මතකය සෙමෙන් වියපත් වෙයි... ඊට සාපේක්ෂව අප ලබන අත්දැකීම් තුළින් පන්නරයක්
නොලබන්නෙමු. උපතින්ම සමාජයේ හා සංස්කෘතියේ
කොටසක් වන අපට ඉන් මිදී ජීවත් විය නොහැක... මිනිසුන් මෙන්ම නොමිනිසුන් ද අප ගෙවන
මේ සුළු කාලයේදී මුණ ගැසෙන්නේ අපට අවැසි නිසාම නොවේ.. අපට ඉන් මිදිය නොහැකි
නිසාය...
මා මගේ කුඩා
කළ ගෙවුවේ අමුතු මිනිසුන් පෙළක් මැදය.. මා අමුතු යැයි විශේෂණයක් භාවිතා කලේ
සැබැවින්ම ඔවුන් පිටසක්වලයන් හෝ වෙනත් පරිකල්පණීය සතුන් මෙන් අමුතු නිසා නොවේ...
පසු කලෙක, අද දක්වා ගෙවන මේ ජීවිතයේ කොහේදී හෝ මට එවන් මිනිසුන් පිරිසක් යළි හමු
නොවූ බැවිණි... මා ගමෙන් වෙන්ව නගරය හා බද්ධ වන්නට ගත් උත්සාහය ද යම් පමණක් දක්වා සාර්ථක නොවූයේද ඔවුන්නේ මේ ඇසුර නිසා යැයි හගිමි... සැබැවින්ම ඔවුහූ පසු කලෙක මා හදුනාගන්නා
නාගරිකයන්ට හා මැද පන්තියේ අයවළුන්ට වඩා
වෙනස් විය. විටෙක් අවංක වන ඔවුහු විටෙක වංක වෙති... හෘදයාංගමත්වය ඔවුන්ගෙන් වෙන්
කළ නොහැකි වා සේම ඊර්ෂ්‍යාවද ක්ෂණික කෝපය ඔවුනගේ පොදු අංග ලක්ෂණයන් වෙති. ඔවුහු
දුකේදී හැඩූහ, වෙන අයවළුන්ගේ දුකකදී ඊට සම්මාදම් විය, කා සමගින් මොන අමනාපකම්
තිබුණද දුකේදී එකිනෙකාට උදව් කරන්නේ ඒ
සියල්ල අමතක කර දමාය.. එලෙසින් කිසිවෙකුට හෝ සතුටක් වී නම් එය ඔවුන්ගේ කර සිනා
සුණෝය.. ඔවුහු දන්නා ලෝකය තුළ සිනාසුණේය හැඩුවේය දෙඩුවේය ,දන්නා සියළු දේ කලේය
අවසන ආ ලෙසම පොළව මත පස් ගොඩැල්ලකවෙනසක් පමණක් තබා නික්ම ගියෝය.. නමුත් උන්ගේ මතකය
අනෙකුන් තුළ සදානුස්මරණීයවිය. ඔවුන්ට කිසිදාක තනි අරමුණක් නොවීය. කිසිවෙකුට ස්ථිර
රැකියාවක්ද නොවීය. එබැවින් ඔවුන්ට දුක් වන්නටද දෙයක් නොවීය.
දෙයක් පටන් ගත
යුතු හොදම ආකාරය එය අල්ලා ගත හැකි උපරිම ළගින්ම පටන් ගැනීමයි. ඉදින් මේ සටහනටද එම
න්‍යාය භාවිතා කරමි. අප නිවසට යාබද නිවසේ වාසය කලේ ගුණසිංහ මාමා සහ ඔහුගේ පවුලය.
