මා බ්ලොග් ලොවට පිවිස මාස ගණනාවක් ගතවී ඇති මුත් මා හට අමතක නොවුණ මුත් අතපසු වූ යමක් ගැන තිරන්තරයෙන්ම මසිත පෙලුවේය... එහි ප්‍රතිඵලයක් ලෙස සටහන් වන මේ සිංහල අකුරු කීපය කුඩා කල පටන් මා සිතේ ජීවමාන සිතුවමක් ලෙසින් සිටින්නාවූ ඒ මිත්‍ර රත්නයට උපහාර පිණිස සටහන් කරන්නට සිතුවේ බැරි වීමකින් හෝ ඔහු මේ සටහන කියවන්න යැයි වූ ප්‍රාර්ථනාවද පෙරදැරිවය..
මා පාසලේ පහ
වසර දක්වා ලීවේ පැන්සලෙනි... බොහෝ විට මට
එය පැන්සලකටත් වඩා පැන්සල් කොටයකි... එයද කෙමෙන් කුඩා වන විට පැන්සලේ කොටයේ
උඩට කොහෙන් හෝ ඇහිදගත් පෑන් විල්ලක් සවි කර භාවිතා කලෙමි... එසේම පොත් පත් පවා
බෙහෙවින් අරපරිස්සමේ භාවිතා කලේ ඉක්මණින් ඉවර කරගත් වහාම නැවත අලුත් එකක් ලභා
දෙන්නට මගේ අම්මාට හෝ තාත්තාට ඒ තරං වත්කමක් නොතිබූ බව හෙවත් මා දුප්පත් එකෙක් බව
නිතරම සිහි තබා ගැනීම නිසාය... බොහෝ වට මට පොත් පවා ලැබුණේ මගේ සමහර නෑ සියන්ගෙනි...
අම්මා සහ තාත්තා දෙදෙනාම වැඩ කලේ පුද්ගලික
වතු යායක රබර් කිරි කපන්නන් ලෙසය... අදටද තාත්තා මගෙන් සතපහක් ඉල්ලන්නේ නැත... ඔහු
අදටද එම වතුයායේ රැකියාව කරන්නේ පුරුද්දක් ලෙසය..
කියන්නට ආදේ
අමතක කර වෙන යමක් දෙසුවාට සමා වන්න...
නිතරම පෑන්
විලි ගසා නැතහොත් බිම වැටී තිබූ අයිතිකාරයෙකු නැති පැන්සල් කොට මා පාවිච්චි කලේ
ලැජ්ජාවකින් නොවේ කීවොත් බොරුය... එහෙයින් බොරු නිහඩතාවක් මවා කා සමගින් හෝ වැඩි
කතාබහක් නොකර සිටීම මගේ පුරුද්දය... මන්ද යත් ඔවුන් අසන ප්‍රශ්න වලට දෙන්නට තරං පිළිතුරක්
මා සතුව නොතිබීමය... ඒ හේතුව නිසාමදෝ මට අදටද සිටින්නේ යහළුවන් ස්වල්ප දෙනෙකි...
දිනක් මගේ
ඩෙස්කුව මත කාගේ හෝ පැන්සලක් බැරිවී තිබිණි... එය කෙසේ වූවාද යන්න මට සිතාගත
නොහැකි මුත් අනෙකකුගේ වස්තුවක් පරිහරනය කර හොර නාමයක් ගාගන්නට අකමැති වූ මා ඒ පංති
භාර ගුරුතුමිය අතට පත් කලේ ඒ දවස් වල අන්සතු වස්තුවක අයිතිකරු සොයා භාර දීමට තරම්
දැනුවත් භාවයක් නැතිවීම නිසාද, නැතහොත් අන් හේතුවක් නිසාද මට මතකයක් නැත... අවසන ඈ
අයිතිකරු සොයා භාර දී ඔහුට කියවා මට ස්තූතියක්ද කෙරව්වේය....( මා කියන්නට යන කතාවේ
වීරයාද ඔහුය...) නමුත් පාසල් විවේක කාලයේ වූයේ අනෙකකි... අන් අය මගහැර මා කරා ආ ඔහු
අමුතු කතාවක් කීවේය.. ඒ පැන්සල මගේ ඩෙස්කුව මත තබා ගියේ මට ගන්නටලු.. එය අන් අයට
පේන්නට දීමට ඔහු අකමැති වීලු..(ඔහු සාමාන්‍ය යෙන් සබකෝලය ඇත්තෙක් නොවේ) එය එදා මට
මහත් ප්‍රෙහේලිකාවක් විය... මන්ද කව්රුන් හෝ කාට හෝ තෑග්ගක් පිරි නමනවා නම් ඒ
