වෙලාව දහයාමාරට විතර ඇති... මං පිං පාරට යන්න බලාගෙන පොල්ගහවෙල බස් ටෑන්ඩ් එක ගාව තියෙන කුරුණෑගල හෝල්ට් එක ළග
හිටගෙන... ඒක පිරෙන්න සෙනග.. අවුවෙන් බේරෙන්න වෙන්නැති.. දවල් වෙන්න වෙන්න රත් වෙන
ඉරත් එක්ක දාඩිය දාන්නෙ තරගෙට වගේ... මං ආයෙමත් බස් කිවු එක දිහා බැළුවෙ යන්තමට
හරි රිංග ගන්න පුළුවන් තැනක් හොයාගන්න හිතං.. ඒ එක්කම වගේ බස් එකත් පල්ලිය
පැත්තෙන් මතු වුණේ හිතට පොඩි සැනසිල්ලකුත් එක්කම වගේ කියල මට දැණුන. කොළඹින් ගමන
පටන් ඇරන් මැදිරිගිරියෙන් ඉවර කරන්න බලාගෙන යන “ලක්මාල්” බස් එක පිඹගෙන
ඇවිත් “
කීස්”
ගාගෙන දුටුගැමුණු හන්දියෙ නැවැත්තුවා...
කළු පාට බැක් පැක් එකත් දකුණු උරිස්සෙන්
එල්ලගන,
පිටිපස්ස දොරෙන් බස් එකට නැග්ගෙ අමතර පංති වලට සහභාගි වෙන්න බලාපොරොත්තුවෙන් යන
නංගිල තුන් දෙනෙක්ට නගින්න ඉඩ දීල. බස් එකේ ගමනාන්තයට මදක් මෙහාට වෙන්න යන මට
කොහොමත් සීට් එකක් ලැබෙනව කියල මම අත්දැකීමෙන් දැනගෙන හිටිය. බස් එකේ ආසන පේලී
කීපයක්ම හිස්. දොරළගම සීට් එකේ වාඩි නොවී ඊට ආසන පේළි තුනක් විතර ඉස්සරහින් තිබුණ සීට් එක්ක වාඩි වුණේ පස්සෙන්ම ඉදගන්නවට
වඩා මැද හරියෙන් ඉදගන්න කොට ගමනාන්තයට යනකම්ම ඉදගෙන යන්න පුළුවන් හින්ද . මගින්
නගින ආබාධිත, වයොවෘද්ධ හෝ ගැබිණි මාතාවන් වගේ පාර්ශ්වයන් ගෙන් ගැටළුවක් නොවී
අපහසුවක් නැතිවම ගමන අවසන් කරන්න පුළුවන්.
පොතුහැර කුරුණෑගල පහු කරන්
බඩගමුව කැලේ මැද්දෙන් දැනෙන සීතලත් එක්ක මට ලාවට ඇස් පියවෙනව වගේ දැනුන.. කොහොම
හරි මට ටිකක් තදටම නින්ද යන්න ඇති.. ආයෙ මං හදිසියෙම ඇස් අරින කොට දැක්කෙ මැල්සිරි
පුර පහු වෙලා කියල... ඇහැරුණෙත් නිකංම නෙවී කොන්දොස්තර තැනගෙ ගෝරනාඩුව හිංද... ඒත්
ඒ ගෝරනාඩුව මේ වගේ දුර බස් ගමන් වල ටිකක් අස්වාභාවිකයි...
මේ අම්මට කව්රු හරි නැගිටල සීට්
එකක් දෙන්න... ළග බහින කවුරුවත් නැද්ද... ???