ඔහුට ස්ථිර රැකියාවක් නොතිබුණ අතර ඔවුන්ගේ එකම ආදායම් මග වූයේ අවට සාගරයක් මෙන්
පැතිර තිබූ පොල් වත්තය. වත්තේ අන් බොහෝ දෙනෙක්ටද මෙය පොදු කරුණකි. එසේම ඒ නිවසේ
අන් කිසිවකුටවත් රැකියාවක් නොවීය... ඉදින් සෘජු හා වක්‍ර එකම ආදායම් මග පොල්වත්ත
විය. එහෙත් පොල් වලට අමතරව ඔවුන් පොල් ගසේ අනෙකුත් ද්‍රව්‍යයන්ද සිය අවශ්‍යතා පිරිමසා
ගැනී මට යොදා ගත්තේය. ( ඒ ගැන වෙනම ලිපියක් ලිවීමට අදහස් කරන නිසා මෙහි ඒ ගැන කතා
නොකරමි.) ගුණසිංහ ගේ බිරින්දෑ සුමනාය. ගුණසිංහ ඇගේ දෙවන විවාහය විය. ඇගේ පළමු
සැමියා මියගොස් වසරක් පිරෙන්නටත් ප්‍රථම ඈ
ඔහු හා විවාහ වීම බොහෝ දෙනෙකුට රිස්සුවේ නැතත් මුහුණට කිසිවක් කියන්නෝ මෙහි හිඟ වූහ. ඇගේ ප්‍රථම
විවාහයේ දරුවන් වූයේ සුදුවා හා රාළයාය.(වැඩිමල් පිළිවෙලට) ගුණසිංහ මාමා හා දෙවන
විවාහයෙන් දරුවන් තිදෙනෙකු ළද අතර ඒ තිළිණි බණ්ඩාරේ හා සුදු බේබියාය. මොවුන් අතුරෙන්
රාළයා හා සුදුවා අධ්‍යාපනය මගදීම කඩාකප්පල් කරගත් අතර ඒ ගොඩටම බණ්ඩාරයාද වැටුනේ
සාමාන්‍ය පෙළ පෙනි පෙනී පාසල් ගමන නවත්වා කැලේ පැනීමෙනි. තිළිණි උසස් පෙළ අවසන්ව තාක්ෂණික
විද්‍යාලයකට බැදුණේ ප්‍රමාණ සමීක්ෂක වරියක් විය. අනතුරුව රැකියාවකට සම්බන්ධ වී ටික
කලෙකින් විවාහ වී ගම හැර ගියාය. සුදු බේබියා ගේ අනාගතය ගැන දැන්ම කිව නොහැක්කේ ඈ
තාම උසස් පෙළ පන්ති යේ අධ්‍යාපනය ලබමින් සිටින නිසාය. අප සිටි බද්ධ නිවාසය කඩා
වැටීමට පෙර වත්ත මගින් ලබා දුන්නා වූ “ගෙවල් විසි පහේ” පදිංචියට ආ පසු
ඔවුන්නේ ඇසුර දුරස් වුවද හිතවත්කම් පෙර පරිදිම තිබිණ. පසු කලෙක සුදුවා වත්තේම උන් තරුණයෙක් හා පැන
ගොස් විවාහ වී දැන් දෙදරු මවක් ලෙස සාමකාමී දිවියක් ගෙවයි. ඈ නිවෙස හැරයාමත් සමග
ඇගේ මවි ඈ හා පරල වී සිටියද ඇගේ කුළුදුල් දරු ප්‍රසූතියට ඈ අතින් සෑහෙන වැඩ කොටසක්
සිදුවූ බව මතකය. ඇයට කුළුදුලේම ලැබුණේ බිළින්දියක්ය මා එය විශේෂයක් කර කීවේ ඈ සුදු
බේබියාට වඩා වයසින් වසරක් පමණ වැඩිමහල් වීම නිසාය. රාළයා හා බණ්ඩාරේ දෙදෙනා ම අධ්‍යාපනය
කඩාකප්පල් කරගත්තා සේ ජීවිතයද නැති නාස්ති කරගත්තෝය. රාළෙ තරුණියක් හා විවාහ වුවද
ඒ දීගය වැඩි කල් නොපැවතුනේ ඔහුගේ අවකල් ක්‍රියාකලාපය නිසා බව මගේ හැගීමයි. ඔහු සිය දියණියට පමණක් යුතුකම් ඉටුකරන්නේ සිය බිරින්දෑට
තිත්ත කතාවෙන් බනිමිනි. ඔහුද සිය පියා සේම
දැඩි සේ මත්පැනට ඇබ්බැහි විය. වරක් සිරගත වීමටද සිදුවුවත් එය ආදර්ශයක් කරගත්තේ නම්
නැත.
