplyDeleteහදිසියේ මෙහෙම උනානම්,,,
කෙල්ලො ගියේ ඇදුම් කඩේකට නම්??
ඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්ද මන්දා...
හීක් හික් හික්..
කෙල්ලො ගියේ ඇදුම් කඩේකට නම්??
Deleteඕකෙ අනිත් පැත්තත් වෙන්න පුලුවන්ද මන්දා...
හීක් හික් හික්..///
එහෙනං මට ඒක ඇතුලට යන්න වත් හිතෙන්නෙ නැතිවෙයි නේ...
හිහි
ඒ කෙල්ලන්ට පොත් අස්සෙ කොල්ල හිර වෙලා ඉන්නවා දැකල එපා වෙලාද/
එහෙමලු වෙලා තියෙන්නෙ
බුද්ධිමත් ගෑණු ළමයි ටිකක් හිහි
මදැයි ඔයින් ගියා.හැබැයි උඹට තවත් පොත් ටිකක් බලල හෙම හොඳට තෝරගෙන එන්න තිබ්බ නේද බං.
ReplyDeleteඒක තමා වෙන්න තිබ්බෙ හැලප අයියෙ. ඒත් අතේ තිබ්බෙ නෑ ඉතිං ඒකයි ඔය ටික ඇරං ආවෙ. නැත්තං හිතේ දුකටත් එක්ක පොත් සාප්පුවම හරි ගන්න තිබ්බ ඕ යේස්
Deleteකෙල්ලෝ පස්සෙන් යනවනම් ඒ වැඩේ අවධානෙන් උනන්දුවෙන්, මොන නින්ගිරා ආවත් නොසැලී යන්න ඕනි . කරන දෙයක් හරියට කරහන් කියල ඔය එක පොතකවත් නැතිව ඇති
ReplyDeleteකෙල්ලෝ පස්සෙන් යනවනම් ඒ වැඩේ අවධානෙන් උනන්දුවෙන්, මොන නින්ගිරා ආවත් නොසැලී යන්න ඕනි ///
Deleteඋපදෙස තදින් හිතට ගන්නා ලදී...
හිහි
කොල්ල පව් නේ තිලකෙ අයියෙ
මදෑ ඔයින් ගියා. කෙල්ල හිතන්න ඇති දැන් මෙහෙමනම් පස්සට කොහොම තියෙයිද කියලා
ReplyDeleteඋන්ට හිතෙන්න ඇති මූ හරියන එකෙක් නෙවී කියල...
Deleteදැං කෙල්ලො පොත් වලට කැමතිත් නෑ නෙව හිහි
මරු වැඩේ. හිහ්.... :-D
ReplyDeleteඔහොම හිනාවෙන එක හරිද මං අහන්නෙ :-D :-D
Deleteකෙල්ලෝ උඹට පොත පෙරලුවද දන්නෙත් නෑ
ReplyDeleteනෑ නෑ.. උංට පොතක් පෙරලයි කියල උං බය වෙලා හිහි
Deleteකෙල්ලො වගේද පොත් නේ ;) අර 'මල් අහුරක්' , 'ගාළු පාර දිගට හැළුණ සිනා සළු' ,'වජිර පබ්බත' මේ පොත් තුන කියෙව්වම අර කලින් වගේ විස්තරයක් දාල පෝස්ටුවක් ලියන්න බැරි වෙයිද ? වජිර පබ්බත ගැන කලින් අහල තියනවා කියෙව්වද මතක නැහැනෙ
ReplyDeleteකෙල්ලො වගේද පොත් නේ///
Deleteඅන්න තේරුණා හංසයට හිහි..
ලියන්නං ලියන්නං ටික දවසක් යයි හැබැයි... මොකද විභාගෙට පාඩං කරනව මේ දවස් වල
කියවල ඇති ඉස්කෝලෙ පොතක තිබ්බ වජිර පබ්බතෙන් ගත්ත කෙටි කතාවක්
ඔබට මතක නම් එක කෙටිකතාවක අන්තිමට වයිෆ් පොත් ටික ගිනිබත් කරල හස්බන්ඩ්ගෙන් අහනව "මෙයා බැන්දෙ පොත්ද මාවද?" කියලා - මට මතක හැටියට ඒ කෙටි කතාව ලිව්වෙ මාර්ටින් වික්‍රමසිංහ මහත්තැන් වගේ. එහෙම කියන්න හේතුව හස්බන්ඩ් යන්නෙ වයිෆ්ට සාරියක් ගේන්න නිසයි.
