Thursday, July 17, 2014

ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා


                                                             
වෙලාව උදේ නමයත් පහුවෙලා... මම මහ වීදිය දිගේ ඇවිත් මුස්ලිම් පල්ලිය ගාවින් වැව රවුමට හැරුණ.. සතියෙ දවසක්  වුණත් වැව රවුමෙ  ඉදගන්න ඉඩක් හොයාගන්න එක ලේසි නෑ.. අමතර පංති වලට සහභාගි වෙන කොල්ලන්ට කෙල්ලන්ට පංති යන එකට වඩා වැඩ තියෙයි කියල මට හිතුණ. සමහර විට අපිටත් අපි පංති යන දවස් වල වැඩ තියෙන්න නැතෑ ..

                                                              අළුතෙන් ව්‍යායාම මංතීරුවක් විදියට අළුත් වැඩියා කළ කුරුණැගල වැව ඉවුර ඒ දවස් වලට වඩා ලස්සන වෙලා. සිමෙන්ති කැට අල්ලල අපූරුවට හදල තියෙන පාරෙ අයින් ගැටි වල වගේම බංකු වලත් ජෝඩු කදේ දාගෙන වගේ වගක් නැතිව. ඈ මගෙන් සමුගත්ත ඒ දවසට පස්සෙ මේ වැව රවුමට ආවමයි. හැමදේම හුගක් වෙනස් වෙලා.. ඒත් ඊට සාපේක්ෂව  මට වෙනස් වෙන්න බැරිවුණේ මගෙ වරදක්  හින්දද  නැත්තං වෙනස් වෙන්න මට වුවමනා වුනේ නැති හංදද කියල මට හිතාගන්න බෑ. හිතෙන දේවල් අස්සෙන් පැටලි පැටලි වගේ මං වතුරට කිට්ටුවෙන් වගේ තැනක් හෙව්ව ඉදගන්න.. අන්තිමේ ලොකු කුඹුක් ගහක් යට දෙන්නෙකුට සෑහෙන ඉඩක් හොයාගෙන එතන ඉදගත්තෙ පැත්තකට වෙලා හිටියොත් තව ටික්කින් මෙතනත් නැති වෙනව කියල දන්න හිංද.

                                                           ඈ අදත් පරක්කුයි. ඉස්සර අපි හම්බු වුණ දවස් වල වගේම. මීට අවුරුදු කීපෙකට කලිං මේ වැව රවුමෙදිම මගෙන් වෙන්වෙලා යන්න ගියපු  මගේ සුරංගනාවි ආයෙ මට හම්බවුනේ මීට සති කීපෙකට කලිං. හිටියට වඩා කළු වෙලා කෙට්ටු වෙලා.. ඒත්  එදාට පහුවදාම ආපහු වැඩට යන වුණ හන්ද මේ දවස් ටිකටම ඇමතුමකට වඩා දෙයක්  බලාපොරොත්තු වෙන්න ඇයට වත් මට වත් බැරිවුණා. හදිසියේම ඈට මාව හමුවෙන්න ඕන කීව හන්දම නිවාඩුවෙ සම්පූර්ණ දවස් ගාණට  වඩා  දවසකුත් අඩුවෙන් ආවෙ මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නෑ කියල දෙගිඩියාවෙන්..

                                                            ඉර එළිය ඇලේට පොලව මතට වැටිල එක එක රටා මවනව.. හදිසියෙන් හදිසියෙන් වගේ නිතරම හමන සුළං රැල්ල හන්ද ඒ රටාවන් මොහොතින් මොහොත එක එක හැඩයන් ගන්නව. මට ටිකක් එහායින් ඉන්න යුවල එකිනෙකාට තුරුලු වෙලා මෙන මොනවදෝ කුටු කුටු ගානව.. හුළග එන්නෙ ඒ දෙන්නගෙ පැත්තෙ ඉදං මං දිහාවට හින්ද ඒ කියනදේවලුත් වරින් වර කැඩි කැඩී ඇහෙනව...  ඒ කියන ඒව ඇහෙන  මට තනියම හිනා ගියත් පෙන්නෙ නැතිවෙන්න අහකට හැරුනෙ එයාල කතා කරපු දේවල් මට ඇහුන කියල තේරුණොත් හරි නැති හන්ද..  ඒ වෙලාවෙම ජංගම යත් නාද වෙන්න ගත්ත.

