Monday, June 9, 2014

ස්මරණ-03

                                                                           පසුගිය සතියේ පුංචි පුංචි චෝදනා කිහිපයක්ම තිබුණේය.. ඒවා දෙස බැලීමේදී මට පෙනුනේ මා පටන්ගත් ආකාරය වැරදි වගය. නමුත් දැන් ප්‍රමාද වැඩිය. කියන්න ආදේ අහවර කළ යුතුය. නැතහොත් මේ යන ක්‍රමය කැඩීමෙන් ඉදිරියට ලිවීමේ ගැටළු ඇති විය හැකි යැයි මට සිතෙන නිසාය. එබැවින් ඉදිරියේදී යම් වෙනස් කමක් කරන තුරු ඉවසා මා හා රැදෙන මෙන් ඉල්ලමි.පසුගිය සතියේ කියන්නට ගිය දේ අවසන් කර මේ ලිවිල්ල හමාර කරමි එවිට මට යම් වෙනස් කමක් කළ හැකි යැයි හැගේ.
                                                                        ***********
                                                                           අප නිවසේ සිට බෝධිය කන්ද පසු කර මද දුරක් ගිය පසු කිරියම්මලා වෙසෙන ලැයිමට යා හැකි බව පළවෙනි කොටසින් කීවා ඔබට මතක ඇතැයි මා සිතමි. එබැවින් පසුගිය සතියේ පටන් ගත්  චරිත හදුන්වා දීම මේ ලැයිමෙන් අවසන් කරමි.

                                                                           කිරියම්මලා විසූ ලැයිම් කාමරයේ(කාමර යැයි ලැයිම් වලට හදුන්වන්නේ මන්දැයි මා පළමු ලිපියේ සදහන් කළෙමි) පවුල් හතරක් ජීවත් විය හැක. එහි දකුණු දිශා ගත කෙළවරේ කිරියම්මලාගේ කොටස විය. මේ කියන කිරියම්මා අපේ අම්මාගේ අම්මාය. එහි ඇයද, ජෝකියා යැයි ගමේ නොසංඩාලයන් විසින් හැදින්වූ ඇගේ සැමියා හෙවත් මගේ අත්තාද විය. ඔවුන් එහි විසූයේ තනිවමය. ඈට දියණියන් සිව් දෙනෙක්ද පුතණුවන් තිදෙනෙක්ද විය. මා මේ කියන කාලය වන විට අයෙක් හැර සියල්ලෝම විවාහ වී පවුලෙන් වෙන්ව ගොස් සිටියේ ය. සිටියේ ජයසිරි මාමා පමණි. ඔහු විජයභාහු පාබල රෙජිමේන්තුවේ සැරයෙන් වරයෙක් වශයෙන් සේවය කළ අතර ගෙදර සිටියේ එහෙමත් දවසක පමණි. එක්දහස් නවසිය අනූ අටේ වසරේ ඔහු පවුලෙන් පමණක් නොව දැයෙන්ම සමුගත්තේ ජයසිකුරු මෙහෙයුමේ යෙදී සිටියදී මෝටාර් ප්‍රහාරයක් වැදීමෙනි.

                                                                          කිරියම්මලාගේ නිවසට එහා කොටසේ වාසය කලේ වික්ටර් කුරේ සහ ඔහුගේ පවුලය. වත්තේ විසූ අනෙකුන්ට මෙන්ම ඔහුටද රැකියාවක් නොතිබිණි.  ඔහුගේ බිරිද සුමනා  මැද පෙරදිග සේවය කළාය.  ඔහු හා එම නිවසේ  කලක් ජීවත් වූ ඔහුගේ මව පොල්ලතු වියා ලබා ගන්නා, හා එළ හරකුන් ගෙන් ලබාගන්නා ආදායම මේ පවුලට තිබූ එකම නීත්‍යානුකූල ආදායම් මග විය. ඔහුට දරුවන් දෙදෙනෙකි. දෙදෙනාම පිරිමියන් වූ අතර ලොකු එකා නෙල්සන් වූ අතර බාලයා නිමන්ත විය. පොල් කැඩීම, දඩයම මොවුන්නේ ආදායම විය. නෙල්සන් කුරේ විවාහ වී බිරිදගේ ගෙදර බින්න බැස්සේය. නිමන්ත ද කලේ එයමය. දැන් ඒ කොටසේ සිටින්නේ වික්ටර් හා සුමනා  පමණි.  වික්ටර් කුරේ ලබාගන්නා ආදායම බීමටම වැය කලේය. ඒ ද  අමුතු බීමකි. බිරිද රට ඉන්නා කාලයේදී හොද හැටි බොන ඔහු ඈ පැමිණි කල බීම නවත්වයි. නිදහසට තිබූ එකම කරුණ වූයේ
                    
