Monday, May 26, 2014

ස්මරණ‍-01



                                                                කතන්දර කීම වෙනුවට අතීත ආවර්ජනයක් කිරීමට මා බොහෝ කල් සිට සිතා සිටියද වියවුල් මතකය නිතර මා පරාජයට පත් කලේ ලියා නිම කරන්නට සිතන සෑම දෙයම පස්සට ඇද දැමීමෙන් පමණක් නොව මා හට ඔච්චම්ද කරමිනි. අවසන අපිළිවෙල මතක සටහන් කීපයක් ලියා සිටින්නට අදහස් කලේ පිළිවෙලක් නැති ජීවිතේ පිළිවෙල සෙවීමට යාමෙන් නිරන්තරවම පරාජයට පත් නොවිය හැකි බැවිනි.. එබැවින් අදසිට ඇරඹෙන මේ සටහන් පෙළ මගේ ජීවිතයේ මා විසින් අත්දැක්කා වූද විටෙක මවිසින්ම අසා දැනගන්නා  ලද්දා වූද මතක සමුච්චයක එකතුවකි. ජීවිතයක් තුළ සිදුවෙන්නා වූ සියල්ලම එක් වරම හෝ කිහිප වරකට කියා නිමකළ නොහැක්කේ හැම විටම කාලය තත්පරයෙන් තත්පරයට අතීතයට අපව එකතු කරමින් මතකයන් නිරන්තරයෙන් සිත පුරවා දමන බැවිනි.
මා ගෙවූ සුළු ජීවිත කාලයේදී කළ අඥාන කම්, නුවණක්කාර කම් වීරකම් මෙන්ම කිව නොහැකි යැයි සිතෙන හා මතකයට නැගෙන සියල්ලම ලියා ඔබව වෙහෙසට පත් නොකර ලියන්නට සුදුසු යැයි හැගෙන දේ ලියන්නට අදහස් කලේ එබැවිනි. යමක් මගහැරී තිබිය හැක. සමහර විට එය වෙනත් තැනකදී ලියවිය හැක.  ඔබව අපහසුතාවයට පත් කිරීමක් නොව මතකය පෙළ ගැසෙනආකාරය බැවින් මා කෙරේ උරණ නොවී රැදීසිටින මෙන් ඉල්ලමි.