ReplyDeleteජී. බී. සේනානායකගේ 'කලහය' කෙටිකතාවේ ඒක තියෙන්නේ
Deleteමමත් ඉස්කෝලේ කාලේ ඔය කථාව කියවල තියෙනවා.
Deleteබුද්ධිෂ...
Deleteසාදරයෙන් පිළිගන්නව මේ පැත්තට...
මං හිතන්නෙ දැනටමත් ඔබට උත්තරය හම්බෙලා තියෙන්නෙ...
මනෝ ස්තූතියි... මටත් හිතුණ මාත් ඔය උපසේනය වගේද කියල හිහි
ලලිත් අපිට ඉස්කෝලෙ පාඩං පොතක තිබ්බ ඕක
උඹ පොත දාන්න ගිහින් කර ගත්තුවා
ReplyDeleteපල යන්න පල යන්න..
Deleteහිහි
යකෝ කෙල්ලෝ ගියේ බාර් එකකට නම් ඔන්න ඔය අමතක වීම මටත් වෙයි........පොතකට නම් ඒ වැඩේ වෙන්නෑ.
ReplyDeleteපුස්තක ප්‍රේමං පස්සට දාපං-ස්ත්‍රී ප්‍රේමං රිවස් නොයං
අරක්කු ප්‍රේමං පේන්න ඇත්තං---ඔක්කොම අතහැර වාඩිවෙයං :D
මෙහෙ කෙල්ලො බාර් වලට යන්නැති හංද මං හිතන්නෙ ඒක නං වෙන් නැති වෙයි හිහි
Deleteපුස්තක ප්‍රේමං පස්සට දාපං-ස්ත්‍රී ප්‍රේමං රිවස් නොයං
අරක්කු ප්‍රේමං පේන්න ඇත්තං---ඔක්කොම අතහැර වාඩිවෙයං//
වටිනා උපදෙසක් ලබා දුන් අරුණ මහතාට අපගේ හෘදයාංගම ඉස්කෝතුව
:D:D :D
එළ කොල්ලෙක්..............
ReplyDeleteඉස්කෝතුයි ලු
Delete:D :D
මහේෂ් අයියට කියන්න මාත් ඔය ජාතියේම එකෙක් වෙච්චි.. දැන් මං ඔය නුගේගොඩින් බහින්න වෙනවටම වෙන පාරකින් යනෝ. නැත්තම් එහෙම කියල පඩියම සරසවි එකට පූජ කරල තමයි එන්නෙ..
ReplyDeleteඅද දවල් මේ පෝස්ට් එක කියවලා මාත් ගියාලු පොත් රස්තියාදුවක්..අපි වගේ අහිංසක ළමයි මෙව්ව වෙනව ඔය වගේ පෝස්ට් දැක්කම! එහෙම කරන එක හොඳද මං අහන්නෙ? ගත්ත පොත් ටික නම් බුකියෙ ඇති..
දැන් මං ඔය නුගේගොඩින් බහින්න වෙනවටම වෙන පාරකින් යනෝ. නැත්තම් එහෙම කියල පඩියම සරසවි එකට පූජ කරල තමයි එන්නෙ..///
Deleteසරසවියෙ ලොකු මහත්තැං මේක දැක්ක නං සිතූගෙ ඔපිස් එක ළගට ට්‍රාන්ස්පෝට් එකක් සෙට් කරනව හිහි
ආහ්...ඒක සන්තෝසයට කාරනාවක්.. හිහි
ජයවේවා
ගිය දේවල් පස්සේ වුනත් අල්ලගන්න පුළුවන්. නමුත් වජිර පබ්බත වගේ පොතක් හොයන්න ලේසි නෑ.
