Monday, July 21, 2014

ස්මරණ 07--හොදම දේ දරුවන්ටයි...


                                                                           මේ දිනවල වසල මුග්ධ වෙළෙන්දන්ගේ පූජනීය ස්ලෝගන් එක බවට පත්ව ඇත්තේ හොදම දේ දරුවන්ටයි... යන වචන කිහිපය ය වේ. වර්තමානය වන විට පවත්නා නෙක නෙක අරුමෝසම්  භාණ්ඩ, නෙක නෙක වර්ණ පාසල් උපකරණ මෙන්ම  විවිධ වූ ආකාර ක්‍රීඩා භාණ්ඩ අතර අතරමං වූ ළමා වියක් අපට නොතිබුණි. ඒ පිළිබද හිත කොණකවත් දුකක් නැත්තේ නූතන ළමා ලෝකය හා සැසදීමේදී කෙතරම් දුෂ්කරතා මැද  වුවත් අප සතුටේ උපරිමය බුක්ති වින්ද බැවිනි. තරගකාරීත්වය, සෝබනය, මෙන්ම අම්මලාගේ විබාගය(ශිෂ්‍යත්වය) වෙනුවෙන් වත් ඔවුන් අපව වෙහෙස නොකළෝ ය. එබැවින් අපට හිතුවක් කරන්නට මෙන්ම අපේ තීරණ අපම ගන්නට හැකි වටපිටාවක් නිර්මාණය වී තිබිණ.. යමක් පිළිබද නිසි තේරුමක් නොවී නම් හෝ යමක් පිළිබද තීරණ ගන්නට අප මුහුකුරා නෙවී නම් හෝ පමණි අප ඔවුන්ගෙන් උපදෙස් ලබා ගත්තේ.. පසු කලෙක සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සදහා සූදානම් වන කාලයේ වත් ඔවුන් අපට බාධා නොකළේය.
මොනවද කරන්න හිතං ඉන්නෙ කියා අම්මා ඇසුවා මතකය. (ඒ තුළ තාත්තාගේ වදන් ද අන්තර් ගත නොවුණා යැයි කීම මුසාවක්ය) ආර්ට් යන්න මගේ සරල පිළිතුර විය. කොමස් කරනවා නම් කැමතී අම්මා කියුවා මතකය. නමුත් ඈ මගේ තීරණයට බාධා නොකළාය. නමුත් ඈ කියූවක් අසා පාසලෙන් ඉවත්ව වාණිජ්‍ය විශය ධාරාව සදහා සූදානම් වී නම් මගේ වර්තමානය මීට වඩා සුභ දායක් වෙන්නට ඉඩ තිබිණි. කලා විශය ධාරාවන් සදහා පෙනී සිටීමට එතෙක් උගත් පාසලේම රැදීම මා ගත් බෙහෙවින්ම අඥාණ තීරනයක් යැයි මට හැගේ...

                                                                         මගේ පවුලේ දරුවන්ට  සිටියේ මා හා නංගී පමණි. එසේම අම්මලා විදි දුක් සියල්ලම එලෙසින්ම අපට තිළිණ කරන්නට අපේ මව්පියන්ට වුවමනා නොවිණි. එහෙත් අපට යමක් පිළිබද වැටහීමක් තිබිය යුතුය. දුප්පත්ව ඉපදීම මෙවන්නකි යැයි ඔවුන් අපට ඔප්පු කර පෙන්වීය. එබැවින් අපේ තත්වය කුමක්දැයි කුඩා කල සිටම අප දැන සිටියෙමු. එනිසාම අනවශ්‍ය වූ දෑ ඉල්ලා කරදර අසන්නට  අම්මාට වත් තාත්තාට වත් සිදු නොවීය. එසේම අපගේ කුදු මහත් වූ සියලුම කටයුතු කරගන්නට අපම පුරුදු වී උන්නෙමු. එසේම බොහෝ වූ දෑ පිළිබද අත්දැකීම් ලැබුණේ ස්වයං වය. ඔවුන්ගෙන් ගුරු හරු කම් නොලැබුණා නොවේ. නමුත් මේ හොදය මේ නරකය කියන්නට අපම තේරුම් ගැනීම තුළ අපේ ආකල්පයන් වර්ධනය වූයේ වඩාත් හොදම විකල්පය තෝරාගත යුතුය යන හැගීම සමගිනි. නමුත් සැම විටම අපට නිවැරදි වන්නට හැකිවුණා නොවේ. එහෙත් දෙවන වර වරද්දා නොගන්නට තරම් ප්‍රවේසම් වීමු.