දෙතුන් පාරක්ම එහෙම ඇහෙනකොට මං හිමීට පිටි පස්ස හැරිල
බැළුවෙ නිදිමතෙන්මයි... ඇස් දෙක පුරෝල නිදි මත බේරෙන්න ඇති... ඒ මදිවට වස කම්මැලි
කමකුත් එක්ක මහ මුස්පේන්තු ගතියක් දැණුන..ඒ හැගීම් අස්සෙන් මං දැක්කෙ සුදු පාට
බ්ලවුස් එකක් වගේ උඩිං දම් පාට මල් මල්
වැටුණ ගවුමක් වගේ එකක් ඇදන් ඉන්න අවුරුදු විසි පහක් විසි අටක් විතර වෙන මාස හයක්
නැත්තං ඊට වැඩි බඩකුත් උස්සං අමාරුවෙන් හිටං ඉන්න අම්ම කෙනෙක්. ඒ මදිවට පත සයිස්
හෑන්ඩ් බෑග් එක්කුත් එල්ලගෙන. වාහනේ වේගෙත් එක්ක ඒ වගේ තත්වෙක ඉන්න කෙනෙක්ට හිටගෙන
ඉන්න අමාරුයි කියල කියන්න වෙන මොනාත් ඕන නෑ... මූණ දැක්කාම ඇති... දාඩිය දාල,
අසරණකම බේරෙන, වෙහෙසකර බව හරි අපුරුවට ඒ මූණෙ සිත්තම් වෙලා තිබුණ. කවුරුවත්
නැගිටින පාටක් නෑ... මට කෙඳිරි
ගෑවුණා... තව කිලෝමීටර් සීයක් විතර යන්න එපෑ...
අක්කෙ..... වාඩි වෙන්න...
මං නැගිටල සීට් එක දුන්නෙ වෙන
මොකවත් හිංද නෙවෙයි... ඒ මනුස්සය හිටගෙන යනකොට මට ඉදං ඉන්න ඇත්තටම ලැජ්ජ හිතුණ
හිංද...
ඒ අම්ම දඹුල්ලෙදි බස් එකෙන් බැහැල ගියා... ස්තූතියි මල්ලි
කියාගෙන... මං හිණා වුණා විතරයි... එයා නැගිටින කොටම කොහෙදෝ ඉදල ආපු ආච්චි කෙනෙක්
ආයෙත් එතනම වාඩි වුණේ හරි හදිස්සියකින් වගේ... මං විතරක් ආයෙම හිටගෙන... තනියෙම
බස් එකේ මැද හිටං යන්න බැරි හිංද මං ඉස්සරහට ගිහින් එන්ජින් එක වට කරල ගහල තියෙන
සුදු යකඩ බටයක් උඩ වාඩි වුණේ කොන්දට ෂේප් හිනාවක් දාන ගමන්.... මට වුණේ බටුකොටුවෙ
හංදියෙන් බහින කංම එතෙන්ට වෙලා කොන්දොස්තර තැනයි ඩැයිවර උන්නැහෙයි එක්ක වල් පල්
දොඩෝ දොඩෝ ඉන්න...
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
ReplyDeleteහුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
අඩවන්ව නෙත්පුරා බලනවා
ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
කවුලුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
නෙත් දහස් වාරයක් දුවනවා
දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
අහස බිම ගැටලන්න හදනවා
මතක ඇතිනේ මාලනී බුලත්සිංහල ගායනා කරන මේ ගීතය
Deleteඇත්තටම ඉවාන් අය්යෙ.... ඒ වගේ සිංදු හැම කාලෙටම වලංගුයි කියල හිතෙනව...
Deleteමේ සිද්ධිය වෙලා කීප දවසක්... ඒත් අමතක වුනේ නෑ... ඒකයි ලියල දැම්මෙ..
මං දාන්න හිතපු සිංදුව ඉවාන් අයියා දාලනේ..
Deleteඕවා මාලිනී බුලත්සිංහල කෝකිලාව කිව්වෙ කට කහනවට නෙවෙයිනෙ.
හිහි.... ඒකනෙ නේද... මනෝෂ් වගෙම තමා ඉවාන් අය්යත් පට්ට සිංදු කාරය...
