Monday, March 24, 2014

සීමාවන්ට අභියෝග කළ දඟකාරිය......

                                                                                             
 ඔයාගෙ ආසාවන්ට ඔයාගෙ සංස්කෘතියම වැට බදිනව නං, ඔයාගෙ පවුලෙ අය ඔයාගෙ යාළුවො හිනා වෙනව නං කකුලෙන් අදිනව නං ඔයාට මොනව හිතෙයිද....? ජීවිතේ හැම දෙයක්ම සීමා සහිත වෙලා නං... නිදහස පවා සීමා වෙලා නං ඔයාට මොන වගේ හැගීමක් දැනෙයිද...? පවතින සමාජ ක්‍රමයට ඔයා විරුද්ධ වෙද්දි ඔයාට හැම කෙනාම හිනා වෙනව නං... ඔයව අධෛර්යට පත්කරන්න හදනව නං ඔයාට මොනව හිතෙයිද...? ඔයාගෙ ආදරයට හරි ඔයාගෙ යාළුවෙකුගෙ ආදරයට හරි සමස්ථ සමාජයම ගර්හා කරනව නං... ඒකට උදව් කරන අයව මහා වැරදි කාරයො විදියට සලකනව නං ඔයාට මොනව හිතෙයිද....?

                                                                                               අද මං කියන්න යන්නෙ ඒ වගේ කතාවක්... ඉවසිල්ලෙන් බලන්න පුලුවන් නං ජීවිතයට යමක් එකතු කරගන්න පුලුවන් නිර්මාණයක්.. ඒ වගේම හිතට ධෛර්ය ලැබෙන කතාවක්.. ටිකක් විශේෂ කතාවක්....  මේක ගැන මුලින්ම ලියල තිබ්බෙ බීට්ල් විසින්... ඒත් එයා සිංහලට උපසිරැසි නොදුන් නිසා  මං උපසිරැසි නිර්මාණය කලා...

ඉතින් මේකයි කතාව..

වජ්ඩා 2012 - සීමාවන්ට එරෙහි වූ දකාරිය

                                                                                         
   මේ මම මගේ බ්ලොග් එක වෙනුවෙන් කරන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.. හැමදාම චිත්‍රපටි බලන එකේ මාත් උපසිරැසි දාන්න හිතුව... ඉස්සල්ලාම තෝරගත්තෙ ටිකක් විශේෂ චිත්‍රපටයක්... ඒ ඇයි කියල ඔයාලට මේක කියනව කොට තේරෙයි..
වජ්ඩා කියන්නෙ 2012 වසරේ නිර්මාණය වුණු  නාට්‍යමය ප්‍රවර්ගයට වැටෙන සුපිරි සිනමා සිත්තමක්... Imdb අඩවියේ මෙයට හිමිවෙලා තියෙන අගයේ  වටිනාකම 7.7ක් තරම් ඉහලයි.. ඒ වගේම මේ චිත්‍රපටිය සම්මාන 18ක් අත්පත්කරගෙන තියෙනව... තව සුදුසුකම් ලැබූ සම්මාන සංඛ්‍යාව 17ක් ... ඉතින් කොයි තරං විශිෂ්ට සිනමා නිර්මාණයක් වෙන්න ඕනද ඒ තරං වටිනාකමක් හිමිකරගන්න.. ඒ විතරක් නෙවී මේක තමා සවුදි අරාබියෙ කාන්තාවක් විසින් කළ පළමු සිනමා නිර්මාණය... මං ඉස්සල්ල කීව කතාවට හේතුව තේරෙන්න ඇති කියල මං හිතනව.. මේ චිත්‍රපටිය නිර්මාණය කලේ HaifaaAl-Mansour විසින්.. දගකාර හිතුවක්කාර  වජ්ඩට පණ පොවමින්අතිවිශීෂ්ට රංගනයක නිරත වෙන පුංචි හිතුවක්කාරි,  වාද් මොහොමඩ්ව  අමතක කරන්නත් බෑ.. එහෙම නං කතාව පැත්තට හැරෙමුකෝ.
                                                                                           
                                                             (වඩ්ජා නිර්මාණය කළ හයිෆා අල් මන්සූර්) 


