Monday, May 5, 2014

MINI කවි


ශ්‍රද්ධාව
බෝ ගහක්..
පිළිමයක්
පංසලක්
දුටු සැණෙක
බාගෙට ඉස්සෙන
පස්ස....


එපා
පරක්කු වැඩියි
මතක බණත්
කියල ඉවරයි
ආයෙත් නෑ
ආදරේ....

ඕෂෝ
නුඹ හොදයි
උඩු ගං පීනන්න
ඒත්
වතුර පාර
සැර වැඩියි



සම්භාව්‍ය
අපට නොතේරෙන
උන්ට කොහොමත්
නොතේරෙන
අගක් මුලක් නැති
වැල්වටාරම....

සහකාරිය
අදෙස් සොයනු නැති
ගැලපුම් සොයනු බැරි
නුඹ නික්මි දා සිට
සිත ඉතිරි හිස්තැන...


ලැම්බොගිනි
පුස් සයිකලයක්
වත්
නැති එකෙකුගේ
බඩගින්න



56 comments:

  1. මං හිතුවෙ දැන් බොගිය අමතක වෙලා කියලා ...

    සුපිරි අර සම්භාව්‍ය එක නම්

    ReplyDelete
    Replies
    1. අනේ නෑ දොඹේ... පහුගිය දවස් ටිකේ නිවාඩු හංද තාත්ත වහලයක්ගහනව ඒකට සප් එක දු්න ඒ හිංද තමා බොගිය ටිකක් මගෑරුනේ... සුපුරුදු පරිදි අද සිට කරලියේ...
      ස්තූතියි අගය කිරීමට..
      සම්භාව්‍ය ලේබලේ මට පෙන්නන්න බෑ... මොකද ඒවැයි තියෙන මෙලෝ මගුලක් තේරෙන්නෑනෙ

      Delete
    2. //සම්භාව්‍ය ලේබලේ මට පෙන්නන්න බෑ... මොකද ඒවැයි තියෙන මෙලෝ මගුලක් තේරෙන්නෑනෙ// සිරාවට බං රෙද්ද. (y)

      Delete
    3. මං නම් හරිම කැමැති සම්භාව්‍ය දෙවල් වලට ,මෙලෝ දෙයක් තෙරෙන්නෙ නෑනේ හක්

      Delete
    4. නොතේරෙන හිංදද ඒවයෙ කුණුහබ්බ වැඩි හිංදද...
      හී......

      Delete
    5. @ පියා.... බලං ගියාම අපි එකම බොට්ටුවෙ නැද්ද...
      ඇත්තටම ඒ මිනිස්සු සරලය ලීව නං අපිත් කියනවව බලනව.. මොකො ්ඔව අපි බැලුවයි කියල අගේ බහිනවයි...

      Delete
  2. අම්මප බං මට පයින් දෙන්න හිතෙනවා බස්වල යනකොට. චෛත්‍යක් එහෙම දකිනකොට විජහට ඉස්සෙනව පස්ස. දරු ගැබක් දරාගත්ත අම්ම කෙනෙක් දැක්කම අර එකෙක් නෑ ඇහැක් ඇරල බලන්නෙ.

    අවන්හල ඇරියෙ ටිකක් පරක්කුවෙලා මේ පාර. නේද?

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත කතාව මනෝ... ඇත්තටම එහෙම පස්ස ඉස්සෙනව නේද එතකොටමට බුද්ධාගමේද මුං කියල හිතෙනව... හරිම අජූතයි....

      මේ පාර සති එක හමාරක විතර බ්‍රේක් එකක් තිබ්බ.. කෝමත් සුපුරුදු විදියටම අද ඉදං වැඩ පටං ගන්නව

      Delete
    2. අඩේ.. මේක පුරා කවිනෙ. ඉස්සෙල්ල දැක්කෙ පළවෙනියටම තිබුන එක විතරයි. අපූරු කවි ටික මචං.

      Delete
    3. එහෙමෙයි...
      හී....
      පොඩි වෙනසක් කරන්න හිතුන...
      ස්තූතියි

      Delete
    4. හරි හරි ස්පෙලින් හරි "පිස්සු හැත්ත" (මං බැලුවා වැරදිලාවද්ද කියලා)

      Delete
    5. @ප්‍රියා... ඒක හරි...
      පිස්ස හැත්ත උංට ටිකක් මාංදමිකයි

      Delete
    6. @ විදානේ... නෑ නෑ .... හික්ස්....