                                                                       කුඩා කල අපව නෑව්වේ අම්මාට වඩා කිරියම්මාය. ඒ හේතුවෙන් අපව නාවනවාට වඩා අපට නාගන්නට ඈ ඉඩ හැරියාය. කොටින්ම කියතොත් අපේ අම්මාට හා ඇගේ සහෝදර සහෝදරියන්ට ලැබුණ පුහුණුව ඈ අපටද නොදැනෙන්ට ලබා දුන්නාය. එහෙයින් අපි අපේ වැඩ සියල්ලම කරගන්නා තත්වයට පත්වීමු. නෑම, ඇදුම් සෝදා ගැනීම පමණක් නොව ඒවා නිසි ලෙස මැද ගැනීමද අපම කරගත්තේය. කිසි විටෙක ඒ සදහා මැසිවිලි නගන්නට අපට වුවමනා නොවිණි. මන්ද එවන් කාර්යයක මැසිවිලි නගන්නට තරම් දෙයක් නොතිබූ නිසාය. උදේ නැගිට මූණ සෝදා ඇදුම් හැද පිළියෙල වී පාසලට ගොස් පැමිණීමද යළි අපගේ කුදු මහත් කටයුතු කර ගැනීමටද අප ඉබේම හුරු වීමු.  ඒ නිසාම යම් වැරැද්දක් සිදුවී තිබුණි නම් අපට වහාම තේරුම් යන්නේය. (මේ කුඩා කල ලැබූ පුහුණුව හේතුවෙන් පසු කලෙක මා රැකියාවට සම්බන්ධ වූ පසු කීප දෙනෙකු ටම ඇදුම් මැදීමේ පූර්ණ කාලීන පාඨමාලාවක් පවත්වන්නට මට හැකිවිය. :D)

                                                                      උදෙන්ම අම්මා හා තාත්තා වැඩට යන නිසා පාසල් නිවාඩු දවසට නිවසේ ඉතිරි වන්නේ මා හා නංගී පමණි. එවිට හතර අතේ නඩා ගහන්නට මෙන්ම කරන්නට ඇති සියළුම දහපදුරා වැඩ කරන්නට අපට නිදහසක් ලැබේ. මට මතක ඇති ආකාරයට කුඩා කල සිට දහම් පාසල් ගියා විනා අමතර පංතියකට සහබාගී නොවීය. එහෙත් පහේ ශිෂ්‍යත්වයට අම්මා ගේ වුවමනාව මත මා ඉහලගම ටීච ගේ පංතියට ගියෙමි. (ඒ ගැන ඊළග කොටසින්) එපමණකි. ඒ හැරෙන්නට දවසම ගෙදරය. අපට සෙල්ලම් බඩු නොතිබිණ. අප සෙල්ලම් කලේ අප විසින් හදාගත් සෙල්ලම් බඩු වලිනි.

                                                                    විශාල පදුරු ලෙසට වර්ධනය වන්නා වූ කොළ උණ පදුරු වලින් කපා ගන්නා උන බට තුවක්කුව අපේ මූලිකම සෙල්ලම් බඩුව(ආයුධය????)  විය. වැඩි මහතක් නැති හොදින් මෝරා ගිය පුරුක් අතර දිගු පරතරයක් ඇති  සවිමත් උණ බටයක් කපා ගන්නා අප එහි පුරුක් වෙන් වන තැනින් කපා වෙන් කර ගන්නා අප එක් පැත්තක් කොටට සිටින සේ එය දෙකට  කපා වෙන්කර ගන්නෙමු. අනතුරුව එහි කුඩා කොටසට හොදින් සුද්ද බුද්ධ කරගන්නා පුවක් කූරක් කිටි කිටි යේ හිර කර ගන්නෙමු. මෙම පුවක් කූර වෙන් කොට ගත් උණ බටයේ දිගු කොටසට වඩා මදක් කෙටිය. එසේම හොදින් සුද්ධ කොට ගන්නා නිසා මටසිලුටුය. දැන් උණ බට තුවක්කුව සූදානම්ය. අනතුරුව එළඹෙන්නේ උන්ඩ දමා තුවක්කුව ටැස් කොරනා වෙලාවය. උණ්ඩ ලෙස අප බහුලවම යොදාගන්නේ කොහිකිරිල්ලය. කොහිකිරිල්ල ගෙඩි දෙකක් දමා කාට හෝ ඉලක්ක කර වෙඩි තබන අප කොහිකිරිල්ල උණ්ඩ ප්‍රහාරයට ලක්වන්නාගේ වේදනාව මත එහි සාර්තක අසාර්තකත්වය මනින්නෙමු. :D . බොහෝ විට මේ අවස්තාවේදී අපේ ප්‍රහාර වලට ලක් වන්නේ කෙල්ලන්ය. වරක් කොහිකිරිල්ල ගෙඩි වැදි නංගිගේ සට්ටමේ සහ කොන්දේ(ඔව් ඔව්... ඒ දවස් වල හෙන හිච්චි එකී. ඉන්නෙ ජංගි කොටේ ගහගෙන මයි :D) ගෙඩි ගැසී තිබිණි. එදා තාත්තාගෙන් එල්ලවූ ප්‍රති ප්‍රහාර හමුවේ වීරෝධාර සොල්දාදුවාට වූයේ ආරස්සාව පතා කිරියම්මලගේ ගෙදර සරණාගත පිළිසරණ පතන්නටය. උණ්ඩ ලෙස යොදාගත්  කොහිකිරිල්ල ගෙඩි වලින් වෙඩි තියනවාට වඩා ඒවා කන්නට පෙළඹීම නිසා අපට සිදු වූයේ කඩදාසි ගුලි තෙත් කර උණ්ඩ ලෙස භාවිතා කරන්නටය. පිල් බෙදී යුද්ද කරගන්නා අපි මේවා ඉවර වනතෙක් එකිනකාට වෙඩි තබා ගනිමින් විනොද වුණෙමු. එහෙත් හවසට ඇග පුරා ගෙඩිගැහී  තිබූ වා වල වේදනාව පසුදාට යළි අමතක වන බව නම් නොකියාම බැරිය.


