මා එක්ක
දිනෙක නුඹ
ඇවිද ගිය පාර දිග
තනිකමෙන් විඩාවී
ඇවිද ගිය එක් දිනෙක
අපි එකට ඉද උන්නු
තරහ වුණු යාළු වුණු
හසරැල්ල කදුලැල්ල
ආදරෙන් බෙදාගත්
රොබෝරෝසියා ගහ මුල
සීතල සිමෙන්ති බංකුව
මොහොතකට වාඩිවී
අතීතේ එක් දිනෙක
ගිලිහි ගිය සීතලම පෙම් කදුලක්
ඇහිදින්න තැත් කලා මම
හිත රිදී නුඹ හඩපු එක් දිනෙක
සැනසූව හැටි නුඹව
පපු තුරේ හොවා මම
මතක් විය ඇසිල්ලෙක.........
නුඹ ඇතැයි.. ළග ඇතැයි දැනී
බැලූ කල නුඹ උන්නු තැන
තවම හිස්වෙලා වම්පස
සීතලට ගල්වෙච්ච
මතක කදුලක් විතරක්
තනිවෙලා......picture by Thomas E Mostyn
බොලාට ඔක්කෝම දස වැඩ කරන්න ඔය රොබෝරෝසියා නංගි තමා එහෙනං දර දිය ඇදල තියෙන්නේ.. හැක්..
ReplyDeleteමේ ටික දවසට මං දැක්කා බං බොහෝ දෙනෙකුගේ මතකයන් තුල රොබෝරෝසියා ගුලි වී හිටිය අයුරු.. මනරම්
ඒ රොබෝරෝසියා සහ මේ රොබෝරෝසියා වෙනස් නෙව..
Deleteනමුත් ඒ සුවද ලෙංගතු කම එහෙමමයි නෙව
ඇඞනේවා තනි ඇහට
ReplyDeleteඑල ද බ්‍රා
ඇයි තනි ඇහැට ඇඩෙන්නෙ... හැක්...
Deleteබ්‍රා ලස් ඩේ නං පහුවුණා...
ස්තූතියි සංජීව
කී දාහක් රොබරෝසියා ගස් යට මෙව්වා කොරලා ඇද්ද නේද මචෝ
ReplyDeleteඒක නං ඇත්ත..
Deleteමේව ඒව ඔක්කම..
හැක්
Tears of memories කියලා සිංහලෙන් කියන්නේ මේකට නේද?
ReplyDeleteමොන ජාතියෙ සිංහල යෙක්ද අප්ප ඒ...
Deleteහිහි
වෙන්න ඇති නේ
මතයන් අමතක් කරන්න බැරිකම හරිම දුකක් නේද වෙලාවකට
ReplyDeleteමතකය දුකක් ඒත ඒ දුකෙන් මේ වගේ දේවල් බිහි වෙනව නං ඒකත් සතුටක්
Deleteවිරහව ලොකේ තියෙන හොදම රසයද කොහේද
ReplyDeleteඅනේ මේ...
Deleteමං එහෙම දන්නෙ නෑ ඔන්න
මල් හැදෙන කාලෙට ඔය ගහ යට ඉඳගෙන හිටියොත් විනාඩි කීපයකදී මලෙන් වැසීගිය මල් මාමා කෙනෙකු වෙන්න පුලුවන්..
ReplyDeleteහ්ම්...
Deleteඒ අත්දැකීම මටත් තියේ...
ලා රෝස මල් මාමෙක්
උඹල ගැන ඉරිසියයි.
Deleteමනෝ...
Deleteඇයි අෆ්ෆා ඒ
මං තමයි මල් මාමා...හූූ...හූ...
Deleteමේ ඇවිත් ඉන්නෙ මල් මාමා...
Deleteආයෙ අපිට මක්කට කියල ඉරිසියා කොරනවද..
;මෙන්න මුට කොරහංකො
හැක් හැක්
ලස්සනයි මචෝ…
ReplyDeleteඉස්කෝතුයි ප්‍රියෝ
Deleteරොබරෝසියා ගහට කතා කරන්න පුළුවන් නම් ආදරේ, විරහව ගැන බොහෝදේ කියාවි..
ReplyDeleteඇත්ත... හමුවීම වෙන්වීම බොහෝ දේ ගැන
Deleteරොබෝසියා කිව්වම පෙරාදෙනියම තමා මතක් වෙන්නේ . හඃ හඃ හඃ හඃ
ReplyDeleteඑල එල .
ඔය රහ අපිටත් දැනිලා තියෙනවා . හරිම අප්සට් හැගීමක් ආවා ඉස්සර . දැන් නම් තියෙන්නේ පරණ මතකයන් මතක් කරලා ගන්න සතුටක් තමා .
පරණ මතකයන් ඒ කාලෙ කටුක වුණත් මතක් වෙද්දි මහිරියි නෙ...
Deleteස්තූතියි වයලීනො
තනි රකියි ඒ කඳුල නුඹ නැති හැමදාම..
ReplyDelete-----------------
නියමයි මලයා..
