ශ්‍රද්ධාව
බෝ ගහක්..
පිළිමයක්
පංසලක්
දුටු සැණෙක
බාගෙට ඉස්සෙන
පස්ස....
එපා
පරක්කු වැඩියි
මතක බණත්
කියල ඉවරයි
ආයෙත් නෑ
ආදරේ....
ඕෂෝ
නුඹ හොදයි
උඩු ගං පීනන්න
ඒත්
වතුර පාර
සැර වැඩියි
සම්භාව්‍ය
අපට නොතේරෙන
උන්ට කොහොමත්
නොතේරෙන
අගක් මුලක්
නැති
වැල්වටාරම....
සහකාරිය
අදෙස් සොයනු
නැති
ගැලපුම් සොයනු
බැරි
නුඹ නික්මි දා
සිට
සිත ඉතිරි
හිස්තැන...
ලැම්බොගිනි
පුස් සයිකලයක්
වත්
නැති එකෙකුගේ
බඩගින්න
මං හිතුවෙ දැන් බොගිය අමතක වෙලා කියලා ...
ReplyDeleteසුපිරි අර සම්භාව්‍ය එක නම්
අනේ නෑ දොඹේ... පහුගිය දවස් ටිකේ නිවාඩු හංද තාත්ත වහලයක්ගහනව ඒකට සප් එක දු්න ඒ හිංද තමා බොගිය ටිකක් මගෑරුනේ... සුපුරුදු පරිදි අද සිට කරලියේ...
Deleteස්තූතියි අගය කිරීමට..
සම්භාව්‍ය ලේබලේ මට පෙන්නන්න බෑ... මොකද ඒවැයි තියෙන මෙලෝ මගුලක් තේරෙන්නෑනෙ
//සම්භාව්‍ය ලේබලේ මට පෙන්නන්න බෑ... මොකද ඒවැයි තියෙන මෙලෝ මගුලක් තේරෙන්නෑනෙ// සිරාවට බං රෙද්ද. (y)
Deleteමං නම් හරිම කැමැති සම්භාව්‍ය දෙවල් වලට ,මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑනේ හක්
Deleteනොතේරෙන හිංදද ඒවයෙ කුණුහබ්බ වැඩි හිංදද...
Deleteහී......
@ පියා.... බලං ගියාම අපි එකම බොට්ටුවෙ නැද්ද...
Deleteඇත්තටම ඒ මිනිස්සු සරලය ලීව නං අපිත් කියනවව බලනව.. මොකො ්ඔව අපි බැලුවයි කියල අගේ බහිනවයි...
අම්මප බං මට පයින් දෙන්න හිතෙනවා බස්වල යනකොට. චෛත්‍යක් එහෙම දකිනකොට විජහට ඉස්සෙනව පස්ස. දරු ගැබක් දරාගත්ත අම්ම කෙනෙක් දැක්කම අර එකෙක් නෑ ඇහැක් ඇරල බලන්නෙ.
ReplyDeleteඅවන්හල ඇරියෙ ටිකක් පරක්කුවෙලා මේ පාර. නේද?
ඒක නං ඇත්ත කතාව මනෝ... ඇත්තටම එහෙම පස්ස ඉස්සෙනව නේද එතකොටමට බුද්ධාගමේද මුං කියල හිතෙනව... හරිම අජූතයි....
Deleteමේ පාර සති එක හමාරක විතර බ්‍රේක් එකක් තිබ්බ.. කෝමත් සුපුරුදු විදියටම අද ඉදං වැඩ පටං ගන්නව
අඩේ.. මේක පුරා කවිනෙ. ඉස්සෙල්ල දැක්කෙ පළවෙනියටම තිබුන එක විතරයි. අපූරු කවි ටික මචං.
Deleteඑහෙමෙයි...
Deleteහී....
පොඩි වෙනසක් කරන්න හිතුන...
ස්තූතියි
සිරාවට බං… පිස්සු හැත්ත.
Deleteහරි හරි ස්පෙලින් හරි "පිස්සු හැත්ත" (මං බැලුවා වැරදිලාවද්ද කියලා)
Delete@ප්‍රියා... ඒක හරි...
