Monday, July 14, 2014

ස්මරණ-06 ජීවන සටන (රබර් ඇට කොකෝ ඇට හා ඔට්ටපාලු)

                                                                        මේ කතාව ඕනෑවට වඩා දිග්ගැස්සෙන්නට පටන් ගත්තේ දෝ සිතෙයි. නමුත් කියන්නට ආ දේ අවසන් කල යුතුය. පසුගිය සතියේ කීවා සේ පොල් යන වචනයෙන් තොර ජීවිතයක් මෙහි නොතිබිණ. සෑම සියල්ලක් හාම බද්ධ වී තිබූ යේ පොල්ය. පසුගිය සතියේ පොල් ඉරටුව ගැන කීවත් පොල් අත්ත ඉවරයක් කරන්නට නොහැක විය. මේ වෑයම එයටයි.

                                                                        වත්තේ දිවි ගෙවූ සෑම කෙනෙකුටම පාහේ තිබූ දක්ෂතාවයක්  ලෙස පොල්ලතු විවීම අවිවාදයෙන් නම් කළ හැක. එහෙත් තරගයකට ඉදිරිපත්ව නිරවුල්වත්, පරිපූර්ණවත්, වේගයෙනුත් , පොල්ලත්තක් වියන්නට හැකියාව තුබූයේ අල්ප දෙනෙකුටය. එබැවින් සැම වසරකම පැවැත්වෙන අවුරුදු උළෙළ වල පැවැත්වූ පොල්ලතු විවීමේ  තරග වලින්  ජයග්‍රහණය කලේ  තුන් දෙනෙක්  නැතිනම් හතර දෙනෙකි.   පහුගිය වසර කීපය පුරාවටම අවුරුදු උළෙල කිහිපයකම පොල්ලතු විවීමේ ශූරතාවය අඛණ්ඩව ජයගන්නට හැකිවූයේ මගේ පුංචිටය. එනම් අම්මාගේ බාල නැගණියටය. 

                                                                      පොල්ලතු වියන්නට ගන්නේද යම් තරමකට වියැලීගෙන එන පොල්ලතුය. පොල් ඔළුව පැත්තෙන් නුසුදුසු හරිය කපා ඉවත් කරගන්නා ඔවුන් වරකට පොල්ලතු පහක් හෝ දහයක්  බැගින් මඩ වලවල් වල ගිල්වා දින දෙකක් පමණ තබති. සමහර මඩ වලවල මෙසේ බැදි පොල්ලතු මිටි දෙකකට වඩා වැඩි ගණනක්ද තිබේ. පොල්ලතු ගිල්වා දමන්නට පෙර ඒවා එකට තබා තේඩාවකින්(කොහු වලින් අඹරා ලන්නා ලණු විශේෂයකි. සාමාන්‍ය කොහු ලණු තුනක පමණ ගණකම ඇත. සවිමත්ය) බැද දමති. අනතුරුව දියේ ගිල්වන පොල්ලත්ත උඩින් බරැති ගල් හෝ වෙන බරක් තබන්නේ හොදින් ජලයේ පොගන්නටය. අනතුරුව දියේ දින දෙකක් පමණ පෙගවෙන(මට දැනෙන වචනය නම් පල්වෙන යන්නයි) පොල්ලත්ත ගොඩට ගෙන ඉරු  දෙකට  ඉරා ගනී. පොල්ලත්ත ඉරු කිරීම බලාඉන්නට ආස හිතෙනා තරමේ වැඩකි. මේ සදහා යොදාගන්නේ  කැත්තකි. බොහෝවිට  මෙහි තලය වක්‍ර  නැත. පොල්ලත්තේ ඔළුව කපා ඉවත් කළ පැත්තෙන් කැත්ත තබන ඔවුන් කැත්තේ මිට පොලවට බර කර එක් කකුලකින් හිටගෙන අනෙකෙන් කැත්ත තල්ලු කරයි. එවිට එන දෙපසය ඉරි වෙන්වෙන්නේ අසාගෙන ඉන්නට ආසා හිතෙන තරමේ හඩකිනි. සියළුම පොල්ලතු ඉරා අවසන් කර හරි බරි ගැහී කුඩා ගලක් උඩ වාඩිගන්නා ඔවුන් දකුණු පයේ මහපටැගිල්ලෙන් පොල්ලතු ඉරුව තද කර පොල්ලත්ත වියන්නට පටනි ගනී. ඒවා අව්වේ වනන්නට සිදුවන්නේ අපටය. ඒ පමණක් නොව පොල්ලත්තෙන් කපා වෙන් කර ගන්නා පොල් ඔළු එකතු කර ගන්නට සිදුවන්නේත් අපටය. පොල්ලත්ත වියා ඔවුන් නිදහසේ නැගිට යති. එහෙත් මේ කාර්යය අපට පැවරෙන්නේ පාසල් නිවාඩු දින වල පමනකි. පොල්ලතු වලේ වතුර වල ඇති දුර්ගන්ධයටද  පොල්ලතු අල්ලන්නට, වනන්නට වෙන අකමැත්තටද කොයි තරම් කට්ටි පනින්නට ඇද්දැයි මට මතක නැතත් ඊට වඩා ප්‍රමාණයක් පොල්ලතු වල වල වැටී පල් වතුර නාන්නට සිදු වුණ  බව නම් විශ්වාසය.

