අද මං කියන්න
යන්නෙ ඒ වගේ කතාවක්... ඉවසිල්ලෙන් බලන්න පුලුවන් නං ජීවිතයට යමක් එකතු කරගන්න
පුලුවන් නිර්මාණයක්.. ඒ වගේම හිතට ධෛර්ය ලැබෙන කතාවක්.. ටිකක් විශේෂ
කතාවක්.... මේක ගැන මුලින්ම ලියල තිබ්බෙ
බීට්ල් විසින්... ඒත් එයා සිංහලට උපසිරැසි නොදුන්
නිසා මං උපසිරැසි නිර්මාණය කලා...
ඉතින් මේකයි
කතාව..
වජ්ඩා 2012 - සීමාවන්ට එරෙහි වූ දඟකාරිය
වජ්ඩා කියන්නෙ
2012 වසරේ නිර්මාණය වුණු නාට්‍යමය ප්‍රවර්ගයට
වැටෙන සුපිරි සිනමා සිත්තමක්... Imdb අඩවියේ මෙයට හිමිවෙලා තියෙන අගයේ වටිනාකම 7.7ක් තරම් ඉහලයි..
ඒ වගේම මේ චිත්‍රපටිය සම්මාන 18ක් අත්පත්කරගෙන තියෙනව... තව සුදුසුකම් ලැබූ සම්මාන සංඛ්‍යාව
17ක් ... ඉතින් කොයි තරං විශිෂ්ට සිනමා නිර්මාණයක් වෙන්න ඕනද ඒ තරං වටිනාකමක්
හිමිකරගන්න.. ඒ විතරක් නෙවී මේක තමා සවුදි අරාබියෙ කාන්තාවක් විසින් කළ පළමු සිනමා
නිර්මාණය... මං ඉස්සල්ල කීව කතාවට හේතුව තේරෙන්න ඇති කියල මං හිතනව.. මේ චිත්‍රපටිය
නිර්මාණය කලේ HaifaaAl-Mansour විසින්.. දගකාර හිතුවක්කාර වජ්ඩට පණ පොවමින්අතිවිශීෂ්ට රංගනයක නිරත වෙන පුංචි
හිතුවක්කාරි, වාද් මොහොමඩ්ව අමතක කරන්නත් බෑ.. එහෙම නං කතාව පැත්තට හැරෙමුකෝ.
වජ්ඩ
කියන්නෙ අවු.11 ගෑණු ළමයෙක්.. හැබැයි මෙයා දාගන්නෙ නං එසේ මෙසේ බාල්දි නෙමේ..
මෙයාට එකම එක හීනයක් තියෙනව... ඒ තමා සයිකලයක් ගන්න එක...ඒ වගෙම එයාගෙ යාළුව
අබ්දල්ලත් එක්ක තරගෙට සයිකල් පැදල දිනන එක.... ඒත් වජ්ඩ ගෙ ආගම අනුව පාපැදිය
කියන්නෙ ගෑණු ළමයින්ට තහනම් දෙයක්... ඒත් මෙයාට ඕන එකම දේ සයිකලය.. කොටින්ම මෙයා
ජීවත් වෙන්නෙත් ඒ වෙනුවෙන් කියල හිතෙන තරං.එක පාරක් මෙයා එයාගෙ පිරිමි යාළුව ගෙදරට
ගෙන්නගන සයිකල් පදින්න ගිහින් අලි ජරමරයක් කරගන්නව.... ඒ වගෙම මෙයා සයිකලයක් ගන්න
සල්ලිත් එකතු කරනව... සයිකලය ගන්න ඕන රියාල් 800ක්...හැබැයි මෙයාට තේරෙනව ඒක ලේසි
දෙයක් නෙමේ කියල.. ඒ හිංද මෙයා කෙටි ක්‍රමත් උත්සාහ කරල බලනව.. ඒ හිංද මෙයා එක
පාරක් සෞදි ආගමික පොලිසියට අහුනොවී බේරෙන්නෙ අනූනවයෙන්... ඒ අතරෙ මෙයා දැනගන්නව
ඉස්කෝලෙ කුරාණය සම්බන්ධ දැනුම පරීක්ෂා කරන තරගයක් තියෙනව කියල... ඒ වගෙම ඒකෙ තෑග්ග
රියාල් 1000ක්...මෙයා පොඩි බොරුවක් එහෙම කියල (මොකද මෙයා පෙරලගන්න බාල්දි වල
හැටියට මෙයා මොකාට එනවද කියල කාටත් සැකයිනෙ) තරගෙට නම දාගන්නව...