කරන්නේ පංතියේ හෝ පාසල් සමිතියේ ඉස්සරහ පිට බැවිණි... කෙසේ හෝ පන්තියේ සියලු දෙනාම
ඒ පැන්සල දුටු බැවින් අන් අයට හොරෙන් මට වෙන පාටක පැන්සලක් දුනි... ඒ දිනවල
කවදාවත් කාටවත් දෙයක් දෙන්නට මට වත්කමක් හෝ ඒ හේතුව නිසාම පුරුද්දක් නොතිබූ මට මේ
පරිත්‍යාගය පුදුමයක් විය... නමින් රොමේෂ් වූ මේ මිතුරා පාසලේ පහ වසරේදී අපෙන්
සමුගත්තේය... ඔහු පාසලෙන් සමුගන්නාවිට අන් අයට වඩා දුක දැනුනේ මටය.. ඒ වන විට
පැන්සලට වඩා බොහෝ දේ මට ලබා දී මගේ හොදම මිතුරෙක් වූ ඔහු අදටත් ඉන්නා තැනක් මා
නොමදන්නෙමි... ඒ මගේ උපරිම උත්සාහ යොදා ඔහු සොයාගන්නට තැත් කළත් බැරි වූ නිසාම ඔබට කියන
කතාවකි...
පැන්සල මා
නොදැනුවත්ව මා අතට පත් කිරීමට ඔහු උත්සාහ දැරුවේ මන්දැයි මට තේරෙන්නේ අදය... කුමන
අපහසු කම් නොතිබුණද අන් අයගෙන් යමක් ඉල්ලා පාවිච්චි කරන්නට තරම් පුරුද්දක් මට එදාද
නොවීය... අදද නැත... ඒ ආඩම්බර කමකට නොවේ නැතිබැරිව හෝ අපහසුවෙන් මට ඉගැන්වීමට
උත්සාහ කළ අම්මලාට අපහසුවක් නොවීමටය... වයසින් කුඩාවෙකු වුවද මෙවන් කාරණා සදහා
සවිඥාණයක් මට ඒ දිනවලම පිහිටා තිබුණි... මේ හේතුව වටහාගත් මිතුරා එය මගේ අතට අන්
ආකාරයකින් පත්වෙන්නට සලස්වන්නට ඇත්තේ මට අපහසුවක් සිදු නොවීම පිණිස විය හැක... මා
කෙතරම් දුප්පතෙකු වුවද මට පවා අභිමානයක් තිබූබව ඔහු තේරුම් ගෙන තිබුණි... එබැවින්
අන් අය ඉදිරියේ මට අවමානයක් වීම ඔහු නොඉවසුවා විය හැක... මා මුලින් කී ලෙසම මා හද
ගැඹුරේම ජීවමාන සිතුවමක් ලෙසින් ඔහු අදටද ජීවත් වන්නේ ඔහු සතුව තිබූ මේ අපමණ ගුණ
දාමය නිසාය..
ලාභ මිනිසුන්ගෙන්
වටිනාකම් අපේක්ෂා නොකරන්න යැයි මා ඔබට
කීයේ එබැවිනි... මෙය පුද්ගල අත්දැකීමක් පිළිබද කතාවක් වුවද මින් ඔබට ගත හැක්කක්
තිබේ යැයි විශ්වාසයෙන් ඔබට කීවේ එබැවිනි.. අද සමාජයේද බොහෝ නැතිබැරි මිනිසුන් ජීවත් වේ... ඔවුන් හට යමෙක් උපකාර කරන්නේ ඔවුන්ගෙන්
හෝ ඒ කාරණය නිසා සමාජයෙන් හෝ යමක් බලාපොරොත්තුවෙනි.. රොමේෂ් නම් මා මිතුරා සේ අන්
අයට වටිනාකමක් දෙන අන් අයගේ වටිනාකම් ආරක්ෂා කරන මිනිසුන් සැබැවින්ම සමාජයේ
විරලය.. එනම් නිරාමිසව පරිත්‍යාගයන්
කරන්නවුන්, අන් අයගේ ගරුත්වය රකින වුන් සැබැවින්ම මිනිසුන්ය...අපහට සොයාගන්නට
අපහසුද එවන් මිනිසුන්ය... නිහඩවම සමාජයට මහත් සේවාවක් ඉටු කරන මෙවන් මිනිසුන්
නිහඩවම මිය යන්නේ විශ්වය පුරාම මහත් හිස්තැනක් ඉතිරි කරමිනි... ඒ තැන ගන්නට සැබෑ
මිනිසුන් හිග වුවත් පුස් වෙඩි සේ “පොහ්” ගා පත්තු වී යන්න
වුන් නම් සමාජයේ ඇති පදම් දැකිය හැක...