                                                                   පොල්ලතු විවීම, ඉරටු ගෑම වත්තේ වැඩ කිරීමට අමතරව පොල් කටු හැදි හැදීම, කොසු ඉදල් හැදීම, කර ගෙන ගිය පුද්ගලයන්ද සිටියද ඒ සිටියේ අල්ප වශයෙනි. ඊටත් කුඩාවුන් වූ අප ඔවුන් අසල ටැක් ගැහෙනවාට ඔවුන් මනාප නොවූ නිසා ඒ පිළිබද මට ඇත්තේ අල්ප දැනුමක්ය.  ඊට අමතරව වඩු බාස්ලා, මේසන් බාස්ලා, රියැදුරන්ද වත්තේ අස් කොන් වල ජීවත් විය. කලින් සදහන් කළ හෑම ආකාරයේ රැකියාවකටම වඩා පසුව සදහන් කල එම  රැකියාවන් වත්තේ උන් අතර පිළිගැනීමක් ලැබූ ඒවා විය. එසේම අයට හෝ ලබාගෙන කුඹුරු ගොවිතැන් කළ අය තුන් හතර දෙනෙක්ද විය. ඒ ද විකිණිමට නොව බුක්තියට ම පමණි. 

අපේ සල්ලි සෙල්ලං

                                                                    සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ලියූවන් වත්තේ සිටියේ අල්ප වශයෙනි. එසේම ඒ වයස් වල පසු වන පාසල් ගිය වුන් සිටියේ අල්ප වශයෙනි. බොහෝ දෙනා පාසල් යාම වෙනුවට කට්ටි පැනීම තෝරාගෙන තිබිණි. පාසල් නිවාඩු කාල වල නිවෙස් වලට හොරා මේ කල්ලි වලට වැටී නඩා ගහන්නට ගියද පාසල් දින වල නම්  එවැන්නක් සිදු කිරීම උගහටය. ඊටත් වඩා එසේ සිදු කර යළි ගෙදර ගොස් නිරුපද්‍රිතව විසීම නම් කෙසේ වත් කළ නොහැක්කකි. එබැවින් අපේ පාසල් යාම නිතිපතා සිදුවිය. නමුත් අපට අවශ්‍ය මුදල් සොයා ගන්නට නොයෙක්  වූ විකාර කරන්නට සිදුවිය. මන්ද නිවෙස් වලින් අපට මුදල් ලැබුනේ පාසලේ අවශ්‍යතාවක් සදහා පමණක් වීම නිසාය.

                                                                  වත්තේ වැටෙන පොල් ඇහිදීම,ඉරටු ගෑම ආදී ක්‍රියාවන් හි අපද යෙදුණෙමි. එසේම ඒවා විකුණා මුදල් කර දුන්නේ අප වැඩිහිටියන්ය. ඉරටු ගෑමට වඩා පොල් ඇහිදීම ලාබ දායී වුවත් එය කිරීමට අපට එතරම් අනුබලයක් නොලැබුණේ විය. නමුත් තහනමක් ද  නොවීය.
රබර් වතු වල ගෙඩි හැදී ටික දවසක් යන විට ඒවා වියැලෙන්නට පටන් ගනී. අනතුරුව පවත්නා උණූසුමට විදාරණය පටන් ගන්නා ඒවා  පොහ් ටොහ් ටෝං ආදී අනුකරණයන් ගෙන් පුපුරා යයි.  එක එක දවස් වලට එක එක සද්ද දමමින් පුපුරා ගියද ඒවා බිම වැටෙද්දී එන්නේ වෙනස්ම හඩකි.  අහන් ඉන්න තරං ආසාය. රබර් ඇට හැලෙන කාලයට පැන්නුවත් රබර් වතු වලින් අප පන්නන්නට වැඩිහිටියන් අසමත්ය. ඒ තරමටම රබර් ඇට ඇහිදීම අපි ප්‍රිය කළෙමු. ලොකු පෝර උර උස්සා ගෙ යන අප ඒවාට අහුවෙන සෑම රබර් ඇටයක්ම පුරවන්නේ ඒවා උස්සාගෙන යන්නට අපට හැකි වේද නොහැකි වේද යන්න පිළිබද පවා නොසලකමිනි. එසේම රබර් ඇට වැටෙන කාලයට අපෙන් වැඩක් ගන්නටද  වැඩිහිටියන් අසමත්ය. මොකක් හෝ ගුණුඩුවක් පැන ඇදෙන්නේම රබර් වත්තටය. සැබැවින්ම මේ කාලයට අප රබර් වත්තට ආකර්ශනය වූවාට වඩා රබර් වත්ත අපව ආකර්ශනය කරගත්තා යැයි කීම නිවැරදි යැයි සිතමි.  මෙසේ ඉවක් බවක් නැතිව එකතු කරගන්නා රබර් ඇට ගෙන යන්නට සිදුවන්නේ මහවුන්ටය. කෙසේ හෝ කන්කෙදිරි ගා රබර් වත්තට එක්කාගෙන ගොස් අර පිරවී ඇති රබර් ඇට ගෝනි මහවුන් ලවා උස්සාගෙන එන්නේ රටක් රාජ්ජයක් දිනුවාක් මෙනි.  