Deleteඒ කාලෙ කියපුඒ සිංදු කවි කතා හැමදාටම වලංගුයි මනෝෂ්
මේ ගීතය ලියා තිබෙන්නේ සුජීවා කරුණාසේන කියා කෙනෙක්. මම හරිද? මේකේ සංගීතය කවුද දන්නවාද?
Deleteඇත්තටම දන්නෙ නෑනෙ..
Deleteඅරූ අය්ය කියලත් නෑ..
කියල යන්න බැරිය
මමත් දන්නේ නැහැ මහේෂ්. ඒකයි මම ඇහුවේ.
Deleteඅරූ අය්යේ...
Deleteගී පද - සුජීවා කරුණාසේන
සංගීතය - එච්.එම් ජයවර්ධන
This comment has been removed by the author.
Deleteඅවුරුදු ගාණකට කලිං උඹ ඉන්න තිබ්බෙ සිංදු
Deleteහෙහ්
හහ් හහ් හහ්.. ඔහොම වැඩ වෙනවා ඉතින් බස්වල යනකොට... සුදෝ ඉතින් කාටහරි ෂීට් එකක් දුන්නනං අාපහු එ්ක ගැන නොහිතන එක තමයි අැගට ගුණ...
ReplyDeleteජය වේවා!!!!!!1
හිහි... නෑ විදානෙ... මං හිතුවෙ අර අම්ම බැස්සාම ඉදගන්න පුලුවං වෙයි කියල මොකද එහෙම නෙ වෙන්නෙ... කලිං සීට් එකේ ඉදං හිටිය කෙනාටදෙනව නෙ...
Deleteඒත් අර ආච්චි ඇවිත් ඉදගත්ත... මොනා කන්නද
දුක තදකරං... තොල්පට හපං ... හිහි
ගහෙන් වැටුණ මිනිහට ගොනා අනිනවා කියන්නේ ඕකට තමයි මහේෂ්............... මටත් ඔය විදිහ අත්දැකීම් නම් අනන්තයි. මොනවා කරන්නද හිත හදාගෙන ඒ සීට් එක අමතක කරලා දාන එක ඇගට ගුණයි...
ReplyDeleteඒ ගැන නං ආයෙ මොනවට කියනවද...
Deleteගමහන් වැටුණ එකාට ගොනත් ඇනල කොටියම කෑව වගෙ තමා...
හිහි
උඹට සතුටු වෙන්න පුළුවන් එකම එක කාරණයක් තියෙනවා. අර ගැබිණි අම්මා බැහැලා යත්දි ස්තූතියි කරපු එක.
ReplyDeleteසම හරක් හිතන් ඉන්නෙ මොලේ අමාරුව තියෙන එකෙක් තමන්ට සීට් එක දුන්නා කියලා.
ඒ හිංද තමා මට අවුලක් නොහිත ඉන්න පුලුවං වුනෙත්... මොකද සමහර ඈයො ඉන්නව ස්තූතියි තියා හිනාවෙන්නෙ වත් නෑ... ම් හිතන්නෙ ඒ අර උඹ ඔය දෙවනියට කියල තියෙන ජාතියෙ අය
Deleteමේ අතරේ තවත් සමහර අය තමන්ට සීට් එක දීපු කෙනා ලඟ ඉන්දෙද්දි වෙන එයා අඳුරන කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට කතා කරලා සීට් එක දීලා බැහැලා යන වෙලාවලුත් තියෙනවා ... ඒ වගේ වැඩ නම් හරිම වැරදියි..
ReplyDeleteහිහි අර මනෝෂ් යටිං කියල තියෙන්නෙ ඒ වගේ කතාවක්..
Deleteමටත් එකපාරක් ඔහොම වුණා... එතකොට නං ඉතිං තියෙන හොද පැත්තකට යනව..