හෙලෝ....

ඔයා කොහෙද....???  ඇගෙ ගීතවත් කටහඩ  

වෙනද අපි ඉන්න තැනට මෙහායින් තියෙන ලොකු කුඹුක් ගහ මතකද... ඒ ගහ ළග....

හ්ම්... මං එන්නං...

ජංගමය විසන්ධි වෙලා විනාඩියක් විතර යන්න ඇති ඈ මං ළග. එදා දැක්කට වඩා ලස්සන වෙලා.. සුදු වෙලා  මහත් වෙලා.. ********************************  මට  හිතෙන දේවල් දන්නව නං...

මොකද අනේ....

ඒ වෙලාවෙ තමා මං තාම ගල් ඉන්නක් ගිල්ල වගේ ඈ දිහාම බලාගෙන කියල මතක් වුණේ..

කව්රුහරි දැක්කොත් හිතයි ඔයා මාස ගාණකින් කාල නෑ කියල...

ඔය තියෙන්නෙ හොදම එකෙන්... දැං නං පොළව පලාන ගිහිං එහා පැත්තෙන් මතු වෙන්න තරං ...

නෑ ඔයා එදාට වඩා ලස්සනයි... හැමදාටම වඩා...

මං වචන ගැටගැහුව...

ඔයාට පුළුවන්නං මාව ගිලියි.. ඈ හිනැහෙනව...  මං හිනාවුණා විතරයි..
                                               *********************

මහී...
ම්...
මට වැඩි වෙලාවක්  ඉන්න බෑ..
හ්ම්...
මහී...
ම්...
තරහද....
නැහ්....
අනේ... මෝඩයො...
ඔව් ඉතිං අපි මෝඩ වෙන්න ඇතිනෙ... ඒකනෙ බුද්ධිමත් එකෙක් හොයාගත්තෙ...

බලං ඉන්දැද්දි ඒ මූණ කලු වුණා..  ඉදකිං මගෙ කටනං...

ස්...සො..රි..
නෑ ඔයා හරි... හැමදාම ඔයා හරි මං තමා වැරදි...
ප්ලීස්.. අයි බෙග්  යූ..

ඇය විමතියෙන් මං දිහා බලං හිටිය.. හිටිහැටියෙම  වැහිවලාකුළු අයිං වෙලා ගිහිං අහස පුරෝගන හ පෑව්ව...

ඒ ඔයාමද...
ම්... මොකද්ද..
නෑ... ඒ ටික  කිව්වෙ ඔයාමද... මට මතක මහී නං කවදාවත් සමාව ඉල්ලල පුරුදු කෙනෙක් නෙවී... ඊටත් කවදාවත් වැරැද්දක් කරා කියල මට ඔහොම කතා කරල නෑ.. කොටිංම කියනව නං පරණ මහීගෙ ඇගේ අළුත් ස්පෙයා පාට් හයි කරල වගේ..

මම හිතං හිටියෙ මං ටිකක් වත් වෙනස් වෙලා නෑ කියල..
ඔව් ඔයා එහෙම තමයි... ඒත් ටිකක්... දන්නවනෙ..

මම හිනාවුණා විතරයි....

                                                  ************************
මහී...                                         

කල්පයක් කියල හිතුණ වෙලාවකට පස්සෙ ඇගෙ ගීතවත් කටහඩ ඇහුණ..

ම්...
ඇත්තටමයි මං කීවෙ...
මොකද්ද....
මට යන්න ඕන...
ඇයි හදිසියෙම...
මං ආපහු යනව....... සංජීව ගාවට....

