මම
ඩිංගිරි.... අපෙ උන්දැ නැතිවෙලා අදට හත් පෝයකුත් ගෙවිල... දාසක් දඩයමේ යනව කියල
ගියා. ගියා ගියා මයි අද වෙනකං කිසිම හා හෝවක් නෑ... චිත්‍රකූටය නැත්තං සිංහගිරිය
පේන ඉසව්ව තමා මගෙ ගෙදර... කාශ්‍යප රාජෝත්තමයො කොහොම මේ ගල උඩ ඉන්නවද කියල හිතුණ
කාලයක් තිබුණ... ඒත් දැං දන්නව ඉන්නෙ කොහොමද කියල... මං දෑහින්ම දැක්ක මගෙ ලොක්කිට
පිං සිද්ධ වෙන්න... අනේ මගෙ අහිංසකී.... කාශ්‍යප රාජෝත්තමයානන්ට හාංදුරු ගොල්ල
අකමැතී කියල එක පාරක් අපේ මායිය කියනව මං අහගෙන... වැඩියෙක්ම මහාවිහාරෙ ඇත්තො...
කාශ්‍යප කියන්නෙ සිංහල යක්ෂ ලෙයට නෑකම් කියන රජ කෙනෙක් හිංදලු එහෙම... ඉතිං අපි
ආඩම්බර වෙන්න එපැයි මගෙ දෙයියෝ..... කියල මං කියනකොට අනේ බං උඹයි මමයි දන්න රාජ්ජ
පාලනේ .....කියල දකුණතේ ඇගිලි දෙක තොල් අස්සට රුවං රතුම රතු බුලත් කෙල පාරක්
විද්දෙ මහ දැන මුත්තෙක් වගේ...
ළමයින්නෙ
තාත්ත නැතිවෙලා පෝය තුනක් විතර ගියා කියල තමා මතක.... එක දවසක් උදෙන්ම....
කෝ තිගෙ
මිනිහ....
ඒ මනුස්සය ආගිය
අතක් නැතිව අදට තුං පෝයක් විතර වෙනව ආයිබොවංඩ...මං අපේ පරුමක ඇත්තංටත් පැමිණිලි
කොරාලයි තියෙන්නෙ...
හා.. හා
එහෙමද.... අපි මේ මහ රජ්ජුරුවන් වහන්සෙගෙ පයිංඩ කාරියකට මේ අහ ගෑටුවෙ...
කාශ්‍යප
රාජෝත්තමයානන් වහන්සෙගෙ පයිංඩ කාරියකටය කීව... දෙයියො බුදු වෙන්න මේ බලුගැත්තිගෙන්
ඒ උත්තමයට තියෙන කාරිය මොකද්දෑ...
තිගෙන් ඒ
උත්තමයට ඇති වැඩක් නෑ බොල....
දාසක් දඩයමේ
යනකොට වැවේ එබෙන්න ගිහින් උන්න තිගෙ දෝණිව දැකල... ඒ උත්තමයට හිත ගිහිල්ල බොල... ඒ
ඇත්තිව බිසව කරල මාළිගාවට කැන්දන් යන්න කියල තමා අපිව එව්වෙ...
දෙයියෝ බුදු
වෙන්න... අනේ මගෙ දෙයියො... ඒකි තාම ගෙට වෙලා වැඩි දොහක් නෑ නොවැ... කැකුළු එකී...
තෝ කොහෙද බොල
ඒ දෙයි උත්තමයන්ට උඩිං යන්නෙ...
දෙයියෝ බුදු
වෙන්න මේ බලු ගැත්තිට අනුකම්පා කරන්න හොදයි... මම ....
ඇති තිගෙ
අදෝනාව...නවත්තපිය ඕක... අද ඉදන් තොපිත් රාජ සබාවෙ උරුමක්කාරයො බොලව්... ඒයි
සගුන.... මෙහෙ වර...
අවසර...
මෙන්න මේ
ඇත්තිට එවපු තෑගි බෝග ටික ඇතුලෙන් තිබ්බ නං....
එහෙමයි...
අනේ ඇත්තො...
තිට නවත්තගන්න
නේද කිව්වෙ.... වහපිය කට... මේව රාජ අණ බොලව්... ඒව කඩකරල තොගෙ පවුලම අපායට
දක්කන්නද අපිට කියන්නෙ... කට වහපිය...