සුමන නෑනෙ බං... ඒකි ළග ඉද්දි කටේ තියන්න හිතෙන්නෙ නෑ... ගිහාම තමා බොන්න හිතෙන්නෙ...

කියාය. දැන් සුමනා හෙවත් ඔහුගේ බිරිද ගෙදරය. ඒ හින්දා බීමක් නැත. පුදුමය නම් ළගට ගෙනත් දුන්නද බොන්නට බෑ කියා ප්‍රතික්ෂේප කිරීමයි.

                                                                           ඒ නිවසට යාබද නිවසේ වූයේ වික්ටර් කුරේගේ සහෝදරයෙකු වූ  සුනිල් කුරේ හා ඔහුගේ  පවුලය. සුනිල් කුරේ ගේ බිරිද ද මැද පෙරදිග සේවය කළාය. එමෙන්ම ඔහුටද රැකියාවක් නොවීය.  ඔහුද බීමට ඇබ්බැහි වූවෙකි. ඔවුන්ට සිටියේ දියණියන් තිදෙනෙක් හා එක් පිරිමි දරුවෙකි. ලොක්කිය හෙවත් කුමුදු  විවාහ විය. ඒත් පවුලෙන් වෙන්ව නොගිය ඈ වත්තේ වැඩ කරමින් ජීවිකාව සරි කරගන්නීය. ඇගේ සැමියා අද වෙනතාක් මට හමු නොවූ අතර ඔහුද කරනා රැකියාවක්  නැත.  මද්දුමිය ඉගනීම කඩාකප්පල් කර ගත්තීය. පිරිමි දරුවා ගයාන් වූ වේය. ඔහු විවාහ විය දීගය වැඩි කලක් නොගොස් කැඩුනේ ඔහුගේ අවකල් ක්‍රියා නිසා යැයි සිතමි. දැන් සිය දියණිය හා වෙසෙන ඔහු අයාලේ යයි. දියණිය හැදෙන්නේ ඔහුගේ මවගේ උණුසුමේය.

                                                                       කියන්නට සිටි යමක් අමතක විය. ඒ මා පෙර කොටසේ සදහන් කළ රත්නායක මේ දෙපවුලේම ඥාති යෙකු වීමය. මේ සම්බන්ධයෙන් ඔහු බෙහෙවින් ප්‍රෙයා්ජන ගත්තේය. වික්ටර්ගේ බිරිද හා සුනිල්ගේ බිරිද විදේශ ගතව සිට නිවසට පැමිණ ඉන්නා කාලයේ ඔහු ඔවුන්නේ මුදල්ද ගේන බඩුද ලබා ගත්තේ චාටු දොඩවමිනි. ගයාන් ගේ විවාහය දෙදරා යාමත් සුජීවා අනාථ වීමත් නිසා සුජීවා ගයාන්ට විවාහ කර දෙන්නට ගිය බවත් කෙසේ හෝ ඒ වැලකී ගියේ ඇගේ යම් කිසි අවකල් ක්‍රියාවක් නිසා බව ගයාන් කීවේ "මං වහ කනව ඊට හොදා කියමිනි."