ඔහොම වැඩ ඉතිං නිතරම වෙනව.. සීට් එක ගැනනං ආයි හිතල වැඩක් නෑ..කරපු දේ ගැන සතුටු වෙනව හැරෙන්න. :)
ReplyDeleteසීට් එක ගැන නං ඒ තරං අවුලක් වුණේ නැ... මොකද අර කොන්දයි ඩැවයි දෙන්න මාත් එක්ක මාර පිට් වුණ හිංද... මට අමතක කරන්න බැරි වුනේ අර අම්ම බස් එකට නැගල හිටං ඉන්නව දැකලත් කව්රුත් සීට් එක නොදුන්න එක
Deleteමේ ගැන නම් අත්දැකීම කෝටියයි. ඔන්න ඉන් එකක් මං ගී පවුරේ කමෙන්ට් එකකටත් දැම්මා. ඔන්න හොරෙන්ම ගී පවුරෙන් ඒ කමෙන්ට් එක හොරකම් කරගෙන ආවා..
ReplyDeleteදවසක් මං බස් එකේ යනවා. ගමනෙ දුර කි.මී 60ක්. ඉතින් ස්ටෑන්ඩ් එකේදිම හොඳ අයිනක් එහෙම අල්ලගෙන සැපපහසුවට වාඩි උනා. දෙයියනේ කියල කිලෝමීටරයක් එන්න හම්බුනේ නෑ නැග්ග දරුවෙක් වඩාගත්ත අම්ම කෙනෙක්. දරුවෙක් කීවට අවුරුදු හයක හතක ළමෙක්. බස් එකට නඟින හින්ද වෙන්නැති වඩාගත්තෙත්! කොහොමහරි ඉතින් මං මගේ සුවපහසු අසුන පරිත්‍යාගකලා. එදා මං ගොඩක් අසනීපෙනුත් හිටියෙ. කොහොමහරි ඒ අම්මා බහින්නෙ තව කි.මී 30කින් කියල දැනගත්ත ටිකට් ගන්නකොට. කමක් නෑ ඉතින් එයා බැස්සම වාඩිවෙනවා කියල හිතාගෙන මාත් ඉතින් දැන් යනවා හිටගෙන. එතුමියගෙ හොඳ කියන්නෙ අඩුම තරමෙ සීට් එකෙ දුන්නෙ මොකාද කියලවත් බැලුවෙ නෑ ස්තූති කිරිල්ලක් තබා. කොහොමහරි පැය එකහමාරක් විතර ගියා. ඔන්න බෑග් එක එහෙම හදාගෙන, කුඩේ එහෙම අතට ගන්නකොට තේරුනා මට මෙයා බහින්න හදන්නෙ කියල. මාත් හිතුව දැන් හරි එහෙනම් කියල. ඒත් එතුමිය මොකක්ද දන්නවද කලේ. අර මෙච්චර වෙලා වඩාගෙන හිටපු දරුවට කිව්ව මෙහෙම. "පුතේ ඉස්සරහට ගිහින් නැන්දට කතාකරල එක්ක එන්නකො. පොඩි එකත් කඩිය වගේ රිංග රිංග ඉස්සරහට ගියා. ඉස්සරහ හිටපු ගෑනු කෙනෙක්ව එක්කගෙන ආව. දැන් අර අම්ම කියාපි, " අක්කෙ අපි එහෙනම් මෙතන බහිනවා. අක්ක මෙතව වාඩිවෙන්න" හොඳයිනෙ!!! ඉතින් මං ඉතිරි ටිකත් හිටගෙන. අන්තිමේදි බස් එකෙන් බහිනකොට උණ ඩබල් වෙලා. ඔන්න ඔහොමයි අපේ බවලත් උදවිය..!!
මෙන්න ඔය ගැන ගී පවුර ලිව්ව පෝස්ට් එක.
ලිංක් එකට ස්තූතියි මනෝ...
Deleteමනෝ කියන විදිවය වැඩ හිංද තමා මිනිස්සු තමංගෙ සීට් එක මේ වගේ වෙලාවකට නොදී ඉන්නබලන්නෙ...