Deleteපිස්ස හැත්ත උංට ටිකක් මාංදමිකයි
@ විදානේ... නෑ නෑ .... හික්ස්....
Deleteෂහ් ෂහ්..
ReplyDeleteසුපිරි මිනිකවි.....
ජය වේවා!!!
ස්තූතියි විදානෙ....
Deleteමහළු අයෙකු,
ReplyDeleteරෝගියෙකු,
පූජකයෙකු,
දුටු සැනින්
පියැවෙන
දෑස ..........................
ඔය තියෙන්නෙ...
Deleteවෙලාවක මගෙ පිටුවෙ කමෙන්ට් හඅටියට කට්ටිය දාපු කවි ටිකක් එකතු කරල වෙනම පොස්ටුවක් දාන්න ඕන...
ස්තූතියි අදහස් බොදාගත්තට
එළ මචෝ..
ReplyDeleteගැහැණිය
දුටු වනම
සිත ඉල්ලන
අඩන, වැලපෙන
ළග ඉන්න විටක,
දුටු වනම
යකිනිය
ස්තූතියි දේශක තුමා.............
Deleteඒ ගැන නං ඔබ තුමාට අත්දැකීම් නැතැයි...
හැක්
එළ එළ මචෝ, නියමයි.
ReplyDeleteඑකක් කියලා නෑ බං ඔක්කොම වගේ හොදයි.
ස්තූතියි ප්‍රි යා....
Deleteඋම්මා....
අවි රැඳී
ReplyDeleteඅතින් පන්හිඳක්
කල විස්කම
මහේෂ්
හා හා... ඒව තහනං වචන.... හික්ස්...
Deleteස්තූතියි ඉවාන් අය්ය...
රොම්බ නන්රි
වැනුනත් ලතාවට වැනෙන
ReplyDeleteපෙරලුනත් මනසත් පෙරලෙන
කෙලින් තිබුනත් බකලෙට පේන
ඇගේ පස්ස ඇනයක් වුනානෙ
මට
හෑ....
Deleteඅමිලයත් පට්ට කවි නෙව කියන්නෙ...
ජයවේවා
නියම කවි ටික..
ReplyDeleteසම්භාව්‍ය පට්ට..
ජය වේවා..
නොවක් තුති අගය කලාට මාව...
Deleteනියමයිනේ....
ReplyDeleteස්තූතියි ධනුෂ්....
Deleteසුපිරි ideas ටිකක්!
ReplyDeleteතැංකුයි අලියො.....
Deleteමිනි කවි
ReplyDeleteකොට කවියක්
දිග අදහසක්
එක් කල විට දැනේ
මිහිරක්
:D
කොට කවියක්
Deleteලොකු මිහිරක්...
ස්තූතියි මානවිකා
කවි මිනී වෙන දවස එන තෙක්
ReplyDeleteඇඟිලි ගනිමි මම... හෙහ්
වෙන්න දෙයක් නෑ...දැනුත් නිසදැස් විතරයි නෙව තියෙන්නෙ... කවි කියල කීප දෙනයි ලියන්නෙ... මාත් කවි කියල ලේබලේ වැනුවට නිසදැස් මිසක් ලියන්න දෙයක් දනන්නෑ
Deleteආවට තුති...
එන්න පුලුවං නං හැමදාම
මරු බං. උඹත් අර මිනිකවි බ්ලොග් එකට ලියපං..
ReplyDeleteඅපි නම් මිනි තියා ලෝන්ග් වත් කවි ලියන්නේ නෑ දැන් නම්..
මාත් ඒක පාරක් දැක්ක ඒත් දැං ඒකට යන පාර මතක නෑනෙව....
Deleteඉදල හිටල හරි ලීව නං... දිනේෂ් අය්යට ජයටමලියන්නත් පුලිවං එකේ
සම්භාව්‍ය කියන එක දැක්ක ගමන් මට මතක් උනේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පීන්ගෙ චිත්‍ර...
ReplyDeleteඅප්පේ හා ඒජාතියෙ චිත්‍ර ගැන නං මොකට කියනවද...