සෑම තැනකම දිය
යටින් ගිනි ගෙනියන්නෝ හිග නොවීය. අප සිටි කුඩා කොටසටද ඒ තත්වය එසේම විය. අප සිටි
නිවෙස් වලට මීටර් සියයක් පමණ පහළින් සිටියේ රත්නායක මාමලාය. වත්තේ බොහෝ දෙනෙකුට
යම් නුරුස්නා ගතියක් ඔහු හා වූ මුත් යම් යම් කරුණු නිසා ඒ වග පෙන්වීමට මැළි විය. ඊට
ආසන්නම හේතුව ලෙස කිව හැක්කේ ඔහු වතු අධිකාරී වරයා, කංකානම් වරු හා තිබූ කුළුපග
භාවය යි. ඒ මතින් ඔහු බොහෝ කාර්යන් රැසක් සිදුකරගත්තා සේම සිය පවුල සමෘධිය කරා
රැගෙන ගියේය. එය සැබැවින්ම අනෙකෙකුට ඊර්ෂ්‍යා
හිතෙනා තරම් යැයි කීවාට වරදක් නැත. මගේ මතකයට අනුව වත්තට මුලින්ම යතුරු පැදියක්
ගෙන ආවේ ඔහුය. ඒ තැපැල් නයින්ටියකි. නමුත් මෙය ගමන් බිමන් සදහා උපකාරී වූවාට වඩා
ඔහුට ප්‍රයෝජනවත් වූයේ පොල් ඇදීමටය. ඔහුගේ බිරිඳ කුසුමාවතී වූ අතර එකම
දියණිය සුජිවාය. ඔවුන් වත්තේ කුඩාම පවුල් ඒකකය විය. මමද නංගීද සුජීවාද ගියේ එකම
පාසලකටය. පිළිවෙලින් මම සුජීවා අනතුරුව නැගණිය වයස් පිළිවෙලේ ලා දැකිවිය හැක.
පාසල් යන එන අතර තරදී විනා ඈ වැඩි සමාජ ආශ්‍රයක් නොවීය. ඊටත් ඈ සිත් ඇදගන්නා සුළු
එකියක් නොවූ අතර අනෙකුන් සිතේ ඈ පිළිබඳ ප්‍රිය මනාප භාවයක් වී නම් ඒ අල්ප වශයෙන්
බව කිය හැක. සිය දුර්වල සමාජාශ්‍රය නිසාම ඈ පවුලේ සමීපතමයෙක් අතින් අතවරයට ලක්වන්නී සිය දීප්තිමත් පාසල්
දිවිය ද අකාලේ හමාර කරගත්තාය. එහිලා මුළු වත්තම ඇගිල්ල දිගු කලේ ඇගේ මව හා පියාට
වුව ඔවුන් ඒ සම්බන්ධව කිසිවක් කිසි තැනෙක
ප්‍රකාශ නොකළෝය. අවසන ඈ පියෙක් නැති මවක් ලෙස තවත් සමාජයෙන් දුරස් විය. මෙහි සඳහන් කළ විහිළු
සහගතම දෙය නම් රත්නායක හා ඔහුගේ බිරිඳ මීට වගකිව යුත්තා කවුරුන්ද දැන දැනම ඔහු හා
ආශ්‍රය නොනැවතීමත් ඔහුට චෝදනාවක් නොකිරීමත්ය. එසේම ඔහු තවම මේ නිවසට ගොඩවදින්නේ කිසිදු
විරෝධයකින් තොරවමය. මීට මාස කීපයකට පෙර මේ නිවසේ රුපියල් පනස්දහසකට ආසන්න මුදලක්
නැතිවිය. කවුරුත් සැක කරුවා අහවලා ලෙස හදුනාගත්තෝය. පොලීසියද එය සනාථ කලේය. ඔහුට
දඩුවම් නොලැබුනේ ය. එසේම ඊට උදව් වූයේ කවුදැයි පවා සොයාගත්තෝය. පොලිසිය පසෙකට
විසිවය. චූදිතයා නිදහස් විය. ඇසුර....???? වෙනසක් නැතිවම .........
නොදනිමි කාගෙ
දොසා......
පසු සටහන- මෙය
ලිවීමට ආරම්භ කළද ලියාගෙන යාමේදි දිග වැඩිවන්නට වීම ගැටළුවක් විය. මෙහි පලකට
නොමැති දේ ඇතැයි සිතේනම් මා දැනුවත් කරන්න. මිනු පසු ඒ වරද නිවැරදි කර ගත හැක.
එසේම කතාව ගලා යාමේ ප්‍රශ්න තිබේනම් හෝ යම් දුර්වල කම් ඇත්නම් හෝ ඔබගේ විවේචනද
ඇත්නම් නොසගවා පවසන්නැයි ඉල්ලමි.