ඉතිං වජ්ඩ
මොන වගේ බාල්දිද පෙරලගන්නෙ ... එයා මේ තරගෙන් දිනයිද...? එයා සයිකලයක් ගනියිද
....? අබ්දල්ලත් එක්ක තරග කරන්න පුලුවන් වෙයිද...? එයාගෙ පවුලට මොන වගේ ප්‍රශ්නද
එන්නෙ කියල බලන්න නං ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනව...
පසු සටහන--
මේ මගේ ප්‍රථම නිර්මාණය හින්ද යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්... ඒය ගැන මං සමාව
ඉල්ලනව.. ඒ වගෙම ඔයාලට යමක් කියන්න තියේ නං කියන්න.. ගල් මුල් සතුටින් බාර
ගන්නව... අනිත් කාරණය තමා මේකෙ තියෙන
කුරාණ පාඨයන්ට නිවැරදි ඉංග්‍රීසි පරිවර්තනයක් නෑ කියල තමා මට හිතෙන්නෙ මොකද මං මේක
උපසිරැසි දැම්මෙ පිටපත් කීපයක් සංසන්දනය කරල... ඒ වගෙම මගේ යෝජනාව තමා පුලුවන් නං
බ්ලූ-රේ පිටපත භාගත කරගෙන බලන්න කියන එක.. එහෙනං ආයෙත් අළුත් නිර්මාණයකින් හමුවෙන
කං... ජයවේවා...
මම මගෙ
බ්ලොග් එක වෙනුවෙන් මේක පරිවර්තනය කලාට මේක හුග දෙනෙක් බැලුවොත් වටියි කියන බලාපොරොත්තුවෙන් බයිස්කෝප්
සිංහලෙන් අඩවියට දැම්ම... ඒක සම්බන්ධයෙන් යම් අපහසුවක් වුණා නම් මං සමාව ඉල්ලනව...
ප.ප.ලි--කාට හරි පුලුවන් නං මේ ගැන බීට්ල්ව දැනුවත් කරන්න ඒ මට කරන ලොකු උදව්වක්...
වැඩේ නම් නියමයි,
ReplyDeleteඅපිට කියවන්න තව ටිකක් විස්තර කරල තිබ්බනම් ගොඩක් වටිනවා....
ෆිල්ම් එක බලල ආයෙත් එන්නම්
ජය වේවා!!!
වැඩි විස්තර දැම්ම නං කුතුහලේ වගෙම ආසාවත් බහිනව... ඒකයි මේම දැම්මෙ..
Deleteබාගෙන බලලම කියන්නකො එහෙනං
මේ චිත්‍රපටියේ ඉන්න වජ්ජාගේ අම්මා ගැන නම් මගේ හිතේ පැහැදීමක් ඇතිවුනා. හරිම පියකරු සිරුරක් තිබෙන කාන්තාවක්.
ReplyDeleteහෑ.... අම්ම විතරද දැක්කෙ පිලුම් එක පුරාම...
Deleteනකෝ... කතාව වත් බැලුවෙ නැතෙයි
ස්තූතියි තොරතුරු වලට.. බාදක මතින් යන ජිවිත බොහෝදෑ අන් අයට උගන්වනවා ..
ReplyDeleteඒක ඇත්ත... පුලුවං නං චිත්‍රපටිය බාගෙනම බලන්න...
Deleteතොරතුරට ස්තූතියි මහේෂ්,ෆිල්ම් එක බලලම ගුණ පණ කියන්නද.