මං ඈ දිහා බලං හිටිය... ඈ මං දිහා බැළුව.. සමහර විට ඇතිවෙලා නැතිවෙලා යන  පුදුමය... කේන්තිය වගෙම අනෙත් හැගීම් හැම එකක්ම ඈ මගෙ මූණෙන් දකින්න ඇති...කියවන්න ඇති.... කොහොමත් ඈ තරං වෙනකෙනෙක් ට බැරිවුණා තාම මාව කියවන්න... ඒ හිංදම වෙන්න ඇති තාම මං ඈ ගැනම හිතන්නෙ...
එහෙනම් මොකටද ආපහු මං ගාවට ආවෙ.. මට එහෙම හිතුණ විතරයි.. ඒක ඈට දැනෙන්න ඇති...

මං ආපහු ආවෙ යන්න බලාගෙන නෙවෙයි... ඒත් ... ඒත්... මට ආපහු යන්න සිද්ධ වෙලා..
ඇයි... ඌ ඔයාට කරදර කරනවද...

සමහර විට ඒක ටිකක් සැර වැඩි වෙන්න ඇති... ඈ මගෙ අතිං අල්ල ගත්ත...

නෑ.....
ම...ම.ම ප්‍රෙග්නන්ට්...
මම ප්‍රාග් ඓතිහාසික මානවයෙක් නෙවෙයි...

ඈ බර සුසුමක්  වාතලයට පා කරල ඇරිය....

මම දන්නව ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි කියල.... ඒත් මෙතන ප්‍රශ්නෙ සංජීව... අපේ අක්ක පෙරේද සංජීවට කෝල් එකක් දිල... ඔක්කම විස්තර කියල... ඊයෙ සංජීව අපේ දිහා ආව... මං දැක්කමයි  ඒ මනුස්සය වැඩට නොයා නිවාඩු ගන්නව.. ඊයෙ අ මගෙන් සමාව ගත්ත... දහ අතේ දිවුරුව.  වෙන වෙලාවක නං මං මොනව හරි කියනව.. ඒත්... ඊයෙ මට මොනවත්ම කරගන්න බැරි වුණා... අම්මයි තාත්තයි අක්කයි දනු අය්යයි ඔක්කම ගෙදර...  ඒ හැම....කෙ..නා...ම...............................

මට ඈ කියන්නක් නෑසී යන්නට විය.. දැනුනේ අන්ධකාර ආගාධයකට ඇද වැටෙනවා මෙනි... හරියට පෙර දවසක ඈ මා අතහැර නික්ම ගිය දා මෙනි.. අවසන හිත තද කරගතිමි.. ඇස් බොදව යන්නට ඇත... නමුත් මා කතා කළෙමි.. කියන්නට බොහෝ දේ තෙරපුනත් වචන කිහිපයකින් සියල්ල හමාර කරන්නට හිතා ගතිමි.

මට තේරෙනව... 

මම බාධා කළා වන්නට ඇත... 

මට පුළුවන්නං මං ඔයාව තියාගන්නව...
ඒත්... ඔයා  සංජීවගෙ... එයාගෙ දරුවගෙ අම්ම වෙන්න යන්නෙ.... යන්න... ආපහු එන්න එපා.... ආව වගෙම යන්න...
මහී.....

අත ඔසවා ඈ කියන්නක් නතර කළෙමි... ඈට කිසිවක් කියන්නට ඉඩ නොදිය යුතුය.. නැවත හිත රිද්දා ගන්නට උවමනා නැත....

යන්න... ප්ලීස්... ආයෙ මාව මතක් නොකර ඉන්න ...  සංජීව එක්ක හොදින් ඉන්න බලන්න...
ම....
ප්ලීස්... යන්න... යන්න....