ස්තූතියි හිරාන් අය්ය
Deleteමරු මචං පද ටික..
ReplyDeleteඔය රොබරෝසියා ගහ කී දෙනෙක්ගෙ ආදර කතාවට සෙවණ දෙන්ඇත්ද නෙහ්..
ඒක ඇත්ත..
Deleteපේරේ වෙච්ච දේ නං අපරාදයක්
විරහව අත්දැක නොමැත.
ReplyDeleteඒක නං හැබැම පාඩුවක්...
Deleteහැක්
ඔය වගේ එකක් මමත් ලිවුවා කාලෙකට කලින්.. දැන් ඒක කොහේද මන්දා..
ReplyDeleteකවිය එල..
අපරාදෙ දිනේෂ් අඅය්ය ලීව නං ලෙසටම ඇති...
Deleteසැක් ඉතරක්...
ස්තූතියි අගය කලාට
අයියත් මේ දුක්බර මතකය එක්කාසු කරගත්තේ පේරාදෙණියේ රෝබෝසියා ගහ යටදීද ? හ්ම්ම් කවිය නියමයි. හිතට වැදුන හොඳට
ReplyDeleteනෑ මේ වෙන කෙනෙක්...
Deleteඑයා නං තාම ඉන්නව...
ස්තූතියි
සිහිනයක්ම වෙච්ච මගේ සිහින පාරාදීසය.
ReplyDeleteකවද කොතන ඔය පිංතූරෙ දැක්කත් මගෙ හිත කීරී ගැස්සෙනවා.
අද ඒක තවත් වැඩිවුනා. ඒ කියන්නෙ වලේ ඒ ලස්සන ආයෙ නෑ?
මං දැක්ක මේ කොමෙන්ට් එක කොහෙ හරි උඹ දාල තියේ...
Deleteමක්ක වෙලාද බං
රොබරෝසියා ගැන තිබුන හැම නිර්මාණයකටම මං ඔය කමෙන්ට් එක දැම්ම මචං. මේ තුන්වෙනි පාර. ඉස්සෙල්ලාම මධුරංගගේ එකේ. ඊළඟට සඳුන් සෙවනේ. මට පේරාදෙණිය සරසවිය සම්බන්ධ හැම දේකදීම ඔහොම හිතෙනවා බං.
Deleteඒකත් එහෙමද...
Deleteසොරි අවුලක් හිතුණ නං... දන්නවනෙ මචෝ කියන්න තියන දේ පොල්ලෙන් ගැහුව වගේ කියනව කියල
පිස්සුද මචං. මොන අවුලක්ද? කඳේ බඩේ තියන් ඉන්නැතිව අන්න එහෙම කෙලින්ම හිතට එන එක ඇහුවම ප්‍රශ්නෙ ඉවරයි. ඕක මගෙත් තියරිය.
Deleteහැම එකටම ඒක දැම්ම පලියට උඹේ එකටත් ඒකම දැම්මට මායි සොරි කියන්නෝනි.
එච්චර හිතන්න එපා මගෙත් කට හොද නෑ නෙ
Deleteඑදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නැ
ReplyDeleteහිහි... ඒක නං ඇත්ත...
Deleteඒත් නොබැදී ඉන්නට බැරිවුණා දමිත් අය්ය
පද පෙල අගෙයි මහේෂ් ...
ReplyDeleteස්තූතියි ළිහිණි යො....
Deleteඅලංකාර නිසදැසක්... හැගීමක් කවියක් වෙලා වගේ. ඒ බව ඒ පද වල ගැබ්වෙලා තියෙනවා...
ReplyDeleteඉස්කෝතුයි කුරුටු
Deleteඅද නං පරක්කුයි වගේ නේහ්
සද තනිවෙලා අහසේ.....
ReplyDeleteහිරු තනිවෙලා......
උතුරා කදුලක්.....
අද වියැකිලා.....
ඒ ගස්වලට,ගල්තලාවලට කතාකරන්න පුලුවන් නම් පැය ගානක් එක දිගට කතාකරන්න ඒවා තියේවි
අම්මේ එහෙම නං සුජීව පොසන්නආරචිචියා දවස ගාන එක එක තැන ඉන්ටවු තියයි... ඒවයින් පොත් ලියන්න කියල
Deleteපේරාදෙණියෙ වලේ රොබරෝසියා ගහ මෙවැනි කී දාහක් සිදුවීම් දෙස නෙත් යොමා බලා ඉන්න ඇද්ද....ඒ ගහත් නොයෙන ගමන් ගියා නොවැ.
ReplyDeleteඒ ගස සේම මා ප්‍රේමයද නොයෙනගමන් ගියේ හිතේ ඇති මුල් ටිකවත් නොඋදුරා දමාය
Deleteඅතීතය සුන්දරයි! රෙබරෝසියා ගස් යට බංකු ආදරේ කොයිතරම් නම් විඳලා ඇද්ද?
ReplyDeleteඒක නං ඇත්ත...
Deleteමං ආසය ගහක් තමා රබරෝසි...
ස්තූතියි මෙහෙ ගොඩවැද්නට