Friday, March 7, 2014

දෙබිඩ්ඩෙක්.....

කේඬෑරි ඉපල් බැ
මළකඩ යදමකින්
විහින් විලංගු ලා ගෙන
චපල සිතක් තුළ
සිරකරුවෙක්ය නුඹ
නිදහසක් අසන......

හමන සුළ
සුළ අතටම
ඔහේ පාවෙන
ගොදුරු ලොබ බැදි
පක්ෂියෙකි නුඹ
සිමනක් යදින......

ගලන ග දිය මත
පාවී ඇදෙමින
එ ගං දියටම සාප තබමින
එගොඩක් මෙගොඩක්
සොයා කොයිදැයි
පීනමින් එතෙර වන්නට
සවි ඇතත් තැතක් නොදරන
පරපුටුවෙක්ය නුඹ.........


සිතුවම--- ගූගල් වෙතින්

36 comments:

  1. ලස්සන කවි සිත්තමක් !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංගය්යා

      Delete
  2. බලන් ගියාම් මහේෂ් හොඳ ගීත රචකයෙක්නේ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඒකනෙ....
      ස්තූතියි ඉවාන් අය්ය...

      Delete
  3. නියම පද පෙලක් බන්. සිරාවටම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියෝ....

      Delete
  4. ලස්සන කවි පෙලක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සසිදුවො..............

      Delete
  5. සිරාවටම හොදයි නේ මහේෂ්.. ජය වේවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ... ස්තූතියි දේශක තුමා..... ජයවේවා

      Delete
  6. අපූරු අදහසක් ... ලස්සනයි ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි ඔබට...

      Delete
  7. දෙපාරක්ම කියවන්න වුණා..ඒ තරමටම හිතට වැදුන..

    ReplyDelete
    Replies
    1. හිතට වදින්නටම මට ලියන්න පුලුවන් වුණ එක ගැන පුංචියට ආඩම්බරයි.... ස්තූතියි උමේශ්

      Delete
  8. හ්ම්ම්... මට අපහැදිලි.

    ReplyDelete
    Replies
    1. ඇයි.... ඒ තරං අමාරුද තෝරන්න... එච්චර ලැට පද නම් නෑ

      Delete
  9. බරයි.....ටිකක් වෙලා යනව තේරුම් ගන්න....
    අගෙයි.......

    ReplyDelete
    Replies
    1. බරයි කීව....ඒ තරමට නෙවේ මං හිතන්නෙ... ඔබට තේරුණා නම් යමක් ඒ ඇති මට

      Delete
  10. දෙබිඩ්ඩෙක් කියලා උඩින්ම දැම්මට මොකද හරියටම මේ කෙනා මින වගේද කියලා හිතන්න බැරුව මම මේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. ඇයි දිනේෂ් අය්ය.... හැම පද පෙලකම දෙබිඩි ගති ලක්ෂන හොදට කැපිල පේනව නෙව

      Delete
  11. ///සවි ඇතත් තැතක් නොදරන
    පරපුටුවෙක්ය නුඹ.........//////

    මම මේ කොටසට ඉතාමත් කැමතියි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.... අන්තිමේදි ටයිප් කරන කොට වෙනස් කරපු එකම තැන... මට හිතුණ එහෙම හොදයි කියල....
      අද හුගක් ඉන්නෙ පරපුටුවො නෙව.... ස්ව ශක්තියෙන් නැගී හිටින්නෙ කීයෙන් කී දෙනාද....
      ස්තූතියි අරූ අය්ය දිරිමත් කිරිමට

      Delete
  12. කතාව නම් තෙරුණා ලස්සනයි එල

    සිංහලේ ලස්සන වචන තව අරන් ලියහන් හැකියාව හොදයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ කීව...
      හැකි සෑම විට ගත යුතු හොදම අකුරුයි ගන්නෙ සහෝදර තුමා...

      Delete
  13. මට අද තමයි අවන්හලට ගොඩ වදින්න ලැබුනේ ........

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩ වැදුනට... එන්න දිගටම සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  14. හිතන්නට යමක් ඇති පද පෙළක්... ලස්සන නිර්මාණයක් මහේෂ්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චාම්ස්... ස්තූතියි ඔබට

      Delete
  15. අපූරු පද පෙලක්.ජය..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චින්තක ඔබට....

      Delete
  16. නියමයි මාත් දෙපාරක්ම කියෙව්වා දෙබිඩ්ඩා තේරුම් ගන්න
    මලකෑ යදම කඩා බිම දා
    බලව් ලෝකය නිවහල් සිතින්
    නොඅසව් නිදහස හිගන්නෙකු විලස
    ලැබෙයි නිදහස අන්න ඒ දාට

    ReplyDelete
    Replies
    1. අසන්නේම නිදහස සිගන්නෙකු විලසම නොවැ... අනේ මංද... මොවට මක්ක කියන්නද කියල... අපේ ඇත්තන්නෙ පරම්පරාගත වැරදි නෙව...

      ස්තූතියි ගොඩවැදුනට අවන්හලට.... එන්න හැමදාම.... සාදරයෙන් පිළිගන්නව...

      Delete
  17. //පීනමින් එතෙර වන්නට
    සවි ඇතත් තැතක් නොදරන
    පරපුටුවෙක්ය නුඹ.........//

    නිකං හීං නූලෙන් කනට ගහල තියෙනවා..
    ලස්සන පැදි පෙලක්,

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හි හි.... එහෙමත් කීව නේහ්... හා හා...
      ස්තූතියි විදානෙ මෙහෙ ආවට.... එන්න හැමදාහ... සාදරයෙන් පිළිගන්නව අවන්හලට

      Delete
  18. ඒක පුදුම කවියක්...සුපිරි මහියා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ජානි යො.
      ගොඩක් ස්තුති මාව අගය කලාට

      Delete