අපි ජාති වාදී
නැත අපි හෙණ පොරවල්ය
කියනා උන් ළඟත් ජාතිවාදය තිබේ
මාලිංගට ප්‍රේම
කර කෝලිට වෛර කරන්නේ ඒ හින්දාය..
අමරදේවයන්
ශාස්ත්‍රීය යැයි සංකීර්ණ යයි කියයි
ජෝතිපාලයන්
සරල යැයි අපූර්ව යැයි කියයි
මනුෂ්‍ය
සන්තානයේ ඇති සංකීර්ණත්වය හන්දාම
ඔවුන් දෙදෙනාම
පුරාවෘත්ත ගතව ඇත...
නමුත් බොරුව
ජීවිත් කරවීම නුසදුසුය
සත්‍ය කියා
දෙයක් තබුණි යැයි අමතක විය හැකිය...
ශ්‍රීගෞතම සම්බුද්ධයන්
ඝාතනය නොවුනේ
බ්‍රාහ්මණයන්
හොද හින්දා යැයි නොසිතමි
පිය රජු
සුදොවුන් හන්දා යැයි සිතෙයි...
නමුත් යුරෝපයේ
බමුණන් වෙනුවට
පූජකයන් සතුව කුරුස
තිබුණි
යේසුස් ට සිය
සිරුර හිල් කරගිය ඇණද සහිතව
කුරුසයක එල්ලෙන්නට සිදුවුණේ ඒ හන්දාය...
වචන භයානකය
ප්‍රවේසමෙන් පාවිච්චි කළ යුතුය
මන්ද මාළුවා
නහින්නේ කට හන්දා යැයි
අප ඉගෙන ගෙන
ඇති බැවිණි....
පූසා අන්ධ වී ඇත
ඌ
උගේ සහජ ඉවවත් පාවිච්චි කරන්න නොහිතන්නේය
ඒ හන්දා දෝ මීයන් ඌ
ඉදිරි පිට නටන්නේම
නිරුවතිනි
මට අසන්නට ඇත්තේ දැන් සනීපද
කියා පමණි...
මෙහි පූසා යනු කවරෙක්ද තේරුනේ නම් නැත. නමුත් උපහාසයෙන් ලියූ ලිවිල්ලක් බව නම් වැටහුනි
ReplyDeleteනොතේරුම් කමට සිනහ නොවන්න
සිනහ වන්නට දෙයක් නැත... හැමදේම තේරෙන්නට ලීවොත් ගතියක් නැත... අනෙක් අය මොකක් කියයිද බලමු... නැත්නම් මං කියන්නං පසුව
Deleteකව්රුවත් තවම කියා නැති හංදා කියන්නං...
Deleteමේ සියලුම පද පේලි දිහා බලද්දි හැම තැනකම ඉන්නෙ ජනතාව සහ පාලක පක්ෂය...
ජනතාව හන්ද උඩ යන කට්ටිය
හරිද....
මම පූස කියල කිව්වෙ ජහමනයට...
සියල්ලට වඩා බලවත් ඒත දන්නෙ නෑ තමන්නෙ තත්වය... තමන් සියල්ලට වඩා බලවත් කියලදන්නෙ නැ...
ඒ හංද අන්ධයි..
උගෙ අන්ධ බව හන්ද දේසපාලු යක්කු ටික හොදට ඩෙගා ඩාන්ස් දානව
තේරුම කියා දුන්නට ස්තූතියි.කවියක් ලියල ඒකෙ තේරුමත් කියාදෙන්න උනාම
Deleteමලපනිනවා කියල දන්නව.එත් ඉතිං නොතේරුන දේ අහල හරි දැනගන්න එකනේ ඉගෙනගන්නවා කියන්නේ .අයෙ වතාවක් ඉත්තුති කොලනවා ..කියල දුන්නට :)
ආයෙ ඕකෙ තරහ ගන්න දෙයක් තියේයැ...
Deleteහැම කෙනාටම හැමදේම තේරෙන්න ඕන කියල නීතියක් තියේයැ...
හිහි...
ඒ තරං හිතන්න එපා
මෙහෙමයි බන්, ලෝකයේ මිනිස්සු විවිධාකරයිනෙ. ඉතින් උන් උන්ට කැමති කැමති ඒවා අදහගෙන, විඳවගෙන, ගොඩනගාගෙන හිටියට කමක් නෑ. ඒත් ඒකෙන් අනෙකාට කරදරයක් නොවිය යුතුයි.