ලිවිල්ල ටිකක් හෙමීට කියවන්න ඕන ,:))
ReplyDeleteහෙමීට කියවල මොනවද හිතෙන්නෙ කියල කියලම යන්න...
Deleteඅකුරු පොඩ්ඩක් ලොකු කරන්ඩෝ කියවන්න අමාරුයි බන් ......උඹේ බොගිය නිසා කියන්නත් බෑ එත් කියවන් යනකොට පෙන්නෙ නැතුව යනවා ...මගේ අවුලක් ද දන්නෙ නෑ,
Deleteචරිත ස්ත්‍රී පුරුෂ බව ප්‍රකාශ කරා නම් හොදය, සුදුවා/සුදු බේබියා මේ කෙල්ලො ද ??
Deleteමට නම් ටිකක් විතර ච්රිත වැඩි ...එක දිගට ගලන් ගනවිට අමතක වෙයි ද ??? කස්ටියට
හරි මන් අකුරු ලොකු කරන්නං... එකකින් විතර.
Deleteසුදුවයි සුදු බේබියයි කියන්නෙ කෙල්ලො තමා... මං ඊළග පාරඒ වැරැද්ද නිවැරදි කරගන්නං...
චරිත වැඩී නං තමා... ඒත් ඉස්සරහට යනකොට අවුලක් නැතිවෙයි... මොකද හැම වෙලාවෙම හැම චරිතෙම ඉන්නෙ නෑනෙ... මේක කතාවෙ ඉස්සරහට ගලායන්න කරන උදව්වක්...
චරිතෙ දැන ගත්තම කියවන කෙනාට පහසු නෙව...
ස්තූති දොඹේ
අනේ මංදා.. බං.. කියවල ඉවර වුනාම හිත හිස් වුනා වගේ දැනුනා .
ReplyDeleteඇයි එ්...
Deleteහිත හිස් වුණා කියල කීවෙ...
තේරුනේ නෑ...
අවුලක් නං කියල යන්න... අහිතක් හිතන්නෙ නැ...
අවුලක් නෙවයි බං. මිනිස්සු අයි මෙහෙම හැසිරෙන්නේ කියලා හිතුනා , උඹේ අවුලක් නෙවෙයි ,මේ කතාවේ දෙමුපියන්ගේ අවුලක්
Deleteඔහ්... එහෙමද...?
Deleteඑයාල ගැන නං ගමේ කාටවත් තේරුං ගන්න බැරිවුණා....
තාම මේ කතාව යන දිශාව හිතා ගන්න බෑ. ඒකත් හොඳයි ඉතින්.
ReplyDeleteහි හි...
Deleteකතාව තාම පටං ගන්න ඕන සැකිල්ල හැදනව...
ඉවසල ඉන්න... යමක් තේරෙන්න පුළුවන්
ඔන්න අපිත් කියෙව්වෝ
ReplyDeleteකියවන්න කියවන්න...
Deleteඑන්න හැමදාම....
අවන්හලට සාදරයෙන් පිළිගන්නව
නවකතාවක් කියවනවා වගෙයි. හැබැයි වෙලාවකටනම් හිතෙනවා අනුන්ගෙ ඕපා දූප වගේ කියල. ඒත් එක්කම නිරූපණය කරල තියෙන සිද්ධි තුලින් සමාජයට ගත යුතු දේවල් තියෙන නිසා මේවා අත්දැකීම කරගෙන කියවගෙන යන්න පුලුවන්. දිගටම ලියාගෙන යමු මහේෂ්. අඩුපාඩු තිබුනොත් අපි කතාකරමු.
ReplyDeleteස්තූතියි මනෝ ...
Deleteඉස්සරට යද්දි ඔහොම හිතෙන එකක් නැතිවෙයි...
ඉවසා රැදුණා නම්
අනිවාරෙන්..අනිවාරෙන්.. දිගටම රැඳී ඉන්නවා. කතාවෙ කොටස් ටික හරියට ගැලපුන ගමන් ඒ ගතිය ඇරිල යයි.
Deleteඒක නං කවදාවත් වෙන්නැතිවෙයි මනේ....
Deleteබලමු පුලුවං විදියටට ගලපන්න
ස්තූතියි මචෝ මට ඒ වචනෙත් ඇති
කිව්ව වගේ මටත් චරිත වැඩියිදෝ කියල හිතුණ.. ඒත් අවුලක්ම නෑ..
