අහස ඉරත්
එක්කං සෙල්ලමකය.... ඉර බෝලය මැද්දෙං තියාගෙන වලාකුළු පිහාටුවකටවල් වැද්ද නොදී එළවා
දමා තම හයිකාරකම පෙන්නන්නේය.. ඒ හයිකාරකමේ
රශ්ණියෙන් දැවෙන්නේ අපය... පොළෝ වාසී ප්‍රේමවන්තන්ය...රත්වූ හුළං ඇබිත්තක් හීං
කෙදිරියක් නගාගෙන ඈතකට යන්න ගියේ චණ්ඩිකම් පාන හිරුගේ තේජසින් පීඩිතව උන් අපව තවත්
පීඩාවට පත්කරමිනි. ගිනි අව්වෙන් දැවෙන ගසක, ඒ ගසේ හෙවණ යට ඈත් මාත් වාඩිවී
හුන්නෙමු... මම ගසේම මුලක් උඩ හිදගෙන ගසට පිටදී හිදගෙන හුන්නෙමි... ඈ මදක් ඔබින්
වූ කුඩා ගල් කුලක වාඩි ලා ගෙනය... දුර, ළගක සේ පෙනුණත් ඈ දුරය... අහසට පොළව සේය...
හෝරා භාගයකටත් වඩා වෙලාවක් ම තිස්සේ ඈ නිසොල්මනේය... බර කල්පනාවකය... පුරා පැතිරී
ඇති නිහඩතාවය බිද මන්නට රිස්සක් නැත්තා සේය... මම පොළව මස්තකයේ හිද, ළග මුත්
දුරින් පේන සඳ දෙස බලාගෙනමය... ජීවන පියගැටපෙළේ මට පිය ගැට තුනක් පමණ ඔබින්
හුන් සඳ දෙව්දූ දෙස
ලොබින් නෙත් අහකට යා නොදීම මා ඈ දෙස බලාගෙනය...
අවසන සඳවත පුරා
පැතිරි නිහඬතාව බිද
දැම්මාය....
අපි දෙන්නම මං
මුළාවක.....
ඇයි.....?
තටු නැතිව
ඉගිලෙන්න හදනව...
---------------
ඔයාට පුළුවංද
මං ඉන්න පඩියට ළං වෙන්න....?
සිත මොහොතකට
විපිළිසර විය මට ඈ තේරී නොතේරී ගියේය......
ඒක පුළුවන්
දෙයක් නෙමේ කියල ඔයා දන්නවනේ....?
හ්ම්....
මේක ඉවර වෙන්න
ඕනෙ...
ඇයි.............?
තේරුමක් නැති
හන්ද...
ඔයාට
පුළුවන්ද...........?
උත්සාහ
කරනව...
බැරි
වුණොත්...?
දන්නෑ.....
ජීවිතේ
කියන්නෙ සරුංගලයක් නෙමෙයි ඕන ඕන අහක පාවෙලා යන්න දෙන්න.... අපිට අපි ගැන නැතත් අපේ
ජීවිතේ ගැන වගකීමක් තියෙනව....
මංද....!
අපිට අපි ප්‍රශ්නයක්
නෙමෙයි....
මං දන්නව...
ඒත් වටේ පිටේ අපි දිහා ඇහැ ලා ගෙන ඉන්න අයට ප්‍රශ්නයක්...
බොරු
සංස්කෘතික වාදියො.......
මම කාරා කෙළ
පහරක් පොළව මත නැගී හුන් ගල් කැටයකට එල්ල කළෙමි....
මං යන්න
ඕනෙ.... ඔයත් යන්න... උංට ඔනෙ අපිට
ගල්ගහන්න.... ඒ ගල් වැදිල අපි වේදනාවෙන් විදවනව බලන්න... නොමරා මරන්න .......අපිත්
උන්නෙ ගොඩට ගන්න...
නෑ උංට ඕනෙ
අපේ ආදරේ මරන්න..... අපේ හිත මරන්න......බොරු වීරයො වෙන්න... පව්කාරයො....
මං යනව....
උන් තැනින්
නැගිට මා කරා පැමිණි ඈ සීතල හාදුවක් නලලත තැවරුවාය... ඒ සීතල හාදුව හා මුසුව
උණුසුම් ප්‍රේමය ආත්මය අභ්‍යාන්තරයටම කිදා බැස්සේය...... හිත පිරුණු ආදරය පමණක්
මාවටා සුදු සුවදක් සේ ශේෂ කළ ඈ කිසිත් නොකියාම යන්න ගියාය... ඉර අව්වට නග්නව අතු
කොළ මැලවී හේබා ගිය ගසක සෙවණ යට මම තනි වුණෙමි...