Deleteනිකං කටු බලියක් විතරයි මට නං ඔව්
අපූරු මිනි කවි ටික..
ReplyDeleteස්තූතියි තුශානි....
Deleteස්තූති
පොලිස් මාප්‍රකා
ReplyDeleteකට පුරා
සෙම පෙරෙන
ගඳ ගහන
කොමොඩ් කට.....
හැක්....
Deleteමේ තියෙන්නෙ පට්ට මිනි කවියක්
ඔන්න මමත් කුළුදුලේම මේ පැත්තට ඔලුව දැම්මා...මේ වර්ෂන් එකේ කවි වලට මම මනාපයි...නැත්තං කවි කියන්නෙ මම එච්චර කැමති දෙයක් නොවෙයි...බොට ජයම වේවා...
ReplyDeleteස්තූතියි සිරා... කවි කියන්නෙත් එක්තරා හැගීම් ප්‍රකාශන මාධ්‍යයක් පමණයි නෙව...
Deleteආවට තුති... පුලුවං නං හැමදාම එන්න බලන්න
හැමදාම එන්න තමයි බං...මගේ රෝලට මේක දාගත්තෙ...
Deleteඒ වචනෙටත් තැංකුයි...
Deleteකෙනෙක්ගෙ නිර්මාණයක් තව කෙනෙක් අගය කරනව කියන්නෙ ඒ නිර්මාණය කරණ කෙනාට ඒ තරං සංතෝසයක් නෑ ... ස්තූතියි සිරාඅය්ය
පිනි කැට ඇවිදින
ReplyDeleteඅසිරිමත් රාත්‍රිය
මෙන්න තණ පත්
ගී කියන වසන්තය
අද දවසේ කියවපු ලස්සනම කවිය... මං හිතුව අපිව අමතක වෙලා කියල....
Deleteස්තූතියි දිනිති අක්ක
අමතක වෙන්නෙ නැහැ මල්ලි.. මං ටිකක් ඇක්ටිවු මදි බ්ලොග් එකට. ආපු වෙලාවට හැම එකම කියවල යනව. :-)
Deleteමං දැකල තියෙනව ඔයා අම්බානෙට බුකියට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියල... බුකියෙ ලියන කවි මේකෙ ලීව නං ඒව හැමදාටම ඉතුරුයි... ඊටත් ඔයා කවිකාරියක් හිංද බ්ලොගක් මේන්ටේන් කරන එක කෝමත් වැදගත් වෙයි...
Deleteනිර්මාණ කරන්න කම්මැලි වෙන්න එපෝ....
මගේ මිනි කවි මේවා තමා හිතට ආපු බයිලා
ReplyDelete"කුඩා කල
මා බිය කළ
වෙස් මුහුණු.......
දැන් ඉතා පිවිතුරුව
සැඟව බියකරුව
මතු කරයි පියකරුව
තුටු කරයි
මා..........,
නිරතුරුව
මා තුටු කළ
සිනා මුහුණු.........
දැන් ඉතා පිළිකුල්ව
සැඟව පියකරුව
මතු කරයි බියකරුව
නිති පෙළයි
මා..........,
නිරතුරුව..."
"නුඹ ආවා
දිව සළු වෙලා
රිදී රත්‍රන්
ඇගේ එල්ලා
නේක සුගන්ධයන්
ගත තවරලා
මදහසක් මුවග
රන්දා
නෙතු අගින් මා
දෙස බලා
ඉතින් මට
කෙළවුනා......."
"නුඹ ඔතන
මම මෙතන
දවසක
අපි අතන
බලා හිදියි උන්
හිදගෙන එතන........"
:D
පට්ට...
Deleteආවට ස්තූතියි...
පිළිගන්නව සාදරයෙන් අවන් හලට....
හුග දවසකින් බ්ලොග අප්ඩේට් වෙලා තිව්නෙ නෑ නේද...
කම්මැලි කං ගසා ඇරල ලීව නං...
මේ ලියලා තියෙන් පුංචි ඒත් ලස්සන කවි පෙලක්
ReplyDeleteඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න
ස්තූතියි මං කරන්නං
Delete