                                                                  මීට අමතරව පොල්කොල රූනන්, කුරුම්බැට්ටි මැසින්, ඔට්ටපාලු බෝල, රබර් ඇට රූනන්, පොල්පිති බැට්, පුවක් කොලපත්, පොල්කොට රෝද කරත්ත, සුරුට්ටු පෙට්ටි කරත්ත, ගං සූරිය කොල නලා, වියැලුණ රබර් ගෙඩිය පිපිරී විසිවන කොටස් එකතු කොට හදන රබර් රූනන් ආදී එකී මෙකි දේ ඇතත් ඒ සියල්ලම කියන්නට යාම ඔබව වෙහෙස කරවන්නකි. එබැවින් මේ ඇතියි සිතමි.

87 comments:

  1. ඇයි මහේෂ් පොල්පිති හරක්,පරණ ටෑර් අමතකද?ෂාහ් අතීතෙට එහෙම පිටින්ම ආපහු ගියා වගේ උනා.

    ReplyDelete
    Replies
    1. පොල්පිත්ක් කපලා කොටු දෙකකින් අං දෙක හයි කරලා කොහු ලනුවක් දාලා ඇදගෙන ගිහිං වත්තේ තනකොල තියන තැනකින් ගෙටගහනවා..
      මතකද වැලිපොලොවේ කකුලේ ඇඟිලි දහයෙන් ටැක්ටර් පාරවල් වගේ අඳිනවා.. ඒක හරි ලස්සනයි.. පරණ ටෑර් එකක් නැති ජීවිතේ ජීවිතයක් නෙවෙයි කියල හිතෙන තරමට ටෑර් වලට ඇබ්බැහි වෙලා හිටියේ ... මතකද රිම් එකක් කෝටුවකින් තල්ලු කරන් ගිය හැටි.. හැලපයියා කියවලා තියෙද "ළමා මහල්ළා," මට හිතෙන්නේ මාත් දැං ඒ වගේ ...

      Delete
    2. විදානේ ඔය හැලප කියලා තියෙන එකක් තමයි පරණ ටයර් එකක් ඇතුලේ ගුලි වෙලා ඉන්නවා එකෙක් අනිකා එක තල්ලු කරන් යනවා :D බොලා ඒ සෙල්ලම දන්නෙ නෑ වගේ හැක් ...
      ළමා මහල්ලා මමත් කියෙව්වා මතකයි අර අවසානේ රෝදයක් ද කොහෙද තල්ලු කරන් යන එක නේ ,,

      Delete
    3. @ හැලපේ...
      අමතක වෙලා නෙවෙයි ...
      මට හිතුණ හැමදේම ලියල දාන්නෙ නැතිව ඔයාලටත් පොඩි ඉඩක් දෙන්න මතකය ඉහිල් කරන්න...

      Delete
    4. @විදානෙ...
      අමතක වෙන්නෙ කොහොමෙයි.
      ටයර් එකක් නෙවී සයිස් දෙක්ක ටයර් දෙකක්ම මටතිබ්බ...
      ටැට්ටරේ රෝද පාර වැඩිම දිගට අදින කෙනා තමා දිනන්නෙ...
      අනේ ළමා මහල්ල නං කියවලා නෑනෙ...
      ඔය පරිවර්තනයක් නේද

      Delete
    5. @සහෝ
      මට වමනෙ යනකං මං ඕක ඇතුලෙ ගුලි වෙලා ඉදල තියේ...
      ඒක හෙම්ප ටැට්ටර් රෝදයක්...
      රෝල් කරල ඉවර වෙච්ච ගමන්ම මට බබා හම්බවුණා...
      කොහෙද පහුවදත් ඒකම කරනව..
      ආයෙ ඕව මතක තියේයැ

      Delete
  2. පට්ට ...සුපිරි බන් මං උබේ මේ කතාවට දැන් ඇබ්බැහි වෙලාද කොහෙද ?අපේ අතිතය මතක් වෙනවා ....

    ReplyDelete
    Replies
    1. මතකද සහෝ දුන්න කඩුව අතට අරං ලන්ද දිගේ ඉගිල්ලිලා කල සෙල්ලං මතක් වෙනවද අපි පොඩි කාලේ... ඒ වගේම තමයි කොටුවකින් මිදුල පුරා ගෝනෙකු ඇන්ඳ හැටි මතකද සහෝ...

      Delete
    2. විදානේ.......ආත්මාගේ ලස්සන සින්දුවක් බං.

      Delete
    3. @ සහෝදර...
      ස්තූතියි..
      හැම කෙනෙක් ගාවම මේ වගේ සුන්දර මතක අඩඅ වැඩිව තියෙනව නෙව

      Delete
    4. මට කඩුවක් නං තිබ්බෙ නෑ.. ඒත් ඇට්ටේරිය කෝට්ටකින් හදපු දුන්නක් නං තිබ්බ...

      @ අරූ අය්ය...
      ඒක ඇත්තටම සිංදුවක්ද..
      අහල නෑනෙ..
      මට ලිංක් එක හරි ඒ සිංදුවෙ මුල හරි කියන්න පුළුවන්ද

      Delete
    5. ඔව් අරූ අයියේ.. මං මේ උන්දැලා තේරුං ගනියි කියල හිතල ඒ විදියට දැම්මේ... කොහේද..

      Delete
    6. ස්තූතියි අරූ අය්යෙ...

      නොතේරුණා නෙවේ විදානෙ...
      ඇත්තටම අහල නෑ...
      බොරු කියන්න ඕන නෑ නෙ...
      ඒ හිංදමයි කීවෙ අහල නෑ කියල...