                                                                ******************

                                                              මා කුඩාවෙකු වූ සන්දියේ එනම් බිළිදෙකු ලෙස මෙලොව එළිය දුටුදා පටන්  වයස දොළහක් හෝ දහතුනක් දක්වා අප රැදී සිටි නිවස පොල්ලතු හෙවිල්ලා වරිච්චි බැද, මැටියෙන්ම කපරාරු කර, සමර ගා තිබූ ගෙවල් දෙකක් එකට යා කර තැනූ දෙගොල්ලක් වාසය කල, කාමර දෙක යැයි වත්තේ අනිකුන් විසින් හදුන්වන ලද කුඩා නිවෙසකි. නිවෙස් දෙකම එකම ආකෘතියකට සාදන ලද්දේ විය. ඊට හේතුව ගෙවල් දෙකම එකට යා කර තිබූ බැවින් විය හැක. ගෙවල් දෙකින් අප නිවසට පිටුපස දොරක් නොතිබුණි... එහෙත් අනෙකට එසේ නොවීය.. එහි කුස්සියට පිටුපසින් පිවිසෙන්නට වෙනම දොරක් විය. අප නිවසට අයිති කොටසේ කුස්සිය හා ප්‍රධාන දොර යන දෙකම එකම පැත්තකට මුහුණලා පිහිටියේ විය. නිවෙස් දෙකෙහිම ප්‍රධාන දොරවල් තිබුනේ නැගෙනහිර පැත්ත දිශාබිමුඛවය. එය උතුරේ සිට දකුණට දික් අතට මීටර් තිහක් හෝ හතලිහක් දක්වා දිගින් යුතුව සාදා තිබුණු බව මතකය. පළල ගැන කියන්නට තරම් නිශ්චිත මතකයක් නැතත් එතරම් පළල් නොවූ එය අඩි දහයක් හෝ පහළවක් වීයැයි අනුමාන කළ හැක. අප නිවෙස හා අනෙක වෙන් වූයේ අඩි පහලොවක් තරම් උසින් පිහිටි මුදුන් මැද බිත්තියකිනි...මින් අප වාසය කලේ දකුණු පැත්තට වන්නට තිබූ නිවෙසේය. (මෙලෙස ගෙවල් දෙකක් හෝ ඊට වැඩි ගාණක්  එකතු කර සෑදූ නිවෙස් වලට වත්තේ වැඩ කළ අය කීවේ කාමර කියාය. හේතුව නොදනිතත් අපි හිටි නිවෙස් දෙක කාමර දෙක වී අප කිරියම්මා හා අත්තා වාසය කළ ලැයිම කාමර හතර ලෙසත් (හතර ගොල්ලක් මෙහි වාසය කලේය) ඊට කිලෝමීටර් දෙකක් පමණ පමණ පහලින් තිබූ එකට ලංව පිහිටි ලැයිම් පේළි දෙක කාමර අට ලෙසත් හැදින්විය)
                                                              අප නිවෙසට යාබද නිවෙසේ වාසය කලේ ගුණසිංහ මාමාත් ඔහුගේ පවුලත්ය. අප පවුල සාමාජිකයන් හතර දෙනෙකුන්ගෙන් සමන්විත වූ අතර ගුණසිංහ මාමාගේ නිවෙසේ, ඔහු හා ඔහුගේ බිරිය හා මවද ඇතුළුව සියළු සාමාජිකයන් හතක් වූ අතර අප එම නවාතැන හැර දමා එන විටද ඒ ගාණ එලෙසම වුවත්, සාමාජිකයන්ගේ වෙනසක් සිදුවී තිබිණ. එනම් පවුලේ ලොක්කිය වූ සුදුවා පොඩිමල්ලි නම් වත්තේ වැඩකල තවත් තරුණයෙකු සමග පැන ගොස් දීගයක් පැටලීමත් ඇගේ මවට එනම් සුමනා නැන්දාට තවත් දියණියක් ලැබීමත්ය.(හත වෙනස් වෙලා නෑ නෙ) සුදුවා ගේ මළණුවන්  රාළයා විය. ඔහුට බාල තිළිණි හා බණ්ඩාරෙ  නමින් පිළිවෙළින් සහෝදරයෙක් හා සහෝදරියක් විය. සුමනා නැන්දාට පසුව ලැබුණු සිගිත්තය සුදු බේබි නම් විය.

                                                               අප වාසය කළ නිවාසපෙළ හැරුණ කොට අප වාසය කල ඒ පෙදෙසටම තිබුනේ අප නිවෙස් දෙකට පහලින් වූ රත්නායක මාමලාගේ ගෙදර පමණි...එහි වූවේ ඔහු හා ඔහුගේ බිරිදද දුවණියද පමණි. ඉහත සදහන් කළ කිරියම්මලා වාසය කළ ලැයිම අප නිවෙස් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දකින් එහා පිහිටි අතර වත්තේ අවසානය වූ අප නිවෙස් පිහිටි මායිමන් එහා කන්ද මැදට වෙන්නට හේන කෑල්ල නමින් හැදින්වූ වත්තේ ගෙවල් තුනක් පමණක් විය. එහෙත් මේ අයට වත්තෙන් පිට සිටිය වුන් නිසා ගොඩේ උන් ලෙසද ඇතමුන් හැදින්වීය. රත්නායක මාමලාගේ නිවසේ සිට මීටර් පණහක් පමණ දුරින් ස්ටෝරුව(රබර් කිරි එකතු කලේ මෙහිය) පිහිටියේය. කිරියම්මලාගේ හා අප නිවස අතර පැවති කන්ද(බෝධිය කන්ද) මධ්‍ය යේ කුඩා බුදු ගෙයකි. ප්‍රධාන බෝ ගසක් හා පරිවාර බෝගස් දෙකකින් සමන්විත වූ මෙහි පූජා පැවැත්වීම අප පවුලේ සාමාජිකයන්විසින් කරගෙන ගියේය.  එහෙත් බෝධි පූජා සහ වෙනත් පූජා කටයුතු සදහා බොහෝ සෙනග මෙහි පැමිණියේය.( ඒ විස්තර පසුවට)