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
දෙවි
දේවතාවුන් වැනි මිනිසුන් ඇත...
ඔය පැන්සල් කොට ගැන කිව්වොත් මාත් ඒ කාලේ ඔහොම පැන්සල් කොට පාවිච්චි කලා. ඒ කාලේ අපේ ජනප්‍රියම පෑන් තමයි රෙනෝල්ඩ්ස්.. රෙනෝල්ඩ්ස් පෑනක විල්ලක් තමයි පාවිච්චි කරන්නේ. ඒක ගහලා සෑහෙන කාලයක් ලියනවා.
ReplyDeleteදවසක් අටපට්ටම වැඩසටහනකත් පෙන්නුවා ඈත පලාතක ලමයෙක් පාවිච්චි කරපු සෑහෙන කොට පැන්සලක් ගැන !
ම්ම්ම ඔව් ඔව් ඒ දවස් වල රෙනෝල්ඩ්ස් තමා නැගලම ගියෙ... එතකොට ඔය ඇටලස් එහෙම තිබ්බද කියල මතකත් නෑ... අනික රෙනෝල්ඩ් වල කොපුව තමා හරියටම ගැලපෙන්නෙත් ඔය වැඩේට...
Deleteකතාව හරිම බරයි මහේෂ්,පොඩි කාලෙ උනත් කටයුතු කරලා තියන්නෙ මොන තරම් ආදර්ශමත්වද,අඩ නං මෙවැනි අය සොයාගැනීම කළුනික හොයනවටත් වඩා අමාරුයි.
ReplyDeleteඅනේ එහෙම නං වෙන්න නැතුවැති ඒත් ඒ කාලෙ අපිට තිබුණ ආර්ථික ප්‍රශ්නත් එක්ක එහෙම නොකලනං මට ඉස්කෝලෙ නොයා ඉන්න වෙනව.. නැත්තං හොරකං කරන්න වෙනව.. ඒ හිංද තමා පාඩුවෙඅර වගේ නිස්සද්දව මගෙ වැඩක් බලන් හිටියෙත්...
Deleteමට නම් වැදගත්ම දේ උඹට මේ දෙවල් මතක තිබීමයි.
ReplyDeleteඋඹ ගැන ඇත්තටම ආඩම්බරයි මචෝ. සිරාවටම.
ඇත්තටම ප්‍රියා මේ දේවල් අමතකයි නං අපෙන් ඇති වැඩක්ම නෑ... අපි එහෙනම් නිකංම නිකං ගොබ්සන්ල වෙනව...
Deleteස්තූතියි ප්‍රියෝ අගය කිරීමට
ඔයාගෙ යාළුවා ගොඩාක් හිත උණුවෙන කෙනෙක්... ඒ වගේම එයාට ඒ කාලෙත් අවබෝධයක් තිබිලා තියෙනවා ඒ වගේ දෙයක් ඔයාගෙ ආත්ම අභිමානයට හානියක් නොවෙන්න කරන්නෙ කොහොමද කියන එක... ඒ වගේ අය හරිම අඩුයි...