ඇත්තටම ඉදං ඉන්න කෙනා සීට් එක දුන්නාම ස්තූතියි කියන එක වත් හිනාවෙන එක වත් කරන්නැති ගොඩක් අය ඉන්නව ඒ වගෙම තමා මනෝට කරා වගේ වැඩ කරන අයත් අනන්තයි...
එතකොට නං ඉතිං අම්ම මුත්ත මතක් වෙන එක අහන්නත් දෙයක්යැ
සීට් එකක් දෙන්න කෙනෙක් නැති වුනාට හිස් වෙන සීට් එකක වාඩි වෙන්න පොරකන්න මිනිස්සුන් නම් ඕන තරම් බං..
ReplyDeleteඒ කියපු කතාව නං හුගක් තැං වලට පොදුයි කියල හිතෙනව...
Deleteනැවතිල්ලේ කල්පනා කරල බලපුවාම දිනේෂ් අය්ය කියන්නෙත් රටඇවිලෙන කතා තමා
ඔවා ඔහොම තමයි බන් අපේ මිනිස්සු සම හරක් කරන වැඩ ,මටත් ඔය වගේ වැඩ වෙලා තියෙනවා බන්
ReplyDeleteඑතකොට නං හිතේ සර්ධාව පැත්තකට දමල ජාතිය අමතන්න තමා හිතෙන්නෙ...
Deleteනැද්ද මං අහන්නෙ
අපෝ මටත් කෝච්චියේදී ඔහොම වැඩ හරියට වෙලා තියෙනව.ඒ ගොල්ල බැහැල යන්නෙ ආපහු සීට් එක දෙන්නෙ නැතුව විතරක් නෙවෙයි වෙන කාටහරි සීට් එක දීල.සීට් එක දුන්නට පස්සෙ ඒ ආසාව අත් ඇර ගන්න එක හොඳා.
ReplyDeleteඅර මනෝෂ්ට වුණා වගේ...
Deleteමටත් එක පාරක් වෙලා තියෙනව...
එතකොට නං ඇත්තටම සෑහෙන්න අප්සට් යනව
ගැහැණු අයගේ ඔය නරක ගතියට මම ආසම නැහැ....
ReplyDeleteබස් එකක ඉඳගෙන යන්නේ සමහර වෙලාවට හිටගෙන ඉන්න අයටත් වඩා අපහසුවෙන්. සමහරු හිතන් ඉන්නවා, දරුවෙක් වඩන් නගිනකොට සිට් එකකුත් මැවෙනවා කියල එයාල වෙනුවෙන්. කෙනෙක්ගේ හිතහොඳ කමට දෙනවා කියල කිසිම හැගීමක් නැහැ...
අපිට කරන්න තියෙන්නේ, අපේ හිත නරක් කරගන්නේ නැතුව ඉන්න එක විතරයි
ඒක ඇත්ත උපේක්ෂා... ඒත් එහෙම වෙනකොට ඇත්තටම ටිකක් අප්සට් යනව...
Deleteමොකද ඒ මනුස්සය පව් කියල හිතල අපි සීට් එක දීපුහම ඒ මනුස්සය වෙන කවුරු වරි ගැන හිතල සීට් එක දෙන්නෙ එයාට එයාට කව්රුවත් සීට් එක දුන්නෑ වගේ
දවසක් බස් එකේ යද්දි වයසක ආච්චි කෙනෙක් ඇවිත් මට කියනව එයා පිටිපස්සෙ සීට් එකකලු ඉඳන් ආවෙ.එයාගෙ පුතා ලඟින් ඉඳගන්න ඕනි නිසා මට නැගිටල එයා කලින් හිටිය එකට යන්නලු. මාත් ඔන්න ඔහෙ ඕන එකක් කියල නැගිට්ට. ඒ වෙනකොටත් ආච්චි හිටිය සීට් එකේ වෙන කෙනෙක් වාඩි වෙලා. මොනව කරන්නද හිටගෙන ගියා..