                                                                ඇට වැටෙනකාලයට කෙසේ හෝ එකතු කර ගන්නා රබර් ඇට ගෝනි  ගණන් පුරවා විකුණා ගන්නා අප ඒ මුදල් වියදම් නොකර තියාගන්නේ වෙසක් සිරි නරඹන්නටය. (ඒ කතා පසුවට) රබර් ඇට කිලෝවක් රුපියල් දෙකක් හෝ තුනකි. ඒ දවස්වල එසේ හෝ එකතු කර රුපියල් සියයක් හොයා ගන්නවා යනු අද රුපියල්  ලක්ෂයක් හෙව්වා හා සමානය. කොහොමත් අපට කඩචෝරු කෑම(අපේ අම්මලා ඒවාට කීවේ එසේ බව මතකයයි) සදහා මුදලක් නොලැබිණි. අප සතුව එවැන්නකට මුදලක් තිබිණි නම් එහි තේරුම පොල් ගෙඩි කීපයක්  කඩේ පොල් ගොඩ බලා ගොස් තිබුණා යන්නය. කලින් ද කී වා සේ රබර් ඇට විකුණා ගන්නා මුදල් එළියට එන්නේ වෙසක් එකටම පමනි. කුමන හේතුවක් මත හෝ ඒ මුදල් වෙසක් එකට පෙර  වියදම් කරනට මැලි වූයේ අපට නාස්ති කරන්නට තරම් මුදලක් දෙන්නට අම්මලාට නොහැකි බව දන්නා නිසා විය යුතුය.

                                                                රබර් ඇට පරදින අනෙක් සෙල්ලම කොකෝ ඇටය. කොකෝ වතු වලට හොරෙන් පැන අහුවෙන තරම් කොකෝත් පොල් වැටී තිබුනොත් ඒවාද  කුදලා ගෙන මුරකරුවන්ටත් හොරෙන් ගෙවල් බලා යන්නේ සකල බරෙන් වැනි වැනීය. ගෙදර යන අප කරන්නේ ගලක් උඩට වී කොකෝ කමින් ඇට ගල උඩට හලන එකය. අනතුරුව ඒවා එකතු කරගන යන අප නිසි ලෙස වියලා ගන්නෙමු. (බැරි වෙලා හෝ මෙසේ  කොකෝ  ඇට වල මද සුප්පමින් ඉන්නා විටක ගිලුණහොත් පහුවදා පශ්චාත් බාගයට දෙවියන්ගේම පිහිටය. )

                                                                 තවද රබර් වතු වලින් හොරෙන් ගෙන එන ඔට්ටපාලු වල පූර්ණ හිමිකාරිත්වය ඇත්තේ අප සතුවය. රබර් ඇට ඇත්තේ එක් කාලයට වුවත් කොකෝ, ඔට්ට පාලු වසරේ සෑම කාලයකම ඇත එහෙත් ඒවා රැස් කර ගෙදර ගෙන යාම අපහසුය. වත්තේ කංකානියෙකුට, මුරකරුවෙකුට හෝ සුපිරින්ටෙන්ඩන්ට් වරයෙකුට අහුවුනොත් වෙන්නේ ගස් යන්නය. මන්ද අප වැරදි යන්නේත් මහඋන් පිටින් නිසා එවන් විටක දැඩි දඩුවම් හිමි වේ. එහෙත් මේ බාධා වලින් තොරව අප ගන්නා අස්වැන්න විකුණා දෙන්නේ කිසිම කන්කෙදිරියකින් තොරවය.  

                                                                ඔට්ටපාලු කොකෝ ඇට ගෙන යන්නේ කෑගල්ලටය. ඒ ද පොල දවස්වල පමණි. ඊටත් එසේ ගෙනියන්නට  කියා මහා  ගොඩක්ද නැත. ගෙන යාමට නිෂ්චිත කාලයක්ද නැත. මන්ද ඒවා එකතු වන්නේ සෙමින් බැවිනි. නමුත් ලැබෙන මුදල අති විශාලය. මෙසේ මා උපයා ඇති වැඩිම ගණන රුපියල් තුන්දහසකට මදක්  වැඩි බව  මතකය. එහෙත් එතරම් මුදලකින් කල යුත්තේ කුමක්දැයි හෝ එතරම් මුදලකින් කරන්නේ කුමක්දැයි නොදන්නා නිසා  ඒ පිලිබදව අම්මාගෙන් විමසුවෙමි. එයට පිළිතුරක් නොදුන් ඈ ඒ මුදල මගෙන් ලබා ගෙන  පසු දිනෙක මගේ ගිණුමට දමා තිබිණි. ඒ දවස් වල මා කළ ලොකුම ගොන්කම යැයි මා සිතා සිටි ඒ මුදල ද අම්මලා විසින් ගිණුමට එකතු කර තිබූ මුදල්ද මට පසු කලෙක මහත්  උපකාරයක් විය.


                                                         



68 comments:

  1. ඔය ඔට්ටපාලු බෝල හැදිල්ලත් මරු ගෙදර ජනෙල් කියක් කඩන්න ඇතිද ?..මං නම් කැමැති මේ ලිවිල්ලට ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... දොඹේ...
      අපේ නං වීදුරු තිව්වෙ නැති හංද දෙය්යනේ කියල කැඩෙන්න ජනේලයතක් තිබ්බෙ නෑ..
      ඒත් ඔට්ට පාලු බෝලෙ නැති වුනාම නං මාර අප්සට්...

