Wednesday, March 19, 2014

නෙල්ලි-05 අමුතු කතා(i) - පේෂල්

                                                                                  ලෙක්චර් එක ඉවර වෙන වෙලාවත් පැනල... ඒත් සර්ට ඒ ගැන වගේ වගක් නැති පාටයි... ඉර අව්ව වැටිල ක්ලාස් එකේ වහලෙ රත් වෙලා ඒ රස්නෙ ඉස් මුදුනටම වදිනව...  මට එහායින් හිටිය නිසංසලා නිදිමතේම පත සයිස් ඈනුමක් ඇරිය...  ඒක දැකපු තරිදුව නිසංසලාගෙ පිට මැද්දට දේයි ගාල අත් පාරක් අතෑරිය... මූණ පරණ ටාට බස් එකකට අහුවුණ දෙහි ලෙල්ලක්  වගේ කරගත්තු නිසංසලා තරිදුව දිහ බැලුව....ඒ පාර ඌ මොකුත් දන්නෑ වගේ ඩෙස් එකට ඔළුව තියං නිදි... ඒ දිහා හිනා වෙවී බලං හිටපු මට තමා බැස්ටිය හම්බුනේ....’’මහේෂ් තමුසෙට ලැජ්ජ නැද්ද කෙල්ලන්ට ගහන්න.... ‘’’මේ මෙන මරාලයක්ද අප්පා... එහෙමෙයි කියල මොනව කරන්නද කියල හිතාගත්තු මම කරබාගත්ත... එහා පැත්තෙන් ඉදගෙන නාමලයයි ඉන්දිකයයි ඩෙස් එකේ ඔළුව ගහන් හිනා වෙනව... නෙද්දකිං මුං වගේ අපත යාළුවො සෙට් එකක්...

                                                                         
 කොහොම හරි සමාජ විද්‍යාව ලෙක්චර් එකේ අන්තිම හරියෙන් අවුලගත්තු වචන ටිකත් අපිළිවෙලට වගේ ලියාගෙන  පෑන් විල්ල ඇරං තුඩ වහගන්න ගමන්ම වගේ පොතත් වහ ගත්ත.. පොත බෑග් එක ඇතුලට දාගන්න ගමන් පෑන සයිඩ් බෑග් එකේ උඩම සාක්කුවට දාගත්ත... සිංහල සර් වගේ නෙමෙයි... සුනිල් සර් ක්ලාස් එක ඉවර කරන්නෙ පන්තියෙ අන්තිම පේළිය ගාවට ඇවිත්... එහෙම ඇවිත් අන්තිම වචන ටිකත් කියන ගමන්ම එෆ් එම් මයික් එකත් ඕෆ් කරන්  පංතියෙන් පිටවෙලා යන්නෙ ළමයි ටික එළියට ආවොත් සර්ට යන්න අමාරු බව දන්න නිසා වෙන්න ඕන..
සර් එළියට යනකොටම තමා යුද්ධෙ පටන් ගන්නෙ... උදේ ගෙදරින් එනකොට ගාගත්තු පාට දවල්ට දාන දාඩියත් එක්කම දිය වෙලා යනව... ඒ හින්ද හුගක් ගෑණු ළමයි පංතියෙන් අනික් අය යනකන් බලාගෙන ඉදල එයාලගෙ බෑග් වලින් ඇදල ගන්න එක එක ජාති වලින් මූණ පාට කරගන්නව... ඒත් හුගක් අය කරන්නෙ පංතියෙන් පිටවෙලා කෙලින්ම කරාමෙ ළගට ගිහින් ඒකෙන් එන ක්ලෝරීන් වතුර වලින් මූණ තෙත මාත්තු කරගෙන එයාලගෙ මල්මල් වැටිච්ච පාට පාට ලේන්සු වලින් මූණ පිහදගෙන ගෙදර යන එක... ඒත් පංතිය ඇතුලෙ ඉතුරු වෙන අය කරන ජාති දැක්කම හිනහත් යනව... සමහර අය ළග ලිප්ස්ටික්.. තව පාට කූරු... කණ්ණාඩි.. එක එක අරුමෝසම් බඩු තියෙනව... අපි දන්නෙවත් නැති... ඒව ගැන කාගෙන් හරි අහගන්න ඕන කියල හිතාගත්තත් හරි හමං විස්තරයක් කියන්න බැරිහිංද එ්කත් බැරිවුණා...   නාමලයටයි ඉන්දිකයටයි කලින්ම යන්න ඕන කියපු හිංද උං දෙන්න පංතිය ඉවර වද්දිම එළියට පැනගත්ත හිංද අපේ සෙට් එකේ මායි තරිදුයි ගෑණු ළමයි ටිකයි විතරයි ඉතුරු... එයාලට පස්සෙ කරගන්න තියෙන වතාවත් කරගන එන්න කියල මායි තරිදුයි නැගිට්ට..  
                                                                             