ReplyDeleteඇත්තම කියනව නං ඒ වගේ කෙනෙක් ආයෙ මට හම්බුනේම නැති තරං... ඇත්ත ඒකයි
Deleteඔයා කියන ස්ටැයිල් එකට මාත් පැන්සල් පාවිච්චි කරලා තියෙනවා....මටත් නම් කවුරු හරි වචනයකින් හරි උදව් කලොත් ඒ අයව ජීවිත කාලෙටම මතක හිටිනවා.මහේෂ්ගේ මනුස්සකම අගය කරනවා.( ඔය යාළුවා හොයා ගන්න හැකියවක් ඇත් නම් අදාල පාසැලේ ඔය වකවානුවේ පාසල් හිටිය අන්තීම වසරේ අස්වීමේ නාම ලේඛනය සොයා බලන්න,මාත් ඔය විදිහට යාළුවෙක් හොයා ගත්තා)
ReplyDelete5වසරෙ නාම ලේඛණේ ඒ කියන්නෙ 1998.. අදට අවුරුදු 16කට කලින් මං හිතන්නෙ නෑ ඒක සාර්තක නෙයි කියල... හැබැයි මම අනිවා ඒකත් ට්‍රයි කරල බලනව... මොකද අන්තිමට හම්බෙන පිදුරු ගහ වුණත් එල්ලෙන්න වටින හිංද
Deleteඅපි ඔක්කොම එක වගෙයි යාලු.සමහර මිනිස්සු කොච්චර දේවල් දෙන්න හිතුවත් දෙන්න තරම් වත්කමක් නෑ.සමහර මිනිස්සුන්ට තියෙනවා.දෙන්න තරම් හිතක් නෑ.ඒ අතින් ඔයාගේ යාලුවා හොඳ මිනිහෙක්.ජයවේවා!.මෙතන තියෙනවා සිංහලෙන් ටයිප් කරන්න පුලුවන් හොඳම ක්‍රම 10.කැමතිනම් එන්න.Watch this without crying
ReplyDeleteඒක ඇත්ත... අපි හුගක් අය තාම එකම බෝට්ටුවෙ... මං ඔයාගෙ එකට ගියා... ඇත්තටමආධුනිකයෙකුට සෑහෙන්න වැදගත්... මං පාවිච්චි කරන්නෙ සියබසෙන් දෙන සිංහල තැමිල් අයි එම් ඊ කිට් එක
Deleteඔබේ කතාව මාව ජීවිතේ දිගේ ගොඩක් දුර ආපසු අරන් ගියා.මොකද ඔබේ කතාවට බොහෝ සමාන කතාවක් මටත් තිබුන නිසා.
ReplyDeleteඅපි පුංචි කාලෙ එහෙම කට්ට කාපු හිංද තමා අපි තාමත් පොලවෙ පය ගහල ඉන්න මනුස්සයො වගේ ඉන්නෙ..
Deleteමං හරි නේද චින්තක
මනුස්සකම තාම ඉන්නව (මැරිල නෑ)! මොකද්ද කරුමෙකට වැඩිය එලියට එන්නෙ නෑ!
ReplyDeleteඑළියට එන්නැත්තෙ වටින හිංද වෙන්නැති... ඇත්තටම මනුස්සකං තියෙන උං දුර්ලභයි... ඊටත් හැංගිලා ඇයි දන්නවද... අමනුස්සයොත් එක්ක ඉන්න මනුස්සයන්ට හරි අමාරුයි...
Deleteයාළුව, උඹ වගේ උතුම් හිත් තියන උන් දැන් සමාජෙන් හොයාගන්න හරිම අම්මරුයි, පුස් හිත් තියන උන් තමයි දැන් අවෙඩිහරියක් ඉන්නෙ....
ReplyDeleteඋඹට වරදින්නෑ යාළුව,
මචෝ....උඹේ අම්මයි තාත්තයි ගොඩක් වාසනාවන්තයි....
ස්තූතියි චිරාන්... ගොඩක් ස්තූතියි... අපි කරන පොඩි දෙයකින් වුණත් අපේ අම්මයි තාත්තයි හොදක් අහනව කියන්නෙ කොයි තරං සන්තෝසයක්ද...
Deleteස්තූතියි මෙහෙ ආවට... එන්න පුලුවං නං හැමදාම... සාදරයෙන් පිළිගන්නව අවන්හලට
මහේෂ් මේ පෝස්ට් එක කියෙව්වම මම මගේ අතීතෙට ගියා කියන්න ලොකු කථාවක් තියෙනවා ඔය වගේම.. දවසක කියන්නම්.. ඒ අතීතෙ මතක් කලාට ගොඩක් ස්තුතියි...
ReplyDeleteජය වේවා!!!