ඔය පල්ලැක්කි
කරයන්ට කිය දොරකොඩට ඔය පල්ලැක්කිය ගේන්න කියල... උත්පලා....
අවසර...
අර ගෙනාපු
සළුපිළි ආභරණ ගෙනත් අර ඇත්තිව සරසපං......
එහෙමයි....
උං එදා මගෙ
අහිංසකීව බලෙන් ඒත් හරි මහේසාක්‍ය ලීලාවෙන් කැන්දං ගියා.... මගෙ හිත කොයිතරං ඇඩුවද
කියල මට වත් නිච්චි නෑ.... ඔව්.... රාජාභරණ සළුපිළි ඇන්දුවාම ඒකි අග බිසවුන්නාන්සෙ
පරාදයි.... ඒත්.....
ඊට පෝය කීපෙකට
පස්සෙ ආයෙත් රාජපුරුසයො දොරළග හිටිය...උං මාව කැන්දං මාළිගාවට ගියා... මං මගෙ
හිච්චි එකීව හංගල ගියෙ කාටවත් හොයාගන්න බැරිවෙන්න... මට බෑ ඒකිවත් නැතිකරගන්න...
අම්මෙ....
දෙයියනේ මේ
මගෙ ලොක්කිද....??? ඇග පිරිල ඇවිත්... රත්තරං පාටයි.... පිදුරංගල විහාරෙ තියෙන
දිව්‍යාංගනා රූපයක් වගෙයි... අනේ මගෙ
අහිංසකී.... ඒකිගෙ කැකුළු ඇගපත මෝරල තෙල් පාට වැටිල...
චිත්‍රකූටෙ
ඇදල තියෙන ඒකිගෙ චිත්‍රෙකුත් පෙන්නුව... ඔව් මගෙ එකී තමා එතන ලස්සනම... හරියට රන්
කරඩුවක් තිබ්බ වගේ....
මං අඩන්න
ඕනද....??? හිනා වෙන්න ඕනද....??? ඒකිව අන්තිමේට දැකල පෝය ගාණක්ම ගෙවුණ ඒත් තාමත්
මං ළග ඒකි දැවටෙනව වගේ... මේ ගේ මුළුවාස්සං දුවනව වගේ...
එදා ඉදං
හිච්චි කෙල්ල ගෙයිං පිට බැස්සෙ නෑ... රාජපුරුසයො ඇවිත් ඒකිවත් කුදලං යයි කියල....
අක්කට වැඩිය ලස්සන මගෙ හිච්චි එකී.... අනේ ඒකීවත්............!!!!!!
මගේ පැදුරෙන්
මිදී කෙල්ලට
වාසලට යන්නට
වුණා...
අනේ ඒකිගෙ
කැකුළු ඇඟ-කඳ
හැම වෙලාවෙම සිහිවුණා...
මාළිගාවෙන් අපේ ගෙපැලට
තෑගි බෝගත් හිමිවුණා...
සිහිල් ජල කෙළි-දුහුල් සළු පිළි
දුවට හිමි බව සැළවුණා...
මහා සීගිරි ගලේ මුදුනත
උඹේ රුව සිත්තම් වුණා..
එය බලන්නම හොරෙන් හවහක
මාත් එතනට ගොඩ වුණා...
කරඩුවක් වගේ උඹේ උඩුකය
අනෙක් වුන් මැද දිලිසුනා...
මගේ හුස්මක් ගැටී වෙන්නැති
දුවේ කළුගල හෙලවුණා......
පපුව ටික ටික මෙලෙක් වෙනකොට
එන්න වෙයි මං දන්නවා..
උඹේ දූවිලි සුවඳ තැවරුණු
පැදුර තාමත් තියෙනවා...
දැනුත් සීගිරි සිංහයා
කට ඇරන් ඉන්නව පේනවා...
ඒ ඉසව්වෙන් යද්දි මං
පොඩි කෙල්ල හංගා ගන්නවා.....
පසු සටහන... මෙය ලියා සවස පළකරන්නට සිතා ඩ්‍රාෆ්ට් කර තිබුණත් මට පෙර සදුමාල් මෙය පළ කර තිබුණි... ඒ හේතුවෙන් නැවුම් රසයක් ලභා දීමට නොහැකී වූවා නම් කණගාටු වෙමි....