                                                                   කියන්නට අමතක විය. වත්ත ලෙසින් අප හැදින්වූවේ කෑගල්ල වැවිලි සමාගමට අයත් ඔරේන්ජ්ග්‍රෝව් නම් කොටසයි. මෙය කෑගලු වැවිලි සමාගමේ උප බෙදීමකි. මීට අමතරව වට්ටාරන් කන්ද, ඊදැල්ල, (අප වත්ත ඇතුලු රංවලිං මෙහා පාලනය කලේ ඊදැල්ල වත්තෙනි) කළුගල වෙනිවැල්ල වත්ත වෙනිවැල්ල කඩුව(අලව්වට ආසන්නය) හොරකන්ද ආදී තවත් වතු රැසක් මෙයට අයත්ය. කිසිවෙකුට හෝ ඔරේන්ජු ග්‍රෝව්වට පැමිනීමට අවැසි වී නම් පාරවල් කීපයක් විය. බහුලවම භාවිතා වූයේ කෑගල්ල පොල්ගහවෙල පාරේ අතර මැදින් පිහිටි කෝන්ගස්සංදියෙන් හැරී ගලිගමුව පාරේ පැමිණ(ගලිගමුව හෝ අවිස්සාවේල්ල පැත්තේ සිට පැමිණෙන්නන් යට්ටෝගොඩ හංදිය බෙලිගල, වේරගොඩ හරහා මේ මග භාවිතා කළෝය) බටුවත්ත හංදියෙන් හැරී අලව්ව පාරේ ආ කල යැවෙන්නේ මේ වතු යාය මැදිනි. අනෙක අලව්වේ සිට නෙළුම්දෙනිය පාරේ මදක් තැන් ගොස් වාරියගොඩ හංදියෙන් හැරී පැමිනෙන පාරය. මා ඔයෙන් පැන ඒම සදහා කෙටි මාර්ග භාවිතා වුවද ඒ ගැන පසු විස්තරයක් කරන බැවින් මෙහි ඒ පිළිබද සදහන් නොකරමි.

                                                                   වත්තේ අනෙක් අය මෙන්ම මගේ මව සහ පියාද වැඩ කලේ වත්තේමය. අප සිටි නිවෙස්ද වත්තටම අයිති ඒවා විය. එබැවින් ඒවාට කාගේ හෝ හිමිකමක් නොවීය. කලාතුරකින් වත්තෙන් ඇවිත් මේ නිවෙස් වල භාහිර බිත්ති තීන්තයෙන් ආලේප කලද වැඩිපුරම ඒවාට පාට දුන්නේ ඒ නිවෙස්වල පදිංචිව සිටි උන්ම විය.  එහෙත් මසකට වරක් පැමිණ මැලතියන් නං නොඅඩුව ඉස ගිය බවනම් මතකය.

                                                                 අප නිවෙසට හා ගුණසිංහ මාමලෑ නිවසට පැමිණිය යුත්තේ උතුරු දෙසින් පමණි. දකුණු දෙසින් මා පෙර කීවා සේ ඇත්තේ හේනේ කෑල්ල පිහිටි කන්දය. එය හපුගස්තැන්න හරහා පල්ලෙවෙලටත් එතනින් ගලිගමුව කෝංගස්සංදිය පාරේ පිහිටි පලපොලුව දක්වාත් දිවෙන අඛණ්ඩ කදු යායකි.  උතුර පැත්තෙන් පැමිණෙන අබලන් පාරද පොල්වත්ත මැදින්ම වැටුනේ විය. ඒ අප නිවෙස් සදහා වන එකම පිවිසුමයි. ඒ හැර හාත් පසම වූයේ කදු හා පොල්වකුද රබර් වතුද පමණි. බෝධිය කන්ද ඉදිරියෙන් පටන් ගන්නා රබර් වත්තේ මයිම අවසන් වන්නේ උතුරින් අලව්ව බටුවත්ත පාරෙනි. ඒද කිලෝමීටර් දෙකහමාරක් පමණ ගොස්ය ඒදක්වා පොල් හා රබර් එකිනෙකා දිහා දත් විල්ස්සමින් නැවෙමින් අභියෝග කරමින් සිටගෙන සිටී. දකුණු පැත්ත මායිම අවසන් වන මායිම පිහිටන්නේ අලව්වට කිටුටුවෙන් මා පෙර සදහන් කලවෙනිවැල්ල කඩුව හරියෙනි.