                                                                       මේ කොටසට  යාබදව තිබූ අනෙක මා එහි වෙසෙන කල හිස්ව තිබූ අතර දැන් එහි වාසය කරන්නේ කුමුදු හා ඇගේ සැමියායය. මගේ කිරියම්මා හා අත්තා දෙදෙනාම මිය පරලොව ගිය බැවින් ඒ කොටස ගයාන්ට හා ඇගේ බිරිදට ලබා දීමටමගේ මව් ක්‍රියා කලද එය දැන් පාළුවට ගොස් ඇත්තේ ගයාන්ගේ බිරිද ඔහු හැර යාමත් ඔහුගේ අයාලේ යාමත් නිසාය.

                                                                         වික්ටර් කුරේ හා සුනිල් කුරේ පවුල් දෙක ගමෙන් විශේෂ වෙන හේතුවක් මෙහිලා සදහන් කළහොත් වටී යැයි මට හැගේ. ඒ මේ ගං තුලානටම සිටි එකම දඩයම් කාරයන් ඔවුන් බැවිනි.  ඔවුන් අතින් වැඩියෙන්ම දඩයම් වූයේ ඉත්තයන්ය. (ඉත්තෑවන්) ඊට අමතරව වල් ඌරන් සාවුන් තලගොයන් මෙන්ම ඉදහිට වයසක ගොන් නාම්බෙක්ද ඔවුන්නේ දඩයම් අතර විය. මීමින්නන් හා කබල්ලෑවන්ද ඔවුන් දඩයම් කළ බව පුරාජේරු දෙඩවූවද  ඒ බැව් ස්ථිරවම කිව නොහැක්කේ ඒ වර්ගයේ සතුන් මේ ඉසව්වේදී මා කෙදිනක වත් දැකි නැති නිසාය.

                                                                         මොවුන්ගේ ඉගනීම එතම් යහපත් මට්ටමක් නොවීය. එබවින් නිතර අඩදබරද හිග නොවීය. එහෙත් ඒ වැඩි කලකට නොවේ . එසේම යහ පුරුදු යන්න ඔවුන්ට ආගන්තුක විය. නමුත් තැනේ හැටියට ඇණේ ගහන් ජාමේ බේරාගැනීමට ඔවුන් රුසියෝය. මහා සමාජයේ ඇතැමුන් ළග නැති ගති ලක්ෂණ ඔවුන් සතුයැයි මා මුලදීම කියුවේ එබැවිනි.

නමුත් ඔවුන්නේ තුන්වෙනි පරම්පරාව නම් ඉගනීමට කැප වී සිටීම සතුටට කාරණයක් ලෙස මට දැක්විය හැක.

මීට අමතරව වත්තේ කොටසක් මෙන් විසූ මුරකරුවන්ද තවත් පවුල් කීපයක්ද ගැන ලිවිය වුතු වුවත් ඒ පසුවට කල් දමමි. ඒ මට ඔබ වෙහෙස කරවිය නොහැකි නිසාය.



38 comments:

  1. යකෝ පඳුරු තලලා ඉවර වෙනකොට කතාව ඉවර වෙලානේ

    ReplyDelete
    Replies
    1. හිහි ඒකනේ.... හිටිංකො ඉවසා...
      පදුරු නොතල මේ වගේ කතාවක් කියන්නත් අමාරුයි

      Delete
  2. මටත් ඉන්නවා දඩයම් මාමා කෙනෙක්. කෙනෙක් කිව්වට ගොඩක් නෑ. දෙන්නයි. දෙන්නගෙන් එක්කෙනෙක් හොඳ දඩයක්කාරයෙක්. රබර් වලට එන ඉත්තන්ට දෙයියන්ගෙම පිහිටයි.

    ReplyDelete
    Replies
    1. හුගක් මෙහෙත් රබර් වතු වල තියෙන කදු වල තමා උං ඉන්නෙ...
      දඩයං කරන එක ගැන අපිට මොකුත් කියන්න බෑ ෙනව

      Delete
  3. හොඳයි,හැබැයි තව ලිව්වට අවුලක් නැ.