ReplyDeleteමොන පිස්සුද විචා.......වජිර පබ්බත ප්‍රින්ට්ස් කොච්චර තියෙනවද......ඒ වගේද මහේෂ්ගෙ ට්‍රයි එක...ආපහු හිනාවෙලාවත් නැහැනේ : ඒ ළමයා හිතන්න ඇති මූව කරගහ ගත්තොත්..මහ රෑටත් පොත් කියවනවා හැරෙන්න වෙන සමයමක් වෙන්නේ නැහැ කියලා :D
Deleteඅරූ අයියත් සෙද්දක් කියවනවා.ගෑණි එක්ක නිදියනව වගේද ආතල් එකේ ඇදට වෙලා අතපය දිග ඇරන් පොතක් කියවන එක?
Deleteපොත අතේ තියන් ඉන්න තමයි වෙන්නේ කටුස් :D
Deleteගිය දේවල් පස්සේ වුනත් අල්ලගන්න පුළුවන්//
Deleteබැරි වුනා උන්දැ ආයෙ මට කැමති නෑ ලු... මොන කෙල්ලද කැමති තමන් පස්සෙං ආව කොල්ල මෙලෝ සිහියක් නැතිව පොත් ගොඩක් බදං ඉන්නව දකිද්දි..
හිහි
දැං හුගක් පරණ පොත් රී ප්‍රින්ට් වෙනව විචාරක තුමා... මොනව කරන්නද හැමදේම හොදටලු හැක් හැක්
අරූ අයිය.. මතකද ජීබී සේනානායක මහත්තයගෙ කලහය... මාත් උපසේනට දෙවනි නෑ වගේ නේ... :D:D
කටුස්සට මොනව කියන්නද මංද බං.. හැබැයි අරූ අයිය කියන එක නං වෙයි තමයි හිහි
පොත ඉබේම පෙරලෙයි
වජිර පබ්බත එකේ නේද අර වෙන කෙනෙක්ගේ චිත්‍රයක් පෙන්නලා ගුරුවරියෙක්වුන චිත්‍ර ටීචර්ගේ කතාව තියෙන්නේ? හෙන කාලෙකට කලින් කියවපු එකක්.කෙල්ලො වගේද පොත්....
ReplyDeleteයස් යස්.. වැහි දවස...
Deleteකෙල්ල අනුන්නෙ පිංතූරෙ පෙන්නල වැඩ්ඩ වුණාට ඒකිගේ මහන්සියෙන් තමයි චිත්‍ර ගුරුවරියක් වෙන්නෙ ඒත් ඒකට හේතුව අර චිත්‍රය...
කෙල්ලො වගේද පොත්....///
මටත් ඔහොම හිතෙන වෙලාවල් නැත්තෙම නෑ.. හැබැයි පොතක් අතේ තියන කං විතරයි හිහි
මට ඉරිසියයි බොලං උම්බ බේරුනු බෙරිල්ලට..
ReplyDeleteජයවෙවා
මාගේ සාතීසය මෙව්ව එක පිළිගන්න
Deleteහැක් හැක්
ජයවේවා
//අහෝ මගෙ පුරුස ධෛර්යය. ඉස් මුදුණෙ හිටං කොදු නාරටිය දිගේ ගලල ඩෙනිමට ම උරා ගත්තද කොහෙද...//
ReplyDeleteඅහෝ පුරුෂ ධෛර්යකට ගිය කල :D
හොඳ වැඩේලු...:P මීට පස්සේ කෙල්ලෝ පස්සේ යනවනම් කෙල්ලෝ ගැන විතරක් හිතමින් යන්ට. :P
අහෝ පුරුෂ ධෛර්යකට ගිය කල :D///
Deleteඒ වෙලාවට දැනෙන දේවල් කියන්න වචන නෑ කෙල්ලො දන්නවැයි ඕව... අපිට නක්කලේට හිනා වෙවී හිනා වෙවී අන්තිමට අපිවම සුද්ද කරල දානව හිහි
මීට පස්සේ කෙල්ලෝ පස්සේ යනවනම් කෙල්ලෝ ගැන විතරක් හිතමින් යන්ට. :P//
අවවාදය හිස් මුදුනින් පිළිගනිමි. මීට පස්සෙ කෙල්ලො පොත් සාප්පුවකට යනව ං මං නොයා ඉන්න තීරණය කලා හිහි
ඔය ලබ්බෙ පොත් කඩේ තිබුණෙ නැද්ද 'කෙල්ලෙක් ෆලෝ කර ආදරය ප්‍රකාශ කරන්නේ කෙසේද' වගේ හරවත් උපදෙස් ඇතුළත් පොතක්.