      ස්තූතියි අරූ අය්ය...
      මං මේ යූ ටියුබ් ලෝඩ් වෙනකං කියල...
      ගොඩක් ස්තූතියි

      Delete
  3. රබර් ඇටය විද මදය කූම්බින්ට කන්නට ඉඩ හැර ඉන් පසුව ඉරටයක් අගට පොප්සිකල් කෝටුවක් දමා රූන් පෙත්තක් හැදුවා මතකයි...

    ReplyDelete
    Replies
    1. ඔව්... මමත් රබර් ඇටේ පොඩ්ඩක් උඩින් හිල් කරලා කුඹි ගුලක් ගාව තියනවා.... අපේ අය්යා ඔය පොප්සිකල් එකට ලස්සන රටා දානවා. කැරකෙනකොට හරිම ලස්සනයි.

      Delete
    2. පොල්පිත්තකින් පිටපැත්තෙන් පතුරක් ගත්තම පොප්සිකල් හොයන්න ඔන නැ.අනික යතුරුකට්ටකින් මැද සුද්ද කරගන්නත් පුලුවන්

      Delete
    3. පොප්සිකල් කොටු ගැන හිතුවොත් දුක හිතෙන හින්දා පොල් පිත්තක පටියක් අරන් ඉරට්ටේ හයි කලා. අනික රබර් ඇටේ මදේ කූඹි කනකං ඉවසන්න බැරි හින්දා දෙහි කට්කක් අරං හිමින් මදේ අයින් කරා
      ඇයි බං මහෙෂ් මෙව්වා මතක් කරලා අඬවන්නේ...

      Delete
    4. කූඹි මාර ගේමක් තමයි රබර් ඇටේට දෙන්නේ.

      Delete
    5. @ උපේක්ෂා...
      අනේ අපි ඒ දවස් වල පොප්සිකල් කෝටු කියන්නෙ මක්කද කියලවත් දන්නෙ නෑ නෙව..

      Delete
    6. @Sa rasa ඊට වඩා ලේසි නැද්ද දෙහි ට්ටක් හරි හැට්ට කට්ටක් හරි ඇරං ඒක සුද්ද කලා නං...
      ඔයා කියපු වැඩේ ඇත්තටමමං කරල නෑ...

      Delete
    7. @ දමිත් අය්ය...
      ඔයා කියන සෙල්ලම තමා කලේ...
      මොකද කූමින්ට ඕක කන්න දීල බලං බන්න තරං ඉවසුමක් තිබ්බ උං නෙවී නෙව අපි

      Delete
    8. අරූ අය්ය කූඹි ඕව කනව කියලදන්නව වුණාට අපිට කවදාවත් ඕ දේ කරන්න තරං උවමනාවක් වත් ඉවසිල්ලක් වත් තිබ්බෙ නඍ නෙව...
      අපරාදෙ හිතනව දැං නං

      Delete
  4. ඇත්තටම දැන් නම් සමහර දෙමාපියො එයාලගෙ ඉලක්ක වලට දරුවන්ව බලෙන්නෙ දක්කන්නෙ.

    උඹ අපිව සිරාවටම ලස්සන කාලෙකට ගෙනියනවා මහී.

    ReplyDelete
    Replies
    1. යස් බට තුවක්කුවක් තියනං ඉලක්කය පැහැදිලියි...

      Delete
    2. @ප්‍රියා අම්මලට ඕනෙ එයාලට බැරි වුණ දේ එයාලගෙ දරුවො ලව්ව කරවන්න..
      ඒ අතිං අපි මාර වාසනාවන්තයි බං

      @ විදානෙ...
      මොන බට තුවක්කුවක්ද අඩේ
      ප්‍රියා වෙන දෙයක් නෙව කියන්නෙ

      Delete
  5. වෙහෙසකර නෙමේ... ඒ වගේ දේවල් නමට හරි අහන එකත් අපට සතුටක්!

    ReplyDelete
    Replies
    1. ඔබ මෙයින් සතුටක් විදිනවා නම් මට එය ඊට වඩා සතුටක්

      Delete
  6. බට තුවක්කුවට අපි ගත්තෙ ගඳපාන ඇට.. මතක් වෙනකොටත් ආසයි බං..

    ReplyDelete
    Replies
    1. කරිල්ල ඇට තමයි සුපිරිම, ගඳපාන ඇටත් හොදයි මුකුත් නැති වෙලාවට පොඟවපු පත්තර කෑල්ලක් ගුලි කරල ගන්නවා.. ඒකත් නරකම නෑ...

      Delete
    2. @ සංජීව...
      ගදපාන ඇට නං ගත්තෙ නැ...
      මොනවත් නැතිම වුණ වෙලාවට ගත්තර කොල පොගවල ගත්ත මිසක්...
      අපේ පැත්තෙ වැඩිය ගදපාන ඇට නෑ නෙව

      Delete
    3. @විදානෙ ඔව් ඔව් කාට හරි ඒම් කරල තිබ්බම රතු වෙලා අපටගහන්න පන්නන කොට
      හම්මේ තියෙන සනීපෙ

      Delete
    4. කඩදාසි කොළ රිදෙන්නේ නැති හින්ද අපේ අය්යා ඕකේ මැද්දට මුං ඇටයක් තියල තමයි ඔතන්නේ... මිනිහ එව්වා ඉන්වෙන්ට් කරන්න රුසියා !