අම්මා කෙනෙකුගේ හිතක් ගැන කියවෙන හරිම සංවේදී සටහනක්...
ReplyDeleteහ්ම්.... හිත සසල කරන්න සමත් නිර්මාණයක්
Deleteමහේෂ්.......සඳුමල්ගේ පෝස්ට් එකේ පලවුනේ කවිය පමණක් නිසා, ඔබ ලියා ඇති සටහණත් සමග මෙය කියවීමේදි රස වින්දනයට බාධාවක් දැණුනේ නැහැ. මේ කවියා ඉතා ප්‍රබල ලෙස පාඨකයාට ඒ කම්පනය ඇතිකරවනවා.
ReplyDeleteඇත්තෙන්ම.... ඔහුගෙ හිරුත් හිම පියල්ලක කාව්‍ය සංග්‍රහය පමණයි මට හමුවුනේ... මේ කවිය මට හමුවුනේ පත්තර පිටුවකින්... ඔහ් අපූරුවට පාඨක හදවත් හි භාව ප්‍රකම්පනය කරන්න සමත් නිර්මාණ කරුවෙක්
Deleteමස්ඉඹුල කියන්නෙ බොහොම සංවේදී කවියෙක්. මෙවැනි කවි පෙළක් කියවල නැති අය වෙනුවෙන් පළ කිරීමත් ලොකු දෙයක්. මතක ද “ලියමන?“
ReplyDeleteඇත්තෙන්ම... මටත් ඒ අදහස තිබුණ නිසා තමාපුංචි සටහනක් සමග මෙය එක්කලේ...
Deleteසඳුමල් ගේ පොස්ට් එකෙන් කවිය රසවින්දා...
ReplyDeleteඅගේ ඇති විවරණයක්..
අම්මලාට දරුවන් මැණික් වගේ හැමතැනම ඔහොමයි
ජය වේවා!!!
ස්තූතියි විදානේ...
Deleteඅඬන්නද හිනාවෙන්න ද කියල හිතාගන්න බැරි අම්මා කෙනෙක්...සංවේදී සටහනක් මහේශ්.
ReplyDeleteසංවේදී විය යුතු අවස්තාවක මා සංවේදී වුණා පමණයි...
Deleteස්තූතියි
//මගේ හුස්මක් ගැටී වෙන්නැති
ReplyDeleteදුවේ කළුගල හෙලවුණා......//
ගොඩක් ලස්සන ඒ වගේම සංවේදි කවි පෙළක්..
කතාවත් අගෙයි..අම්මලාගෙ අපරිමිත සෙනෙහස කළුගල් වලටත් වඩා දැඩියි.. :)
ජය...!
අද නේද මෙහෙ ආවෙ...
Deleteපැමිණියාට තුති...
අම්මගෙ සෙනෙහෙ ආදේශ කරන්න මට නං වටින වස්තුවක් තාම හොාගන්න බැරිවුණා
ස්තූතියි ඔබට
මහේෂ්, ඇත්තටම කණගාටුවෙනවා මම ඔබට පෙර මෙම නිසැදස මගේ බ්ලොගයේ පළකර තිබීම ගැන. මොකද, නිසැදස වඩා අර්ථාන්විතව නාට්‍යානුසාරයෙන් ඔබ ඉදිරිපත් කර ඇති අයුරු වඩාත්ම රසවින්දනාත්මකයි. කෙසේ වුවත් පාඨකයාට මගේ පොස්ටුවට වඩා ඔබ ඉදිරිපත් කර ඇති අයුරු වඩා ආකර්ෂණීය වනු ඇත. ඒ නිසා කිසිසේත් ඔබ පසුතැවිලි නොවන්න.
ReplyDeleteඔබ මෙය ඉදිරිපත් කර ඇති අයුරු ප්‍රශංසනීයයි. ඔබේ සටහන් මගින් නිසැදැසේ අර්ථය පාඨක මනසට වඩාත් හොඳින් කාවැද්දවිය හැක.
ඒ තරං හිතන්න එපා... මං අරෙහෙම කීව එක ගගැන පසුතැවෙනව...
Deleteඅතෑරලා දාන්න
ස්තූතියේ ඔබේ අගේ ඇති විවරණයට
රසවින්දනයට බාදාවක් නෑ මහේශ්. නියමෙට ලියලා තියනවා.