ReplyDeleteකියන්න කියන්න... මං හරි ආසයි මං කරපු වැඩක ගුණ නුගුණ කියනවට
Deleteබාන්නම් ලබන මාසෙ ඈ :-))
ReplyDeleteඇයි හප්පා ඒ... ඩේටා ඉවරෙයි....
Deleteබලන්න ඕනේ කලිනුත් මේ ගැන විස්තරයක් ඇහුනා මතකයි :) වැඩි විස්තරත් එක්ක නම අයේ මතක් වුණේ මේ ලිපියෙන්
ReplyDeleteඔව් ඔව්... බීට්ල් තමා කියල තිබුණෙ... උදව්වක් වුණා නම් සතුටුයි
Deleteමම මේක බලන්න හිතන් හිටියට හැම වෙලේම පස්සට යනවා බං.. කොම උනත් හොද ෆිල්ම් එකක් කියලනම් දන්නවා...
ReplyDeleteම්ම්ම් මට නං සෑහෙන්න හිතට ඇල්ලුව.... පුලුවං නං බාගෙන බලන්න
Deleteඅලුත් වැඩේ නැගලම යන්න කියල පැතුමන්....
ReplyDeleteට්‍රේලරය බැලුව සාර්ථක බව වැටහුනා.නිවාඩුව සියල්ල බලනවා.
ස්තූතියි කෙන්ජි...
Deleteලස්සන ෆිල්ම් එකක් බාගෙන බලන්න පුලුවං නං අගෙයි... අපරාදෙ මට අමතක වුණානෙ ට්‍රේලර් එක දාන්න
අලුත් වැඩෙට ජයවේවා කිව්වා ඕන් ...
ReplyDeleteඋපැසිරැසි එක්ක බලන්නෙ නැති තරම්,දෙමළ එවා නම් උපැසිරැසිය ඕන ...බාගෙන බලන්න ඕන .....
සුභ අනාගතයක් !!! ;))
මේක ඇරබියන් ෆිල්ම් එකක්... මේකත් එක්ක එන ඉංල්ගිෂ් සබ් ෆයිල් එක වැරදී.. ඒ හංද මේක ප්‍රයා්ජනවත් වෙයි
Deleteමේ චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගෙන බලන්ඩ ඕන.. මම කලින් මේක බලලා නෑ..
ReplyDeleteබ්ලූ රේ එක බාගන්න එක තමා ප්‍රශ්නේ... ගොඩක් සයිස් නෙහ්... !
ඒත් ඒකෙ කොලිටිය වගෙම සබ් එකත් සම්පූර්ණයි පුලුවන් නං ඒක ගන්න බලන්න
Deleteමහේෂ්.. අලුත්ම වැඩක් කරල නේද.. මරු මචං. දැන් ඉතින් ඉවසිල්ලක් නෑ මේක ඩවුන්ලෝඩ් කරගෙන බලනකල්. තෑන්ක්ස් මචෝ..
ReplyDeleteබලන්න මනොෂ්.... ගොඩක් ලස්සන ෆිල්ම් එකක්
Deleteඔෆිස් නෙට්වර්ක් එකෙන් මේ ලින්ක් එක access කරන්න දෙන්නෙ නෑ මහේෂ්. ගෙදර ගිහින් හරි ඩවුන්ලෝඩ් කරගන්නෝනි. MB කීයක් විතර තියෙනවද මේකෙ?
Deleteසමහර ඔෆිස් වල ටොරන්ට් බ්ලොක් කරල තියෙන්නෙ... ඒත් ටොරන්ට් ෆයිල් එක වෙන කම්පියුටරයකට බාල හිටන් ඒකට කොපි කලොත් පුලුවන් වෙයි...
Deleteමේකෙ ඩීවීඩී රිප් එක 730ක් තියේ...
බ්ලූරේ එක 1.67 ක් ගිගා බයිට්
හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ නිකන්ද.?