      Delete
  3. ෂහ් ෂහ්..
    සුපිරි මිනිකවි.....

    ජය වේවා!!!

    ReplyDelete
  4. මහළු අයෙකු,
    රෝගියෙකු,
    පූජකයෙකු,
    දුටු සැනින්
    පියැවෙන
    දෑස ..........................

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ...
      වෙලාවක මගෙ පිටුවෙ කමෙන්ට් හඅටියට කට්ටිය දාපු කවි ටිකක් එකතු කරල වෙනම පොස්ටුවක් දාන්න ඕන...
      ස්තූතියි අදහස් බොදාගත්තට

      Delete
  5. එළ මචෝ..

    ගැහැණිය

    දුටු වනම
    සිත ඉල්ලන
    අඩන, වැලපෙන
    ළග ඉන්න විටක,
    දුටු වනම
    යකිනිය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක තුමා.............

      ඒ ගැන නං ඔබ තුමාට අත්දැකීම් නැතැයි...
      හැක්

      Delete
  6. එළ එළ මචෝ, නියමයි.

    එකක් කියලා නෑ බං ඔක්කොම වගේ හොදයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රි යා....
      උම්මා....

      Delete
  7. අවි රැඳී
    අතින් පන්හිඳක්
    කල විස්කම
    මහේෂ්

    ReplyDelete
    Replies
    1. හා හා... ඒව තහනං වචන.... හික්ස්...
      ස්තූතියි ඉවාන් අය්ය...
      රොම්බ නන්රි

      Delete
  8. වැනුනත් ලතාවට වැනෙන
    පෙරලුනත් මනසත් පෙරලෙන
    කෙලින් තිබුනත් බකලෙට පේන
    ඇගේ පස්ස ඇනයක් වුනානෙ
    මට

    ReplyDelete
    Replies
    1. හෑ....
      අමිලයත් පට්ට කවි නෙව කියන්නෙ...
      ජයවේවා

      Delete
  9. නියම කවි ටික..
    සම්භාව්‍ය පට්ට..
    ජය වේවා..

    ReplyDelete
    Replies
    1. නොවක් තුති අගය කලාට මාව...

      Delete
  10. සුපිරි ideas ටිකක්!

    ReplyDelete
  11. මිනි කවි

    කොට කවියක්
    දිග අදහසක්
    එක් කල විට දැනේ
    මිහිරක්
    :D

    ReplyDelete
    Replies
    1. කොට කවියක්
      ලොකු මිහිරක්...

      ස්තූතියි මානවිකා

      Delete
  12. කවි මිනී වෙන දවස එන තෙක්
    ඇඟිලි ගනිමි මම... හෙහ්

    ReplyDelete
    Replies
    1. වෙන්න දෙයක් නෑ...දැනුත් නිසදැස් විතරයි නෙව තියෙන්නෙ... කවි කියල කීප දෙනයි ලියන්නෙ... මාත් කවි කියල ලේබලේ වැනුවට නිසදැස් මිසක් ලියන්න දෙයක් දනන්නෑ
      ආවට තුති...
      එන්න පුලුවං නං හැමදාම

      Delete
  13. මරු බං. උඹත් අර මිනිකවි බ්ලොග් එකට ලියපං..

    අපි නම් මිනි තියා ලෝන්ග් වත් කවි ලියන්නේ නෑ දැන් නම්..

    ReplyDelete
    Replies
    1. මාත් ඒක පාරක් දැක්ක ඒත් දැං ඒකට යන පාර මතක නෑනෙව....

      ඉදල හිටල හරි ලීව නං... දිනේෂ් අය්යට ජයටමලියන්නත් පුලිවං එකේ

      Delete
  14. සම්භාව්‍ය කියන එක දැක්ක ගමන් මට මතක් උනේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පීන්ගෙ චිත්‍ර...

    ReplyDelete
    Replies
    1. අප්පේ හා ඒජාතියෙ චිත්‍ර ගැන නං මොකට කියනවද...
      නිකං කටු බලියක් විතරයි මට නං ඔව්

      Delete
  15. අපූරු මිනි කවි ටික..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි....
      ස්තූති

      Delete
  16. පොලිස් මාප්‍රකා

    කට පුරා
    සෙම පෙරෙන
    ගඳ ගහන
    කොමොඩ් කට.....