සමහර විට ඒ වදන් රළු වැඩි වන්නට ඇත.. නමුදු ඒ හොදම විදිය යැයි මා සිතමි. මා දෙස මොහොතක් බලා හිද නැගිටිනවා නෙත් කොණින් දුටිමි. ඈ දෙස හැරී බලන්නට කියා කියූ සිතිවිල්ලද හිත හිර කරගන ඈ  නික්ම යන දෙස වත්  නොබලා වැව් දිය මතම නෙත් තියා ගත්තෙමි....

                                                      ******************


ශෝකාන්තය එන තුරා
එහි රැදෙන්නට සිත් නැති නියා
අනන්තය ළග මා දමා
අවසානයට පෙර ඈ ගියා..... 


64 comments:

  1. යන්තං බේරුනා.. කෙල්ල හොදයි බං.. හැක්..

    රහට ලියා ඇත...

    ReplyDelete
    Replies
    1. යන්තං බේරුණා කීවෙ කෙල්ලද නැත්තං මංද...
      කෙල්ල නං හොදයි ඇත්තමයි... :)

      ස්තූතියි දේශක තුමා

      Delete
  2. පට්ටයි මට මෙකේ මුල් ටික මතකයි...මේ ටික ඇත්ත නෙවෙයි නේ ?.. මුල් එක නම් ඇත්ත කිව්වා මතකයි

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත නං මේක ඇත්ත නොවෙන්නෙ ඇයි...
      හෆොයි...
      එයා යන්න ගියා දොඹේ... සිරාවටම...

      Delete
  3. පොසොන් දවසට පසු දින ඔය කියනා වැව ඉවුරේ ඇති දියදහර නවාතැනේ රාත්‍රියක් ගත කලෙමි.... සුන්දර (තවම ගොඩනගමින් පවතිනා) ව්යායාම මන්තීරුවේ ඇවිද ගියෙමි....

    මනරම් අත්දැකීමකි....

    ReplyDelete
    Replies
    1. ඒ පැත්තට ගියෙම නෑ... මං කියන්නෙ මේ අනික් පැත්ත... ඇතුගල පැත්තට...

      මනරම් අත්දැකීමකි....///
      දිය දහරෙ හිටපු එකද...????

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්හ් පව් මහී :( . නෑ ............හ් එයා බේරුනා ... ඇත්තටම එහෙමද ?? හනේ මන්දා ..

    ReplyDelete
    Replies
    1. එයා බේරුණා...
      කව්ද අප්පා..... :(
      හනේ මංදා...
      මටත් නොතේරුණේ ය.

      Delete
    2. ආහ් නෑ එයා කිව්වේ මහීට..

      Delete
    3. ආහ්...
      මහී.....????
      ඔහ්...

      Delete
  5. උඹෙන් මුලින්ම ආයෙත් පාරක් සමාව ඉල්ලනවා. අපි මේකෙ මුල් කොටස වැරදි තැනකින් අල්ලගත්තට.

    උඹද පව්… ඒ කෙල්ලද පව්… මට හිතා ගන්න බෑ බං. මාව අතරමං උනා.

    උඹ උඹේම අත්දැකීම ලස්සනට අකුරු කරලා

    ReplyDelete
    Replies
    1. සමාව ගන්නෙ අහවල් දේකටය ප්‍රියා...
      මම කීවෙත් නෑනෙ මේක ඇත්ත කතාවක්ය කියල...
      හිහි...
      මටත් හිතාගන්න බැරි ඒකි පව්ද නැත්තං මම පව්ද කියල...
      එදායින් එදා දැක්කෙත් කතාකලෙත් නෑ

      Delete
  6. එහෙමද මං හිතං හිටියෙ දරුවා උඹේ කියලනෙ,එහෙනං වැරදියි බලපුවම.

    ReplyDelete
    Replies
    1. හෑ.............. තව මොන මොනා හිතුවද දන්නෑ... හය්යෝ...