                                                              අප නිවෙස ඉදිරිපිට තුංග සියඹලා රුකක් විය. වරක් වත්තෙන් පැමිණ ගස මැන බැලුවේය එවකට එය අඩි තිස් දෙකක් විය. එහි පටන්ගැන්ම දන්නා කිසිවෙක් වත්තේ නොවීය. අනෙක කොස් ගසක් වූ අතර අනෙක කොහු අඹ ගසක් විය. ඒ දෙක අතර අප නිවෙස මැද හරියේ සිට මීටර් දහයක් තැන පිහිටි සේපාලිකා ගසකි. ඒ ගස අප මායිමේ පිහිටි නිසා අප (මා සහ නංගී) සිටියේ ඉමහත් ආඩම්බරවෙන් බව නොකියා බැරිය. නිවෙස දකුනෙන් අප ඇති කල එළ වැස්සියන් සදහා වූ මඩුවය. එතනින් මදක් පහලට වෙන්නට දොළකි. ඉන් එහා පෙර මා කියු හේන කෑල්ල ය.

පසු සටහන---පරිසර වර්ණනා කෙරේ මා කොහොමත් දුර්වලය අඩුපාඩු වූවා නම් සමාව ඉල්ලමි. අප නිවෙස පිහිටි පෙදෙස දක්වන සිතියමක් හැකිවුවොත් මීළග කොටසින් ඉදිරිපත් කරමි. කියන්නට බොහෝ දේ ඇතත් ලිපිය දික් වන බැවින් මේය අවසාන කරමි. ඉක්මණින්ම බොහෝ කතා ඔබට කියන්නට මට ඇත එබැවින් දිගටම මා හා රැදෙන මෙන් ඉල්ලමි.

44 comments:

  1. ඊලඟ එකත් බලලා ඉමු ...

    ReplyDelete
    Replies
    1. ඊළග සදුද තමා ආයෙ...
      සතියට එකයි

      Delete
  2. හ්ම් අලුත් වැඩක්.. ඊළඟ එකත් ලියමුකො..කියවන්න ආස වේගෙන එනකොටම කතාව ඉවර කරල..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. දිගවැඩි වෙනකොට කට්ටිය අකමැතී නෙව... ඒකයි

      Delete
  3. පට්ට මචෝ., නියමයි. උඹ ලියන විදිහටම ලියපන්.

    ඊලග කොටසත් කියවලම ඉමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා..
      ඊළග කොටස ඉක්මණටමදෙනව

      Delete
  4. ලස්සන කතාවකට මුල පුරලා වගේ, ඔහොම යනකො බලන්න ඉස්සරහට කතාව මොන වගේද කියල. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. දිගටම මා එක්ක ඉන්නකො...
      කතාව බලන්න පුලුවං වෙයා

      Delete
  5. රසබර කථාන්දරයක අැරඹුමක් වෙයි.....
    සුපිරියි මහේෂ්.. ..

    ඊ ලග කොටසත් ලගදිම දාමු...

    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම දෙනව...
      ස්තූතිියි විදානෙ

      Delete
  6. හොඳයි මහේෂ්. ඔහොම ලියාගෙන යන්න. බොහෝම ඉස්සර අපි හිටියේ තල්දූව පැත්තේ. අපේ ගේ ඉස්සරහෙන් තමයි කෑගල්ල බස් ගියේ. ඔය වතු රබර් වතු විතරද? තුංග සියඹලා කියන්නේ මොනවාද?