    ReplyDelete
    Replies
    1. හ්ම්...
      බලමුකො ඉස්සරහෙ නොදැනෙන්න ලියන්න

      Delete
  4. කතාව නියම විදිහට යනවා කියලා හිතෙනවා. ඔබ ලියන ආකාරය විතරක් නෙමෙයි ලියන ප්‍රමාණවත් උපරිම ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ... (හැලපේ තරහා වෙන එකක් නෑ) ඉතින් දිගට ම ලියාගෙන යන්න.. අපි ඉන්නවා කියවන්න..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැම සතියකම සදුදට දාන්න තමා හිතං ඉන්නෙ

      Delete
  5. මාත් එක පාරක් ඉත්තෑ මස් කාලා තියෙනවා. ආයෙ ඉතින් පට්ටම රසයි. වල් ඌරු මසුත් ඒ වගෙම රසයි. :D

    උඹ කතාව කියන විදිහත් ඒ වගේම රසයි ආයෙ දෙකක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඉත්තැවෝ මරලා ඉන්නවා දැකලා තියෙනවා,වල් ඌරෝ මරණවා දැකලා තියෙනවා මං නම් වැඩිය කන්නෙ නෑ ,නෑ කියන්නෙ කාපු දවසක් මතක් නෑ
      :))

      Delete
    2. ඉත්තෑවයි, ඌරයි ඇතිපදං කාලා තියෙනවා. ඒත් එපාවෙන්නෙ නෑ. උයල දෙනවනම් ගෙරි මස් හැර ඕනි එකක්. හුහ්!

      Delete
    3. ප්‍රියා මාත් එක පාරයි කාල තියෙන්නෙ වල්ලූර නං කාල නෑ.. දැං නං මොන මසක් වත් කන්නෙ නෑ

      Delete
    4. සහෝදර තැන ඇත්ත මද කීවෙ කියල නං ෂුවර් නෑ...
      හිහි

      Delete
    5. බලාගෙන ගියාම මනොත් දඩයං මරුවෙක් නෙව
      හිහි

      Delete
    6. සහෝ, මනෝ, මහේෂ්, ~ හොදම සීන් එක අපි කාලා ඉවර වෙනකම් දන්නෑ ඉත්තෑ මස් කියලා. :)

      කලින් වැඩ කරපු තැන නයිට් එකක් ක‍රත්දි ඒකෙ ගෑණු කෙනෙක් ගමේ ගිහින් ගෙනත් උයලා ගෙනවෙ අපිට දීලා "කාලා සතා මොකාද කියලා කියන්න" කිවුවා. ආයෙ මොකක්ද ඉතිං දීලා ඇද්දා. :)

      කලින් ඉත්තෑ මස් කාලා තිබ්බ එකෙක් තමා අන්තිම හ‍රියෙදි ගානටම කිවුවෙ සතා මොකාද කියලා. :)

      වල් ඌරා නම් දෙතුන් පාරක්ම කාලා තියෙනවා. ;)

      Delete
    7. මස් කලා තියෙනවා බන් කලින් එත් ඉත්තැවයි වල් ඌරයි නෑ, දැන් අවුරුදු ගානක ඉදන් මස් කලා නෑ ,උඹ ශුවර් නෑ කියන්න හෙතුව මට හිතා ගන්න පුළුවන්,ඒ වගේ තැන් වලට මං කඩෙන් අරන් සාක්කුවේ දාන් යනවා අනියන් බ්ස්කට් ,අයේ සුපිරි ......
      තව ක්‍රම තියෙනවා ;)))))))))))))))))))))))

      Delete
    8. ප්‍රියා මචෝ ඉත්තෑ මස් වල පොඩ්ඩක් කුකුල් මස් වල වගේ ගතියක් නේද තියෙන්නෙ...
      මං අර කීවෙ එක පාරයි කෑවෙ කියල... මට ඇත්තටම ආවෙ කුකුල් මස් රහක්

      Delete
    9. හ්ම්... මාත් ඒක ම තමා හිතුවෙ...
      හිහි
      අනියන් බිස්කට් ඔව වැඩේට නැගලම යනව... මාත් ඒක අත් විදල තියේ...
      හැක්