      Delete
    2. හිකිස් හයියූ හයියූ ... ;)

      Delete
    3. හැලපෙ++++++++++++
      දරුවත් එක්ක වුනත් බාර ගන්න ලැස්ති වෙනකොට එහෙම එකක් වෙයි කියලා මමත් හිතුවෙ,

      Delete
    4. @සහෝ...
      යකෝ මඩ ගහන්නවෙන විදියක් තිබ්බෙම නැද්ද ඈ...
      @ දිලිනි..
      හිනාවන්න එපෝ... හූ... හෙක් හෙක්

      Delete
  7. ඇත්ත කතාවක්ද ? එහෙම හිතුනේ කමෙන්ට්ස් දැක්කම? නිර්මාණයක් නම් අපුරුයි !

    ReplyDelete
    Replies
    1. නිර්මාණයක් කියල හිත හදාගන්න නං මාත් කැමතී...
      ඇත්තකතාවක් නෙව...
      ස්තූතියි

      Delete
  8. අගක් මුලක් දන්නේ නෑ, මම කියෙව්වා. නියමෙටම තියෙනවා. ඇත්ත කතාවක් නිසා වෙන්න ඇති. ජය....!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමෝ...
      සාදරයෙන් පිළිගන්නව මේ අහට

      Delete
  9. ඇති යංතං බේරුනා...

    (මොනව උනත් දරුවෙක් එක්ක හරි ආදරේ දොතින්ම බාර ගන්න නේද හිත)...

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
    Replies
    1. යංතං බේරුණා...???
      මංද කෙල්ලද..

      ආදරේ අන්ධයි ලුනෙ

      Delete
  10. ඇත්ත කතා නියමෙට ලියන්න පුළුවන් අද්දැකිමෙන් කියන්නේ.""".මහි....ම්...... එක එහෙම උනා එහෙනම්.....එක්කෝ එහෙම උන එක හොදයි.....ආදරය ....පුදුමයි...වෙලාවකට තෙරුම් ගන්න බෑ....ඒත් එහෙම උන එක නම් හොදයි"" මට මෙහෙම ලියවුනා කතාවකුත් ඔලු ගෙඩියට ආවා

    ReplyDelete
    Replies
    1. ආහ් එහෙනම් ඒ කතාව අපිට කියවන්න ඉක්මණට ලියන්නකො..
      ඒක එහෙම වුණ එක හොදා කීව...
      දැන්නං මටත් හිතෙනව..
      ඒත් ඒ වෙලාවෙ නං නෙවේ

      Delete
  11. ඇත්ත කතාවක්.. :o
    මොන වගේ දෙයක් දැනෙන් ඇත්ද අර කෙල්ල අර වගේ දෙයක් කිව්වාම..

    ReplyDelete
    Replies
    1. ඒක ගැනනං කතා කරන්න එපා...
      පිස්සු වගේ තමා

      Delete
  12. පුදුමයකට වගේ මම මේක කියවන කොට මේ කතාව යට උඹ එල්ලලා තියෙන LinkWithin ගැජට් එකේ මේ කතාවට ගැලපෙන විකල්ප හතරක් පෙන්නගෙන හිටියා දෛවයේ සරශමකට වගේ, මෙන්න මෙහෙම.
    නෙල්ලි
    මරණය
    හීන මල් වැහි
    කණගා‍ටුව

    ReplyDelete
    Replies
    1. දෛවයේ සරදම් මකන්නට හමුවුනේ නැත වෙන්වුනේ..
      හී

      Delete
  13. කොහොම උනත් මං ආසම ගීතයක කොටසකින් , ඔයා අවසන් කලේ..... අවසානයට පෙර ඇ..... ගියා.......

    කතාව ලස්සනයි....

    ReplyDelete
  14. ඇත්ත කියල විශ්වාස කරන්න අමාරු ඇත්ත කතා මිනිස්සුන්ගේ ජීවිතවල හැංගිලා තියෙනවා නේ.