ReplyDeleteදිගටම ලියමු.. අපි ඉන්නව කියවන්න..
දැං කතාව එකම තැනකට ගත්තනං මොකෝ.
චරිත ගැන දැනුවත් විය යුත් නිසයි මෙහෙම ලියන්නෙ... ඉස්සරහට ප්‍රශ්නයක් නෑ... එකම තැනකට ඇරං නෙව තියෙන්න..
Deleteඋඩ ටැබ් එකේ
කතාව හොදයි.. උඹේ වෙනදා ලිවිමේ රටාව නෙමෙයි හන්දා ටිකක් සමහර තැන් පැටලෙන ගතියක් තියෙනවා.. ඒත් අවුලක් නෑ ලියපංකෝ..
ReplyDeleteවෙනද ලියන විදිය මේ වගේ කතාවකටගැලපෙන්නෙ නෑ කියල හිතුණ ඒකයිවෙනස් කලේ... බලමු ඉස්සරහට මීට වඩා සුමටව ලියන්න බලන්නං
Deleteඅරක අර දෙමාපියන්ගෙ අසරණ කමද, නෝන්ජල් කමද, මෝඩ කමද… අනේ මන්දා බං. මොක උනත් හිතා ගන්න බෑ.
ReplyDeleteඋඹ මේක ලියන විදිහ හොදයි මචෝ.
මං හිතන්නෙ ඔය තුනම නෙවී... වෙන මොකක් හරි...
Deleteමොකද එයාල ටිකක් යමක් කමක් තියෙන අය... ඒ හිංද අසරණ නෑ... ඒ හිංදම නොංජල් ගතියක් නෑ මෝඩයි කියන්න නං බෑ...සමහර විට කපටි නම ටිකක් ගෑවිල ඇති... මොනව වුණත් ඒකෙං අර කෙල්ලගෙ ජීවිතේම නැති නාස්ති වුණා
චරිත වැඩි වුනාට ඒකෙන් හානියක් මම දැක්කේ නෑ. අනික අමතක නම් පොඩ්ඩක් උඩට ගිහින් බලාගෙන එන්න හැකියිනේ.
ReplyDeleteකතාවේ අන්තිමට අර අපරාධවලට වග කියන්න ඕනේ කවුරුද කියන ගැටලුව ඇතිවෙනවා. ඒ එක්කම ඒ කවුද කියලා ඊ ලඟ කොටසින්වත් නොකියා ඉන්න උඹ උත්සාහ කරනවද කියන එකත් හිතාගන්න අමාරුයි.
මේ රිද්මයම කතාව ඉවරවෙනකල් පවත්වාගෙන යෑම අමාරු වුනත් උඹට එහෙම හැකිවේවායි කියලා මම පතනවා.
මම නම් ඔන්න මේ කතාවට කැමතියි.
ඒකට වගකීම ඒ ළමයගෙ දෙමව්පියන්ටතමා එන්නෙ මොකද සර්පය ලංකරගන්නකොට දැනගන්න ඕන මූ කොයි වෙලේ හරි දෂ්ට කරයි කියල..
Deleteපුලුවං තරං ට්‍රයි කරනව මේ මටිටමේ ගෙනියන්න බලමු...
ස්තූතියි හෙන්රි අය්ය
ජය වේවා!!!
ReplyDeleteජයවේවා ජයවේවා
Deleteමමත් කියන්නේ චරිත වැඩි උනාට අවුලක් නැහැ කියලයි. කොහොමත් කතා පොතක් ගත්තත් මුල් ටික කියවද්දී චරිත ට්‍රැක් කරගන්න අමාරුයි, ඒත් පස්සේ හරි යනවා. දිගටම ලියමු.
ReplyDeleteස්තූතියි... දිගටම කියවනකොට ඔය අවුල ලෙහෙයි...
Deleteඒක ඇත්ත සමහර නවල් කියවනකොට එපාවෙයනව...
ස්තූතියි සයුරි
ගියවර මේ කතාව පටන්ගන්නකොට මම හිතුවා ,මෙහි චරිත බොහෝ තියෙයි කියලා. වත්තක් ආශ්‍රිතව සහ ඒ වටා සිටිනා පවුල් නිසා. චරිත හඳුනාගත්තාට පස්සේ ඒ අපහසුව නැතිවෙයි. ඉස්සරහට කියවගෙන යමු . හොඳ-නරක, හැල හැප්පීම් තියෙයි කියලා හිතෙනවා කතාව පුරා.