***************
තත්පර විනාඩි
පැය දවස් ගණනින් කාලය හැල්මේ ගමනකය....
***************
ඇගෙන් ඇමතුමක්
හෝ නොලද මම මිනිසුන් පිරුණ නගරයක කොණෙක විසල් තුරු සෙවණක තනිව හිද සිටිමි.. ආරෝව
වපුල හිරු එළිය හේතු කොට එහි කොල මැලවී හේබා ගොසිනි... නමුදු වැර විරිය යොදා
සවිමත් අරටුව තවම යටත් කම් නොපා අහසට විරුදුව.... ගිනි සැර පිට කරන සූර්ය රශ්මියට
විරුදුව තනි අරගලයකය....
***************
මම මගේම ලොවක
පාවෙමි... එහි මාද ඈද පමණක්ම වෙයි... අප හට විරුදු කම් කරන්නෝ කිසිවක් නොවෙති... ඈ
සිනාසෙන්නීය... ඒ සිනාවෙන් දසතම දීප්තිමත් වෙන්නේය.... මම ඇගේ සොමි සඳ සෙවණ යට
සුවෙන් ඈ තුරුල්ලේ වෙලෙමින් ඇගේ විසල් ආදරය යට සැනහෙන්නෙමි...
අත රැදි ජංගමය
මා සිහින ලොවින් උස්සා පොළවේ ගැසුවේය... සියොළගම තේරුම් ගත නොහැකි අරුමැසි
වේදනාවකින් පිරී ගියේය... දුරකතනය තවත් නද දෙයි.....
හෙලෝ....
--------
කව්ද.........?
--------
ඔව්......
--------------------------------------------------------
ආ..... හරි
මිස්.... මම දැන්ම... මේ දැන්ම එනව.... හරි .... හරි මිස්...
හිත අරා සිටි
නිස්කාංසුව බිදුණි.... සිතිවිලි කුණාටුවක් විසින් සිතම වෙලා ගත්තේය.... නෙක සංශයන්
සිත අස ඉපිද මිය ගියෝය.... මුළු සිතම එක්ෂණයකදී එකම අවුල් ජාලාවක් විය... බිය
සිතුවිල්ලක්ව... විටෙක ගොර බිරම් රකුසෙක්ව සිතම වෙලන්නට පටන් ගෙනය....
මොහොතකින් මා
ඈ සොයාගතිමි... රෝහලේ ගැහැණු වාට්ටුවක ඇදක් මත සුදුමැළිව ඈ උඩුකුරු සහනයෙන් සැතපී
හුන්නාය... සඳවත සයන ගතව
හේබා ගොස් සිටියාය... නිදි පෙත් දුසිමකට වඩා ආමාශ කරගත් සඳ දෙව්දුව සුදුමැළිව
ගොස්ය..... නෙත උපන් කදුළ මොහෙතකට
නැගෙන්නට නොදී වෙර ගෙන
සගවා ගත්තෙමි...
ඇයි....
ඇයි.... ඇයි මෙහෙම කරගත්තෙ....
ඈ කිසිත්
නොකියා ලවන් වෙහෙස කරවා මුදු සිනාවක් පෑවාය....
මහ පොළවක්
නැති හඳක් ලස්සන වෙයි
කියල හිතනවද...? එයාලට ඕන වුණේ වෙන ග්‍රහලෝකෙක පරිවාර ග්‍රහයෙක් කරල මාව එල්ලල හැඩ
බලන්න... කාන්තාරෙකට එළියක් වෙන්න මං කැමති නෑ...
ඈ ආයාස කරව
වදන් අමුණයි....
මට ඕනෙ අනෙක්
කෙනාගෙ ඇස් වල මාවම දකින්න..... මාවම විතරක්... හරි ලෝබ කමකින් එයාගෙ ආත්මය වටාම
වෙලෙන්න... මාව ආදරන් බලාගන්න ඇස් දෙකක් ළග නතර වෙන්න...
ඇස් වලිනුත්
දූෂණය කරන්න හදන... ආදරේ දන්නෙ තියා අදුනන්නෙ වත් නැති පරාස්සයෙක්ට මට බෑ කැමති
වෙන්න...