ReplyDeleteඒක නං පට්ට කේස් එක... මං හිතන්නෙ චාම්ස්ට විතරක් ඇති ඔහොම කේස් එකක් වුනේ...
Deleteබලං ගිහාම සාමාන්‍යයෙන් වෙන මං කියපු සිදුවීමට වඉා බොහොම අහඹු සිද්දියක් තමා ඔබට වෙලා තියෙන්නෙ
අම්මා කෙනෙක්ටයි වයසක් මනුස්සයෙකුටයි උදව්වක් කරා කියලා හිතලා සතුටු වෙමු මහේෂ්. අසරන කෙනෙකුට සීට් එකක් දෙනවා කියන දේ දැන් හරි විකෘතියක් වෙලා, සමහරැ ලොකු ලමයි වඩාගෙන බස් එකට නගිනවා එතකොට එයාලාට සීට් එකක් ලැබෙන නිසා, සමහර අය ඉන්නවා අපි සීට් නැගිටලා එයාලාට දෙන සීට් එකෙන් බැහැලා යනකොට තමන්ගේ හිතවතෙක් ලගට කතා කරලා සීට් එක එයාට දීලා යනවා.
ReplyDeleteඉස්සෙල්ලාම
Deleteඅවන්හලට ඔබව සාදරයෙන් පිළිගන්නවා...
දිලිනි... උඩ තියෙන අනෙක් අයගේ අදහස් දැක්වීමත් එක්ක බලනකොට මට හිතෙනව මේක අපේ මිනිස්සුන්නෙ ආකල්ප වල වැරැද්දක් සහ ඒ මිනිස්සුන්නෙ පටු ආත්මාර්ථය නිසා වෙන දෙයක් කියලඒකට හොදම උදාහරණය තමා ඔබ කියපු විදියටඅපෙන් සීට් එක ගත්ත කෙනා අපට ආපහු ඒක නොදී එයා ද්නන කියන කෙනෙක්ට දීම..
අනේ මංද... සමෙහෙම ගියොත් මේ අයට පයිං තමා යන්න වෙන්නෙ
ස්තූතියි..
2003 දි විතර වැල්ලෙ සෙල්ලම් කරන්න ගිහින් මගෙ කකුලක් දනහිසෙන් පැන්න.ඔකට දවසක් මම බෙහෙත් ගන්න තනියම ගියා ප්‍රසිද්ද කැඩුම් බිදුම් වෙදෙමහත්තයෙක් ගාවට.ආපහු එනකොට බස් එකෙදි මටත් ඔය වැඩෙම වුනා.මට ඉදගෙන යන්න තිබුන ලැජ්ජවටම මම ෂිට් එක දුන්න.පිටට පෙන්නෙ නැතිනිසා කවුරුවත් දන්නෙත් නැ.එත් පොඩ්ඩක් එහා මෙහා වුනොත් කකුල පනිනව.හැබැයි කොන්ද දැක්ක මම බස් එකට නැග්ග තැන.කොහෙද මොකෙක්ටවත් ගානක් නැ.
ReplyDeleteකාටවත් අනුන් ගැන ගාණක් නෑ දමිත් අය්යෙ...
ReplyDeleteහුගක් අය හිතන්නෙ තමන් ගැන විතරයි...
ඒත් අනුග් ගැන හිතන එකාව රැකෙන්න සමාජෙතැනක් නෑ...
උට ජීවිතයක් නෑ...
ඒක තමා කටුක ඇත්ත...
කී දෙනෙක්ට මෙ වගේ වෙලා ඇත්ද...
නේහ්
බස් එකක් වගේ තැනකදි අනිත් අය ගැනත් ටිකක් හිතන්න මිනිස්සු පුරුදු වෙනව නම් කොච්චර හොඳද. අද මම එහෙම උදව්වක් කරොත් කවද හරි මගෙ නෝනට ළමයෙක් හම්බ වෙන්න ඉද්දි එහෙම නැත්නම් ළමය වඩාගෙන බස් එකකට නැගපු වෙලාවකදි වත් එයාට සීට් එකක් ලැබෙයි කියලයි මං හිතන්නෙ.