      Delete
  6. ඇත්තට මොකෑ බං අරූ ගෑණි ඉන්නකොට බොන්නැත්තෙ..
    ඔහොම ලියං යං.. :D

    ReplyDelete
    Replies
    1. නැති කොට නං බොන්නෙ දුකට කාංසියට ලු...
      ඉන්නකොට ඒකෙ අනික් පැත්ත හිංද බොන්නැතුව ඇති

      Delete
  7. ලිවිල්ල හොදයි බන් තව ඕන කතාව ,කියවලා කියන්නෙ මොනවද කියලා අයේ කම්පනා කරන්න ඕන ,තව ටිකක් ලිව්වා නම් එල

    ReplyDelete
    Replies
    1. හ්ම්....
      මං ඒ ගැන සලකා බලන්නං
      ස්තූති

      Delete
  8. උඹ අපිව වෙහෙස කරන්න බෑ කියලා උඹේ කම්මැලිකම ශේප් කර ගත්තා නේ කෝම හරි..

    ReplyDelete
    Replies
    1. හිහි... ටිකක් විතර...
      තේරුණා නේ ඒකත්

      Delete
  9. කතාව හොදයි මල්ලි..හොරා නොවි තව ටිකක් වැඩිපුර ලිවුව නම් මොකෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෙ...
      බලමුකො මීට පස්සෙ තව ටිකක් වැඩි කරල ලියන්න.. ම්ම්

      Delete
  10. උඹ මේ කතාව දිගටම ලියාගෙන පලයංකෝ අර පටං ගත්ත විදියට. නැතිනම් උඹට වෙන්නේ අර 'අලුත් මාලු මෙහි විකිණීමට තිබේ' බෝර්ඩ් එකට වෙච්ච දේමයි.
    නැතුනම් අර බූරුවා කරගහගෙන ගිය තාත්තටයි පුතාටයි වෙච්ච වැඩේ.

    ReplyDelete
  11. බූරුව කරගහන් ගිය තාත්තට වෙච්ච දේ නං දන්නව..
    අනෙක නං දන්නෙ නෑ...
    මටත් ටිකක් හිතුණ ්ඔය ගැන...
    දැං හිතෙන්නෙම මට හිතෙන විදියට ලියං යන්න

    ReplyDelete
  12. මේ කතාවේ පහුගිය කොටස්වලට වඩා, මේ කොටස පැහැදිලියි සහ රසවත්. (මට හිතෙන හැටි )

    පවුල්, අවුල්, වියවුල් ඇතිවෙන්නේ ඔන්න ඔහොමයි. හරියට ගයිඩ් කරන්න කෙනෙක් නැතිවුනාම සීසී කඩ වෙනවා. ඒ මහන්සිය කරට ගන්න කවුරුන් හරි ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හුගක් දුරට අධ්‍යාපනය නැති කම කියන්නත් බෑ මොකද ඉවසීම කියන දේ ටිකක් හරි තිබ්බ නං ප්‍රශ්න ඇත්තටම අඩුයි

      Delete
  13. සතුට දුක මැද තමයි ජීවිතේ ගත වෙන්නෙ...එහෙම නැති නම් පස්සෙ දවසක මතක් කරලා ලබන්න සතුටකුත් නෑ...දුක පරාජය කරලා සතුට පැත්තට එන්නයි හැමෝම වෑයම් කරන්නෙ...බලමු ඉදිරියේදි කථාව දුක පැත්තටද සතුට පැත්තටද දෝලනය වෙන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මතක් කරල සතුටු වෙන තරමටම ඒ තරං දුක් වෙන දවසුත් අතීතය දිහා හැරෙදිදි තියනව...
      දුක සැප සමබරවේ

      Delete
  14. වික්ටර් නම් නියම බඩුවක් තමා :)

    ReplyDelete
    Replies
    1. හ්ම් එක්තරා ජාතියක පට්ට පොරක්

      Delete
  15. ලියාගෙන යමු මහේෂ් දිගටම... ඉත්තෑමස් වල් උෟරු මස් වගේ රසවත්ව...

    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. ලියනව හැකි පමණ...
      යන්න පුලුවං දුර යනව...
      ස්තූතියි...
      ජයවේවා

      Delete