    ReplyDelete
    Replies
    1. හැක්....
      මේ තියෙන්නෙ පට්ට මිනි කවියක්

      Delete
  17. ඔන්න මමත් කුළුදුලේම මේ පැත්තට ඔලුව දැම්මා...මේ වර්ෂන් එකේ කවි වලට මම මනාපයි...නැත්තං කවි කියන්නෙ මම එච්චර කැමති දෙයක් නොවෙයි...බොට ජයම වේවා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා... කවි කියන්නෙත් එක්තරා හැගීම් ප්‍රකාශන මාධ්‍යයක් පමණයි නෙව...
      ආවට තුති... පුලුවං නං හැමදාම එන්න බලන්න

      Delete
    2. හැමදාම එන්න තමයි බං...මගේ රෝලට මේක දාගත්තෙ...

      Delete
    3. ඒ වචනෙටත් තැංකුයි...
      කෙනෙක්ගෙ නිර්මාණයක් තව කෙනෙක් අගය කරනව කියන්නෙ ඒ නිර්මාණය කරණ කෙනාට ඒ තරං සංතෝසයක් නෑ ... ස්තූතියි සිරාඅය්ය

      Delete
  18. පිනි කැට ඇවිදින
    අසිරිමත් රාත්‍රිය
    මෙන්න තණ පත්
    ගී කියන වසන්තය

    ReplyDelete
    Replies
    1. අද දවසේ කියවපු ලස්සනම කවිය... මං හිතුව අපිව අමතක වෙලා කියල....
      ස්තූතියි දිනිති අක්ක

      Delete
    2. අමතක වෙන්නෙ නැහැ මල්ලි.. මං ටිකක් ඇක්ටිවු මදි බ්ලොග් එකට. ආපු වෙලාවට හැම එකම කියවල යනව. :-)

      Delete
    3. මං දැකල තියෙනව ඔයා අම්බානෙට බුකියට ඇබ්බැහි වෙලා ඉන්නෙ කියල... බුකියෙ ලියන කවි මේකෙ ලීව නං ඒව හැමදාටම ඉතුරුයි... ඊටත් ඔයා කවිකාරියක් හිංද බ්ලොගක් මේන්ටේන් කරන එක කෝමත් වැදගත් වෙයි...
      නිර්මාණ කරන්න කම්මැලි වෙන්න එපෝ....

      Delete
  19. මගේ මිනි කවි මේවා තමා හිතට ආපු බයිලා

    "කුඩා කල
    මා බිය කළ
    වෙස් මුහුණු.......
    දැන් ඉතා පිවිතුරුව
    සැඟව බියකරුව
    මතු කරයි පියකරුව
    තුටු කරයි
    මා..........,
    නිරතුරුව

    මා තුටු කළ
    සිනා මුහුණු.........
    දැන් ඉතා පිළිකුල්ව
    සැඟව පියකරුව
    මතු කරයි බියකරුව
    නිති පෙළයි
    මා..........,
    නිරතුරුව..."

    "නුඹ ආවා
    දිව සළු වෙලා
    රිදී රත්‍රන්
    ඇගේ එල්ලා
    නේක සුගන්ධයන්
    ගත තවරලා
    මදහසක් මුවග
    රන්දා
    නෙතු අගින් මා
    දෙස බලා
    ඉතින් මට
    කෙළවුනා......."

    "නුඹ ඔතන
    මම මෙතන
    දවසක
    අපි අතන
    බලා හිදියි උන්
    හිදගෙන ‍එතන........"

    :D

    ReplyDelete
    Replies
    1. පට්ට...
      ආවට ස්තූතියි...
      පිළිගන්නව සාදරයෙන් අවන් හලට....
      හුග දවසකින් බ්ලොග අප්ඩේට් වෙලා තිව්නෙ නෑ නේද...
      කම්මැලි කං ගසා ඇරල ලීව නං...

      Delete
  20. මේ ලියලා තියෙන් පුංචි ඒත් ලස්සන කවි පෙලක්

    ඔයාලාගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මං කරන්නං

      Delete