ReplyDeleteඒ වෙලාවට නං කස්සප මොකුත් හිතෙන්නෙ නෑ... හිතෙන එකම දේ පව් කියල විතරයි... ඒත් ඒ අය අපෙන් සීට් එක ඇරං අපිට කරන ඒවට හිතෙන්නෙ අනේ අපි පව් කියල
Deleteහැක්
උබ මොනව උනත් සතුටුවෙයං ඒ වෙලාවේදි අපිට කරන්න තිබුනු දේ අපි කලා කියලා.......
ReplyDeleteඅම්මෙ මෙන්න මූ ආයෙත් ඇවිත්...
Deleteතෝ කොහෙද බොල ගොහින් උන්නෙ...
ලියන්නෙ නැතෙයි දැං බොගිය...
සතුටක් හිත තිබේ නම් එපමණයි මලේ....
ආයිමත් ලියන්න හිතෙනවා මෙහෙම කියනකොටනම්,පරන නෑදෑයෙක් හම්බුනා වගේ මට ඒ වචන ටිකට.......ඉක්මනින්ම ලියන්න පටන්ගන්න ඕන.....
Deleteඒකනෙ...
Deleteඒත් උඹ ලියන්නෙ නෑනෙ නේහ්..
කම්මැලිය
බස් වල සීට් එක දීම ගැන නම් ඕනෙ තරම් අත්දැකීම් තියෙනවා. මම ඉගෙනගත්ත පාඩමක් තමයි සීට් එකෙන් පිදුම් ලබන අපේ මිනිස්සු සෑහෙන දෙනෙක් කිසිම කෘතගුණයක් නැති අය බව. අනික සීට් එක දීමට අනිත් මිනිස්සු බැඳිලා ඉන්නවා කියලා හැඟීමක් තමයි එයාලගේ තියෙන්නේ. ඒක මේ ආචාරශීලීබව සහ යුතුකම අතර වරදවා තේරුම් ගැනීමක්.
ReplyDeleteඔයා හරි හෙන් රි අයියෙ. අපේ සමහරක් බස් එකට දරුවත් වඩන් ගොඩවෙන්නෙ එයාට කියලසීට් එකක් වෙන් කරල තියේ වගේ.
Deleteඒක එහෙම වෙන්න ඔයා කියපු දේ වගේම ආකල්ප වල ස්වභාවයත් බලපානව ඇති
ඔහොම අත්දැකීම් නම් මටත් එමටයි මහේෂ්...නමුත් මා දැන් සිටින මැලේසියාවේ නම් තත්වය වෙනස්...ඔවුන් වැඩිහිටියෙකු දුටු මතින් තමන්ගෙ අසුන පිරිනමන්නෙ තරගයට වගේ...මේ රටේ පොදු ප්‍රවාහන සේවය තුල වැඩිහිටියන්ට සහ ආබාධිත අයට තියෙන සැලකිල්ල ඉතාම ඉහළයි...තරුණ ගැටිස්සියො වයසක අයගෙ, අන්ධ පුද්ගලයන්ගෙ අත් වලින් අල්ලගෙන පාරවල් පනින්න උදව් කරන දර්ශන බොහොම සුලභයි. ගැබිණි මව්වරුන් නම් පොදු ප්‍රවාහන මාධ්‍ය වල මම දැකලම නෑ. වාහන වල මිළ ඉතාම අඩු රටක ඒ ඇත්තියො කුමට බස් වල බඩ ගාන්නද....ඔබේ ආචාරශීලීභාවයට මගෙන් සැලියුට් එකක්...
ReplyDeleteඔබ එසේ කියන කොට ඇත්තටම මට හිතෙන්නෙ මොකද්ද දන්නවද
Deleteකවද්ද අපේ රට ඒ තත්යවට පත්වෙන්නෙ කියල
මොකද අපේ මිනිස්සු කොයිතරං ආචාරහීලී වුණත් ඒක අවස්තාවට විතරයි...