      Delete
    5. හබොයි ඔයාගෙ අය්ය හොදයි...
      මම දැම්මෙ ගල් කැට... නිකංම ඒව නෙවේ පොඩි බොරලු කැට
      වැදුනොත් ඇඩ්ඩස් නැ
      හිහි

      Delete
  7. උඹ ඔය මොනා කිව්වත් මේ ධර්මද්වීපේ හොඳම දේ දරුවන්ට තමා ... ආයේ පෙන්නේ නැද්ද නිව්ස් වලට එහෙම

    ReplyDelete
    Replies
    1. ඔව් ඉවාන් හොඳම දේ දරුවන්ට.. මට දැනුයි කල්පනාවට ආවේ.. ඩයනගේ කොහේද කොන්ඩේ දිග.. ඒ දවස් වල මං ආසම ඩයනා කට් කපපු අක්කිලාට.. (මං දරුවා කාලේ)

      Delete
    2. @ ඉවාන්අය්ය...
      ඒක නං පේනව උදේ හවා...
      ආයෙ මදි නොකියන්න...

      @ විදානෙ...
      බීලද යකෝ ඉන්නෙ...
      මට මතකයි ඩයන කට් එක ඒ දවස් වල සෑහෙන්න ජනප්‍රිය වුණා...
      ඒකට නේද ඩොංකි කට් කියන්නෙ

      Delete
    3. ඩයන කට් එක කියන්නෙ කොණ්ඩෙ කොටට කපලා පැත්තෙන් බෙදලා පීරන කට් එක.. ඩොංකි කට් කිව්වෙ ඉස්සරහින් ඇහිබැම ගාවට විතර නලලට වැටෙන්න, ගානට මට්ටම් කරලා කොණ්ඩෙන් බාගයක් විතර කපන එක.. මට මතක විදියට....

      Delete
    4. @ මහේෂ්,

      අනේ ඩොන්කියෝ ඔය "හිරු" මැඩම් උත්තර දිල තියෙන්නේ..

      Delete
    5. @හිරු අක්ක...
      ඒ දවස් වල ඔය ටයිප් එකේ මොන කට් එකක් දැක්කත් ඉතිං ඩොංකි තමා...
      මොකද මේ වතු වල කව්රුවත් ඉට්ටැයිල්(අපේ කිරියම්මලා ඔහොමනෙ කියන්නෙ) කරේ නෑනෙ...
      ස්තූතියි.....

      අඩේ විදානෙ....
      එන්නෙපා හරිද අපි වගේ අහිංසකයන්ට ඩොංකි ඩොංකි කියන්න...
      ඩොංකිය

      Delete
  8. ඔයා හරි මමත් ඔය කියපුවා යම්තාක් දුරට අත්විඳලා තියෙනවා. දැන් පුංචි දරුවොන්ට තියෙන සෙල්ලම් බඩු වලින් ළමා මනස සංවර්ධනය වෙනව බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්ත උං මැට්ටො වෙනව...
      මොකද ඒවයිං කරන්න ක්‍රියාකාරකමක් නෑ නෙව

      Delete
  9. මචං මාර සුන්දරයි.
    අපි ජීවත් වෙන්නනේ ගමක කිසා මගේ කොල්ලෝ තුන්දෙනත් ඕකෙන් කාලක් විතර අත්වින්දා

    ReplyDelete
    Replies
    1. ඇයි මචෝ කාලක්...
      උඹ විදපු දේ එහෙම් පිටිංම දෙන්න එපැයි...
      මොකද උංටත් ඒ සුන්දර ළමා කාලෙ නැත්තං වැඩක් නෑ නෙව

      Delete
    2. කොහේ දෙන්නන්ද මචන් ඔක්කොම.
      බට තුවක්කුවට දාන්න බලු දන් ගෙඩියක් හොයාගන්න නැතුව
      ඉඩම් ටික කට්ටි කඩල ගෙවල් හදල.

      Delete
    3. මෙහෙ වත්තක් හින්ද ඔය කිසිම දෙයක් විනාස නොවී තියනව...
      මොකද මේ වගේ මහාපරිමාණ වතු එහෙම කඩල විකුනනවටවඩා නඩත්තු කරනෙක ලාබයි නෙව...
      මෙහෙ නං බලු දං තිබ්බෙ නැද්ද කොහෙද...
      හැබැයි මංඅහල තියේ....

      Delete
  10. එ අත්දැකිම අද දරුවන්ට නැතමයි.එත් අද දරුවට තියෙන අත්දැකිම අපිට නැ.මොනව වුනත් දෙමවුපියන් දරුවන්ට උගන්වන්න උත්සාහ කරන්නෙ දරුවන්ගෙම අනාගතයට නේ.

    ReplyDelete
    Replies
    1. අද දරුවන්ට බට තුවක්කු ඕන නෑ.. ඒ වෙනුවට වෙඩි බෙහෙත් පතුරං දාන සෙල්ලං තුවක්කු තියනවා.. හැඩයෙන් ප්‍රමාණයෙන් ඇත්ත ඒවා වගේ..
      දමිත් අපි හිතමු අපේ දරුවන්ට අපි බට තුවක්කුවක් හදල දෙනවද නැත්තං සෙල්ලං තුවක්කුවක් අරං දෙනවද කියලා... අවංකවම කිව්වොත් අපි හිතට එකඟ නැති උනත් සෙල්ලං තුවක්කුවට තැන දෙනවා.. අපිට එයින් ගැලවෙන්න බෑ..
      තව කාලෙකින් අපි බට තුවක්කු ගැන කථා කල වගේ අපේ පුංච් එවන් සෙල්ලං තුවක්කු ගැන කථා කරයි...