    ReplyDelete
    Replies
    1. ම්ම්..
      ඒකනේ..
      ස්තූතියි..
      සාදරයෙන් පිළිගන්නව

      Delete
  15. ඇත්ත කතාවක් වුණත් ගොතපු කතාවක් වුණත් ලියල තියෙන විදිහ අපූරු යි....

    ReplyDelete
  16. අනේ මන්දා බං මොනවා කියලා කියන්නද කියලා.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ...
      මොනා නොකීවත් ඇවිල්ල කියවලා යන එක වටිනව නෙව

      Delete
  17. කෙල්ල හරි ,කොල්ලා පව්... මොනවා කරනනද මහේෂ් ඔහොම තමා , අපි වෙන අතක් බලාගමු බං .

    උඹ මේ වගේ දේවල් ලියන අපූරුව කියලා වැඩක් නෑ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉවාන් අය්ය අගය කිරීමට...

      අපට අප හිමි නෑ...
      මක් කොරන්නද

      Delete
  18. හරිම දුකයි.. කතාව නම්.. ඒත් බුද්ධිමත්ව ජීවිතේ දිහා බලල තියෙන වගනම් පැහැදිලියි...
    අදමනෙ මම මේ බ්ලොග් එක දැක්කෙ... මහේෂ් ලස්සනට ලියනවනෙ....

    ඇතුගල් පුරවරයේ තවත් ලස්සන කතා බලන්න පරණ පිටු පෙරලන්න වෙයි.. වගේ..

    කුලියපිටියෙ වෙලත් වැව රවුමෙ ඇවිදින්න බැරි වුණානෙ ජීවිතේ එක දවසක්වත්.. පන්තියකටවත් කුරුණෑගල එවුණේ නැහැනෙ... ළඟදි මං වැව ළඟින් ගියා දැන් නම් ලස්සනයි.. පිළිවෙලයි තමයි...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
      අදම ආවෙ වුණත් අද හරි ආව නෙව.. ඒක අගේ කරන්න ඕන...

      මාත් ක්ලාස් ආව කියල එහෙමම වැවේ ඇවිදල නෑ... ඒත් ඔහෙ දන්නෙ නැද්ද ඉදල හිටල යනව...
      ඉක්මණටම වැව රවුම ඇවිදින්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව ඔන්න
      ස්තූතියි අගේ කලාට තරු

      Delete
  19. ඇතියන්තම් නුලෙන් බෙරිල

    ReplyDelete
  20. ලස්සනට ලියල තියනවා, දුක හිතෙන කතාව , හැබැයි මරු.
    දෙයක් වෙන්න තියනවා නම් ඒක වෙනවා, මේක මම හිතන විදිය ඉතින් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      ඇත්ත දෙයක් වෙන්නම තියේ නම් ඒක නවත්තන්න බෑ

      Delete
  21. මම ලියපු කතාව වගේමයි නේ. ඒත් මේක ඇත්ත කතාවක් නේ. ජීවිතය ගැන බුද්ධිමත්ව බලලා තීරණයක් ගත්ත එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      ඒකටත් ටිකක් විතර සමානයි වගේ නං තමා...
      ස්තූතියි මෙහෙ ට ආවට

      Delete
  22. ඇත්තටම වුන දෙයක් නොවී නිර්මාණයක් විතරක් නම් මේක දුක හිතෙන ලස්සන නිර්මාණයක්...
    දෙන්නම පව් ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් අපි බලාපොරොත්තු වෙන දේම වෙන්නෙ නෑ නෙව..
      ස්තූතියි ලිහිණියො

      Delete
  23. ම්ම්ම්.... යකූ..... තොට ඔහොම ලියන්න ශක්තියක් ආවද ..... බොල ........
    එල.... & පට්ට ලියවිල්ල.......
    මට නම් හැබැයි ඔවෑ අමුතු නොවේ,,,,, ඒකයි මට රස,,,,,
    හොද පෝස්ට් එකක් මල්ලියා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි අය්ය...
      ඒත් ආයෙ නං මේ වගේ අත්දැකීමකට මුහුණ දේන ආසාවක් කොහෙත්ම නැ..
      ස්තූතියි