ඒත් ඒත්... මේ
ප්‍රශ්න වලට උත්තර හොයන විදිහක් නෙමෙයි....
මට වෙන ක්‍රමයක්
පෙනුන්නෑ....
සඳ උවන හරහා ඈ
මුදු කොපුල් තගා කදුලක් ගලා බසියි... මල් පෙත්තක සිනිදුව ඇති උවන මතින් මුදුව කදුළ
පිරිමැද මා ඈ අස්වැසුවෙමි...
හැම දේකටම
විසදුමක් තියේ... කොහෙ හරි අපිටත් විසදුමක් ඇති.... ටිකක් ඉවසන්න... ඔයා හෙමීට හොද
වෙන්න... මං පොරොන්දු වෙනව ආයෙ කරදරයක් නෙවෙන්න ඔයාව බලාගන්න...
මැළවුණු සඳ උවන එළිය කර
ආයාසකර සිනා රැල්ලක් පෑයුවේය...
මම ඔයාව
විශ්වාස කරනව... මිනිස්සු ඕන දෙයක් හිතපුවාවෙ... ඕන දෙයක් කියපුවාවෙ... මේ හඳ ඔය පොළවම
එළිය කරන් පායන්නං... ඔයාගෙම වෙන්නං... මං දන්නව ඔයාට පුළුවං...
මළානික උවන
මැද ඒ ඇස් දීප්තිමත්ය.... මම ඇගේ දෑත් මෘදුව මුත් තරව අල්වාගතිමි.....
***************
හඩේ අකුරු පොඩ්ඩක් තව ලොකු කරහන් කෝ කියවන්න අමාරුයි ,,,
ReplyDeleteම්ම්ම්ම් ...මටත් තිබුණා ඔය වගේ කතාවක් . අපේ ක්‍රමෙනේ බන් මම නම් ඔය වටේ උන්ව වැඩිය ගනන් ගන්නෙ නෑ එත් සංස්කෘතිය කියන දේ තුල අසරණයි ..හ්ම්ම්ම්
Deleteඅකුරු ලොකු කරන්න බලන්නං... අර නාට්ටකාරයගෙං ඇහුවනං කියයි.නේ...
Deleteඇත්ත හුගක් උන් මේ වගේ අයට අපහාස කරනව විතරයි... ඒත් උංටත් හඩක් තියේ කියල තේරුං ගන්නෙ නෑනෙ
අර නාට්ටකාරයගෙං ඇහුවනං කියයි.නේ...//// මොකක්ද මේ කතාව
Deleteඒ බ්ලොග් 1 තියේ ගැජට් එකක් අකුරු ලොකු කරන්න පුලුවං
Deleteමේ බ්ලොගේ මට මිස්වෙලා තිබුණු එක පුදුමයි මහේෂ්,ඔන්න මම රෝලෙත් එල්ලගත්තා.ලින්කුවට ස්තූතියි.
ReplyDeleteස්තූතියි මෙහෙ ආවට... සාදරයෙන් පිළිගන්නවා අවන්හලට....
Deleteඒ ගැන ඒ තරං හිතන්න එපා... කෝම හරි ආවනෙව...
ලස්සන ලියවිල්ලක්... ගොඩක් එවුන්ට ඕන ආදරේ මරලා දාලා සතුටු වෙන්න.
ReplyDeleteස්තූතිය් මධුරංග අය්යා...
Deleteකෙනෙක්ගෙ ආදරේට අකුල් හෙලන්නෙත් ආදරේ කරන අය ළග ඉන්න අයමයි වෙලාවකට
හ්ම්ම්ම්ම්ම්ම්....................
ReplyDeleteඇයි.........?
Delete>:(
ආදරේ කරන හැමෝටම කියන්න තමන්ටම විශේෂ වූ කතාවක් තියෙනවා...
ReplyDeleteමට මේක කියවනකොට මතක් උනේ නන්දා මාලිනීගෙ 'කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී' කියන සින්දුව...
ඒක ඇත්ත මියුරු අක්කෙ... ඒත් ඒ කතාව අහන්න කෙනෙක්නෙව නැත්තෙ....
Deleteඅර සිංදුව හොයාගෙනම ඒ ගැන මොකක් හරි කියන්නංකො... ම් ඒක අහලම නෑ
Deleteඅපිට අපි ප්‍රශ්නයක් නෙමෙයි....