      Delete
    2. මං නං හෙනම විරුද්ධයි සෙල්ලං තුවක්කු අරන් දෙනවට... ඔච්චර අරන් දෙන්න ජාති තියෙද්දි තුවක්කුවක් අරන් දෙන්නෙ මොකටද... උෟ ඊළඟට ඒකෙන් ටාගට් කරන්නෙ අම්මව, තාත්තව, ආච්චිව, සීයව...

      බට තුවක්කු අවුලක් නෑ.. මරා ගන්න හරි ඒක හදා ගන්න ගේමක් දෙන්නම එපැයි...

      Delete
    3. @දමිත් අය්ය
      ඇත්ත අපිට වඩා හුගක් ඉස්සරහින් උං ඉන්නව..
      ඒත් උංට තියෙන දරාගැනීමේ හැකියාව අල්පයි

      Delete
    4. @ විදානෙ..සහතික ඇත්ත..
      කාලෙන් කාලෙට හැම දේම වෙනස් වෙනව.. මේ අපේ තාලෙ..
      ඒ උංගෙ තාලෙ

      Delete
    5. @හිරූ..
      ස්තූතියි මෙහෙට ගොඩවැදුණට..
      පොඩිඋං වැඩිපුරම ටාගට් කරන්නෙ උංට තර්ජනය අඩුම අයට...
      හිහි...
      හිරු කියල දුන්නෙ නැද්ද පොඩ්ඩන්ට බට තුවක්කුව හදාගන්නහැටි

      Delete
  11. හුටා කියන්න තියෙන ඔක්කොම උඩ කියලා..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. කමක් නැ හැම තැනම බීලා වගේ කමෙන්ට් කරල තියෙන්නෙ..
      ඔබේ අත්දැකීම් බෙදගත්තට සතුටුයි
      ස්තූතියි
      ජයවේවා

      Delete
  12. //උණ්ඩ ලෙස අප බහුලවම යොදාගන්නේ කොහිකිරිල්ලය.
    අපට සිදු වූයේ කඩදාසි ගුලි තෙත් කර උණ්ඩ ලෙස භාවිතා කරන්නටය//

    සුපිරි අත්දැකීමක්! :D මටත් ටිකක් තියනව

    ReplyDelete
    Replies
    1. ඔව් කොහිතිරිල්ල නැති වුණාම කඩදාසි ගුලි වත් යූස් කරන්න එපැයි...
      හිහි...
      ස්තූතියි

      Delete
  13. අපෝ කිසිම වෙහෙසක් නැහැ.සේරම ගැන කියන්න.ස්මරණ කොච්චර කියෙවුවත් කිසිම එපාවීමක් නැති කතා පෙළක්.
    දැන් ළමයි ජීවත් වෙන්වෙ කාටූන් වීරයන්ගෙ ලෝක වල.ඒවයෙ විදිහට හදන සෙල්ලම් බඩුත් එක්ක.ඉස්සර කරපු සෙල්ලම් වල රසය ඒ කිසිම දේකින් ලබන්න බැහැ.
    අපේ අක්කලගෙයි මල්ලිලගෙයි උන බට තුවක්කු උණ්ඩ ප්‍රහාර වලටනම් මමත් හරියට ලක්වෙලා තියෙනව :( :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අගය කළාට...
      ඇත්තට බෙං ටෙං නැත්තං දැං ඉන්න වුං කන්නෙත් නැ නෙව...
      ඒ දවස් වල අපි වින්ද දේ ආයෙ අපේ පරම්පරාවෙන් පස්සෙ විදපු අය නැති තරං

      Delete
  14. අතීතකාමයෙන් මත්ව, සිහිවටන මාවතේ මංමුලා වීමි.

    ReplyDelete
  15. ඒ අතීතය හරිම සුන්දරයි නේද???? දැන් ඉතින් පරිඝණක ඉදිරියේ ගල් ගැසී කම්පියුටර් ගේම් ගසන දරුවන් දුටු විට අපට ඔවුන් ගැන ඇති වන්නේ දුකක් මිස අන් කුමක් ද???

    ReplyDelete
    Replies
    1. ඊට වගකිව යුත්තෝ කව්රුන්ද...
      උන්ගේ දෙමාපියන්ම නොවේද...

      Delete
  16. හොදම දේ දරුවන්ට කිවුවට දැන් කාලේ උන්ට අපිට ලැබුන තරම් දේවල් වත් ලැබෙන්නේ නැහැ බං.. ඒකයි ඇත්ත තත්වය..

    ReplyDelete
    Replies
    1. ඒත් සමහර අතිං උං අපිට වඩාදියුණු සත්වකොට්ටාසයක් දිනේෂ් අය්ය...
      අඩු ගානෙ ඒ දවස්වල වැලක් කියන්නෙ මොකද්ද කියලදැනගත්තෙ දහයෙදි එකොළහෙදි වගේ..
      දැං උං ඉපදෙනකොටම එ්වදන්නව

      Delete
  17. බලපන් මහේෂ්.......හොඳම දේ දරුවන්ට කියන ඒ වටිනා කියමන මුන් විහිළුවක් කරගෙන තියෙන හැටි.
    උඹේ මේ ලිපි පෙළ හරිම රසවත්. කියවලා ටික වෙලාවක් යනකම් ඒ ආතල් එකෙන් එලියට එන්න බැහැ. අපි අර බට තුවක්කුවට දාන ගෙඩියට කිව්වේ කොහු කිරිල්ල කියලා. ඒකේ හැපුවාම කොහු වගේ නිසා. ටිකක් හපලා ඇතුලට දාලා වෙඩි විද්දාම රිදෙන්න වදිනවා.