 මගෙ සයිඩ් බෑග් එක කරට දාගන හරි බරි ගස්ස ගත්ත  ගමන්ම මාත් පංතියෙන් එළියට යන පෝලිමට එකතු වුණේ ඉක්මණට එළියට ගිහින් දාඩිය ටික යවාගන්න ක්ලෝරීන් පේෂල් එක දාගන්න හිතාගෙන..  ක්ලාස් එකේ දොරෙන් එළියට එන ගමන්ම කවුද පිටට තට්ටුවක් දාපු හිංද මං හැරිල බැලුවෙ ඉස්සරහට තල්ලු වෙන ගමන්මයි.. අසේලය... ඇයි මචං... උඹේ පෑන වැටුන... බලපං ඒසී ඔන් කරලද කියල.. කියාගෙනම ඌ යන්න ගියා..එතකෙටයි මතක් වුණේ බෑග් එක පැත්තක් ඉරිල හිංද අළූත් බෑග් එකක් ගන්න ඕන කියල තරිදුවට කීව කියල... එතකොටයි තරිදුවව හොයන්න මතක් වුණේ...මං ඌව හොයන්න වටපිට බලනකොට අනික් හෝල් එකේ බිත්තියට හේත්තු වෙලා වම් අත පපුව හරහ යවල අනික් අතේ වැලමිට වම් අතේ මැණික් කටුවට හේත්තු කරන් ඉන්නව දැක්කෙ.. තරිදුවට හෙමීට ෂේප් හිනාවක් දාන ගමන් යමං කීව..
                                                                                 මූණට ක්ලෝරීන් පේෂල් එකක් දාගෙනම මායි තරිදුවයි විද්‍යාලෝකෙන් එළියට ඇවිත් පාර දිගේ ඉස්සරහට යනව... තරිදුව තනියෙම කතා කර කර යනව... මාත් හූ මිටි තිය තිය ඔහේ යනව...  රහීම්ස් එකේ ගණං බං.. ඒක හරියන්නෙ නෑ  බෑග් කෝනර් එකේ හරි රිචඩ් එකේ හරි බලමු... මං අතෙත් ඒ තරං සල්ලි නෑ බං... පුලුවං තැනකිං පුලුවං විදියට ගමු... ඒ පාර තරිදුව ඉස්සරහ බලං සද්ද නැතුව යනව... ඇයි බං සද්ද නැත්තෙ කියල අහන්නත් හදල මෙච්චර මේ සද්ද බද්ද  තියෙන වෙලාවෙ තව කංකරච්චලයක් ඉවසන්නෙ මොකටද කියල කට වහං නිකා හිටිය... ඒකටම හරියන්න වගේ ලක්දාස් එකේ නංගිල කට්ටියක් අපිත් එක්කම කලවං වෙලා ඉස්සරහට යන්න ගත්ත... එයාලගෙ කච බචේ ඉවසන්න බැරි තැන මං තරිදුව දිහා බැලුව... ඌත් ඒ වෙලාවෙම මං දිහා බැලුවෙ මං හිතපු එක උටත් හිතුණ වගේ.. මං ඔළුව ගස්සල හය්යෙන් යං කීව.. හා කියන ගමන් තරිදුයි... ඊට පස්සෙන් මමයි වේගෙන් වේගෙන් ටවුන් එක දිහාට එන්න පටන් ගත්ත...
                                                                          ***********

බෑග් එක ගන්න කාපු කට්ට ඊළග දවසෙ බලමු... පෝස්ටුව දික් වුණා...

39 comments:

  1. අහන්න ගොඩක් දේ තිබේ ....හ්ම්ම්ම්
    මේ ඇත්ත සීන් එකක් ද ???

    ReplyDelete
    Replies
    1. ලියලා ඉවර වෙලා වෙලාව තියෙ නම් කියවලා පබ්ලිෂ් කරහන් ,අද අකුරු වැරදි ටිකක් දැක්කා ..

      Delete
    2. පට්ට ඇත්ත සිදුවීමක්.. ඒත් සමහර වචන හා සිදුවීම් වාරණය කරා... නම් ටික නං ඇත්ත...
      සමාවෙන්න ඕන අඩුපාඩු තිබිල යම් අපහසුතාවක් වුණා නං... මං තිබුණ වැරදි නිවැරදි කලා

      Delete
  2. මේක මහේෂ්ගෙ අතීත ස්මරණයක් කියල හිතනවා. ටියුෂන් ජීවිතේ මේ විදියෙම මතකයන් නම් එමටයි. මතක් වෙනකොටත් හිත අමුතුම මිහිරකින් පිරිල යනවා. ඉතිරි කොටසත් ඉක්මනටම දාන්නකෝ..