වජ්ඩ කියන්නෙ අවු.11 ගෑණු ළමයෙක්.. හැබැයි මෙයා දාගන්නෙ නං එසේ මෙසේ බාල්දි නෙමේ.. මෙයාට එකම එක හීනයක් තියෙනව... ඒ තමා සයිකලයක් ගන්න එක...ඒ වගෙම එයාගෙ යාළුව අබ්දල්ලත් එක්ක තරගෙට සයිකල් පැදල දිනන එක.... ඒත් වජ්ඩ ගෙ ආගම අනුව පාපැදිය කියන්නෙ ගෑණු ළමයින්ට තහනම් දෙයක්... ඒත් මෙයාට ඕන එකම දේ සයිකලය.. කොටින්ම මෙයා ජීවත් වෙන්නෙත් ඒ වෙනුවෙන් කියල හිතෙන තරං.එක පාරක් මෙයා එයාගෙ පිරිමි යාළුව ගෙදරට ගෙන්නගන සයිකල් පදින්න ගිහින් අලි ජරමරයක් කරගන්නව.... ඒ වගෙම මෙයා සයිකලයක් ගන්න සල්ලිත් එකතු කරනව... සයිකලය ගන්න ඕන රියාල් 800ක්...හැබැයි මෙයාට තේරෙනව ඒක ලේසි දෙයක් නෙමේ කියල.. ඒ හිංද මෙයා කෙටි ක්‍රමත් උත්සාහ කරල බලනව.. ඒ හිංද මෙයා එක පාරක් සෞදි ආගමික පොලිසියට අහුනොවී බේරෙන්නෙ අනූනවයෙන්... ඒ අතරෙ මෙයා දැනගන්නව ඉස්කෝලෙ කුරාණය සම්බන්ධ දැනුම පරීක්ෂා කරන තරගයක් තියෙනව කියල... ඒ වගෙම ඒකෙ තෑග්ග රියාල් 1000ක්...මෙයා පොඩි බොරුවක් එහෙම කියල (මොකද මෙයා පෙරලගන්න බාල්දි වල හැටියට මෙයා මොකාට එනවද කියල කාටත් සැකයිනෙ) තරගෙට නම දාගන්නව...

                                                                                         ඉතිං වජ්ඩ මොන වගේ බාල්දිද පෙරලගන්නෙ ... එයා මේ තරගෙන් දිනයිද...? එයා සයිකලයක් ගනියිද ....? අබ්දල්ලත් එක්ක තරග කරන්න පුලුවන් වෙයිද...? එයාගෙ පවුලට මොන වගේ ප්‍රශ්නද එන්නෙ කියල බලන්න නං ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනව...

පසු සටහන-- මේ මගේ ප්‍රථම නිර්මාණය හින්ද යම් යම් අඩුපාඩු තියෙන්න පුලුවන්... ඒය ගැන මං සමාව ඉල්ලනව.. ඒ වගෙම ඔයාලට යමක් කියන්න තියේ නං කියන්න.. ගල් මුල් සතුටින් බාර ගන්නව...  අනිත් කාරණය තමා මේකෙ තියෙන කුරාණ පාඨයන්ට නිවැරදි ඉංග්‍රීසි පරිවර්තනයක් නෑ කියල තමා මට හිතෙන්නෙ මොකද මං මේක උපසිරැසි දැම්මෙ පිටපත් කීපයක් සංසන්දනය කරල... ඒ වගෙම මගේ යෝජනාව තමා පුලුවන් නං බ්ලූ-රේ පිටපත භාගත කරගෙන බලන්න කියන එක.. එහෙනං ආයෙත් අළුත් නිර්මාණයකින් හමුවෙන කං... ජයවේවා...

                                                                                          මම මගෙ බ්ලොග් එක වෙනුවෙන් මේක පරිවර්තනය කලාට මේක හුග දෙනෙක් බැලුවොත්  වටියි කියන බලාපොරොත්තුවෙන් බයිස්කෝප් සිංහලෙන් අඩවියට දැම්ම... ඒක සම්බන්ධයෙන් යම් අපහසුවක් වුණා නම් මං සමාව ඉල්ලනව...


ප.ප.ලි--කාට හරි පුලුවන් නං මේ ගැන බීට්ල්ව දැනුවත් කරන්න ඒ මට කරන ලොකු උදව්වක්...




44 comments:

  1. වැඩේ නම් නියමයි,
    අපිට කියවන්න තව ටිකක් විස්තර කරල තිබ්බනම් ගොඩක් වටිනවා....