    ReplyDelete
    Replies
    1. තල්දූව තියෙන්නෙ අවිස්සාවේල්ල ඉදල කෑගල්ල පැත්තට නේද...
      රබර් විතරක් නෙවී පොල් කොකෝ තැනින් තැන කෝපිත් තිබ්බ...
      තුංග කියල කියන්නෙ අරූ අය්ය විශේෂන පදයක්...
      දැවැන්ත... මහා... විසල්.. ප්‍රතාපවත් කියල කියනව සමහර අය

      Delete
    2. බොහොම ස්තූතියි මහේෂ්...තල්දූව තියෙන්නේ අවිසාවේල්ල සහ දෙහිඕවිට අතර. තුංග...පැහැදිලි කිරීම අගෙයි. ඔය වචනය ඒ අර්ථයෙන් ඕනම තැනක යොදන්න හැකිද?

      Delete
    3. ප්‍රාණවාචී නම් උත්තුංග ඒ කියන්නෙ ආරෝහ පරිණාහ(ඒක දන්නව නෙව) සරලව කියනව නංහයේ හතරෙ... ඒත් උත්තුංග දේහධාරීන් නං ඉස්සර ඉදල තියෙනව දැං නං මං දැකලම නෑ.. මොකද ඇග තිබ්බට මොලේ නැත්තං ඌ උත්තුංගවෙන්නෙ නෑ මට මතක විදියට...

      අප්‍රාණවාචී ඒ කියන්නෙ ගස් වැල් වනන්තර වගේ ඒව තව පර්වත වගේ ඒවට තුංග කියල ගන්න පුලුවං.
      මතකද මනමෙ එකේ තියනව
      තුංග මෙ ගිරිකුල සිංහ වලස් රැළ
      ළං වේය රිංගා තැන තැන රුප්පා වල////

      ඒ වගේ අවස්ථානුකූලව ෙයාදාගත්තට කමක් නෑ. ඒත් ඊට සමානව භාෂාව යන්න ඕන... ඔයාගෙ ශෛලියට නම් ගැලපෙනව කියල මට හිතෙනව...

      Delete
    4. /////උත්තුංග දේහධාරීන්////// ඒ කියන්නේ මම වගේ :D
      බොහෝම ස්තූතියි මහේෂ්.

      Delete
    5. දැකල නෑ නොවැ... ඒත් කවද හර හම්බුවෙයි නොවැ... එතකොට බලමුකො... :D

      දන්න දෙයක් කාට හරි කියල දෙන්න තියෙනව නං ඊට වඩා සතුටක් කොහෙන්ද අරූ අය්ය

      Delete
  7. මට නම් ඔය වගේ අද්දැකීම් අඩු යි. ඒ නිසා කියවන එකත් හරි ම සුන්දර යි.

    ReplyDelete
    Replies
    1. ඊළග කොටසත් කියවන්නකෝ එහෙනං

      Delete
  8. කලින්ට වඩා ලිවීමේ වෙනසක් තියෙනවා මේකේ.. ඒක හොදයි.. එහෙනම් ලියමුකෝ බලන්න ඉස්සරහට..

    ReplyDelete
    Replies
    1. වෙනසක් කියන්නෙ මේකයි... මේ වගේ කතාවක් ගලායනශෛලිය රසවත් වුණාමතමා කියවන්න ආස හිතෙන්නෙ...
      ඉක්මණටම දාන්නංකො

      Delete
  9. ලස්සන කතාවක් ලියන්න යනෝ වගේ නේ

    ReplyDelete
    Replies
    1. ලස්සනයි කියල නං මට කවදාවත් හුතන්නෙ නෑ තනියො...
      ඒ විදපු දුක ඒ කාපු කට්ට ආයෙ කවදාවත් විදන්නනං බලාපොරෝත්තුවක් නෑ

      Delete
  10. මහේෂ්. පළවෙනි කොටස නම් උපරිමයි. මේ සීරීස් එකේම මේ ක්වොලිටිය තියේවි කියලා බලාපොරොත්තු වෙනවා.

    වෙලාව ලැබින විදියට ඊ ලඟ කොටසුත් මේ දක්වපු සැලකිල්ලෙන්ම ලියාපං.

