සිනා මල් පෙති දසත අතුරා
සුළඟටත් නුඹ සිනා සෙන්නා
හිතක ආදර හැඟුම් වපුරා
යොවුන් ආදර තනුව වැයුවා
සුළඟටත් නුඹ සිනා සෙන්නා
හිතක ආදර හැඟුම් වපුරා
යොවුන් ආදර තනුව වැයුවා
වැවක දියවර සිසිල කැන්දා
ඊට වැඩි ආදරය දුන්නා
අන්සතුව නුඹ යන්න ගියදා
ඉනු කඳුළු මහ මුහුදටත් වැඩිවා
අන්සතුව නුඹ යන්න ගියදා
ඉනු කඳුළු මහ මුහුදටත් වැඩිවා
මතකයට යළි පණ උපද්දා
අකුරු වැල් නෙක රටා මැව්වා
මතක ඉහිරුණ රටා වන් මැද
ආදරෙන් නුඹ හිනැහෙනව දුටුවා....
අකුරු වැල් නෙක රටා මැව්වා
මතක ඉහිරුණ රටා වන් මැද
ආදරෙන් නුඹ හිනැහෙනව දුටුවා....
ප.ස--අන්තර්ජාල සබඳතාවයේ නිදහස් දත්ත අවසාන වීම නිසා ජංගමයේ ආධාරයෙන් ලියූවකි. වැරැදි ඇතොත් සමාවන්න....
පව් නේ... පුදුම ඇඩිල්ක් නේ.. හැක්
ReplyDeleteමේකයි දේශක තුමා. අද වෙන ලිපියක් ලියන්න හිටියෙ. ඒත් දන්නෙත් නෑ ඩේට ඉවර වෙලා. ලොකු පොස්ට් 1ක් ෆෝන් 1 න් ලියන්න බැරි හින්දයි. මේක ලිව්වෙ
Deleteඔන්න ඉතිං ඒකටත් අඩනවා.. හැක්
Deleteමොනවා කියනවද මංද....
Deleteඅද නැගිටිද්දි ඇද විට්ටමේ ඔළුව වත් වැදුණද...
අඩපු කාලයක් මතක නෑ...
ඇඩෙව්ව මිස
අගෙයි අගෙයි...................
ReplyDeleteරූපයත් ගැලපෙනවා... හැබැයි ඉතින් ජංගමයෙන් කොටා ගත්ත එක නම් ලොකු දෙයක්... ජංගමය ස්මාට් වෙන්ටෑ................ හැක්
ස්තූතියි කුරුටු.
Deleteබොහොම අමාරුවෙන් ලිව්වෙ.
ඉස්මාට් තමා අනේ
කවියටම ගැලපෙන පින්තූරයකුත් දාලා ජංගමයෙන් කෙටුවා කියන එකත් ලොකු දෙයක්නෙ..
ReplyDeleteටිකාක් විතර අමාරුයි. මොකද යුනිකෝඩ් වලටම හුරුවෙලා ඉදල මේකෙන් කොටනකොට ගමකට වැරදෙනව.
Deleteස්තූති චාම්ස්
ගියාට පස්සේ ඔහොම් හිතන්න ඇත්තටම පුලුවන්ද?
ReplyDeleteහිතනවා නෙවී හිතෙන විදිය නොව...
Deleteගියා කියලතරහක් නෑ ඉවාන් අය්ය
දලා ගිහින් ආපු සීන් එකක් ද ?නැත්නම් මතක් වෙන එකක් ද ??/
ReplyDeleteදෙකම...
Deleteමතකද මං කලිං ලීව පෝස්ට් එක...
පුර පසෙක නොවී නුඹ අවපසෙක සද වු්ණා....
ඒ නැතිවෙලා ගිය නිදහස් අන්තර්ජාල සබඳතාවටත් මේ කියන කතාව හරි අගේට ගලපන්න පුලුවන් කියල හිතෙනවා.
ReplyDeleteනිර්මාණය අපූරුයි මහී..
ලියල ඉවර වුණාම මටත් ඔහොම්ම හිතුණ....
Deleteසුතූතියි මනෝ
පට්ට ලස්සනයි, ඇත්තටම 4න් එකෙන් කෙටුව කියල හිතන්නත් බෑ, ජය
ReplyDeleteසම්තූතියි සොමී...
Deleteපෝං එකෙන් කොටන එක නං ටිකක් අමාරුයි....
සිරාවටම ගති. නියමයි මහේෂ්.
ReplyDeleteස්තූතියි ප්‍රියා මචෝ
Deleteජංගමය ඇසුරින් බ්ලොග් ලිවීමට පටන් ගන්න එක ලේසි වගේ..
ReplyDeleteමාත් දා ගත්ත් බ්ලොගර් ඇප් එක. බලමු ලිපි ටිකක් ඩ්‍රාෆ්ට් වුණා ඒ ක්‍රමය නිසා..
ඔව් ඒ හිංද නිකං ඉද්දි ලියන්න පුලුවං ඒත් සිංග්ලිෂ් තමා අවුල...
Deleteයුනිකෝඩ් පුරුදු වෙලා ඒක ටිකක්අමාරුයි
ගතියක් තියේ !
ReplyDeleteස්තූතියි මදාරා
Deleteඅගෙයි අගෙයි.. ෆෝන් එකෙන් කෙටුවට ඔය හොදට තියෙන වැරදි නැතුවම..
ReplyDeleteස්තූතියි දිනේෂ් අය්ය...
Deleteහැමදාම ඇවිත් දිරිමත් කරනවට
කවි පෙළ නම් මරු. ජංගමෙන් මෙච්චර කොටපු එක ඊටත් වඩා මරු!
ReplyDeleteතුති කුරුටු ...
Deleteජංගයමන් කොටනව කියන්නෙත් ලේසි නෑ
කලින් ගීතය මම කිව්ව විදියටම කීප දෙනෙකුටම යැව්වා...තවම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ...ආදරයේ විරහව කියන දේ අද බොහොම සිල්ලරයි. ඒ නිසා හැකි නම් ආදරයේ චමත්කාරය විස්තර වෙන ගීතයක් ලියන්න වෙනසකටත් එක්ක.
ReplyDeleteස්තූතියි සිරා අය්යෙ....
Deleteබලමුකො ඉස්සරහට...
මං මේක නිකං දැම්මෙ...
පෝන් එකෙන් පබ්ලිෂ් කරන්න අමාරු නිසා