ReplyDeleteමගේ පුද්ගලික මතයනම්, ලෝකයටම එක ජාතියක් හිටියනම්, ඒ මනුස්ස ජාතිය. ආගම් එපා. ඒ වෙනුවට ලෝකෙටම එක නීතියක්. අපි හැමෝම එකම පවුලක්. සීමා මායිම් වැට කඩලු නැති.
උඹේ ප්‍රාර්තනය ලස්සනයි... ඒත් කවදා වේද සැකයි...
Deleteපාලක පක්ෂය කැමති වුණත් කුහක මිනිස්සු කැමති වෙන්නෙ නෑ
සමහර වෙලාවට ඔය නිරුවතින් නටන මීයෝ කාගේ අතින් හරි දූෂණය වෙලා පූසව අහුවෙන්න ඉඩ තියෙනවා
ReplyDelete+++++++++
Delete@ ඉවාන් අය්ය...
Deleteතේරුන් නෑ...
ප්‍රියා....
++++++++++
හිකිස්
Deleteචිකිස්....
Deleteමචං, පූසා ඕන කමින් අන්ධයි වගේ ඉන්නවා වෙන්න බැරිද?
ReplyDeleteඋපරිමයි කවි ටික මහී.
එහෙනං ප්‍රියා උඹත් ඕන කමින් අන්ධ වෙලා නේව...
Deleteහිහිි...
ස්තූතියි මචෝ
පූසා අන්ධයි වගේ රඟපානවා.. ඒක නොදන්න මීයෝ හෙළුවෙන් නටනවා..
ReplyDeleteඒත් පූසට එපා වුණාම වීයන්ට ඇඩ්ඩස් නැති වෙනව..
Deleteහිහි
අප්පත සිලි :0
Deleteමාලය් නේද ............................................
Deleteහිහි
"සහෝදරයෙක්" පාට් එකක් දැම්මද?
ReplyDeleteඅපොයි නෑ අැයි ඒ
Deleteබොලාගෙ පද පේළි කීපය මගේ හිතට අල්ලලා ගියා...විශේෂයෙන් අමරදේවයන් සහ ජෝතිපාල ගැන ලියු වචන කීපයට මම ඉතාම කැමතියි.
ReplyDeleteස්තූතියි සිරා අය්ය
Deleteමට අසන්න ඇත්තෙ දැන් මෙක ලිව්වා කියලා බොට සනීපයි ද /හැක්
ReplyDeleteපට්ට බන් .... අර පූසෝ මීයෝ ගැන එක ගති ..
මට තාම අසනීපයි යකෝ...
Deleteස්තූතියි ඈ
බෙයියන් ගන්නේ නෑ ??
Deleteමේකට බෙයියන් තියෙන්නෙ අපි ගාවම නොවැ...
Deleteමන්ද මාළුවා නහින්නේ............... කියන එක මම දැක්කේ මහින්ද මාළුවා වගේ.
ReplyDeleteහිහි...
Deleteවිචාරක තුමත් වයසයි නෙව දැං
මහින්ද මාළුවා නම් නහින්නේ නෙමේ ගොඩ එන්නේ වචනවලින්.
Deleteඒක නං සීයට සීයක්ම ඇත්ත අරූ අය්ය
Deleteබොන්න වෙන පුරස්නයක්.. :D
ReplyDeleteඋපරිමයි පද ටික..
බීලම විසදපංකො...
Deleteහිහි...
ස්තූතියි ඈ
කවුද ඇත්තටම පූසා
ReplyDeleteඔබ මා වගේ ජහ මනයා නෙව
Deleteදැන් සනීපද....?
ReplyDeleteතාම නෑ නෙව මාතෙ...
Deleteමේක තේරුනෙත් කීප දෙනෙක්ට විතරයි නෙව...
ස්තූතියි මෙහෙ මං ගැච්චුවට ඈ
මම මුලින් හිතුවේ පූසා කියන්නෙ රටේ වගකිවයුත්තන් කියල.පැහැදිළි කිරීමෙනුයි හරි කට්ටිය දැනගත්තෙ.තේරුමනම් මසුරන් .......
ReplyDeleteහිහි ඒකනෙ ඒකනෙ...
Deleteඉස්තෝතුයි ඇ
පූසා! ?
ReplyDeleteවෙන මොකෙක් හරි සතෙක් කිව්වනං.... ?