    ෆිල්ම් එක බලල ආයෙත් එන්නම්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර දැම්ම නං කුතුහලේ වගෙම ආසාවත් බහිනව... ඒකයි මේම දැම්මෙ..
      බාගෙන බලලම කියන්නකො එහෙනං

      Delete
  2. මේ චිත්‍රපටියේ ඉන්න වජ්ජාගේ අම්මා ගැන නම් මගේ හිතේ පැහැදීමක් ඇතිවුනා. හරිම පියකරු සිරුරක් තිබෙන කාන්තාවක්.

    ReplyDelete
    Replies
    1. හෑ.... අම්ම විතරද දැක්කෙ පිලුම් එක පුරාම...
      නකෝ... කතාව වත් බැලුවෙ නැතෙයි

      Delete
  3. ස්තූතියි තොරතුරු වලට.. බාදක මතින් යන ජිවිත බොහෝදෑ අන් අයට උගන්වනවා ..


    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත... පුලුවං නං චිත්‍රපටිය බාගෙනම බලන්න...

      Delete
  4. තොරතුරට ස්තූතියි මහේෂ්,ෆිල්ම් එක බලලම ගුණ පණ කියන්නද.

    ReplyDelete
    Replies
    1. කියන්න කියන්න... මං හරි ආසයි මං කරපු වැඩක ගුණ නුගුණ කියනවට

      Delete
  5. බාන්නම් ලබන මාසෙ ඈ :-))

    ReplyDelete
    Replies
    1. ඇයි හප්පා ඒ... ඩේටා ඉවරෙයි....

      Delete
  6. බලන්න ඕනේ කලිනුත් මේ ගැන විස්තරයක් ඇහුනා මතකයි :) වැඩි විස්තරත් එක්ක නම අයේ මතක් වුණේ මේ ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්... බීට්ල් තමා කියල තිබුණෙ... උදව්වක් වුණා නම් සතුටුයි

      Delete
  7. මම මේක බලන්න හිතන් හිටියට හැම වෙලේම පස්සට යනවා බං.. කොම උනත් හොද ෆිල්ම් එකක් කියලනම් දන්නවා...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් මට නං සෑහෙන්න හිතට ඇල්ලුව.... පුලුවං නං බාගෙන බලන්න

      Delete
  8. අලුත් වැඩේ නැගලම යන්න කියල පැතුමන්....
    ට්‍රේලරය බැලුව සාර්ථක බව වැටහුනා.නිවාඩුව සියල්ල බලනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි...
      ලස්සන ෆිල්ම් එකක් බාගෙන බලන්න පුලුවං නං අගෙයි... අපරාදෙ මට අමතක වුණානෙ ට්‍රේලර් එක දාන්න

      Delete
  9. අලුත් වැඩෙට ජයවේවා කිව්වා ඕන් ...

    උපැසිරැසි එක්ක බලන්නෙ නැති තරම්,දෙමළ එවා නම් උපැසිරැසිය ඕන ...බාගෙන බලන්න ඕන .....

    සුභ අනාගතයක් !!! ;))

    ReplyDelete
    Replies
    1. මේක ඇරබියන් ෆිල්ම් එකක්... මේකත් එක්ක එන ඉංල්ගිෂ් සබ් ෆයිල් එක වැරදී.. ඒ හංද මේක ප්‍රයා්ජනවත් වෙයි

      Delete
  10. මේ චිත්‍රපටිය ඩවුන්ලෝඩ් කරගෙන බලන්ඩ ඕන.. මම කලින් මේක බලලා නෑ..
    බ්ලූ රේ එක බාගන්න එක තමා ප්‍රශ්නේ... ගොඩක් සයිස් නෙහ්... !

    ReplyDelete
    Replies
    1. ඒත් ඒකෙ කොලිටිය වගෙම සබ් එකත් සම්පූර්ණයි පුලුවන් නං ඒක ගන්න බලන්න

      Delete
  11. මහේෂ්.. අලුත්ම වැඩක් කරල නේද.. මරු මචං. දැන් ඉතින් ඉවසිල්ලක් නෑ මේක ඩවුන්ලෝඩ් කරගෙන බලනකල්. තෑන්ක්ස් මචෝ..

    ReplyDelete
    Replies
    1. බලන්න මනොෂ්.... ගොඩක් ලස්සන ෆිල්ම් එකක්

      Delete
    2. ඔෆිස් නෙට්වර්ක් එකෙන් මේ ලින්ක් එක access කරන්න දෙන්නෙ නෑ මහේෂ්. ගෙදර ගිහින් හරි ඩවුන්ලෝඩ් කරගන්නෝනි. MB කීයක් විතර තියෙනවද මේකෙ?