වාසියක් ඇත්නම් එකෙන්ම...
ස්තූතියි සිරා අය්ය
ඔයා පළමු වතාවට බස් එකක ගියා කියලායි හිතෙන්නේ.
ReplyDelete:D
කමක් නැහැ බස් කථා නොදන්න තව බබාටෙ කියවලා ඉගෙන ගන්න දේවල් තියෙනවා.
සමහර බස්වල නම් ඔය පෙට්ටිය වටේ තියෙන බටේ ඉදගන්න දෙන්නෙ නැ.ඕක කඩාගෙන යන වෙලාවලුත් තියෙනවා මම හිතන්නේ.අනතුරු දායකයි නේද.
ඔයා පළමු වතාවට බස් එකක ගියා කියලායි හිතෙන්නේ.///
Deleteහිහි මොනව කියන්නද කියල කල්පනා කලේ...
ඇත්තටම මම මේක ලීවෙ සිද්ධිය විශේෂ හිංද නෙවී... මට ඒක අමතක කරල දාන්න ඕන වුණ හංද...
එන්ජිම වටේට තියෙන පොල්ලෙ ඉදගන්න දෙන්නෙ බස් එකේ අයිතිකාරය කොන්දොස්තොර වැඩේ කරන්නැති බස් වල විතරයි...
අනේ මංද අනතුරුදායකද කියල දන්නෑ.. ඒත් එන්ජින් පෙට්ටියෙත් වාඩිවෙල ගිහින් තියෙනව
ඇක්සිඩන්ට් වුනොත්,විනාසයි නේද?
Deleteඅනික බ්‍රේක් ගැහුවම විසි වෙලා යනවා ඉස්සරහා දොරින් .මං ඇස් දෙකෙන් දැකලා තියෙනවා.
ඇත්තටම ඇත්සිඩන්ට් උනොත් නං සොරි තමා...
Deleteඒත් ඔයා කියන අනෙක් අවස්තාව ගැන මට අවබෝධයක් නෑ
ඔබ කරපු ක්‍රියාව ගැන ආඩම්බරයි මහේෂ්, දරුවෙක් හම්බ වෙන්න ඉන්න අම්මා කෙනෙක් කියන්නේ කාගෙනුත් අනුකම්පාව, සැලකිල්ල ලැබිය යුතු චරිතයක්...බස් එකේ ගියපු අනිත් අය ගැනනම් මොනවා කියන්නද මන්දා...දැන් කාලේ හැටි තමා
ReplyDeleteඅනේ කාලේ වනේ වාසේ කියල කියන්නෙ කට කහනවටයැ සයුරි අක්කෙ...
Deleteහැම මිනිහම එක වගේ නෑ...
ඒ වගේම හැම කෙනාම අනෙක් අය ගැන හිතන්නෙ නෑ...
ඒක මනුෂ්‍ය ස්වභාවය කියල හිත හදාගන්නවඇර වෙන මක් කරන්නද
තනියෙන් බුදුවෙන්න පුරුදු කරන්නේ ඉස්කෝලෙ යන්න පටන් ගන්න කොටමයි. ඒ ගුරුවරු නෙමේ දෙමව්පියෝ. පලවෙනියා වීම., මොනිටර් වීම, ප්‍රිෆෙක්ට් වීම, ආදී වශයෙන් බොහෝමයයි. එතනදි සාමුහිකත්වය ඈත්වී ආත්මාර්ථය ඔලුවට එනවා. නවත්වන්න බැහැ.
ReplyDeleteඒක ඇත්ත අරූ අය්ය...
Deleteබෙදාගන්න දන්නෙ නෑ..
ආත්මාර්තකාමී..
මේ හැම දෙයක් ඔළුවට ගහන්නෙ ඉස්කෝල වල තියෙන වැරදි අධයාපන ක්‍රමය