    /////කලා විශය ධාරාවන් සදහා පෙනී සිටීමට එතෙක් උගත් පාසලේම රැදීම මා ගත් බෙහෙවින්ම අඥාණ තීරනයක්///////////
    මේක දැන් සිතිය යුතු දෙයක් නෙමේ බං.

    ReplyDelete
    Replies
    1. කොහුකිරිල්ල කියල ඔබ කියන එකටමයි අපි කොහිකිරිල්ල කියන්නෙ අරූඅය්ය...
      කඩදාසි ගුලි වලිං ඒ තරං රිදෙන්නෙ නෑ නෙව

      මේක දැන් සිතිය යුතු දෙයක් නෙමේ බං.///
      ඒක ඇත්ත...
      අපි හුගක් දේවල් වරද්ද ගත්ත

      Delete
  18. ඔක්කොම ජාති හම්බුනා . ගන්සූරිය කොළ නලා නෑ . අපේ පැත්තේ ගන්සූරිය ගස් නෑ . :( :(
    සමහරවිට ඇති මම අඳුරන්නේ නෑ :p :p :p
    ඒ කාලේ ඒවා කරලා ඉගෙන ගත්ත දේවල් දැන් ඉන්න උන්ට කොහෙද . බෙන්10 කියාගේනමනේ දැන් ඉන්න උන් අම්මගේ බඩෙන් එලියට එන්නේ .

    ReplyDelete
    Replies
    1. හිහි...
      ගං සූරිය අපූරු ගහක්...
      කොල මටසිළුටුයි..
      මම රත්නපුරේ ඉදල තියේ... ඒත් එහෙ දැකල නෑ ඒ ගස්... ඒහංද වෙන්න ඇති...
      ඇත්ත වයලීනො..
      අපි වංන්ද දේවලින් තුනෙන් දෙකක් නෙවෙයි හතරෙන් එකක් උංට විදින්න නෑ..
      ඒකයිඇත්ත

      Delete
  19. මල්ලි ඔයාගේ මේ ස්මරණය කොටස් වලට මම හරි කැමති....ඔයාගේ ලියවිල්ල මාව අතීතෙට ඇදන් යනවා...හිතේ කොනක සැගවෙලා ගිය ගොඩක් දේවල් මතකෙට කැන්දන් එනවා...අගෙයි මල්ලියේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශානු අක්කෙ...

      මතකය අවදියෙන්...
      අපි මතකයට ආදරෙන්...

      නැද්දශානු අක්කෙ...
      ස්තූතියි නැවත එන්න.... :D :D :D :v

      Delete
  20. අපි කිව්වේ බට කිරිල්ල කියලා.ඒවා හොයාගන්න බැරි හින්දම කඩදාසි තෙමලා උණ්ඩ හදාගත්තා.කොළ උන්ඩය ලොකු වැඩි වුනාම තුවක්කු කඳ පැලෙන එක ඒ කාලේ ලොකු කේදවාචකයක් විදියට දැනුනේ...නියමයි මල්ලි..උඹ ඒ අතීතේ ආයෙත් ඇස් වල අදිනවා..

    ReplyDelete
    Replies
    1. තුවක්කු කද පුපුරන්නෙ උණ්ඩ ලොකු වැඩි වුණාමද...
      මං හිතන් හිටියෙ සද්දෙට කියල...
      නිකං උණ වෙඩිල්ල වගේ...
      තුවක්කු කඳ පැලෙන එක ඒ කාලේ ලොකු කේදවාචකයක් විදියට දැනුනේ.///
      ඇත්ත කොච්චර උණ බට තිබ්බත් අර හදාගත්ත එක වගේ පට්ට කොලිටියට ආපහු හදන්න පුලුවන්ද කියල මාර බයියි

      Delete
    2. අන්න හරි... අපිත් කලේ පොගවපු කඩදාසි වලින් උණ්ඩ හදපු එකයි. අන්තිමට ඕකට අපේ අය්යා කරපු හොඳම/චාටර්ම වැඩේ දන්නවද? ඔය උණ්ඩය අගට අල්පෙනිත්තක් හයිකලා. විදින්නේ අල්පෙනිති! මාරාන්තිකයි!!! මුලින්ම ඕවගේ පහර වින්දේ ගේ ළගම තිබ්බ කෙසෙල් පඳුරේ කඳන් ටික. හුහ්... අන්තිමට අපිවත් ඉලක්ක උනා.. වැඩි දවසක් යන්න කලින් යුධ නීති උල්ලංගනය කරලා අපේ අම්මට මාට්ටු වෙලා ආයුධය තහනම් උනා.. හි... හි... ඔය මොනවා කිව්වත් ඉතින් හොරෙන් හොරෙන් ලාවට ලාවට තිබ්බ

      Delete
    3. යුද නීති උල්ලංගනය කරල මාත් නස්පුට් වෙන්න ගුටි කාල තියේ...
      හිහි...
      ඔයාලෙ අය්ය නං පට්ට බුලට් එකක් වගේ

      Delete
    4. හුහ්.... බුලට් එකක්? මොන පිස්සුද.. කෙලින්ම මිසයිල් එකක්!