මීයත් එක්ක නැගලම යන්නෙ පූස නේද....
Deleteඒකයි එහෙම කීවෙ
පූසා බොරුවට අන්ධයි වගේ ඉන්නවලු මීයෝන්ගේ හෙළුව බලාගන්න...හිකිස්..අනේ ඉතින් ඒ වගේ හීන කොච්චර ලස්සනද ඈ..
ReplyDeleteකවිය සුපිරි..
හීන හීනයක්ම වෙන එක ගැනයි හිතට දුක...
Deleteස්තූතියි ඇ
නියම උපහාසාත්මක වචන ප්‍රහාරයක් මල්ලි. හොදටම ලියල.
ReplyDeleteස්තූතියි දිනිති අක්කෙ...
Deleteබොරු කීමට වඩා, ඇත්ත නොකියා ඉඳීම නම්බුකාරය. නමුත් ප්‍රතිඵලය බොහෝ විට එකමයි. ගිල්ටි ෆීලිං එක අඩුය.
ReplyDeleteඒක නං ඇත්ත
Deleteමසුරං අය්ඩියා එකක්
මචං මහේෂ් හොදට ම මල පැනලා ලිව්ව දෙයක්ද??? කාට නමුත් අමතලා තියෙනවා සිංහලෙන් ම. මට නම් වැදගත් වෙන්නේ ඔබ ඒ සදහා යොදා ගන්නා ලද වචන සහ ඒ තුළින් මතු කරන්නා වූ අර්ථයයි... අති විශිෂ්ඨයි කියලා තමයි කියන්න තියෙන්නේ......... මීයා මතක් කළා කියන්න..........
ReplyDeleteස්තූතියි කුරුටු...
Deleteමිය හම්බුනොත් කියන්නංකො...
හැක්...
ස්තූතියි ඈ
අඩේ මේක පට්ටයි බන්!
ReplyDeleteදැන් සනීපද?
පූස උනත් හැමදාම ඇස් පියාගන ඉන්නෙ නෑ. දවසක කාගන කාගන යයි මීයන්ට ඇඩ්ඩ්‍රස් නැතිවෙන්නම.
ඒ දවස එනකං තමා මාත් බලං ඉන්නෙ ඉස්සියෙ...
Deleteඉක්කෝතුයි ඈ...
හිහි
ස්තූතියි ඇවිත් යන්නං කො එහෙත්
ReplyDeleteපුසව ගොඩ ගන්න නිකං බෑ සෑහෙන ගේමක් දෙන්න වෙයි..
ReplyDeleteකොච්චර ගේමක් දෙන්න වෙයි කියලද ෂැගිය හිතන්නෙ
Delete////වචන භයානකය
ReplyDeleteප්‍රවේසමෙන් පාවිච්චි කළ යුතුය///////
කොයි කොයි පූසත් කොයි කොයි මීයාත් වටහාගත යුතුය.
අනිවාර්යෙන්ම අරූ අය්ය
Deleteවචන භයානකය
ReplyDeleteප්‍රවේසමෙන් පාවිච්චි කළ යුතුය
මන්ද මාළුවා නහින්නේ කට හන්දා යැයි
අප ඉගෙන ගෙන ඇති බැවිණි....
දැන් සනීපද කියල ඇහුවට දැන්මම සනීප වෙලා වෙන්නට බැරිය. හැබැයි සනීප වෙනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම වෙලා පෙරහැර ගොස් තිබිය හැකිය.
කවි ටික නම් සුපිරි ...
සාදරයෙන් පිළිගන්නව අවන් හලට
Deleteස්තූතියි මෙහෙ ගෑටුවට...
ෂෙහාන් කියන කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ
පූසා කොහොමත් හුරුතල්නේ නේ...
ReplyDeleteසුපිරි කයිය...
ජ ය වේ වා !!!
ස්තූතියි විදානෙ
Deleteමමත් කියන්නේ පූසා ඕනෑකමින් ඉන්නවා අන්ධයි වගේ . ඒකයි මීයෝ නටන්නේ
ReplyDeleteහා නැද්ද ??
මීයො නටනවත් වැඩී වයෝ....
Deleteඒත් පූස ඒක ගානක් ගන්නෙ නෑ ඒකයි මෙතන අවුල
පට්ටයි..එල ද බ්‍රා.
ReplyDeleteහික්ස්...
Deleteතැන්කුයි වේවා.... සංජීව සහෝ