ReplyDeleteමම ඒ පෝස්ට් එකෙත් කිවුවා වගේ මගේ හිතට තදින්ම දැනුනෙ අර හුස්මක් ගැටී කළුගල හෙල්ලී ගිය කොටසයි.
ඇත්තටම හිතත් හොල්ලන්න සමත් නිර්මාණයක් ප්‍රියා... ස්තූතියි
Deleteහරිම අපූරුයි.. හුඟ දවසකින් මේ බස් වහරක් පොඩ්ඩක් කියෙවුවේ..
ReplyDeleteඑහෙනම් සතුටුයි....
Deleteබලමු මේ වගේ වෙන මොකක් හරි ලියන්න
මොනවා කියන්නද කියල හිතාගන්න බෑ, මව් සෙනෙසහ තරම් සෙනෙහසක් මේ ලෝකෙ තවත් නෑ :)
ReplyDeleteඇත්ත අපිට වටින වෙන මොනවද තියෙන්නෙ නේද සසිදු
Deleteබොහොම සංවේදි ඒ වගේම සාර්ථක නිර්මාණයක්.. ජය වේවා මහේෂ්...
ReplyDeleteස්තූතියි දේශක තුමා
Deleteඔය කවිය ඇස් පියන් ඇරිල කියන පොතේ නේද ?
ReplyDeleteඇහි පියන් ඇරිල නොවේ...
Deleteඇහි පියන් ඇහැරිලා... මධුරංගය්ය
ගොඩක් දේ තියනවා නෙව කියවන්න්... පස්සෙ නිදහසේ ඇවිත් බලන්නම්කො...
ReplyDeleteහොදමයි හොදමයි...
Deleteබලලම හිතෙන දේවල් කියල යන්ටකෝ....
සාදරයෙන් පිළිගන්නව අවන්හලට
පස්ටයි නියමයි කියන්නෙ දෙයක් මොනවද කියලා හිතා ගන්න බෑ ..ඔව් ...
ReplyDeleteඅම්මපා.... ඉත්තූතියි කිව්ව ඕන් එහෙනම් ඈ...
Deleteඔහොම ඒව වුනාලු නේද ඒ කාලෙ. සටහන රසවත්. කවියත් එසේමයි.
ReplyDeleteඅදත් එසේමැයි... රාජ්‍යත්වය ගණිකා සේවනයේ අදත් යෙදෙයි
Deleteහරිම සාර්ථකයි ඔබේ ලියමන. එය මේ වටිනා කවිය මැව්ව මස්ඉඹුලයන්ට උපහාරයක්ම වේවා!
ReplyDeleteස්තූතියි ඔබට චන්දන
Deleteඉතාම සංවේදී කවි පන්තියක්, බොහොම ස්තුතියි මහේෂ් මෙය බෙදාගත්තාට..
ReplyDeleteඔබට සතුටක් වී නම් ඒ මටද සතුටක්
Deleteමනෝෂ්ගෙ බිලොගයෙදි මේ කවි පන්තිය රස වින්දා මහේෂ්.ඔබේ අදහස් වලින් ඒ රසය තවත් වැඩි වුණා.ස්තුතියි අපිත් සමඟ බෙදාගත්තාට........
ReplyDeleteස්තූතියි අදහස් දක්වන්න එකතු වුණාට...
Deleteපැමිණිමට තුති... නැවත එන්න උත්සාහ දරන්න...
සාදරයෙන් පිළිගන්නවා අවන්හලට
සංවේදී නිර්මාණයක් මහේෂ්.. අගෙයි..
ReplyDeleteපරක්කු වෙලා නෙව...
Deleteකමක් නෑ කමක් නෑ...
ආව එක වටිනවා....
සතූතියි අරුන්දතී
හරිම සංවේදියි...අම්මලා මෙහෙමම තමයි. පරණ පෝස්ට් එකක් උනත් කමෙන්ට් එකක් දාන්න හිතුනා ඉතින්...
ReplyDeleteකොච්චර පරණ වුණත් කමෙන්ට් කලා නම් රිප්ලයි කරනවා.
Deleteස්තූතියි පැමිනියාට
නැවත එන්න උස්සාහ කරන්න
ජයවේවා