      Delete
  24. මුලින් ලියා තිබු කොටසත් මම දැනුයි කියෙව්වේ. ඇත්ත කතාවක් හෝ එසේ නොවන කතාවක් වුනත්....ඒ වස්තුබීජය තමාගේම කරගෙන ලියන්න පුළුවන් නම් තමයි ඒක කියවන අපට සමීප වෙන්නේ. ඒ තමයි නිර්මාණකරුවාගේ හැකියාව. මහේෂ් මම හරිද...
    මට වෙන යමක් කියන්න බැහැ...මම ලියන්න දන්නේ මම විඳපු දේ පමනක් නිසා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඔබ කියනෙ ද් තමා අද බොහෝවිට සිදුවන්නේ.. වෙන අවයකුගෙ අත්දැකීමක් තමන්නේ කර ගැනීම..
      එය සාමාන්‍ය දෙයක්..
      ස්තූතියි

      Delete
  25. "අවසානයට පෙර ඈ ගියා" ඇ‍ඟේ මයිල් කෙලින් වුනා.ජීවිතේ හැමදාම හොල්මන් කරන සිංදුවක් නිසාද මන්දා.. සුපිරියටම ලියලා මල්ලි. මේක ඇතුලේ උඹ නැත්නම් මම ඉන්නවා..ජය..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරාන් අය්ය...
      ගොඩක් ස්තූතියි...
      හුගක් අය නොකීවට ඒ අයගෙ ජිවිතේ කොටසකුත් මෙතැන ඇති කියල හිතෙනව..
      ස්තූතියි

      Delete
  26. කවුරු පව් ද කියලා මටත් හිතාගන්න බෑ... කොහොම වුනත් ලියලා තියෙන විදිහ නම් නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...
      අනේ මංද...
      මට හිතාගන්නත් බෑ තුහිනි එයා පව්ද මං පව්ද කියල

      Delete
  27. හිටපන් බං මුල් එක කියවල එනකන්

    ReplyDelete
  28. පෙන්නපු පාර දිගේ ඔන්න මාත් ගොඩ වැදුනා...
    ලියලා තියන විදිහ හරි රහයි

    ReplyDelete
    Replies
    1. ආවට ස්තූතියි...
      සාදරයෙන් පිළිගන්නව අවන්හලට...
      ස්තූතියි මා අගය කලාට...

      හැකිනම් නැවත එන්න

      Delete
  29. අපේ ජීවිතවල ගොඩක් දේවල් අවසානයට පෙර ඉවරවෙලා මචෝ..

    ලිවිල්ල ගැන ආයෙ කියන්න දෙයක් නෑ. ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. හුගක් වෙලාවට අවසානයට පෙර අවසන් වෙනව.. ඒහැටි...

      ස්තූතියි මචෝ මාව අගය කලාට...
      ජයවේවා

      Delete
  30. මහේෂ්, හැමදේකම වගේ මේ විදියේ අවසානයක් නොවුණා නම් ඒ කතාවෙත් විය හැකි දේවල් දෙකක් තියෙනවා කියලා මට හිතෙනවා..එක්කෝ වෙන කෙනෙකුගේ දරුවෙක් ආදරේ නිසා බාරගෙන ඒ පුද්ගලයට වඩා සෑහෙන්න හොඳ තාත්තෙක් වෙන්න තිබුණා..නැත්නම් ඒ දරුවා දකින වාරයක් පාසා ඒ වෙච්ච වැරැද්ද මතක් වීමෙන් හිතේ යම් පසුතැවීමක් ඇතුව ජීවත් වෙන්නත් තිබුණා..ඒක ඉතිං සංකීර්ණ ප්‍රශ්නයක් මචෝ..අනේ මංදා.. දුක හිතෙන කතාවක්...

    ReplyDelete