    ReplyDelete
    Replies
    1. මේ පටන් ගත්ත විදියටම සමහරවිට මීටත් වඩා හොදට ලියන්න බලනව... කෝමත් මට මේකෙ ගොතන්න දෙයක් නෑ මොකද මේ මගෙ කතාවනෙ හිතට එන දේ ඒ විදියටම ලියන්න තමා තියෙන්නෙ..
      ස්තූතියි හෙන්රි අය්ය

      Delete
  11. ඉතාම හොඳ ඇරඹුමක් මහේෂ්.. "ස්මරණ" තුලින් අපට ඔබත් සමඟ දිගුකාලයක් රැඳී සිටින්න හැකිවෙයි. ලියාගෙන යමු.

    දිගු ගමනකට සුබපතනවා.

    ආහ්.. කෑගල්ලෙ නේද? ඒකියන්නෙ, වරකාපොල,අල්ගම පැත්ත හොඳට දන්නව ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ් හැකි තරම් කාලයක් ලියන්න බලාපොරොත්තු වෙනව..
      ඔව් ඔව්... ඔයාල මාත් එක්ක ඉන්නව නං වෙන මොනාද ඕන නේද...???
      කෑගල්ල කීවට කෑගල්ලෙ ඉදං ටිකක් යන්න ඕන...
      හොදට කෙසේ වෙතත් යම් පඹණකට ඔබ ඔය කියන පෙදෙස් දන්නව

      Delete
  12. දිග කතාවක් පටන් ගන්න වගේ... මගෙන් සුබ පැතුම්... පළවෙනි පාරට මම ආවෙ මේ පැත්තෙ... මගෙ බ්ලොග් එකටත් කමෙන්ට් දාල තිබුණ නෙව... බොහොම ස්තූතියි මහේෂ් ඒකට...

    බලාගෙන යන කොට අපේ ගම් පැත්තටත් කිට්ටුවනෙ... අපි නෙලුන්දෙණිය හන්දියෙන් අනිත් පැත්තට... කෑගලු වතු සමාගමේ පල්ලේගම වතුයාය මැද්දෙන් යන්න ඕනි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කස්සප...
      නෙළුන් දෙණිය හන්දියෙන්(කොළඹ පැත්තෙ ඉදන් එනව නං) දකුණට නේද... ඒ කියන්නෙ මහ පල්ලේගම පැත්තෙද...???
      සංතෝසයි අදුන ගන්න ලැබීම ගැන..

      මගෙ බ්ලොග් එකටත් කමෙන්ට් දාල තිබුණ නෙව...//
      අපි කියවන දෙයට අදහස් ප්‍රකාශ කරන්න අවස්තාවක් දෙදනව නං නිකං යන්න හොද නෑ නෙව... කමෙන්ට් කරනෙක අපේ යුතුකම
      ස්තූතියි මේ අහ ආවට... සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
      ඉඩහසර තියෙන ඕනම වෙලාවක ගොඩවැදෙන්න ඕන වෙලාවක දොරටු විවෘතයි

      Delete
  13. ලස්සනට ගලාගෙන යන විදිහට කතාව ලියලා තියෙනවා. ඉතුරු එක එනකන් නොඉවසිල්ලෙන් පසුවෙමි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මධුරංගය්ය...
      ඊළග සදුද
      ඒ කියන්නෙ හැම සදුදම අනිවාර්යෙන් කතාව පබ්ලිෂ් කරනව

      Delete
  14. මහේශ් ලියන ශෛලිය ගොඩක් හොඳයි. ඉතුරු කොටස කියවන්න බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. i්තූතියි චාම්ස්... ඊළග කොටස ඉක්මණටම දාන්නම්

      Delete
  15. ඔබේ රචනා විලාසය රසවත්... කතාව ලියන්න හොද ආරම්භයක් කියලා හිතනවා. දිගටම කතාව ලියමු මහේෂ්. ජීවිතේ මතකයන් හරිම මිහිරියි. අමිහිරි තැන් වුණත් ආයෙම මතක් කරලා බලද්දි මිහිරක් දැනෙනවා. කොහොම වුණත් මුල අමතක නැති කම නම් ඉතාම වැදගත් දෙයක් මහේෂ්...