      Delete
  2. රබර් අැට සෙල්ලං අපිට ආගන්තුකයි නෙව.
    ඒකට පොල් අතු! පොඩි කාලෙ අනන්තවත් පොල්අතු වියල ඇති. අපි නං පොල් අතු පෙඟෙව්වෙ ගෙදර ලඟ තියන ඇලේ දාල. ඇලේ වතුර නැති කාලෙට නාන ලිඳ ලඟ අනිත් පැත්තට හැරෙන්න දාල තියනව. දවසක් හමාරක් යද්දි වියන්න පුළුවන් මට්ටමට පෙ‍ෙඟෙනව. මට මතකයි අපේ තාත්ත කියනව ගමේ පන්සලේ හිටපු හාමුදුරු කෙනෙක් ගැන, උන්වහන්සෙ පොල්අතු වියන්නෙ වතුර පොල්කටුවක් ලඟ තියාගෙනලු. (එච්චරට වතුර හිඟයි ඒකාලෙ)

    ReplyDelete
    Replies
    1. හැම පැත්තෙම රබර් ඇට නැති හංද වෙන්න ඇති...
      නේහ්...
      පොල්අතු වියන්නෙ වතුර පොල්කටුවක් ලඟ තියාගෙනලු. ///
      ඒ කියන්නෙ වේලිච්ච පොල්ලත්ත පොගවන්නෙ නැතිව වතුර ඉහ ඉහ වියන එක නේද...
      අම්මෝ එපා වෙන කේස් එකක් නෙව
      ස්ුතූතියි රාජ් අය්ය මෙහෙ ඇවිත් අපිත් එක්ක අදහස්බෙදාගත්තට

      Delete
  3. අපේ පළාතේ රබර් තිබුනෙ නැති නිසා රබර් ගැන අත්දැකීමක් නැති වුනාට පොල්ලතු වියන එක ගැන නං හොඳටම අත්දැකීම් තියෙනව.
    මොකද මේ ගහෙන් ගෙඩි එන්නා වගේ කතාව ඉවර කළේ?

    ReplyDelete
    Replies
    1. රබර් ගහෙන්,
      පොල් කට්ටට,
      කිරි බේරෙයි,
      ටික් ටික් ටික්...
      රබර් ගහට,
      හේත්තුකර,
      විකුවා මම,
      ලපටි තනේ.. හැක්..

      (කොහේද බිත්තියක රබර් ගැන ලියල තිබුණු ලස්සන මෙව්වෙකක්)

      Delete
    2. හුග දෙනෙක්ට රබර් අත්දැකීම් නැතිවාවගෙයි...
      කතාව ඉවර නැත...
      මේ කොටස පමණි

      Delete
    3. @විදානෙ...
      ඕක නං විදානෙම හදපු එකක්..
      ඇත්ත කියහං...
      ඔය තමුන්නාන්සෙගෙම අත්දැකීමක් නේද

      Delete
    4. ඔක දේශක ලියපු එකක් වෙන්න ඕන අර ''හැක්'' කියලා ලියලා තිබිලා නේ අන්තිමට ,ඔය හිනාව බුකියේ එහෙම කෙටුවාවම කෙල්ලො කියන්නෙ මොකක්ද අනි ඒ වල් හිනාව හරිම කැතැයි කියලා .... ;D

      Delete
    5. අප්පේ හා මටත් කීව ආයෙ ඒ හිනාව දානව නං චැට් එකට එන්න එපා කියල..
      ඒත් මං ආපහු ඒකම කරා...
      ඒකිට මළ පැනල මාව අන්ෆ්‍රෙන්ඩ් කරලම දැම්ම..
      හිහි

      Delete
    6. හිහි කිව්වම ගැනු වගේ බන්ස්.
      හෙක් හෙක්
      හක හක
      හෙ හෙ
      හොහ් හොහ් හොහ්

      නියම පිරිමි හිනාව මං හිතන්නේ
      හහ් හහ් හා...!

      සිංදුවක් තියෙනවා නේද..

      “හහහ්හ හහ්හහා
      හිහිහ්හි හිහ්හිහි
      හුහුහ්හු හුහ්හුහු“

      Delete
    7. නෑ මල්මි යෙ... මේක වුනේ..
      හැක් එක දාන්න ගොහින්...
      ඇදගෙනම නෑව...
      සැක්

      Delete
    8. රබර් කෑල්ලෙ විදානෙයා කැරකි කැරකි ඉන්නකොටම ළපටි තනේට බඩු බනිස් කියල මම දැනගත්තා.

      Delete
    9. ඕක තමා මාත් මේ කීවෙ...
      කොහෙද මේ සහෝදර ල එක්ක මක්ක වත් කොරන්න බෑ නෙව

      Delete
    10. හිහි හිරුවගේ හිනාව බොලන්ලා..

      Delete
    11. හිහි...
      හැක් එක කාගෙද...
      දේශකයගෙ නේද..
      මගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕන

      Delete
    12. බුහ් හඃ හඃ හා...