    ReplyDelete
    Replies
    1. හහ් හා ඒ කාලෙ කරපු පික්සු වැඩ...
      ඉතිරි කොටස නං දාන්න පරක්කු වෙයි රජෝ... ඊට වඩා වැදගත් යමක් දෙන්නංකො

      Delete
  3. ඒ දවස්වල ඒසී කරපු සපත්තු, හිනාවෙන සපත්තු හෙමත් තිබ්බා නේද?

    ReplyDelete
    Replies
    1. හිහි.. ඔව් ඔව්... මං ගාවත් කාලයක් තිබුණ හිනාවෙන සපත්තු දෙකක්

      Delete
    2. ඒ සී කරපු සපත්තු......මගේ සපත්තු දෙක අවුරුද්ද අන්තිම වෙනකොට ඔටෝ ඒ සී වෙන නිසා මං හැම අවුරුද්දකම මුලදී සපත්තු කුට්ටමක් ගන්නවා.....මගේ යාලුවෙක්ගෙ සපත්තු කුට්ටම ඒ සී වෙලා තිබුනේ අඩියේ, විලුඹ හරියෙන් විතරක් නිසා ඌ එතනට පරණ සපත්තු කෑලි තියල තව තවත් පාවිච්චි කරා....අපේ පන්තියේම හිටපු තවත් එකෙක් පාරේ තියෙන ගල්වලට පයින් ගහන ගමන් දවසක් කියනවා..."මං ට්‍රයි කරන්නේ මේ සපත්තු දෙක කඩාගන්න...මේ අයිටම් එක මට දැන් එපා වෙලා...." පැතිකඩ තුනක්...ජීවිතවල හැටි........හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්හ්....

      Delete
    3. එක එක මිනිස්සු විවිධාකාරයි... සමහර අයට තියෙනව සමහරුන්ට නෑ... ඒ අතරෙ සමහරු .......??????? අනේ මංද..

      ස්තූතියි අයාල්

      Delete
  4. අතීත ටියුෂන් ජීවිතය ඔහොම තමයි නේද.......හරිම රසවත්.ගැහැනු ළමයි ටියුෂන් වලදි විතරක් නෙවෙයි කොතානදිත් ඔය අරුමෝසම් තමයි.ගැහැනුන්ගෙ හැටිනෙ.......

    ReplyDelete
    Replies
    1. හිහි ගැහුණු දැරිවියක්ම හේම කියන හිංද පිළිගන්නං කො

      Delete
  5. මටත් හිතෙන්නෙම මේක උඹේ අතීත මතකයක් කියලයි.

    උඹ මටත් ඔය කාලෙ ක්ලාස් ජීවිතේ මතක් කලා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වැඩිය පරණ නෑ....
      යමක් මා නිසා මතක් වුණා නං සන්තෝසයි

      Delete
  6. පැරණි මතකයක්වත්ද...

    ReplyDelete
  7. ටියුෂන් ටියුෂන්....
    දෙකත් ඉක්මනට දාන්ටකෝ එහෙනං...

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. දානව දානව...හැබැයි ටිකක් පරක්කුයි... වෙන යමක් දෙන්න තියේ... පරණ වෙන්ට කලිං දෙන්ට ඕන

      Delete
  8. Replies
    1. දෙනව දෙනව... ටිකක් ඉවසුව නං

      Delete
  9. අඩේ පරණ මතක.. මේවා ලියන්න එපා බං, අපිටත් ලියන්න එවුවා මතක් වෙනවා..

    ReplyDelete
    Replies
    1. හා එහෙනං හොදනෙ ඔයත් ලියන්ටකො... ඒ කාලෙ කරපු පික්සු වැඩ තමා හිනා වෙන්න වත් ඉතුරු වෙලා තියෙන්නෙ

      Delete
  10. ටියුෂන් ගැන පරණ මතක නේද.බලල අතීතෙට යන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. මං හින්ද අතීතය මතක් වුණා නම් සතුටක්

      Delete
  11. ඉස්කෝලේ ජීවිතේ සුන්දරයි ..එතකොට ටියුෂන් ජීවිතේ ....? අනේ මන්දා සෑහෙන දේවල් මතක් වෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. මතක් වෙන දේ අකුරු කරන්න මතකයන් වලලන්න එපා