      Delete
    3. සමහර ඔෆිස් වල ටොරන්ට් බ්ලොක් කරල තියෙන්නෙ... ඒත් ටොරන්ට් ෆයිල් එක වෙන කම්පියුටරයකට බාල හිටන් ඒකට කොපි කලොත් පුලුවන් වෙයි...
      මේකෙ ඩීවීඩී රිප් එක 730ක් තියේ...
      බ්ලූරේ එක 1.67 ක් ගිගා බයිට්

      Delete
  12. හිත ඇත්නම් පත කුඩාද කියන්නෙ නිකන්ද.?

    ෆිල්ම් එකක් බාන්න ඩේටා වත් ෆිල්ම් එකක් බලන්න නිදහසක් වත් නෑ බං. හිමීට බලන්නම්.

    කොහොම උනත් උඹේ අලුත් වැඩේට උණුසුම් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. පුලුවන්වෙලාවක් බලන්න ඇත්තටම සංවේදී සිනමාපටයක්

      Delete
  13. දැනුවත් කලා :) ... උප සිරැසි වැඩේ මරු මහේෂ්... ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. ඔයාව දැනුවත් කරන්න කීවෙ මං මේක දැක්කෙ ඔයාගෙ අඩවියෙන් නිසා... ස්තූතියි මෙහෙ ආවටත්...
      මාව දිරි ගැන්නුවටත්

      Delete
  14. එලනෙ කොල්ලා. මේක මං බලල නෑ. හෙට අනිද්දට ෆිල්ම් කීපයක් බා ගන්න ඉන්නෙ. අපි ඉතින් සීමිත ඩේටා නිසා නයිට් පැකේජ් වලින් තමයි බාන්න වෙන්නෙ. දැනට ගන්න හිතා ඉන්න කීපයක්ම තියනව. එතකොට මේකත් එක්කම බා ගන්නම්.

    සුබ පැතුම් අලුත් වැඩේට.

    ReplyDelete
    Replies
    1. ඔයාට මේ සටහන උදව්වක් වු්ණා නම් එක මට සතුටක්... බාගන බලලම මට හොද නරක කියන්නකො

      Delete
  15. පොඩ්ඩක් හිටහන් ෆිල්ම් එක බලලා එනකන්

    ReplyDelete
    Replies
    1. බලල ඇවිත් ඔයාට හිතෙන දේ කියන්නකො

      Delete
  16. මේ ෆිල්ම් එක ගැන කීප තැනකම පොඩ්ඩ පොඩ්ඩ කියවන්න ලැබුනා. දැන් ඉතින් ෆිල්ම් එක බලන්නම ඕන. ස්තූතියි මහේෂ්.

    ReplyDelete
    Replies
    1. මගේ සටහන නිසා පුංචි හරි පෙළඹවීමකු ඇති වුණා නම් සතුටක්.අරූ අය්ය...
      බාගෙන බලලම කියන්නකො

      Delete
  17. මේ ගැන මං සටහන් කිහිපයක්ම දැක්කා නේ මහේෂ්.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. සටහන් තිබුණට දේශක තුමා කව්රුවත් මේ ෆිල්ම් එකට සබ් දීල තිබුණෙ නෑනෙ... ඉතිං මං හිතුව මේකට සබ් දෙන්න... මාත් මීට පෙර බීට්ල් ලියපු සටහනක් නිසා තමා මේකට සබ් දාන්න පෙළබුනේ

      Delete
  18. ලස්සන ෆිල්ම් එකක් වගේ...කොහොම හරි බලන්න ඕනි

    ReplyDelete
    Replies
    1. බලන්න බලන්න... සංවේදී චිත්‍රපටියක්... යමක් ගන්න පුලුවං චිත්‍රපටියක්

      Delete
  19. බැලිය යුතුම ෆිල්ම් එකක් වගේ..තොරතුරු දුන්නට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. බාගෙන බැලුව නං.... හිතට අල්ලයි කියල හිතෙනව

      Delete
  20. ෆිල්ම් එක බලන්නම්කෝ. බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.... බාගෙන බලන්නකො... හරි අපූරු චිත්‍රපටියක්
      ස්තූතියි මෙහෙ ආවට...
      හැකිනම් නැවත එන්න

      Delete
  21. නිවාඩු පාඩුවේ Film එක බාගෙන බලන්නම්කෝ..

    අලුත් වැඩේ දිගටම කරන් යන්න සුභ පතනවා. ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දමිත්...
      පුලුවන් වෙලාවට අවන්හලට ගොඩවැදෙන්න

      Delete