අතීතයෙ යමක් ඔබට මතක් වුණා නම් මං නිසා ඇත්තටම සංතෝසයි
Deletetest
Deleteමහේෂ් මං අදටත් පොඩි ලමයින්ට අතේ සල්ලි තියෙන විදිහට පොත් ,පැන් අරන් දෙනවා ,එක පුරුද්දක් ,මං දැකලා තියෙනවා සම හරක්ට එක සත පහක් වටින්නෙ නැති බව,මට මහ ලොකුවට සල්ලි නෑ එත් පොඩි ගානකින් ,ඉන්න යාළුවෝ එකතු කරන් වැඩේ කරනවා.
ReplyDeleteමං බ්ලොග් ලියන්න ආපු මුල් දවස් වලත් මට ඔය ලෙඩේ මතු වුණා ,එත් ඒ වැඩේ එතනම මට අමතක කරන්න වුණා ...
මාත් පුලුවං දවස් වලට පුලුවං වෙලාවට පුලුවං කෙනෙක්ට උදව් කරනව.. මොකද අපි කාප් කට්ට තම කවුරු හරි කනව දක්නකොට දැනෙන්නෙ ඇත්තටම දුකක්
Deleteඋඹ කියන පැන්සල් කොටේ කතාව, හුඟ දෙනෙකුගේ කතාවක් මහේෂ්.
ReplyDeleteසමහරු පැන්සල් කොටේට පෑන් විල්ල ගහගෙන ලියද්දි, මම අද උගන්නපු සමහර පන්තිවල අපතයෝ කරපු දෙයක් එක්ක ඒක සැසඳුනා.
උඹ දන්නවනේ Cambridge Advance Learner's Dictionary එකක් කොච්චර ගනන්ද කියලා. අපේ පන්තිවල පැත්තක ඔය ඩික්ෂනරි ගොඩ ගහලා තියෙනවා ලමයින්ට අරන් වැඩ කරන්න. ඕවා ඕනෙ වුනාම මම කාට හරි කියනවා අරන් බෙදන්න කියලා ලමයින්ට. මුන් ඒ ඩික්ෂනර පන්තිය හරහා විසි කරන්නේ අර ගඩොල් විසි කරනවා වගේ. ගුවනෙදි අර පොත් ඇරිලා පියාඹගෙන යන්නේ තටු ගගහා. අල්ලගන්න එවුන්ට අහුවෙන්නේ කෑල්ලයි සමහර වෙලාවට පිරුවක් හරි කවරේ හරි අතට ඉරිලා එද්දි අර බර ඩික්ෂනරි එක බිමට වැටෙනවා අබ්බගාත වෙලා.
කොච්චර කිව්වත් නෙවෙයි අහන්නේ. මට මේක බලා ඉන්න බැරුව ගියා අද උඹේ කතාව කියවලා. මම සුපාට කිව්වා ඒ පන්තියට ඕනේ නෑ ඩික්ෂනරි. ඒවා අයින් කරන්න කියලා.
ඔන්න බලාපං සම්පත් බෙදිලා තියෙන හැටියි. නිකං හම්බවෙන දේ අගයක් දකින්නේ නැති හැටියි සමහර එවුන්.
අම්මෝ ඒ ඩික්ෂනරියක් දෙදාස් ගාණක් මං පුජිත සර්ගෙ ක්ලාස් ගියා මටත් එක්ක මං ඩික්ෂනරි තුනක් ගත්ත අලුත්ම එඩිෂන් එක(හොරට ගත්තෙ මොකද එක්කෙනාට එකනෙ දෙන්නෙ... අඩුවට දෙන්නෙත්) මට එකක් තියාන මං අපේ ගමේ ඉස්කොලෙටඅනිත් දෙක දුන්න... උං ඒව දැකලත් නෑ..බොරු කියන්නෙ මක්කටද උං ඒවයින් වැඩ කරන්න දන්නෙත් නැ...හැබැයි අර වගේ ගොඩගහල තියේ නං මං කරන්නෙ නැති බැරි උංට අරං දෙන එක ඇයි යකෝ අපි මොන කට්ටක් කාලද ඒ දවස් වල ඉගෙන ගත්තෙ...
Deleteදැං ඉන්නඋං නැතිබැරි කම දන්නෙ බුකියෙන් නැත්තං මොකක් හරි බඩගෝස්තර චැනල් එක්කිං... ඉතිං උං හිතන්නෙ ඒක හෙන ආතල් කියල...
ඔන්න මහේෂ් මාත් අවන්හලට ගොඩ උනා.