      මගේ පුංචි කාලේදී මම කරපු වැඩවලින් හතරෙන් තුනක්ම අය්යත් එක්ක රණ්ඩු වෙමින් කරපු නසරානි වැඩ. ඇත්තම කිව්වොත් ටවුන් එකේ හිටියත් ගමක තිබ්බ සුන්දර අත්දැකීම් ලැබුනේ ඌ හින්ද. මගේ පොඩිකාලේ ගැන කියන ගොඩක් කතාවල ඔහු ඉන්නේ ඒකයි...

      අපේ අය්යා කියන්නේ මගේ ලෝකේ ලොකු ෆිගර් එකක්!

      පොඩිකාලේදී ඇහේ කටුවක් උනාට දැන් ඌ මගේ කොටසක්. සැබෑම සහෝදරයෙක් !

      Delete
    5. හිහි...
      නංගිල ඔක්කම එකයි බලං ගියාම... සුට්ටං බට්ටං කාලෙ එන්නෙම වලි වලට..
      තනිකරම නේටෝ එක වගේ...
      හපොයි ඒකටත් එක්ක දැං...
      නිකං ජිනීවා වගේ... කොටිංම කියනව නංනෙල්සං මැන්ඩෙලාගෙ සාමාජිකාවක් වගේ පොහ්.... ඒකෙං මේකෙං මට වලියට එකෙක් නැති වුණ එකයි වුනේ..
      හිහි...
      සමහර විට අපේ නගාටත් හුතුණද දන්නෑ මමමිසයිල් එකක් කියල..
      ඒත් කවදඕව අහන්න යන්නෙ
      හැක්

      Delete
  21. ඇයි අප්පා කිරිල්ල තුවක්කු. ඕවයින් විද්දම රිදෙන එක තමා මට පේන්න බැරි. දන්නේ නැති හින්දයි අහන්නේ, රුනන් කියන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. රූනො කියන්නෙ අක්කෙ ෆෑන් එක වගේ අයිටම් එකක්..
      ;වෙනසකට තියෙන්නෙ ෆෑන් එකෙන් හුලං එනව...
      අරක හුලගට කැරකෙනව...
      ෆෑන් එකේ පෙති තුනයි නෙව... අරක පෙති දෙකයි...
      ඒකියන්නෙ හිතන්නකො පොප්සිකල් කෝට්ටක් ගැන... ඒක දෙකට මැදින් වෙන් වෙන විදියට මැද හිල් කරල ඒ හිලට හයිය කොට්ටක් බස්සල තමා රූණ හදාගන්නෙ..
      බලමුකො මං වෙන කොටසකින් රූනෙක් දාන්න බලන්නං කො

      Delete
    2. මහේෂ්...රූං පෙත්ත කියන එක හැදෙන්න ඇත්ත රූනගෙන් වෙන්න ඇති මගේ හිතේ.

      Delete
    3. පැහැදිලි කරාට තැන්කු...මටත් හිතෙන්නේ රුන් පෙත්තට කනෙක්ෂන් එකක් ඇති ඔය රූනන්ගේ

      Delete
    4. @ අරූ අය්ය..
      වෙන්න ඇති නේද...
      මොකක් අනුකරනය කලාද කියන්න බැ...
      ඒත් හෙලිකොප්ටර් වලටත් ඔය සමාන කම තියෙනව නේද..???????

      @ සයුරි අක්ක
      අපි හුගක් දේ සත්තුන්ගෙන් හොරකම් කරපු අයනෙව

      Delete
    5. රූං පෙත්ත කැරකෙනවා-කෝම් පිට්ටු ඉදිවෙනවා.....ගීතයත් එක්කයි මට එහෙම හිතුනේ.

      Delete
    6. ඒකත් හැබැයි...
      මං ඕ ගැන වැඩිය දන්නෑ අප්ප...
      සිංදුව නං හොදට මතකයි

      Delete
  22. අනිවාර්යයෙන්ම දැන් හැමදේම වෙනස් වෙලා... දැන් පොඩි කාලේ ඉදන් හැදෙන්නේ හැමදේම ලස්සනට දකින ලස්සන මනසක් තියන දරුවෙක් නෙමේ, රොබෝ කෙනෙක්...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත කාටුන් වීරයොයි අරුං මුන් එක්ක හැදෙන විකාර පිස්සොයි එක්ක උංට ළමා කාලයක් නෑබං

      Delete
  23. යාන්තම් ෆුට් බෝඩ් එකේ එල්ලුනා ඔන්න මං.

    උණබට තුවක්කුනම් සුපිරි මචෝ. අම්මප මේ කියවනකොට තපාරක් එකක් හදල බලන්න හිතෙනවා. මේ සෙල්ලම්බඩු ගැන ටිකක් ලියහං මචං හැකිනම්. ඒක වෙහෙසක් නෙවෙයි කියවන්න. හරිම ආසයි. දැන් කාලෙ පොඩිවුන් හරි කරුමක්කාරයි බං. ඇත්තමයි පවු එවුන්!

    ReplyDelete
    Replies
    1. මංබලන්නං මචාං ලියන්න...
      ම්ම්...
      ෆුට් බෝඩ් එකේ හරි එල්ලුන එක ලොකු දෙයක් නෙව...
      ස්තූතියි මචෝ

      Delete