ReplyDeleteමං දන්නව... ඒත් වටේ පිටේ අපි දිහා ඇහැ ලා ගෙන ඉන්න අයට ප්‍රශ්නයක්...
ඕක තමයි මචං හැම පරශ්නෙකටම මුල ......මැරෙන්නය ඕන ඔහේ ඉන්න වෙනවා
අපිට කවදාවත් අපි ප්‍රශ්නයක් නෙවේ ඉවාන් අය්යෙ... ඒත් වටේ පිටේ අය ප්‍රශ්න මවනව.... අන්තිමේ ඒවට විසදුම් දෙන්නත් එන එකනෙ වැඩේ කියන්නෙ
Deleteහ්ම්ම් ගොඩක් උන්ට වෙලා තියෙන්නෙ උන්ට ඕන විදියට නෙමේ ලෝකෙට ඕන විදියට හැඩ ගැහිලා ලෝකෙට ඕන විදියට ජීවත් වෙන්නයි.
ReplyDeleteමේකෙ අවසානෙට මම කැමතී බන්.නියමයි.
අවසානෙට කැමතී කිව්ව... හාකො හාකො අවසානෙට හරි කැමති වුණා නෙව... හැක්
Delete//ජීවන පියගැටපෙළේ මට පිය ගැට තුනක් පමණ ඔබින් හුන් සඳ දෙව්දූ// හ්ම්... දෙයක් මතක් උනා.
ReplyDeleteදෙන්නෙක් ආදරේ කරද්දි වටේ ඉන්න අයට තමා ප්‍රශ්න වැඩිම...
මතක් වෙච්ච දේ කියන්න බැරිය....????
Deleteවැඩි වෙන්නෙ එයාලට ප්‍රශ්න නැති හින්ද වෙන්න ඇති නේ බඩී....
ආදරේ කටන දෙන්නට වැඩිය ප්‍රශ්ණ තියෙන්නේ වටේ ඉන්න අයටනේ.. මේ මට උනත් පෞද්ගලිකව එහෙම තමයි.. දවසක මම ඒ ගැන ලිපියක් ලියන්නම්.. කතාව ලස්සනය් මචං..
ReplyDeleteස්තූතියි දිනේෂ් අය්යා...
Deleteඔයා ලිවොත් ඉතිං ෆට්ටෙටම ලියල ඇති.... ඉක්මණට ඒකත් ලියන්නකො
කතාව කියන්න යොදාගෙන තියෙන භාෂාව ලස්සනයි මහේෂ්.
ReplyDeleteමේ අකුරු ලොකු කරන්න ගැජට් ඕනේ නෑ බං. ටෙම්ප්ලේට් එකෙන් පුලුවන්. ලේසි වැඩක්.
Template > advanced > font
ස්තූතිය්... හෙන්රි.... ස්තූතියි ඔබගේ අගය කිරීමට...
Deleteමං ඒක දැනන් හිටියෙ නෑ... මං බලන්නං
ආදරේට වර්ණ දෙමු.. දීලා ආදරේ අනාත කරමු..
ReplyDeleteඊට පස්සේ වෙරළු මල් සුප් බොමු ..හැක්
Delete@ දේශක තුමා.... හා... හා... ඔයා එහෙමය ආස... හැක් හැක්...
Delete@ ඉවාන් අය්ය... මසුරං කතාව... උම්ම්ම්ම්මා...
වෙනස්ම විදියකට කතාව ගලාගෙන යනවා..රසවිදින්න පුළුවන් උපරිමයටම..
ReplyDeleteස්තූතිය් උමේෂ්... හැමදාම පුලුවං හොදම විදියට හොදම දේ දෙන්න තමා ට්‍රයි කරන්නෙ
Deleteඅවන්හලට ගොඩවෙන්න පරක්කු වුන එක ගැන කණගාටු හිතෙනව මේ වගේ ලස්සන කතාවක් දැක්කාම.
ReplyDeleteස්තූතියි ගොඩ වැදුණට මේ පැත්තට... එන්න පුලුවං හැමදාම මේ පැත්තට...
Deleteඅමුතුම විදිහකට කතාව ගොඩ නගලා තියෙනවා ... හරිම අපූරුයි.
ReplyDeleteස්තූතියි තුශානි අගය කිරීමට... ඉස්සරහට මීට වඩා හොද නිර්මාණ දෙන්නම්කො
ReplyDelete