ReplyDeleteඉහත කතාව කියෙව්වා. අධි සංවේදී කතාවක්. තමන්ගෙ අතීතෙ අමතක කරල දාල බොරුවට පොශ් වෙන්න හදන එවුන් ඉන්න රටක ඔයා පොළොවෙ පයගහල ඉන්න නියම මනුස්සයෙක්. ඒ වගේම ඔයාගෙ මේ යාලුවත් වන සිවුපාවුන් මැද ඔයාට හමුවෙච්ච දේවතාවෙක්. ප්‍රාර්ථනා කරනවා ඒ යාලුවා ඉක්මනටම ඔයාට මුනගැහෙන්න කියලත්.
මගෙත් එකම ප්‍රාර්ථනාව ඒක තමා මනෝෂ්... අවුරුදු ගාණක් තිස්සෙ ඌ මේ පුංචි රටේ කොතන ඉන්නවද කිවල මං තාම හොයනවා... තාම හමුබුනේ නෑ... ඒත් මං තාම හොයනව.. වෙලාවකට හිගනව එයා මෙහෙ දාල ගිහින් වෙනරටක ඉන්නවද කියලත්... ඒත් කවද හරි හම්බෙයිනෙ...
ReplyDeleteස්තූතියි යාළු...
ස්තූතියි ගොඩ වැදුණට අවන්හලට... එන්න බලන්න පුලුවන් හැම වෙලාවකම...
Don't worry machoo.. definitely you will find him.. වෙන රටක හිටියත් සයිබර් දොරටු විවෘතයිනෙ..
Deleteඅනිවා එහෙම හරි හම්බෙයි කියන ප්‍රාර්ථනාව මගෙත් තියනව... ස්තූතියි ඔබට
Deleteඒ විදිහෙ යාලුවෙක් ජීවිතේට ලැබෙන එකත් වාසනාවක්. ඒ විදිහෙ යාලුවෙක් මීට අවුරුදු ගානකට කලින් කරපු උදව්වක් මහේෂ් මෙච්චර කල් මතක තියගෙන ඉන්න එකත්,අදටත් ඒක අගය කරන එකත් ලොකු දෙයක්. ගොඩක් අයට ඒ දේවල් මතක තියෙන්නෙ ටික කාලයයි...
ReplyDeleteඒ වගේ උදව්වක් අමතක කරනව කියන්නෙ මගෙ හිතේ මනුස්ස කමක් නෑකියන එක නේද තුෂානි
Deleteමට පුලුවං තරං කාලයක් මං මගෙ යාලුවව හොයනව..අනිවා
//අන් අයට වටිනාකමක් දෙන අන් අයගේ වටිනාකම් ආරක්ෂා කරන මිනිසුන් සැබැවින්ම සමාජයේ විරලය//
ReplyDeleteඔබේ මේ වදන් කීපය සමග සම්පුර්ණයෙන්ම ඒකඟ වෙමි..
අත්දැකීම බෙදා ගැනීම ගැන ස්තුතියි..
ආපහු එන්නම්..
ස්තූතියි අවන්හලට ගොඩවැදුණට... එන්න හැමදාම මෙහෙ
Deleteසැබෑ යාළුවන්ට වචන වලින් නොකියන හුඟක් දේ තේරුම් ගන්න පුළුවන්.. ඒ වගේ මහේෂ් නොකියපු බොහෝදේ රොමේෂ් තේරුම් ගත්තේ එයා හොඳ යාළුවෙක් නිසා වෙන්න ඇති..
ReplyDeleteරොමේෂ් ගැන තොරතුරක් ඉක්මනින්ම හොයා ගන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ...
ඇත්තෙන්ම මට ඔහු සැබෑ මිතුරෙක්... ස්තූතියි ඔබට
Deleteමේවා මතකේ තියන එක වැදගත් මහේෂ් අනිත් හැම දෙකටම වඩා. පුළුවන් වෙලාවක කාට කාට හරි ප්‍රයෝජනවත් උදව්වක් කරන එක තමයි වෙන්න ඕන. ඒවා පින් නෙමේ යුතුකම්. මිනිස් යුතුකම්.
ReplyDelete+++++++ලාභ මිනිසුන්ගෙන් වටිනාකම් අපේක්ෂා නොකරන්න +++++++++++
ඒක ඇත්ත අරූඅය්ය... අපේ යුතුකම් අපි අමතක කරන්න හොද නෑ කවදාවත්ම..