      @ සහෝ.. අරක දේශකයහේ අද්දැකීමක් වෙන්න ඕන... මට දැනුයි මේව්වා උනේ..

      @ මල්මි, ෂිනහවෙන් ඕ කථාවෙන් බේ මනින්නට මිනිෂා....

      @ හැලපයියා... මං මොනාද කොරේ අර සහෝදරත් කියන්නේ දේශක කොරල තියනවා කියලා...

      @ මනෝෂ්..
      //මගෙම කියල බ්‍රෑන්ඩ් එකක් හදාගන්න ඕන// එයිට නරකද පොදු බෑන්ඩ් එකකට අවනත වෙන එක, උදාහරණයක් විදියට ගල් වගේ..?

      @ නලීන්.. ඇගේ සිනහව තහනම්....

      Delete
    13. පොදු බ්‍රෑන්ඩ් එකක්නෙව මේ දවස් වල යූස් කොරන්නෙ ඒකනෙ මේ නන්න වෙලා ඉන්නෙ...
      හිහි

      Delete
  4. අපේ පැත්තේ ඉස්පිරිතාලේ හැදුවේ රබර් වත්තක් කපලා.. ඒත් සහෙන්න රබර් කෑල්ලක් ඉතුරු වෙලා තිබුනා... උදේට සමහර දවස් වලට රබර් ඇට ඇහිදින්න යනවා. ඔට්ටපාලු නැතිව හරිම පාලුයි බං ඒ දවස් වල.

    ReplyDelete
    Replies
    1. හුගක් අය දැන් රබර් වතු කපනව.. ඇයි මංද..
      ඒවත් එක්ක තියෙන උපසංස්තඛතිය විනාස වෙනව විතරක් නෙවී...
      ඒ මනුස්සයොත් විනාස වෙනව..

      ඔට්ටපාලු නැතිව හරිම පාලුයි බං ඒ දවස් වල.///
      හිහි ඒකටත් එදක්ක අපි... අවුරුද්දෙ 365 දවසෙම ඔට්ටපාළු ගැලෙව්ව

      Delete
    2. රබර් ගස් පරණ වුනාම නේද කපන්නේ.
      අනික..දැන් රබර් ලිය ගම් ජාතියක් එක්ක අඹරලා,ලිබඩු හදන ෆැක්ටරි(යක්) තියෙනවා.ඉතින් දර වලට වඩා ලොකු ගානකට ගස් විකුණන්න පුලුවනි.

      අනික, දැන් තනි වගාවවලට වඩා අතුරු බෝගයක් දානවා.වාසි දෙකක්.
      පරන විදියට ගස් ඉන්දලා තියෙන වගාවන් යටින්,අතුරු බෝගයක් දාන එකට වඩා වගා දෙකකටම හරියන්න බිම හදාගන්න එක වාසියි.

      අනික පෙබරවාරි වලට කොළ හැලුනම,මාස කිපයක් රබර් කපන්නැහැනේ.එතනින් මාස තුනයි,
      ඊළගට වහිද්දි කිරි කපන්න බැහැනේ.
      තේ වගේ අතුරු බෝගයක් දැම්මම..වැහි කාලෙට තමා වැඩිම අස්වැන්න.

      නමුත් ස්වබාවික වනාන්නතරයකට ඉතාම කිට්ටුවෙන් යන වගාව තමයි රබර්.


      Delete
    3. රබර් ගස් කපල අයින් කරන්නෙ නං පරණ වෙලාකිරි අස්වැන්න බාල වෙන්න ගත්තම.
      ඒ ලීබඩුහදන කේස් එකට ලීය අඹරන්නෙ නැතිව ගෙඩිය පිටිංම ඇරං හදනව

      අපේ පැත්තෙ රබර් විතරයි... වෙන මොනවත් නෑ...
      තේ එහෙම දාන්නෙ පොඩි පොඩි වතු කරං යන අය...
      එහෙම දාපුවාම ඉක්මණට පස නිස්සාර වෙනව... තේ කියන්නෙ පස නිසරු කරන හොදම ජාතිය...
      මේ වගේ ලොකු වතු වල එහෙම කරන්නෙ නෑ...
      කොල හැලෙන කාලෙට ත් කිරි කපනව... ඒත් දෙවරු කපන්නෙ නෑ... කිරි අස්වැන්න ටිකක් අඩු විතරයි...
      වහිද්දිත් කිරි කපනව...
      ්ව මේව ඒ ඔක්කම මං ඉස්සරහට කියන්නං කො...
      මල්මිට හොද එස්පීරියන්ස් තියේ වගේ...
      හිහි...
      ස්තූතියි මේ අහ ගොඩ වදිනවට

      Delete
  5. මොකෑ බං කතාව එක පාරටම නැවත්තුවෙ????????????