ReplyDeleteකෙල්ලෙක් ෆලෝ කර ආදරය ප්‍රකාශ කරන්නේ කෙසේද///
Deleteනෑනෙ පොසන්න අයියෙ
ලියමුකො එකක් අපිට බෝම පොරෝජං වෙන්න ඉඩතියෙයි හිහි
පොත් නිසා බේරුණා නෙහ්!!!!
ReplyDeleteපොත තමා දෙයිය හිහි
Deleteමරු සීන් එක...
ReplyDeleteහොඳම එකෙන් හොඳම එක හිහි
Deleteකෙල්ලට මූණ මීටර් වගේ නම් ඔහොමම ඔන් එක දීගන ඉඳපන්.ටික දවසක් ගිහින් අහල බලහං වැඩේ ගොඩ.
ReplyDeleteජයවේවා..!!
කෙල්ලට මූණ මීටර් වගේ නම් ඔහොමම ඔන් එක දීගන ඉඳපන්.ටික දවසක් ගිහින් අහල බලහං වැඩේ ගොඩ.///
Deleteකොහෙ ආයෙ අහන්නද... ඒ උන්දැ මට අකමැති වෙලා වෙන කුමාරයෙක් එක්කන් ගිහිනුත් ඉවරයි
මේක මාස දෙකක් විතර පරණයි ලබ්බෙ හිහි
කොහොම වෙතත් හොඳ පොත් ටිකක් හොයාගෙන !
ReplyDeleteබෝධිනී අක්ක සාදරයෙන් පිළිගන්නව අවන්හල ට...
Deleteහොඳ පොත් ටිකක් නං හම්බුණා තමයි.. හැබැයි ගෑනු දැරිවි නං මිසින්.. ආයෙ හොයාගන්නවත් නෑ හිහි
ඔය පොත් ටිකට දවස ගානේ මල් තියල වැඳහන්.. බේරුණු බේරිල්ලට.. පොත් කියවනවා තියා පිටු පෙරලන හුළඟක්වත් වදින්න වෙන්නේ නෑ ඔය චිංචි මානවිකාවක් කරේ එල්ල ගත්ත දවසට.. හැක්.
ReplyDeleteඔය පොත් ටිකට දවස ගානේ මල් තියල වැඳහන්.. බේරුණු බේරිල්ලට.. පොත් කියවනවා තියා පිටු පෙරලන හුළඟක්වත් වදින්න වෙන්නේ නෑ ඔය චිංචි මානවිකාවක් කරේ එල්ල ගත්ත දවසට.////
Deleteහිහි.. අත්දැකීම් බහුල ජනතාවගේ උපදෙස් කෝම අත්හරින්නද... හිහි
ජයවේවා
තව ටිකවෙලාවක් හිටියනම් හොද හිතක් හොයා ගන්නවනේ...
ReplyDeleteහිතක් කෙසේවෙතත් තව කීයක් හරි අතේ තිබ්බ නං තව ටිකක් වෙලා ඉදල හොද පොත් කීපයක් හොයාගන්නව හිහි
Deleteකතාව වෙනයි කියමු. මොකෝ කෙල්ල මොකද පොත් මොකද ? අනේ ඒත් මේම පින්තූර දැම්මම අපි වගේ අසරණ ළමයි ඉවසා දරා ගන්නෙ කෝමෙයි?
ReplyDeleteකෙල්ල=පොත්.. ම්ම්ම් නරක නැ නේ...
Deleteපොත් කඩේකට ගොඩවදිමු අපේ සිතුව වගේ හිහි
කෙල්ලෝ පස්සේ ගිහින් පොත් හම්බ වෙන එකයි...පොත් හොයන්න ගිහින් කෙල්ලෝ හම්බවෙන එකයිනේ හැමදාම උනේ.... ඉස්සර බුක් ෂොප් එකක මට ටිං ටිං එකකුත් හිටියා...අනේ වාසනාවන් කියන්නේ පොත් තොරන්න ගියාම ස්ටුල් එකකුත් ගෙනත් දෙනවා ඉඳගෙනම කියවලා බලන්න කියලා....
ReplyDeleteසින්බෑඩ්..සාදරයෙන් පිළිගන්නව අවන්හල ට...