    ලියන්න. අපි කියවන්න බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කුරුටු..
      කවුරු හරි කෙනෙක් මං ලියන දේ කියවනකොට හිතට දැනෙන්නෙපුදුම සතුටක්...
      මුල නෙවේ කුරුටු මැද වත් අමතක වෙන්නෙ නං නැතිවෙයි...

      Delete
  16. ම්...හරිම ආසාවෙන් කියෙව්වා.
    මැටි පොලොව තරම් දෙපතුලට සනීප වෙනත් ගෙබිමක් නැහැ මටනම්.
    /ඉක්මණින්ම බොහෝ කතා ඔබට කියන්නට මට ඇත එබැවින් දිගටම මා හා රැදෙන මෙන් ඉල්ලමි./

    අනේ ඉක්මන් නොවී නිවි හැනහිල්ලේ ලියන්න.(දවසට එක බැරිනම් දහය ගානේ හරි)
    උදේට සේපාලිකා මල් සුවදත් එක්ක මැටි බිත්තියෙ පින්නෙන් පෙගුනු සුවදත් දැනෙන තරම්..!!

    පබ්ලිෂ් කෙරිල්ල කොහොම වුනත් හිතෙන වෙලාවට ලියන්න.මගේ නොවන කම්පිතරවලින් ලොග් වෙලා නෙමෙයි කියවන්නේ ඒ නිසා මට කමෙන්ට් කෙරෙනවා/කමෙන්ට් කරන්න වෙනවා අඩුයි.ඒකට සමාවන්න.

    දිගටම කියවන්න.ඉක්මනට ඊළග පෝස්ට් එකත් කියවන්න බලාගෙන ඉන්නවා.
    ආ.. කවි ලියන්නත් අමතක කරන්න එපා හොදද
    සුබ!


    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්මි මෙහෙ ආවට
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට...

      අනේ ඉක්මන් නොවී නිවි හැනහිල්ලේ ලියන්න.(දවසට එක බැරිනම් දහය ගානේ හරි)
      උදේට සේපාලිකා මල් සුවදත් එක්ක මැටි බිත්තියෙ පින්නෙන් පෙගුනු සුවදත් දැනෙන තරම්..!!///
      අනේ දවසට එතක් ලියන එක නං හරිම අමාරුයි මේ වැඩත් එක්ක මුලු දවස්වල නං සතියට හතරක් විතර දැමංම..
      සේපාලිකා සුවදයි ගෙයි බිත්ති වලට පින්න වැටුණාම එන සුවදයි එක් වුණාම... උදේට ඊටවඩා වෙන මොනවද

      Delete
  17. අගෙයි මල්ලි...ඊලග කොටසත් ලියමු

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ඉක්මණටම ලියනව

      Delete
  18. අරූ අයියගෙ මතක ආවර්ජනය මතක් උනා...බොලා දැකපු අතිත සමාජයේ හැඩ තලත් එක්කම මේ කථාව ලිව්වා නම් වඩාත් රසවත් වේවි කියා හිතනවා...

    ReplyDelete
    Replies
    1. මං දැකපු අතීත සමාජය කියල මහා දෙයක් නෑ සිරා අය්යෙ...
      මෙහෙ හුගක් හිටියෙ සරල මිනිස්සු... එදා වේල පිරිමහගන සතුටිං හිටිය...
      අදත් වැඩි වෙනසක් නෑ... ඒත් හිතිට දැනෙන දේ මං අනිවා ලියනව...
      ස්තූතියි දිරිමත් කළාට

      Delete
  19. නැවුම් ..ආරක් ජයවේවා මහී.දිගටම ලියන්න.

    ReplyDelete
  20. ඉත්තූති මචෝ. මෙහෙම හරි මාව දිරිමත් කරනවට උඹට පිං

    ReplyDelete
  21. ලස්සනට ලියලා තියනවා...ඉතිරි කොටසුත් කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඉක්මණටම දානව සයුරි...
      මේ සදුද මේ පැත්තෙ ආව නං බලාගන්න ඇහැකි වෙයි...
      එක නෙවී ඇයි දැං ලියන්නෙ නැත්තෙ

      Delete