    ReplyDelete
  6. කෘශිකර්ම පීටයේ සියලු සිසු සිසුවියෝ ඔබ ගේ මේ පොල් සහ රබර් ගැන ලියා ඇති විස්තර කියවිය යුතු බව මගේ හැඟීමයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්...
      හිහි
      මට ගුටි කන්නත් සිද්ධ වෙයි හැබැයි...
      හිහි

      Delete
  7. යකෝ පොල්ලෙන් ගැහුවා වගේ කතාව අවසානයි ද එතකොට .... රබර් ඇට... පොල් අතු සෙල්ලම් පොඩි කාලෙට යන්න හිට්නේ කතාව

    ReplyDelete
    Replies
    1. ඉවර නැතෝ...
      පොඩි කාලෙන් ගොඩ ඒන බැරුව ඉන්නේ

      Delete
  8. මම කුඩා කාලේ අපේ අම්මලත් එක්ක එකතුවෙලා හඬ එළියේ පොල්අතු වියලා තියනවා. මට ඒ කාලේ මතක්වුනා. රබර් ඇට වලින් අපි හරියට සෙල්ලම් කරනවා. වියලි රබර් ඇට මද ඉරටුවක අමුනලා ගිනි තියපුවම ලස්සනට ඇවිලෙනවා. අපේ ඇට්ටර කමට ගෙදර පුටු වල කකුල් වලට රබර් ඇට තියනවා හොරෙන්. කවුරු හරි ඉඳගත්තම ජරාස් ගාලා රබර් ඇටය පුපුරන හඬට බය වෙනවා පුටුව කැඩුනා කියලා.

    බොහොම ලස්සන රචනයක්.

    ReplyDelete
    Replies
    1. ඒ වැඩේ මාත් කොරල බලන්න ඕනෙ.. :D

      Delete
    2. අපිත් ඉස්සර අපේ ඉස්කෝලේ දෙමළ උගන්නන සර් ගෙ පුටු කකුල් වලට රබර් ඇට තිබ්බා

      Delete
    3. @ විචාරක තුමා...
      ස්තූතියි... ඔබතුමා කියපු නොසංඩාල වැඩ අපිත් අනන්තව කරල තියේ...
      රබර් ඇට විලක්කුව නං පට්ට
      ස්තූතියි මේ අහ ආවට

      Delete
    4. හපොයි සංචාරෙ...
      දැං කාට කියල කරන්නද...
      හිහි

      Delete
    5. බලං ගියාම දිලිනිලත් අපි වගේමයි...
      හැක්

      Delete
    6. අදත් මං ගේ ඇතුලේ විදුරු බාජනේක ලස්සනට රබර් ඇට දාලා තියෙනවා.ලේන්නුන්ගෙන් පරිස්සම් කරගන්න තමයි බැරි.

      පුටුවලට රබර් ඇට තියන්න හැතැප්ම සිය ගනන් රබර් ඇට උස්සගෙනත් ගියානේ කාලෙක.

      Delete
    7. පුටුවලට රබර් ඇට තියන්න හැතැප්ම සිය ගනන් රබර් ඇට උස්සගෙනත් ගියානේ///
      ඉස්කෝලෙදි වෙන්න ඇති...
      ඕ වැඩේ කරල නං මං හම්ානෙක කාල තියේ...
      ඕ යේස්

      Delete
  9. එතකොට කතාව ඉවරයිද මෙතනින්?
    කතාව කියවනකොට හැමදේම චිත්‍රපටියක් වගේ මැවෙනව.
    ඔට්ටපාලු ගලවන වැඩේනම් අපිත් කලා පුංචි කාලෙ.

    ReplyDelete
    Replies
    1. කතාව ඉවර නැතෝ....
      ඔට්ටපාලු ගැලෙව්වෙ හොරෙන් නෙවී ද එතකොට

      Delete
  10. අර රබර් ඇට සල්ලි වලට ගන්න අය මොනවද බං ඒවලිං කරන්නෙ..

    මෙච්චර ඉක්මනට ස්මරණ ඉවරවෙයි කියලනං හිතුවෙ නෑ..

    ReplyDelete
    Replies
    1. ඒකනං අපි දන්නෙත් නෑ...
      අපි ඇහිදල විකුණනව විතරයි...
      කතාව ඉවර නෑ හය්යෝ

      Delete
  11. වෙසක් කාලෙට කූඩු හදන්න ඔට්ටපාලු හොය හොයා රබර් වතු පීරනවා. රබර් ඇටේ උඩිනුයි යටිනුයි මැදිනුයි හිල් තුනක් විදලා උඩ හිලෙනුයි යට හිලෙනුයි මැද හිලෙන් ආපු නූලක ගැට ගැහුනු ඉරටුවක් දාල ඉරටුවේ කෙළවර පෙත්තක් හයි කරල කරකවනවා. ෂැහ්..

    කථාව කලින්ම නිම කොරේ ඇයි......

    ජය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. වෙසක් කූඩු බදින්න හොදම දේඔට්ට පාලු නෙව...
      රබර් ඇට රූනා අපේ පියතම සෙල්ලං බඩුවක් නෙව...
      කතාව ඉවර නැත

      Delete
  12. රසවත් පුවත් ටිකක් වගේ. මුල ඉඳන් කියවල එන්නම්කෝ....

