කේඬෑරි ඉපල් බැඳ
මළකඩ යදමකින්
විහින් විලංගු
ලා ගෙන
චපල සිතක් තුළ
සිරකරුවෙක්ය
නුඹ
නිදහසක්
අසන......
හමන සුළඟක
සුළඟ අතටම
ඔහේ පාවෙන
ගොදුරු ලොබ
බැදි
පක්ෂියෙකි නුඹ
සිඟමනක්
යදින......
ගලන ඟග දිය මත
පාවී ඇදෙමින
එ ගං දියටම
සාප තබමින
එගොඩක්
මෙගොඩක්
සොයා කොයිදැයි
පීනමින් එතෙර
වන්නට
සවි ඇතත්
තැතක් නොදරන
පරපුටුවෙක්ය
නුඹ.........
සිතුවම--- ගූගල් වෙතින්
ලස්සන කවි සිත්තමක් !
ReplyDeleteස්තූතියි මධුරංගය්යා
Deleteබලන් ගියාම් මහේෂ් හොඳ ගීත රචකයෙක්නේ
ReplyDeleteඒකනෙ ඒකනෙ....
Deleteස්තූතියි ඉවාන් අය්ය...
නියම පද පෙලක් බන්. සිරාවටම ලස්සනයි.
ReplyDeleteස්තූතියි ප්‍රියෝ....
Deleteලස්සන කවි පෙලක් :)
ReplyDeleteස්තූතියි සසිදුවො..............
Deleteසිරාවටම හොදයි නේ මහේෂ්.. ජය වේවා
ReplyDeleteඒකනෙ... ස්තූතියි දේශක තුමා..... ජයවේවා
Deleteඅපූරු අදහසක් ... ලස්සනයි ..
ReplyDeleteස්තූතියි තුශානි ඔබට...
Deleteදෙපාරක්ම කියවන්න වුණා..ඒ තරමටම හිතට වැදුන..
ReplyDeleteහිතට වදින්නටම මට ලියන්න පුලුවන් වුණ එක ගැන පුංචියට ආඩම්බරයි.... ස්තූතියි උමේශ්
Deleteහ්ම්ම්... මට අපහැදිලි.
ReplyDeleteඇයි.... ඒ තරං අමාරුද තෝරන්න... එච්චර ලැට පද නම් නෑ
Deleteබරයි.....ටිකක් වෙලා යනව තේරුම් ගන්න....
ReplyDeleteඅගෙයි.......
බරයි කීව....ඒ තරමට නෙවේ මං හිතන්නෙ... ඔබට තේරුණා නම් යමක් ඒ ඇති මට
Deleteදෙබිඩ්ඩෙක් කියලා උඩින්ම දැම්මට මොකද හරියටම මේ කෙනා මින වගේද කියලා හිතන්න බැරුව මම මේ ඉන්නේ..
ReplyDeleteඇයි දිනේෂ් අය්ය.... හැම පද පෙලකම දෙබිඩි ගති ලක්ෂන හොදට කැපිල පේනව නෙව
Delete///සවි ඇතත් තැතක් නොදරන
ReplyDeleteපරපුටුවෙක්ය නුඹ.........//////
මම මේ කොටසට ඉතාමත් කැමතියි.
ම්ම්ම්.... අන්තිමේදි ටයිප් කරන කොට වෙනස් කරපු එකම තැන... මට හිතුණ එහෙම හොදයි කියල....
Deleteඅද හුගක් ඉන්නෙ පරපුටුවො නෙව.... ස්ව ශක්තියෙන් නැගී හිටින්නෙ කීයෙන් කී දෙනාද....
ස්තූතියි අරූ අය්ය දිරිමත් කිරිමට
කතාව නම් තෙරුණා ලස්සනයි එල
ReplyDeleteසිංහලේ ලස්සන වචන තව අරන් ලියහන් හැකියාව හොදයි
තැන්කූ කීව...
Deleteහැකි සෑම විට ගත යුතු හොදම අකුරුයි ගන්නෙ සහෝදර තුමා...
මට අද තමයි අවන්හලට ගොඩ වදින්න ලැබුනේ ........
ReplyDeleteස්තූතියි ගොඩ වැදුනට... එන්න දිගටම සාදරයෙන් පිළිගන්නව අවන්හලට
Deleteහිතන්නට යමක් ඇති පද පෙළක්... ලස්සන නිර්මාණයක් මහේෂ්!
ReplyDeleteස්තූතියි චාම්ස්... ස්තූතියි ඔබට
Deleteඅපූරු පද පෙලක්.ජය..!
ReplyDeleteස්තූතියි චින්තක ඔබට....
Deleteනියමයි මාත් දෙපාරක්ම කියෙව්වා දෙබිඩ්ඩා තේරුම් ගන්න
ReplyDeleteමලකෑ යදම කඩා බිම දා
බලව් ලෝකය නිවහල් සිතින්
නොඅසව් නිදහස හිගන්නෙකු විලස
ලැබෙයි නිදහස අන්න ඒ දාට
අසන්නේම නිදහස සිගන්නෙකු විලසම නොවැ... අනේ මංද... මොවට මක්ක කියන්නද කියල... අපේ ඇත්තන්නෙ පරම්පරාගත වැරදි නෙව...
Deleteස්තූතියි ගොඩවැදුනට අවන්හලට.... එන්න හැමදාම.... සාදරයෙන් පිළිගන්නව...
//පීනමින් එතෙර වන්නට
ReplyDeleteසවි ඇතත් තැතක් නොදරන
පරපුටුවෙක්ය නුඹ.........//
නිකං හීං නූලෙන් කනට ගහල තියෙනවා..
ලස්සන පැදි පෙලක්,
ජය වේවා!!!
හි හි.... එහෙමත් කීව නේහ්... හා හා...
Deleteස්තූතියි විදානෙ මෙහෙ ආවට.... එන්න හැමදාහ... සාදරයෙන් පිළිගන්නව අවන්හලට
ඒක පුදුම කවියක්...සුපිරි මහියා..
ReplyDeleteස්තුතියි ජානි යො.
Deleteගොඩක් ස්තුති මාව අගය කලාට