ReplyDeleteඅනිවා.... කිසි දෙයක් වහන්නෙ නැතිව ලියනව... චරිත වල ප්‍රශ්නෙ විසදෙයි ඉක්මණටම
Deleteකතාව ලියන්නා දැන සිටියද චරිතවල නමින් පමණක් අපි ඔවුන් නොහඳුනමු.කතාව දිග වැඩිවේ යයි බිය නොවී මුල පටන්ම විස්තරාත්මකව ලියාගෙන ගියේනම් මීට වඩා හොඳයි සිතමි.ඉදිරියට ලියද්දි ඒ අඩුපාඩු මගහරවා ගන්න මහේෂ්.
ReplyDeleteස්තූතියි හැලපෙ.... මං ඒක හදාගන්නං....
Deleteඅපි හමූටම ඔය වගේ අත්දැකීම් තියෙනවා සහෝ, අපි වටා ජීවත් වෙන්නේ හරි අපුඋරු මිනිස්සු ටිකක්, කට්ටියක් අපිව දාල යද්දී තව කට්ටියක් ඇවිත් ඒ අඩුව පුරවනවා, අන්තිමේදී ඔක්කොම මතකයන්ම පමණක් වෙනවා, තමන්ගේ අත්දැකීමක් ලියන්න අයි බිය වන්නේ, චාහ්රිත වල විස්තර ලියනවට වඩා ඒ අයගේ කතන්දරම් දෙබස් දෙක තුනක් එක්ක ලිව්වනම් මේක මීට වඩා රසවත් වේවි කියලයි මට හිතෙන්නේ, එත් ඔබ තමා ලියන්න, ඔබ ලියන්නේ ඔබේ ආරට, ඉතින් ජය වේවා.
ReplyDeleteහරි ටිකක් ඉවසල බලන්නකො.. ඉස්සරහට මේ විදිය ටිකක් වෙනස් වෙයි...
Deleteස්තූතියි සොමී
නියම කතාව මහේෂ්...
ReplyDeleteඔන්න ඔහොම තමයි මේ රටේ ගෑනු ළමයි වැඩි දෙනෙක් විනාස වෙන්නේ, වැරදි කාරයා කවුද කියන එක නම් ඉතින් ප්‍රශ්නයක්...
ඒකනෙ සරච්චන්ද්‍රත් කීවෙ
Deleteනොදනිමි කාගෙ දොසා කියල...
ස්තූතියි ධන්ෂ්
පොස්ට් එක දිග වැඩියි කියල නම් හිතුනේ නෑ... දිගටම ලියන්න එතකොට ඔය පුංචි පුංචි අඩුපාඩුත් හරියයි...
ReplyDeleteස්තූතියි තුෂානි....
Deleteඔව් මං ට්‍රයි කරන්නෙ තියෙන අඩුපාඩු හදාගන්න කියල....
ස්තූතියි
අගෙයි මහේෂ්...
ReplyDeleteඔබ ලියන ක්‍රමය ඔබට ම ආවෙනික බවක් දැනෙනවා. ඒක දිගට ම පවත්වා ගන්න බලන්න. අනික පෝස්ටුව කියවන්න හැකි ප්‍රමාණයන්ගෙන් දැමීම තවත් වැදගත්කමක්......
ස්තූතියි කුරුටු...
Deleteමං ඔබ කියපුකාරණා ගැණ සැලකිල්ලක් දක්වන්නම් ඉස්සරහට දාන පොස්ටු වලදි
බොහොම සංයමයෙන් වචන හසුරුවා තියෙන වටපිටාවක මට තේරුම් ගන්න පුලුවන් මේ අතිත මතක සටහන් ඔබේ ජීවිතය හා කෙතරම් ලෙංගතුද කියලා...ඒ සිතුවිල්ලට ඔබේ සටහනම පාර කපනවා.
ReplyDeleteඇත්ත ඒ ජීවිතේ මට අමතක කරන්නෙ නෑ වගේම අමතක වෙන්නෙත් නැතිවෙයි...
Deleteඇත්ත
මං ඒ මතකෙට ආදරෙයි
ස්තූතියි සිරා