Deleteතරු අරණට ඔබේ පැමිණ මට අවන්හලට පාර කිව්වා. ඊට ගොඩ වූ මට එළියට එන්න වූයේ කඳුළු පිරි දෑසින්. හද සසල කර කතාවක් සේම හද සසලකරන අයුරුන් ලියපු කතාවක්. ඔබ ආර්ථිකයෙන් දුප්පත්වූවත් මා හිතනවා මනුස්සකමින් පෝසත් කියා. පුංචි උනත් ඔබේ මිත්‍රයා බුද්ධිමත් මානුෂීය ගුණාංගයෙන් පිරුන යාළුවෙක්.
ReplyDeleteස්තූතියි අවන්හලට ගොඩවැදුණට...සංවේදී වීම ගැන තුති...
Deleteඇත්ත අපිට සල්ලි නැතිවැති... එත් මනුස්සකම උපරිම බෙදනව..
කියපු වචන ටික ඇතුලෙ අපිට ගන්න දේවල් ඒ වගේම හිතන්නත් දේවල් ගොඩක් තියෙනව මහේෂ් අයියේ..
ReplyDeleteයමක් හිතන්න ලැබුණ නම් ඒක තමා සතුට උමේෂ් මල්ලි
Deleteස්තූතියි ඔබට
කියවන්න මේ පැත්තට එන්න ටිකක් පරක්කු වුනා.. නියම කතාවක් බං.. මනුස්සකම කියන දේ දැනෙන අය ඉන්නේ හුඟක් අඩුවෙන්..
ReplyDeleteපරක්කු වෙලා හරි මෙහාට ගොඩවැදුණ නෙව... ඒ මදෑ...
Deleteඇත්ත මනුස්සකම දැනෙන අය මෙන්න මනුස්සකම බෙදන අයත් හරි අඩුයි දිනේෂ් අයය්
ඔබේ ලිපිවලට ඇස ගියේ දැන්. මේ කවුදැයි සොයන්නට ගත් උත්සාහයේදීය. ඔබේ මාතෘකාව ඉතාම සිත්ගන්නා සුළුයි. එයම මට වෙනත් වචන වලින් මෙහෙම ඇසී තිබෙනවා."නොවටිනා මිනිසුන්ගේන වටිනා දේවල් බලාපොරොත්තු වෙන්න එපා" යන්වෙන්. ඔබ පවසන කතාව අප බොහෝ දෙනකුගේ කතාවයි. එය මගේද කතාවය. අප කුඩාකාලයේ පළමුව ගල්කූරෙන් ලියා එය කැඩුන විට උන බටයක ගසා ගත් කෑල්ල උල්කරමින් ලිව්ව හැටි ! ඉන් පසුව පැන්සල් කොටය ඔබ කියන ආකාරයෙන්ම රඳවා ගෙන ලිවිව හැටි !! කටු පෑන්තලයත් සමග කළ යුද්ධය !!! සිහිවුනා. අපේකාලෙ බෝල් පොයින්ට් පෑන තිබුණේ නැහැ. ඒව ආවට පස්සෙ අකුරු ඇදවෙනව කියමින් ලියන්න දුන්නෙ නෑ. ඔබ පියාණන් මෑණියන් දෙස සංවේදීව බලන්න යන පණිවුඩය කදිමට දීමට සමත් නිමැවුමක් ඉදිරිපත් කර ඇත. ඒ හැඟිම් සමාජගත කිරීම මහත්සේ අගය කළයුතුයි
ReplyDeleteමා සිතන්නේ මේ අවන්හලට ඔබේ පළමු පැමිණිම...
Deleteඔබ කියනා අත්දැකීම් වලින් මට ඇත්තේ පැන්සලෙන් කල යුද්දය හා පෙරපාසල් යන අවධියේදී පමණක් භාවිතා කල ගල්ලෑල්ලේ මතකය පමණයි...ඊට පස්සෙ පොත් වල ලීව නිසා ගල්ලෑල්ල අද වන විට ශේෂ මතකයක් පමණයි... කටු පෑනක් නමි කිසි දින භාවිතා කර නැ... ඒත් තින්ත පෑන කියන තින්ත පුරවිභාවිතා කරන පෑන් වර්ගය නම් පාවිච්චි කර තියෙනව...
ස්තූතියි මො අහට ගොඩ වැදුණට එන්න බලන්න පුලුවන් නං ඉඩ ඇති සෑම මොහොතකම