    ReplyDelete
    Replies
    1. ෙහාදයි හොදයි කියවලා එන්ටකො

      Delete
  13. මමත් රබර් අැට එක්ක ජීවත් වෙච්ච කාලයක් තිබ්බ... මේ කියල තියන තරං තදට නෙවෙයි! :)

    ReplyDelete
    Replies
    1. අපිට නං ඒක ජිවිතේ වගේ...
      ඇයි කීයක් හරි හොයාගන්න පුලුවං නෙව

      Delete
  14. අපේ පැත්තෙත් රබර් පොල් දෙකම තිබුනත් ඔය අත්දැකීම් විඳලා නෑ.
    ඇයි බං මේක එක පාරටම පාරට හරකෙක් පැන්නා වගේ නැවැත්තුවේ. අත්දැකීම් මෙච්චර වෙන්න බෑ.

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙත් රබර් පොල් දෙකම තිබුනත් ඔය අත්දැකීම් විඳලා නෑ. ///

      හපොයි වැඩක් නෑ එහෙනං...
      හිහි...

      කතාව ඉවරනෑ අනේ...
      මං කොරගත්තු ගොං කොමක මහත...
      හිටින්න ඒ වාක්කිය අයං කරල දාන්න

      Delete
  15. තව ටිකක් කතාව ගෙනිච්ච නම් හරි මල්ලි. රබර් වතුවල ගෙවපු සුන්දර යුගයට හීයක වේගෙන් වගේ යනව.
    ඇයි රබර් ගෙඩි පිපිරිලා විසි වෙන කැලිවලින් ගැලපෙන කැලි දෙකක් එකතු කරල බඹර හදන්නෙ අත්දෙකේ ඇඟිලි වල තියල පිඹින්න. කොච්චර සුන්ද අතිත අපි වින්දද..අද ඒව කිවුවම සමහරු අය පිළිගන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ගැලපෙන කැලි දෙකක් එකතු කරල බඹර හදන්නෙ අත්දෙකේ ඇඟිලි වල තියල පිඹින්න. ///

      ඒක ඇත්ත අක්කෙ... හුගක් අයට ඒ අත්දැකීම් මැජික් වාගෙ
      කතාව ඉවර නෑ... ඉස්සරහට මං ඒ ඔක්කම අල්ලපු ජල්ලි ගැන කියනව...
      ස්තූතියි අක්කෙ...

      Delete
  16. ඔය අත්දැකීම් විඳින්න නම් අපිට අවථාවක් ලැබිලා නෑ.. ඒ නිසා හුඟක් ආසවෙන් තමයි විස්තර කියෙව්වේ..

    ReplyDelete
    Replies
    1. සහෘදයෙකු වීමත් අත්දැකීම් ළගා කරගැනීමට මගක් ලු නෙව

      Delete
  17. ඔට්ටපාලු ගලවන ප්‍රිතිය.මට නම් හොරි කසනවා,කණ හාරනවා,නාහේ මිනිරන් හාරනවා වගේ හරිම ත්රුප්තියක් දෙන වැඩක්.

    අවන් ඔයා ලියලා තියෙනවට වඩා ගොඩාක් දරුණු දේවල් තමා මගේ වතු ආශ්‍රිත අද්දැකිම් වල මුලට එන්නේ.

    හාම්පුතාලා - සේවක/සේවිකාවන්,ශ්‍රමය විතරක් නෙමෙයිනේ හුරාකන්නේ.
    පොලක් ඇහිදින්න ගිහින් වෙඩිකන වගේම,ඇහිදින්න නොගිහිනුත් ඇහිදින්න ගියා කියලා වෙඩිකන/කාපු මිනිස්සු.

    ඒ වගේ කුනු දේවල් නැතිව ලියන නිසා වෙන්න ඇති ඔයාගේ ස්මරණ මෙච්චරම රස.!

    ReplyDelete
    Replies
    1. ඔට්ටපාලු ගලවන ප්‍රිතිය.මට නම් හොරි කසනවා,කණ හාරනවා,නාහේ මිනිරන් හාරනවා වගේ හරිම ත්රුප්තියක් දෙන වැඩක්.///
      හෙක්...
      අපි නම් ඕක කලේ කීයක් හරි හොයා ගන්න ඒත් හොරට කරන හින්ද පොඩි ලල් එකක් නොතිබ්බ නෙවී..
      අනික පීල්ලෙන් පටං ඇරං උඩට හිමීට ගැල විලා එනකොට තියන සනීපෙ...
      හම්මේ...

      වෙඩිකන වගේම,ඇහිදින්න නොගිහිනුත් ඇහිදින්න ගියා කියලා වෙඩිකන/කාපු මිනිස්සු//
      ඇත්තටම අපේ වත්තෙ වෙඩි තියන කේස් තිබ්බෙ සෑහෙන කාලෙකට කලිං...
      මං ඉපදෙන්නත් කලිං ලු..
      කෝම හරි මොකක් හරි සිද්ධියක් හන්ද වතු මුරකාරයන්ට තුවක්කු භාවිතය තහනම් කරල..
      ඒත් ඊට වඩා අමිහිර අප්‍රසන්න අත්දැකීම් තියෙනව...
      මං ඇත්තටම ඒව කතා කරන්නවත් කැමති නෑ...
      මහ එපාම කරපු මතක..
      ස්තූතියි මල්මියො

      Delete
  18. රබර් ඇට කජු දොඹ ඇට ඔට්ටපාළු මේවා අපි පොඩි කාලේ හොදට අත පත ගාපු දේවල්. බොහොම අතීතයට මතකය අරන් ගියා මේ සටහන...