      Delete
  12. අතීතාවර්ජනයක් වාගෙ. මටත් සිදුවීම් පෙලක්ම මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඉවාන් අයියට කියපු දේම කීවොත් තරහ වෙන්නෑනෙ..
      මතකයට යමක් එනව නං ඒක අකුරු කරන්න අමතක වෙන්න දෙන්න එපා

      Delete
  13. නංගිලව මගෑරල අයියල දෙන්න ඉස්සරවෙලාගිය එක හෙලාදකිනවා :D

    ReplyDelete
    Replies
    1. හාහා එපා එපා...
      මට බාලාපරාධ කලා කියප නඩු වට්ට ගන්නද කියන්නෙ..
      යකෝ උං ටික 9යෙ 10 වගේ උං ටිකක්

      Delete
  14. හෙහ්..හෙහ්...A /C on ....අන්න හෙන්රිය කියල තියෙනව ... එල.....

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ඒ කාලෙ හුග දෙනෙක්ට තිබ්බෙ ඒසී කරපු සපත්තු නෙව හික්ස්

      Delete
  15. A/C කරපු සපත්තු දෙකක් තිබුණනම් පට්ට බං..අර මයිකල් ජැක්සන්ගෙ ජැකට් එක වගේ ..නේද බං..

    ReplyDelete
    Replies
    1. එච්චර සල්ලි විමදං කරන්නෙ ඇයි බං...
      මේ ඒ සී එක ඔටෝම හම්බෙනවනෙ...
      වැස්ස දවස් වලට නං පට්ට කියන්නෙ කියල වැඩක් නෑ

      Delete
  16. මහේෂ්.....මම එක්තරා යුගයකදි ඉස්කෝලේ යන්න දැම්මේ, අපේ සල්ලි තිබුන නැදෑයින්ගේ ළමයින් පාවිච්චි කරලා අහක දාන්න ඔන්න මෙන්න තිබිච්ච සපත්තු. අම්මා ඒවා උස්සන් එනවා. මගේ සපත්තු ගෙවෙන හැඩයට නෙමේ අනිත් අයගේ ගෙවෙන්නේ, සමහර වෙලාවට මම ඇවිද්දේ කොරවක්කෙක් වගේ ඔය සපත්තු දාලා. ඕක තමයි බං ජීවිතේ.

    මම 87 වසරේ රට රස්සාවකට ගිහිල්ලා අනිත් ඔක්කොමට දේවල් අරන් නිවාඩුවට ලංකාවට එන දවසේ, අපේ තාත්තාට ක්ලාක්ස් හොඳම වර්ගයේ සපත්තු කුට්ටමක් අරන් ආවා. ඒ කාලෙත් රුපියල් 4000ක් විතර වුනා. එයා එක දවසයි වැඩට දාගෙන ගියේ..රෑ ආවේ රබර් සෙරෙප්පු දෙකක් දාගෙන. මට එදා හරි කේන්ති ගියා. එදා තමයි මම තේරුම් ගත්තේ කවුරු හරි ආදරෙන් දෙන දෙයක් ආරක්ෂා කර ගැනීම කොච්චර වැදගත්ද කියලා.

    ReplyDelete
    Replies
    1. ජීවිතයෙන් හෙම්බත් නොවී..ජීවිතය විඳින්න...මම උඹේ බ්ලොගට කැමතියි!

      Delete
    2. 90 ට කලිං ඉපදුන හුගක් උන්ට ඔය ප්‍රශ්නෙ තිබ්බ අරූ අය්ය... දැං උන්ට අපි ඒම හිටිය.... ඒකාලෙ අපි ජීවත් වෙන්න ඉස්කෝලෙ යන්න මේ මේ වගේ දේවල් කලා කියපුවාම මැජික් වගේ... උං ට ඒ කතා සුරංගනා කතාවක් වගේ....

      ස්තූතිය් අරෑ අය්ය... මේ තාක් කව්වු හරි මට ඒම කිවිව මයි... ගොඩක් ස්තූතියි...
      මං ඉස්සරහට පුලුවං තරං උත්සාහ කරනව හොද පෝස්ට් දාන්න

      Delete
  17. ඔය AC කරපුව මටත් තිබිල තියෙනව.

    ReplyDelete
    Replies
    1. අවන්හලට ගොඩවැදුණට ස්තූතියි එන්න දිගටම...
      සමාන අත්දැකීමක් නොවැ..
      ස්තූතියි

      Delete
  18. ඒ කාලේ අපි විඳපු දුක් වින්දේ හරිම සතුටකින්, දැන් කාලේ ලමයිට ඒවා නෑ.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...