Thursday, May 29, 2014

හීන මියැදී....

සිනා මල් පෙති දසත අතුරා
සුළඟටත් නුඹ සිනා සෙන්නා
හිතක ආදර හැඟුම් වපුරා
යොවුන් ආදර තනුව වැයුවා

වැවක දියවර සිසිල කැන්දා 
ඊට   වැඩි  ආදරය  දුන්නා
අන්සතුව නුඹ යන්න ගියදා
ඉනු කඳුළු මහ මුහුදටත් වැඩිවා

මතකයට යළි පණ උපද්දා
අකුරු වැල් නෙක රටා මැව්වා
මතක ඉහිරුණ රටා වන් මැද
ආදරෙන් නුඹ හිනැහෙනව දුටුවා....



ප.ස--අන්තර්ජාල සබඳතාවයේ නිදහස් දත්ත අවසාන වීම නිසා ජංගමයේ ආධාරයෙන් ලියූවකි. වැරැදි ඇතොත් සමාවන්න....

28 comments:

  1. පව් නේ... පුදුම ඇඩිල්ක් නේ.. හැක්

    ReplyDelete
    Replies
    1. මේකයි දේශක තුමා. අද වෙන ලිපියක් ලියන්න හිටියෙ. ඒත් දන්නෙත් නෑ ඩේට ඉවර වෙලා. ලොකු පොස්ට් 1ක් ෆෝන් 1 න් ලියන්න බැරි හින්දයි. මේක ලිව්වෙ

      Delete
    2. ඔන්න ඉතිං ඒකටත් අඩනවා.. හැක්

      Delete
    3. මොනවා කියනවද මංද....
      අද නැගිටිද්දි ඇද විට්ටමේ ඔළුව වත් වැදුණද...
      අඩපු කාලයක් මතක නෑ...
      ඇඩෙව්ව මිස

      Delete
  2. අගෙයි අගෙයි...................

    රූපයත් ගැලපෙනවා... හැබැයි ඉතින් ජංගමයෙන් කොටා ගත්ත එක නම් ලොකු දෙයක්... ජංගමය ස්මාට් වෙන්ටෑ................ හැක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු.
      බොහොම අමාරුවෙන් ලිව්වෙ.
      ඉස්මාට් තමා අනේ

      Delete
  3. කවියටම ගැලපෙන පින්තූරයකුත් දාලා ජංගමයෙන් කෙටුවා කියන එකත් ලොකු දෙයක්නෙ..

    ReplyDelete
    Replies
    1. ටිකාක් විතර අමාරුයි. මොකද යුනිකෝඩ් වලටම හුරුවෙලා ඉදල මේකෙන් කොටනකොට ගමකට වැරදෙනව.
      ස්තූති චාම්ස්

      Delete
  4. ගියාට පස්සේ ඔහොම් හිතන්න ඇත්තටම පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. හිතනවා නෙවී හිතෙන විදිය නොව...
      ගියා කියලතරහක් නෑ ඉවාන් අය්ය

      Delete
  5. දලා ගිහින් ආපු සීන් එකක් ද ?නැත්නම් මතක් වෙන එකක් ද ??/

    ReplyDelete
    Replies
    1. දෙකම...
      මතකද මං කලිං ලීව පෝස්ට් එක...
      පුර පසෙක නොවී නුඹ අවපසෙක සද වු්ණා....

      Delete
  6. ඒ නැතිවෙලා ගිය නිදහස් අන්තර්ජාල සබඳතාවටත් මේ කියන කතාව හරි අගේට ගලපන්න පුලුවන් කියල හිතෙනවා.

    නිර්මාණය අපූරුයි මහී..

    ReplyDelete
    Replies
    1. ලියල ඉවර වුණාම මටත් ඔහොම්ම හිතුණ....
      සුතූතියි මනෝ

      Delete
  7. පට්ට ලස්සනයි, ඇත්තටම 4න් එකෙන් කෙටුව කියල හිතන්නත් බෑ, ජය

    ReplyDelete
    Replies
    1. සම්තූතියි සොමී...
      පෝං එකෙන් කොටන එක නං ටිකක් අමාරුයි....

      Delete
  8. Replies
    1. ස්තූතියි ප්‍රියා මචෝ

      Delete
  9. ජංගමය ඇසුරින් බ්ලොග් ලිවීමට පටන් ගන්න එක ලේසි වගේ..

    මාත් දා ගත්ත් බ්ලොගර් ඇප් එක. බලමු ලිපි ටිකක් ඩ්‍රාෆ්ට් වුණා ඒ ක්‍රමය නිසා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ හිංද නිකං ඉද්දි ලියන්න පුලුවං ඒත් සිංග්ලිෂ් තමා අවුල...
      යුනිකෝඩ් පුරුදු වෙලා ඒක ටිකක්අමාරුයි

      Delete
  10. අගෙයි අගෙයි.. ෆෝන් එකෙන් කෙටුවට ඔය හොදට තියෙන වැරදි නැතුවම..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ් අය්ය...
      හැමදාම ඇවිත් දිරිමත් කරනවට

      Delete
  11. කවි පෙළ නම් මරු. ජංගමෙන් මෙච්චර කොටපු එක ඊටත් වඩා මරු!

    ReplyDelete
    Replies
    1. තුති කුරුටු ...
      ජංගයමන් කොටනව කියන්නෙත් ලේසි නෑ

      Delete
  12. කලින් ගීතය මම කිව්ව විදියටම කීප දෙනෙකුටම යැව්වා...තවම ප්‍රතිචාරයක් ලැබුනෙ නෑ...ආදරයේ විරහව කියන දේ අද බොහොම සිල්ලරයි. ඒ නිසා හැකි නම් ආදරයේ චමත්කාරය විස්තර වෙන ගීතයක් ලියන්න වෙනසකටත් එක්ක.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා අය්යෙ....
      බලමුකො ඉස්සරහට...
      මං මේක නිකං දැම්මෙ...
      පෝන් එකෙන් පබ්ලිෂ් කරන්න අමාරු නිසා

      Delete