Deleteමට ඔය වගේ ටිං ටිං එකක් හිටිය නං හැමදාම යනව ඕයේස්... හිහි
පොත් වලට කොච්චර කැමති වුනාත් උඹට තිබ්බේ ගිය වැඩේ කරගන්න.පස්සෙ පුලුවන්නේ දෙන්නත් එක්කම පොත් පෙරලන්න.
ReplyDeleteමල් අහුරක් මමත් ගන්න ඔනේ.
පොත් වලට කොච්චර කැමති වුනාත් උඹට තිබ්බේ ගිය වැඩේ කරගන්න.පස්සෙ පුලුවන්නේ දෙන්නත් එක්කම පොත් පෙරලන්න.///
Deleteපොත් වලට අකමැති අය එක්ක මොන පොත්ද.. හෙහ්.. පොත් කෙසේවත් සාරි නං තේරන්න තිබ්බ හැක්...
මල් අහුරක් හොඳයි ඇත්තටම හොඳ පොතක්
හොඳ වැඩේ බොට. ආයෙවත් ඉගෙන ගනිං එක වෙලාවෙ එක වැඩක් කරන්න. දැං කට බලියං නිදිය ගං.
ReplyDeleteබෑනේ... කට බලියං නිදාගන්නවට වඩා පොතක් කියවන එක හොඳයි.. ගත්ත පොත් ටික අපරාදෙනෙ කසුනො
Deleteහිහි
කෙල්ල මං වගේ වුණානං බලෙන්ම හා කියයි. ඒනං හැමදාම සරසවියට එක්ක ගිහින් ඔයාට පොත් ගන්න අනේ කියල මං ඒ ටික අයිති කරගනී. හිකිස්
ReplyDeleteකෙල්ල මං වගේ වුණානං බලෙන්ම හා කියයි. ඒනං හැමදාම සරසවියට එක්ක ගිහින් ඔයාට පොත් ගන්න අනේ කියල මං ඒ ටික අයිති කරගනී///
Deleteකොල්ල පව්... ඌට කන්නත් නැතිවෙයි හිහි...
ඒ තරම් ඉවසිල්ලක් නැති ගෑණු ළමයෙක් එක්ක කොහොමද ජීවිතයක් ගෙවන්නේ...
ReplyDeleteපොත් වලට අකමැති කෙනෙක් තමා එයාට හරියන්නෙ
Deleteහයියෝ මල්ලී කිව්වලු හැක්
ReplyDeleteඕම හිනා නොවෙන් කිඹුලී...
Deleteඅපි පව් නේද ශානු අක්කා හිහි
අඩේ මේ ශානුද ඉන්නෙ? කිඹුලි, රියල් නේම් එකෙන්ම ඇවිත්ද ? :-D :-D
Deleteකිඹුලි, රියල් නේම් එකෙන්ම ඇවිත්ද ? :-D :-D///
Deleteඔව් ඔව්
හිහි
ඕක තමා බොල අතීතේ හිටපු පඬිවරුන් මෙහෙම දේශනා කලේ... කොහෙද උඹලා මේවා අහන එකක් යෑ :-P :-P :-P :-D
ReplyDelete"ගිය කෙල්ලට නාඩන්නෙ...
වජිර පබ්බත කියන්නෙ...."
පල පල යන්න.. හැක් හැක්
Deleteවෙල්කම් බැක් සනා
හපෝයි මහේශ්ටත් වෙන වැඩ. නැහැ නැහැ කරගන්න වැඩ :p :p
ReplyDeleteඅපි ඉතිං කරගත්තොත් මේම වැඩක් තමයිලු
Deleteහිහි...
මම කෙටි කථාවක් කියල හිතාගෙන කියෙව්වේ. බලන කොට ඇත්ත කතාවක්නේ .
ReplyDeleteඇත්ත කතාවක් ඇත්ත කතාවක් හිහි
Deleteමේ වගේ වැඩත් වෙනවලු ඉද හිටල
මේක උඹටම වෙච්ච වැඩක්ද බං? නෙද්දකින් තෝ...
ReplyDeleteනැත්තං බොලං මගෙ වගේ ලියනවැයි
Deleteහැක් හැක්
ඇයි බං එහෙම කියන්නෙ මං පව් නැද්ද