    ReplyDelete
    Replies
    1. පොඩිකාලෙ හුරුපුරුදු දේවල් වයසට යද්දි අමතකම වෙලා යනව...
      මතකය අළුත් කරගන්න ලැබුණට සන්තෝසයි...

      Delete
  19. හෆ්ෆේ, රබර් ඇට ඔට්ටපාළු එක්ක දවස් ගෙවපු කාලයක් තිබ්බා කියලා මතක් වුනා මේක කියවද්දී..

    ReplyDelete
  20. රබර් කොල හැලෙන කාලෙට රබර් වතුවල අමුතුම සුන්දරත්වයක් තිබුනා.රබර් ඇට පොතු වලින් හදපු හුලං පෙති,රබර් ඇට බිම අතුල්ලලා කාගේ හරි ඇ‍‍ඟේ තියන අවධානම් විහිළු..උඹ මාව ඒ සුන්දර කාලෙට ආයෙත් අරන් ගියා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අය්ය... මං ආසම කාලයක් ඒ...
      හම්මේ මතක් වෙද්දිත්...
      මතකය සතුටක් නැද්ද මං අහන්නෙ

      Delete
  21. ඉස්සර අපේ ගෙදරට එහා පැත්තෙ හිටියා විමලාවතී නැන්දා අැලේ පොල් අතු පල් කරලා දරමැස්සට දාන්න පොල් අතු වියපු හැටි තමයි මතක් වෙන්නෙ. පොල් අතු පල් කරන වලවල් වලින් එන පල් ගද මම හිතන්නෙ අත හේදුවත් නැතුව යන එකක් නෑ.

    අපි ඒ කාලෙ පන්සල් වත්තෙ රබර් ගස් වලින් ඔට්ටුපාල ගලවලා බෝල හදපු හැටි හොදට මතකයි. ඒ සුවද තවමත් දැනෙන ගානයි. බොලා රබර් ඇට බිම අතුල්ලලා රත් කරලා කාගෙවත් ඇගේ තියලා නැද්ද...අපි නම් ඒ කාලෙ අනන්තවත් එහෙම වැඩ කලා.

    රබර් ඇට මිළදී ගන්න අය ඒවායෙන් ගන්න ප්‍රයෝජනය කුමක්ද හැබෑටම...

    ReplyDelete
    Replies
    1. රබර් ඇට ගන්න අය ඒවයින් කරන දේ නං දන්නෙ නෑ...
      අනික් අත්දැකීම් නං මට අනන්තත් තියේ...
      හිහි...
      මං ඉස්සරහට ඔය ගැන කියන්නං කො

      Delete
  22. හපෝ ඔය ඔට්ටපාළු බෝල වලින් ගැහුවම නැති වෙන්න රිදෙනවා

    ReplyDelete
    Replies
    1. රිදෙනව කියන්නෙ එහෙමත් රිදිල්ලක්...
      සිරාවටම චූ බර හැදෙනව..
      හැක්

      Delete
  23. අතහරින්නේ නැතුව කියවන සීරිස් එකක් නිසා පරක්කුවෙලා හරි කමෙන්ට් එකක් නොදා බැහැ බන්. අපේ තාත්තා හංවැල්ලේ නිසා ඔට්ටපාල්, රබර් ඇට සීන් එකනම් හොඳට පත්තියම් වෙලා තියෙන්නේ. අනිත් එක තමයි රබර් කිරි පොල් කට්ටෙ පතුලේ ඉතිරිවෙන ටික. ඒකත් ගලවගන්නවා දවස් දෙකකට සැරයක්වත්. ගහයටට වැටෙන ඒවා මිදුනාම පස් එක්ක ඒකත් ගලවාගන්නවා. ඕවා තමයි කඩචෝරු සල්ලි. ආච්චිගේ වේලපු රබර් ෂීට් එකකටත් ඉඳලා හිටලා විදිනවා.

    ReplyDelete
    Replies
    1. රබර්කිරි පොල්කට්ටෙ ඉතිරි වෙලා මිදුණ හම ඒකටි කියන්නෙ ලඩේ කියල.
      ගහ යට වැටෙව ඒවනං ඇරංනැ...
      ඒත් හොදට ඔට්ටපාල් ගලවල තියේ...
      අපිත් එහෙම තමා... මොකද අපිට මොනා හරි කන්න ඕන වුණාම ගෙදරින් උස්සන්න කියලයැ... හැක්..
      පරක්කු වෙලා හරි කමෙන්ට් කරන එක වටිනව...
      ස්තූතියි

      Delete
  24. මගේ ආච්චියි, සීයයි තාම රබර් කිරි කපනවා. හැබැයි දැන්නම් ඉස්ස්‍රවගේ නෙවෙයි, එයාලට එයාලගෙම කියල පොඩි රබර් කට්ටි දෙක තුන්මක් තියෙනවා. ඒත් මේ ස්මරණ කියවනකොට මට මතක්වෙන්නෙම අපේ ආච්චිලාඅගෙ ගමේ මිනිස්සුන්ගෙ ජීවිත.

    ReplyDelete
    Replies
    1. අපේ තාත්තත් තවම කිරි කපනව මචෝ...
      එයාලට බැරිව වුණත් කරයි...
      ඒ ඇබ්බැහිය...

      Delete