ReplyDeleteෆිල්ම් එකක් බාන්න ඩේටා වත් ෆිල්ම් එකක් බලන්න නිදහසක් වත් නෑ බං. හිමීට බලන්නම්.
කොහොම උනත් උඹේ අලුත් වැඩේට උණුසුම් සුබපැතුම්.
පුලුවන්වෙලාවක් බලන්න ඇත්තටම සංවේදී සිනමාපටයක්
Deleteදැනුවත් කලා :) ... උප සිරැසි වැඩේ මරු මහේෂ්... ජයවේවා..!
ReplyDeleteඔයාව දැනුවත් කරන්න කීවෙ මං මේක දැක්කෙ ඔයාගෙ අඩවියෙන් නිසා... ස්තූතියි මෙහෙ ආවටත්...
Deleteමාව දිරි ගැන්නුවටත්
එලනෙ කොල්ලා. මේක මං බලල නෑ. හෙට අනිද්දට ෆිල්ම් කීපයක් බා ගන්න ඉන්නෙ. අපි ඉතින් සීමිත ඩේටා නිසා නයිට් පැකේජ් වලින් තමයි බාන්න වෙන්නෙ. දැනට ගන්න හිතා ඉන්න කීපයක්ම තියනව. එතකොට මේකත් එක්කම බා ගන්නම්.
ReplyDeleteසුබ පැතුම් අලුත් වැඩේට.
ඔයාට මේ සටහන උදව්වක් වු්ණා නම් එක මට සතුටක්... බාගන බලලම මට හොද නරක කියන්නකො
Deleteපොඩ්ඩක් හිටහන් ෆිල්ම් එක බලලා එනකන්
ReplyDeleteබලල ඇවිත් ඔයාට හිතෙන දේ කියන්නකො
Deleteමේ ෆිල්ම් එක ගැන කීප තැනකම පොඩ්ඩ පොඩ්ඩ කියවන්න ලැබුනා. දැන් ඉතින් ෆිල්ම් එක බලන්නම ඕන. ස්තූතියි මහේෂ්.
ReplyDeleteමගේ සටහන නිසා පුංචි හරි පෙළඹවීමකු ඇති වුණා නම් සතුටක්.අරූ අය්ය...
Deleteබාගෙන බලලම කියන්නකො
මේ ගැන මං සටහන් කිහිපයක්ම දැක්කා නේ මහේෂ්.. ජය වේවා..
ReplyDeleteසටහන් තිබුණට දේශක තුමා කව්රුවත් මේ ෆිල්ම් එකට සබ් දීල තිබුණෙ නෑනෙ... ඉතිං මං හිතුව මේකට සබ් දෙන්න... මාත් මීට පෙර බීට්ල් ලියපු සටහනක් නිසා තමා මේකට සබ් දාන්න පෙළබුනේ
Deleteලස්සන ෆිල්ම් එකක් වගේ...කොහොම හරි බලන්න ඕනි
ReplyDeleteබලන්න බලන්න... සංවේදී චිත්‍රපටියක්... යමක් ගන්න පුලුවං චිත්‍රපටියක්
Deleteබැලිය යුතුම ෆිල්ම් එකක් වගේ..තොරතුරු දුන්නට ස්තුතියි..
ReplyDeleteබාගෙන බැලුව නං.... හිතට අල්ලයි කියල හිතෙනව
Deleteෆිල්ම් එක බලන්නම්කෝ. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට :)
ReplyDeleteස්තූතියි.... බාගෙන බලන්නකො... හරි අපූරු චිත්‍රපටියක්
Deleteස්තූතියි මෙහෙ ආවට...
හැකිනම් නැවත එන්න
නිවාඩු පාඩුවේ Film එක බාගෙන බලන්නම්කෝ..
ReplyDeleteඅලුත් වැඩේ දිගටම කරන් යන්න සුභ පතනවා. ජයම වේවා !!!
ස්තූතියි දමිත්...
Deleteපුලුවන් වෙලාවට අවන්හලට ගොඩවැදෙන්න